Tuesday, April 26, 2016

අනුකරණය හා ආර්ථිකමය කුහකකම!!

බ්ලොග් වසන්තයාට ඛේටය වේවා !!

ලෝකයේ කොනක, ඕනැම අහුමුල්ලක මනුෂ්‍යයන් වශයෙන් ජිවත් වන බොහෝ ප්‍රාණින්, තම ජීවිතයේ කවර හෝ දවසක, කිසිවෙකුගේ අනුකරණයක් සිදු කර නොමැත්තේ නම් එය අහඹුවක් වීමට පිළිවන.

මට මතකයි මං පුංචිම කාලේ තාත්තා දාගෙන ආපු සපත්තු දෙක හැන්දෑවට මගේ වගේ දාගෙන ගෙනියන්න පුළුවන් මොකක් හරි මල්ලකුත් අතේ තියාගෙන කලිසං මාල්ල පිටින් ගේ පුරා ඇවිදපු හැටි. එහෙම ඇවිදින කොට මට ඕන උනේ හැම කෙනාම “පුතා කොහේද යන්නේ“ කියල අහන එක විතරයි. එතකොට මම දෙන උත්තරේ “මං ඔපිස් යනවා“ කියන එකයි. එතැනදි කුඩා දරුවෙකු විදියට මට උවමනා වෙන්නේ, තාත්තාව අනුකරණය කරන්නයි. නමුත් මොන විදියෙන් හරි තාත්තව ජොබ එකෙන් අයින් කරල ඒ වෙලාවෙදිම ඒ ජොබ මම ගත්ත නං තාත්තා මට ගහයිද බැට් එකෙන්..??

බොහෝ විට ඊට පසුවත් මම සමහර දේවල් අනුකරණය කරන්න ගත්තා. ලොකු පන්ති වලට යද්දිත්, පොඩි පන්ති වල ඉද්දිත්, අරයා ගෙනාපු පෙට්ටිය වගේ එකක්, එහෙම නැත්නං අර වගේ පැන්සලක්, ඒ වගේ පාට පැන්සල් පෙට්ටියක් ඕන කියල කියපු වාර ඕන තරං ඇති. කොහොම උනත් ආර්ථික වාසියක් ඇති, වාත්තිය ට සම්බන්ධ අනුකරණයකදි මේ කියපු දේවල් ඒ තරං අහිංසක විදියට පේන්නේ නැත්තේ අැයි?

මැත කාලයේ හොදම උදාහරණ කිහිපයක් කලා ලෝකයෙන්ම ගන්න පුළුවන්. සිරස සුපර් ස්ටාර් වලින් කරළියට ආපු අමිලා නදීෂානී, ඇන්ජලින්ටත් වඩා ලගන්නාසුළු විදියට වේදිකා වල ඇන්ජලින්ගෙ ගීත ගායනා කරන කොට, පත්තර වල ඇන්ජලින් අමිලාට කියපු දේවල් බැලුවම හොදින්ම පැහැදිලියි. කෙනෙක්, තවත් ජනප්‍රිය අයෙකුගේ වෘත්තිය ජීවිතය හා උපයාගැනීම් හා බැඳනු දෙයක් අනුකරණය කිරීමේදි, ඒ උපයාගැනීම් හා ජනප්‍රියතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අනුකරණය කරන්නා ඩැගැහන්නවා කියන කටුක යථාර්ථයක් අන්වාර්යෙන්ම ඒ තුල ගැබ් වෙලා තියෙනවා. කොටින්ම කියන වං තමන් කාලා ඇදල ඉන්න ජොබට වෙන එකෙක් ඒ විදියට කෙලින්න හදන කොට ඔරිජිනල් උපයන්නාගේ හිත තුල ඇති වෙන්නේ මොන හැගීමක්ද? ඔව් පැහැදිලිවම ආර්ථික යුද්ධයක්. නමුත් ආර්ථික යුද්ධයේ නාමෙන් ඇන්ජලින්ගේ කටින්, අමිලා ගැන නැගි අවලාද, අවසානයේ නතර වන්නේ ප්‍රවීණයෙකු හැල්ලුවට ලක් කළ නවකයෙකු විදියටයි. ඇන්ජලින් නුල ඇද්ද තැන ඉදලා නුල ගහනතුරුම මොන රඟපෑමෙන් හිටියත් නූල යටින් තියෙන්නේ තමන් කඩා ගන්නා ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයක්  බවයි මගේ හැගීම.

ඔය විදියටම ප්‍රියා සුරියසේනත් එක්තරා රූපවාහිනි වැඩසටහනකදි මම අහගෙන හිටියා කියනවා. මේ අර සුපර් ස්ටාර් වෙච්චි අජිත් බණ්ඩාර ගැන. “මාව අනුකරණය කරමින් ලංකාව පුරාම ස්ටේජ් ගානේ සිංදු කියන ඔය පුද්ගලයාට අනුකම්පා කරණවයි“ කියලා. හැබැයි එතැනදි ප්‍රියා සමස්ථයක් විදියට නිහඩව හිටියා කියල මම පිළිගන්නවා. නමුත් ඇත්ත තත්වේ වෙනස්. අජිත් එක ෂෝ එකකට ප්‍රියාගේ සිංදු කියල අය කරන ගාන සමහර විට ප්‍රියාට මිනිහගේ සිංදු පනහක් කිව්වත් එක ෂෝ එකකදි හොයාගන්න බැරි වෙනවා. මෙතැනදි ඒ විදියට බැලුවම අවසානයේ ප්‍රවිණ-නවක ගැටුම මතින් දුවන්නෙත් මුදල් තමා.

අපට මේ ළගදි අහන්න සිද්ධ වුන නඩු හබ ගියපු හොදම කේස් එක තමා එම් ජී ධනුෂකයි, ප්‍රනාන්දු පවුලයි අතර අවුල. එම් එස් ගේ ගීත වලට ඇත්තටම සතත ජනප්‍රියතාවයක් තියෙනවා සමාජය තුල එක්තරා ප්‍රමාණයකින්. නමුත් ධනුෂ්ක එම් එස් ගේ සිංදු කියන්න ගත්තට පස්සේ විශේෂයෙන් අර හිස් ටින් එකක් ගීතයෙන් පස්සේ නවක පරම්පරාව තුල, ධනුෂ්කගේ හඩින් එම් එස් ගේ පැරණි ගීත අහන්න අති විශාල උවමනාවක් ඇති උනා. මේ හේතුව නිසා එම් එස් ගේ පුතා ස්ටේජ් එකේ තුට්ටු දෙකට කියන ගීත අහන්න කෙනෙක් නැති උනත්, ධනුෂ්කට ෂෙෘ් එකක් කරන ගානටම ගෙවලා එම් එස් ගේ සිංදු අහගන්න සිද්ධ උනා. මේ හේතු නිසා අන්තිමට නඩු හබ වලට මැදිහත් වෙච්චි ධනුෂ්කට එම් එස්  ගේ සිංදු කියන එක තහනං උනා නේ. ඒ උනත් මෑතක් වෙන තුරුම මොන නඩු තීන්දු තිබ්බත් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම් අහක දාන්න ධනුෂකට බැරි උනා. ඒ සිංදු කියන්න උනා. ඔන්න ඔය අලකලංචිය ආයිත් උසාවි ගියා. එම් එස් ගේ පුතා ඇඩු කඳුලෙන් කිව්වෙ “එපා කිව්වට මෙයා තාම ඒ සිිංදු කියනවා අනේ ඉහි ඉහි“ කියලයි. ඇත්ත තම තමන්ගේ බත්පතට වහපු හෙනහුරා පන්නන එක කොයි තරං වැදගත්ද කියල හිතෙන්නේ ඒ තත්වටෙ පත් උනාම තමා.

අලුත්ම කේස් එක බංදු සහ බිංදු. බන්දුත් නඩු දැම්මා. බිංදු බෝතලේගම රඟපෑ චිත්‍රපටි තුනක් ප්‍රදර්ශනය අත් හිටෙව්වා මං හිතන විදියට. අවසානයේදි නඩුව සමථයකට පත් කරගන්න නං බංදු කියන තියෙන්නේ “බිංදු මගෙන් සමාව අරන් ආයේ මේ වගේ දෙයක් කරන්නෑ“ කියල පොරොන්දු වෙනව නං නඩුව අහක් කරගන්නවා කියලයි. මේ නඩු කියල වැඩක් නෑ. මගේ ජොබට කෙලවිලා කියල නේද බංදු කියන්නේ.

මෙතැනදි මට හිතෙන විදියට ඉපැයුම් ප්‍රභවය තවත් කෙනෙකු සමග බෙදා හදා ගැනීම නිසා තමන්ගේ ඉපැයුම් සිඝ්‍ර ලෙස අඩු වෙන නිසා, කාලයත් එක්ක අනුකරණය ඉල්පී ප්‍රවීනයා යට යතැයි කියන අධික භිතිය මේ සියළු කාරණා වලදිම සිදු වෙලා ඇතැයි සිතෙනවා. ඒ කියන්නෙ කලාකරුවා කියන පුද්ගලයා තවත් එක් වෙළද සංකේතයක් කියන එක තමා පැහැදිලි වන්නේ. ඒ තුලින් පැන නගින මුදල මත නිමැවු ගැටළු, යුද්ධ බවට පත් වී අවසානයේ නවතින්නේ ප්‍රවිණයන්ට ගරු නොකරන ආධුනිකයන්ගේ ගොඩටයි.

අවසානයේදි ආර්ථිකමය කුහකකම යුද්ධයක් බවට පත් වෙනවා. මේ යුද්ධයේ අනුකම්පාව නිතැතින්ම ප්‍රවිණයාට හිමි උනත් ආධුනිකයා පැරදි පළා යාවිද? ඒක ගැටළුවක් වෙන්න අවශ්‍ය නැහැ. මම නං හිතන්නේ ආර්ථිකමය කුහකකම පැත්තකින් තියල ආධුනිකයාට යම් උපකාරයක් කරල ඒ කියන්නේ බංදුට නං තියෙන්නේ දෙන්න එක්ක එකට රඟපානන්නයි, ඇන්ජලින්ට තියෙන්නේ සිංදු දෙක තුනක් අමිලාට දෙන එකයි, ධනුෂ්කට අර හිස් ටින් එක දීල සද්ද වහගන්න එකයි කරා නං දෙගොල්ලන්ටම පැවැත්මක් ඇතෙයි කියලායි. එහෙම උනානං තමන්ට වඩා අරයා හොයනවා කියන මානසිකත්වය නිසා ඇති වෙන ඉරිසියාව පාලනය කරගන්න බැරි වෙනවා. ඒක නිසා අවසානයේ ප්‍රවීණ කලාකරුවා මහා කුහකකරුවෙක් වෙනවා. තීරණය මිනිසුන් අතේය.

පලි- මේක තව පැති දෙක තුනකින් බලන්න ඇහැක් නං හොදා..

159 comments:

  1. දැන් හිතමු මෙහෙම දේශකයා කරන දේෂක ජොබට කෙළින්න දේශකයගෙන්ම ඉගන ගත්තු ගෝලයෙක් එනවා. එතකොට දේශකයා අපි දෙන්නම දේෂකයෝ දෙන්නෙක් වෙමු කියලා අත දෙනවද? නැතිනම් මං තමා මෙතැනට ප්‍රවීණ කියලා සටනට බහිනවද?

    මම නම් හිතන්නේ මුල්ම කාලයේ අනුකරණයක් නැතුව කිසිවක් සිදුවෙනනේ නෑනේ. එත් යමක් තේරෙන විට තමන්ටම කියා අනන්‍යතාවක් තියන ක්‍රමයක් හොයා ගන්න එක වඩා හොදයි කියලයි.
    මේ උදාහරණය ඔබ ගත්ත කලාවට අදාළම මම කියන්නේ. යම් ජනප්‍රිය තාවක් ඇති කරගත්තනම් එතැන් සිට පැරැණ්නාගේ දේ භාවිතය නවතා දැමිය යුතුයි. එසේත් නැතිනම් අයකරන දෙයින් නිසි භාගයක් ඔහුට ගෙවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. //දැන් හිතමු මෙහෙම දේශකයා කරන දේෂක ජොබට කෙළින්න දේශකයගෙන්ම ඉගන ගත්තු ගෝලයෙක් එනවා. එතකොට දේශකයා අපි දෙන්නම දේෂකයෝ දෙන්නෙක් වෙමු කියලා අත දෙනවද? නැතිනම් මං තමා මෙතැනට ප්‍රවීණ කියලා සටනට බහිනවද?//

      එහෙම උනොත් නං... කෝ මේ ඕනයා. උගේ පෝස්ට් එකේ අන්තිමට තියෙන්නේ ඒක තමා කියන්නේ.. හැක් හැක්..

      අනේ නැහැ බං නලියෝ. මොලේ අබ ඇටයක් හරි තියෙන එකෙක් නං මේ මගුල කරන්නෑ.. හැක්..

      මේ භාවිතය නවතා දැමීම ටිකක් අමාරුයි.. ජනවාරි වෙන කොට ධනුෂ්කට තහනං කරලයි තිබුනේ එම් එස් ගේ සිංදු මොන විදියෙන් වත් කියන්න. ඒත් දෙසැමබර් 31 රෑ තිබුන ෂෝ එකක හිස් ටින ්එකක් කිව්වා.. ඒක ඉල්ලීම.. කාටවත් උවමනා නැහැ ඒක සුසුල් කියනවා අහන්න. අන්න ඒක නිසා මං කියන්නේ සුසිල් තමන්ගේ තත්වේ තියාගෙන ඒක දුන්නා නං අහවරයි කියල

      Delete
    2. මචෝ හිස් ටින් එකක් සිංදුව සිරිල් ඒ සීලවිමල ලියල ,ගායනා කරේ ජෝතියි ,බෙග් මාස්ටරුයි මිල්ටන් පෙරේරයි නේද.. අන්තිමට ඒ සිංදුව එම් ජී ට සිරිල් මහත්තය දුන්න වාගෙ මතකයි කියන්න දිගටම කියල.

      සුසිල් ගේම ඉල්ලුවෙ මගෙ හිතේ MS ගෙ මම එන්නෙ ඩුබායි රටේ ,ඔබ දකින දකින වගේ සිංදු MG කියන එකටද කොහෙදෑ …

      Delete
    3. ඔව් ඒක ඇත්ත. මේක එම් එස් කියන්නේ නැහැ.. වැරුද්ද මගේ.. ඒත් බං ඒක කියන්න බැහැ කිව්වා එදා.. කේස් තියෙනවා කියලා.. ඒ ගැන නම් නොදනී.. ස්තුතියි නිවරැදි කිරිමට පත්තරේ..

      Delete
    4. ඔව් නෙවැ බං..සමහර "ආටිස්" ල සිංදු තුන නෙවැ කියන්නෙ අය කරන ගානට.බැරිම නං හතරයි.හැක් ඒම උනාද දන් නෑ .. මොකෑ කපුගේල වාගෙ සිංදු පහලවක් දාසයක් කියල ඒ තුට්ටු දෙක ආයෙම ඕගනයිසර් මල්ලිට දීල ගිහිං ඇහැක :D

      Delete
    5. පොඩි ගානයි බං ගත්තතේ. සිංදු පහට.. හැටයි..

      Delete
    6. ළිදෙන් වතුර බීලා..
      එයින් වතුර නාලා..
      ළිඳට ගල් ගසාලා..
      වතුර බොර කරයි මිනිසා..
      වතුර බොර කරයි මිනිසා
      ගඟට ආවඩයි..

      ගහේ වැල එතීලා යාවී හැදී..
      පසුව මිලින වීලා සාරේ අදී..
      කාලා බීලා නිදලා කාලේ ගෙවයි..
      කාපු තැනද වනසා මිනිසා දුවයි..

      ඉණිමන් තබාලා නැගීලා බලයි..
      එයට පහර දීලා කඩාලා දමයි..
      අතීතේ නසාලා දිනුවා සිතයි..
      තිබූ තැනද නැතිවී පරාදේ වැටේ..

      ළිදෙන් වතුර බීලා...

      ගායනය : වික්ටර් රත්නායක
      පද රචනය : සිරිල් ඒ සීලවිමල
      සංගීතය : ආර්. ඒ. චන්ද්‍රසේන

      Delete
    7. අයි මචන්ලා ඇර රතු පොර "රාජ මාළිඟේ කියන්නේ උගේ වාගේ ....

      Delete
    8. ස්‍රිල් ඒ සීලවිමල මාස්ටර් ගැන ඔය මට උඩිං ඉන්න හෝතඹුවා ලියපු පෝස්කටුව :D

      http://sinduano.blogspot.it/2015/05/blog-post_8.html?m=1

      Delete
    9. ඉහත "ළිදෙන් වතුර බීලා" කියන ගීතයත් , අති දක්‍ෂයන් බොහොමයකට මුහුණපාන්නට සිදු වූ අවසනාවන්ත සිද්ධිදාමයන් ට ඒ අයුරින්ම ආර් ඒ චන්ද්‍රසේන සංගීතවේදියා ට ද මුහුණ පාන්නට සිදුවීම අරභයා ඔහුගේ සිතේ නැගුණු වේදනාව මිතුරු මාධ්‍යවේදී සීලවිමලයන් හරහා දිගහැරුණු අයුරයි මේ

      ඔහුගේ ගීත ද ප්‍රචාරය වීම වළක්‌වාලන විට ඔශුට එය සිදුකරන්නට ඉතිරිව තිබුනු එකම ක්‍රමවේදය එවකට පැවතුනු එකම විකල්පය වූ පෞද්ගලික වෙළඳ තැටි ව්‍යාපාරයයි

      බොහෝ වියපැහැදම් කර වෙහෙස වී ඔශු ද තමාගේ නමින් ඇරඹු ආර් ඒ සී තැටි ව්‍යාපාරයේ ගීත ගැයුවේ කලෙක ඔශුගේ සිසුවෙකුව සිටි වික්‌ටර් රත්නායකයන් ඇතුඵ චන්ද්‍රසේන දියණිවරු දෙදෙනායි

      එක්‌තරා අතිශය නිර්මාණශිලි සංගීතවේදියෙක්‌ ද 50 දශකයේදී ඔශුගේ සිසුවෙකුව සිටි බව සඳහන්ය නමුත් පසුව ඔහු කිසිමවිටක ඒ බව හෙළි නොකර සැගවනු ලැබීය (ළිදෙන් වතුර බීලා -එයින් වතුර නාලා ළිඳට ගල් ගසාලා වතුර බොරකරයි - ගගට ආවඩයි
      ඉනිං තබාලා නැගිලා බලයි - එයට පහර දීලා කඩාලා දමයි අතීතේ නසාලා දිනුවා සිතයි)

      චන්ද්‍රසේනයන් ඒ නිසා ද සිත් තැවුලෙන් සිටින්නට ඇත

      මේ සිද්ධිය පසුව මහාචාර්ය ආරියරත්නයන් සාක්‍ෂි සහිතව ඔශුගේ කෘතියකින් හෙළිදරවු කරනු ලැබීය (ගාන්ධර්ව අපදාන)

      (Prabath Rajasooriya)

      Delete
    10. මම නං හිතන්නේ ඕනවට වඩා තමන්ගේ කියා බදා ගැනීම නිසා මෙවැනි සිත් වේදනා ඇති වෙනවා කියලයි.. හැකි අයුරින් බෙදා හැරීම සැමවිටම ගුණදායකයි.. අපි බුදුන් අනුගමනය කරන අය වෙලත් මිනිසුන්ගේ හිත් තුල මතු වන මමත්වයේ සෙවනැලි වල අවසානයක් නැහැ නේ..

      ස්තුතියි ප්‍රභාත්..

      Delete
  2. මේ ගීතයත් ඔය වාගේම සිද්දියකට ලියවුන එකක් ...

    කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
    කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
    අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
    කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා

    ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා
    බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා
    බඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලා
    ඔහේ සිනා සෙනු මිස විහඟුන්ගේ ගී අහලා

    කුණාටු සුළි සුළං වැදී ගහකොල පෙරලාවි
    මුල හොඳනම් ගසක් ළඟදි කුණාටු පරදීවී
    ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී
    ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී

    ගායනය - මාලනී බුලත්සිංහල
    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - එච්.එම්. ජයවර්ධන

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තමන්ගේම පාසලේ තමන්ගන්ම සංගිතය ඉගන ගත් සංජිවනි විරසිංහත් එක්ක ඇතිවූ ආරවුලකට පසු තමා මේක ප්‍රේම් මාලනිට ලියල දෙන්නේ. එතකොට මාලනී ආනන්ද බාලිකාවේ සංගිත ගුරුවරිය සංජීවනි ගෝලයා.
      කතාව මේකයි මට මතක විදියට නම්.

      Delete
    2. ස්තුතියි සිංදු ඇනෝ.. මෙතැනදි වෙලා තියෙන්නෙ නං නලියා කිව්ව වගේ වැඩක්. ගෝලයා ගුරාට වඩා ඉහල යන්න ගිහින් වෙච්චි ඇබැද්දියක්..

      නලියා

      ඕකේ කතානායිකාව සංජිවනි විරසිංහයි කියල මම උඹ කියන කං දැනං හිටියේ නැහැ..

      Delete
    3. ඔව් නලින් අයියෙ .. දවසක් මාලනී බුළත්සිංහල ෂෝ එකකට ආරාධනා ලැබිල ලිස්ට් එකේ සයින් කරල බලං ඉන්නව ටර්න් එක එනකං..ඊළඟ ෂෝ එකට යන්න ටයිම් මදි වෙන නිසා ලිස්ට් එකේ උඩින් ඉන්නව දකින් තමන්ගෙ ගෝලයගෙන් චාන්ස් එකක් ඉල්ලද්දි එයා බෑ කිව්ව නිසා උන් හිත් රිදීම උඩ මේ සිංදුව හැදුන කියලයි මාත් අහල තියෙන්නෙ.

      Delete
    4. රායිට් පාද්රේ බ්‍රදර්.. මටත් දැං මතක් උනා.. සින් එක. ජය වේවා

      Delete
    5. ඔය කතාව ඇත්ත.

      Delete
    6. කන්ෆර්ම්ඩ්. තැන්ක්ස් අරූ.

      Delete
  3. මචං දේශා එදා සම්මාන උලෙලෙදි දැක්ක කතා කරන්න හිතන් උන්නත් බැරිඋනා.
    ලබන් සැරේදිවත් හම්බ වෙමු.

    ReplyDelete
    Replies
    1. මාක් උම එක්ක කතා කරන්නමයි හිටියේ ඒත් බැරි උනා නේ බං මේ අවු අස්සේ..අනිවා ලබන සැරේ කතා කරමු.. ජය

      Delete
    2. නෙලුම් යායද?
      ඔය අහක බලාගෙන කකුලෙන් වෑන් එක තල්ලු කරන කොලිවුඩ් එක්කෙනා හිටියද?

      Delete
    3. ප්‍රා ට වෝට් කරා අර වස්න්තයා ගාව. දැං හිතෙනවා අපරෙදේ කියලා..

      Delete
    4. හෑ. ඇත්තද? මං බලයට ආවහම ඔය බලන බැල්මට තල්ලුවෙන සුකෝපබෝගී වාහනයක් ගන්න සලස්වන්නම්

      Delete
    5. මං ඔය මහත්මයාව හෙව්වත් එක්ක රසිකලොජිස්ට් ගාව.. ඒත් අපසාදේ නේද අනවශය විදියට ‘නිර්මාණ‘ වලට කරදර කරන්නේ.. කියල හිතුනා පස්සේ.. මොඩ කමට දැම්ම මිසක් ආයි මකන්න නං බැලුවේ නැහැ. හැක්..

      ඔබව බලයට ගෙන ඒමට “එක“හෙලා කටයුතු කරමි..

      Delete
    6. කරදර කිරීම එක හෙලා දකිමි

      Delete
    7. ඉස්තුතියි.. මාත් එක හෙලා දකිනවා.. හැක්..

      Delete
    8. කවුද යකෝ වෑන් තල්ලු කරන්නෙ හිටං.

      Delete
    9. ඕං මං දන්නෑ.. මං ඉතිං සද්ද වහල හිටියා.. ප්‍ර ජේ තුමනි.. දැං ඉතිං ඔබතුමාම මේ අවනඩුව බලාගන්ඩවා හොදා.. හැක්

      Delete
    10. අපරාදෙ ජපන වෑන් එක ඇංජිමකුත් එක්ක එව්වෙ … විල්බැරෝ එක වාගෙ හැන්ඩ්ල් දෙකකුත් එක්ක එව්වනං තල්ලු කරන්න තිබුන ඉෂ්ම යන්ඩ :D

      Delete
    11. වෑන් තල්ලු ලස්සන පෝට්‍රේට් එක ඉවත්කර බයංකාර එකක් දැමීම ගැන විරෝදය

      Delete
    12. ලැජ්ජාසහගත පොටොවක් නිසා එය ඉවත් කලෙමි.. හැක්..

      Delete
    13. එහෙමනම් ඔය කොඩි බැජ් එකවෙනුවට ගැලපෙන චේන් සෝ එකක් දාන්න

      Delete
    14. ඊට වැඩිය හොඳ නැද්ද RPG ලෝන්චර් එකක් දැම්මනං.

      Delete
    15. ප්‍රා... මේක බලල තියේද??

      http://deshakaya.blogspot.com/2013/06/blog-post_8.html

      Delete
    16. දුටුවෙහිද ප්‍රසන්නයාගේ අනුවර්තනය.. ඒ දින වල බ්ලොග් වල ඔහු ත්‍රිබාසා අයියාය.. දැං බෙහෙතකටවත් එහෙම කියන එකෙක් නැතිය.. මිනිහා නිකම්ම කොන්කිරිට් බාස් උනේය.. හැක්..

      Delete
  4. Replies
    1. අම්මේ සරස උතුමන් සතොසින්..

      Delete
  5. කාලෙ එක්ස්පයර් උනාම දමල ගහල යන්න ඕන බං. අලුත් පරම්පරාවෙ එවුවො පරණ සින්දු අහන්න ආස උනාට ඒව අහන්න කැමති උංගෙ වයසෙ එවුවන්ගෙ වොයිස් එකෙන්. ස්ටේජ් එක උඩ උලගැහුව පඹය වගේ හිටගෙන සින්දු කියන උංට දැන් ඉන්න එවුවො කැමති නෑ.

    හැබැයි නලිය කියල තියෙනව වගේ අලුතිං ආපු එකෙක් ජනප්‍රිය උනාම ඌ හැමදාම වෙන එකෙක්ගෙ සින්දු උලාකන්නෙ නැතුව තමංගෙම දෙයක් මිනිස්සුන්ට දෙන්න දැනගන්න ඕන. මම හිතන්නෙ සිරසෙන් ආපු ගොඩ දෙනෙක් ඒ වැඩේ කෙරුව රුක්මන්, ප්‍රදීප් රංගන වගේ අය.

    වසන්තය උඹට පොල්ලෙන් ගහල වගේ ලියල තියෙන්නෙ. ආයෙ බලහං අකුරු අඩුපාඩු තියෙනව. හැක්... ටෙක්ස්ල.

    ReplyDelete
    Replies
    1. ආයි මේ කපේදි නං අකුරු හැදෙන්නෑ බං.. අඩු ගානේ පොඩ්ඩක් කියවල බලන්න ඕන.. ලියපු ඒවා හරියට ගලපලාද කියලවත්.. උඹලව පත් කරල තියේනනේ ඕවට නේ.. අඩුපාඩු කියන්න. නැතිව මෙතැන ඇවිත් පිට කහන්න නෙමෙයි.. කොන්කිරිටා.. හැක්..

      අපි අලුත් වෙන්ඩ ඕන අනේ.. ගම්මු බොක්ස් වෑන් එකක්.. අර ලඩිය විසික් කරලා..

      Delete
    2. උඹ ඕක කියල බලහං අර මාල්ඩිවුෂ් හෙන්රියට.

      Delete
    3. උඹට අකුරුවැරදිලා බං. මාල්ඩිවුපිෂ් කියලයි ලියන්න ඕන. .හැක්

      Delete
    4. අඩෝව් උඹලා හිතා ඉන්නෙ මම Grammar Nazi කෙනෙක් කියලද?

      ප්‍රසන්න උඹේ 'ස්ටේජ් එක උඩ උලගැහුව පඹය වගේ' කියන යෙදුම නම් සුපිරියි. අවුලකට තියෙන්නේ 'එහෙම හිටගෙන සින්දු කියන උංට දැන් ඉන්න එවුවො කැමති නෑ' කියන ප්‍රකාශයෙයි. එහෙම උන්ට දැන් ඉන්න උන් විතරක් නෙවෙයි අපි හුඟ දෙනෙක් වුනත් කැමති වුනේ නෑ. නමුත් සමහරු විශ්වාස කලා ඔය ප්‍රබුද්ධ කට්ටිය එහෙම රඟන්න ගියොත් ප්‍රබුද්ධත්වයට හානියක් වෙයි කියලා.

      Delete
    5. එහෙම කියන්න බැරි සින්දුත් තියෙනව තමයි. උදාහරණයක් හැටියට ගත්තොත් එඩ්වඩ් කියන බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා සින්දුවට එහෙම කරන්න බැරි උනාට එයාම කියන කොපර කොපර පිපිඤ්ඤා සින්දුවට පොඩි ඇක්ෂන් පාරක් දාන්න පුලුවන්නෙ.

      Delete
    6. මේවා මේ තාවකාලික පොප්ස්.. කොහොම උනත් අපි එක් එක් ගායකයාගෙන් බලාපොරොත්තු වන දේ සාපේක්ෂව වෙනස් නැද්ද??

      Delete
    7. ඩුඩ්.. උඹත් ඉතිං කොක්කටම නේ.. කොක්ක සැර වැඩි උනාම පිට පොට පැටලෙනවා.. හැක්... අපි කතා කරේ උඹගේ බල්ලෝ වයර් කන, පේපර් ජිපිඑස් වලින් වැඩ කරන, ෆුල් ඔටෝමේටඩ් හයිවේ හෙජ් ලයිට් ඩිටෙක්ටර් වෑන් කස්ට ගැන.. හැක්

      Delete
  6. ශක්‍ර දෙවියොත් උදවු කළේ ගුත්තිලටනේ. ශක්‍ර දෙවියෝ කියන්නේ ලෝක සම්මතය.

    ReplyDelete
    Replies
    1. ඉකොට මුනුපොතේ හින්ට් එකක් දාලා ඇති.. බලාන්ඩ හොදේ..

      Delete
  7. වෑන් එකක් කකුලෙන් තල්ලු කරන්න හදන හාදයා ඉන්නෙ ගල් වැඩපොළක් ලඟද බං.

    ReplyDelete
    Replies
    1. කොන්ක්‍රිට් බ්ලොග් ගල් වැඩ පොළක අයියා.. හැක්

      Delete
    2. නෑ හැලපෙ අයියා, ඒ හාදය ඉන්නෙ ටවුමෙ ගාමිණී හෝටලේ පිටිපස්සෙ කාමරේ හිටියයි කියල තමයි ඇනෝලනං කියන්නෙ.

      Delete
    3. කියන දෙමලක් තේරෙන සිංහලෙන් කියහං

      Delete
  8. මොනා වුණත් දේශකයා, ඒ ගීත තමන්ගෙ බඩ රස්සාවනං, තමංගෙ සොච්චං ගාස්තුවකට ගයන ගීත ආධුනිකයෙක් කහවනු මලු වලට ගායනා කරනවනං ගේම ඉල්ලන එක පුදුමයක් නෙවෙයිනෙ, තරහ යන එක සාධාරණයි. කොච්චර ප්‍රවීණ වුණත් හැමෝටම මනුස්ස ගතිගුණ පොදුයිනෙ. මාත් විස්වාස කරන්නෙ ආධුනිකයො සාධාරන විය යුතුයි කියල. ප්‍රායෝගිකකම අඩු වෙන්නත් පුලුවන්. ඒත් තමං තැනකට ආවට පස්සෙ දිගටම අනුන්ගෙ ගීතවල එල්ලිලා නොයිඳ තමන්ගෙ ආරකට යන්න ඕනෙ. එතකොට දෙපාර්ශවයටම සාධාරණයක්. ඉහළිං සඳහන් කරල තිබුණ ප්‍රදීප් රංගන ගැන, මාත් එකඟයි. නමුත් ඊයෙත් මං දැක්ක බස් එකක වීඩියෝවක, සුරේන්ද්‍ර පෙරේරා.. ඔහුගෙ එක ගීතයක් ගායනා කරල ඉතිරි ගීත දෙකම ජෝති ගීත ගායනා කළේ. සුරේන්ද්‍රට අනන්‍යතාවක් හදාගෙන ඔහුගෙ ගීත ගොඩක් ජනප්‍රිය වෙලා තියෙද්දිත් තාමත් ජෝතිගෙ පානෙන් එළිය බලන එක මමත්නං අනුමත කරන්නෑ.

    ReplyDelete
    Replies
    1. මම බලාපොරොත්තු වෙච්චි වටිනාම මැදහත් කතාව ඔබගෙන් ලැබුනා.. ස්තුතියි..

      පොඩි අවුලක් තියෙනවා හැබැයි. ප්‍රවිණයනුත් යම් මට්ටමකට (ඔවුනුත් කලාකරුවන් නිසා) නවකයාටත් ඉඩක් අවස්ථාවක් කාලයක් ලබා දිය යුතුයි.. මම හිතන විදිය.. ස්තුතියි.. ලේපාහී.. හැක්

      Delete
    2. ජෝතිගෙ ගීතවල හිමිකම තියන ජෝතිගෙ මස්සිනා වෙච්චි හේමන්ත වර්ණකුලසූරිය සෑර්ගෙං සමහර සිංදුවල හිමිකම සුරේන්ද්‍ර ගත්ත වෙන්ටැ සල්ලි දීල.. ඕ යේස් . මං දැක්ක දවසක් එහෙම කතාවක් කීවා !!

      Delete
    3. වර්ණකුලසුරිය උන්නැහේ හරිම පරිත්‍යාග ශිලි නිසා නිකං දුන්නද දන්නැ. හරියට අර අඩු ගානට නඩු කතා කරල ඇප අරං දෙන්න ඕන උසාවියකට එනවා වගේ.. පව් අප්පා.

      Delete
    4. ආයි මක්කද බං මෙහේ තානාපති වෙලා ඉඳල ළඟදි නෙවැ ගියෙ .තාම ගුණ කියනව මිනිස්සු.හැක් … රත්තරං කඳක් :D

      Delete
    5. @Pattare,6 matto? Un bastardo nato. Un pervertito.
      No sinhala

      Delete
    6. ඒ උත්තමයට ඒම කතාකරන්ඩෙපා මිස් .. කකියනවා..හැක හැක
      ඉන්න ටිකේ කරපු "සේවයට" මිනිස්සු උන්දැගෙ මෑණියන්ටත් පිං දෙනවා මං ඇස් දෙකට දැක්කා..හචිං යන්ඩැති බර :D!!! ඕ යේස්

      Delete
    7. අපිත් නිතරම මතක් කරනවා අනේ එතුමගේ ගුණකදම්බය.. හැක්

      Delete
  9. යමෙකුගේ සාර්ථකත්වය රඳා පවතින්නේ short term සහ medium term වලදී තමාව කොපි නොකල හැකි දෙයක් සොයාගන්නා හෝ නිශ්පාදනය කරන්නායි. Long term වලදී හෑම දෙයක්ම අනුකරණය වේ. ජපානය මුලදී දියුණු වූයේ බටහිර නිශ්පාදන කොපි කොට ඊට වඩා අඩුමුදලකට නිශ්පාදනය කිරීමෙනි. කොරියාව ජපානය අනුකරණය කල අතර චීන පහා පරිමාණයෙන් ලෝකයේ සියළුම නිශ්පාදන කොපි කරන ලදී. අළුතින් යමක් සොයා ගැනීම අමාරියි. අනුකරණය ලේසියි. අනුකරණය වීමට බයනම් ක්ශෙත්‍රයෙන් ඉවත්විය යුතුය.

    ReplyDelete
    Replies
    1. කලා ලෝකයේ අනුකරණයන් හා එයින්මු ලැබෙන මුල්‍යමය වාසි ගැන ඉයන්ගෙන් කරුණු දැන ගැනීමට කැමතියි..

      Delete
  10. මේ වගේ කසි කබල් පෝස්ට් දාලනම් වසන්තයට ඛේටවන්න බැරිවෙයි..

    මමත් අද ඉඳලා දේශකයගේ පොස්ට් ටික මුල ඉඳන් ඔක්කොම මගේ එකේ දාගෙන එනවා.. පුලුවන්නම් උසාවි පලයන්..

    ReplyDelete
    Replies
    1. මේකගෙ පෝස්ට් රී පබ්ලිෂ් කරලනං උඹට ජනප්‍රිය වෙන්න බැරිවෙයි. හැක්..

      Delete
    2. අන්න කරනව නං වැඩ.. උඹට තියෙන එකත් නැති කරගන්න මගක්.. හැක්.. එක්කො අපේ බාස් අල්ලගෙන කොන්කිරිට් පාරක් දාහං වැඩේ හරි යයි..

      Delete
  11. ප්‍රවීනයෝ රහත් වෙලා නැති බව විතරක් මතක තියා ගත්තනම් ප්‍රශ්නෙන් බාගයක් පටන්ගන්නකොටම ඉවරයි...

    ReplyDelete
    Replies
    1. ඒක නං එහෙම තමා සෙන්නා.. ඒත් මම හිතන්නේ ප්‍රවීණ - නවක සියලු දෙනාම සිතින් විවෘතව කටයුතු කරනවා නං හොදයි. ඇති තරම් බදා ගැනීම කලාකරුවන්ට විතරක් නෙයෙමි සාමානය මනුස්ස්සයාතේ නුගුණයි..

      Delete
    2. නැතුව නැතුව.. අපි ඇවිල්ලා උදේ හවා අත්හැරීම ගැන කතා කරණ ජාතියක් වෙච්චි....

      Delete
    3. yela yela.. අන්න එහෙම ජාතියක් කරන්න වටින වැඩද මේවා.. අර පිට කවරේ මං හදල දෙන්නං.. ඕන එකක් කියලා.. හැක්

      Delete
  12. තමන්ගේ ගීත අනුන් ගායනා කරන එක ගැන ජිප්සීස් සුනිල් පෙරේරා එක්තරා වැඩසටහනකදී කියුවේ තමන්ට ඊට වඩා සතුටක් නැහැ කියලයි. ඒක මම හිතන්නේ ඔය දේශා උඩ කතා කරන කට්ටියට හොඳ කනේ පහරක්. ජිප්සීස්ලගේ ගීත වෙන අය කියනවා කියලා ඔවුන්ගේ ජනප්‍රියත්වය අඩු වෙලා හෝ ඔවුන්ට ලැබෙන ප්‍රසංග වල අඩුවක් නැහැ. තමන්ගේ ගීත වෙන අය ගායනා කිරීමෙන් තමන්ගේ ජනප්‍රියත්වය අඩු වෙනවා කියලා අඬන්නේ බොහෝවිට අලුතෙන් සින්දුවක් නොකරන, තම පරණ කටහඬ බොඳවීගෙන යන අය. ඔවුන් යථාර්තය තේරුම් ගෙන පවතින තත්වයට හැඩ ගැහෙනවානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මේ උදයගේ කතාව වැදගත්. මම එහෙම අහල නැහැ. ජිප්සීස් ල වෙන අය තමන්ගේ ගීත සලිවලට ගායනා කරනන් දෙනවද?

      Delete
    2. උදය නිවරැදිවම මට කියාගන්න බැරි වෙචිචි දේ කියල තියෙනවා.. මමත් කියන්නේ මෙන්න මේ අනයොන්ය අවබෝධය මිනිසුන් අතර වර්ධනය විය යුතුයි කියලයි.. එවිට ලෝකය බොහා් ලස්සන වේවි.. ස්තුතියි උදය

      Delete
    3. ළහිරු පෙරේරා, රන්ධීර් වැනි නව පරපුරේ ගායකයින් කිහිප දෙනෙකුම ජිප්සීස්ලගේ ඇතැම් ජනප්‍රිය ගීත මුල් ආකාරයෙන්ම හෝ රිමික්ස් ලෙස ගායනාකර තිබෙනවා. ඒවායෙන් ඔවුන් යම් ඉපයීමක් නොකලා වෙන්න බැහැ. සුනිල් අයියා නවකයින්ට උපරිමෙන් අත දෙන නිහතමානී ප්‍රවීණයෙක්. මා දන්නා තරමින් අදටත් සුනිල් පෙරේරා ඔහුගේ ගීත ලියන ලද ගීත රචකයන්ට මාසිකව යම් ගෙවීමක් කරනවා. මෙන්න මේවගේ මානුෂික කරුණු නිසා අනෙකුත් බොහෝ ප්‍රවීණයින්ට සුනිල් වගේ චරිත දිරවන්නේ නැහැ. ඒ නිසා සුනිල් පෙරේරා ගැන සමාජගතවෙලා තියෙන්නේ බොහොම වැරදි චිත්‍රයක්. මේ බොහෝ ප්‍රවීණයින් අමතක කරන වැදගත්ම කරුණ තමා තමුනුත් දිනක ආධුනිකයෙක්ව සිට අනුන්ගේ ගීයක් ගයා ක්ෂේත්‍රයට පැමිණි බව.

      Delete
    4. සුනිල් අයියගේ දන්සල් වලට සල්ලි දෙන සීන් එකක් අර සිංහයා ටික කාලෙකට උඩදි බ්ලොග් එකේ ලියල තිබුනා..

      Delete
    5. මම හිතන්නේ සුනිල්ට පොඩි ගානක් දීලා ඒ ගීත ගන්න පුලුවන් කියලයි වෙන අය වෙන වර්ශන්ස්,කවර්ස් කරනවා නම්. ආධුනිකයින්ට නම් පොර බොක්කෙන්මලු.

      Delete
    6. ඒ කතාව ඇත්ත. කාලා බිලා ඉන්න මිනිහ නේ.. මොන දේ උනත් සුනිල් අදහස් ගැන මට හෙන පැහැදීමක් තියෙනවා. සමාර අයට ඇත්ත දිරවන්නේ නැහැනේ..

      Delete
    7. ඕයේ ඔජායේ ඔරිජිනල් එක 1983
      https://www.youtube.com/watch?v=kr9h5xBQz3k

      Delete
    8. මේ දවස් වල හිට් එකක් නේද පැතුම්.. අර සොසියාත් ඕක දාලා තිබුනා මං දැක්කා.. හැක්.. තැන්කුයි.. උඹට වසන්තයා ඔලුවට ගැහුවේ නැතෙයි..

      Delete
    9. වසන්තයා නෙවෙයි බන් චීනා ඔළුවට ගහල පිස්සු හැදිලා ඉන්නේ..

      Delete
  13. අනුකරණය කෙසේ වෙතත් ගෙඩි පිටින් ඉස්සීම නම් හොඳ නැහැ. එක මනුස්සයෙක් මහන්සි වෙලා සින්දුවක් හදල කිව්වට් පස්සේ ඒක නිකම්ම උස්සලා සල්ලි වලට වෙන තැනක ගායනා කරනවා කියන්නේ හොරකමක්. :(

    ReplyDelete
    Replies
    1. අජිත් බොහෝවිට ගීතයට වඩා ගායකයාට ඉල්ලුමක් තියෙන බව පේනව නේද? කාගේ වුණත් තමන්ට හුරු සිංදුවක් තමන් කැමති ගායකයෙක් කියනවට මිනිස්සු ආසයි. කලා කෘතියක් සමාජ ගත කලාම සහ එය සමාජගත වුණාම නීතිය කුමක් වුණත් එය අයිති සමාජයට.

      Delete
    2. තමන්ට හුරු සින්දුව කියන්නේ වෙන ගායකයෙක් නම් ඒ ගයකයට ඒ පිළිබඳව මුදල් ගන්න අයිතියක් නැහැ. නිකන් කිව්වට් ප්‍රශ්නයක් නැහැ.
      // කලා කෘතියක් සමාජ ගත කලාම සහ එය සමාජගත වුණාම නීතිය කුමක් වුණත් එය අයිති සමාජයට.// ඉයන් මෙඡ්ච්රම සමාජවාදියෙක් කියල දැනන් හිටියේ නැහැ. ජනතාවගේ දේවල් අයිති ජනතාවට. කල කෘතිය අයිති ජනතාවටය. කල කෘතියක් සමජ හගත කරන්නේ ජනටහ්වගේ වින්දනයට බව සැබෑය, නමුත් එම කල කෘතිය වෙනත් අයෙකු එම ජනතාවටම විකිණීම සාධාරණද? ඔවුන් ඉන් මුදලක් ලබන්නේ නම් එහි අයිති කරුට රෝයල්ටිය ගෙවිය යුතුමය.

      Delete
    3. ඉයන්ගෙ නිර්මාණයක අයිතිය ගැන අදහසට එකඟ නෑ.

      නිර්මාණයක් ජනතාව පිළිගන්නෙ හොඳනම්, එතකොට ඒක හොඳ වෙන්නෙ යම් කුසලතාවයක් සහ කැපවීමක් ඒ තුල තියෙන නිසා. එතකොට ඒ දේවලට අයිති ලාභය අදාල දායකයන්ට ලැබෙන්න ඕන. එතකොට තමයි ඒ අය තවත් නිර්මාණ කරන්නෙ.

      මෙතන එම් එස් ගැන කියවෙන නිසා මනුස්සය ගැන ප්‍රසිද්ධ කතාවක් කියන්නම්.

      දවස්ක් එක් චිත්‍රපටියක සින්දු කියවගන්න සන්ගීත අධ්‍යක්ෂකයි නිෂ්පාදකයි එම් එස් හම්බුවෙන්න ඇවිත් ගාන කතා කරල ඇඩ්වාන් එකක් විදිහට පොරොන්දු මුදලෙන් තුනෙන් එකකුත් දුන්නලු.

      මේ නිෂ්පාදක පොළුවලට තරමක් ප්‍රසිද්ද පොරක් නිසා එම් එස් මෙහෙම කිව්වලු.

      මුදලාලි, මම එහෙනම් පොරොන්දු වෙච්චි දවසට සින්දු ටික කියන්න ස්ටුඩියො එකට එනව. හැබැයි මම වැඩී ඉවර වෙලා යන්න කලින් මගෙ ගණන් එතනදිම බේරන්න ඕන.

      එහෙම නොවුනොත් එම් එස් කියන්නෙ මගගේ සයිමන් නෙවෙයි මහ සොහොන් වෙයි....

      Delete
    4. මම හිතන්නේ මෙතනදි අයිතිය හා රසවිදිම කියන දේ දෙකක්. සමාර විට අයිතිකරයන්වට වඩා ලගන්න අයුරින් වෙන අයෙකු එය ඉදිරිපත් කලොත් ඊට වඩා ප්‍රතිචාර ලැබීමට හැකියි. සමහර විට අපි කියනවා ගීත කනවා කියලා.. ඒ ඒ පුදුගලයා ඒ නිර්මාණය දකින විදිය. ඇත්තටම කන සිංදුත් තියෙනවා තමා. නමුත් සමස්ථයක් විදියට පොදු ආකාරයකින් කටයුතු කිරීම, ආර්ථික වාසි මත රසිකයන් පිඩාවට ලක්කිරීම නොකළ යුතුයි කියලයි මට හිතනේනේ..

      Delete
    5. /////මෙතනදි අයිතිය හා රසවිදිම කියන දේ දෙකක්. සමාර විට අයිතිකරයන්වට වඩා ලගන්න අයුරින් වෙන අයෙකු එය ඉදිරිපත් කලොත් ඊට වඩා ප්‍රතිචාර ලැබීමට හැකියි///////

      මෙය අයිතියයි, රස වින්දනයයි කියන දෙකටම වඩා මම නම් ආසයි ඔරිජිනල් එක හැකියාවක් තියෙන තවත් ප්‍රවීනයෙක් හෝ සංගීතය දන්නා කෙනෙක්ගෙ හඬින් අහන්න. මේක ආර්තික වාසි එක්ක පැටලුනාම ටිකක් අවුල්. රූපවාහිනියේ සිහිනයකි රෑ ප්‍රෝග්‍රෑම් එක බලන්න. දැන් කොටස් 50ක් විතර ගිහින්.

      Delete
    6. රූපවාහිනී : සිහිනයකි රෑ
      දෙරණ : මා නොවන මා
      හිරු : සඳ ගිරි මුදුන

      Delete
    7. ටීවි නං බැලෙන්නෙම නෑ.. ස්තුතියි.

      මාත් කැමතියි මං කැමති විදියකට ඒ අයගේ ගීත අහන්න. ඒත් මේ කුහක සමාජය ඒවට ඉඩ දෙන්නෙ නැහැනේ.. නම මතක් වෙන්නේ නැහැ. අර කෙල්ලෝ පිස්සු වැටිච්චි සුපර් ස්ටර් කව්ද බං. එයා මේ ලගදි මර්සලින් පතිරණගේ සිංදුවකුත් ආයි කිව්වා නේද?

      Delete
  14. Replies
    1. ඒක ටිකක් පුළුල් මාතෘකාවක් බං.මුලිකවම ගීයක අයිතිය තියෙන්නෙ ගායකයාට කියල හිතන්න පුළුවනි.මිල්ටන් මල්ලවාරච්චි වැනි ගායකයන්ගේ අයිතීන් වෙනුවෙන් ඔහුගේ දරුවන් සටන් කරන්නේ ඒ අයිතියට.එතකොට ගායකයා අතින් ගීතයට අගතියක් වෙයි නම් පද රචකයා සටන් කල අවස්ථා තියෙනවා.උදාහරණයක් වශයෙන් ගුණදාස කපුගේ සන්ෆ්ලවර් සමග ඔහු ලියු ගීත ගායනා කිරීමට විරුද්ධව රන්බණ්ඩා සෙනෙවිරත්නයන් හඬ නැගුවා.එතකොට සංගීතඥයා?ඔහුටත් ගීතයේ අයිතියක් තිබෙනවා.අමරදේවයන්ගේ ආදර හැඟුම් කැසට් පටයට ලයනල් අල්ගම ඔහු සංගීතවත් කල ගීතයක් ඇතුල් කිරීමට ඉඩ දුන්නේ නෑ.(ගීතය කුමක්ද කියා දැන් මගෙ මතකයට එන්නේ නෑ)මෙහෙම බලනකොට ගීයක අයිතිය තීරණය කිරීම ඉතා සංකීර්ණ කාර්යයක්.
      මේ වැනි අයිතියේ ප්‍රශ්න නිසා අසාධාරණයට පත්වන්නේ ගීත රසිකයනුයි.මගේ පුද්ගලික අත්දැකීමක් මට මතක් වෙනවා.මේ ළඟකදී සුනිල් එදිරිසිංහ මෙහෙ ආපු වෙලාවෙ අප අසන්නට ආසාවෙන් සිටි ඔහුගේ ගීත කීපයක්ම ප්‍රසංගයේදී ඔහු ගායනා කළේ නෑ.පහුවදා සාදයකදී මට ඔහු හමුවුන වෙලේ මම ඒ ගැන ඇහුවා.සුනිලුන් කීවේ ඒ ගීත කියන්නට නොහැකි වුනේ නීතිමය ප්‍රශ්න නිසාවෙන් කියලයි. ගීතයේ අයිතිය ගැන දැන් තියෙන්නෙ ඔන්න ඔය වගේ සංකීර්ණ තත්වයක්.

      Delete
    2. මාතේ නිහාල් අයියානම් කිව්වේ මෙහෙම ...

      සින්දුවක් අයිති කාටද ..
      ටි වී රේඩියෝ වල ඒ ගැන කරයි විවාද
      ගියක අයිතිය ගැන නිතරම පත්තර වලද
      කරනවා වාද විවාද ...

      සංගීත වේදියෝ රචකයෝ ගායකයෝ එක්වෙලා
      අතීත කාලේ ලස්සන ගීත බිහිකලා
      ඒ ගී රසිකයන්ට අහන්න දුන්නා
      අයිතිය බදාගන්න සිතුවේ න එදා ...
      ටීටර් ජනප්‍රිය වෙලා - යද්දී ඔවුන් තුන් දෙනා
      ඒ ගැන සතුටු වුනා එකට එක්වෙලා
      කාලය හෙමින් ගෙවිලා ගියා
      සියල්ල වෙනස් වී ගියා ..

      සින්දුවක් අයිති කාටද ..
      ගීත රචකයා කල්පනා හසුරුවා ගීයක් ලියුවට
      සංගීතවේදියා තනුවක් ඊට යෙදුවට
      ගායකයා නොගයුවොතින් ගීතය රහට
      ගීතය යාවිද ජනතාව අතරට
      හරියට කනප්පුව වගේ - එකේ කකුල් තුන වගේ
      අර තුන්දෙනාට එහි උරුමය සමය
      යුගයෙන් යුගේ බිහි වුනාම
      අයිතිය රසිකයන්ටය ....


      සින්දුවක් අයිති කාටද ..

      ගායනය - නිහාල් නෙල්සන්

      Delete
    3. මම නම් හිතන්නේ ගීයක අයිතිය තියෙන්න ඕන තනුව නිර්මාණය කරපු එකාට. සංගීතය කියලා දෙයක් නැත්නම්. කවි ගායනා කරන සෙට් එකකුයි කවි ලියන සෙට් එකකුයි ඉඳිවී. එහෙම බැලුවම සමහර උන් ඉන්නවා ඔය ටැලන්ට් තුනම තියෙන. එම් එස්, ක්ලැරන්ස්, රූකාන්ත වගේ අය.. ඒ කොහොම වෙතත් අපේ වගේ අම්බ කුහකයෝ ඉන්න රටක පිට උන් හිටන් එනවා ඕවට අයිතිය කියාගෙන. අපේ උන් කොච්චර කුහකයොද කියලා මෑත කාළේ අපි දැක්කා.. එහෙම උනාම වෙන්නේ අපි උන්ගේ රස විඳපු දේ පවා එපා වෙනවා. ඔය ඇන්ජලින්, සුසිල් ප්‍රනාන්දු, වික්ටර්, එඩ්වඩ්, බන්දු, ජැක්සන්, මාලනී, රවීන්ද්‍ර වගේ උන් දැක්කාම අප්පිරියයි. උන් ගූ ගොඩේ තියෙන සතේ හිටන් ගන්න කාලකන්නි.

      සුනිල් පෙරේරා තමන්ගේ දේ ඕඅ එකෙකුට දෙන එකෙක්. අමරදේවත් අළුත් උන්ට ආදරේ පොරක්.. ඉතින් උන් පට්ට නාකි උනත් උන්ගේ නිර්මාණ ඕනම පරම්පරාවක් රස විඳිනවා. දැන් ඉන්න උන්ට එම් එස් කියලා එකෙක් උන්නා කියලා පෙන්නලා දුන්නේ ඇම් ජී. ඒ වෙනකොට සුසිල්ලා ස්ටේජ් පැත්ත පලාතේ ගන්නේ නෑ. දැන් උන්ට ආයෙත් සෝ තියෙන්නේ ඇම් ජීට පින් සිද්ද වෙන්න.

      ඇලෙක්සැඩර් ග්‍රහැම්බෙල්ල, ශේක්ස්පියර්ලා, බර්ටෝල් බ්‍රෙෂ්ලා, කාල් මාක්ස්ලාත් ලංකාවේ කාලකන්නි වගේ උනා නම් නියමෙටම තියෙයි නේ මේ ළෝකේ...

      Delete
    4. ජොති ගෙනාවේ සුරේන්ද්‍ර... අනේ කවුරු හරි එකෙක් මිල්ටන් පෙරේරත් ගේනවා නම්...

      Delete
    5. කවුරුවත් මිල්ටන් පෙරේරාගේ සින්දු කියන්න පටන් ගත්තෙ නැති නිසා ප්‍රියංකරයි චලක චමුපතියි සැනසීමෙන් ඉන්නව බං.

      Delete
    6. උන් මචං ඉස්ටාර්ලා නෙමෙයි නේ... ඒ නිසා අළුත් පරපුර ඒ සින්දු දන්නේ නෑ... මට නම් රසම පෙම් ගී විරහා ගී හා ගාහන විලාශය තියෙන්නේ එතන... කිසිම අගය කිරීමක් නොලද තවත් ලංකා පුත්‍රයෙක්...

      Delete
    7. ග්‍රැහැම් බෙල් තමා ඉස්සෙල්ලම පේටන්ට් එක ගත්තේ දුරකතනයට. අනිත් තුන්දෙනා නම් වික්කේ නැහැ තමා. අවුරුදු සියක් දෙසීයක් ගියාට පස්සේ අයිතිවාසිකම් වුනත් කියන්න අමාරුයිනේ.

      Delete
    8. මාතලං කියන කතාව ඇත්ත. සුසුල්ලා රුපියක් දාහට දෙදාහට සිංදු කියන තත්වෙට පත් වෙලයි තිබුනේ.. නමුත් එම් ජී ගේ ඉපැයුම් එක්කයි ඒ ඉරිසියාව ආවේ.. මට දැං හිතෙනවා එම් ජීත් සුසිල් ට කීයක් හරි දුන්න නං වැඩේ අහවරයි කියලා. හැබැයි මොන විදියෙන්වත් එම් ජී හොයන ගාන සුසිල්ට හොයන්න බෑ. ස්තුතියි හැමෝටම..

      Delete
    9. මාතලන්... අපේ රටේ බොහෝමයක් තනු කොප්පෙ කියල තේරෙන්නෙ ඉඳලා හිටලා වෙන රටක සින්දුවක් ඇහෙනකොට. කොහොමද ඒ කාලෙ බර්මන් ලා. රාෆි ලා එහෙම ජෝතිට ඇන්ජලින්ට නඩු දැම්මනම්.

      Delete
    10. ලා කැන්ඩියන් කාලෙකින් දැක්කේ.. කෝමද දැං සරුයිද??

      හැබෑව හැබැව.. ඔන්න ඊයේ පෙරේදා බුකියෙත් කතාවක් ගියා ඕයේ ඔජායේ සිංදුව ගැන.

      Delete
    11. මාතා...ඔය ඇන්ජලින්ලා වගේම තව කෙනෙක් තමයි නීලා. සිහිනයකි රෑ වැඩසටහනකදි සුනිල් පෙරෙරාගේ ඉල්ලීමකට සමිතා ඔය සින්දුව කියනවට නීලා අයිතියේ කතාවක් කිව්වා. සුනිල් ලෙඩේ ඇද්දා. ඔය සින්දුව නෙවිල් ප්‍රනාන්දුගේ ඔරිජිනල් එකක් කියලා. ඔය ගොඩක් එවුන් අමු කුහකයෝ බන්.

      ඕජායේ කියන්නේ ජර්මන් තනුවක් කියලා මුලින්ම කිව්වේ ලක් හඬ රේඩියෝව පටන්ගත්තම කාලේ වැඩසටහනකදි පාලිත පෙරේරා මගේ හිතේ. කිව්වේ නැහැ...ඔජායේ සින්දුව දාලා, ඊට පස්සේ පරන ජර්මන් සින්දුව දැම්මා මට මතකයි.

      Delete
    12. මේ දවස් වල ඒ ජර්මන් සිංදුව මුණුපොතේ නං සෑහෙන්න ෂෙයා වෙනවා. අර ලුණුදෙහි, අගහරු ලෝකේ සිංදුව ඒවත් පිටරට තනු..

      Delete
  15. ඔන්න මාත් ආවා...

    ගොඩක් ප්‍රවීනයෝ අඩු ගානකට සිංදු කියන්නේ.. නවක අය එක සිංදුවකට හොඳ ගානක් ගන්නවා. ඉතින් ප්‍රවීනයන්ට ලැබෙන සොච්චමවත් නැතිවෙනකොට අවුල්නේ දේශකයෝ.. ඒ නිසා ඒ අය පුලුවන් දෙයක් කරනවා..

    මේක වෙන්නේ හැමෝම බලන්නේ තමන්ගේ බඩ වියත රැකගන්නනේ.. එතකොට එක රැක ගන්න උත්සහ කරනවා..

    ඔයා කියනවා වගේ ප්‍රවීන අය නවකයන්ට තව තවත් අත දෙන්න ඕනේ. කියලා මං හිතන්නේ.. අනික නවකයොත් ප්‍රවීනයන්ගේම සිංදු නො කියා තමන්ටම කියලා පාරක් හදාගන්න ඕනේ..

    මං අහලා තියනවා විට්ටර් රත්නායක තමන්ගේ සිංදු තමන්ගේ පුතාලා කියනවටවත් කැමති නෑ කියලා.. ඒ අය ක්ෂේත්‍රයට එන්න ඕනේ තමන්ගේ දේකින් කියලලු කියන්නේ..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් නිර්මාණි..

      මම නං කියන්නේ දෙලොග්ගම මීට වඩා අවබෝධයෙන් හා විවාත මනසින් මිනිසුන් ලෙස කටයුතු කළ යුතුයි. නැතිව කුහකයන් ලෙස නොමෙයි.. ජය

      Delete
  16. මචං දේශා..............

    අපේ අදහස මේ විදිහට කියන්නම්...... යමක් අලුතෙන් කරන්න හැකිනං ඒක තමා වැදගත් ම දේ. අනුන්ගේ දේවල් මත තමන් යැපෙන කෙනෙක් කවදාවත් පොරක් වෙන්නෑ. ඉතිහාසය නිර්මාණය කරලා තියෙන්නේ අනුන්ගෙන් හොරකං කරපු උන් නෙමෙයි...... දෙයක් අලුත් විදිහට දැකලා අලුත් විදිහට හිතලා අලුතෙන් දෙයක් හොයාගත්තු අය තමා මේ ලෝකය මෙතැන්ට ගෙනැත් තියෙන්නේ. ඒ නිසා අපි නං කියන්නේ ඔය අමිලාවත්, ධනුෂ්කවත්, බින්දුවත් පොරවල් නෙමෙයි. හැබැයි උන්ට සාපේක්ෂ ව එම් එස් ලා ජෝතිලා පොරවල් තමා. හැබැයි බයිලා කියන්නෙත් අපේ නිර්මාණයක් නෙමෙයි. හින්දු තනු වලට සින්දු කියපු ජෝතිත් දෙවැනි තැනදී පොරවල් නෙමෙයි. අනික් අතට හින්දුස්ථානී සංගීතය ගෙඩි පිටින් අරන් අපේ සම්භාව්‍ය යැයි කියන ගායක පරම්පරාව කරපු දේත් පොරත්වයක් දිය හැකි දෙයක් නෙමෙයි.

    මෙහෙම බැලුවා ම එක අතකින් හැම දෙයක ම මුලට ගියාම හැමෝම කරන්නේ කොපි කරන එකනේ කියලා කෙනෙකුට කියන්නට හැකියි. ඒත් මේකේ යම් සීමාවක් අපිට යුගය අනුව හදාගන්න හැකියි. අපි අමරදේව මහතාගේ හෝ වික්ටර් රත්නායකයන්ගේ ගීත උදාහරණයක් විදිහට ගනිමුකෝ. මේවා හින්දුස්ථානී සංගීතයට සමීප බවක් දක්වනවා හෝ එහි ආභාෂයෙන් හැදුනා කියලත් කියන්න හැකි අවස්ථා එමට ඇති. නමුත් ඒ හරහා ගිහින් තමන්ගේ ම කලාවක් හදාගන්නට ඔවුන්ට හැකි වෙනවා. මේකට සහය වෙන්න ඒ යුගයේ හිටපු සහගමසේකරලාගේ මේ පොළව ගැන තිබූ දැනුම හා දියුණු භාෂා දැනුම උදව් වෙන්නත් ඇති. පසුකාලීන ව මඩවල එස් රත්නායක වැන්නන් විතරක් නෙමෙයි වර්ථමානය වෙනකොට වසන්ත කුමාර කොබවකලා, රත්න ශ්‍රීලා පවා මේ අනන්‍යතාවය හදා ගන්න උදව් කරපු අය..... ඒ නිසා ඔවුන්ට අපේ කියලා කලාවක් වෙන් කරගන්න හැකි වෙනවා. මේක අර සාමාන්‍ය කොපි කිරීමට එහා ගිය සාර්ථකත්වයක්......

    අලුත් පරම්පරාව නැතිනම් රියැලිටි පරම්පරාව ගත්තාම ඔවුන්ටත් පළවෙනි අවස්ථාවේ වෙනත් ගීත නැති නිසා පෙර ගායකයන්ගේ ගීත භාවිතා කිරීම වැරදියි කියන්න අපිට බැහැ. නමුත් තමන්ගේ අනන්‍යතාවයක් හදා ගැනීම දෙවැනි පියවර වෙන්න ඕනේ. ඇත්තට ම ඉහත ලිපියෙන් කතා කරලා තියෙන කතාව දැක්කා ම මෙන්න මෙතැන තමා අවුල තියෙන්නේ කියලා හිතෙනවා..

    බොහොමයක් රියැලිටි ගායකයනුත් පසුකාලීන ව තමන්ගේ ම නිර්මාණ කරනවා අපි දැකලා තියෙනවා. සමහරු නැවතත් හින්දි තනු කොපි කරමින් අලුත් ගීත කරපු අවස්ථා තියෙනවා. තවත් අවස්ථා වලදී තමන්ගේ ම තනු සහ පද හරහා නිර්මාණය වුණ ගීතත් තියෙනවා. විවිධ සංගීත ආරයන් හරහා ඔවුන් කරළියට ආපු ආකාරයත් අපි දැකලා තියෙනවා. කොහොමත් මේ තමා අපේ අලුත් පරම්පරාව කියලා අපිට හිතාගන්න වෙනවා. පරණම පරම්පරාවෙන් ජෝතිලා, මිල්ටන්ලා, එම් එස්ලා අලුත් පරම්පරාවක් හැදුවෙත් මේ කියන චෝදනා වලටත් එහා චෝදනා අහමින් කියලත් අපි අමතක කරන්න හොදනැහැ...

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. බැරි වෙලාවත් අපේ අමරදේවලාගේ පරම්පරාව හෝ ජෝතිලාගේ පරම්පරාව හෝ වේවා සින්දු කියපු වෙලාවේ ඉන්දියාවේ සංගීතඥයෝ ටික උසාවි ගියානං අපි තාම එක සින්දුවක්වත් නැති ජාතියක් වෙන්නත් පුළුවන් නේද?????

    ReplyDelete
    Replies
    1. ආ.............. තව එකක් කියන්න ඕනේ.. අර ගොඩකවෙල බ්ලොගයේ ඡායාරූපය හැටියට දාලා තියෙන 60 දශකයේ සෝමාලියානු නලුවාගේ රූපයනං ටිකක් විතර අවුල් වගේ නේද?????? ප්‍රසන්න අයියා දැක්කොත් තරහා යයිද දන්නෑ......

      Delete
    2. ඕං ඒක වෙනස් කළා හිටං. හැක්..

      Delete
    3. ආයි මක්කද ඕං වෙනස් කරා හිටං.. හැක්.. (මමයි වෙනස් කරේ..)

      Delete
    4. කුරුටු ලමයි......පතුලටම ගිහිල්ලා බැලුවොත් හැම තැනකම තියෙන්නේ අනුකරණය තුලින් හදාගත් ඉම්ප්‍රොවයිසේශන් එකක් නේද කියලා මට හිතෙනවා.

      Delete
    5. අනිවාර්යයනේ.. අනුකරණය හැමතැනදිම සිදු වෙනවා. පතුලට බහින්න ඕන නෑ.. ඇදුම පැළදුම ගැන හිතුවත් ඇති..

      Delete
  17. හැම කෙනාටම තෘෂ්නාව තියෙයි දේශෝ.. එම් ජී වේවා ඇන්ජලිං වේවා අමිලා වේවා බන්දු වේවා කාටත් ත්යේ..

    බන්දු නං විහිං නාගත්තෙ. මොකද අරූ ගෙ ඇගපත වෙනස් කරන්න කියලැයි. අනික උෟ මක් කරන්නද අර වගේ ඉපදුනාට. ඊටත් බන්දු ගෙ ගොං ජෝක් වලට උටවත හිනා යන්නෙ නැති කොට අරවගේ එකක් කරල බලන්න හිතුණද කවුද දන්නෙ.

    සුසිල්ටත් එම්ජියාට වගේ ෂෝස් හම්බෙනා නං ඒ ප්‍රතිචාර තියේ නං ඒ මුදලම ලැබේ නං මං හිතන්නෙ නෑ ඔය ප්‍රශ්න එයි කියල. එතන මම දකින්නෙ වෘත්තියම කුහක කම.
    අනික සුසිල් ල තේරුං ගන්න ඕන එක්කො කාලයේ තාලයට හැදෙන්න නැත්තං තමං එක්ස්පයර්ඩ් ක්යල තේරුං ගන්න.
    අනික් අතට එම් ජීටත් තියේ වගකීමක් කාගෙ සිංදු ඉල්ලුවත් පුලු පුලුවං විදියට මිනිස්සුන්ට දැනෙන සිංදු ටිකක් කරල ඒව හිට් වෙන විදියට වැඩ කරගන්න. මිනිස්සු එතකොට ඒවට කැමති වෙනවමනෙ.

    දැං බලන්න ඉස්සර මුල්ම දවස් වල චාමර වේරලියද්දව පට්ට ගැහුව. ඒ කාලෙ මිනිස්සු චාමරගෙන් වේරලියද්ද ගෙ සිංදු ඉල්ලුව. පස්සෙ චාමර තමන්නෙ තැන හදාගත්ත. දමිත් වුණත් චාමරගෙ සිංදු කීව දැං කියනවද නෑනෙ

    එම් ජී කොච්චර හෙව්වත් සිංදු කීයක් කරල ඇති කියලද හිතන්නෙ. ඒ වගෙන් මිනිස්සුන්ට දැනුන සිංදු කීයක් තියේ කියලද දේශ කියන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්තමට එම් ජී ගේ අලුත් සිංදු එකක් වත් මට නං හරියට වැදුනේ නැහැ..

      Delete
    2. ඇත්ත...ඩුමාල් වර්ණකුලසූරිය වගේ කීප දෙනෙක් හැර අනිත් බොහෝ අයගේ දේවල් වදින්නේ නැහැ.

      Delete
    3. සමාර විට අපි බලාපොරෙතුතු වෙන්නේ එම් එස් ගේ ටච් එකක් නිසා වෙන්නැති එම්ජීගේ මං අකමැති.. අලුත් අයගෙන් නියම විදියට යන උන් තමා සංඛ දිනෙත් සහ තීක්ෂණ අනුරාධ

      Delete
  18. ඔය වගේ ප්‍රශ්න වලට ලෝකේ අනිත් රටවල මිනිස්සු කරන්නේ මොනවද?

    ReplyDelete
    Replies
    1. නඩු කියන එක තමා..

      Delete
    2. ඔන්න කිව්වා එකක්. රෝයල්ටි ගෙවීම ගායකයා, පද රචකයා හා සංගීතඥයා . ප්‍රින්ස් ල වගේ අය තමන්ම ලියල තමන්ම සංගීතය දාල ගායනා කලා . අනිත් යට නිකම්ම කියල දුන්න.

      Delete
    3. සම සමවද බෙදෙන්නේ??? ඇයි ඕවායේ ප්‍රඩුසර් කෛනෙක් ඉන්නවා නේද??

      Delete
    4. බටහිර ගීත බොහොමයක අයිතිය තියෙන්නේ ඒ ප්‍රොඩක්ශන් කම්පැනි එකට නේද? ඉස්සර මෝටව්න්, දැන් සෝනි, සයිමන් කොවෙල්ගෙ සයිකො වගේ කම්පැනිස්. මේවාට ලේබල්ස් කියලා නේද කියන්නේ.

      ලංකාවේ තරංගා, සිංග්ලංකා කියලා තිබුනෙත් මේ සිස්ටම් එකමයි මගේ හිතේ.

      Delete
    5. ලංකාවෙ එම් එන්ටටෙන්ට්මන්ට් සිංදු සල්ලි දීල ගත්තා අම්බානකට.ක්ලැරන්ස්ගෙ එහෙම කියන්න ඉතුරු වෙලා නැති ගානයි.ඊට පස්සෙ රිංගිං ටෝන් කම්පැණි ටික සිංදු ගන්නවා සල්ලි වලට.ඒකත් නැගල යන බිස්නස් එක.

      Delete
    6. අරූ..

      බටහිර වෙන්නේ උඹ කියපු දේ තමා.. ඒකේ ප්‍රඩුසර් කෙනෙක් හෝ කම්පැනියක් ඉන්නවා. ලංකාවෙත් මුලදි ඒ දේ උනා. ගස් කිව්ව වගේ දැං යන මහා ජරා ව්‍යාපාරයක් තමා එම් එන්ටර්ටෙි්න්මන්ට්.. කෙලින්ම තුට්ටු දෙකක අරන් රින්ගින් ටොන් වලින් බර ගානක් හොයනවා.

      Delete
  19. කවුද බන් අර උඩ ඉන්න බැට් මෑන් ?

    ReplyDelete
    Replies
    1. මාත් අහන්න හිටියේ කකුලෙන් හුළං ගහන පොම්පේ මොකද්ද කියලා.

      Delete
    2. පෝස්ටුවට අදාල නැත. හොක්..

      Delete
    3. බැට් මෑන් ගිහිල්ලා දැං ලෝකල් ටෙක්ස්ලා.. හැක්

      Delete
  20. මෙතන කණ්ඩායම් දෙකක් ගැන සාකච්ඡා වෙනවා. එක කණ්ඩායමක් වෘත්තීය ඊර්ෂ්‍යාව නිසා විඳවනවා. අනෙක් කණ්ඩායම විලිලජ්ජාව නිසා විඳවනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. කුහක නොවුනා නං කොච්චර හොදද මේ හැම අයම.. ස්තුතියි ගුණේ..

      Delete
  21. අර ජෝති උපහාර ගී කියල ජෝතිගෙ සිංදු කන හැටි දැක්කම දුක හිතෙනවා......

    ReplyDelete
    Replies
    1. ඒවා මුදල් පරමාර්ථ නේ ධනා..

      Delete
  22. ක්ෂේත්‍රයට පිවිසීම සඳහා, තරගයකට ඉදිරිපත්වීමට, ප්‍රවීනයන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමේ වරදක් නැත. නමුත් ඉන්පසු, ස්වතන්ත්‍ර නිර්මාණ නොකර, ප්‍රවීනයන්ගේ නිර්මාණ වේදිකාවල විකුණාගෙන කන එවුන්, පුස්සෝ, අබබ්බයෝ, අමනයෝ, පෙරේතයෝ, මිස වෙන එවුන් නොවේ. ස්වතන්ත්‍ර නිර්මාණ කරපු ගමන්, ඉතා ටික කාලයකින් උන් කලාවෙන් අන්තරස්දාන වෙන්නේ, කලාව ගැන අධ්‍යයනයක්, දැනුමක්, සතතාභ්‍යාසයක්, නැති නිසාය.

    ReplyDelete
    Replies
    1. විචා.. මෙතනදි අමතක වෙච්චි දෙයක් තියෙනවා. තරග හරහා දිනල ප්‍රවීණයන්ගේ ගීත ජනප්‍රිය කරපු නවකයන්ගෙන් මිනිසුසු අහන්න යන්නෙත් ඒ සිංදුම තමා. එතැනදි රසිකයන් අතැරල ඔහුට ඕන දේ කියන්න ඉඩ ලැබෙන්නෑ. ඒකයි සත්‍යය. එම් ජී ගත්තොන් හිස් ටීන් එකක් ගීතය දෙපාරක් නොකියන වේදිකාවක් නැහැ. නමුත් ඕකේ අයිතිකාරයෝ ඒක කිව්වට මිනිසුසු අහනවද? නැහැ.. ඇත්ත ඔවුන් තමන්ගෙ මාර්ගයක යන්න ඕන. නමුත් ඒ සදහා සුදුසු කාලයක් හා උපකාරයක් කිරීම අවැසියි..

      Delete
  23. ප්‍රවීනයෝ වැරදියිම කියන්න බෑ. අනුන්ගේ නිර්මාන එහෙම බලෙන් ගන්න එක සාදාරණ නෑ. කොටින්ම මෙතන මුදල් අවකාශය හින්දා ලොකුවට බලපැවැත්වෙනවා. මුදල් ඉපයීමේ අරමුණෙන් නේ.
    පරණ අය එතනදි මට හිතෙන්නේ අසරණයි. ඔවුන් ආර්ථික අතින් ඔය කියන තරම් ලොකු ස්ථාවරයක නෑ. ඉතින් එහෙම වුනාම තවත් අවුල්.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි මචං ආර්ථික ඉරිසියාව මතු වෙනවා කියන්නේ. තමන්ට ලැබෙන සොච්චමට වඩා තමන්ගේම අයිති සිංදුවකින් අර යකා වැඩි ගාණක් හොයන කොට ඕනම පෘතග්ජනයෙක් සලිත වෙනවා ඒක ඇත්ත. නමුත් සමාජය විනිවිද දකින කලාකරුවන් මීට වඩ සංවේදි විය යුතුයි..

      Delete
  24. කමෙන්ට් ඔක්කොම කියවන්න වෙලාවක් නෑ. නමුත් මම දැක්කා සමන් සිල්වා ආදර්ශමත් වැඩක් කරනවා. සමන් වගේ කියන කොල්ලට සමන් හදපු සිංදුවක් දෙන්නම් කියලා. පේන්න හරි එහෙම කරපු එක ලොකු දෙයක්. දෙන්න එක්ක එකතු වෙලා එක සිංදුව කිව්වා. තමන් වගේ කෙනෙක් හැදෙනවට කැමති වෙන්න ඕනේ. රජීව් කියන විදියට ක්ලැරන්ස් රජීව්ට එහෙම කියලා තියෙනවා.
    අලුත් එවුන් ජනප්‍රිය කළාට පස්සෙයි පරණ එවුන්ටත් මාකට් එකක් හැදෙන්නේ. හොඳම උදාහරණය සංගීත් කියපු රඟහල දැන් ඇත අඩ අඳුරේ ගීතය. ඌට සින්දු කියන්න බැරිව ඒක කිව්වේ නෑ. ඌ නැවුම් විදියකට කිව්වා. දුරකතනයකින් ගීතයත් කිංස්ලි පීරිස් නව සංගීත රටා එක්ක කිව්වා. අලුතෙන් කියන අය එහෙම කියනවනම් හොඳයි.

    මම පත්තරේක දැක්කා ඇන්ජලීන් තමයි මේ විදියට ජෝතිපාලගේ සිංදු මුලින්ම කිව්වේ කියලා. සිහින අහසේ සිංදුව උන්දෑ තවමත් කැත නැතුව කියනවා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි සුදීක. මෙතැනදි තමන්ගේ තැන නැති වෙන්නේ නැහැ. ඒ අයටත් අලුත් මාර්කට්එකක් හැදෙනවා නිකම්ම. ඒ අය අවස්ථාව ප්‍ර යෝජනයට ගන්නේ කුහකකම් ප්‍රදර්ශනයටයි. බැරි වෙලා හරි සුසිල්, එම් ජීට සිංදු තුනක් දීලා මේ ටික උඹ කියහං මම කියන්නෙ නැහැ කියල කිව්ව නං, ඒ නිව්ස් එක නිසාම සුසිල්ගේ පබ්ලිසිට එක වැඩි වෙලා නිකම්ම මාර්කට් එක හැදෙනවා.

      Delete
  25. ප්‍රවීනයින්ට සීයට සීයක්ම වැරදියි කියන්නත් බෑ. මොකද තමන්ට අයිතියක් තියෙන දෙයක් ගැන එයාලගේ මතයේ එයාලට ඉන්න පුළුවන්.

    කොහොම වුනත් මැදහත්ව හිතලා බලලා ප්‍රවීනයෝ උනත් කටයුතු කරනවා නම් තමයි ගොඩක් වටින්නේ.

    ReplyDelete
  26. ගීතයක අයිතිය නම් ප්‍රධාන නිර්මාණ කරුවන් තිදෙනාටම හිමිවිය යුතුයි.දැන් මේ ගැටළුව මදක් විසඳෙන්නේ එක් අයෙක් විසින් අයිතිය මිළදී ගැනීම නිසා.(රිංගිං ටෝන් වලට සිංදුව විකුණන්න.)හරියට බැලුවොත් වාදන ශිල්පීන්,නාද ශික්ශන ශිල්පීන් පවා නිර්මණයේ සාර්ථක්ත්වයට ලොකු බර්ක් එක් කරනවා.
    තමුන්ගේම ගීතයකින් කෙනෙකුට ජනප්‍රිය වෙන්න අමාරුයි.යමෙකු ශිල්පියෙක් වෙන්න නම් ඔහුට්ම අනන්‍යවූ නිර්මාණ තිබිය යුතුයි.නැත්තම් ඔහු ටික කාලයක් අලවි වන කාබන් කොපියක් (වල් කොපි කියන්නෙ.)පමණයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බා. මේකට හරියට හරියන පෝස්ට් එකක් තිබුනා මං දාපු.. කතාවක්.. ඕං බලාහං.. හැක්.

      පැන සහ තීන්තකූඩුව

      Delete
    2. ලිංකුව වැඩ නෑ... හොයාගෙන කිමිදෙන්නම්

      Delete
  27. හැමෝම කියවල කමෙන්ට් කරලා, මම කියවල යනවා , ඊළඟ එකේ පලවෙනියටම කමෙන්ට් කරනවා

    ReplyDelete
    Replies
    1. මම නං දන්නෑ.. උඹ අහසෙන් එනකන් අන්න හාදයෙක් බලාගෙන ඉන්නවා.. හැක්.. වල්කම් බැක් වේවා කිව්වා හෙනං

      Delete
  28. මේ කාරණය සම්බන්ධව මගේ "විද්වත්" අදහස මේකයි.

    මේ වගේ ප්‍රශ්න ඉරි ගහල වෙන්කරන්න බෑ. මිනීමැරුමක් හොරකමක් වගේ නං කෙලින්ම තීරණයක් දෙන්න පුළුවන්. මේවා සංකීර්ණයි. මෙහෙම හිතපං,

    ඔන්න පැරණි සින්දුවක් තියනව, කාගෙවත් අවධානයක් නෑ, නමුත් අලුත් ගායකයෙක් මේක නග්ගල ගන්නව.(ස්ටාර් එකකදිම කියමු). ඒකෙන් අලුත් එකා ගොඩ. පරණ එකා හෝ උගේ සින්දු කියන අදක්ෂ පුත්‍රයාටත් යම් වාසියක් තියනව. වින් වින් තත්වයක්.

    ජනප්‍රිය සින්දුවක් තියනව, ඒක දැනටත් ජනප්‍රියයි. අලුත් එකෙක් ඒකෙන් ගොඩ යනව. පැරණි එකා/හෝ එයාගෙ අනුප්‍රාප්තිකයා කේස් එක දානව. මෙතනදි අලුත් එකා දිනුම්, පරණ එකා පරාදයි.

    මේවගේ සීන් විවිධ පැති වලට යනව. නීතිය සම්බන්ධව මගේ අදහස නම් "විවෘත වේදිකාවේ ඕනෑම කෙනෙකුට ඕනෑම කෙනෙකුගේ සින්දු ගායනා කිරීමේ අයිතිය සහ ඊට අදාල මුදල් ලබාගැනීමේ අයිතිය තිබිය යුතුයි" හැබැයි "සීඩී ගැසීම සහ ප්‍රසංග වීඩියෝ කර විකිණීම (එවැනි ගිත අඩංගු) සපුරා තහනම් වියයුතුයි"

    ReplyDelete
    Replies
    1. උඹගේ මැදහත් අදහස සාධාරණයි.. මේක ඉරකින් වෙන් කරන්න බැහැ. නමුත් කලාකරුවන් මීට වඩා නම්‍යශිලි මුදලටම ලොල් නොවු අය විම වටිනවා..

      එහෙනං බොටත් අරාබි වසන්තය ලැබුවා.. හැක්..

      Delete
  29. දැන් මේක කලාවට විතරක් ලඝු කරන්න බැහැ.මේ වගේ තත්වයන් ක්‍රීඩාවෙත් තියෙනවා.
    අර පසුගිය දවසක ක්‍රීඩා ඇමති කිව්වේ සමහර හිටපු කැප්ටන්ලා කැමති නැහැලංකාව තවත් "ලෝක කුසලානයක්"ගෙනවාට කියලා.දයාසිරිගේ ඒ චෝදනාව අර්ජුන ගැනයි.ඒ චෝදනාවේ ඇත්තක් නැත්තෙමත් නැහැ වගේනේ.එතකොට ඒ වගේ තැනක තියෙන්නේ ආර්ථික කුහකකමකට වඩා වෙනස් ආකාරයක කුහකකමක්.

    දැන් ඔය බස් වල සින්දු කියන මිනිස්සු කියන්නෙත් වෙන කාගේ හරි සින්දුනේ.නමුත් ඒ අයට එරහිව කවුරුත් වාරණ ගන්නේ නැහැනේ,ප්‍රශ්නය වෙන්නේ මේක වයපරය්ක් විදියට කරන්න යාමයි.

    ReplyDelete
    Replies
    1. එකගයි මනෝජ්... කොපි රයිට්ස් නිසි පරිදි තියේනං අපිට මේව්වා කතා කරන්න වෙන්නේ අඩුවෙන්..

      Delete
  30. බුදු අම්මෝ කමෙන්ට්ස් කියවලා ඉවරවෙන කොටම වයින් බෝතලයක් ඉවරවුනා :D

    ReplyDelete
    Replies
    1. මං ගානේ උඹට වයින් බෝතලයක් දෙන්න වටිනවා.. පැය ගාණක් මේකේ ඊයේ කාල් ගාලා තියෙන එකට.. ස්තුතියි අරූ.. උඹ අවුල් වෙච්චි එක තමා ගිය අවුරුද්දේ තිබුන නරකම පණිවිඩේ..

      Delete
  31. මට මතකයි ඒ කාලේ කතාවක් තිබ්බ.
    ප්‍රියා තනි ෂෝ එකකටම ගන්නේ 20 000යි,අජිත් බණ්ඩාර ප්‍රියාගේ සින්දු 4ක් කියන්න ඒ ගැන ගන්නවා කියල.
    සාමාන්‍යයෙන් වෙන රටවල් වලනම් පුද්ගලයෙක්ව අනුකරණය කරන එක ඔරිජිනල් පුද්ගලයා විසින් ගන්නේ යහපත් ආකල්පයකින්.ගොඩක් සින්දු වල cover version පසුකාලීනව යොදාගන්නවා.
    (K'naan ගේ wavin' flag කියන සින්දුව ඔහු සොමාලියානුවන් වෙනුවෙන් ලිව්වා එකක්.එත් පස්සේ හයිටියේ සිදුවූ ජලගැල්ම වෙලාවේ ලොව ජනප්‍රිය ගායකයින් විශාල ප්‍රමාණයක් මේක ගායනා කළා.ඒ වගේම මේක දකුණු අප්‍රිකාවේ තිබ්බ FIFA ලෝක කුසලානේදී පාපන්දු ගීතයක් විදිහටත් ජනප්‍රිය වුනා.තව ප්උදාහරණයක් විදිහට ගත්තොත් you raise me up)
    හැබැයි මේ කවර් කරද්දී මේගොල්ලෝ 100%ක් අනුකරණයක් කරන්නේ නෑ.
    තමන්ගේ යමකුත් එකතු කරනවා.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මයිමන්

      ඒ රටවල් වල කොපිරයිට් පැහැදිලිවම නිති ගත වෙලා තියෙනවා නේ.. නමුත් අපේ රටේ සාමාන්‍ය නිතිය යටතේ තමා මේවා කරන්න වෙලා තියෙන්නේ. එතැන හිඩැස්.. ඒකයි අවුල.. ජය වේවා

      Delete
  32. පෝස්ට් එකත් කමෙන්ට් ටිකත් කියෙව්වා! නිර්මාණ මංකොල්ලය නම් නරක වැඩක්.. ඒත් නවකයන්ට යම්කිසි අවස්ථාවක් ප්‍රවීණයෝ දෙන්න ඕනෙ කියලයි මම හිතන්නෙ..

    ReplyDelete
    Replies
    1. ලංකාවටත් කොපිරයිට් නීති අත්‍යාවශ්‍යයි.. එවිට මේ ප්‍රශ්න අඩු වේවි. ස්තුතියි සිතු.. ජය වේවා

      Delete
    2. බුද්ධිමය දේපල පනතක් ලංකාවේත් තියෙනවානේ.

      Delete
    3. ඒකේ තියෙන නීති මේවට ගැලෙපෙන්නෑ බං..

      Delete
  33. පොඩි ළමයෙක් තාත්තා අනුකරණය කරන්න පෙළඹෙන්නේ එයාගේ ලෝකයේ ඉන්න ලොකුම ලොක්කා තාත්තා නිසා . හැබැයි පස්සේ රටේ ලෝකේ දේවල් දැක්කට පස්සේ ඒක වෙනස් වෙනවා.. මේ ගායක ගායිකා අනුකරනය ගැන මටනම් හිතෙන්නේ: අනෙකා මොනවා හිතුවත් කිසිවෙකුට කරදරයක් නොවන පරිදි නව දේවල් අත් හදා බැලීමයි කල යුත්තේ කියලා.

    ReplyDelete
  34. මෙතන පොර ටෝක් දෙන එක කැරියෙක් වත් තමන්ගෙ ජොබට කෙලවිලා ආදායමට කෙලවෙන අනුකරණයක් කවුරු හරි කලා නම් උපාසකයො වගේ උඩ බලාන ඉන්නෙ නෑ...තමන්ට කෙල වෙනකං හැම කැරියම බණ කියන්නෙ....දේශකයත් එහෙම එකෙක් තමා...පුක දියං වේසි....

    ReplyDelete
    Replies
    1. මම කි්යන්නේ බං මොලෙන් වැඩේ ගොඩ දාගත්ත නං හරි. කලාකාරයෝ නෙව

      Delete