Wednesday, April 27, 2016

බ්ලුක්ස් හා නෝනා මහත්වරු!!

අපේ එක්කෙනෙක් හිටියා නක්සත්‍රය අනුවම වැඩකටයුතු කරන. එයාට පොඩි කාලේම එහෙම කෙනෙක් කියල තිබුනලු “මේ කොලුවා ලෝකේ වටේ සවාරියකුත් යාවි.. පොතකුත් ලියාවි“ කියලා.. ඒ කිව්වත් වගේ මේ හාදයා ඒ දෙකම කරගත්ත බව නං ආරංචියි. ඒ මදිවට එකට දෙකක් වෙන්න තව පොතක් ලියනවයි කියලත් හාහුවක් යනවා. හැබෑටම මක්කටද මේ පොත් ලියන්නේ. අපි දන්න කියන ලේඛකයෝ ඔක්කෝම පොත් ලියනවා. එහෙනං අහවල් එකටද මේ බ්ලොග් වල ඉන්න ඈයෝ ඒවයේ ලියන තුණ්ඩු ටික එකතු කරගෙන පොත් ගහන්නේ.. මට නං තේරෙන්නේ නෑ මේවා.

හොදා. බ්ලොග් ලියනවයි කියමුකෝ. පොතුත් ලියනවා කියමුකෝ.. බ්ලොග් වල ඉන්න කී දෙනෙක් පොත් ලියල තියේද කියල හරියටම කියන්න පුළුවන්ද? මට නං බෑ.. මං දන්නෙත් නෑ ඒවයේ ගණං හිලව්. නීට්ටැවන් හීනෙන් පේන පුද්ගලයෙකුගේ පොතක් සිංහලෙන් පළ කරන්න තව කෙනෙක් දත කනවය කියලත් ආරංචි ලැබිල අවුරුදු දෙකක් විතර වෙනවා මයේ හිතේ. තාම පිට කවරේ ඉවර කරගන්න බැරිද දන්නෑ. 

කොහොම උනත් මෙන්න මගේ සත පහ.. මම දන්නා තරමින් අන්තර්ජාලේ සැරි සරමින් පොත් ලියපු අයගේ ලැයිස්තුව. මේකේ ගොඩාක් අඩුපාඩු තියෙන නිසා ඔය නෝනා මහත්වරුන්ගේ උදව් අවශ්‍යයි මේ ලැයිස්තුව පුර්ණ ලැයිස්තුවක් කරගන්න. තව එකක් තියෙනවා.. අර රසික කියලා දැං මානව කියල බ්ලොග් ලියන මහත්තයා වගේ අය නං පොත් ලියල බ්ලොග් වලට ආපු අය. නොකී කතාත් එහෙමයි. මම නං හිතන්නේ ඒක හොද ප්‍රවණතාවයක්. 

තම තමන් දන්නා අන්තර්ජාල සම්බන්ධයක් ඇති අයගේ පොත්පත් සම්බන්ධ තොරුතුරු එක් තැනකට එක් රැස් කිරීමට මං මීට කලින් මුණුපොතේදි මහා ව්‍යාපාරයක් ආරම්භ කලා. ඒත් මගේම කරුමෙට ඒක යාවත්කේකාලිනව පවත්වාගෙන යාමේ තාක්ෂණික දැනුම මද කම නිසා වැඩේ අතරමගම හබක් උනා. එහෙනං හැමෝම හොද අත්පුඩියක් ගහල වැඩේට එන්ටර් වෙමු.. 

මම මිලදී ගත් අනුපිළිවෙල අනුව මුල් පොත් කිහිපය පෙලගස්වා තියෙන්නේ. 



ඊට පස්සේ මෙන්න මේ ටික මං ගාව නැති මං දන්න ඒවා

  • සිව් වසරක් මරදානේ - රසික සුරියආරච්චි (රසිකොලොජිස්ට්)
  • ඉතා කෙටි කලබල සිහින - යශෝධා සම්මානි (බස්සිගේ නවාතැන)
  • ශාස්තෘ - අජිත් පැරකුම් ජයසිංහ (W3lanka)
  • අාලවක ආලිංගන - චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න
  • පොල්කට්ටෙන් එපිටට  - අජිත් ධර්මකීර්ති (කොළඹ ගමයා)
  • සමනලයා මියෙද්දෙන් - දිනේෂ් උමගිලිය (වර්ණ අඩවිය)


* රතු පාට එ්වා බ්ලුක් නෙමෙයි නෙහ්..

ඉතිරි ටික සම්පුර්ණ කරමු නේද? මේ විස්තර එක තැනක ගොඩ ගහන්න වෙන ක්‍රමයක් යොදා ගත හැකි අයෙකු සිටීනම් එය මීට වඩා වටිනවා..

හැබැයි එකක් කියන්න ඕන.. නොකී කතා (හෙන්රි වර්ණකුලසූරිය), ටිම්රාන් කීර්ති, ජගත් ජේ එදිරිසිංහ (මානව අඩවිය), වෛද්‍ය රුවන් එම් වීරතුංග (ට්‍රාන්සිල්වේනියා) වැනි අය පොත් ලියමින් සමාජ ජාල අඩවි වල හිටියත්, එ අඩවි වලින් ගෙන පල කළ බ්ලුක්ස් නැති බවයි මම හිතන්නේ.. මංජුල වෙඩිවර්ධන මෙතැනදි මම අමතක කරා. 

පලි - සංකිර්ණ වැඩක් වෙයිද මන්දා???

156 comments:

  1. ආච්චිගේ කොලම 1 හා 2 - සහන් කසීර
    පොල්කට්ටෙන් එපිටට- අජිත් ධර්මකීර්ති
    අනිත්කොන- බෝධිනී සමරතුංග
    මනුපුර සක්මන - බෝධිනී සමරතුංග
    සොඳුරු බාලේ ගෙවුණු තාලේ - රන්දිකා රණවීර
    ගම්මිරිස් කුරුල්ලා- කාන්චනා අමිලානි
    ප්‍රේමයේ කාර්තු- කාංචනා අමිලානි

    ReplyDelete
    Replies
    1. ඕං බලහං මගේ මතකේ.. හැක්.. පොල්කට්ටව අමතක වෙලා යන්තං උඹ මේක දාන්න කලින් මතක් වෙලා මං දාගත්තා..

      තැන්කුයි.. මේවා පසුව ඇඩ් කරමු නේද පෝස්ට් එකට..

      Delete
    2. තැන්ක්ස් රසික...

      Delete
  2. පොල්කට්ටෙන් එපිටට දැම්මේ දැන් නේද? මේක හරියන්නේ නෑ. හැක්. මගේ ගාව තව තියෙනවා උන්ගේ නම් මතක නෑ.. ගෙදර ගිහින් බලලා දාන්නම්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. අර යුකේ බ්ලොග් ගැන කියවන කොට තමා පොල්කට්ටාව සිහියට ආවේ.. හොදා.. ගෙදර ගොහින් ඉතිරි ඒවාත් දාහං.. ජය වේවා.. තැන්කුයි.. හොද අතකින් පත්තු කරේ..

      Delete
    2. පත්තු කරන්නනං ඉතිං අපේ ගිනිවැල් අයිය ඇර වෙන කවුද ඉන්නෙ.

      Delete
    3. ගිනිවැල් අයියා කව්ද.. මෙන්න ගින්දර කොල්ලෝ.. හැක්

      Delete
  3. ඉඳහං මගේ පෝස්ට් ටිකත් එකතු කරල පොතක් ගහනකල්. හැක්..

    අර දේශකය කියල එකෙක් කාලෙකට කලින් රසකතා කියල පොතක් ලිවුව මතකයි. මක්කැයි ඒකට උනේ.

    ReplyDelete
    Replies
    1. ඒකේ පැණිගතිය වැඩි වෙලා සත්තු කැවා හිටං..

      Delete
    2. දේශකයා කියන්නේ සොඳුර පත්තරේ කතෘ නේද?

      Delete
    3. පසන්න අයියට නම් ඉතිං ලේසියි... පොස්ට් දාහක් දෙදාහක් ලියලත් තියෙනවනේ... ප්‍රින්ට් කරාම මලලසේකර ඩික්සනරිය වගේ තියෙයි... හැක්!

      Delete
    4. මාත් ගහනවා පොතක් මගෙ පෝස්ට් ටිකත් එකතු කරල.. ප්‍රසන්න අයියව ගන්නව සම සංස්කාරක හැටියට.ඕ යේස්

      Delete
    5. රොහාන්, ආයෙ මොනවද ඉතිං කියෝන එකාට අබ සරණයි.
      පත්තරේ, 'සම' සංස්කරණය කරන්නනං අර දොස්තරමහත්තයව අල්ලගන්න වෙයි. හැක්..

      Delete
    6. එක ගමේ සීයා කෙනෙකුයි කොලු කුරුට්ටෙකුයි සැට් වෙලා මෙතන අපිට පොත පෙරලනවා නේද?? හැක්

      මචං පත්තරේ පොත් ගැහුවට කමක් නෑ අායි මගේ මේ දුප්පත් බ්ලොග් කටුව උස්සනවානෙමෙයි හරිය..

      Delete
  4. අපි හරිනම් කරන්න ඕනා පොත් ලියන උන්ට හූ කියලා උන්වත් බ්ලොග් ලියන්න ඇදලා ගන්න එක... ගොඩ වැඩිකරගැනීම කොයි සෙල්ලමේදිත් වාසිදායකයි...

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. මාත් කිව්වේ ඒකයි... අර කවරේ කවරේ...???

      Delete
    2. ඉතින් කවරෙ ගැන කතා කොරලා පලක් තියෙයි ? දැන් හූ කියන්න නේද කතා වුනේ ?

      Delete
    3. “සම්බාවය“ කියන ලෙඩේ හැදිල අද ප්‍රා ජේ ඉයන්ලයි ගෙදර ගියා බේත් ගන්ඩ.. හැක්

      Delete
    4. ඇයි ඉයන් දෙමටාලොජිස්ට් ද ?

      Delete
    5. ඉයං දන්නවලු බාව බස්සන හැටි.

      Delete
    6. හැක් හැක්.. ප්‍රා ගේ අතත් අද පන නෑලු.. කමේන්ට් කෑල්ලක් වත් දාන්න..

      Delete
    7. සෙන්නගේ පොත කියවන්න ට්‍රේන්වෙනව දැන්මම

      Delete
    8. ඔව් ඉතිං ලියපු ඒවා කියවිලාද කියලවත් බලන්ඩ එපායැ.. සෙන්නා විස්වාස කරන්න බෑ..

      Delete
  5. "සැමදා කඩවුණු පොරොන්දුව" - දේශකයා

    ReplyDelete
    Replies
    1. අඩෝ නියමයි බං,මූට හරියටම හරියන පොත.

      Delete
    2. ඕක නවල් එකක් ද?

      Delete
    3. "ඔය ඇස් අමතක වෙන්න නම්-මගේ ඇස් පියවෙන්න වෙයි" - ඉවාන් පවුලූෂා

      කෝ මේ ප්‍රා :D

      Delete
    4. ඉට්ස් රේනිං හියර් මයි ඩියර්. ලව්පූස්.. හැක්

      Delete
    5. "සැමියා බිරිඳගේ මොකාද?" - පත්තරමල්ලි
      "නව නිර්මාණවලින් ගැලවීම" ඉවාන් පව්ලූශා
      "Foot in Mouth" - A Lecturer

      Delete
    6. ගේන්ඩ පත්තර පුතා.. ලව්පුස් තුමා. මට ලොකු පිහියක්.. බඩ කපාගෙනම මැරෙන්න හිතුනා..

      සිංදුවවත් හිටිය නං දුක් ගීයක් අහගෙන ඒක කරන්න තිබුනා..

      Delete
  6. කොහෙද බොල මේ මගුල් බ්ලොග් බදාගත්ත එකෙන් වුනේ පොත් කියවිල්ල අඩු වෙච්චි එක විතරයි.

    ReplyDelete
    Replies
    1. මම නං පුර්ද්දක් විදියට අඩු ගානෙ පැයක් වත් සතියට දෙතුන් දවසක රෑට පොත් කියවනවා. එහෙම නැත්නං හරි අඩුවක් වගෙයි දැනෙන්නේ. ඒකට හේතුව විචා.. උදේ ඔපිස් ආවට පස්සෙ ආයි යනකං විතරයි නේ මේ අන්තර්ජාල තියෙන්නේ. ආයි උදේ එනකං මැරුනත් දන්නැ. ගෙදර පීෂි ලැප් නෑ. අතේ ටැබ් නෑ.. හැක්..

      Delete
    2. ඇත්තෙන්ම කියවීම අගනා ක්‍රියාවක්. මම කියවන්නේ මාසෙකට එක සඟරාවක්/පොතක් වගේ.

      Delete
  7. Dawson also published books before blog. I have his poetry book.
    Hasitha Abe also translated a book recently.(nothing related to blogs)
    Chinthana dharmadasa the first one who published blook I guess.
    Kalpana malathie also a blogger but her book not related to her blog.
    There are many more. But I cant recall all now

    ReplyDelete
    Replies
    1. Thanks for the info Buru..

      Yep.. a common problem, recalling everything in an instance is extremely impossible. So this may be a little platform for the occasion. Thanks again

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මම අද දැක්කා බුකියේ තියෙනවා "බ්ලොග් ගලක් උඩ කළු ගලක්" බ්ලුක් එකක් ලෙස එනවා කියලා... මාර සතුටක් තියෙන්නේ මේවා දැක්කාම..

    ReplyDelete
    Replies
    1. ඒක ආවෙ ගිය මාසෙ මාතයියෙ අජිත් ගෙ පොතට කලිං දවසෙ
      ඒ බ්ලොග හොයාගන්න අමාරුයි නැත්තං ලිංක් කරන්න තිබ්බ

      Delete
    2. මේ තියෙන්නෙ ඒක
      http://blockkalugal.blogspot.com/2016/04/blog-post.html

      Delete
    3. ස්තුතියි මාතා සහ මහේෂ්..

      Delete
  10. ආ ලිස්ට් එක හදලා දාන්නකෝ.. ඒක හොඳා බලා ගන්න...

    දේශකයත් පොතක් ලියුව කියන්නේ.. පැණි ගතිය තිබුනේ පොතේද? නැත්තන්????

    ReplyDelete
    Replies
    1. හැකි පමණ ලිස්ට්අවුට් කරනවා නිර්මාණි


      මම ලියපු පොත් ගාන මටත් මතක නැ. හැක්..

      Delete
  11. පොත් හතක් අටක් දැනටත් ලියා දාල
    තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

    ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
    නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ

    පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
    ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ

    පොත් හතක් අටක් දැනටත් ලියා දාල
    තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

    අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ
    ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ

    කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
    මෙ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ

    පොත් හතක් අටක් දැනටත් ලියා දාල
    තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

    නා‍ට්‍ය‍ය‍ - මී පුර වැසියෝ

    ReplyDelete
  12. මෙහෙම ලිස්ට් එකක් වැටෙන්න මග පැදූ එක බොහොම පංකාදුයි

    ReplyDelete
    Replies
    1. කාට හරි ඒවා බලාගන්න වටී නේ ගුණේ.. ස්තුතියි..

      Delete
  13. Mage pem wehilihini. Darani upeka weerasekara
    Husma ganna akuru.. Ranjith Kumara Damarakoon
    Me Rahas kawuluwen ebenna.. Kaushalya Kumarasinha
    Kurulu Kawi. . Kurulu Niskalanka

    ReplyDelete
    Replies
    1. කුරුළු හැර අනිත් අය බ්ලොගර්ලද?

      Delete
    2. කුරුලුත් බ්ලොග්ර ්කෙනෙක් බුරු. හැබැයි රන්ජිත් කුමාර ගැන අහල තිබුනට බ්ලොග් තියේද මම නොදනිමි.. කමියා ඒවයේ ලින්ක්ස් දෙන්න හැකිනං. උඹට දැං වැඩකුත් නෑනේ බං.. හැක්

      Delete
  14. JP alias pinch point ත් පොතක් ලිව්වා. බ්ලොග් එක නම් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අපි ජේපී ගෙන් අහමු නේද??

      Delete
  15. Jජයව්ව්වේවා

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි, හොඳටම වැඩී වගේ. නරකද විදානිට කියල දෙහි ගෙඩියක්වත් අතුල්ලගත්තොත්.

      Delete
    2. පිස්සු මරගාතයක්.. කරුමෙට බ්ලොගර් ගාව ඉන්නේ.. හැක්..

      Delete
  16. අර සාස්තර අහල පොත් ලියපු හාදයානම් ලෝක බොරු කාරයෙක් තමයි. හැක්‌ හැක් . ලබන අවුරුද්දේ මේ බ්ලුක් ලැයිස්තුව තවත් දික් වෙයි කියා හිතනවා . ජය වේවා !

    ReplyDelete
    Replies
    1. මේවාට කියන්නෙ පුහුල් හොරා comment එකෙන් දැනේ කියලා.
      K

      Delete
    2. ඇනෝ.. පුහුල් හොරා අළු ටික හැම තැනම ගාලා තියෙන නිසා අපිත් දන්නේ.

      මං කැමති බ්ලුක් ලැයිස්තුව දික් වෙනවටයි තිලකේ.. හැබැයි පොත් ලියන අය බ්ලොග් වලට ඇවිත් අපි සමග එකතු වීම ඉතාම වටිනා දෙයක්. හොද ප්‍රවණතාවයක්..

      Delete
  17. බ්ලොග් සටහන් පොතක් ලෙස ඉදිරිපත් කිරීම...බ්ලුක්ස්
    බ්ලොගෙක් බ්ලොග් පෝස්ට්ස් ලෙස ලියු දේ නැතිව වෙනම පොතක් ලිවීම....බුක්ස්
    මේ දෙකම නොකරන එවුන්..බුහ් බුහ්ස්

    බ්ලොග් මාධ්‍ය කියන්නේ පොත් නැමති සම්ප්‍රදායික මුද්‍රිත මාධ්‍යයේ අත දරුවා පමනක්ද කියලා මට බොහෝ විට හිතෙනවා. පුරවැසි මාධ්‍යකරණය මේකත් එක්ක ගලපන්නේ කොහොමද?

    අර උඩින් සෙන්නා කියන කමෙන්ට් එක වෙයිද.. නැත්නම්..බ්ලොග් ලියන එවුන් පොත් ලියන්න යයිද? ඕන ටොෆියක් පනම් අටයි කියවන එකාට නම්.

    ReplyDelete
    Replies
    1. ඔය සෙන්නා කියන වර්ගයේ වැඩක් වුනා මෑතකදි රසිකලොජිස්ට්ගේ මැදිහත් වීමකින්. ඒ තමයි ජගත් ජේ එදිරිසිංහ ලියන මානව බ්ලොග් එක.

      Delete
    2. අරූ,

      ඒ කියන්නේ රසිකොලොජිස්ට්, ජගත් එදිරිසිංහට හූ කිව්ව ද ? :D

      Delete
    3. මාත් මේකේ කියුව විදියට... බ්ලුක් එකක් කරන එක ගැන සිහින පවතීම ගැන නම් පොඩි කුකුසක් හිතේ තියෙනවා. නමුත් තාමත් ලාංකික සමාජය බ්ලොග් අරමුණු ගැන නොදන්නා නිසා ඒක ඒ විදියට සිදු විම හොදා කියලයි හිතෙන්නේ.

      අරූ. පොත් ලියන අය බ්ලොග් සම්බන්ධව උනන්දුවක් තිබීම ඇත්තෙන්ම විය යුතු දේයි. ඒක ඉදිරියේදි වර්ධනය වේවි. අන්න එවිට බ්ලොග් වල නියම වටිනාකම වැඩි වේවි..

      ඔව්.. ඔව්.. ජගත්ට රසික හූ වඩියක්ම කියලා.. හැක්..

      Delete
  18. මාලතී කල්පනා ගේ බ්ලොග් අඩවිය
    - http://hapifly.blogspot.ca/
    බොහෝ අය නොදන්නා තැනක්. ගොඩවෙලා බලන්න....

    බූන්දිය අවුරුදු හයකට වඩා පරණ සාමුහික ප්‍රයත්නයක් ලෙස ක්රියාත්මක වන වෙබ් අඩවියක් මිස බ්ලොග් එකක්ම නෙවෙයි. නමුත් එහි පලවන දේ බ්ලොග් සටහන් හැටියටත් පලවෙනවා.
    http://boondionline.blogspot.ca/

    ReplyDelete
    Replies
    1. http://boondi.lk/
      තමයි බූන්දි වෙබ් අඩවිය.

      Delete
    2. ඉහත blogspot සබැඳිවල .ca කෑල්ල .com කියල වෙනස් කරන්න වෙිවි සමහරවිට.

      Delete
    3. මාලතීගේ බ්ලොගය සින්ඩියට දා ගත්තා..... ස්තූතියි රන්සිරිමල් මග පෙන්වීමට.

      Delete
    4. වෙල්කම් රන්සිරිමල් අංකල්.. හැක්..

      කල්පනාගේ බ්ලොග් එක හෙව්වට හොයාගන්න බැරි උනා. ඒත් මං ඒකේ ෆලෝවර් කෙනෙක් නේ හුග දවසක ඉදල. ස්තුතිියි විස්තර වලට. ඔබගේ පැමිණිමත් සතුටක්..

      Delete
  19. blooks ගැන කතාබස් කරන එක ගැන ස්තූතියි. පොත් ගැන තාම කතා කලාට... අපි බ්ලුක්ස් පබ්ලිෂ් කලේ 2013 රන්දිකා ලියූ සොඳුරු බාලේ ගෙවුනු තාලේ අනුවර්තනය එයාගේ බ්ලොග් එක රන්දිල් .. ඒකේ දැමූ කතා බ්ලොගර්ස්ලා සහ කියවන අයගේ ඉල්ලීම මත පොතක් වුනු.
    මගේ පොත් දෙකම කවි පොත - කවි බ්ලොග් එකෙන් (කවියට පෙම් බැඳ) සහ අන්තර්ජාලයේ සහ කුඩා කල ලියූ කවි සියල්ලම, අනිත්කොන නම් බ්ලොග් ලිපි පමණයි.

    ReplyDelete
    Replies
    1. කරුණාකර කවි බ්ලොගයේ ලින්කුව දාන්න..

      බෝධිනිගේ පොත් දෙක ගැන දැනගෙන හිටියා උවමනාවටත් වඩා. ඒත් අමතක උනා. එච්චර ඕන නෑ මේ සති දෙකක් වත් නැති පොල්කට්ටා අමතක උනා කියංකෝ. ඒ මදිවට ඒ හාදයා අනිත් කොණ ගැන ලියපු පෝස්ට් එකා අමතක උනා නං තව මොකක්ද?? හැක්.. වෙරි සොරි.. අඩුපාඩු මතින් හදාගමු.. ජය..

      රන්දිල් ඇන්ටිට චුට්ටක් එන්න කියන්න හොදේ..

      Delete
  20. පොත් පහක් ලියා තියෙනවා මං. ඒත් ඉතින් වැසි දැරිය කියා නම් නොවෙයි.බ්ලොග් ලියන්නේ අන්වර්ථ නාමයකින් නොවැ..))

    දැනට මතක් කරගැන්ම අසීරු වුණත් බොහෝ අන්තර්ජාල සැරිසරන්නෝ පොත් ලියා තිබෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොම ලියාගෙන යන්න. තමන් කරන වැඩෙන් තමන් තෘප්තිමත් වෙන්න. සරුංගල් යැව්වාට කමක් නැහැ, නූල් පන්දුව දැඩිව අල්ලා ගන්න. ඔයාට කිව්වා නෙමෙයි. ඕකයි ඇත්ත.

      Delete
    2. වැසි දැරියට මතක් උනාම කියන්න..

      සුභ පැතුම්.. ඔබගේ එක් පොතක් හෝ මිලදි ගැනීමට කැමැත්තෙමි.. කරුණාකර විස්තර ලබා දෙන්න.. අවශ්‍ය නම් රහස්‍යභාවය සුරැකිය හැකිය.
      (මුණුපොතේ විජට්ටුවෙන් පණිවිඩය ලබා දිය හැකියි)

      Delete
  21. ජයවේවා කරගෙන යමුකො බලන්ඩ

    ReplyDelete
  22. මගේ පොතත් මතක් කලාට කමියට ස්තුතියි. දේශකයටත් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. පොඩි ඇල්සයිමර් ගතියක් මට තියේ මාතලංට මෙන්.

      Delete
  23. හොඳ වැඩක්..
    කෙනෙක් අමතක වෙලා..රුවන් බන්දුජීව- මීලඟ මීවිත

    ReplyDelete
    Replies
    1. රුවන් බන්දුජීවගේ බ්ලොග් එකක් තියේද බැලුවා. ඒත් නැහැ හමු උනේ. ඒ පොත මා ගාව තියේ.. ස්තුතියි කස්සා

      Delete
  24. පොත් 15 විතර විවිධ ක්ෂේත්‍ර වලින් ලියල පළ කළාට පස්සෙ පත්තර කොලම් විදිහට පළවුණ , පොතක් විදිහටත් එළියට ආව "නොකී කතා" නමින්ම බ්ලොග් එකක් පටන් ගත්ත. ඊට කලින් අනවර්ථ නාමයකිනුත් බ්ලොග් එකක් ලිව්ව ටික කාලයක්.ඒක ආයෙම යාවත්කාලීන කරන්නත් හිතන් ඉන්නවා.
    බ්ලොග් ලෝකයේ ලියන "නොකී කතා" වලින් තෝරාගත්ත ලිපි කීපයක් ලබන අවුරුද්දෙදි පොතක් විදිහට පළ කරන්නයි අදහස.
    ඒ අනව මම මුද්‍රිත ලෝකයෙන් බ්ලොග් අවකාශයට ඇවිත් එතැනින් මුද්‍රිත ලෝකයෙත් සැරිසරන්නෙක්.

    ReplyDelete
    Replies
    1. සතුටු දායක ආරංචියක් නොකි කතාගෙන්. ඔබ වැනි ලේඛකයන් අප අතරට පැමිණිම ඉතාම අගය කරනවා. ඔබගේ විස්තාපනයන් වියු යුතු පරිදි සිදු වීම ගැන මගේ ප්‍රණාමය.. ජය වේවා.

      Delete
  25. බලල ලිශ්ට් එක....ගනිමු හෙමිහිට.....

    ReplyDelete
  26. පොත් 15 විතර විවිධ ක්ෂේත්‍ර වලින් ලියල පළ කළාට පස්සෙ පත්තර කොලම් විදිහට පළවුණ , පොතක් විදිහටත් එළියට ආව "නොකී කතා" නමින්ම බ්ලොග් එකක් පටන් ගත්ත. ඊට කලින් අනවර්ථ නාමයකිනුත් බ්ලොග් එකක් ලිව්ව ටික කාලයක්.ඒක ආයෙම යාවත්කාලීන කරන්නත් හිතන් ඉන්නවා.
    බ්ලොග් ලෝකයේ ලියන "නොකී කතා" වලින් තෝරාගත්ත ලිපි කීපයක් ලබන අවුරුද්දෙදි පොතක් විදිහට පළ කරන්නයි අදහස.
    ඒ අනව මම මුද්‍රිත ලෝකයෙන් බ්ලොග් අවකාශයට ඇවිත් එතැනින් මුද්‍රිත ලෝකයෙත් සැරිසරන්නෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්විමට..

      Delete
  27. ලියන්න කියල එකයි දෙකයි තිබ්බෙ ඒවත් කමෙන්ට් වල ලියල
    එතකොට ඔක්කම ලිස්ට් එක හරිද
    අපෝ නෑ

    රනින් රන් හදැත්තී- සුභද්‍රා ජයසුන්දර. (weepingwillospoetry.org)
    මළ දූපත මහේෂ් ජයසුන්දර ( මෙයාගෙ ඒව නං බුන්දියෙ විතරද මංද තිබ්බෙ)

    ReplyDelete
    Replies
    1. මහෛ්ෂ් උඹගේ මහන්සියට මෙන්න මගෙන් මල් මිටක්..

      මහේෂ් ජයසුන්දරගේ බ්ලොග් එකක් හෝ වෙනත් විස්තරයක් දෙන්න..

      Delete
    2. හොයාගත හැකි තැනක් වත් නැත. පොත කියෙව්වට පස්සෙ මාත් හෙව්ව. අඩු ගානෙ පොතේ ඊ ලිපිනය වත් සදහන් කරල නෑ

      සමාවෙන්න ඕන ජයසුන්දර නොව මුණසිංහ ලෙසට නිවැරදි විය යුතුයි.

      පොත නං බූන්දි පොතක් මාලති ගෙන් ඇහුව නං සමහර විට ගන්න විදියක් අහගන්න පුලුවන් වෙයි

      Delete
    3. අහලා බලමු.. ස්තුතියි මහේෂ් තොරතුරු වලට

      Delete
  28. Replies
    1. ඉතිං ඉතිං.. හැක්

      Delete
    2. @Pathum:
      http://biththiya.blogspot.com/2014/09/blog-post.html

      Delete
    3. ස්තුතියි උපේක්ෂා.. ඒ හාදයගේ පොත ගැනත් අමතක උනා. හැබැයි ඒක හීනයක් සාර්ථක කර ගැනීමක්. නැත්නං බ්ලොග් වලට වැද්දගන්න හොද බුවෙක් නෙමෙයි ඔය බිත්තියා.. ජය වේවා.

      Delete
  29. හයියෝ දෙයියනේ... මං මේ තරම් දවසක් දේශකයාගෙ අඩිවියට ඇතුළ් වෙලා නැහැනෙ.. මඩු වලිගයක් ගේන්ට... මට ම ලැජ්ජාවෙ පණ ගියා...

    දහස්වාරයක් සමාවෙන්ට හොඳද?

    ReplyDelete
    Replies
    1. විකාර කියන්ට එපා තරූ.. කියෙව්වා නැතා මොකක්ද තියෙන අවුල.. කොච්චර දෙයක්ද?? බ්ලොග් එක නොදැන උනත් එහෙනං අපි අතර හොද මිතු දමක් තියෙන එක.. ජය වේවා..

      Delete
    2. වස විලි ලැජ්ජාවට කාරණයත් ඒකම තමයි. අපි මේ තරම් හිතවත්ව සිටියදීත් මේ බ්ලොගය මඟහැරීම.. කාලය මඳකම නිසා බ්ලොග් අතර සැරිසැරීම අඩුයි.. ඒ නිසා විය යුතුයි... පමා වී හෝ දැනගන්නට ලැබීම ලොකු දෙයක්..

      Delete
    3. හපොයි.... තරුරසී ගෙත් අවසානෙ තමයි. හැක්..

      Delete
    4. තරුයි මායි ඒවා බලාගන්නං.. බාස් පැත්තකට වෙන්නකෝ.. හරිම කරදරයක් නේ මොන වෙලාවේ බැලුවත් පස්සෙන්මයි.. අර උඩ තියන විජට් එක ගලවන්න තරං හිතයි දැං.. හැක් ලෝකල් ටෙක්ස්ලා

      Delete
  30. හොද එකතුවක් තමා දේශා...........

    බ්ලොග්කරුවෝ කියන්නේ විවිධ ක්ෂේත්‍රවල විවිධ හැකියාවන් සහිත පිරිසක් කියලා අපි දන්නවා. ඇත්තට ම බ්ලොග් වල මේ විදිහට රැදී සිටීමට එකම හේතුවත් ඒක විතරමයි. මේ තුළ හැදෙන සංවාදයන් සහ මේ පිරිසේ ලිපි කියැවීම ජීවිතයට ලොකු දැනුමක් ගෙනැත් දෙනවා. ඒක ගන්න හැකි තවත් තැනක් අපි දන්නෑ.

    හොද පෝස්ටුවක්...... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුට්ටනි.. හොද එකතුවක් දැනටමත් ලැබි තියෙනවා හැමෝගෙම උදව්වෙන්.. අපි තව ගොඩ වැඩි කර ගැනිමට උත්සාහ කරමු.. ජය වේවා

      Delete
    2. පොඩි යෝජනාවක් කරන්නද.,,???
      මේ සියල්ල ම එකතු වුණාම වෙනම පෝස්ටුවකින් ඒ සියල්ල එකතු කරලා දාන්න. ඒක අපි හැමෝටම වැදගත් වේවි...... ජය

      Delete
    3. අනිවා අනිවා.. මේ ටික ආවම ඔක්කෝම එකතු කරල එක ලිස්ට් එකක් හදනවා.. පස්සේ ටෙක්ගුරු කෙනෙකුට දීලා ෆේස්බුක් පේජ් එකක් හදාගන්ට තමා ඉන්නේ බං.

      Delete
  31. පසුගිය කාලයේ ඉතාම සුන්දර බ්ලොගක් කරගෙන ගිය 'කඳු' හෙවත් ශසිකා අමාලි ඇගේ කාව්‍ය නිර්මාණ ' ග්රීෂ්මර්තුවේ සුළඟ' නමින් පහුගිය ජනේරුවෙදී පළ කරා. ගොඩගේ ප්‍රකාශනයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකේ.. ඒ ගැන දැනුවත් වී නොසිටියෙමි. ශෂිකා කවි පොතක් කරන්න යන බව විතරයි දැනං හිටියේ..

      Delete
    2. හොඳ මතක් කිරීමත් තිලක් අයියේ.. ඇත්තටම කඳු බ්ලොග් අඩවිය කවි රස සාගරයක්.. ශසිකා නිහඬවම ඇගේ පොත මුද්‍රණය කළා... ඒ පිළිබඳව කෙතැනවත් කතා නොවුණු තරම්. මටත් තවම ගොඩගේ පැත්තෙ යන්න බැරි වුණා... ‘‘ග්‍රීෂ්මර්තුවේ සුළඟ‘‘ සමාජගත කිරීම කවියට ආදරය කරන අපේ වගකීමක්...

      Delete
    3. කඳු බ්ලොගය දැං නැද්ද තරු???

      Delete
    4. This blog is open to invited readers only

      http://amaleymunasinghe.blogspot.com/

      Delete
    5. කඳු බ්ලොගයේ උඹ නිතරම කමෙන්ට් කරනවා ඉස්සර. ඒක හොඳ කවි බ්ලොගක් තමයි.

      Delete
    6. ඔව් බං ඉස්සර දැම්මා.. ඊට පස්සේ ඔක්කෝම කමෙන්ට් ඒකි මකල තිබුනා.. ඊට පස්සේ ආයිත් දැම්මා.. ආයිත් මැකුවා.. ඒත් කමෙන්ට් කරා. අන්න එහෙමයි අපි කරන්නේ.. හැක්

      Delete
  32. 1) රන්දිකා අක්කාගේ "සොඳුරු බාලේ ගෙවුණු තාලේ" කියන අනුවර්තිත පොත.එක එදා පොත එලි දක්වන දවසේදීමයි ගත්තේ.මුලින්ම බ්ලොග් ලියන කෙනෙක් විදියට රන්දිකා අක්කාව හමුවුනෙත් එදා.

    2) "තිලක සිත"සැප්තැම්බර් පොත් ප්ර්ද්ර්ශනයේදී ගත්තේ.ඒ පොත අතේ තියන් හිටපු තරුඅක්කාව මුලින්ම හඳුනා ගත්තෙත් එදා.

    3) "තරු අක්කාගේ "තරු ඇස් රහස්" තරු අක්කාව මුණගැහිලාම ගත්තා.

    4) හෙන්රි අයියාගේ "විල්ලරවාඩිය"නව කතාව මිතුරෙකු ලවා ගෙන්වා ගත්තා මරදානේ සුරස ප්‍රකාශකයින්ගෙන්.

    5)යශෝගේ "ඉතා කෙටි කලබල සිහින"තැපෑලෙන් ගෙන්වා ගත්තා.

    6) අජිත් අයියාගේ "පොල්කට්ටෙන් එපිටට" පොතේ දේශීය නියෝජිත කලණේ දුන්නා කොළඹදී හමුවූ විටකදී නොමිලේම.

    7) රසිකගේ "සිව් වසරක් මරදානේ"පොත ලැබුනා නොමිලේම තැපෑලෙන්.

    ඔය මගේ ගාව දැනට තියෙන බ්ලොගර්ලා ලියපු පොත්.තවත් බ්ලොගර්ලාගේ පොත් මිලදී ගැනීමට නියමිතයි.

    ReplyDelete
    Replies
    1. ‘‘තිලක සිත‘‘ සමඟ අපි මුලින්ම හමුවුණේ විදර්ශන පොත් කුටියෙදි.. ඒ 2014... මට මතකයි..

      Delete
    2. තැන්ක්ස් මනෝ.. රන්දිකා ඇන්ටිව එහෙම් පිටිම්ම අමතක උනා. ඒ ඇනිට්යි බෝධීනි ඇනිටියි පොත් එළියට විසි කලේ එකම කාලේ මට මතක විදියට..

      Delete
    3. හරියට හරි අක්කේ විදර්ශන පොත් කුටියෙදි 2014 දී තමයි.

      Delete
    4. ආන්න එදා තමා තරු නංගි වෑසක ඩෑල් තුනකට කොචොක් එකක් දැම්මේ.. හැක්

      Delete
    5. එක පොතක්වත් විකිණිලා නොතිබුණු ඒ අහිංසක කවියන් තුන්දෙනා පස්සෙන් දුවල මං එයාලගෙන් පොත් ගත්තා.. ඒකට හදල තියෙන පදයක හැටි... අනේ අනිච්චං...

      Delete
    6. //එක පොතක්වත් විකිණිලා නොතිබුණු ඒ අහිංසක කවියන් තුන්දෙනා පස්සෙන් දුවල මං එයාලගෙන් පොත් ගත්තා..//

      මට නං නියම ප්ලොට් එකක් ඒක. ඒත් කම්මැලියි අනේ කතාවක් ලියන්න.. හැක්..

      Delete
    7. මේ අපිත් අහිංසකයි තමයි , මරුමුස් පෙනුමට හිටියට. කවි පොත් නම් මන්ද ,කවි කොළ නම් තියෙනවා. ඒවත් මඩ කවි. මඩේ ඉඳලනෙ නෙලුම් පිපෙන්නේත් නැද්ද?

      Delete
    8. ඇයි අර සුභාෂිතයෙත් කියන්නේ..

      මිනිස් හට සොදුරු ගුණ සහ නුගුණ ඇත
      නිදොස් කෙනෙකු මෙදියත උපදනේ නැත
      වෙසෙස් සිනිඳු මුවරඳ බර සහස් පත
      කොරොස් නළින් යුතු වෙයි කටු පෙළිනි යුත

      Delete
  33. බ්ලොග් ලියන්න කලින් පොත් ලියපු ලේඛකයෙක් තමයි ගාමිණී විජිත් සමරකෝන්.

    ReplyDelete
    Replies
    1. ඔහු ද අලි ඇතුන් සම්බන්ධ ලස්සන පොතක් ලිව්වෙ.. මට පොතේ නම මතක නැහැ.

      Delete
    2. වීර කැප්පෙටිපොළ පොත මං කියෙව්වා.. අලි ඇතුන් ගැන පොත මට මතක නැ..

      ඩුඩ්. කෝ බං ඒ ගෙම්බා?? දැං මුණුපොතෙන් නෑනේ..

      (අම්බෝ වැදගත් මත්මයෙකුට ගෙම්බා කිව්ව කියල මේ අය තරහ වේවි. ඒක නිසා කියන්ං.. ගාමිණි මහත්තයගේ නමින් ලංකාවට ආවේණික මැඩියෙක් නම් කරල තියෙනවා ඒකයි ආදරේට ගෙම්බා කියන්නේ. හැක්)

      තැන්ක්ස් ඩුඩ්.. මට ගාමිණි මලයාවත් අමතක උනා..

      Delete
    3. Pseudophilautus samarakoon.....මූ නේද ගෙම්බා? තව ගොඩක් ලංකාවේ ගෙම්බෝ ඉන්නවා අපේ අය හොයා ගත්ත.

      Delete
    4. අරූ මෙන්න බඩු

      http://gaminievijith.blogspot.com/2013/03/37.html

      Delete
    5. ‘‘යාල නැගෙනහිර අහිමි වන මං‘‘ ඒ පොත ගැනයි මම කිව්වෙ... ඔහු තමයි ලේඛකයා.. හරිම ලස්සන පොතක්... මගේ පොත් එකතුවෙ තියෙනවා.

      Delete
    6. ස්තුතියි තරු..

      Delete
    7. Samarakoon, Gamini Vijith, 2009 (5th Reprint), Yala Nagenahira Ahimi Wanamang, Dayawansa Jayakody & Co, Colombo. (First published in 2000)

      Delete
    8. තැන්ක්ස් ප්‍රා..

      Delete
    9. මූණු පොතේ ඉන්නවා බං. දැන් කරන්නෙ දරු සුරතල් බලන එක ආයෙ මුල ඉඳලා හිටං.

      Delete
    10. දැක්කෙම නෑ. මම ඉස්සර නං නිතරම ලෙටර ඔෆ් ඩිමාන්ඩ් යවනවා හැක්..

      Delete
  34. ලිශ්ටෙක තියෙන එක හොඳයි.. බලනකොට නෝනා මහත්තුරු තමයි වැඩි හරියක් බ්ලූක්ශ් කොරල තියෙන්නෙ නෙහ්?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලිශ්ටෙක
      බ්ලූක්ශ්

      දෙකක් දාගත්ත්ම කමෙන්ට් දාන්න එපා කියලා කවුරුවත් කියලා දීලා නැද්ද හැබෑටම ! තව මොන මොනා ලියයිද මංද...!

      Delete
    2. දෙකක් දාල කොමෙන්ට් දානකොට අතේ තියෙන දාඩිය හරහා ඇල්කොහොල් වල පවර් එක කී බෝඩ් එකට ගිහිල්ල කී බෝඩ් එක වෙරි වෙනවයි කියල කවුරුවත් කියල දීල නැද්ද හැබෑටම.

      Delete
    3. ලබ්බි දෙකක් දාලා වගේ ලබ්බා පික්ෂු කෙලින්නේ. හැක්

      Delete
  35. මේ පොත් ගන්න එක තැනක් දන්න කව්රු හරි ඉන්නවා නම් කියන්න. හැබැයි online වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. තවම එහෙම හැකියාවක් නැහැ... ඉදරියේදි බලමු..

      වෙල්කම් වේවා...

      Delete
  36. ගොඩක් ස්තූතියි මේ ලිස්ට් එකට නම්.. ගොඩක් පොත් මං ගාවත් තියෙනවෝ.. :)

    ReplyDelete
    Replies
    1. හරිම සොයි නේ සිතු..

      මං ගාව නං කීපයයි තියෙන්නේ.. තව ටිකක් ගන්න ඕන.. වැඩේ කියන්නේ අර කිව්ව වගේ ගිහිල්ලා බුක්සොප් එකෙන් හොයාගන්න එකනේ.. උදව් කරන පොරක් හිටියොත් හොදා. නැත්නං අබ සරණයි.. ජය වේවා

      Delete
  37. මා ගැන සඳහන් කළාට ස්තුතියි ළමයිනේ .... පැන්ෂන් ගිහිල්ලම තමයි ආයෙත් බ්ලොග් එකේ මකුළු දැල් කඩන්න වෙන්නේ ... වැඩි කාලයක් නෑ ...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ගාමිණි අයියා.. ඔබ දැකීමත් බොහෝ සතුටක්.. ඔය ටික කාලෙත් ඉවසල ඉන්නංකෝ.. ජය වේවා.. සුභම වේවා..

      මම හිතනවා ටිප් එක දුන්නේ අතිජාතයා වෙන්ඩ ඇති කියලා.. තැන්ක්ස් ඩුඩ්.

      Delete
  38. බ්ලූක්ස් කියන්නෙ මුලින්ම බ්ලොග් අඩවි හරහා සමාජගත වෙලා ඉන්පස්සෙ ඒ සටහන්ම යම් සංස්කරණයකින් මුද්‍රිත කෘති හැටියට එළිදකින පොත් මං හිතන විදියට. අනිත් කොන, තිලක සිත, කොළඹ ගමයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බ්ලූක්ස්...

    බ්ලොග් රචකයකු විසින් ලියූවත් එය මුලින්ම බ්ලොග් අඩවියක පළ වෙලා නැත්නම් එය බ්ලූක් එකක් විදියට සලකන්න බැහැ කියලයි මට හිතෙන්නෙ...

    මගේ කවි පොත සමස්තයක් විදියට බ්ලූක් එකක් විදියට සලකන්න බෑ මං හිතන්නෙ. මොකද ඒ කවි අතර තියෙනවා මගේ උසස්පෙළ අවදියේ සිට ලියවුණු කවි. බ්ලොග් අඩවියේ පළ නොවුණු කවි...

    ReplyDelete
    Replies
    1. blogged things in a book - b"l"ook

      Thaus es rahas defa be a blook

      Delete
  39. නොදන්න දේවල් බොහෝමයක් දැන ගත්තා, බොහෝම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මක්කයි ඩීන් අයියේ දැනගත්තයි කිව්ව ඒවා.. හැක්. ජය වේවා කාලෙකින් දැක්කේ.

      Delete
  40. බලල නැති පොත් ටික ලිස්ට් දොවන් කර ගත්තා, ඉස්කොතුයි දේශක අයිය. :)

    ReplyDelete
  41. තැන්ක්ස් අරූ.. උඹ ඉතිං අවුල් කියල දන්න නිසා හොදා.. නැත්නං එක තැනක බෙට්ටක් හැලුවත් ඇති අපිට උඹ නං.. හැක්

    ReplyDelete
  42. අනේ, මටත් ආසයි පොතක් පලකරන්න!!

    ReplyDelete
  43. මං හිතුවෙ blook සංවාදය ගියෙ fb එකේ විතරයි කියල. දැනුයි post එක දැක්කෙ :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මදෑ අදවත් දැක්කා.. හැක්

      Delete
  44. දැං එතකොට බ්ලොග් ලියන එක බුක් ලියන එක තරම් පිළිගැනීමක් නෑ කියල හිතලද ඔය බ්ලුක්ද මොකක්ද මගුලක් ගැන කතාවෙන්නෙ. මහ ලොකු බ්ලොග් කරයන්ට බුක් සරණයි..(පොල්කිච්චිට හොරෙන් ලිව්වෙ ඈ)
    මීට පොල්කිච්චා

    ReplyDelete
    Replies
    1. හොරෙන්ද ලිව්වේ.. එහෙනං කමක් නෑ.. හැක්

      Delete