Monday, August 20, 2012

Joe Vitale

ආචාර්ය ජෝ වයිටාලේ,



ඇමෙරිකාවේ ඉපිද දැඩි කරදර වලින් ගහන වූ ජිවිතයක් ගත කල (කන්න නැති වූ කලි හොරෙන් කෑම පවා කෑ) ජෝ වයිටාලේ විසින් ප්‍රමුද්දීපනය (inspire) යොදා ගනිමින් තම ජීවිතය ජය ගත් හැටි හා ඒ පිළිබදව ලෝකවාසි ජනතාව ධනාත්මක ලෙස හිතන්තට හා ක්‍රියාත්මක වීම සදහා අවශ්‍ය උපදෙස් හා දේශන පවත්වමින් විශ්වීය ශක්තිය පිළිබද නව නිර්ණායකයන් ඉදිරිපත් කරමින් කටයුතු කරන සුපිරි පුද්ගලයෙකි. අවාසනාවකට මෙම දේශන පිළිබද ලාංකීය සමාජය තුල කතිකාවතක් ඇති නොවීමට ප්‍රධානතම හේතුව මෙම දේශන සම්පූර්ණයෙන්ම ඉංග්‍රිසි බසින් යුක්ත වීමයි. ලංකාවේ සිටින මහා ප්‍රාඥයන් බව පවසන කිසිදු ආචාර්ය මහාචාර්ය විද්වතෙකු මෙම ‍ක්ෂේත්‍රය ආවරණය කිරීමට අඩු තරමේ හෝ ලංසුවක් තබා නොමැති වීම මතම ඉතා දියුණු වූත් සිත්ගන්නා සුලු වූත් විෂයයක් සමා‍ජයෙන් ඈත් කර තබා ඇත.

ඇමරිකානු ජනතාවගේ ක්‍රියාකලාපයන් හා ඔවුන් ගැටලුවකදී ක්‍රියාකරනු ලබන විශිෂ්ඨ ආකාරයන් සදහා වූ මුලික අඩිතාලම වැටී ඇත්තේ මෙවැන් ධනාත්මක කරුණු පදනම් කර ගෙනය.

ජෝ වයි‍ටාලේ සම්බන්ධ වීඩියෝ සදහා පහත ලින්කනයන් භාවිත කරන්න.

http://www.youtube.com/watch?v=SlEeZdzfPmw

http://www.youtube.com/watch?v=iI7RIH7iGkc

මොහුගේ එක් දේශකයක් හෝ සිංහලට පරිවර්තනය කිරීමට කටයුතු කරන්නෙමි.


4 comments:

  1. මාතලන්ගේ සටහනේ ප්‍රතිචාරයට සබැඳිය දාලා තියෙනවා දැකලා මේක හොයාගත්ත.

    මගේ තාත්තා ධනාත්මක චින්තනයෙන් ජීවිතය ජයගන්න ලංකාවේ මිනිස්සුන්ට සිංහලෙන් කියලා දුන්නෙ 1975 විතර සිට. 2002 මැරෙන තෙක් එයා වෙහෙසුනේ එය කියා දෙන්නට. නම සුමනදාස සමරසිංහ. එයින් inspire වෙච්ච අය අතරේ වෙන්ඩෝල් අයිති ගිහාන් ගොඩකන්ද, සුමේද උඩවත්තගේ, බ්ලොග් ලියපු කුමුදු පින්තු, ලතා වල්පොල, මහාචාර්ය වී. කේ. සමරනායක ගේ භාර්යාව යනාදීන් ඇතුළු අනේක සංඛ්‍යාවක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සපිරෝ සහෝදරිය,
      ඔබ ලියන ලද ලිපි වලින් මා ඒ ඔබගේ පියා බව දැන සිටියෙමි. ඔබගේ තාත්තා ලංකාවටම ආභාරණයක් උනා. මමත් එතුමාගේ ලේඛණ කිහිපයක්ම පරිශිලනය කර තිබෙනවා. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරනවානම් එය අධ්‍යාපනය නම් ගොඩනැගිල්ලේ අත්තිවාරම් පවා ගලවා දැමිය යුතු ශෝකාලාපයක් වේවි. එහෙත් ලංකාවේ මිනිසුන්ගේ චින්තනය වෙනස් කරන්ට නම් අත්තිවාරමත් ගලවා ගැවී ඇති පස් තට්ටුවේ පටන් ඉවත් කර අළුතින්ම ඇරඹිය යුතුය. ඔබගේ දිගු ලිපි ඉතා හරවත් ඒ වගේම ඒවායින් ලබාදෙන දැනුම පිළිබදව ස්තුතියි. දේශකයාගේ නවාතැනට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමි. එය මට ගෞරවයකි සහෝදරිය.

      Delete

  2. මන් පස්සේ එන්නම් දේශක.මේ ගැන
    කතා කරන්න ගොඩක් දේ තියෙනවා.
    ඒ වගේම අරුණි එක්කත් මොකද.මන් ඔය දේ
    පිළිගන්නේ නැහැ.( එදිනෙදා අපි මූඩ් ගහල ඉද්දි
    හිතවතෙක් ඇවිත් හිත සැනසීමට වචනයක් කීමක්
    වගේ දෙයක් ඇර ..)

    පසුව එන්නම් ...

    ReplyDelete
    Replies
    1. හා හා වරෙන් මැරෙන්න කලින්.. හැක්.. හැක්..

      Delete