Wednesday, November 21, 2012

පිරිමි කියන්නේ දුර්වල ජාතියක්!!!

ලෝක ජනගහනයෙන් වැඩිම පිරිසක් පිරිමින් නොවුවාට ලෝක ජනගහනයෙන් වැඩිම පිරිසක් ඉන්නේ බියගුල්ලන්ය. අපේ හිහි නංගිගේ දෙවැනි පෝස්ට්කටුවේ තිබුන පිරිමි කියන්නේ හරිම හිත දුර්වල ජාතියක්...." කියලා.

මේ කතාව එයා ඇත්තටම ජීවිතේදි අත්දැකපු දෙයින්  කියු නිසා ඇත්තක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි උනත් ඔබ දන්නවද ඒක සම්පූර්ණ  ඇත්තක් කියලා.

පිරිමියා කියන්නේ අවංකව ගැහැණියට වඩා බියගුළු, ඒ වගේම දුර්වල මනසින් යුක්ත පුද්ගලයෙක්. ඒ වගේම ලිංගික සංසර්ගයේදි උනත් පිරිමියා කියන්නේ දුර්වලයෙක්. 

ඇයි එහෙම කියන්නේ... මේ ගැන ඇත්තටම මා පිරිමියෙක් ලෙස ගැහැණියක් දෙස බලන විදියත්, ගැහැණියක් පිරිමියෙක් දෙස බලන විදියත් වෙනත් කෝණ දෙකක්. එහෙත් එයින් ඇත්තටම යථාවබෝධය කියන දේ ලැබෙන්නේ නෑ වගේම පිරිමියා හෝ ගැහැණිය ගැන නියම අර්ථකතනය ලැබෙන්නෙත් නෑ. 

අපි සාමාන්‍යයෙන් දන්නවනේ පිරිමියා කියන්නේ හැඩි දැඩි ගති ලක්ෂණ වලින් හෙබි අයෙක් කියලා. ඒත් පිරිමියාගේ මේ හැඩි දැඩි බව එක් තැනෙක කේන්ද්‍රගතව පවතින්නේ. ඒක බිද දාන්න ඕනම ගැහැණියෙකුට සැනෙකින් පුළුවන්. එහෙම බැලුවම ගැහැණියට වඩා ඉක්මනින් පිරිමියා වැටෙනවා. ඒ කියන්නේ එයා බොහොම දුර්වල කෙනෙක් තමා.

අනික් කාරණය, ඔය මාතලං පවා සුරතාත්තය ගැන කතා කළාට ඒ ගැන සාපේක්ෂ අදහසක් විතරයි එන්නේ. 

පිරිමියාගේ සුරතාන්තය මොකක්ද? පිරිමියාගේ ලිංගික ආසාවේ අවසානය කොතැනද?

අවාසනාවට අපිට ඒ ගැන ගොඩක් දුර හිතන්න වෙන්නේ නෑ. පිරිමියාගේ දැඩි බව වගේම සුරතාත්නයත් එක් ස්ථානයකට කොටු වෙලා තියෙන්නේ. එයාගේ ලිංගය තුල පමණයි. අදාළ කාර්යය අවසන් වූ වහාම පිරිමියාගේ ලිංගික ආසාව අවසන් වෙනවා. ඊට පස්සේ ආයෙත් ලිංගික උද්දීපනයක් ඇතිවෙන්න නම් පිරිමියාට තමාගේ ලිංගය ප්‍රාණවත් කර ගන්න සිදුවෙනවා. පැහැදිලියි නේ.. පිරිමියාට තියෙන්නේ එක් සුරතාන්තයක් පමණයි. 

ගැහැණියට???

ඔව් ගැහැණියට පිරිමියාට වගේ නෙමෙයි සුරතාන්ත කිහිපයක්ම තියෙනවා. ලිංගිකත්වය කියන දේ ගැහැණියකගේ මුළු ශරිරය පුරාම දුවනවා. ගැහැණියට චුම්බනයේ සිට, ස්පර්ශය, බදා ගැනීම හා ලිංගික සංසර්ගය දක්වා වෙන වෙනම සුරතාත්න ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

නමුත් ඇත්තටම පිරිමියා ගැහැණියගේ සුරතාන්ත ඒ විදියටම ලබා දෙනවාද? නැහැ. 

පිරිමියා හරිම  හදිස්සියි ඒ වගේම මුරන්ඩුයි. ඔහුට තමාගේ සුරතාන්තය ලබා ගන්න කං ඉවසිල්ලක් නෑ. නමුත් ඔහු සෙමෙන් අදාළ අවසන් කාර්යය කරා එළබෙනවා නම් ගැහැණියට උනත් අවම වශයෙන් සුරතාන්ත දෙකක් ලබා ගන්න පුළුවන්. ඒත් මේ එක් සුරතාන්නයකට හිරවී ඉන්න පිරිමියාට ඒක නිසි පරිදි ගැහැණියට ලබා දෙන්න බෑ. ඔහු සුරතාන්තය ලබා ගෙන අවසන් වූ වහාම අනිත් පැත්තට හැරිල නිදාගන්නවා. වැඩේ අවසන් වුනත් තාමත් (ඒ කියන්නේ කිසිදාක) සුරතාන්නය ලබා නොගත් ගැහැණිය ඇදේ මුල්ලට වෙලා හූල්ලනවා. එයාට අවශ්‍ය දේ ලැබුනේ නැති නිසා. පිරිමියා ඉන් සතුටු වෙනවා ඇයි එයා තමාගේ සතුට ලබා ගෙන අවසන් නිසා. එතනින් එහාට පිරිමියාට ගැහැණීය ගැන හිතන්න අවශ්‍ය නෑ. පිරිමියා තමාගේ සුරතාන්තය ප්‍රමාද වී ලබා ගන්නා තරමට ගැහැණියට ලිංගික සංසර්ගයේ රසය විදිමේ හැකියාව ලැබෙනවා.

දැං තේරුනනේ.. මම පිරිමියෙක් උනත් මමත් ගැහැණියට වඩා දුර්වල අයෙක්...

මේ ලියපු දේවල් වලින් තුනෙන් දෙකක්ම පොතක තිබුන දේවල්. අනිත් තුනෙන් එක විතරයි මට අයිති. ඒත් මට ඕන උනේ මේ ගැන පොඩි හරි දැනුමක් ඔබට ලබා දෙන්න. මේ සියළු කාරණා ඇතුලත් වන්නේ අප Osho ලෙස කෙටියෙන් හදුන්වන Bhagwan Shree Rajneesh ගේ "The Book of Woman" පොතෙන්. අවංකව කියනවනං පොත බලල මට මීට වැඩිය ලස්සනට ලියන්න තිබුනා. ඒත් මම ධාරණය කරගත් ටිකක් පමණයි පෙල ගස්වල තියෙන්නේ..


උඩ පින්තූරේ ඉන්නේ ඕෂෝ


93 comments:

  1. 18+ කතාවක් උනත් ඔන්න මම කියෙව්වා...හි හි හී
    //පිරිමි කියන්නේ හරිම හිත දුර්වල ජාතියක්....//

    බොරු නෙමේ කියලා පිළි අරගත්තට පස්සෙ මොන කතාද...


    අනිත් එව්ව මෙව්වා ගැන දැන ගන්න නම් බඳින්නම වෙනවා හි හී

    ReplyDelete
    Replies
    1. අමතකා උනානේ 18+ දාන්න. ස්තුතියි

      Delete
    2. //බොරු නෙමේ කියලා පිළි අරගත්තට පස්සෙ මොන කතාද...//
      බලහං උඹේ කතා නිසා මේගොල්ල ගිහිං තියෙන උඩ

      Delete
    3. @යාන්ත්‍රිකය,

      කවුද බං උඩ ගිහින් තියෙන්නේ. මොකෝ වැඩිපුර වාතය ඇවිල්ලද??

      Delete
  2. ඕෂෝ මමත් කියවලා තියෙනවා. අපේ රටෙත් කළා කාරයෝ එහෙම ඔෂෝ ධර්මය අදහනවා. ඒත් මේ කතාව නම් බයිලා. ඔතන ගෑණී අනිත් පැත්ත හැරිලා නිදාගන්නේ ජන්මෙට වඩා පුරුද්ද නිසා. තමන් තෘප්තිමත් උනාද නැද්දා කියලා දැනගන්න, සුරතාන්තය කියන්නේ මොකක්ද කියලා දැන ගන්න එපයි. 99% දන්නෙ නෑ එහෙම දෙයක් තියෙනවද් කියලවත් ඇත්ත කතාව ඒකයි. අනික සෙක්ස් ගැන සොයාගෙන තියෙන අළුත් දේ කෙසේ වෙතත් කාමසුත්‍රයේ තියෙන ඒවවත් නොදන්න පිරිමින්ගෙ තත්වෙත් ඕකම තමයි. බඩු ගියාම පොරක් කියලා හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. අත්දැකීම්...අත්දැකීම්...පේනවා නේද ?

      Delete
    2. අන්න ඒකනෙව කියන්නේ.. දැංවත් දැනගනිං එහෙම එකක් තියෙනවය.. පස්ස හැරිල නිදාගන්න ඕන නැතිය කියලා.. හහ්..

      Delete
    3. මාතලන් කියන කතාවේ ඇත්තක් තියෙනවා.. ගොඩක් ගෑණු අය ඒ ගැන දන්නේ නෑ.. ඒත් මාතලන් හිතනවට වඩා දේවල් ගෑණු දන්නවා.. ඒත් කතා කරන්‌ෙන් නෑ.. එකක් ගෑණු තමන්ට වඩා දන්නවා කියලා පිරිමි දැනගත්තම එතන එන්නේ සැකය නිසා.. අනිත් එක පිරිමියාගේ ආත්මාභිමානය බිඳෙයි කියලා... ඇත්තටම බොහෝ පිරිමින්ගේ ආත්මාභිමානය තියෙන්නේ මානසිකව තමන්ගේ ලිංගික අවයව සහ ලිංගික හැකියාව මත....

      Delete
    4. @ මාතලං,

      මචෝ ඔය සමහර උන් කරනවා වගේ ඇදහීමෙන් වැඩක් නෑ. අදහස තේරුම් ගැනීම තමා අවශ්‍ය වෙන්නේ. ඕෂෝ කියවල තියෙනවනං ආයේ කතා කරන්න දෙයක් නෑ. ඔය ගෑනි අනිත් පැත්තට හැරිල නිදා ගන්න එකක් නෙමෙයි බං කියන්නේ. පිරිමියා වැඩේ ඉවර උනාම එයාගේ ලිංගික ආසාව එකපාරට අයින් වෙන එක ගැන. ඇත්ත ආසියානු ගැහැණිය තුල ඇති අසීමිත ආසාවන් සගවා ගෙන සිටීම, විශේෂයෙන්ම පිරිමියා පමණයි ලිංගික ක්‍රියාව කළ යුත්තේ කියන මානසිකත්වය ඔඩු දුවල තියෙන නිසා මේ වගේ දැනුවත් නොවෙන එක තමා වෙන්නෙ. අඩු වැඩි වශයෙන් හැමෝම නොදන්න දෙයක් තමා ලිංගික තෘප්තිය කියන දේ. කාන්තාවගේ සුරතාන්නය ගැන මීට වඩා අවදියෙන් ලියන්න හිතෙනවා බං උඹේ කතාව දැක්කම.. ස්තුතියි.

      Delete
    5. @ ලිහිණි, නිකංයැ මහාචාර්ය මාතලං කියන්නේ. ඔය විද්‍යාව ගැන කෙළ පැමිණියෙක් තමා මේ..

      Delete
    6. @ හිරු,
      මාතලං කියන්නේ තියෙන දේ ගැනයි. බොහෝ විට සිදුවන්නේ එළිපිට කතා නොකිරීමයි. ලිංගික ක්‍රියාවලියෙදී ඒ ගැන පිරිමියා දැඩි උනන්දුවෙන් තමාගේ ආසාව සංසිදවගන්න උත්සාහ දැරිම පමණයි වෙන්නේ. ඒ කියන්නේ මේ දුර්වලයා තමාගේ තෘප්තිය ගැන බලන කෙනෙක්. ඔය පිරිමියාග් ආත්මාභිමානය කියන එක හීන මානයක්. ඕෂෝ එක් තැනෙක කියනවා, ඔය ලිංගිය ක්‍රියාවලියෙදි උඩින් ඉන්න ඕන ගැහැණියයි කියලා..

      Delete
  3. දේශකයා ඉතාමත් වටිනා අදහසක්. මමත් යමක් එක් කලාට තරහ නෑ නේ. පිරිමි කියන්නේ දුර්වල ජාතියක් තමයි. ඒක මටත් හිතෙන දෙයක්. එහෙම වුවත් ඔබ කියන දේ අනුව සුරතාන්ත කතාව ගත්තොත් මෙහෙමයි. කාන්තාවට සුරතාන්තයට පත් නොවී ( බහුතරක් කිසිදා සුරතාන්තයට පත් වන්නේ නැහැ අපේ වගේ රටවල කාන්තාවන්.) පුරුෂයාගේ කැමැත්ත වෙනුවෙන් ඉවසා සිටිය හැකියි. පිරිමියෙක්ට කවමදාවත් ඒක කරන්න බැහැ.

    නමුත් අපි හිතමු යම් පිරිමියෙක් කුමක් හෝ හේතුවක් නිසා සංසර්ගයේදී එක් දිනක අසමර්ථමභාවයට පත් වුවොත් ඒ ඇති ඔහුට ජීවිතේම විනාශ කර ගන්න. මට අදත් මුණ ගැසුනා එහෙම රෝගියෙක්. එතකොට වැඩිපුරම සුරතාන්තයට පත් නොවන කාන්තාව ඒ සියල්ල ඉවසා ගෙනත් පිරිමියාගේ අවශ්‍යතාවය වෙනුවෙන් යහන් ගත වන්න නම් ඇයට කෙතරම් ශක්තියක් තිබිය යුතුද?

    තව පැත්තකින් බලන්න ප්‍රසූතිය මවකට දරුවා ලැබෙන අවස්ථාව තරම් කෙනෙක්ට දරුණු වේදාවකට මුහුණ දෙන්න ලෝකයේ කිසිම විටක ලැබෙන්නෙ නැහැ. නමුත් මවක් කෙතරම් අපූරුවට ඒ අවස්ථාවට මුහුණ දෙනවද? පිරිමියෙක්ට කිසි දිනක ඒ හැකියාව නැහැ.

    ReplyDelete
    Replies
    1. //( බහුතරක් කිසිදා සුරතාන්තයට පත් වන්නේ නැහැ අපේ වගේ රටවල කාන්තාවන්.)//

      කොහොමෙයි එහෙම කියන්නෙ හරියටම? සමහර විට වෙදමහත්තය ලඟට ඒවගේ උදවිය එනව ඇති, ඒත් මම නං හිතන්නෙ නෑ තත්වය එච්චරම දරුණුයි කියල.

      Delete
    2. ඇත්ත කතාව වෙද මහත්තයා ලියලා තියෙන්නේ. මම කැමතියි කවුරු හරි කාන්තා සුරතාන්තය ගැන ලියනවනම්. එදාට් මම මගේ මතය ලියන්නම්. ඒ තරම් අප නොදැනුවත්.

      Delete
    3. ආහ්.. මම උඩ කියපු කතාව වෙද මහත්තයත් කියලා....

      නෑ රාජ්.. වෙද මහත්තයගේ කතාව ඇත්ත... ඒත් අපේ රටවල ඒ ගැන කතා කරන්නේ නෑ බො‌හෝ විට...

      මම ඔය ගැන ලියනවා මාතලන්...ඒත් කට පරිස්සම් කරගන්න උත්සහයක් ගන්න නිසා තව ටික කාලයක් ගිහින් බලමු...

      Delete
    4. @ මහ වෙදනා,
      ඔබේ අදහස් මේ ලිපියට ආලෝකයක් වන්නේ ඔබ මේ ගැන දන්නා නිසයි. කාන්තාවගේ ඉවසීම ගැන කියන එක නෙමෙයි අදහස් කරන්න ඕන, මාතලං කිව්ව වගේ සුරතාන්තය ගැන නොදන්නා කම. අපේ හුගක් ගෑනු ලිංගික ක්‍රියාවලියේදි ගල් පිළීම වගේ ඉන්න විත්තිය ආයේ කියන්න ඕන නැහැනේ. පිරිමියා දුර්වලෙයක් වගේම ඉක්මන් කාරයෙක්, තමාගේ ආසාව සංසිදුවාගන්න. ගැහැණීයට උරුම වී තිබෙන්නේ දෙන දෙයක් ලබා ගැනිමේ අවස්ථාව පමණයි. ඒකයි මා කියන්නේ මේවා එළිපිට කතා කළ යුතු දේවල්. ගැහැණියගේ සුරතාන්න ලබා ගැනීම පිළිබද මා සතුවත් අත්දැකීම් කිහිපයක් තිබෙනවා. පිරිමියා ඉවසන ප්‍රමාණය මත කාන්තාව ලිංගික ක්‍රියාවලියෙන් ලබන තෘප්තිය වැඩි වෙනවා.

      ඔය දරුවන් ලැබෙන වෙලාව පිළීබද කිසිවෙකු හෝ ප්‍රකාශ කල අදහසක් මම දන්නවා. නමුත් සමාජිය රාමුව තුල ඒක මෙතැන ඉදිරිපත් කිරීම සුදුසු නෑ කියා හිතෙන නිසා ඒ ගැන ඔබේ අදහස බලාගන්න පසුව ඊයක් එවන්නම්.

      Delete
    5. @ රාජ්,
      ඒ කතාව ඇත්ත.. වැඩිම පිරිසක් සුරතාන්නයට ළගා වෙන්නෙත් නෑ මාතලං කිව්ව වගේ ඒ ගැන දන්නෙත් නෑ. ඒ කියන්නේ බොහෝ ගැහැණුන් තමාගේ සුරතාන්තය හදුනන්නේ නෑ..

      Delete
    6. @ හිරු ,
      අන්න හරි හිරුවෝ. උඹලා තමා මේ ගැන ලියන්න ඕන. මොකද පිරිමින් හැමදාම ආත්මාර්තකාමි විදියට තමන්ගේ දෘෂ්ඨිකෝණයෙන් පමණක්ම දකින නිසා..

      Delete
    7. දේශකයා, මාතලන්, හිරු,
      මම කැමතියි මේ පිළිබඳ ලිපියක් ලියන්න. ඒත් මම දන්නවා අපේ මේ බමුණු සමාජය ඒක බොහොම පිළිකෙව් කරයි. කලිනුත් එහෙම මඩක් මට වැදුනා. ඒත් මම ගණන් ගත්තේ නැහැ. ආයේ අපි ලියලම බලමු.

      Delete
    8. නැහැ වෙද මහත්තයා. හැමෝම දැනගන්න කැමතියි. ඒ වගේම සත්‍යයට ළගා වෙන්න උවමනාව තිබුනට, සමාජීය සම්බන්ධතා, සංස්කෘතිකමය සීමාවන් තුල හැමෝම වගේ ක්‍රියාකරන්නේ නොදන්න ගානටයි. අපි ලියමු වෙද මහත්තයා එය කියවා කිසිවෙකු හෝ ගන්නා දැනුම වැදගත් වෙනවා. බමුණු සමාජය කොහොමත් මොන දේ කළත් වැරැද්ද ගන්න ඉන්නේ නිකං හැමෝම පාරිශුද්ධයි කියල උද්දච්ච අධිමාණයකින් ඉන්න නිසයි. මම ඇත්තටම කැමතියි වෙද මහත්තයගෙන් මේ පිළිබද ශාස්ත්‍රිය කරුණු සහිත ලිපියක් ලියවෙනවනං. ස්තුතියි.

      Delete
  4. WHY MEN DON'T LISTEN & WOMEN CAN'T READ MAPS
    Barbara & Allan Pease
    පුළුවන් නම් මේ පොතත් සොයාගෙන කියවන්න.

    ReplyDelete
    Replies
    1. මම ඒක බලලම කතා කරන්න හිටියත් පීඩීඑෆ් එක බාගන්න ටිකක් අමාරුයි. අනිවාර්යයෙන් කියවනවා.. ස්තුතියි.

      Delete
    2. http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&cad=rja&ved=0CC8QFjAA&url=http%3A%2F%2Fkhalidrafiq.weebly.com%2Fuploads%2F2%2F6%2F0%2F3%2F2603611%2Fwhy_men_dont_listen_and_women_cant_read_maps.pdf&ei=MFWvUNbYDueX0QXTi4CoBA&usg=AFQjCNHgWoRdlpDB0sBHhHEa9l_Fq1k19Q&sig2=nXa62aoJCdLWdP-I1hZdpw

      Delete
    3. ස්තුතියි ඔබගේ ලින්කටුවට.. උත්සාහයට මාගේ ප්‍රණාමය

      Delete
    4. මගේ ළඟ මේ පොත තියනවා. අවශ්‍ය කෙනෙක්ට ලබා දෙන්නම්.

      Delete
    5. අප්පේ මේ සැන්ඩර් මලයානේ.. වෙල්කම් කිව්ව. මොකද මේ අටමගේ බෝතල් උස්සපු කතාව..

      අනේ ඔව් මෙයා.. මම දැං දෙතුන් පාරක් ඕක බාගත කරන්න ගත්ත උත්සාහය අතරමගදි ඇණහිටියා. එහෙනං දෙන්ටකෝ මට..

      Delete
  5. Naked Weapon චිත්තරපටියෙ ඉන්න කෙල්ලො සෙට්එක වැඩ ගත්තෙ ඔය දුර්වලතාවයෙන් තමයි මට මතක විදියට.

    සෙක්ස් කියන්නෙ කලාවක්. ඒක තනිකරම මනසත් එක්ක කරන ගණුදෙනුවක්. කලාවට කලොත් පිරිමි කවදාවත් පරදින්නෙ නෑ බොලවු! ඒක වරද්දගන්න එවුන් දුර්වලයන් වෙන්න ඇති. ඒත් හරියට කරන එකා තමයි සුපර්මෑන්. :)

    ReplyDelete
    Replies
    1. @ රාජ්,
      Naked Weapon ගැන අහල තිබුනට බලල නෑ.. ඒක නිසා IMDB එකෙන් විස්තර බැලුවා. ඒක මේකට අදාළද රාජ්???
      ඔන්න ඔන්න උඹත් පිරිමියා කියන දෘෂ්ඨි කෝණයෙන් බලනවා. හරියට වැඩේ දන්නවනං පුතෝ ඇග උඩ නගින්න ඕන ගෑනි කියල තමා මමත් හිතන්නේ. ඒක ඒතරම්ම සුපිරියි.. හැක්..

      @ වීයා,
      මොකෝ උඹ මාතර බෝධියේ වැට මෙතන ගැහුවද?? හැක්....

      Delete
  6. The Book Of Love කියල පොතක පරිවර්තනයක් නම් මටත් කියවන්න ලැබුන. ඒක ලියල තිබුනේ මතක හැටියට Dr. David Delvin. ඒ පොතෙත් තිබුනා ඔය ගැන විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට... චන්දන. මං හිතන්නේ තොප්පිය වෙනස් කරල පින්තූරේ අළුත් කරල දැම්මේ අදම වෙන්ට ඇති නේද??

      Delete
    2. හ්ම්ම් හ්ම්ම්. අද තමා...:)

      Delete
    3. යේ යේ ඔය පොඩි ඇඩ්වර්ටයිසින් පාරකුත් ඔළුවට දාල තියෙන්නේ.. හැක්...

      Delete
  7. මම නම් සූටි කොලුවෙක්... මේවා ගැන කිසිත් නොදනිමි...

    ReplyDelete
    Replies
    1. “සත්ගුණවත්“ සිරා මල්ලි, අපේ සුටි බබා. තැන්කූ ආවට.. ආයේ අර වගේ නහර වැඩ කරල අපිව අමාරුවෙ දාන්න එපා හරිය...

      Delete
    2. කොයි වගේ වැඩද ලොකු අයියෙ...

      Delete
    3. තැඹිලි මෙහෙයුම්. පනස් පාරක් විතර ලව්ද කියල අහන වගේ ඒවා.. හැක්... විහිළුවට මෙයා..

      Delete
  8. පැහැදිලිවම කලාවකි..බොහෝ අය ටික කල්කින්ම වටහා ගනිති.

    ඒ වගේ ම විවිධ අයට විවිදය.

    ReplyDelete
    Replies
    1. වැරදියි... ගොඩක් අය තේරුම් ගන්නේ නෑ .. ඒ වගේම ගෑණුන්ට හොදට රඟපාන්න පුළුවන්... පිරිමියගේ හිත කියවන්න ගෑණියෙක්ට පුලුවන් උනාට පිරිමියෙක්ට කවදාවත් ඒක කරන්න බෑ... හි හි...

      Delete
    2. @ වීයා,

      මාතලං කියල තියෙන්නේ ඒකේ කලාව ගැන “කාම සුත්‍රය“. මේ දේ කවදාවත් වටහානොගන්න දෙයක් වීයෝ.. මිනිස්සුන්ට බොරුව තේරුම් කරන එක ලේසියි ඒත් ඇත්තට කවදාවත් කිට්ටු වෙන්නේ නෑ. ඇයි.. ඒ තරම්ම බයයි.

      Delete
    3. @ හිරු,

      ගෑණු රගපාන්නේ මොකටද? ඇත්තම කිව්වොත් බහුතරයක් පිරිමි තමන්ගේ ගෑනිගේ ලෙඩක් දුකක්වත් දන්නේ නෑ. කෑම බීම ටික හරියට නැත්නං අනිත් වැඩ කෙරෙන්නේ නැත්නං ඔන්න පුප්පනවා. තමා ගැන අවධානයක් ගන්න හැගැණියට ඒ වගේ දේ නොකර ඉන්න බැරි තත්වෙකට පිරිමියා ඇයව පත් කරනවා. පිරිමියා හිතන්නේ ගැහැණිය තමන්ට අවනත වූ තවත් ජීවියෙක් කියන මානසිකත්වයෙන්. ඔය පුරුෂාධිපත්‍යය කියන දේ බුදු හාමුදුරුවෝ ළගත් තිබුනා. ඒකනේ භික්ෂුනි සාසනය පිහිටුවන්න ප්‍රමාද කලේ. ඇයි දාපු නීති. භික්ෂුනිය, කෙතරම් කලක් සසුනේ හිටියත් අද පැවිදි වූ භික්ෂුවකට උනත් වැදුම් පිදුම් කළ යුතුයි කියල.

      Delete
  9. මේ බොල මම පොඩි එකා. මට තේරුනත් නොතේරුනා සේ සිටිමි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පොඩි එකා කරපු වැඩ ලිස්ට් එකක්ම තියෙනවා අපි බලාපු.. කෝරලේ මහත්තුරුන්ට නං ඕක මහලොකු කෙං ගෙඩියක් නෙමෙයි වගේ... හැක්..

      Delete
  10. මේ පොස්ට් එකනම් පෞද්ගලික අදුදැකීමක් විතරයි වගේ. හැම පුද්ගලයාවම තම මානයෙන් මනින්න යාම බොහොම වැරදියි.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
    Replies
    1. තමාගේ මානයෙන් බැලීමක් නෙමෙයි නලීන්, ස්වායත්තව බැලීමක්, පිරිමියෙක් කියන බැල්මෙන් බැලුවොත් එහෙම තමයි. නමුත් මා පිරිමියෙක් උනත් පිරිමියෙක් බලන විදියෙන් ස්වායත්තව බලනව නං ඒක පැහැදිලි වෙන්න පුළුවන්. හැම පුද්ගලයාම තමාගේ මානයෙන් පමණක් බැලීම තමා එකම හේතුව.. සත්‍යය අවබෝධ නොකරගන්න. එහෙම නැත්නං ඇත්ත පිළිගන්න සෑහෙන්න බියක් තියෙනවා. ඕකට බලපානවා පිරිමියගේ තත්වය ඒ කිව්වේ හැමෝම හිතන්නේ උසස් වන්නේ පිරිමියා ය කියල නේ. ඒක එහෙමයි කියල තව සමානාත්මතාවයක් ගැනත් කතා කරනවා. ඒකත් ගැහැණිය යට කරගන්න පිරිමියා යොදන උපක්‍රමයක්. අනේ ඇත්තට මං මෙච්චර නෙලනවා උදව්වට එකෙක් නෑනේ. හැක්.

      Delete
  11. මාත් සැබෑ ආදරය ගැන පෝස්ටුවක් ලීවා කලින්; මගෙත් උවමනාව වී තිබුනේ ඔබ මෙහි ලියා තිබෙන දේ ගැන අවධාරණයක් දමන්නයි.. ඔශෝ ආදීන් කියවා ඔබ වඩා හොඳින්, මාතලන්ගේ පොස්ටුවට වඩා ඉදිරියට ගොස් තිබෙනවා. කොමෙන්ටු ටිකත් පොරි හැලෙනවා.

    නංගිලා ටික දේශකයාට මල් තබා වඳිනු ඇත.
    විශේශයෙන් හි හි නංගී.... හිකිස්

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියන එකාට මල් තියලා වැන්ඳට කමක් නෑ.. ඒත් මූට.... ටිකක් හිතලා බලන්න වෙනවා.. හි හි..

      Delete
    2. @ දයල් බතී කිවිදුනි,
      ඔබේ අදහසත් බලන්න වෙනවා... නංගිල ටික මල් තබා දේශකයට විදීවිද දන්නේ නෑ.. හැක්.. ස්තුතියි.. මේ අර මං දාපු අංකේ බැංකු ශේෂයක් නෙමෙයි බං. හරි හරි මං එතනම කොටන්නංකෝ

      Delete
    3. @හිරු,

      බොලාට මේව කියල දෙන දේශක සීයට වැන්දොත් මක් වෙනවද? චිකේ අපහාස කරන්න එපා බං.. හි.. හි.. හි.. හි..

      Delete
  12. සිරුර පුරා විහිදුනු
    මල් පොහොට්ටු
    ඇති බව කියයි
    දේශකයා

    මොකද කලබලේ
    පුබුදන්න හැම පොහොට්ටුවම
    ඉවසීමෙන්
    හිතේ මල් පිපෙන්න

    ReplyDelete
    Replies
    1. මුළු පෝස්ට්කටුවෙම තියෙන දේ දයල් පේලි අටකට ගොනු කරල. ඇත්තටම ලස්සනට අදහස එනවා..

      Delete
  13. නියමයි.

    අර 'කොන්ක්‍රීට් බලගය' ත් කියෙවුව ඒකත් නියමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ. ඇත්තෙයි කොන්ක්‍රීට් බලගය හොදයි කියල ඔය එකෙක් කිව්වමයි මගේ හිතේ.. නැද්ද මං අහන්නේ.???

      Delete
  14. අනේ තාම පොඩි එකාලු
    තේරෙන්නේ නැතිලු යාලු
    ඒ උනාට කියෙව්වාලු
    ලොකු උනාම බලමුකෝ ලු :P

    හැක් හැක්. කසාද බැදලම තමයි කියන්ට වෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. හොදා හොදා. කසාද බැදලම පටන් ගමු එහෙනං

      Delete
  15. //පිරිමි කියන්නේ හරිම හිත දුර්වල ජාතියක්....//
    මෙක පිළිගන්න අමාරුයි.. අපේ නෑනා පොඩ්ඩත් එක්ක තරහවෙලා දැං අවුරුදු හතක් විතර.. මට මතක හැටියට හයේදී වතුරබෝතලේකට තරහවුණ පාර
    අනිත් ඒවා තේරුංගන්ට තව කල් යයි.. ඊට පස්සෙ ආයි ඇවිත් කියවන්නම් හරි..

    ReplyDelete
    Replies
    1. ඕව මොනවද කෙල්ලෙක් ළගට ඇවිල්ල තොදොල් වෙන්න ගත්තොත් තේරේවි කොච්චර දුර්වලද කියල.. හැක්..

      Delete
  16. ඕෂෝගේ දේශන කියවා ඇත්තෙමි.

    ReplyDelete
    Replies
    1. එසේ නම් තර්ක කුමටද?.. ස්තුතියි පැමිණියට..

      Delete
  17. ඉතාම හොද ලිපියක්.කොහොමත් සැමියා /බිරිද දෙන්නම ලජ්ජා නහර කපල දාල මේ වැඩේ කරනවානම් තමා හොද.දෙදෙනාම ඔවුන් කැමති ආකාරයන් කතාකරගතයුතුයි.ඒ දැනගත්තයින් පසුව සැමියා දැනගත යුතුයි බිරිද 2ක් හෝ 3වරක්වත් සුරාන්තයට පත්වනතුරු හෝ පැටියෝ මට දැන් 3සැරයක්ම ..යා ඔයත් දැන් ..වන්නකෝ කියනකම්වත්.එවිට සැමියත් දැනගෙන සිටිය යුතුයි තමන්ට අවශ්‍ය සියලු සැප බිරිදගෙන් ලබාගෙන අවසානයකට එන්න.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා කෙන්ජි. මං ඔබව සෑහෙන්න දැකල තියෙනවා.

      Delete
  18. මං නම් කියන්නේ දෙන්නා තම තමන්ගේ අවශ්‍යතා,ආශාවන් හංගන්නේ නැතුව කතාවෙලා එක්වෙනවානම් හරි.අනික තමන් සූරාන්ත ගැන වැඩි දෙයක් දන්නවනම් අනිත් කෙනාට ඒ ගැන කියලා දෙන්න ඕනේ.ලජ්ජා වෙන්න ඕනේ දෙයක් නෙවෙයි ඒක.ඒකෙන් තමන්ගේ පවුල් ජීවිතය සාර්ථක වෙනවා.අනියම් සම්භන්ධතා ඇති වෙන්න වැඩිපුර බලපාන්නේ සෙක්ස් ලයිෆ් එක සතුටුදායක නොවීම.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ඉෂාන්, ඇත්ත මේ වැටකඩොලු බිදින තාක් හැමදාම සත්‍යය හැංගෙනවා.. ස්තුතියි

      Delete
    2. මට නම මතක නැහැ කව්ද අහල තිබ්බ නේද සුරතාන්තයට එන්නේ නැති
      කාන්තා පාර්ශවයේ අය ගැන ? ඒක වෙන්නේ උපතින්ම , ඒ අයට ජීවිතේ
      කවදාවත් සුරතාන්තයක් ලබන්න බැහැ .ඒක පුරුෂයාගේ වරදක් නෙවේ .
      එහෙම බිරිදක් ඉන්න පිරිමෙයෙක්ගේ වරදකුත් නෙවේ . ඒක තමා හැටි .
      ඒකට බෙහෙතුත් නැහැ ..වෙන කරන්න කියල විශේෂ දේකුත් නැහැ ..
      තව දෙයක් තියෙනවා මෙතන ඉන්න ඔක්කොම ඕක විදලා තියෙන හින්දයි
      මන් මේ කියන්නේ , ජීවිතේ කිසිම දාක සුරතාන්තයකට පත් නොවුන
      කෙනෙක් දන්නේ නැහැ එහෙම දෙයක් ගැන ..එයා හිතන්නේ වට පිටාවෙන්
      වෙන දේ තමා හරි එක කියල ..හරි එක මේකයි කියල කියන්න හැදුවට
      බැහැනේ වෙන්නේ නැත්නම් .ඉතින් ඒ අයට දුකකුත් නැහැ ..කෙටිම උදාහරණෙ
      උපතින්ම අන්ද(ඇස් පෙනිලා පස්සේ අස් පෙනීම නැති උන අය නෙවේ )
      කෙනෙක් ගැන හිතන්න.අපි කියන දේ අහනවා මිස වෙන දෙයක් නැහැ
      එයාට තේරෙන්න.

      අනික තමා කෙන්ජි 100% හරි .මමත් පුද්ගලිකව එහෙමයි .ආයේ ඇදුන් ගලවන්
      හෙළුවෙන් ඉද්දි මොනවද තව හංගන්න තියෙන්නේ මන් අහන්නේ .ගූ කප්පරක්
      කාපු බල්ලට පඩ ගදත් ගදක්ද වගේ .. සොරි ඕකට ඔයිට වඩා ලපටි උපමාවක්
      හොයාගන්න බැරි උන මට ..පිරිමියෙක් නම් බබා ඔයා වැඩියම ආස කොහොමද ,පහසුම කොහොමද , ආසම ක්‍රමේ , තව ඉතින් දන්නවනේ මම කියන්න ඕනේ නැනේ ...වගේ ඩිරෙක්ට් ටෝක් කරාම ඉවරයි ..නැත්නම් වෙන්නේ එක්කෙනෙක් අසතුටෙන් ,එක්කෙනෙක් දොයි .. අන්තිමට ලොකු ප්‍රශ්නයක් වෙන තැනටම එන්නත් පුළුවන් ..

      Delete
  19. මට නම මතක නැහැ කව්ද අහල තිබ්බ නේද සුරතාන්තයට එන්නේ නැති
    කාන්තා පාර්ශවයේ අය ගැන ? ඒක වෙන්නේ උපතින්ම , ඒ අයට ජීවිතේ
    කවදාවත් සුරතාන්තයක් ලබන්න බැහැ .ඒක පුරුෂයාගේ වරදක් නෙවේ .
    එහෙම බිරිදක් ඉන්න පිරිමෙයෙක්ගේ වරදකුත් නෙවේ . ඒක තමා හැටි .
    ඒකට බෙහෙතුත් නැහැ ..වෙන කරන්න කියල විශේෂ දේකුත් නැහැ ..
    තව දෙයක් තියෙනවා මෙතන ඉන්න ඔක්කොම ඕක විදලා තියෙන හින්දයි
    මන් මේ කියන්නේ , ජීවිතේ කිසිම දාක සුරතාන්තයකට පත් නොවුන
    කෙනෙක් දන්නේ නැහැ එහෙම දෙයක් ගැන ..එයා හිතන්නේ වට පිටාවෙන්
    වෙන දේ තමා හරි එක කියල ..හරි එක මේකයි කියල කියන්න හැදුවට
    බැහැනේ වෙන්නේ නැත්නම් .ඉතින් ඒ අයට දුකකුත් නැහැ ..කෙටිම උදාහරණෙ
    උපතින්ම අන්ද(ඇස් පෙනිලා පස්සේ අස් පෙනීම නැති උන අය නෙවේ )
    කෙනෙක් ගැන හිතන්න.අපි කියන දේ අහනවා මිස වෙන දෙයක් නැහැ
    එයාට තේරෙන්න.

    අනික තමා කෙන්ජි 100% හරි .මමත් පුද්ගලිකව එහෙමයි .ආයේ ඇදුන් ගලවන්
    හෙළුවෙන් ඉද්දි මොනවද තව හංගන්න තියෙන්නේ මන් අහන්නේ .ගූ කප්පරක්
    කාපු බල්ලට පඩ ගදත් ගදක්ද වගේ .. සොරි ඕකට ඔයිට වඩා ලපටි උපමාවක්
    හොයාගන්න බැරි උන මට ..පිරිමියෙක් නම් බබා ඔයා වැඩියම ආස කොහොමද ,පහසුම කොහොමද , ආසම ක්‍රමේ , තව ඉතින් දන්නවනේ මම කියන්න ඕනේ නැනේ ...වගේ ඩිරෙක්ට් ටෝක් කරාම ඉවරයි ..නැත්නම් වෙන්නේ එක්කෙනෙක් අසතුටෙන් ,එක්කෙනෙක් දොයි .. අන්තිමට ලොකු ප්‍රශ්නයක් වෙන තැනටම එන්නත් පුළුවන් ..
    Delete

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැමිණ අදහස් දැක්වූවාට.. පිළිගන්න පුළුවන් උනත් ඔය දේ වෙන්නේ නැහැනේ. ගැහැණියෙක් පිරිමියෙක් හා එක් වෙන කොට (හොර කේස් වලදී නෙමෙයි) ඇත්තටම බහුතරයක් නිහඩ කාර්යයක තමා යෙදෙන්නේ.. විවෘත භාවයක් නෑ.

      Delete
    2. මන් මේ තකහනියක් ආවේ මේ ගැන මන්
      මොකක්ද කිව්වේ කියල බලන්න....

      Delete
    3. මොකෝ අප්සැට් එකක්ද??

      Delete
  20. විවෘත මනසකින් කියවන්න ඕනේ ලිපියක්. මේ ගැන රැඩිකලයා දාල තිබ්බ පෝස්ට් එක බැලුවද?

    අද තමා මෙහෙ ආවේ. රැඳෙන්න බලාපොරොත්තු වෙනවා දිගටම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. සැන්ඩරයෝ.. එන්ටකෝ දිගටම.. මාත් ඒ පැත්තේ කරක් ගැහුවා අප්පා ටික දවසකට කලින්... ආ රැඩිකල්ගේ එක කියවන්ට ඕන. මං තාම ඒ පැත්තේ ගිහින් නෑ..

      Delete
  21. එක ඇහැකට ඇඬිලා කියල ගිය හින්දා ඔන්න මාත් ආවා බලන්න මේ පැත්තෙ. කමෙන්ටුවක් දාන්න හිත දුන්නෑ ප්‍රතිපත්තියක් රකිනා නිසා. වෙන වෙලාවක ඇවිත් වචනයක් ලියන්නම්. දේශක තුමාට ස්තූතියි! අපේ පැත්තෙ ආවට.

    ReplyDelete
    Replies
    1. එක ඇහැකට ඇඩිල ය කිව්වේ පින්තූරේ.. එක් ඇහැකින් තමා අඩල තිබුනේ... අවුලක් නෑ.. මුක්ත් නොලීවත් බැලුවොත් ඇති... ගම් පැති වල ජල පුරස්නය කොහොමෙයි දැං??? ස්තුතියි ආපු එකට...

      Delete
  22. හපොයි දෙයියනේ මට ටිකක් ලැජ්ජයිද මන්දා..ඕෂෝගෙ කියමනා ගැන නම් අහන්න දෙයක් නෑනේ...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ලැජ්ජ වෙන්නට එපා අනේ. ඔය නම ඇහුවම මට ලැජ්ජයි වගේ. හික්ස් තැන්කූ ආවට...

      Delete
  23. ඔබේ බ්ලොගයට ආවේ අදයි. පෝස්ට් එක හරි ඉන්ටරෙස්ටින්ග්. ජීවිතේ පලමු වතාවට පිරිමියෙක් තමන්ගේ අඩුපාඩුවක් ගැන කතා කරනව දැක්කෙ. ඒකටත් හිතේ ලොකු හයියක් තියෙන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බ්ලු ලෝටස්... මම පොඩි ඉදිරිපත් කිරීමක් කලේ මගේ වචන ටිකකුත් එක්ක.. ඕෂෝගේ අදහස් තමා වැඩි පුර තියෙන්නේ.. ඇත්ත තමා... පිරිමියෙක් ගැහැණියෙක් ගැන පිරිමෙකුගෙන් ස්වයත්තව හිතන අවස්ථා සෑහෙන්නට අඩුයි.

      Delete
  24. දුරුවල තැන් ශක්තිමත් කරගන්න ඕනේ.නැත්නම් පව්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්... නැතිනං අප සරණයි තමා.. අසරණයාට ස්තුතියි ආවට මේ පැත්තේ

      Delete
  25. ආවා අද සිටන්..
    ඇවිත් යන්නම් ආයෙත් ..
    තුති මල් මිටි පිටින්
    දුන්නු සුබ පැතුමටයි සතුටින්..

    ReplyDelete
    Replies
    1. Forget about it, if you can get some thing from my blog please come and get it.. thanx

      Delete
  26. ස්වාධිපත්‍යය කියන දේ අතෑරලා මධ්‍යස්ථව කතා කරන පෝස්ටුවක් කිව්වොත් නිවැරදියි මම හිතන්නේ. කමෙන්ට් කියවලත් සෑහෙන දේවල් ඉගෙන කියාගත්තා..

    ReplyDelete
  27. පොඩි එවුන්ට තේරෙන්නේ නෑ බොලව් මේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නාඩි වැඩ කරන්නේ වෙන ඒවට නෙව.. කාරි නෑ.. පොඩි එකා සනිපෙන් නං.. හැක්..

      Delete
  28. අනේ මන්ද? මේකෙ කොටන අය පිරිමිද? (කොන්) දොස්තරයෙකුත් පොත දාල තියෙන්නෙ. හින්දු අයගෙ බණ අහන්නේ සිංහල කතා කලාට එහෙන් ආපු නිසා වෙන්නැති.

    අද බාහිර බලපෑම් නිසා, මුදලට නතු අයගේ මොළේ විකල් වෙලා නානා විගඩම් කලාට, ගැහැණියක් පිරිමියෙක් අතර කෙරෙන දේ, ඒ දෙන්නට හොරෙන් කරන්නේ පැවැත්ම රැකීමයි. මුලාවෙලා හැඟීම උත්සන්නව පවත්වා ගැනීමට ගියාට, වැඩි හැඟීමක් නැති වෙලාවට තමයි කාලේ යනවා නොදැනෙන්නේ. ඔය හැකියාවට ඉතින් කාගෙ උරුමය කාට තියෙනවාද කියන එක වැදගත්. විකුණගෙන කාපු අයගෙන් පැවතෙනවා නම් ඉතින් අන්තෙට යන්න හුඟක් වෙලා යනවා. ඔය කට්ටියට දැම්ම ගමන් යනවා නම් අදහන දේවල් වල ප්‍රථිඵල තමයි. පිළිකුල් කිරීම නොලැබීමට හේතු වේ. සමාජ සම්මත, අනෙක් අය සිටීම වගේ දේවලුත් හරහට හිටිනවා.

    අර කිව්ව වගේ පිරිමියාට ගියාම ඉතින් අහසෙන් පොළවට. යෑමට කලින් ගිය දිනයත් බොහොම බලපානවා. ඒත් ගැහැණු ගැන එයාලවත් හරියට දන්නවද මන්ද? ඇති ඇති කියන්නෙ නම් මස්පිඬු පෙරළිල හිරවීමක් වුනාම. ඊට පස්සෙ කරනවා බොරු. පිරිමියාට ඇරගන්න බැරිවෙලා දඟලන වෙළාවට අනේද කිව්ව. නොගැලපෙන අය එකතු වුනාම කචල් තමයි. ඒකට කේන්දර බැලීමත් ඉතා වැදගත්. නොදකින දේ කෙසේදැයි මැනීම දකින දේකින් විසඳිය හැකියි. කට කියන්නෙත් ශරීරය විවර වන තවත් තැනක් නෙ. දෙමව්පියන්, ආච්චි සීයලත් වංශකතාවට සම්බන්ධයි. හොදම දේ තමයි තම තමන් කොතරම් ගැහැණුකමට පිරිමිකමට ගැලපෙනවද බැලීම. වචන දෙක අන්ත දෙකක් වුනාට ඇත්ත ලෝකෙ අර කට්ටිය මේ පැත්තෙ. මේ කට්ටිය අර පැත්තෙ. ඉතින් ඔය කට්ටිය කට අරිනකොටම කෙරුවාව එළියෙ. පව් කියල හිතෙනවා.

    වැරදිලවත් ඔය කට්ටිය සිංහල නම් හින්දු පස්සෙ නොයන්න. මොකද එයාලගෙ ගැහැණිය සිංහල පිරිමියා වගෙයි. අනිත් පැත්තත් ටිකක් ඒ වගෙයි. ඒ කට්ටිය පුංචිම කාලෙ බඳින එකෙත් ලොකු රහසක් තියෙනවා.

    ඔය වැඩේදි රථයක් පදවනවා වගේ නිශ්චිත කාලයකදී කඳු හෙල් වංඟු පසු කර ඉලක්කය කරා යාමට හැකි චින්තනයක් තියෙනවා. ඒක නොකියන්නෙ ඔයාලගෙ කොටපුව දැක්ක නිසයි. ඒත් ස්වාභාවික විදිය හැර අනෙක් හැම දෙයක්ම ඔබේ මනස විකෘර්ති කරනවා හැර යහපතක් නොකරයි. බාහිර දෑ බෙහෙත් ලෙස ගත් විට ඔබද අවසන් වන්නේ හම්බයකු වීමෙනි. උන් නොදන්න දිව්‍යලෝකයේදී ලැබෙන කන්‍යාවියන් වෙනුවෙන් සැබෑ ලොවේ දිවි පුදන්නේ එහි අතුරුඵල ලෙසයි. ඉතින් නොසැලී මනුෂ්‍යයන් ලෙස හැසිරෙන්න.

    තේමාව වැදගත් නොවූවත් කෙටුවේ කියවල හැඟීම් බර වුන නිසයි. ගැහැණු කොතරම් අසරණ දැයි කියනවා නම් සැබෑ පිරිමින් දිවි පරදුවෙන් උන් රකිනවා ඇත.

    Anonymous One Orig

    ReplyDelete
    Replies
    1. අනෝ වන් රිං බොහොම ස්තුතියි දිගු අදහස් දැක්වීමට.. ඔබත් මේ ගැන දැනුවත් පුද්ගලයෙක් බව තේරුම් යනවා අදහස් වලින්..

      //පිරිමියාට ඇරගන්න බැරිවෙලා දඟලන වෙළාවට අනේද කිව්ව. නොගැලපෙන අය එකතු වුනාම කචල් තමයි.// මේක තාර්කික සත්‍යයක් සහෝදරයා.. ස්තුතියි නැවතත්.. ඔබ හැගීම් බර උනාම හොද කතා කාරයෙක් නෙව..

      Delete
  29. Replies
    1. එහෙනං මදෑ කොල්ලෝ.. යං යං දිගටම යං.. තැන්කු ආවට රත්ගමයෝ..

      Delete
  30. අනේ මන්දා අපිටනම් ඕවා තේරෙන්නේ නෑ ඔන්න......

    ReplyDelete
  31. දුර්වල වන්නේ පිරිමියාවත් කාන්තාවවත් නොවෙයි...අශාව,රාගය කෙරෙහි බැදීමයි....

    ReplyDelete
  32. අයියෝ මේවා මම ඉගෙන ගත්තේ පොඩි පන්ති වලදී

    ReplyDelete