Monday, November 12, 2012

කෑම, බීම හා සදාකාලික නිදහස

ලෝකේම ඉන්න ධනවතුන්ගේ ධනය සමව බෙදන්ට හැකිද?? එහෙම බෙදුවත් වැඩක් වෙනවද? මම අර කිව්ව  ජෝ වයිටාලේ මහත්තයා වරක් එයාගේ දේශනයකදී කියල තිබුන  “හරි.. හැමෝටම ලෝකේ සල්ලි ටික සමසමව බෙදල දීල ටික දවසක් ගිහිල්ල බලන්න මොකද වෙන්නේ කියල, එතකොටත් අර ධනවතුන් ගාවටම ඒ සල්ලි ටික ආයෙ ගිහිල්ල ඇති“ කියල. ඒත් දෙයියනේ මේ ලෝකය පුරාම ඉන්න අසරණයන් ගැන හිතන්නේ කවුද? 


අද හිරුත් පිංතූර කතාව, ලියන්නත් ඒකම කරා. මමත් දානව පිංතූරයක්. හොදට බලන්න. අදහස් කියන්න. මම මේ ගැන වෛවාරණ කතා කියන එකත් අපරාධයක්!



තව එකක් කියන්න ඕන මේ පින්තූරෙ මට දුන්නේ මිත්තරයෙක් .. එහෙමත් නෑ බොසා.

26 comments:

  1. මිනිස්සු හැමදාම ඔය තත්වෙ තමයි ඉතිං... හැමදාම ධනවත්තු හිටියා, හැමදාම දුප්පත්තු හිටියා... ඉස්සරහටත් ඒ විදියටම වෙයි...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හිරු. අර දේශනාව කියන්නෙත් ඒකම තමා. ඒත් උඹල මං දාපු හෙඩිම දිහා බලාගෙන කමෙන්කටුව දාල තියෙන්නේ. බලපං ඒ අම්මගේ අතේ පස් තියෙන හැටි. ඒ ඇති නේද දැක්කම..

      Delete
  2. ඔය හිරු කියලා තියෙන්නේ කෙටියෙන්ම කතන්දරේ.. මේ අය ගැන හිතන්න ඉස්සෙල්ලා තමුන් ගොඩ යන විදියක් හොයන්න ඕන. ඊට පස්සෙ පුළුවන් දුප්පතුන්ට උදව්වක් කරන්න..

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝ..ඒකට තමා අපි අයවැය ඉදිරිපත් කලේ. මේක උදවි කරන එක ගැන නෙමෙයි. මනුෂ්‍යත්වය ගැන හැගීමක්

      Delete
  3. හද සසල වෙනවා මේවා දැක්කම. ඒත් සමාජවාදයටවත් බැරි වුණානේ මේකට විසදුමක් දෙන්න දේශකයා.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. මේවට උත්තර නෑ නලින්. සංවේදිබවක් තියෙන එක තමා අවශ්‍ය

      Delete
  4. හ්ම්! සංවේදී පිංතූරයක්.

    ReplyDelete
    Replies
    1. මට බං ඒ ගැන දිගටම හිතන්නත් අමාරු උනා

      Delete
    2. මටත් එහෙමයි‍. ඒකයි මොකුත් නොලිව්වෙ‍.

      Delete
    3. ඇත්ත කතාව. දකින්න ඕන දෙයක් නෙමෙයි ඇත්තටම

      Delete
  5. හරිම සංවේදී පින්තූරයක්..ලෝකයේ කවදාවත්ම තුරන් නොවුන එකම දේ...දුප්පත්කම..සහ පෝසත්කම..

    ReplyDelete
    Replies
    1. ඔය දෙක කවදාවත් නැති වෙන දෙයක් නෙමෙයිනේ. එය එකිනෙකා මත යැපීම අනිවාර්යයි. ලිහිණි දැක්කද ඒ වල හාරල තියෙන්නේ සමහර විට ඒ අම්මම වෙන්න ඇති.

      Delete
  6. දුප්පතුන් තවත් දුප්පත් වෙන්නත්, පෝසතුන් තවත් පෝසත් වෙන්නත් හේතු තියෙනවා. එයින් එකක් කළමනාකරණය. තව තියෙනවා. මේ පිත්තූරෙ ප්‍රතිඵලයක් මිස හෙතුවක් නෙවෙයි. මේ නිකම්ම නිකම් ගොදුරු.

    නමුත් ඕකෙත් දෙපැත්තක් තියෙනවා. මේ පිත්තූරෙ දැක්කම අපිට එක පැත්තක් අම්තකම වෙලා යනවා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ගොදුර අසරණ දරුවෙක් වීම අවාසනාවක්ද? මේක හුදකලා එක් සිද්ධියක් පමණයි. මිනිහගේ සංවේදි බව තත්පර කිහිපයකට උලුප්පන්න පුළුවන්. එච්චරයි.

      Delete
  7. ලෝකයේ එක කොටසක් කෑම වැඩි වෙලා ලෙඩ හදා ගන්නවා. තව කොටසක් පණ කෙන්ද රැක ගන්න වත් කෑමක් නැතුව අකාලයේ මැරෙනවා.
    මෙතන තියන සංවේදීම කරුණ වලෙන් උඩ සිටින කාන්තාව. ඒ අර දරුවාගේ මව වෙන්න ඇති කියල හිතෙන්නේ මට.

    ReplyDelete
    Replies
    1. ඒක තමා චන්දන ගන්න ඕන පණිවිඩය. හිතන්න තමන්ගේ දරුවා හාමතින් මිය ගියාම හාමතින් ඉන්න මවටම දරුවා වලක් හාරල දාන්න වෙන එක අපිට දකින්න ලේසියි. ඒ අම්මගේ මානසිකත්වය. මට තව එතත් හිතුනා ඇයි දරුවා ඔතල තියෙන රෙදි අයින් කලේ. තව ප්රයෝජනයට ගන්නවත්ද? ස්තුතියි හැමෝටම

      Delete
    2. //ඇයි දරුවා ඔතල තියෙන රෙදි අයින් කලේ// මේක ඇත්තටම මට නොහිතුනු දෙයක්. එතනත් ලොකු කතාවක් තියනවා තමයි..

      Delete
    3. හරියට හරි. මුළු පින්තූරෙම ලොකු කතාවක්.

      Delete
  8. මේ දුප්පත් කම වපුරන එවුන්වත් ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් යටතේ ජාත්‍යන්තර අධිකරනයක් යටතට ගෙන ආ යුතුයි.
    අප්‍රිකාවෙ ගම් පිටින් ඒඩ්ස්වලින් මිය යද්දී සමහර ආගමික නායකයන් කොන්ඩෝම් පාවිච්චියට එරෙහි වෙති


    ReplyDelete
    Replies
    1. ඇයි සමහර මොට්ට රජවරු කන්‍යවන් හොයාගන්න උත්සව තියන්නේ. මට බොබ් මාලේ ගේ buffalo soldier ගීතයත් මතක් වෙනවා. ස්තුතියි

      Delete
  9. ධනපතියන් හැමදාම ධනපතියන්ම තමයි. ලෝකේ සමාන බවක් කවදාවත් ඇතිවෙන්නේ නැහැ. මොකද. බුදුදහම අදහන කෙනෙක් විදියට මම විශ්වාස කරනවා අපේ මේ දුප්පත් කම ගිය ආත්මේ කල පව් නිසා වෙන්න ඇති කියලා.කවදාවත් සමානාත්මක බව කියන එක ඇතිකරන්න අමාරුයි. නමුත් මම මුළු හදවතින්ම දුක් වෙනවා. අර පින්තූරේ ඉන්නවා වගේ මිනිස්සු ගැහැණු දරුවෝ ගැන. සුපිරි පොස්ටුවක් දේශක තුමෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෝරලේ මහත්තයෝ.. වචන දහසකට වඩා පින්තූරයක් බලවත් කියන්නේ මේ වගේ ඒවට තමයි. සමානාත්මතානය.. කිසිදා උදා නොවෙන දෙයක්. රුසියාවෙත් කාලෙකට ඉස්සරවෙලා තිබුන සමානතාවය තමා එම අදහස බිද දැමීමට තරම් ප්‍රභල හේතු කාරණාවක් උනේ.

      Delete
  10. හරිම සංවේදියි....!

    දුප්පත් පෝසත් ගැනනම් ඕනතරම් කතාකලතෑකි..!ඒත් මේ වගේ පිතූරයක් දැක්කම හිතා ගන්න බෑ..!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත වීයෝ.. වාද විවාද කැලේ මේ වගේ පින්තූරයක් දැක්කම. ස්තුතියි හොයාගෙන ආවට..

      Delete
  11. වචන දහසකින් කියල නිමකරන්න බැරි වේදනාවක් පින්තූරෙ දැක්කම ආවා.

    ReplyDelete