Saturday, November 3, 2012

මූට පිස්සු


මා දැන සිටි, මාගේ ප්‍රතිවර්තය සිතූ කලට බට අසනි මහ වරුසාවක් සේ, සැවොම පෙළා, දුකට පත් කොට ඇද වැටී ඇත. මා ආත්මය තුල මුණු මුණු හඩින් හදවත තුල දෝංකාර දෙන ඒ ශබ්දය මහා මේඝයක් සේ දසත අදුර විහිදුවා පැතිරි ඇත.

කුමන අන්දමින් විමසුම් කළත් විකාර සිතුවිල්ලක්, සිතුවිලි සමූහයක් හැර වෙන යම් කිසිවක් නොමැත. වහළ මතට වැටෙන සිරි පොදක අසිරියක් හෝ කුසුමක සුසුදු බවක් හෝ ඒ තුල ගැබ් වී නොමැත. මනංකල්පිත වූ ශබ්දයක් ගැඹුරු උච්ච ස්වරයෙන් මෙන්, ඒ තුලම දෝංකාර දී සංකීර්ණ වූ හඩ සමුහයක් මවා ඇත.

ඒ තුල සටන් වැද තවදුරටත් හිමින් සීරුවේ විදදරා ගත නොහැකි වූ සැනෙක, දඩබ්බර වූ රුදුරු සිතුවිලි වාං දමන්නට පටන් ගෙන ඇත. හදවත තුල වූ යක්ෂයා පාලනය කළ නොහැකි සුළි සුළගක් සේ ඇස ගැටෙන හැමතැන කළඹා, සුනු විසුනු කර හමා පලා යයි.

මා කවාරෙක්දැයි නැවතත් මා සිතමි. මගේ හැගීම් කුමන ආකාරයේ දැයි පරණ පුරුදු ඇසින්ම විමර්ශනය කළෙමි. මා තුල සත්‍යය, සාධාරණය මිස එහි අවැඩක් මට නොපෙනේ.

පෙළන ලද හැගීම් මගේම නොවෙද? එය අයිති මටම මිසක වෙන කවරෙක්ටද? තවත් කෙනෙකු දුකට, වියවුලට පත් කරන්නට වෙහෙස වන්නා වූ රුදු සිතුවිල්ලෙනි, නුඹලා මා පාගා දමා ඉදිරියට යන්නට මං පෙත් සෙව්වේ ඇයි? ඒ තුල ගිලුනු මා පීඩිතයෙකු කරන්නට නුඹලා වෙහෙසුනේ මන්ද?

හැම මොහොතකම, හැම නිමේෂයකම පල් ගොහොරුවක ගිලී සිටි මා පමණක් නොව, තවෙකෙකු වෙලී සිටි වේදනාවකට තවත් වේදනාවක් එකතු කරන්නට වෙහෙස වූ අධම වූ සිතුවිල්ලෙනි, මා පමණක් රදවා ඔවුන් නිදහස් කරනු....

සදාතනික වූ සිතුවිල්ලක් ඇත
ඇස ගැටෙන වේදනාවක් මත
දඩුවම් ලබමි

21 comments:

  1. මේ මොකෝ මේ..... හීතල වැඩි වෙලා නිව්මොනියාවටවත් ඇවිත්ද?

    ReplyDelete
    Replies
    1. සහලෝල හිතේ උන කෝරලේ මහත්තයෝ..බෙහෙත්.. නෑ එපා

      Delete
    2. එහෙම කියල බැහැ නොවෑ..... බෙහෙත් ටික කලට වෙලාවට ගන්න ඕනේ හිතේ උනාට හරියන්නේ කාලය තමයි නැත්නම්. සුදුවා බෝතලේකුත් කමක් නැහැ.

      Delete
    3. එහෙයි.. එහෙයි. එහෙම බෝතලයක අඩිය බැලුවනං නිස්ටාවට සුවයි. කෝරලේ මහත්තයා බොන බෙහෙත් වෙන්ටෑ..

      Delete
  2. ගල් භාගයක් ගැහුවනම් හරි. උඹ ඉන්නෙ පිට රටද..? එහෙනම් මේක පොදු ලෙඩක්..

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං. ඔවි පිස්සු තමයි

      Delete
    2. අඩේ මේ දාපු පෝස්ට්කටු අපි එනකොට ගලවන්නේ මක්කටෙයි?? අර ගුරුතුමිගේ කතාව

      Delete
  3. අධම සිතුවිලි වලට ඔබව පරාජය කරන්න දෙන්න එපා. එච්චරයි.
    මාතලන් කිව්වට ගල් බාගයක් ගහන්න කියල මට හිතෙන්නෙ ගල් බාගය දැනටමත් ගහලද කොහෙද!

    ReplyDelete
    Replies
    1. අන්න හරි මගේ පැත්තට එක පිස්සෙක් හරි ඉන්ට එක ලොකු දෙයක්. ගල් භාගයක්.. දැක්කෙවක් නෑ බං. ගල් බෝතලයක් තිබ්බා.. ඒකත් හිස්

      Delete
  4. //යක්ෂයා පාලනය කළ නොහැකි සුළි සුළගක් සේ// මේ යක්ෂයා පාලනය කර ගන්න බැරි නෑ කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් යක්ෂයා පල්ලෙහාට නාවොත්. හික්ස්ස්සා

      Delete
  5. //පෙළන ලද හැගීම් මගේම නොවෙද? එය අයිති මටම මිසක වෙන කවරෙක්ටද? //

    ඇත්ත නේන්නම්...ඒත් ඉතින් එහෙන් මෙහෙන් කුණාටු එන කාලේ සිතුවිලිවලටත් කුණාටුවක් ඇවිත් වගේ...හතර අතර නෙලලා තියෙන්නෙ ඒකනෙ.. :)

    ReplyDelete
    Replies
    1. අනිවා. අනිවා. වෙන කාගෙයි බං. මූට පිස්සු බං

      Delete
  6. උත්තර නැති ප්‍රශ්ණ මත්තෙ නහින්නෙ නැතුව, ජොලියෙ හිටපංකො බං !
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එහෙම තමා බං. පිස්සු ලෙඩ ආවත් ඒකත් ආතල් එකක්ය කියලා හිතන එක තමා ඔය කොළේ. පිස්සුද බං ජොලි තමා

      Delete
  7. මඤ්ඤං දේශන යටතේ ලේබල් කරපු එක හොඳා :D

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පේ මට මඥ්ඤං වෙචිච වෙලාවක් වෙනකම් ම හිටියද අරැණියෝ මේ පැත්තට පාත් වෙන්න. හරි හරි අපිට පිස්සු. Thanx 4 da 1st comment sister

      Delete
  8. බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් මේ මොකෝ අප්පා...

    ReplyDelete
  9. නිකං එහෙං මෙහෙං ලිස්සා යන්න
    වචනයක් දෙකක් ලියන එක
    මා වැනි ප්‍රාඥයෙකුට නොතරම් බැවින්
    යම් ප්‍රාඥවදනක් දීමට පස් වරක් පමන කියෙව්වෙමි.
    මේ වර්ගයේ ඉතා කෙටි පොස්ටුවක් ලිවීම ගැන දේශකයාට මොලේ වම් පසින් ස්තූති කරමින් දකුනු පසින් මාගේ ගම්බීරත්වය හා පටුත්වය පෙන්වීම සඳහා වදන් සොයමින් සිටිමි.

    දේශකයා මාගේ කුඩා වූ කුඩා මොලයට මෝල්ගස් පහරක් ගැසුවා මෙන් අකර්මන්‍යවී මිනිත්තුවක් පමන ගෙවී බව නොතෙරුනේ, මින් පසු මෙවැනි මස්තික දෙභාගයම උලුක්කු තත්ත්වයට පත් කෙරෙන බියකරු චෛතසික විභාග අභිධර්ම විභාගයටවත් නොදැකි මා එවැනි අභිසාරික වචන නොගලපන ලෙස ඉල්ලීමක් කිරීමට තීරනය කෙරින.

    ReplyDelete
    Replies
    1. අඩේ කවියන්ටත් පිස්සුය කියල අදනේ දන්නේ. මොකෝ තාම චොකලට් කනවැයි??

      Delete