Friday, December 22, 2017

සුභ උපන්දිනයක් රාමනුජාන්!! (130th Birth Anniversary of Srinivasa Ramanujan)

ලෝකයේ සිටි ගණිතඥයක් අතරින් විශිෂ්ටතමයා ලෙස සැලකෙන්නේ ආකිමිඩීස් ය. ඔව් යුරේකා යුරේකා යුරේකා තමා. තරල විස්තාපනය සම්බන්ධව එහෙම නැත්නං මොකක හරි ගිලිල තියෙන වස්තුවක් ඒකේ බරට සමාන තරල ප්‍රමාණයක් විස්තාපනය කරනවය කියන නියමය හොයාගත්තේ මෙතුමා තමා. ඒ වගේම අයිසැක් නිව්ටන්, ලියොනාඩ් ඉයුලර් වගේ ගණිතඥයන් කවදත් විශිෂ්ට පුද්ගලයන් ලෙස සැලකෙනවා. ග්‍රැවිටි එහෙම නැත්නං ගුරුත්වය සම්බන්ධව, චලනය සම්බන්ධව නියමයන් සොයා ගත් නිව්ටන් මහත්තයත්, ඝණ වස්තුවක ශිර්ෂ, දාර හා මුහුණත් අතර සම්බන්ධය පිළිබඳ සමීකරණයක් සොයාගත්ත ඉයුලර් මහත්තයත් තමා අපේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කරේ. තව තියෙනවා ඔය අවකලනය, අනුකලනය හොයාගත්ත එකා අහු උනොත් නං අම්මප උල තියනවා. හැක්.

මේ සියළු ගණිතඥයන් අතරේ විධිමත් ගණිත අධ්‍යාපනයක් නොලද එහෙත් විශිෂ්ටතම පරිකල්පන හා ගණිතමය දැනුමකින් සන්නද්ධ පුංචි පුද්ගලයෙක් අපේ අල්ලපු රටේ ජීවත් උනා බෝම කාලෙකට කලින්. ස්වයං දැනුමෙත් පෝෂිතව ඉතාම කුඩා කාලයේදී පවා බරපතල ගණිත ගැටළු විසදූ මේ පුද්ගලයා පසුකාලීනව ඉදිරිපත් කරපු සමහර ගණිත සමීකරණ තවමත් විසඳා අවසන් නැහැ. ගණිතමය ක්‍රමයකින් ඔප්පු නොකරන ලද ඔහුගේ සමීකරණ විසදීම, ඔප්පු කිරීම අනාගත ගණිතඥයන්ට ඉතුරු කර තැබීම ඒ අයගේ වැඩ වැඩි කිරීමකි. ඔහුගේ එක් සමිකරණයක් විශ්වයේ ඇති කළුකුහර පිළිබඳව අධ්‍යනයට යොදා ගත හැකි බව ඔප්පු කර පෙන්වා ඇත්තේ 2012 වර්ෂයේදීයි.

ලෝක යුද්ධය පැවති කාලයේ ජීවත් වූ මේ මිනිසා ජීවත් වූයේ ගණිතය සඳහාමය. ලෝකයට ඔහුගෙන් බොහෝ දේ ලැබෙන්නට, ගණිතයට අපරිමේය වූ සේවයක් කිරීමට ඔහුට තිබූ හැකියාව අවාසනාවත්ත ලෙස වසර තිස් දෙකක් වෙද්දී නිමා කොට යන්නට සිදු වීම ඇත්තෙන්ම ශෝකජනකය. 

1920 අප්‍රේල් 20 වැනි දින ඉන්දියාවේ මදුරාසියේදී අකාලයේ සමුගත් අප විද්වතා ඉපදුනේ 1887 අද වැනි දිනකය. එනම් දෙසැම්බර් 22 වැනිදාය. වර්ෂ 2012 දී ඉන්දියානු ජාතික ගණිත දිනය දෙසැම්බර් 22 වැනිදා ලෙස අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං විසින් නම් කරනු ලැබූවේ මෙම විද්වතාට ගෞරවයක් වශයෙනි.



ශ්‍රීනිවාසා රාමනුජන් ඔබගේ 130 වැනි උපන්දිනය අපට තවම මතකය. 

පලි - රාමනුජාන් ගේ ජීවිතය අලලා තිරගත වූ The man who new Infinity චිත්‍රපටය අලලා කොළඹ ගමයා විසින් 2016 දී ලියනු ලැබූ පෝස්ටුව හරහා ඔහු පිළීබඳ වැඩි විස්තර දැන ගත හැකිය. 

පපලි - අර බුකිය කලඹන දමිත් කේතක මහත්තයා දවසක් කිව්වා මතකයි රාමනුජන් ගැන ලියනවා කියලා. එහෙම ලියපු ඒවා තියේනං පිංවතෙක් ඒකේ ලින්ක් එක මෙතන එල්ලන්න. නැත්නං උන්නැහේව දැනුවත් කරන්න පොරොන්දුව ඉටු කරන්න කියලා.

33 comments:

  1. Replies
    1. මං හිතුවෙ මේ අපේ ඉන්ද්‍රනීල රාම දාස කියල. හැක්..
      මොනව උනත් රාමනුජන් අංකල්ට සුබ උපන්දිනයක්.

      Delete
    2. ඉන්ද්‍රකීල අංකල් අහවල් අයියත් එක්ක සෙට් වෙලාද දැං?

      Delete
  2. එතකොට නලින් ද සිල්වා ?

    ReplyDelete
  3. https://en.wikipedia.org/wiki/Ramanujan_(film)

    ReplyDelete
  4. http://www.thehindu.com/todays-paper/tp-national/unveiling-the-mystique-of-ramanujan/article5242685.ece

    ReplyDelete
    Replies
    1. රාජසේකරන් එහෙම කිව්වට එංගල්තෙට ගියාමත් රාමනුජන්ව ගණන් ගත්තේ නෑ. ඒකනේ පළවෙනි පාර හාඩි දාපු ෆෙලෝෂිප් එක ඡන්දෙන් පරාද උනේ. යන්තං පාටිෂන් සමීකරණය ගොඩ ගිය නිසා රාමනුජාන් දිනුව පස්සේ.. තැන්ක්ස් ප්‍රා. මම මේ ලිපිය බලල තිබුනේ නෑ..

      Delete
  5. ඔහුට සුභ උපන් දිනයක්.. නිසි ගණිත අධ්‍යාපනයක් නොලද කෙනෙක් ඒ වගේ බැරෑරුම් ගණිතමය සංකල්ප ඉදිරිපත් කරනවා කියුවම මටනම් නිකම් කොයිල් වගේ.. මොලේ අනුකලනය වෙලා ඔලුව අවකලනය වෙලා යනවා.. :)

    ReplyDelete
    Replies
    1. නාමගිරි කියන දෙවඟන විසින් මේ ගණිත දැනුම රාමනුජාන්ට දුන්නා කියලයි එයා කියන්නේ.. මේ සමීකරණ බොහොමයක් තවමත් ගණිතය හදාරණ උපාධි අපේක්ෂකයන්ටත් තේරුම් ගන්න බැරි ඒවා කමී..

      Delete
    2. ගංගා සුදර්ශනී නෙමේ ද?

      Delete
    3. ගංගා චා... එයාට බෑ තරග දිනවන්න.. හැක්

      Delete
  6. ඔබ ඇතිකරපු කුතුහලය නිසා ඔහු ගැන කියෙව්වා. හිතාගන්න බැරි හැකියාවක් තිබ්බ කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකමයි මට ඕන උනේ ඉයන්.. ස්තුතියි..

      Delete
  7. මෙතුමා කුඩා කල සිටම පෝෂ්‍යදායී හරක් මස් එක්ක බත් කෑවා. ඒකයි මේ වගේ විස්කම් වැඩ කලේ.

    ඔබලාත් පිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි? රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? ඔබේ දරුවනුත් මේ වගේ දක්ෂයන් කරන්න ආසයි නේද. එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.

    උදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.

    ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස්‌ එකට.

    ඊට පස්සේ ඔපිස්‌ එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.

    පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?

    ReplyDelete
    Replies
    1. මරේ මරු පුතා. මං දෙපාරක් කියෙව්ව රහටම.. ස්තුතියි

      රාමනුජන් වෙජිටේරියන්

      Delete
    2. තව එකක්. රාමනුජන් ගේ ක්ෂය රෝගය වැඩි වීමට එංගලන්ත දේශගුණයත් කෑමත් බලපෑවා..

      Delete
    3. අපේ පැත්තේ එකෙක් හරක් මස් කාලා මලා... හෙහ්...

      Delete
    4. මේ උපදෙස් පිළිපැදලද??

      Delete
  8. ලොව අගනා මිනිසුන් පිලිබඳ දැනුම බෙදාදෙන ඔබට අපගේ උත්තමාචාරය
    විචාරක දියණිය

    ReplyDelete
  9. පයිතගරස් අමතක උනයි? ඔව් විස්වකාර්ම මනුස්සයෙක් තමා නේද. මට හිතෙන්නේ ඔය විසඳන්න බැරි සමීකරණ එහෙම එතුමා නිකන් කටු කොළ වල ලියපුවා. එයාට එවා සුළු දේවල් වෙන්නැති

    ReplyDelete
    Replies
    1. පයිත අමතක උනා නේන්නං.. ස්තුතියි

      Delete
  10. මෙයාද අර තමන්ගේ උපන් දිනේ යොදාගෙන කෙ⁣ායි අතට එකතු කලත් එක උත්තරයක් එන කොටුවක් හැදුවේ ?

    ReplyDelete
    Replies
    1. මං දන්න තරමින් එච්චර සරල සමීකරණ රාමනුජන් ලිව්වෙ නෑ

      Delete
    2. එයා තමා ඒක කරලා තියෙන්නේ...ඒක ගංගා මෑණියෝ කියලා දීපු එකක් නෙමේ වෙන්න ඇති එහෙනම්...

      Delete
  11. දේශක තුමනි ඔබට අමතක වෙලා රාමානුජන් ගේ දියුණුවේ රහස එලි කරන්ඩ. ඔය සංකීර්ණ ගණිත සමීකරණ වලින් ඔහු හොයා ගත්තා අනාගතයට යා හැකි කාළ යන්ත්‍රයක්. වර්ගපූර්නිකාව අපිට කියල දෙන ආචාර්ය මීවනපලානේ ජයරත්න මැතිදුන් ගෙන් ඇහුවනම් කියාවි රාවණ ගේ රහස් මන්ත්‍ර හොරකං කරපු මලයාලින් මේ රාමානුජම් ආශ්‍රය කරපු බව. බලන්ඩකෝ ඔහුගේ නම- රාමා නුජම්!! පේනවනේ ඔහු රාමාට දක්වන සම්බන්ධය!!!. ඉතින් මේ ටයිම් මැෂින් එකෙන් ඔහු ආවා ලංකාවට. වසර 2010 ට. ඔහු ඉගෙන ගත්තා ෆෙං ෂුයි ක්‍රමයෙන් දියුණු වෙන හැටි. දන්නවනේ කාගෙන්ද අහ ගත්තේ කියලා. ගිනිකොණ බලාගෙන කාලා දකුණ බලාගෙන ලැට් එකට ගියාම ගණිත සිතුවිලි පහල වෙනවා සිං සිං ගාලා. ඊගාවට ඔහු මෙහෙ ඔස්තාද්ලා ගෙන් අහගෙන හිටපු ගෙදර වාස්තු දෝෂ අයින් කර ගත්තා. දැන් කීර්තිය එනවා නිකං නුවර එළියේ හුලං වගේ!!!! ඊ ගාවට මිනිස්සු හම්බෙන කොට මිරිකා මිරිකා ඉන්ඩ මෙව්වා එකක් හදා ගත්තා මෙහෙ කට්ටඩින්ට කියලා. චන්ද්‍රසිරි බණ්ඩාරයි රජ්ජුරුවන්ගේ නැකැත්තයි තමයි ටක්කෙට හරියන නැකත් හදල දුන්නේ ගණන් පොත් ලියන්ඩ. මෙහෙම දියුණු වෙලා ඔහු ආපහු ආවා 2015 ට. ගංගා මෑණියන්ව හම්බු වෙන්ඩ. ඒ ආපු පාර ඩෙංගු හැදිලා තමයි සොරි උනේ. මැරෙනකොටත් ඔහු ළඟ වාලම්පූරියක් තිබ්බා ලංකාවේ අර මහාචාර්ය වරයාගෙන් ගත්තු. නැත්තං ඔහු මැරෙන්නේ ඉපදෙච්චි ගමන් කියලයි ඉන්දික තොටවත්ත කිව්වේ. දැන් තේරෙනවා නේද රාමානුජම් ගේ හැකියාවේ රහස. අනික එහෙම හැකියාවක් ලබා ගන්ඩ තාම පුළුවන් ඕන කෙනෙකුට. කරන්ඩ තියෙන්නේ ඉස්කෝලේ නොගිහිං ඔය මං කියපු උත්තමයෝ ගාවට ගිහිල්ලා ඒ අය කියන විදිහට කරන එක!!!!

    ReplyDelete
    Replies
    1. කට්ටාකඩුවේ ලොකු මල්ලී.. ඔයා නේද ජයරත්න කියන්නේ.. හැක්..

      ස්තුතියි කට්ටා

      Delete
  12. // අවකලනය, අනුකලනය හොයාගත්ත එකා අහු උනොත් නං අම්මප උල තියනවා. //

    උල තියල මදි බොලව්, ඕකුන්ව හතර වාහල් කරලා

    @$#@^%%$@$ $&^$&^^ &^$ &^$^ *&*%%. *(&^( *%&^%#$%@$#@$#! @$#!$@#!$ !$#!$#!$#
    #$& %@$% $^@$%@$ #^@% #@ව$$%$ @%$#$%#$% ^$@$%@^ $@%@^%^%%# ^%^%^%%^^% කරන්න ඕන !


    නිව්ටන් නම් කමක් නෑ π N(2/3)la වගේ බරපතල සමීකරණ කියක් නම් ඉදිරිපත් කරලා තියනවද ?

    ReplyDelete
  13. උඹටත් අවකලනයා මොකක් හරි කරල වගෙයි. හැක්.

    ඔය වගේ සමීකරණ ගැන බ්ලොග් පෝස්ට් එකක කතා කරා මතකයි කොහේද කියලයි අවුල..

    ReplyDelete