Monday, August 20, 2012

ලංකාව වටේ ට්‍රිප් එකක් යන්න (Sri Lankan Trips)

ට්‍රිප් එකක් යනකොට විස්තර දැනගන්න විදියක් නැද්ද?

අපි හුගක් වෙලාවට ට්‍රිප් එකක් යන්න හිතුවට යන්න වෙන්නෙ නෑ නේද?

ඒකට හේතු ගොඩාක් තියෙනවා. අපේ කාල සටහන හරස්වීම, නිසි පරිදි සංවිධානය කරගැනීමට නොහැකි වීම, ට්‍රිප් එ‍කේදි බලන්න ඕන දේවල් හරිය‍ට පෙලගස්වා ගන්න නොහැකිවීම ආදි හේතු. (සල්ලි මදියි කියල නං කියන්න එපා)

මම එක පාරක් උඩවලවෙ ට්‍රිප් එකක් යන්න හිතල ඒකට තොරතුරු යාලුවන්ගෙන් එකතු කරත්තම වැඩේ මංඡං වෙලා ඒක බ්‍රේක් උනා. පස්සේ මං කරපු වැඩේ අන්තර්ජාලයට ඔලුව දාලා විස්තර ඩිංගක් හොයාගන්න බලපු එක. ඒ වෙලාවේ කොච්චර විස්තර තිබුනත් මෙන්න මේ සුපර් සයි‍ට් එකෙන් ඇති තරං විස්තර දැනගන්න පුලුවන් උනා. තව ඕනෙනං මට ඕන දේවල් ගැන ලියල තිවුවම ඒකේ අයියලා ඇති පදමට විස්තර දෙන්න බැදිල ඉන්නවා.

ඔන්න ඔයාලටත් ඉඩ තියෙනවනම් ගිහිල්ලම බලන්න. නියම තැත.

http://trips.lakdasun.org/

ලක්දසුන් පිරිවරට තව තවත් ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

6 comments:

  1. sirawatama patta site eka..
    machan meke logo eka hotlink karala
    ube blog eke ellapan..
    nathnam me wadagath de dakinne naha..
    hoyan bona aya nahane , hoyala pewwoth misa...

    ReplyDelete
    Replies
    1. ඇත්තට බං මේක නියම ෆෝරම් එකක්. එල්ලන්න හිතෙනවා තමා පැත්තකින්

      Delete
  2. හැක්.. හැක්..
    අනේ උඹ යන උඩවලව හිටං.

    ReplyDelete
    Replies
    1. උඹටත් උත්තර දීල නැතිය කියල දැං දැක්කේ. සෙද්ද.. හැක්

      Delete
  3. මේ සයිට් එක දැන් වැඩිය අප්ඩේට් වෙන්නේ නැහැ නේද ? අපරාදෙ මාත් මේකෙන් විස්තර අරගෙන සඳ තැන්න, කන්නෙළිය, ෆිෂින් හට්ස් වගේ කිහිපපොලකටම ගියා.

    ReplyDelete
    Replies
    1. මේ සයිට් එකේ අය අතර මොකක් හරි පොඩි අවුලක් ඇති වෙලා තිබුනා. මං ළගදි ඒ කියන්නේ මාස දෙක තුනකින් නං සයිට එකට ගියේ නෑ. ලක්දසුන් සාමාන්‍යෙයන් අප්ඩේට් වන, ෆෝරම් එක රන් වෙන තැනක්. හරියටම බලල කියන්නං කණ්ඩා

      Delete