Friday, September 28, 2012

Cheerleaders

අපේ ලංකාවේ මේ දවස් තියෙන ක්‍රිකට් තරග වලට හදුන්වල දීල ‍තියෙන චියර්ලීඩර් සංකල්පය පිළිබදව බොහෝ දෙනෙක් කතා කරන්නේ අප්පිරියාවෙන්. ඒකේදි අර ස්ටේජි කෑල්ලක් උඩට වෙලා ලොවෙත් හොයාගන්න බැරි ජා‍තියේ කෙල්ල‍න් ටිකක් දාන සෙල්ලං ගැන බැලුවම ඇත්තටම දුක හිතෙනවා.


ඔය චියර්ලීඩර් සංකල්පය මුලින්ම හදුන්වල දීල තියෙන්නේ 1800 ගණන් වලදී ඇමරිකවේදියි. නමුත් දැනට තියෙන තත්ත්වයට වර්ධනය වූ සංකල්පය 1980 වගේ කාලය ඇතුලත තමයි ආරම්භ වෙන්නේ. චියර්ලීඩර් කිව්වට ඒගොල්ලන්ගේ මුලික අරමුණ වෙන්නේ යම් කිසි තරගයකදී ප්‍රේක්ෂයකයන් හා ක්‍රීඩකයන් අතර ක්‍රීඩාව පිළිබද උත්තේජනයක් ලබා දීමයි. ‍ඇමරිකාවේ සියළුම පාසල් වල වගේ මෙවැනි චියර්ලීඩර් කණ්ඩා‍යම් පුහුණු කරනවා. ඒකේදි ඔය අපි හිතන විදියට නැට්ටුවෝ ටිකක් නෙමෙයි හදන්නේ. ඇත්තටම චියර්ලීඩර් කණ්ඩායමක් පුහුණු කරනවා කියන්නේ යම් කිසි ක්‍රීඩාවක් පුහුණු කරන ආකාර‍යේ දුෂ්කර ක්‍රියාවක්. ඒකේදි එක් එක් ක්‍රීඩා පුහුණු කරනවා. ජිම්නාස්ටික් පුහුණු කරනවා. ඒ වගේම කණ්ඩායමක් වශයෙන් කටයුතු කරන ආකාරය වගේම උසස් මට්ටමේ චියර්ලීඩර් දර්ශනයක් පැවැත්වීමට අව්‍ශ්‍ය සියළු දේ ක්‍රමාණුකූලව පුහුණු කරනවා. 

මේ වන කොට චියර්ලීඩර් කියන්නේ ඇත්තටම ස්ටන්ට් කරන අය. ප්‍රේක්ෂකයා මවිත වන ආකා‍රයෙන් එකිනෙකාට නොදෙවෙනි සංදර්ශන පැවැත්වීම තමයි එකම අරමුණ. දැන් ඇමරිකවේ පාසල් මට්මමේ චියර්ලීඩර් කණ්ඩායම් පවා ශාංගාරාත්මක නර්තන විලාසයන් ඉදිරිපත් කරනවා. ඇමරිකා‍නු ජාතික පැසි පන්දු තරගාවලියෙදි තමා හොද හොද ඇස් දෙක වහන්නේ නැතිව බලන්න පුළුවන් චියර් ලීඩර්ස් ල වැඩ දාන‍්නේ. මේ වන විට ඇමරිකා‍ව ඇරුනම අනෙක් සියළුම යුරෝපීය රටවල්, ඔස්ට්‍රේලියාව, ජපානය ආදි රටවල් වලත් බෙහෝ ක්‍රීඩා තරග වලදි චියර් ලීඩර්ල වැඩ දානවා.

ලංකාවේ චියර්ලීඩර්ලට වැඩ දාන්න බැරි ඇත්තටම එහෙම සංස්කෘතියක් හෝ ක්‍රමවේදයක් අපට නැති නිසයි. ඒක නිසා තමයි මේ වගේ දෙකයි පනහේ ගොං වැඩ කරන්න හිතන්නේ. තමන්ට ගැලපෙන ක්‍රමයක් තෝරාගත්තනං ඕක වෙන්නේ නෑ. ඇත්තටම අපිට ආවේණික කොස්ටියුම් අනන්තවත් තියෙද්දි මේ වගේ ගොං වැඩ කරන එක දිහා බලං ඉන්න බෑ. අපිට ලංස්න කෙල්ලන් ඕන නෑ. පොඩි මඩුවක් හදලා ඒකේ හොද රූකඩ නැටුමක් පෙන්නුවනං අන්න අපිට අපේය ‍කියල සංකල්පයක් හදාගන්න තිබ්බ. මේ වගේ ඕන තරං ක්‍රම තියෙනවා. මොළ කට්ටක් නැති පාලකයෝ ඉන්න රටක ඕව මොනවද නේද? හැබැයි එකම දුක වෘත්තිය චියර්ලීඩර්ල දැකල තියෙන ලොව පුර ප්‍රෙක්ෂකයන් ට බලන්න විහිළුවක් අපිම සැපයීම තමයි.

විකීපීඩියා පිටුව
චියර් ලීඩර් ල ඉන්න තරම
මරු වීඩියෝ එකක්


12 comments:

  1. සහතික ඇත්ත. අපේ චියර්ලීඩර්ල නං අජූවයි තමයි. ඔබ කියනව වගේ ඇමරිකාවෙ චියර්ලීඩර්ස්ලා පුහුණුවෙන්න සිදුවෙනව ක්‍රීඩකයන් තරමටම. අයිපීඑල් එකේ වගේ රටින් ගෙන්නන්නෙ නැතුව අපේ එවුන් ලෝකෙට විහිළු සපයනව.

    ReplyDelete
    Replies
    1. මේකනේ රාජ් ඔය කරන්නේ ලංකාවට කියල ඉතුරු වෙලා තියෙන් කාඩ් එකේ පුංචි කෑල්ලත් නැති කරල දානවා. මගේ යාළුවෙක් ඉන්නව කැනබරා වලා ඒකා මට කියනවා මේ ‍ගොබ්බයො අඩුම ගානේ අයිපීඑල් වත් බලල නැතෙයි කියලා

      Delete
  2. මින් පසු සුද්දන්ට දහ අට සන්නිය, නාග රාක්ෂ මහසෝන් සමයම වැනි නැටුම් ඉදිරිපත් කිරීමේදී වෙස් මුහුණු හා බොරු කොන්ඩා අවශ්‍ය වන්නේ නැත. පෝලියෝ උවදිරින් ඔබේ දරුවා බේරා ගන්න කියන පනිවිඩේද දන්නේ නෑ මේකෙන් දෙන්නේ. කොහෙන්ද බන් ඒ යක්කු හොයාගත්තේ. පොඩ්ඩ්ක් ඒ ගැනත් ලිව්වනම්. අපේ ගෑනී මාව මරන් කන්න හදනවා කට වහගෙන මැච් එක බලනවා ඕයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ අ‍පේ චියර්ලීඩර් කාලි නංගිලා ගැනද? අයියෝ නෝනට කියන්න එහෙම වෙලාවට කොහාට හරි ගිහිං ඉන්න කියලා. මාතලන්ගෙන් කට වැඩ කරනව වැඩියි මයේ හිතේ

      Delete
  3. මැච් බලන ඒක එපා වෙනවා අප්පා මුන්ව දැක්කම ...

    ReplyDelete
    Replies
    1. අම්මප මමත් බලං ඉන්නේ අයිපීඑල් පටන් ගන්නකං. මේ වේචිචි හිත් අමාරුව ටිකක් අඩුකරගන්නවත්. අර සුදු ගැල්ලමයි ටික බලලා. මේ කෙල්ලෝ නිකං පුචිචපු පොල් කෑලි වගේනේ රොබියෝ..

      Delete
  4. අනේ සිරියා‍වේ ‍බෑ ඒ කෙල්ල‍න්ගේ මූණු පොජ්‍ජවල් ටික දැක්කම. සුද්දියෝ කැලේ මේ කෝටු කෑලි නටන කො‍ට

    ReplyDelete
  5. තව ටික දවසයි නේ. ඔන්න බලා ඉන්ටකෝ.

    ReplyDelete
  6. මාරු පොස්ටුව මෙයා. කියල වැඩක් නැහැ. මම මේ කියම්දෝ නොකියම්දෝ කියා කියා හිත හිත උන්නු දෙයක් ඔයා කියල දාල එල එල ජය වේවා! ඔය ලංකාවේ චියර් ලීඩර්ලගේ නැටුම වඩාත් සම වෙන්නේ රිලා නැටුමකට

    ReplyDelete
  7. ගියදේ ගියාවේ මෙයා. ඔන්ට දැං බලන්ටකෝ සීඑල්ටී20 වල වල් අස්පයෝ වගේ නටන හැටි. ඇස් දෙක පිං කෙරුවා මදිද මන්දා. කෝරලේ මහත්තයෝ මටත් වලව්වට එන්ට බැරිඋනා පඩුරු පාඩුක්කං අරගෙන. ළගදීම එන්ටං ආයිබෝවන්ඩ

    ReplyDelete
  8. lol aparade man dakke nah me seen tika..

    ReplyDelete
    Replies
    1. දැං ඉතිං වැඩක් නෑ බං..

      Delete