Wednesday, November 7, 2012

ඔබාමා දිනුං


ජය වේවා!

අපේ බරක් හුසේන් ඔබාමා මහතා ඇමරිකානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගෙන ඇත.

ඒ අනුව ඡන්දය දුන් සැමට ස්තුතිය පිරිනමන අතර වැඩි පුර බදු පනවනු ලැබේ.

මීට අමතරව ඡන්දය නොදුන් තක්කඩියන්ට නියම පාඩමක් උගන්නනු ලැබේ. (මිටි රොමෙනි ට කඩේ ගිය මාරයාද, ජොන්සන්ට ඡන්දය දුන් සපිරෝ නෝනාටද වෙන වෙනම සලකනු ලැබේ)

අපි දැන් දිනුම්. මින් ඉදිරියට ඔබාමාගේ වැඩ පටන්ගන්නවා ඇත. පළමුවද මව්බිමය. දෙවනුවද ඒ මගුලමය. තෙවනුවද ඕකමය.

අපි දැන් රට ගොඩ නගමු. ඔබ සැමට සුභ අනාගතයක්!!!!

23 comments:

  1. හි හී...මිටි රොමෙනිට මාරයා කඩේ ගියේ ඇන් ජී ඕ සල්ලි අරන්නේ... ඒ උනාට මාරයාත් ඔබාමට ලයික්...හොරෙන් හොරෙන්...

    ReplyDelete
    Replies
    1. මාරායෝ දැං නං ලියන්ට වෙනවා මං එන් ජී ඕ සල්ලි ගත්තාද? කියල පෝස්ට්කටුවකුත්.. ලිහිණි ඔබාමාගේ ජයග්‍රහණය ගැන හොද විස්තරයක් තියෙනවා මගේ බ්ලොග් රෝලේ තියෙන TechCrunch සයිට් එකේ. එහෙනං ඔහෙත් ඔබාමාට??

      Delete
  2. මං ඔබාමට කැමති නෑ අත්තෙන්ම. එයාගෙන් අපිට ඇති පලේ මොකද්ද..ඒත් මිටි රොමෙනි ගැනත් විශ්වාස කරන්නෙ කොහොමද...ඔක්කොම එක වල්ලෙද දන්නෙත් නෑ. චීනෙ පැත්තෙ කට්ටිය නම් මිටි රොමෙනිට හරිම කැමතියිලු...අපේ කට්ටියට කවුරු ආවත් එකයිනෙ.. ඔබාම ඉස්සරවෙලාම ඡන්දෙ ඉල්ලාපු කාලෙ නම් මම එයා ගැන සෑහෙන කැමැත්තෙන් උන්නා..ඒත් ඉතින් අපේ කෙනා වගෙමනෙ... ණය ගන්නවා...භාණ්ඩාගරේ හිස් කරනවා...බදු වැඩි කරනවා...ඕකනෙ කලේ...

    ReplyDelete
    Replies
    1. අනේ ලිහිණියෝ ඕක තේරෙන්නේ නැද්ද.. ඒක තමා විධායක ජනාධිපති කෙනෙක් ට කරන්න තියෙන ලොකුම රාජකාරිය. භාණ්ඩාගාරය සිස් කිරීම (ඕන දෙයක් හිතාගන්ව හොදයි හිස් කිරීම හෝ සීස් කිරීම. මං කං තැමති බිල් ක්ලින්ටොංට.. එයා හරිම පොරක් නෙව. මතකනේ ලෙවින්ස්කි නෝනගේ ලෙව කෑ හැටි. හහ්. හහ් හා. තැන්කූ දිග ටෝකක් දැම්මට

      Delete
  3. 18 වෙනි ව්‍යවස්ථාවේ පොටෝ කොපියක් ගෙන්න ගත්තා කියලා මහින්ද මහත්තයා මේ දැන් කෝල් එකක් දීලා කිව්වා.

    ReplyDelete
    Replies
    1. මටත් ආරංචි වෙලා ලියන්න බලන කොට මාතලං ඒ ආරංචිය දීල නේ... දැං ඉතිං May Triple Gem Bless you කියල සුභපැතුම් යවන්ට එපායැ. හෙට පත්තරේ ඒක දානව හරිනේ...

      Delete
  4. දැං බලමු රොමේනි මිට්ටව හිරේ යවන්න ඔබාමා ගේන චෝදනාව මොකක්ද කියලා.

    අර වඳුරට ටයි කෝට් ඇන්දුවා වගෙයි කියපු උනුත් පරිස්සං වෙයල්ලා. එහෙ වෑන් මොන පාටද?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැම්මම සුදු කිට් එක හදාගන්න තියෙන්නේ. හිරේ ඉදල ආවම පොදු විපක්ෂයක් හදන්ට. ඇමරිකාවේ වෑන් කළු පාටයිද බං..

      Delete
  5. දැන් ඉතින්,
    සුභ අනාගතයක්!!!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වෙන්නේ ඉතින්. :)

      Delete
  6. හික් හික්....

    අඩේ මේ.. මේ යකාට හුසේන් කෑල්ලකුත් තියෙනව නේ.. මට දැනුයි ඒක මීටර් උනේ....

    ReplyDelete
    Replies
    1. තැන්තං. ලාඩන්ගේ දුරනෑයෙකුත් වෙනවා මයේ හිතේ...

      Delete
  7. Replies
    1. ඔව් ඔව්.. ඔබාමා මට මේල් එකක් එවල තියෙනවා (මාතලංට අපේ ලොක්කා කෝල් දෙනවනං ඔබාමා මේල් එවන එක සුළු දෙයක් නෙව) රාජ් අන්තිම මොහොතේ දීපු උපදෙස් හින්දය දිනුවේ.. කොල්ලට සලකන්න ඕනය කියලා. පරිස්සමින් පුතෝ ඇමරිකන් කාරයෝ සලකන විදිය අපි හික්කඩුවේ, කොග්ගල කොල්ලන්ගෙන් අහල තියෙනවා හරිය...

      Delete
  8. දිනුවට පස්සේ ඔබාමා සිංදුවකුත් හදාගෙනලු. "ඔබාමා හමුවුණු මේ ඉර හඳ යට කියලා" හිකිස්.....

    ReplyDelete
    Replies
    1. ලොකු හෙඩිමක් දාන්න තිබුනා “ඔබාමා නැවත ඔබයි“ කියලත්.... ඒක කිව්වම මතක් උනේ ප්‍රේමදාස ආර්යාව කණ්නාඩියෙන් මූන බල බල කියපු සිංදුව
      “මට මුළු ලොවම ඔබයි“
      ප්‍රේමදාස මහත්තයා හනිකට දොරෙන් ඔළුව දාලා කිව්වලු
      “ඉදහිට මමද ඔබයි“

      Delete
    2. හත් ඉලව්වේ මට ඒ කටහ්ව තේරුම ගන්න විනාඩි 8ක් විතර ගිය කොමෙන්ට් බොක්ස් එක ඕපන් කරන මම හිතනවා හිතනවා. යකෝ දැන්නේ තේරුනේ. හික්ස් ලොල් කතාව. කකා කිටිය කාම ටික හිස්පොල්ලේ ගියේ නැතිව බේරුනේ අමාරුවෙන්.

      Delete
    3. අනේ කෝල‍රයෝ තොගේ මොලේ මැටිද? බං. අඩේ සැරට කිව්වේ නැ ආදරේට. ඔන්න මේකත් බලන්ටකෝ එහෙනං.රසකතා

      Delete
  9. අතිගරු ජනාධිපති ඔබාමා මැතිතුමාගේ ජයග්‍රහණයට උර දුන් මිස්ටර්. මහේන්ද්‍ර සහ මිස්. සැන්ඩි දෙපළට අපගේ බලවත් ස්තුතිය!

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. එ දෙන්නවත් උදව් කරපු ලිස්ට් එකට දාලා සලකන්ට එපායැ.

      Delete
  10. බින් ලාඩ්න් ගැන ඔත්තු සැපයූ හා නීති ආධාර හා උපදෙස් සැපයූ සැමට
    පාප්ප ගෑ හා පෝස්ටර් ගැසූ සැමට
    අනුන්ගේ පෝස්ටර ඉරූ කොඩි කැපූ සැමට
    බත් පාසල්, බර්ගර්, ෆිශ් ඇන්ඩ් චිපස්, බර්බන් බෙදූ සැමට
    මාධ්ය සංදර්ශන කිරීමට උදව් වූ හා විරුද්ද මාද්‍යවේදීන් දෙව්ලො ටුවර් යැවූ සැමට
    කලු පාට සැමට
    අර හා මේ පූජා, කුකුලු හරක් බෙලි කැපිලි පූජා, ටයර් පූජා, බූස්ස පූජා, පාර දිගේ පූජා තබා උදව් කල සැමට
    චන්ද එකකට වැඩියෙන් දැමූ සැමට
    චන්ද පොලවල්වල කචල් දමා විරුද්ධ පාක්ශිකයින් බිය වැද්දූ සැමට
    බෑන්කී මූන් දහ අටපාලි හා මා ලියු නාට්‍යපිටපත් රඟ දැක්වූ සැමට
    සංඛ්‍යා ලේඛන හා දත්ත දෙපාර්තමේන්තුවට
    විරුද්ධ පාක්ශිකයිනි එක්වව් කියා වෙන වෙනම රැස්වීම් තබන සැමට
    පක්ශ හා විපක්ශ බ්ලොග්, ලිපි ලියු සැමට
    මාගේ ප්‍රනාමය
    බැ. හුසේ. ඔබ මා

    ReplyDelete
    Replies
    1. පට්ට.. පට්ට... ජනරාල්ටත් ස්තුතියක් දෙන්ට ඕන නැතිනං බැරිවෙලාවෙත් ගෝඨා හා බැසිලා ඇමරිකාවේ සිට මිට් රොමෙනියාට උදව් කරා නං අපේ බරක් ලොක්කා පරදින එක සිකුරු නිසා.. උන් දෙන්නා ලංකාවට චුත කිරීමට උදව් කළ ජනරාල් ටත් ස්තුතිය

      Delete