Wednesday, September 5, 2012

Divorce Bike

 

අපි ඉස්කෝලෙ යන ගැටව් කාලේ ගැනු ළමයෙකුට හිත ගියහම මොනවද කරන්නේ. ඒ කෙල්ල දිහා හො‍රෙන් බලනවා. කොල්ල යන තැං හොයාගෙන පස්සෙන් යනවා. කෙල්ලගේ ගෙවල් ගාව දවසට කීප සැරයක් වට ගහනවා. කොල්ලෝ එක්ක කෙල්ල එන පාරවල් බලාගෙන ඉන්නවා. අන්තිමට බොහොම අමාරුවෙන් කෙල්ල හිනාඋනාට පස්සේ පොත් සාප්පුවකට ගිහිල්ල තියෙන හොදම සුවද ගහන කොළයක් අරගෙන මුලින්ම සිංදුවක කැල්ලක් ලියලා පපුව ගලවලා දෙන තරං වචන ටිකක් ලියලා ආදර හසුන හදාගන්නවා. ඊට පස්සේ තමා අමාරුම දේ. මේක කොහොමද කෙල්ලට දෙන්නේ කියලා. කෙල්ලගේ යාලුවෙක් අල්ලගන්න හදනවා. එහෙම බැරි උනොත් කෙල්ලගේ පොතක් ඇතුලට හරි දාන්න බලනවා. ඒකත් බැරිනං කෙල්ල පාරේ එනකොට‍ කෙල්ලට පේන්න ලියුම තාප්පයක් උඩින් තියල තව එකෙක් දාලා බලනවා ඒක ගන්නවද කියලා.


දේශකයටත් සාමාන්‍ය පෙළ කරද්දි එහෙම දෙයක් උනා නොවැ. ඔය ඔක්කොම වැරදිච්ච තැන කොල්ල තෝරගත්තෙත් හිමීට ලියුම තියලා යන ක්‍රමය. ඉතිං ඒක තිබ්බයි කියමුකො.. කරුමෙට‍ ඒ කෙල්ලට ආලවන්තකං පාන්න ආපු මගේ සමකාලින කොල්ලෙක් ඒක අරගෙන ගියා නොවැ. අපි හොල්මං උනා. දවස් දෙකකට විතර පස්සේ ගණං පංතියෙදී හා ඉංගිරිසි පන්තියේදි වෙන කාඩ ‍‍කොල්ලෝ මං ලියපු සිංදු කෑල්ලයි.. අර බොහොම අමාරුවෙන් ඇරල දාපු වචන ටිකයි නෙලට කොට ලැජ්ජාවේ බෑ.

ඉතිං ‍ඔහොමයි අතීතය. දැං මං කියන්න යන්නේ අලුත්ම විස්තරයක්.




කෙල්ල ඉස්කෝලෙන් අයින් වෙච්ච ගමන් අම්මා .තාත්තට කොහොම හරි කනිපින්දං කියලා සෙල් පෝන් කට්ටක් ගන්නවා. ඕකත් අරං ටවුන් එකේ ගමේ සෝබන පාරක් දාල කොහොම හරි කොල්ලෙකුට දැල එලනවා. ඔන්න ඉතිං ලියුං කරදහි කරදර නැතිව මල් කෝල් හා මල් පණිවිඩ ක්‍රමේට ලව දිග ඇ‍රෙනවා. ටිකක් කල් යන කොට ආදරය මුහුකුරා ගිහිං දෙන්නට දෙන්න ඕනම වෙනවා. ඉතිං කොල්ල ඇවිල්ල කෙල්ලගේ ගෙදරින් අහනවා. "මට මෙයාව බදින්න ඕන" කියලා. කෙල්ලගේ දෙමාපියන්ට පිස්සුවක් ඇතෑ මේ ජොබක් නැති ‍කොලු නාම්බෙකුට දූව දෙන්න. ඉතිං කියනවා. "දරු‍වෝ හොද ආදායම් මාර්ගයක් හදාගෙන ඉන්න.. ඔය හැමදේම කරන්න කලින්" කියලා. කොල්ලත් බොක්කෙන් පිළිපදිනවා. හිතනවා මොකක්ද කරන්නේ කියලා. වාසනාවට ඩිලාන් අංකල් කොරියාව‍ට යවන්න විභාග තියෙනවා. මොළේ ඇති කොල්ලනේ. ඉතිං කොහොම හරි චෑං චූං ටික පාඩං කොරගෙන විභාගේ ලියල පාස්වෙනවා. කොරියා පුහුණුවට ලියුමත් එනවා. දැං හරිනේ. කොල්ලා ආයෙන් යනවා. දියුණුව ගැන කියලා අඹරලා දාලා කෙල්ලගේ පැත්තේ කැමැත්ත ගන්නවා. ඉතිං අවුරුදු තුන හතරක් යනකං කාවද විස්වාස කරන්න පුලුවන් කියල හිතලා කොල්ලා කියනවා කොරියා යන්න කලින් රෙජිස්ටර් කරමු කියලා. හොද පල්ලමක් නිසා වැඩේ කෙරෙනවා. 

කෙල්ල අඩද්දි කොල්ලා කොරියා යනවා. දැං පෝන් එකට කොරියාවෙන් කෝල් එනවා. හැබැං විස්තීරණ ගණං තමයි මේ මල් කඩන්න යන්නේ. ඉතිං කොල්ලා කෙල්ලට ලැප්ටොප් එකක් එවනවා. එතකොට‍ ස්කයිපි වලින් ඇති තරං කතා කරන්න පුලුවන්නේ කියලා. වැඩේ නැගල යනවා. ජීවිතේට ලෝකය නොදැක්ක කෙල්ලට අමුතුම ලෝකයක් ප්‍රාතුර්භූත උනා වගේ වෙනවා. හෙමිං හෙමිං මුනු ‍පොත හොයාගන්නවා. යාහු මැසෙන්ජරාව අල්ලගන්නවා. චැටිං කොහොමත් ග්‍රේට් නේ. 

ටික දවසක් යනකොට කෙල්ල සුරංගනා ලෝකෙක ඇවිදින්න පටන් ගන්නවා. කවදාවත් නොදැකපු දේවලින් ඔලුව නසරානි වෙනවා. ඒ අතරේ මූණුපො‍තේ යාලුවෝ හැදෙනවා. චැට් කරනවා. ඒ මදිවාට පෝන් නොම්ම‍රෙත් දෙනවා. 


දැං කෙල්ලට ඕන ස්කූටියක් ගන්න. හැරෙන තැපෑලෙන් කොල්ල ඒක ඇප්ප්‍රවු කරලා ප්‍රතිපාදන ලබාදෙනවා. දැං මොන වැඩද කියලා කෙල්ල රවුං ගහනවා. ලැපා අරං යාලුවො බලන්න යනවා. ඩොංගලේ ගහලා එයාගේ යාලුවොන්ගේ එළකිරි විස්තර පෙන්නනවා. කෙලි වය‍සේනේ. කෙල්ලො එකතුවෙලා ඉතිං හීන් ආතල් ගන්න කොල්ලෝ අන්දනවා. මූනු ‍පොත ලොකු ‍සේවයක් සපයනවා. හිමිං සැරේ යාලුවොත් දාගෙන පොඩි පොඩි හොර ගමන් යනවා. ගෙදර එනකොට රෑ වෙනවා. කොල්ලට පේනවා කෙල්ල ගේ ලොගින් හොරයි කියලා ඒත් තව බලනවා. කෙල්ලගේ ඇස් අන්ධ වෙනවා. හීං ආතල් අලි ආතල් වෙනවා. එක දෙක වෙනවා.. දෙක වර්ග වෙනවා. කෙල්ල නන්තත්තාර වෙනවා. කොල්ලා අමාරුවෙන් හොයන සල්ලි වලින් කෙල්ල ආතල් ගන්නවා. සල්ලි වලට ආසාව තිබුනට කොල්ලව එපා වෙනවා. පෝන් එක ඕෆ් වෙනවා. ඩොංගලේ මගුල් වෙනවා. බයිසිකලේ කැඩෙනවා. ඒක හදන්න දවස් ගනං එළියට යනවා. අන්තිමට වැ‍ඩේ කෙළවෙනවා.


කෙල්ල කොල්ලට ඩිවෝස් දෙන්න කියලා කනිපින්දං කියනවා.

වැඩේ හරිනේ.. බයික් එක නිසා ඩිවෝස් ලැබෙනවා. කොල්ලට මොකුත් නැති වෙනවා. කෙල්ලට නං ඕන තරං කොල්ලො ඉන්නවා. ලැපා ඉන්නවා. ඇයි දෙයියනේ ඩිවෝස් බයික් එකකුත් තියෙනවා.

26 comments:

  1. ස්තුතියි. ගයාන්. බ්ලොග් කටු බල බල ඉන්නේ වැඩ කෙරපංකෝ ඩා.

    ReplyDelete
  2. අර රස කතා ටිකකුත් පුරවලා දාන්න අනේ. ඒවායේ හොද වැඩිහිටි හාස්‍යයකුත් තියෙනවානේ.

    ReplyDelete
  3. ස්තුතියි. ඉදිරියට බලමු

    ReplyDelete
  4. divorce bike
    නව යුගයේ phrase එකක්

    කෙල්ලට බයික් එක
    කොල්ලට බිල් එක
    තව අවුරුද්දක් විතර ඉන්න වෙයි
    කොරියාවල
    එච්චරයි

    තව බයික් එකට සල්ලි හොයාගන්න එපායෑ

    ReplyDelete
    Replies
    1. කොල්ල එහෙම කරයිද නැතිනං ආ‍යේ පටන් ගත්තත් ඩිවෝස් බයික් කේස් ‍එකක් වෙයිද මන්ද?

      Delete
  5. මේක ඇත්තම සිදුවීමක්ද?

    ReplyDelete
    Replies
    1. පට්ට සිරා. ඔය ඩිවෝස් බයික් නිසා වෙචිච සීන් කිහිපයක්ම තියෙනවා. පස්සේ දාන්නම්. ලංකාවේ එක්තරා ප්‍රදේශයක මේ නම ස්කූටි වලට භාවිතා කරනවා කොල්ලෝ. මගේ සංකල්පයක් නෙමෙයි කෝරලේ මහත්තයෝ. ඔබතුමාත් අවුස්සල බලන්න දස්සයා නෙවද,,?? තැන්කූ හොදේ

      Delete
  6. ජීවිතේට ලෝකය නොදැකපු කෙල්ලෝ ඩොන්ගලේ ගහලා එව්වා මෙව්වා බලනවා. මුණු පොතේ යනවා. ෆෝන් නොම්මරේ දෙනවා.
    සහතික ඇත්ත මචෝ. අන්තිමේදී බඩු (බඩ) වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි AKM. ලොකු සතුටක් ඇවිල්ල කියවනවට...

      පස්සේ වෙච්චි දේවල් ගැන කෝරලේට කිව්ව වගේ පෝස්ට්කටුවක්ම දාන්නං.

      Delete
  7. මේක මම දැක්කේ නෑ... කතාව ඇත්ත.. අපේ මහත්තයාත් ඔය කතාව කියලා තියෙනවා... හැබැයි ඩිවෝස් බයික් කියලා නෙවෙයි... හස්බන්ඩ් රට ඉන්න ගෑණු අයගේ බයික් එක කියලා... හි හි..

    ReplyDelete
    Replies
    1. එහෙනං අපේ මහත්තයත් දන්නවා. හිහි.. ඒක තමා බං කෙටියෙං කියන්නේ ඩිවෝස් බයික්.. හැක්... උඹට කොහොමද බං මේක එකපාරට ප්‍රාථුර්භූත උනේ... තැන්කූ හිරුවෝ..

      Delete
  8. අර වගෙ ගොං හරකෙක්.. පනින රිලවිට ඉනිමං දීලා

    ReplyDelete
    Replies
    1. එහෙම කේස් තියෙනවා සරා...

      Delete
  9. ඇයි මචන් මුන් මෙහෙම කරන්නේ බැල්ලියෝ වගේ..
    dirty bitch !

    ReplyDelete
    Replies
    1. හැක් හැක් තරහ ගන්න එපා යකෝ.. ඕවට

      Delete
  10. සිරාවට බං කතාව ඇත්ත .ඊයේ පෙරෙයිදා දවසක කෙල්ලෙක් මට කියනවා ඒකි ඇඩ්කරපු කොල්ලෝ ඔක්කොම මකලා ආයේ පැත්ත පලාතේ එන්ඩ බැරි කරන්ඩලු.එක කොල්ලෙක් පෙන්නලා කියනවා එයාව විතරක් තියන්නලු . මම දන්නවැ ඔව්වා. අන්තිමට අපේ ලොකු ජෝනට කෝල් කරලා අහගන ඒකිව ගොඩ දැම්මා. කරපු කෙලි කොල්ලා ආපුවහම ලැප බලපු ගමං මාට්ටු වෙන හන්දා තමයි ඒකි එහෙම කලේ.

    ReplyDelete
    Replies
    1. ඒක නේ කියන්නේ බං.. හැක් හැක්..

      Delete
    2. @ atam ඒ වගේ උන්ට උදව් කරන්න එපා ..ඒගොල්ලන්ගේ වැඩ හින්දා කෙල්ලෝ ගැන කොල්ලෙකුට තියන විස්වාසේත් නැති වෙනවා ...දැන් දේශා ලියල තියන විදිය බලන්න ...ඔය විදිහට කොරියා ගිය ඔක්කොමල්ලගේ කෙල්ලෝ ඒ වගේ කියල හිතෙන්නේ මේක කියවල ඉවර උනහම්

      Delete
    3. අටමට උදව් කරනවයි කියන එක සිම්පල් දෙයක් නේ ඒකයි..

      //දැන් දේශා ලියල තියන විදිය බලන්න//

      ඔය කියන්නේ මම ලියපු එකේ වැරුද්දක් ගැනද ඩෝ.. වහාම කියහං නිවරැදි කරගන්න

      Delete
  11. ෆෝන් ,ලැප් , ස්කුටි බයික් ඔය මොකක් උනත් නිවැරදිව පාවිච්චි කරනවනං ඔය මුකුත් නෑ

    ReplyDelete
    Replies
    1. තුරුණු වයසට මද කිපෙන කොට සීමා අමතක වෙනවා..

      Delete
  12. අම්මප කාටවත් බයික් අරං දෙන්න හොඳ නෑ මිං පස්සෙ :-D

    එහෙමෙ කියන එකත් හරි මදි, එකෙක් දෙන්නෙක්ගේ වැඩ හින්ද ඔක්කොටම බැනුං අහ ගන්ට වෙලා !

    ReplyDelete
    Replies
    1. දැන්නං බං බයික් එකක් තියෙන එක හැමදේටම පහසු වෙලා.. තව කාලයක් යනකොට පිරිමි ප්‍රතිශතයම ගැහැණුත් බයික් පදිවි. ස්තුතියි. කොහෙන්ද බං මේ පොස්ට් එක හොයාගත්තේ..

      Delete
  13. හෙක් .. හෙක් .. සජ්ජගෙ පෝස්ට් එකකට උඹ දාපු කමෙන්ට් එකකින් මයෙ හිතේ :)

    ReplyDelete