Monday, August 28, 2017

ගල් - බෝතල් ආදරෙන්!! (Shit happens)

අද ලංකාදීප පත්තරේ අපේ ජනාධිපති උන්නැහේ හොද ප්‍රකාශයක් කරල තියෙන ආකාරය මම දැක්කා. උන්නැහේ කෝමත් කතාවට දක්ෂයි වගේම පොදු මෝඩකමට එරෙහි ප්‍රකාශ නිකුත් කරන ආකාරයත් මේ කාලය තුල මම දැකල තියේ.

2017.08.28 දින ලංකාදීප

අපි හිතනවා අවුරුදු දෙදාස් පන්සීයක් එහෙම නැත්නං ඊටත් කලින් ඉදල අපිට උරුම වෙලා තිබුන ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ගැන. හැබැයි කිව්වත් වගේ කටින් බතල කොළ හිටවන ඒ අන්දකයිප්පු කතා වල දැන්නං කිසිම තේරුමක් නෑ කියල තේරුං ගන්න අල්පයක් පමණක ප්‍රමාණයක් ලංකාවේ ජීවත් උනාට බහුතරයක් තාමත් රාවණාගේ, එහෙම නැත්නං කුවේණිගේ එහෙමත් නැත්නං දුටුගැමුණුගේ රෙද්දේ එල්ලිලා විකාර කතා කියන අය විතරයි. ඇත්ත අපිට බොහෝ කාලයකට පෙර ලෝකේ බහුතරයක් ජාතීන්ට, රාජ්‍යයන්ට නොමැති තරම් දියුණු ලක්ෂණ තිබුන බව අවංකවම කියන්න පුළුවන්.

පරාක්‍රමබාහු/පුලස්ථි සෘෂි පිළිමය

ඒක කියන කොට ගිය සතියේ දිවයින බදාදා අතිරේකයේ ගියපු ලිපියක් ගැනත් මතක් උනා. ඒ ලිපියට පාදක වෙලා තිබුනේ පනාකඩුව තඹ සන්නස සහ පොත්ගුල් විහාර පරිශ්‍රය තුල රදවා ඇති, ගස්ලබු කෑල්ලක් අල්ලන් ඉන්න ගල් පිළිමය ගැන කතාවක්. ඔය පිළිමය කාගේද කියල තාමත් හරියටම නිච්චියක් නැති එකේ මේ මනුස්සයා අලුත් සමීකරණයක් හදල තියෙනවා. ඔය තඹ සන්නස, සිත්තරු බිම් බුදල්නාවන්ට කෘතගුණ සැලකීමට පළවැනි විජයබා රජු විසින් ප්‍රදානය කරන ලද රාජකීය වරප්‍රසාද පිළිබඳවත්, කීර්ති කුමාරයා (පළමු වැනි විජයබා) සතුරන්ගෙන් බේරීමට සැගවී සිටියදී බුදල්නාවන් කරපු උපකාරත් බෝම ලස්සනට ලියා තිබෙන තඹ සන්නසක්. ඉතිං ඔය තඹ සන්නසේම තියෙනවා එකල රාජකීය සංකේතය වන වීයගහ අත දරාගෙන මේ වරප්‍රසාද දුන් බව. වීයගහ දරාගෙන රජකෛනෙක් යම් දෙයක් දුන්නා කියන්නේ අම්මේ මුත්තේ කිව්වත් ඒකනං වෙනස් වෙන්නේ නෑ කියන එකයි. දැං කාලේ ඔය හැම බූරු තිප්පළකම සෙංකෝල කියල එකක් තියෙන්නේ. මොලෝ රහක් නැති උනත් ඕක නැතිව රටක් පාලනය කරන්න බැරිය කියල නේ අපි හිතන්නේ. අන්න ඒ වගේ. ඉතිං මේ ලේඛකයා ඒ ලිපියෙන් ඔප්පු කරන්න හදන්නේ අර පරාක්‍රමබාහු මහ රජ්ජුරුවන්ගේය, එහෙම නැත්නං පුලස්ථි මහත්තයගේය කියන පිළිමය වෙන කාගෙවත් නෙමේය, ඒක මහ විජයබා රජ්ජුරුවන්ගේය කියලයි. ඉතිං ඕකට තියෙන නියම, ටක්කෙටම ගැලපෙන සාක්ෂිය තමා පනාකඩුව තඹ සන්නස. මොකද ඒකේ පැහැදිලිවම කියල තියෙනවා වීයගහ අත දරාගෙන මේ ප්‍රදානයන් සිදු කරපු බව. ඉතිං මේ වෙනකං ලංකාවේ වෙන කොහෙන්වත් වියගහක් දරාගෙන නියෝගයක් කරපු රජ කෙනෙක්ගේ සන්නසක් හමු වෙලා නැති නිසා අර ඉන්නේ වියගහ අතින් දරාගෙන පනාකඩුව තඹ සන්නස මගින් බුදල්නාවන්ට රාජකීය වරප්‍රසාද ප්‍රදානය කරපු අවස්ථාවය, ඒක ඉත්තේරුවටම හරිය කියලයි ඔය ලේඛකයා ඔප්පු කරන්න හදන්නෙ. 

පනාකඩුව තඹ සන්නස

මට නං ඒක ඇහුවම දැං කාලේ මිරැන්ඩෝ ඔබේසේකරලා, නලින් ද සිල්වල කරන විනෝද සමයන් මතක් උනා. හරි අපි කියමු ඕක විජයාබාගේ පිළිමයමයි කියලා. නමුත් මොන විදියෙන්ද ඒක ඔප්පු කරන්නේ, ඒ කියන්නේ දැනට වියගහ දරාගෙන හිිටියාය කියා සඳහන්ව, හමු වෙලා තියෙන එකම තඹ සන්නස, පනාකඩුවේ එක උනාට තව පොළවෙන් ගොඩගත යුතු අතීතය කොපමණද කියා හිතළුවක් තරම් වත් නොහිතන මේ වගේ ලියුම්කරුවන්ගෙයි, රටේ තිබුන ශ්‍රේෂ්ඨ ඉතිහාසය නිසා අපි තාම ශ්‍රේෂ්ඨ ජාතියක් යැයි කියන අයගෙයි, රාවණා ලබන මාසේ නැගිටිනවය කියන අයගෙයි, දෙයියන්ගෙන් එස්එම්එස් ලැබෙන අයගෙයි අතර කිසිම වෙනසක් නැතිය කියල තමා කියන්න තියෙන්නේ.

ඔය මඟුලේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය මට මතක් උනේ ඊයේ කිරිකට් මැච් එකට බෝතල් පත්තර විසික් කරපු පඩත්තර ප්‍රේක්ෂකයින් හා ඒ සම්බන්ධව සංවේදී වී ක්‍රිකට් පිටිය මැද කරකියා ගන්න දෙයක් නැතිව බලාහිටිය සිරි ලංකා ක්‍රිකට් කණ්ඩායමයි දැක්කම.

එකක් කියන්නද, දින්නනයි පරදින්නයි කියල දෙකක් තියාගෙන තමා අපි ක්‍රීඩාව කරන්නේ. ඔය ශ්‍රේෂ්ඨ ජාතියේ ප්‍රේක්ෂකයින් සමාර විට දිනන්නම බලන් ඉන්න ම්ලේච්ඡයන් වෙන්න ඇති. කෝම උනත් ජාතියක් විදියට අපි කවදාවත් මේවා අත් විදල නැතෙය කියල රසල් ආර්නෝල්ඩ් මහත්තයා පිළිකුලින් යුතුව ට්වීටර් පණිවිඩයක් නිකුත් කරල තියෙනවත් දැක්කා. අන්තිමට අපි ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ශ්‍රේෂ්ඨ විදියට නෝන්ඩි උනා ලෝකයක් ඉස්සරහා. විලි ලැජ්ජයි යකුනේ. දිනුම පැරදුමක් භාර ගන්න බැරි නං, කොල්ලන්ගේ මොරාල් කඩල දාන්න උත්තාහ කරන පාපතරයන් කිහිප දෙනෙකුගේ ගුලි නොකා දෙයියනේ කියල ගෙදරට වෙලා ස්වයං වින්දනේ යෙදිල නිදාගන්න එක සිරි ලංකා ක්‍රිකට් වලටත්, කොල්ලන්ටත්, පොදුවේ ශ්‍රේෂ්ඨ ජාතියක් වන ශ්‍රේෂ්ට ලාංකිකයන්ටත් හොඳ බවයි මගේ හැගීම.

72 comments:

  1. මං හිතන්නේ අපේ රටේ නැති ඉතිහාසයකුත් දැන් ඔය එක එක පරේෂණ, ලිපිවලින් රටට දීල තියෙන්නේ..
    වසර දෙහස් ගානක් පැරණි ලාංකීය සදාචාරය, සබ්‍යත්වය, කෘතගුණ දැක්වීම වගේම ආගමික හික්මීම තමයි ඊයෙ ප්‍රදර්ශනය කරන්න ඇත්තෙ...

    ජනතාව ඔය විදිහට හැසිරෙනකොට ඊලඟ තරඟ දිනනන් ක්‍රීඩකයන්ට කොහෙද හොඳ මානසික තත්ත්වයක්.. හරියට හැමදාම දිණුව වගේ.. නැද්ද මං අහන්නෙ... දිනුම පැරදුම බාර ගන්න බැරි නම් මැච් නො බල හිටියනම් ඉවරයිනෙ...



    ReplyDelete
    Replies
    1. හෑ....

      කෝ ප්‍රසන්න.....

      Delete
    2. ඉන්නෝ. මේ වෙලාවෙ පොඩ්ඩක් බිසි. නැත්තං ඉතිං.... හැක්..

      Delete
    3. @නිර්මාණී
      අපිටත් හිතේ තරහ ඇති වෙනවා ඒ වෙලාවට තරහ නිවෙන්න ඔරිජිනල් ගල් බාගෙකින්ම ඇරල දානවා. ඊට පස්සේ සොමියෙම ඉන්නවා. ඔය ප්‍රසන්නයට මං භාරදූර වගකීමක් බාරදීල තියෙන්නේ. ඒ කියන්නේ මගේ මාර්කටින් මැනේජර් පෝස්ට් එක.. තවම වැඩි දවසක් නැති නිසා වැඩ වල නං සාරයක් නෑ තාම.. හැක්

      Delete
  2. Praසන්ன.හායි

    ඇයි නාවේ මා සොයලා සිතේ සංක්කා ..නිසා නේද? තාම නැත්තේ එකනිසාද ? ස්ටෝබෙරි පාට ලොලි පොප් මරු නේද
    කවදාද ඔයා අන්තිමට ලොලි පොප්කෑවේ .......කියන්නකෝ අනේ ... මන් දැන් හවසට බීච් එකට යනවා එහෙ ලොලි තියනවා කන්න .

    බලන්නකෝ මෙයා ලියලා තියන ඒවා
    කොල්ලන්ගේ මොරාල් කඩල දාන්න උත්තාහ කරන පාපතරයන් කිහිප දෙනෙකුගේ ගුලි නොකා දෙයියනේ කියල ගෙදරට වෙලා ස්වයං වින්දනේ යෙදිල නිදාගන්න හොඳ බවයි මගේ හැගීම.

    බන්නකෝ කියන වල්කතා "ස්වයං වින්දනේ යෙදිල නිදාගන්න" මොන කැත වැඩක්ද ඒ...අනේ ඔයා එහෙම කරන්නෙපා සුදු ඉන්නම අමාරු නම් කියන්න මම සුවඳරත්නගේ තැපැල් 90 යෙන් කොහොම හරි ගොඩකවෙල එන්නම් ...අටකලන්පන්නේ ගියෙත් නැ ලඟදි

    ටෙක් කෙයාර් ලව් ......සියු සුඋන් ....බඩි !

    ReplyDelete
  3. ඔය ගල් පිළිමෙ මොක‍ාගෙ උනත් දැං ඕක හොයාගත්තයි කියල ඇති පලේ මොකක්ද?
    තාමත් අපේ උං යට ගිය ඒව ගොඩ ඇද ඇද ඉන්නව මිසක පොළොවෙන් උඩට යන්න කිසිම ලෑස්තියක් නෑ.

    අපි වගේ මැච් නොබල හිටියනං ක්‍රිකට් ගැනත් කතා නොකර ඉන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. එව්ව හොයන්නත් අපේ කටිට්යක් පත් කරල ඉන්නේ.. උන් නං ඉතිං ඔව්වා හොයාගන්න එකක් නෑ. හරියට කාලගුනේ කස්ටියත් ඒ වගේ..

      Delete
  4. කවුද බං 'කුවේණි' ගෙ රෙද්දෙ එල්ලුනේ.

    ReplyDelete
    Replies
    1. Praසන්ன.හායි!

      'කුවේණි' ගෙ රෙද්දෙ උස්සලා මොනාද බැලුවේ හරි හොරා ඔයා සද්දනොකරම පුහුලන් කෑවා නේද ...බිම දාන් ඇද්දේ නැ නේද මන් නැතිව
      ඔයා කොමන්ට් ගොඩක් දාලා මන්පොර වෙලා "කොමන්ට් මෙඝා ස්ටාර්" වෙනකොට මට හරි සතුටුයි
      ටෙක් කෙයාර් ලව් ......සියු සුඋන් ....බඩි !අයි ලව් යු.........

      Delete
    2. @ Praසන්ன
      එසේ ඇගේ එල්ලි සිටින්නේ අ.ඔ. බවුන්සුගර් මහත්මිය බව සළකණු මැනවි..

      @යාළුවා
      උඹ දන්නවද මේ පාර ලී කොට තරගෙදි ප්‍රසන්න මෙඝා ස්ටර් තරඟයෙන් පරාද වෙච්චි බව..

      Delete
    3. ප්‍රසන්න මෙඝා ස්ටර් තරඟයෙන් පරාද වෙච්චි බව.......එහෙම කොහොමද>>> එහෙනම් ඉතින් එක අධිරාජ්‍ය වාදී යුරෝපිය ගැත්තන්ගේ අති ප්‍රබල ක්‍රුමන්තනයක අතිවිශිශ්ට ප්‍රතිපලයක්

      මේ අයියේ ඕවට විතරක් එන්න එපා. එයා මගේ දැන් ඉන්න එකම ලව් එක. බලන්නකෝ දකුණේ උඩ ඉන්න පින්තුර ලස්සන. කොට්ටෝරු නහය කොන්ක්‍රීට් වලින් අඹලා පොටිවලින් සුද තියලා තියන ලස්සන. පැණි සිනාව, දකිනකොට ඇඟ සිතල වෙලා, උණු කරලා යනවා වගේ තන්ගල්ලෙ මල්ලිට

      Delete
    4. මට හිතනෙවා පිංතූරේ මාරු කරන්න. හැක්..

      ඔව් මේ පාර තිබුන බ්ලොග් වසන්තය මහා ලී කුට්ටි තරඟයේදී කමනේට් මෙඝා ස්ටරේ තරඟයෙන් මිනිහා පරාදයි.

      Delete
    5. මේ ඔයි ,
      ඔව් මේ පාර තිබුන බ්ලොග් වසන්තය පවත්වන්නේ ටෝයියෝද ...නැත්නම් බයියෝ ද පෙනුමෙන් බයියෝ වගේ නැත්නම් රත්නපුරේ මඩල්ගමට එන්න කියන්නේ වෙන තැන නැතිනිසාද? ගම්කබර බයියෝ ම තමයි මේ සෙට් එක ගෑනු කෙනෙකුට එන්න පුළුවන් තැනක්ද ඒ ..
      . එතන ලෝකල් බඩු පොට් එකක් කියලා රත්නපුරේ එවුන් කියන්නේ

      Delete
    6. පවත්වන සංවිධායක් මණ්ඩලේ ඉන්නේ
      තිස්ස දොඩංගොඩ
      දුමින්ද කරවිට
      ඉන්දික උපශාන්ත
      කල්‍යාණ මිත්‍ර.

      පෙනුමෙන් නං සේරම ටොයියෝ.

      ඔය පොට් එකට මං ගිහින් නෑ. හොටෙල් එකේ වෙබ් සයිට් එක නං ලාස්සනයි බං..

      Delete
  5. පිටිය මැදට බෝතල් විසි කරපු එවුන්ට ඔය වචන මදි මචෝ අත පය දිග ඇරලා කියපන්කො නොහුකා ගෙදරට වෙලා අතේ ගහලා බුදිය ගනින් කියලා

    ReplyDelete
    Replies
    1. මෙව්ව මචං කාලයක් තිස්සේ මිනිස්සුන්ගේ මොළවල බුද්ධි මටිටම හීන වෙනවා කියන එකට හොද සාක්ෂි..

      Delete
  6. හප්පේ රාවණා නැගිට්ටොත් දේශකතුමාත් අමාරුවෙ, අනික මරල හරි කිරිකැට් මැච්චෙක දිනන්නට තිබ්බනෙ ඒකට අපේ කාලෙ නං මෙහෙම උන්නෑ අපේ හාන්දුරුවනේ :-D

    ReplyDelete
    Replies
    1. රාවණා නැගිට්ටවන්න සෑහෙන්න දේවල් කරන්න වෙනවා.. ඒක නිසා ටික දවසක් ඉවසං ඉමු.. හැක්

      Delete
  7. මට තියන ප්‍රශ්නේ ඒ පිළිමේ ඔප්පු කරගන්න එක නෙවේ. ඒ අතේ තියං ඉන්න එක වියගහක් කියල ඔප්පු කරන්නේ කොහොමද කියල. මොකද වියගහ මම දන්න තරමින් රෙදි වලින් හැදුවේ නෑ නේ..
    ඉතිහාසය ගැන නම් කතා කරන්න එපා. අපි තාම වංසේ කබල් ගාන එක තමා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද අඟහරුවා මේ රෙදි කතාව.. මම ඒක දන්නෑ. දැනට තරාදියේ වැඩි බරක් තියෙන්නේ ඔය ඉන්නේ පුලතිසි සෘෂි වරයාය, අතේ තියෙන්නේ ග්‍රන්ථයක්ය කියන එක. සාමාන්‍යෙයන් කියන්නේ පොළන්නරුවට ඒ නම ලැබෙන්න පෙර ඒක පුලතිසිපුර ලෙස හැදින්වුනු බවයි. ඒ අනුව මේක පුලස්ති ලොක්කගේ ඒරියා එක. ඒක නිසා එයාගේ පිළීමයක් තියෙන විත්තියත් පසු කාලීනව (කොයි කාලෙද දන්නෑ) පිළිමේ පිටිපස්සෙ පුලතස කියල කොටල තියෙන වගත් විස්තර වලින් දැනගන්න පුලුවන්. තවත් එකක් මේ පුලස්ථි කියන්නේ රාවණා ලොක්කගේ සීයලු..

      Delete
    2. හ හා කලබල වෙන්න එපා දේශකයාණෙනි මේ අඟහරුවා. කියන එකා 2012 ඉදන් ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්න ට්‍රයි කරනවා නමුත් කරගන්න බෑ උපාදියක් තියනකොට උන්හිතනවා මාර පොෂ් පොරවල් කියලා අපි කියන ඒවා තමයි පිළිගන්න ඕනේ

      Delete
    3. කෝච්චියේ ගියාට බෑනේ බං ඉතිහාසය වෙනස් කරන්න. හැක්

      Delete
    4. උපාධියක් තියනකොට... බුහා හා..
      උපාධිය කියන වචනය ලියාගන්න බෑ, හරියට දෙයක් දන්නේ නෑ. මඩ ගහන්න විතරයි දන්නේ.
      රෙදි කතාව කිව්වේ ඕක සාමාන්‍යය පුස්කොල පොතක් වගේ නැමිලා තියන නිසා. රෙදි වලින් හැදුව වගේ. ඒක තේරෙන්නේ නැති ඇනෝ ලා. අනේ මම දන්නේ නෑ.

      Delete
    5. අඟහරුවා මේ වගේ කමෙන්ට් වල පොසිටිව් පැත්ත ගැන විතරක් වද වෙයන්. අනිත් ඒවා අදාලම නෑ. මං කරන්නේ එහෙමයි..

      මාත් කරෝකල අතෑරිය වගේ රෙදි කතාව නිසා.. අම්මප..

      Delete
    6. අඟහරුවා.August 29, 2017 at 10:12 PM
      උපාධියක් තියනකොට... බුහා හා..උපාධිය කියන වචනය ලියාගන්න බෑ, හරියට දෙයක් දන්නේ නෑ. මඩ ගහන්න විතරයි දන්නේ.......

      අනේ අඟහරු බිජ්ජෝ තොට සිංහල බස ලොකුකරගත්තට ඕක කියවන්න පුළුවන් ලොවේ මිලියන ගණන කීයද? දෙවන බස ලෙස ඉගෙනගත් මට ඕක වැරදුනාට මගේ පුක පලුවන්නේ නැත

      තොට අවම වශයෙන් ලොවේ මිලියන 35 පමණ බාවිතා කරන, මහලොකුවට රටේ සමතැන් දෙනවයි කියන අනෙක් බස උඹට කියන්න ලියන්න පුලුවන්ද ? අවම වශයෙන් උඹට එක ජාත්‍යන්තර බාසාවත් හරි හැටි ලියන්න කියවන්න පුලුවන්ද ? ගුගල් දෙයියට කියලවත් එක හදාගනින් නැතිනම් අල තමයි .

      නැත්නම් ඉතින් දෙකට නැවිලා ,මට එල්ලෙන බෝල දෙකක් නැනේද කියලා ,හොඳට බලපන් ......

      මේවා මඩ නොවෙයි . අසුචි වලින් සුප් හදලා පොවන්න් ඕනේ උඹ වගේ එවුන්ට

      අනේ මම දන්නේ නෑ. කිව්වට දැන්වත් දැනගනින් උඹට අමා ජයයි! .
      .

      Delete
  8. කවද්ද මැච් එකක් තිබුනේ? කාත් එක්ක ද? කවුද දිනුවේ? වර්ල්ඩ් කප් ද? ක්‍රිකට් ද? අපිව ආදර්ශෙට අරන් හැදියන් බං..

    2500යේ සාපය කියල කෙටියෙන් අපිට ඕක හදුන්වන්න පුළුවන්. ඕනනම් උඹට පුළුවන් ඔය 2500යෙ සාපෙන් මිදෙන හැටි දේශනා කරන්න. දේශකයෙක් වශයෙන් උඹේ වගකීමක්! මෙතන මැච් බල බල ඉන්නේ නැතුව වැඩට බැහැපන්!

    ReplyDelete
    Replies
    1. 2500 කිව්වම බන්දුල ගුණවර්ධන බං මතක් උනේ. අපි දැං 2600 ට වැඩි උතුම් ශ්‍රේෂ්ඨ ජාතියක් දෙකක් නෑ ආයේ.. හැක්

      Delete
  9. Replies
    1. මේ මොකක්ද බං කුනුහරුපයක්ද වෙන මොකක් හරිද? හැක්

      Delete
  10. //බහුතරයක් තාමත් රාවණාගේ, එහෙම නැත්නං කුවේණිගේ එහෙමත් නැත්නං දුටුගැමුණුගේ රෙද්දේ එල්ලිලා විකාර කතා කියන අය විතරයි// මට මතක හැටියට මීට අවුරුදු අටකට නවයකට විතර කලින් රාජ් සෝමදේව මහත්මයා ඕක ටොකු ඇන ඇන කියන මට්ටමට කිව්වා. කොහෙද... උන්දැත් අමු කාලා විනාකිරි බීලා රවණාගේ රෙද්ද අස්සේ ගුලි වුණා නේ...

    ReplyDelete
    Replies
    1. මටත් පේනනෙ දැං රාජ් සෝමදේව මහත්තයා අපේ ඉතිහාසය ඊජිප්තු ශිෂ්ඨාචාරය ගානටම ගෙන්න හදනව වගෙයි.. හැක්

      Delete
    2. පුරා විද්‍යාඥයන්ද වර්ග කර තිබේ. එක වර්ගයක සිට ජනප්‍රියතාව සඳහා වෙනකකට මාරුවෙන්නන් ඇත. සියලු පුරා විද්‍යා කොටස් ගැන එක්ස්පර්ට් මත පල කිරීම හා විද්‍යාවට වඩා ජනප්‍රියතාවට තැන දීමේ විපාකද ඇත.

      Delete
    3. රාජ් සෝමදේව මහත්තයා එක්තරා මට්ටමක අවුරුදු ගාණක් හිටියා. දැං මොකද ඇත්තට වෙලා තියෙන්නේ. මිසරයේ වත් නැති බොත්තං ගලකුත් හම්බුනා කියල තිබුනා

      Delete
  11. මම නම් හිතන්නෙ කීුඩකයන්ට නෙවේ පරිපාලනයටත් එක්ක තමයි ඒ හූව....

    ReplyDelete
    Replies
    1. හූවක් දෙකක් තිබ්බට කමක් නෑ. අපි කතා කරන්නේ වීයෝ.. බෝතල් විසි කරපු එක ගැන. මතක නේ 96 සෙමියෙදි ඉන්දියාවෙදි ඔය සිද්ධීය වෙලා අපිට දිනුම දුන්නා. ඒවා මහ අප්‍රසන්න දේවල්. දැං ට්‍රෙන්ඩ් එක යන විදිය හරිනෑ. යම් කුමන්ත්‍රණකාරි බිලී බෝයිස්ලා සෙට් එකක් මිනිස්සු අන්ධ කරවනවා වගෙයි.. (වී පොකුර සීසි කඩ ගියත් වීයා ඉන්න එක සතුටක්)

      Delete
  12. ශ්‍රේෂ්ඨ ඉතිහාසය අවුරුදු දෙදාස් පන්සීයකි
    එහෙත් ටැප් එකක් ඇරියොත් වහන්නේ නැත​
    කසළ බඳුන ලඟ තිබියදී කුණු දමන්නේ බිමය​
    පාරේ යන එන විට විනයක් නැත, චාරයක් නැත
    මිනිසෙකු තවත් මිනිසෙකු කෙරෙහි ගරුත්වයක් නැත
    මෙහි දකින්නට ඇත්තේ පර පීඩක සමාජයකි
    එහෙත් කියන්නේ ලෝකෙන් උතුම් රට කියාය

    ReplyDelete
    Replies
    1. රුවන් මහත්තයගේ තැපැල් කන්තෝරු අත්දැකීම ජාත්‍යයන්තරේට ගිහින් තියෙනවා දැක්කා.. ඒකට පාටියක් ඕන.. හැක්

      ඇත්තෙන්ම, මෛත්‍රි උන්නැහැ මීට කලින් වතාවක කියල තිබුනා රට සංවර්ධනය නොවීමට ප්‍රධාන හේතුව ජනතාවට විනයක් නැති කම කියලා. මම නං ඒකට එකඟයි. දෘඩ පාලකයෙක් හිටියනං විනය හදල ගන්න තිබුන නෙහ්.. ජය වේවා

      Delete
  13. මිනිස්සු තමන්ගේ ඉතිහාසය ගැන ආඩම්බර වෙන්නේ ඕනේ. ඒකෙ වරදක් නැහැ. ලෝකේ හුඟක් ඉතිහසය තියන රටවල් ඒක අගය කරනවා. ප්‍රශ්නය වෙන්නේ වංශේ කබල් ගෑම. ඉතිහසය ගැන කියවන ගමන් වෙනත් ජාතින් පෑගීම හෝ හමන් කිසිවක් නොකර සිටීම. බෝතල් විසි කරපු එක වැඩිය ගණන් ගන්න එපා. ඊට වැඩිය ප්‍රශ්නනේ ඔතන් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මම නං මේක පොඩි දෙයක් විදියට සලකන්නෑ අජිත්. තාලිබාන් බෞද්ධයෝ, තාලිබාන් දේශපාලන හෙංචයියන් අතරේ අලුත්ම එක තාලිබාන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්. ඒක බයානක ආරම්භයක්..

      Delete
  14. Trans SylvaniaAugust 29, 2017 at 1:11 AM ....මේ උගත් යයි කියනා මනෝ දොස්තරයෙකි .

    Ajith DharmaAugust 29, 2017 at 4:21 AM...... මේ ත් උගත් ඉංජිනේරුවෙකි මොවුන් දෙදෙනාගේ

    තමන් උපන් රට ගැන ලෝකයාට පෙන්වාදෙන ආකාරය බලන්න... වෙනස කොහොමද

    මනෝ දොස්තර සිතන්නේ ලංකාවේ ඉන්නේ ඔක්කොම පර පීඩක සමාජයකින් පැවෙත එන එවුන්කියාය
    ඒ ඔබ අප ගැන ඔහු සිතන අකාරය. ඔහු සහ ඔහුගේ පවුල හැර ඔහුගේ ලේ නයින් පවා පර පිඩක සමාජයකින් පැවත එනවුන්ය

    හොදම දෙය මොවුන් විසින් වෙනත් රටක පුරවැසිබාවය ලබා ගැනීමේදී ලංකාවේ පුරවැසි බාවය අහිමි වීමෙන් පසු මුදල් ගෙවා නැවත ලංකාවේ පුරවැසි බාවය ලබාගත් වුන්ය

    එහෙත් ඇයි එහෙනම් ලංකාවේ දකින්නට ඇත්තේ පර පීඩක සමාජයක් නම් නැවත පුරවැසි බවය ලබාගෙන තියෙන්නේ ඇයි


    ReplyDelete
    Replies
    1. ස්තුතියි. අගනා පැහැදිලි කිරීමක්..

      Delete
    2. //මිනිස්සු තමන්ගේ ඉතිහාසය ගැන ආඩම්බර වෙන්නේ ඕනේ. ඒකෙ වරදක් නැහැ. // මේ කියමනේ මොකක් හරි වැරැද්දක් තියනවයි. කවුරුන් මොනවා කීවත් මම ශ්‍රී ලංකා කියන රටත් එහි ඉතිහාසයත් ගැන හොඳ ආඩම්බරයකින් ඉන්නේ. ලංකාවට යන්න කියලයි හමුවෙන හැම විදෙශිකයකුටම කියන්නේ. එකම ප්‍රශ්නේ ඔය ඉතිහාසය අරගෙන අනිත් එවුන්ට ගහන මරණ එක. ඒක එපා කියන එකටත් ඔඡාර තද වෙනවද? අපි ඔය ගුණසිංහ මහත්මයාගේ ලිපි හෙම මෙඡාර ආදරෙන් කියවන්නේ ඇයි ? අන්න රට ගැන ඉතිහාසය ගැන දන්නා මිනිස්සු. ඒවා රැක ගන්නා කටයුතු කරණ අය . ඔය මේ වගේ කෑ ගහන එවුන් තමා වෙලාවක ආවොත් රටේ තියන පෞරාණික කඩු කිනිසි ප්‍රතිම විකුණන්නේ. ඔය ජාතිවාදය ගන්නේ ඒවා වහන්න.

      Delete
    3. ඔිං ආවා මුලග්ගාය කාරයා.. ෆයිල් එක වැහුවට පස්සේ.. හැක්

      Delete
    4. හි හි හරියටම කිව්වනේ

      Delete

    5. ශ්‍රේෂ්ඨ ඉතිහාසය අවුරුදු දෙදාස් පන්සීයකි.....මෙහි දකින්නට ඇත්තේ පර පීඩක සමාජයකි
      එහෙත් කියන්නේ ලෝකෙන් උතුම් රට කියාය :-Trans Sylvania

      කවුරුන් මොනවා කීවත් මම ශ්‍රී ලංකා කියන රටත් එහි ඉතිහාසයත් ගැන හොඳ ආඩම්බරයකින් ඉන්නේ.
      ඔය මේ වගේ කෑ ගහන එවුන් තමා වෙලාවක ආවොත් රටේ තියන පෞරාණික කඩු කිනිසි ප්‍රතිම විකුණන්නේ. :- Ajith Dharma

      හරියටම් හරි අජිත් තුමාගේ කතාව .මෙන්න මල්මිටක් !!!!!! ලංකාවට ගරහන්නේ කියලා දැන් තේරෙනවා

      Delete
    6. මේ ඇනෝ “තුමාට“ මාගේ ප්‍රණාමය

      Delete
  15. ඔය සෙද්දෙ මැච් නොබල හිටියනං ඉවරනෙ මේ මං වගේ. එහෙනම් බෝතලෙත් ඉතුරුයි.

    ReplyDelete
    Replies
    1. එහෙමත් පුලුවනෑ බං. ඇගට බද්ද වෙලා තියෙන දේවල්.. හැක්

      Delete
  16. ඉතිහාසය හා පුරාවිද්‍යාව අන් විෂයයන් මෙන්ම වැදගත්කමකින් සැලකිය යුතුය. ඒවා නිකම්ම ලංකා දේශපාලනය වගේ අච්චාරු ජනප්‍රියත්වයට හා තම පුද්ගලික මතයන් සනාථ කිරීමට හෝ තම ජාතිය ආගම ආදිය ප්‍රොමොට් කිරීමට යෙදීමෙන් පුරාවිද්‍යාවේ විද්‍යාව කැලේ යයි.
    සනාථකල දේ හා නොකල දේ අතර වෙනස ගැන සලකමින් අධ්‍යයනය කිරීම වැදගත්ය. ඉතිහාසය හා පුරා විද්‍යාව සර්වසම්පූර්ණ හෝ සර්ව නිවැරදි නොවේ. සාධක අනුව උපකල්පන හා නිගමන වෙනස් වේ. එහෙත් ඒ පිලිගත හැකි සාධක මතය. උපකල්පන හා නිගමන අතරද වෙනසක් ඇති බව ඉතා වැදගත් දෙයකි. වැඩියෙන්ම විය හැකි දේ සහ අඩුවෙන්ම විය හැකිදේ සමාන ලෙස සලකන්නන් නිසා අවුල් ඇතිවේ.

    තමන් පෞද්ගලිකව ආසා දෙය, තමන්ගේ සමාජයීය, ආගමික, දේශපාලන මත, තමන්ගේ වෘත්තීමය තරඟකාරීත්වය, වෘත්තීය තත්ව පාලනයට වඩා ජනප්‍රියතාවයට ඇති කැමැත්ත ආදිය ඉතිහාසය හා පුරාවිද්‍යාව ඉක්මවා ගිය අවස්ථාවකට හොඳම උදාහරණය රාවණා කතාවල ඇති ආසා හිතෙන කෑලිවලට නැති ඉතිහාසයක් හා පුරාවිද්‍යාවක් ආරෝපණය කිරීමය.

    ඕනෑ දෙයක් වීමට සම්භාවිතාවක් ඇතත් සැලකිය යුත්තේ ඒ කොයිතරම්ද යන්නය. වැඩි සම්භාවිතාව හා අඩු සම්භාවිතාව ගැන සලකන්නේ නම් ලේ කෝප නොකරගෙන myths and legends වල රසයත් විඳගෙන, ඒවාගේ සමහරවිට මොකක් හරි ඇත්තකුත් ඇතයි සිතා ගෙන (ඕනෙ නම් සයන්ස් ෆික්ෂන් නවකතාවකුත් ලියා ගෙන , මොකක් හරි හම්බ උනාම ඒ කතාත් හිතේ තියාගෙන, අඩු සම්භාවිතාවක් ඇති මතත් සලකාගෙන, වැඩි සම්භාවිතාවක් ඇති සනාථ කල හැකි සාධක මත පමණක් නිගමන ගොඩනගා ගත්තෑකි.

    දැන් බලන්න ලැච්චරර්තුමෝ අර උඩ දකුණේ පින්තූරෙ ඉන්න දැකුම්කලු මහතා ඒලියන් කෙනෙක් වෙන්න පුලුවන් නේ. එහෙම වෙන්න සම්භාවිතාවකුත් තියනවා. (නැවත හොඳින් බලන්න ) එසේ වෙනවා නම් අපි ආසයි. ඒලියන් කෙනෙකුත් බ්ලොග් ලොව එලෙස ක්‍රියා කාරී වීම සමස්ත සිංහල බ්ලොග් බෝලයටම ආඩම්බරයක්. සමහරවිට ඒ ඒලියන්තුමා රාවණා කාලයේ සිට එන කෙනෙක් වෙන්න පුලුවන්. රාවණාගේ දඬු මොණරවල communication equipment වල නිර්මාතෘ හෝ රාවණා තට්ටු නිවාසවල බිල්ඩින් මැටීරියල් සප්ලයර් වෙන්න පුලුවන්. කාටවත් ඔප්පු කරන්න බෑ එතුමා එහෙම නෙමෙයි කියලා. අම්මා තාත්තා එහෙම නෑ කිව්වත් අපිට කියන්න පුලුවන් ඒලියන් වැහිලා ඉන්නෙ කියලා. හැබැයි ඉතින් එතුමා ඇත්තෙන්ම ඒලියන් කෙනෙක් වීමේ සම්භාවිතාව මොකක්ද? 50% වැඩිද? අඩුද?

    (වැරදි මෑන්වද මන්ද උදාහරණයට ගත්තෙ, දැන් ඇවිල්ල කියයිද මං ඒලියන් තමයි ඉතින් මොකද කියල?)

    ReplyDelete
    Replies
    1. ඔවු සමහරවිට ඒ මහත්තය ඒලියං කෙනෙක් වෙන්න පුලුවන් තමයි. කොහොමත් ඒ මහත්තය ඉන්න තැනට ඇවිල්ල කතා කරල ගිය ගොඩ දෙනෙක් ඒ මහත්තය ඒලියන් කෙනෙක් කියල හිතන්න පුලුවන් සම්භාවිතාව 50% කටත් වැඩි වෙන්න ඉඩ තියෙනව. රාවනාගෙ දඬු මොණරෙ සර්වලෝක පූට්ටුව නිර්මාණය කිරීමෙ ගෞරවය හිමිවෙන්නෙ ඒ මහත්තයටැයි කියනවනෙ.

      Delete
    2. කතා කරල ගියා කිව්වේ ... ඒ මිනිස්සු තනියම කතා කර කර ඉදල යන්න ඇති

      Delete
    3. පූට්ටුව කොන්ක්‍රීට්වලිංද මහත්තය නිර්මාණය කලේ?
      ඒ මහත්තයා හම්බ උන අය ලොකු ගෞරවයකින් තමයි ඒ ගැන සිහිකරන්නෙ

      Delete
    4. @ ප්‍රා

      මාත් ආසයි ඒ රසය විඳින්න.. ඔව්ව විදපු අය පපුව පුම්බං අමු හෙලයන් වෙනව දැකල හිනා යන එකයි අවුල...

      Delete
    5. @දේ

      වලගම්බා, දුටුගැමුණු, පරාක්‍රමබාහු ගැන යංතං දැනගත්තට රාවණාගෙ නම් කිරිකිත්තා සිට පුංචි අම්මාගේ පුතාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ පවුලෙ විස්තරත් කියන අය ඉන්නව වගේ

      Delete
    6. ප්‍රා,
      //ඒ මහත්තයා හම්බ උන අය ලොකු ගෞරවයකින් තමයි ඒ ගැන සිහිකරන්නෙ//
      හිතාගත්තැකි ඒ ගැන. හැක්..

      Delete
    7. ප්‍රා
      ඇත්තටම අපි රාවණා ගැන යම් දෙයක් දැනගත්තම, මේක ප්‍රබන්ධ, නිර්මාණ යථාර්ථයෙන් ඔබ්බට යාමට මෙතරම් හැකියාවක් ලැබුනේ කෝමද කියන එක ගැන මට නං තාම පුදුමයි.

      Delete
  17. මොකක්ද බොල උඹේ ප්‍රොපයිල් පික්චර් එකට වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අළුත් අළුත් දේ නොතනන ජාතිය චොරවේ ප්‍රියය.. හැක්

      Delete
  18. ඔය ග්‍රවුන්ඩ් එකට බෝතල් විසිකරන එක ඉන්දියන් උන්ගෙන් අපි ඉගෙන ගත්තේ 96දී නේ. කොහොමත් අපිට අදටත් ගොඩක් දේවල් ලැබෙන්නේ එහෙන්. ඉතිහාසය සහ පුරාවිද්‍යාව මට නම් මාර ඉන්ටරස්ටින් සබ්ජෙක්ට් එකක්. ඔය රාවණ කතා, පුලතිසි කතා එකම කියවන්න හරි ආසා හිතෙන දේවල්. හැබැයි ඉතින් ඕවගේ ඇත්ත නැත්ත හොයන්න යන එක නම් තේරුමක් නැහැ. උඹේ මේ අලුත් ප්‍රොෆයිල් පික්චර් එකට නම් ඇස් පිට පොට යනවා බන්.

    ReplyDelete
    Replies
    1. මාත් ආසයි ඉතිහාසය, පුරාවිද්‍යාව කියවන්න. හැබැයි අර අමතක වෙන දින වකවානු ධුරාවලි වගේ බරපතල දේවල් නැතිව.

      ආ ඒ මේකනේ බං.. හෙන ලොකුයි කියල හිතං හිටිය මං දැන් පොඩි මිනිහෙක් කියන ආදර්ශ පාඨය තමා පින්තූරෙන් පෙන්නන්නේ.. හැක්

      Delete
  19. ඔය ග්‍රවුන්ඩ් එකට බෝතල් විසිකරන එක ඉන්දියන් උන්ගෙන් අපි ඉගෙන ගත්තේ 96දී නේ

    එකවෙලා අවුරුදු 21 දැනට .එතකොට ඔය ගහපු එවුන් හිටියේ උන්ගේ තාත්තාගේ ඇටේ ඔච්චරම ආසනම් උන්ගේ තාත්තාගේ ඇටේ අතගාලා බලපං

    ReplyDelete
    Replies
    1. උඹ කියන එක හරි. නමුත් 96 කෙනුත් මොකක් හරි ඉගෙන තියෙනවා. ඒ කොහොම වෙතත් අපේ ප්‍රේක්ෂකයන්ගේ මනස දුර්වල ස්වභාවයක් තමා පේන්න තියෙන්නේ.

      Delete
  20. අපේ ඉන්න ගොන් හරක් දන්නෙ ලබ්බෙ ඉතිහාසෙ කියවන්න විතරයි

    ReplyDelete
    Replies
    1. දන්න ඉතිහාසය තමන්ගේ උවමනාව මත විකෘති කරන එක ඊටත් අපරාදයක් මද්දෝ

      Delete
  21. 2500 උරුමයෙන් ආවය කියමින් කයිවාරු ගහන සංස්කෘතියටත් වලංගු නැති ඊට පස්සෙ අනුන් හදා දුන් ඒව නිසා තියන නීතියටත් වංලංගු නැති බව දවසින් දවසම ලෝකයට පෙන්නමින් ඉන්න නන්නත්තාර වුන ජාතියක් ?

    ReplyDelete
    Replies
    1. අම්මප ගුණසිංහ මහත්තයෝ

      Delete
  22. මේ දේශකතුමෝ මේ ඉන්දියන් සාගරේ (අ)මුතු ඇටේ ඉන්න තරමක් ඉන්නෙ අමුතුම මිනිස්සු, අපට එදා ඉඳන් උගන්නන්නෙ 2,500 ක ලොකු මෙව්වා එකක් තියනවාය අපි ලොකුය කියල. අතීතේ ගැන මිසක් වර්තමානයේ සාර්ථක වෙන්න උගන්නන්නෙ නැහැ හැබැයි හුටංගේ ඉඳල පාර අතුගාන මනුස්සයා වෙනකන් පම්පොරි ගහන්න නම් පුළුවන් !

    කොහොම නමුත් මේක ප්‍රජතන්තර්වාදී රටක් නිසා බහුතර මතය අනුව නිසා මේක ලෝකෙන් උතුම්ම රටය, අපිට වඩා තව ලොකු එකක් ඇත්තෙම නැත.

    ඒ නිසා එකට යටත් වෙලා මමත් පපුව හරහට ගහ ගන්න ඉන්නෙ

    "මේ බුදුන්ගේ, රාවණාගේ සහ වැල බලන උන්ගේ දේශයයි !" කියල. ඕ යේස් !!!

    ReplyDelete
    Replies
    1. අපිට තියෙන්නේ පම්පෝරි ගැහිල්ලයි හිත යට හැංගුන ජාතිවාදයයි තමා බං. ඒ වගේම කුණු කම්මැලියෝ

      Delete