Wednesday, September 12, 2012

Delhigated: (Diverted to Delhi)

At a Customer Call Center


Call Centre Executive
Good Morning Sir,. I'm Jessica, How could I help you?

Customer                    
Yeah. I wanna know my air ticket details

Call Centre Executive
Sure. Yourr name please sirr.

Customer                    
My name is Jonathan

Call Centre Executive
Could I know yourrr airrrr ticket rrreferrrence numberrrrr sirrr?

Call Centre Executive
What a fuck. Again Indians fucked our companies. Hei.  Fucking Indian. Are you going to fuck this shit all the fucking time. fucking idiot. This is how you all fucked my ass.

'

පසුගිය දවසක පැවති උත්සවයකදී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කියලා තිබුනා ලංකාවේ සමහර ‍තොරතුරු තාක්ෂණ වැඩසටහන් ඉන්දියාව කොපි කරනවා කියලා. එහෙම කියපු කට කොහේ තිබ්බද කියලනං දේශකයා දන්නෙ නෑ.

අපි ඉන්දියාව ගැන හිතං ඉන්නේ නිකං ගෝත්‍රික ගොබ්බයන් විශාල ප්‍රමාණයක් ලංකට් එකක් ඇතුලේ බැහැල ඉන්න ගානට නේ. එහෙම වුනත් දකුණු ආසියාවේ විතරක් නෙමෙයි ‍ලෝකයේම ජනප්‍රිය වූ Electronics For You සගරාව ඔවුන් පටන් ගත්තේ 1969 තරම් ඈත දි ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආසියාව තුල වර්ධනය නොවී තිබූ අවධියකදීයි.

ඒ වගේ රට තුල තාක්ෂණික වශයෙන් සාධනීය වර්ධනයක් පෙන්වූ ඉන්දියාව ක්‍රමක්‍රමයෙන් තාක්ෂණික ලෝකය දික් විජය කරනවා. මේ වන විට ඉන්දියාව ලංකාවේ ආර්ථිකය මෙන් දහස් ගුණයක් විශාල ආර්ථිකයට උරුමකම් කියනවා. ඒ වගේම ප්‍රතිරෝධකයේ සිට අවශ්‍ය වන සෑම දෙයක්ම නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව ඔවුන්ට තියෙනවා.

මම කියන්න යන්නේ ඒ ගැන නෙමෙයි... දැනට වසර 10 ක පමණ සිට ඉන්දියාව විසින් අත්පත් කර ගෙන තිබූ කිසිවෙකුත් ‍නොසිතන ආකාරයේ ඩොලර් බිලියන ගණනක ආදායම් උපදවන ක්ෂෙත්‍රයක් පිළිබදවයි.

ඔබ දන්නවාද ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ආදී රට වල ඇති ගුවන් ගමන් සේවා, ක්‍රෙඩිට් කාඩ් සේවා, දුරකතන සේවා ‍ආදී පාරි‍භෝගික සේවා පවත්වාගත යුතු ඉහල පෙලේ සමාගම් තමන් ගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ ඉන්දියාවේ බව.

ඇමරිකාවේ පුද්ගලයෙක් තමන්ගේ ඇමෙක්ස් ක්‍රෙඩ්ට් කාඩ් එකේ තොරතුරු දැනගන්න හොට් ලයින් එකට දෙන ‍ඇමතුම ස්වයංක්‍රියව ඉන්දියාවට හරවනවා. එතකොට ඒකට උත්තර දෙන්නේ ඉන්දියානුවෙක්. ඔහුට අවශ්‍ය සියලුම සහායත් ලබාදෙනවා. (කස්ටමර් සර්විස් කතා කලාම අපි දන්නවනේ ඔක්කොම කරල ඉවර උනාට පස්සේ ඒගෝල්ලෝ ආදරෙන් අහනවා තවත් මුකුත් කර ගන්න ඕනද කියලා. ඒ වගේ ඇමරිකන් කාරයෙකුට ඉන්දියානුවෙක් පෝන් එකෙක් බටර් ගාන එක ලේසි වැඩක්ද?)

අපි දන්න ඉන්දියානුවො කතා කරන්නේ මෙහෙම නේ.

"හල්ලෝ මිස්‍ටර්ර්ර් ර්ර්රෝඩස්. හැව් ආර්ර්ර් යු"

විශ්වීයකරනය වීම හේතුකොට ගෙන අද වන විට මේ සියල්ල වෙනස් වී තිබෙනවා. අද ඉන්දියාවේ ඇමරිකන්, ඔස්ට්‍රේලියන් පාරිභාෂිකයට අනුව හොදට කඩ්ඩෙන් වනන්න පුලුවන් කස්ටිය ඇති තරං ඉන්නවා.

2000 වර්ෂය පමණ වන විට ඔය යුරෝපීය ආයතන වල පාරිභොගික සේවා මධ්‍යස්ථාන එම රටවල් වලම පවත්වාගෙන ගියා. නමුත් ඇති වු ආර්ථික අවපාත හමුවේ මෙම ආයතන වලට තමන්ගේ වියදම් දැඩි ලෙස කපා හරින්න සිදුවුනා. එහි එක් පියවරක් උනේ සමහර අංශ‍යන් විශේෂයෙන් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන වෙනත් රට වලට රැගෙන යාම. ඒක හරියට ලංකාව සුද්දන්ට ඇදුම් මහනවා වගේ. ඔවුන්ට ශ්‍රමය ඉතා ලාභදායි ලෙස ලංකවෙන් මිලදී ගන්න පුලුවන්. ඒ  වන විට ඉන්දියාවත් බටහිරකරනයට දැඩි ලෙස භාජනය වෙමින් පවතිනවා. ඉන්දියාවේ දෙවන භාෂාව වන්නේත් ඉංග්‍රිසි භාෂාව. ඉතිං මෙම නව ප්‍රවණතාවය ඒ කියන්නේ Outsource කිරීම පිළිබදව දැඩි අවධානයෙන් සිට ඉන්දීය ව්‍යාපාරිකයන් තමන් වෙත අදාළ සේවා ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය කටයුතු කරනවා. ඉන්දියාවේ උපාධිධාරීන්ගෙන් 30% කට පමණ රැකියා හිමිවන්නේ නැහැ. මෙම තත්වය මත ඔවුන් ඉන්දියානුවන් සදහා බටහිර උරුවට ඉංග්‍රිසි උගනන්වන ඇකඩමි ආරම්භ කරනවා. නොයෙකුත් ක්‍රම මගින් මෙම රැකියා විරහිත උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් අදාළ පාඨමාලා වෙත ගෙන්වා ගන්නා අතර ඒ වන විටත් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ඉන්දියාව තුල ස්ථාපිත වෙනවා.

ඕක තමයි ඉතිහාසය

දැං ඉන්දියාවේ පාරිභෝගික සේවා සපයන ඒජන්තවරුන් ලක්ෂ ගණනක් ඉන්නවා. ඔවුන් ඒ වගේ හොදින් පුහුණු කරපු ඉන්දියානුවන් යොදවා ගෙන මෙම මධ්‍යස්ථාන පවත්වා‍ගෙන යනවා. ඒ මගින් ඉන්දියාව ඩොලර් බිලියන ගණනක ආදායමක් ලබනවා වගේම එම මධ්‍යස්ථාන වල වැඩ කරන තරුණ තරුණියනුත් හොද ආදායමක් ලබනවා.

ක්‍රමේ තමයි. ඇමරිකානුවෙක් නම් ඇමරිකාවේ විදියට‍ උත්තර දෙන එක. බ්‍රිතාන්‍යයෙක් නම් ඒ විදියට. ඔස්ට්‍රේලියානුවෙක් නම් ඒ විදියට. ඒ කියන්නේ මේ ඉන්දියානුවන් තමන්ගේ දේශිය උරුව, සංස්කෘතිය ආදි සියලු දේ වෙනස් කර ගන්නවා. ඔවුන් සිතන පතන ආකාරය පවා යුරෝපීය ආකාරයට වෙනස් වෙනවා. මේක කාලයක් තිස්සේ අදාළ ප්‍රසිද්ධ සමාගම් රහසක් විදියට තබා ගත්ත දෙයක්. අතරින් පතර පාරිභෝගික සේවයට කතා කරන අය මේක දැනගෙන උන්දලාට ෆකිං දාලා අනන්තවත් බැනල ඇති. නමුත් 2003 වර්ෂයේදි ඔස්‍ට්‍රෙලියානු චිත්‍රපට සමාගම විසින් නිපදවපු වාර්තාමය චිත්‍රපටියක් නිසා මේ ගැන සමස්ථ ලෝකයම දැනගන්නවා. මේ‍ හේතුවෙන් ඒ ඒ රටවල් තුල මෙම අවුට් සෝසින් සදහා දැඩි විරෝධයක් ඇති උනන් ලාභය සලකා අදාළ ආයතන මෙම සේවය එ‍සේම පවත්වාගෙන යනවා. ඒත් සමහර ආයතන US Airways වගේ තම පාරිභෝගික සේවා ආයතන නැවත ඇමරිකාවටම රැගෙන යන්න පියවර ගත්තා.

ඉතිං මෙම වාර්තාමය චිත්‍රපටය ඉතා රසවත් වගේම විශාල දැනුමක් ලබා දෙනවා. ඊට‍ අමතරව අප නොදන්නා මානයක් පිළිබද කෙතරම් විචක්ෂණශිලිව ඉන්දියානුවන් කටයුතු කරල තියෙනවද කියලත් බලාගන්න පුලුවන්.

කෙසේ වෙතත් ඉන්දියාව තුල කේන්ද්‍රගත වී ඇති පාරිභෝගික සේවා මධ්‍යස්ථාන දැන් දැන් පිලිපීනය දෙසට ගමන් කරන බවක් පෙනෙන්ට තියෙනවා. සමහර විට ඉන්දියාව අභිබවා යන්න තරම් පිලීපින ජාතිකයන් මේ වන විටත් සමත් වෙලා ඇති කියලා ‍හිතෙනවා. මොකද අති විශාල ආයතන සංඛ්‍යාවක් AT&T, JP Morgan Chase, Expedia වැනි ආයතන බොහෝමයක පාරිභෝගික සේවා මධ්‍යස්ථාන මේ වන විට පවතින්නේ පිලිපීනය තුලයි.



‍මම ලියුවට වඩා මෙම වාර්තාමය රූපසටහන රසවත් බව අවංකව කියන්න පුලුවන්.




තව විස්තර තියේනං කමෙන්කටුවකින් දක්වන්න.





6 comments:

  1. //අපි ඉන්දියාව ගැන හිතං ඉන්නේ නිකං ගෝත්‍රික ගොබ්බයන් විශාල ප්‍රමාණයක් ලංකට් එකක් ඇතුලේ බැහැල ඉන්න ගානට නේ//

    ඕක ලංකාවේ ඉන්න අයගේ සහ මැදපෙරදිග ගිහින් ඉන්දියන් කාරයෝ එක්ක වැඩ කරන අයගේ දකින්න තියන හැබැයි ඉන්දියාවේ ඉගෙන ගන්න හරි රස්සාවලට ගිය හරි අයගේ දකින්න නැති දෙයක් !

    ReplyDelete
  2. හරියට හරි බුවා තුමා. ඉන්දියාව ගැන අපේ තියෙන්නේ අසාමාන්‍ය කුහකකමක්. කාගෙන් උනත් හොද දෙයක් තියෙනං ගන්න ඕන. පි එහෙනං අයිපීඑල් වෙනුවට එස්එල්පීඑල් කරන්නේ.

    බුවා ගේ සිතුවිලි මා කියවනවා. ඉන්ටකෝ මගේ රෝලට දාන්නම්.

    ReplyDelete
  3. මසුරන් වටින කතාව.

    මටත් අර බුවා කියානවා වගෙ පේන්නේ මැද පෙරදිග හා ලිං කට අස්සේ ඉන්න මැඩියන්ගේ කතාවක් කියලා තමයි. මම දන්න ඉන්දියන් යාළුවෝ කිහිප දෙනෙක් එක්ක බැලුවම මටත් ඔය මුතු ඇටේ මිනිස්සු කියන කතාව තේරුම් ගන්න බෑ.
    අනික කිහිප දෙනෙක් කරන වැඩ නිසා ඉන්දියානු සමාජයම හෙලා දකින එකත් හරියට අර ලංකාවේ එකෙක් දෙන්නෙක් කරන වරදට අපි මුළු සංහතියටම බනිනවා වගේනෙ. (මා ජීවත් වන රටේ ලාංකිකයන්ට වඩා බොහෝ පිළිගැනීමක් ඉන්දියාණුවන්ට තියෙනවා.)

    ReplyDelete
  4. ස්තුතියි. අනේ මචෝ පොඩි අවුලක් නේ. කෙහොමද නම උචිඡාරණය කරන්නේ. සිංහලෙන් ලියල දාපංකෝ. මට කි‍යවෙන්නේම "ඉලමොන්ඩ ඩයි උන පොරගේ පස්ස" වගේ. ගොඩක් ස්තූතියි කියෙව්වට. ආයෙත් එන්ට ඕනැ හොදේ...

    ReplyDelete
  5. ඔය මචන් ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් එක එන්නේ එක පිරිසකගේ
    විතරයි.අනිත් අය perfect english වලින්.මගේ කෙල්ලත්
    හින්දි කෙනෙක් නිසා ඔය දේවල් ගැන දන්නවා..ඔතන ප්‍රශ්නේ
    මචන් එක පිරිසක් ඩුබායි වලටත් වඩා හැම දෙකින්ම සුපිරිම
    පහසුකම් විඳිද්දී අනික් පිරිස ජීවිතේට තමන් ඉපදුන මුඩුක්කුවෙන්
    එලියට ගිහින් නැහැ.

    ගොඩක් වෙලාවට අපි දකින්නේ එහෙටත් නැති මෙහෙටත් නැති
    මැද පිරිස හා පහල පිරිස විතරයි..

    ඔන්න ඕකයි වැරදි චිත්‍රයක් මැවෙන්නේ ....

    ReplyDelete
    Replies
    1. ඒවා හදන්න පුළුවන්. ඒක නේ කරන්නේ දැං මං කිව්වේ ප්‍රොනවුන්සේෂන්

      Delete