Saturday, November 10, 2012

ප්‍රේමය (ආදරය(සෙනෙහස))



පවනට සැලී විසිරෙන

රොන් සුනු මල් පෙති අතර
සෙනෙහසක් සොයන්නෙම්ද කෙළෙසින්....


සවනට නැගී සැගවෙන

සුමට තනුවක් අතර
ආදර ගීය මුමුනම්ද කෙළෙසින්....


දියඹට නැගී ඉල්පෙන

සුදු පෙන කැටියක් අතර
ප්‍රේමය සගවන්නෙම්ද කෙළෙසින්....


සුවදට වැට බදින

පීදෙන කුසුමන් අතර
ආදරය රදවන්නෙම්ද කෙළෙසින්....

21 comments:

  1. //පවනට සැලී විසිරෙන

    රොන් සුනු මල් පෙති අතර
    සෙනෙහසක් සොයන්නෙම්ද කෙළෙසින්....//

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... වෙනස්... ලස්සන අදහසක්!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මේක මල් කිව්වට ගස් වල මල් ගැන නෙමෙයි අදහස් කලේ. හිතුවක්කාරි අද නේ හිතුවක්කාර අදහස් දැම්මේ. :D

      Delete
  2. නියම කවියක් නේ.

    ReplyDelete
  3. රොන් සුන් මල් පෙත් අතර වුවත් දෙදෙනා අතර ගනුදෙනුව තරමට සෙනෙහස නොලැබේ යැයි කියන්න බැ නොවැ. මෙතැන ගනු දෙනු යනු මුදල නොවේ
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ඒකම නෙමෙයි නලින්, මෙතන අදහස් කලේ ආදරයට බිය ප්‍රේමවන්තයෙකු එක් එක් විදියේ තරුණියන් ආදරවන්තියක් කර ගන්න හිතපු විදිය. කරුමෙට මිනිහට ජාති දෙකයි ‍නෙව හම්බ වෙලා තියෙන්නේ. රොන් සුන් මල්.. වලටත් මනාප නැති, අහංකාර මල් වලට කිට්ටු වෙන්නත් බය.. මේ මනුස්සාගේ ආදර හිත සගවන්න බැරි විත්තියත්, එයා‍ට තමාගේ ප්‍රේම ගීතය සම්පුර්ණ නැති බවත් කියවෙන විදියේ අදහසක් තමා තියෙන්න ඕන. ඔන්න බලාපියකෝ වැඩේ හැටි මං ලියල මටම විචාරය කොරන්නත් උනානේ.. හැක්. හැක්...

      Delete
  4. කයි වලට එච්චර මනාප නැතත් ඕං කියෙව්ව. අදහස හොඳයි.

    ReplyDelete
    Replies
    1. මනාපේ පැත්තක තියල කියෙව්ව එකම මදෑ. මං මේ බැලුවේ ඔය ටී සර්ට් එක උඹ ඇදල ඉන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 17 ඉදල නෙව. ගද නැත්ද බං???

      Delete
  5. ආදරයයි සුවඳයි හංගන්න බැහැයි කියල කතාවටත් කියන්නේ. නියමයි...... දේශක තුමෝ.

    ReplyDelete
    Replies
    1. නියම ආදරයේ සුවද එන්නේ බැන්ද දව‍සෙය කියල කියන්නේ.. එහෙනං..

      Delete
    2. හපෝ නෑ බං... එච්චර කල් කරපු ආදරේ ඇත්ත තත්වෙ තේරෙන්නේ එදාට...

      Delete
    3. බොලව් ඒ කියන්නේ අර පැණි හඳේ යන දවසෙද? ඒ එන්නේ වෙනමම අමුතුම එකක් නොවෑ

      @හිරු අක්කා: ඔව් ඒකත් එක පැත්තකින් ඇත්ත.

      Delete
    4. @හිරු
      මෙච්චර ආදරේ කරේ මේකටද කියල හිතෙනවද බං??
      @කෝරලයා
      මොකක්ද මහත්තයෝ හදේ යනවැය කියන්නේ. බැන්ද දවසට ඉතිං කිරි පැණි නැතිව ඇහැකිය??

      Delete
  6. මට නම් මේකේ වෙන අරුතකුත් පේනවා... රොන් සුනු මල් පෙති.. හික්ස්...

    ReplyDelete
    Replies
    1. හරි හරි ඒ අර්ථය තමා.. රොන් සුනු මල්.. හිකිස්

      Delete
  7. අනේ මන්දා බං.... මට දැං නං ආදරේ කියන්‌නේ හරියට බජට් එක වගේ වැදගැම්මකටම නැති උනත් නැතුව බැරි ඉලවුවක් විතරයි...

    ReplyDelete
    Replies
    1. අම්මප බං. නියම උපහැරණේ. උඹ අහල තියෙනවද ඕෂෝ ආරදය ගැන කියපු කතා. අන්න පට්ට දේශන..

      Delete
  8. මොනවා බං. මම මේ දැන් දැම්මා මේ කමෙන්ට් එක. ආගිය අතක් නෑනෙ.
    මේ ඉතින් ගෙදරට නාකි වෙන මගුලක්.
    හැබැයි ඔහොම පස්මහ බැලුන් බලන එවුන් අහුවෙන කල්දන්නෙ නෑ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හැබෑව. අපේ එකෙකුත් හිටිය ඌට ඕන උනේ ලස්සන, ගුරුවරුයෙක් වෙච්ච, හොද පවුලක, අක්කල නංගිල නැති, උපාධිය තියෙන, දේපළ ඉඩකඩම් තියෙන, දෑවැද්දට ගේකුත් දෙන මනමාලියෙක්. බාලගිරි දෝෂේ වගේ අවුරුදු දහයක් විතර හොය හොය ඉදල, ඔන්න මට කෝල් එකක ආවා ඌ බැන්දය කියල යාළුවෙක්ගෙන්. අන්තිමට බලන කොට නිකං පාරේ තියෙන් හිස් වෙච්චි තාර බැරල් එකක් වගේ එකක් බැදගෙන තිබුනේ.. හහ්..හහ්..

      Delete
  9. මල් පෙතිවල සුමට බවයි
    ගත දැවටෙන මඳ පවනයි
    විසිරී යන පුලුන් රොදයි
    මුසු වූ තැන ඔබෙ කවියයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිතාදර කවියාණෙනි!!

      Delete