Saturday, July 18, 2015

වැස්ස...!! (Is it going to rain?)

උදේ වරුවේ ඉතා සිහින් වැහි පොදක් වැටී තැනින් තැන තෙමුන තාර පාරේ මා වෙනදා මෙන්ම ඇවිදිමින් සිටියෙමි. ලෝකය පුරාම මේ වෙලාවට සිදුවන හැමදේම ඒකාකාර යැයි සිතෙන තරමටම පාර තොටේ හමුවන, ඇස ගැටෙන හැම දෙයම ඒකාකාරී වී ඇත. එලෙසම මාද, ජිවිතයේ යම් ඒකාකාර බවක සිරව ඇති බවක් දැනී හදවත තුල නැගුණු වියලි සුසුමක් එක් වරම මගේ ජිවිතය මහා පාලු ලෝකයක් බව ඒත්තු ගන්වන්නට විය. දස දෙසින් ඇසුන නොයෙකුත් ශබ්දයන් කර්ණ පටලය තුලින් මොලයට ඇතුල් වුවද, මොළය තුල ශබ්දවාරක තරංගයක් ක්‍රියාත්මක වන තරමට මා තුල නිශ්ශබ්දතාවයක් තිබිණි. එහෙත් පිටතින් ඇසෙන ශබ්ද අබිබවා යන තරමේ මහා ගාලගෝට්ටියක් මගේ හිත තුල නිතරම පැන නැගෙන බව මා දැන සිටියෙමි. එය අවසන් වන්නේ නින්දට යන විට පමණක් බව සිතුවද, නින්දේදිද විටින් විට ඇහැරෙන්නේ මේ ගාලගෝට්ටිය නිසාම බවද මම දැන සිටියෙමි. කිසිවෙකුගේ හෝ අනුකම්පාවක්, පිළිගැනීමක් නොපැතු මම, හිත තුලම ගුලිව තනිව වාසය කරන්නට බොහෝ සේ කැමතිව සිටියෙමි.

එහෙත් මාගේ ඒකීය ලෝකය, අලුතින් ලැබුන රැකියාව නිසා වරින් වර මගෙන් පලා යන ආකාරය පුදුමයෙන් සේ මා බලා සිටියෙමි. දුරකට යාමට නොදී නැවතත් එය ඇදගෙන ගොස් බොටුවෙන් අල්ලා මගේ ඒකීය පාලු ලෝකය තුලම සිර කරන්නට මා දැරූ තත් විටෙක නිශ්පල විය. කිසිවෙකුගේ කිංකිණියකට, මුව පුරා පැතිරෙන සිනහවකට, හැක හැකයකට, ශබ්ද පිරුණු දෙතුන් දෙනෙකුගේ සමාගමයකට, කාර්යාලය තුලදි මගේ සිත තව දුරටත් මට වහල් නොවන බව තේරුම් යාමෙන් ඊට ඉඩහසර නිරායාසයෙන්ම සලසා දීමට මා හට සිදු විය. වතුරේ ඔබා පාගාගෙන සිටි රබර් බෝලයක් මතු පිටට පැමිණිමට දරණ වෙහෙසට සමාන වෙහෙසක් දරමින් මගේ තනිකම, පාලුව මගෙන් පලා ගොස් කොතැනක හෝ සිට මටම විරිත්තන විට දැනෙන කටුක වේදනාව, විටෙක සතුටක්ද, නැතහොත් සිහින්ව පාරන සිතුවිල්ලක්ද යන්න හදුනා ගත නොහැකිව මා ලත විය. 

“බලහල්ලකෝ. අපේ සනුදි මැඩම් නිස්සද්ද විලියොං වගේ නේ“

කාර්යාලයේ වැඩ කරන කට හැකර පියන් කොලුවා මගේ සිතුවිලි, ලෝකය හදුනාගත්තාක් මෙන් මා එහි සේවයට ගොස් දින දෙකක් ඉක්ම යන්නට පෙර මගේ සිතුවිලි නහර ස්පන්දනය වෙනස් කිරීමට සමත් විය. එයට කොක්සන් දී පිළිතුරු දුන් අනෙකුත් අයගේ ලෝකය පෙරලෙන සිනහවන්ගෙන් බිරන්තට්ටු වූ, ඒ කිසිවක් නුපුරුදු මගේම සිතුවිලි අතරංමං වෙද්දී, සාමාන්‍ය ලෝකය තුල ජීවත් විය යුත්තේ මේ ආකාරයට වන්නට ඇතැයි නවමු සංඥා මගේ මොළයට ගමන් කරද්දී ඒ අනුව කටයුතු කිරීමට සිදු විය. මුලින්ම සිහින් සිනාවක්ද, පසුව වචන දෙක තුනක්ද, ඉන් පසුව එකතුව ගත් දවල් කෑමක්ද හේතුවෙන් කලින් කී පාලු ලෝකය බිදී යන්නට විය. 

තවමත් නොතෙමුනු තාර පාරෙ තැනින් තැන වැටී ඇති දුහුවිලි අංශු වාහන මගින් තෙරපෙන සුළගින් පවා ඉහලට එස වෙන්නට වෙර දරන බව දකින මගේ මුවට මදහස් නැගිනි. මම තරමක් වෙනස් වී සිටිමි. ඔව්.. මම මෙපමණ කලක් ජීවත්ව ඇත්තේ අඳුරුම අඳුරු ලෝකයකය. එහි ආලෝකයක් ඇති බව මෙපමණ කලක් තිස්සේ මා නොදුටු බව සිහිපත් වී අතීතය දෙස හැරී බැලීම පවා කෝපය ඇති කරවන්නක් විය. ගෙවී ගිය කාලය අපරාධසහගත කාලයක් බව මට පසක් විය.


අපොස උසස් පෙළ ලියා මා බලා සිටියේ විශ්වවිද්‍යාල ප්‍රෙව්ශය මා හට ලැබෙනු ඇතැයි කියාය. එහෙත් ප්‍රතිඵල පැමිණි විට මා වික්ෂිප්ත වීමි. යන්තම් සමත් වී සිටියා විනා ඒ අසලකටවත් යාමට මට ඉඩක් නැතිය. දෙවැනි වරකට හෝ උනන්දු වීමට ආසාවක්, උනන්දුවක් නැතිව මගේ පාලු ලෝකයේම හුදකලාව ජීවත් වූ මා හට රැකියාවක් සොයා ගැනීමට සිදු වූයේ, අම්මාගේ තිබූ බලවත් පෙරැත්තය නිසාවෙනි. 

“උඹ කාමරේට වෙලා හැංගිල හිටියට වැඩක් නෑ දුවේ.. උඹට ජීවත් වෙන්න වෙන්නේ ඔය කාමරෙන් එළියෙ තමයි ඉතිං“

එවන් විටක මා ඇයට සැරපරුෂ වචන කියු බව දැනුදු සිහිපත් කරන්නේ අසීමිත වේදනාවකිනි. යම් ව්‍යාධියක් මා තුල තිබෙන්නට ඇත. එය පිළිගන්නට හෝ දැනුම්වත් වීමට පවා නොහැකි උද්දච්ච හිතක් මට හිමිව තිබෙන්නට ඇත. කාමරයෙන් එළියට ගෙන දොරපත්තෙන් එළියට තල්ලු කර දැමීමට අම්මා දැරූ සියලු උත්සාහයන් මගේ සැරපරුෂ බව නිසා අත් හැර දැමීමට සිදු විය. තාත්තාද නැතිව ඇය මා රැක බලා ගෙන සිටියා නොවේදැයි කිසිදු වෙලාවක මට කල්පනා නොවීය. මට වැදගත් වූ එකම දෙය මනෝ ලෝකයක්, සිහින ලෝකයක්, නැත... මට අයිති මගේම ලොව තුල සැරි සැරීමට පමණි. එහෙත් මට අවසන ඇයට කීකරු වීමට සිදු විය. ළග ළගම පැමිණෙන විපත්තියක් තේරුම් ගත් මුව දෙනක සේ මම එක් වරම රැකියා සදහා අයදුම් පත් යැවීමට පටන් ගත්තෙමි. සම්මුඛ පරික්ෂණ සදහා වන කැදවීම් රාශියක් මගේ ඇඳ මෙට්ටය තුල සුරැකිව තිබුනද, එකම එක වරක් එළියට ගත් කැඳවීම් ලිපියකින් මගේ අරමුණ වෙනස් විය. අද මා රැකියාව කරන්නේ එතැනය.

කණ්නාඩියකින් මුහුණ බැලීම මට ඉතා අප්‍රසන්න දෙයකි. වම් කම්මුලේ කන අසලට වන්නට ඇති කලු පැහැ සබන් කුට්ටියක් තරම් විශාල උපන් ලපය මගේ ජීවිතයේ මා දකින්නට වඩාත්ම අකමැතිම දෙය විය. එයින් මිදෙන්නට, එය නොදැක ඉන්නට පාසැල් කාලයෙ සිටම දැරෑ සියලු වෙර නිශ්පල විය. උපන් ලපය නිසාම පාසැලේ මට තිබු විහිලු නම් ප්‍රමාණය අඩුම ගානේ හත අටක් වත් විය. කිසිවෙකු හෝ ඊට සමාන වචනයක් කියනු මට ඇසුන විටක, එතැන නොරැදී හැකි ඉක්මනින් පලා යාමට මම පසුබට නොවුයෙමි. උසස් පෙල ටියුෂන් වලදී මේ තත්වය ඉතා දරුණු විය. සුදු මුණේ කළු වලා නමින් හැදින්වු මට, නොයෙක් විට අන්ඩ කොල්ලන්ගේ උසුලු විසිලු දරාගැනීමට සිදු විය. ඒවා දරාගත නොහැකි තැන ටියුෂන් යාම නවතා දැමීමට මට සිදු විය. 

එහෙත් අලුත පැමිණි කාර්යාලය තුලදී මගේ උපන් ලපය හෝ මගේ නිශ්ශබ්ද බව හෝ කිසිවෙකු මායිං නොකිරීම සිතා ගත නොහැකි තරම් පුදුමයක් විය. කුමන මෙහොතක හෝ ඒ පිළිබඳව ඔවුන් රහසින් හෝ කතා කරන්නේ දැයි දැන ගැනීමට මගේ ඉන්ද්‍රියන් නිරන්තරව සුදානම්ව දස දිසාවටම පැතිර තිබුණි. සතියක් දෙකක් කල් ගත වුවද එවැන්නක් ඇසට, කනට නොවැටීමෙන් උපන් ලපය කාර්යාලයේදී දියවී යන්නට විය. දවස් දෙකක් ඉක්ම යන්ට පෙර එකතුව ගත් දහවල් ආහාරය උත්තේජකයක් වී තනිකම පලා යන්නට විය. මේ අවසරයෙන් විවෘතව මගේ ඇස් යොමු කොට පුද්ගලයන් හා අනෙකුත් දේ පිළිබදව වඩ වඩාත් සැලකිලිමත් වන්නට මට හැකි විය.

ඔහුගේ බැල්මට මා හසු වූ බව දින කිහිපයක් යන තෙක්ම මා දැන නොසිටියෙමි. ඔහු අප අංශයේ ප්‍රධානියාය. තරුණ විය ඉක්මවා හතලිස් වසරට ආසන්නව ඇතැයි මා ගණන් හදා බැලුවද, ඔහුගේ වයස අවුරුදු තිස් අටකට වැඩි නොවන වග සගයන්ගේ කතා බහින් දැන ගන්නට හැකි විය. විටින් විට කාර්යාල කාමරයට මා ගෙන්වා ගෙන මගේ අතපසුකම් කරුණාවෙන් පෙන්වා දෙන ඔහු අනෙකුත් අයට එවැනි වරදකදී චන්ඩ ලෙස හැසිරෙන බව මා දුටිමි. එවැනි චන්ඩ බවක් මට පෙන්වා තිබුනේ නම් එය වාසනාවක්ද නැතහොත් අවාසනාවක්ද යන්න තේරුම් බේරුම් කර ගැනීමට මා නොදනිමි. එය එසේ වූයේ නම් මා නැවත කිසි විටෙක රැකියාවක් නොකරන්නට ද ඉඩ තිබුනි.

වටින් පිටින් වළාකුලු එකතු වෙමින්, වියරුවෙන් දැවෙන හිරුගේ කදම්බයන් මුවා කරද්දී හමා යන සුළගක් නිසා ඉපදෙන සිහින් සීතලෙන් හැකිලී තව තවක් එකතු වී පෙන කැටි වන් වළා රොද යන්මින් කළු පැහැ වන්නේ කුමකට ද යන්න පෘතිවි තලයේ ජීවත් වන සියලු සත්තවයන් ස්වයං අධ්‍යයනයෙන්ම දැන සිටිති. තව තවත් වළාකුලු එක් රොක් වී සුර්යාලෝකය පලවා හැර අවට අඳුරු කොට සිහින් සුලං හමන්නේ වැඩි හොදකට නොවන බව දන්නා සැවොම, ආරක්ෂාකාරී වන්නට කටයුතු කරන්නේ කෙසේද, එලෙසම කටයුතු කළ යුතු අවස්ථාවක් මා ඉදිරියේ ක්ෂණයකින් මතු විය. සියලු දෙනා වැස්සෙන් ආරක්ෂා වීමට සිතද්දී, මා වැස්සේ තෙමීමට ආසා කළෙමි. කුඩා කාලයේ දී පවා වැටෙන වැස්සට කාමරයේ ජනේලයෙන් අත දික් කොට අත දිගේ බේරෙන වැහි ජලයෙන්, අත මත පොලා පනින වැහි බින්දුවෙන් සතුටට පත් වීමට දැඩිම ඇලුම් කළෙමි. චිරි චිරි ගා අත්ලට වැටෙන වැහි බිංදු දෙක තුනට කැඩී මගේ මුහුණත මත සිහින් හිරියක් ගෙනෙද්දී එය අත් විදීමට මම ආසා කළෙමි. වැහිමන්දාරම් අතරේ කෙතරම් අකුණූ කෙටීම් තිබුනද කිසිම දිනෙක ඒවාට බය වී මම අත ඇතුලට ඇද ගෙන නොමැත්තෙමි.

එක් වරම ඔහු කළ යෝජනාව ඇත්තෙන්ම භූමිකම්පාවක් මෙන් මගේ හදවත තුල පැතීරී හදවත කිහිප පොලකින්ම පුපුරා යන්නට ඇතැයි සිතෙන තරම් වේදනාකාරී විය. පුටුව තල්ලු කොට නැගිට ඔහුගේ කම්මුල හරහා අතුල් පහර එක පිට එක එල්ල කළ යුතු යැයි පසක් වුවද එලෙස කිරීමට තරම් ශක්තියක් ශරීරය තුල කුලුගැන්වී නොතිබිනි. ඔහුගේ දිහාවට ඇස් යොමු කර ගත නොහැකිව සිටියදී, මේසය මතින් වීදුරුවේ රැදි ඔහුගේ රෑපකාය දෙස බලා සිටි මගේ ව්‍යාකූල තත්වයන් වෙනස් වන්නට විය. හරියට මේසය වැස්සට තෙමී ඇත්තාක් සේය. උඩින් එල්ලෙන ප්ලුරෛාසන්ට් බල්බයේ එළි වැදී ඇස එහාට මෙහාට වන ඩිංගට එහි ආලෝක කදම්බය සෙල්ලම් දමන්නට පටන් ගති. එය නතර කිරීමට මම නොසෙල්වී සිටියදී, සුලගට පැද්දී ආලෝකය සෙල්ලම් කරන බව දැක මට නැගි සිනහව නතර කර ගැනීමට නොහැකි විය. එය ඉතා කුඩාම කුඩාම සිනහවක් වුවද, ඔහු එය ග්‍රහණය කරගෙන ඇත.

“මං නිකමට කිව්වේ.. අපි කොහේ හරි රවුමක් ගහල එමු මයේ කාරෙකේ.. සීතල පලාතක... වැස්සට තෙමිලා.. අපි ඇවිදිමු“

සීතල පලාතක.... ඒ මදිවට වැස්සට තෙමිලා... හතර අතින්ම මම ඔහුට නතුව ඇත. මට එක්කෝ පිස්සු හැදී ඇතැයි සිතෙන්නට විය. අම්මා අද සිටියා නම්.. ඔව් ඇයට වචන වලින් පහර දී මම කැමති දේම කරනු ඇත. තව දුරටත් සිතීමට නොහැකිය.. මම ඔහු දෙස බැලූ නිමේශයේ මගේ සියලු සිතුවිලි, පැරණි සිතුවිලි ගිනිබත්ව ඇත. අලුත් ඉරක් දෙස බලන්නාක් මෙන් මම ඔහු දෙස බලා සිටියෙමි..

අප විටින් විට වැස්සට තෙමුනෙමු. විටෙක මුරුගසන් වරුසා වැස, චන්ඩ මාරුත හමා යන්නට විය. වළාකුලු අළු පැහැවී තිබෙන්නට විය. සිතල සුලං හමන්නට විය. කාලයක් පුරාම එක දිගට වැසි වසින්නට විය. මට ඒ ගැන නිනව් නැති විය. අප යන නොතැන සිහින් පොදක් හෝ වැටෙන්නට විය. මම එයට ආසා කළෙමි. එහෙත් ඒ වැස්ස නිම වන්නට, නැතහොත් විටින් විට වහින්නට විය. මට වැස්ස ඇති වෙනත් ගෙයකට යන්නට සිදු විය. එහි වැස්ස අර තරම් සෝබමාන නැතැයි දහස් වර සිතුනද, වැස්සට හසුව එක් බීජයක් රෝපනය වී කුඩා පැලයක් මතු විය. කුඩා පැලයට මාස හයක් පමණ වන විට නැවතත් පරණ වැස්ස විටින් විට වසින්නට විය.

එදා, පරණ වැස්ස වසින්නට නියමිත දිනයක් විය. පුරුදු පරිදි මම ස්වාමි පුරුෂයාට බොරුවක් කීවෙමි. විශේෂ රැස්වීමක් සදහා ලොක්කා සහ තවත් අය සමග දුරකට යන හෙයින් මම ප්‍රමාද වීමට ඉඩ ඇතැයි යන්න එම බොරුවය. ඔහු මගේ ප්‍රධානියා දැඩි ලෙස විශ්වාස කළේය. අප අතර ඉතා දැඩි සුහදත්වයක් ඇති බව ප්‍රධානියා මගුල් දිනයේදී ඔහුගේ මුහුණටම පවසා සිටි අතර, නිතර නිතර අපගේ නිවසට පැමිණෙන්නට ද විය. මේ නිසා ප්‍රධානියා සමග යන කිසිදු ගමනක් පිළිබඳව ඔහුට කුකුසක් නොවීය. ඇරත් මට වඩා වසර විස්සක් පමණ වයසැති තල්ස්තැනී කෙනෙකු දිහා එසේ කුකුසකින් යුතුව බැලීමද කළ නොහැක. මටත් වඩා මගේ ප්‍රධානියා ඔහු සමග කුළුපග බව ඉදුරාම විශ්වාස කළ ඔහුගේ විශ්වාසය පලුදු කිරීමට මට උවමනාවක් නොවීය.

වැස්ස වසින්නේ ඔහුගේ තනිකඩ නිල නිවාස කාමරය තුලය. පැහැදිලි අහස හවස් වෙද්දී වලාකුලු මෝදු වී කළුවර ගැහෙන්ට විය. විටින් විට සීතල මද නල හමා මගේ සිරුර ආහ්ලාදයෙන් කීරි ගැසී යද්දී, වැස්සෙ ප්‍රභවය මගේ සිරුර මත ගැටී සිරුර මැද හරියෙන් දැඩි ලෙස කැළඹෙන්නට විය. මගේ තොල් මතද වැහි බිදු පතිත වෙද්දී සිරුර මැද හරියේ වන කැළමිල්ල චන්ඩ වන්නට විය. මා ආසාවෙන් බලා සිටියාක් මෙන් කුඩා තෙරපුමකුදු අඩු නොවීමට ඉඩ දීමට නොහැකිව තව තවත් ඉඩ හසර ලබා දෙමින් සිටින අතරතුර, මගේ මුහුණ මත තෙරපෙන දැඩි සුළං ධාරාවන් වැස්ස අවසන් වීමට ආසන්නව ඇති බවට එළි දැල්වීය. එහෙත් එක් වරම ඔහුගේ මුහුණ මගේ මගේ වම් කන අසලින් කොට්ටය මතට පතිත වී බරැති සිරැර මගේ සිරුර මත කඩා වැටුන නිමේශයේ ආහ්ලාදය උපරිම නොවී වැස්ස අහවර වී ඇති බව සක් සුදක් සේ පැහැදිලි විය. එහෙත් මා ආදරයෙන් ඔහුගේ කෙස් වැටිය පීරමින් සිටියෙමි. මගේ සුසුම් වල ඝෝෂාවෙන් ඔහුගේ සුසුම් වල ඝෝෂාව වැසී ඇතැයි මා සිතුවද, ඔහු නිකරුනේ මගේ සිරුර මත නිසොල්මනේ සිටින්නේ යැයි හට ගත් බොරු කෝපයකින් ඔහුගේ පිටට ගැසුවද, ඔහුගේ සෙලවීමක් නොමැත. මගේ සිරුර මතින් ඉවත් වන්ට යැයි හඩ ගසා කීවද ඔහු වගේ වගක් නැතිව සිටිනු දැක යම් බියක් ජනිත විය. සැනෙකින් ඔහුව පෙරලා ඇද මත දැමූ මා ඔහු දෙස බලද්දී හොදින් ඇස් හැර සිටිනු දුටුවෙන් මේ කරන්නේ විහිලුවක් බව දැනී අත්ලෙන් පපුවට පහරක් ගැසුවද ඇසිපිය සෙලවීමක් නොමැත. සියලු ගැගීම් අභිබවා විදුලියක් මෙන් සිත දැඩි බියකින් සලිත විය. විනාඩියකට පෙර දගකාරයෙකු සේ සිටි ඔහු දැන් නිසොල්මනේ,. ඇරත් ඇස් දෙකත් ඇර මා දිහාම බලා සිටිද්දී භිතියෙන් ඇලලී ගියෙමි. අතට මුහුණට කම්මුට ගසා බැලුවද ඔහුගේ චලනයක් නොමැති වීමෙන් සිදු විය හැකි භයානකම සිදුවීමක් අභිමුව මා සිටින බව පසක් වී කෑමුර දෙන්නට කට ඇරියද ශබ්දයක් නිකුත් නොවීය. කළ හැකි කිසිවක් නොමැත. වැස්සේ අයිතිකාරයා ඔහුගේම ඇදමත මියැදී සිටියේය. මගේ හදවත එළීයට පනින්ට තරමින් ගැහෙන බව දැනී කුමක් කළ යුතු දැයි සිතා ගත නොහී මම කාමරෙය් මුල්ලකට වී ගුලිව සිටින විට, ශරීරය ගිනියම් ව ඇති බව මට දැනිනි. එහෙත් කුමක් කරන්නද?? කිසිවෙකුටත් හඩ ගැසිය නොහැකිය. මටද ඔහුව වත්තම් කොට ඉස්පිරිතාලයට ගෙන යා නොහැකිය. මගේ පාලු ලෝකය තුලම මා සිටියා නම් මෙය සිදු නොවන බව සිහිව මට හැඩුම් එන්නට විය. කඳුලි රැලි ගලා යමින් තොල් මතින් පසු බසිද්දී ප්‍රකෘතිය ආරෝපනය වන බව මට දැනිනි. කළ හැකි එකම දෙය මගේ පාලු ලෝකයට නැවත පලා යාමය. කිසිවෙකුටත් නොදැනේනට, කිසිවෙකුටත් නෙපෙන්න්ට මෙතනට ආ මට එලෙසින්ම නැවත මගෙ පාලු ලෝකයට පළායාමට සිදුව ඇත. කාමරයේ ජනේලයෙන් එපිට, කෝපයෙන් දැවෙමින් හිරු රැස් විදින බව මා දුටුවෙමි.

115 comments:

  1. මදැයි අන්තිමට ගහපු අකුණ.හැක්

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... ඒ මදිවට අව්වත් පායලා.. ජය වේවා කිව්වා..වෙනසට...

      Delete
  2. හැක්.. යස වැඩේ බොට වයසට ගැලපෙන්නෙ නැති වැඩ කරන්න යනවට.

    මොකක්ද බං ඒ ගැනූ මනුස්සයට මිනිහෙක් ඉන්නවනං, මාස හයක බඩකුත් තියේනං ආපහු පාලු ලෝකෙට යන කතාව.

    //සීතල පලාතක... වැස්සට තෙමිලා.. අපි ඇවිදිමු// බොලා ඊයෙ රෑ මේ ආදරයයි බැලුව නේද?

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර ටීවී එකක් නෑ බබෝ... මාස හයක පොඩි එකෙක් කියලයි කිව්වේ.. පාලු ලෝකෙට යනවයි කිව්වේ... මං දන්නෑ.. උඹනේ දන්නේ. හැක්

      Delete
  3. වාසනාවන්ත බොසෙක්... මට මතක් වුනේ අර ලොවීනා එකේ හිටි නාකි පිරිමි කෙනෙක් අහවල් වැඩේ කරද්දි හැමදාම මැරිලා යනේක.ඒ මනුස්සය උදේට සොහෙනට ගිහින් දැම්මට ආයෙ රෑට ගෙදර එනවා. ආයෙ රෑට අහවල් වැඩේ කරද්දි ඇග උඩම මැරෙනවා.... මේ චක්‍රය දිගටම වෙනවා. ඒ කතාව මතක් වුනා මේ කතාවේ අන්තිම කියවද්දි.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ එක පාරට හුටස් නිසාද?? හැක්..

      ලොවීනා කියවා නැත. එසේ උනා නං මෙහි අවසානය වෙනස් වීමට ඉඩ තිබුනි..

      Delete
  4. වැස්ස..!!
    නියමයි අයියෙ.. පට්ට සංයමයෙන් අදාල කරුණු කාරනා ලියලා ඒ අස්සෙ මනුස්ස හැඟීම් අකුරු කරපු විදිහ නම් සුපිරියි.. මිහිරියි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා ලබ්බෝ.. තාම ඉන්නවා නේද සන්තෝසයි..

      Delete
    2. පට්ට සංයමයෙන් ඇදාලා කාරණා ලියලා තියෙනවා නේද ලබ්බෝ හි හි

      Delete
    3. ලබ්බා උඩින් කියල තියෙන්නෙත් ඒකමද කොහේද ලමයෝ.. හැක්

      Delete
    4. හ්ම්..හ්ම්... ඔය ටිකම කොච්චර වෙනස් විදිහට ලියන්න ඇහැකිද මං අහන්නෙ? ඔක්කොම දේවල් කියලා.. ඒත් කියලත් නෑ වගේ.. භාශාවට බාසාව දාල ගේම ගහල තියෙන්නෙ.එක්සලන්ට්...!

      Delete
    5. සමාර දේවල් කියල නෑ බං.. අවංකවම...

      Delete
  5. යකෝ අහවල් වැඩේ කරනකොට මැරිච්ච දෙකා හිහි
    එකා ඇවිත් ලොවීන ගෙ මිනිහ නෙව ආයිබංඩ.

    කතාව නං සිරාවටම මරුවට ලියල තියෙයි

    හැමදා නියං එකදා වැහි වලාවේ කියනව වගේ දේසත් ඉදල ඉදල හොද හොද කතා ලියන්නෙ
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ලොවීනා කියවා නැත..

      දැන් මහ කම්බිලි දසාවක් බං ලබල ඉන්නේ..

      Delete
  6. අරු පතයා වගේ මැරිල නේද ඇද උඩම? හයියෝ පවු..

    ReplyDelete
    Replies
    1. ඔෆිසියේ ටොම්බා කෑලි බෝසත් එක්ක හුරුතල් වෙනකොට උඹ මෙහෙම සාප කරනවා නේද?

      Delete
    2. පව් වෙන්නේ සනුදිට නෙවද බොලේ තව ටිකෙන්.. හැක්..

      Delete
  7. මල කෙලිය මහා රජ කිව්වලු...

    මොකක්ද්ද බන් මේ වෙච්ච සීන් එක..බොහොම හීන් සීරුවේ තව මොන මොනවා හරි ආතල් සීන් එකක් වෙයි කියලා හිතාගෙන් කියෝගෙන ගියා.

    -----
    පවු ඉතින් අහිංසක කෙල්ල නේද???

    ReplyDelete
    Replies
    1. මොන පවක්ද බං ඔය වහංගු වෙලා ගිහින් අගේට ඉන්නේ.. හැක්

      Delete
  8. වහින වහින හැම වැස්සකම තෙමෙන උන් අනිතිමට මුරුගසන් වැස්සට අහුවෙලා විනාශ වෙලා යනවා..

    හොඳ උපමාවක් උඹ අරන් තියෙන්නෙ...අන්තිමට ආයෙ හුදකලා වෙන කෑල්ල තමා මටත් තේරුන් නැත්තේ...

    ReplyDelete
    Replies
    1. ඒ අන්තිම කැල්ල ඉතිං බොට ඕන විදියකට හිතාගන්.. මොකද ඉරත් සැරේට පායල නෙව..

      Delete
  9. හ්ම්...................හිතෙන කොච්චර දුර යන්න පුළුවන්ද? නමුත් භව්‍ය ලෝකයේ ආයෙත් මම මමමයි.

    ReplyDelete
    Replies
    1. හිතෙන් ගියපු දොර එක ඩොං එකෙන් බිම මාමේ.. ජයවේවා

      Delete
  10. ඉතා සංයමයෙන් ලිව්ව කතාවක්. නිර්මාණාත්මකයි.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් නොකා.. තැන්කුයි..

      Delete
  11. දැන් බ්ලොග් ලෝකයත් නියඟෙට අහුවෙලා. තද වැසි අවැසි කාලයයි. කෙටි කතා ලෝලියෙක් වන මට හිතෙන්නේ ඔබ හොඳ කෙටිකතා ලිවීමට හුරුකම දියුනුකරගැනීමට උත්සහකරනවා කියලයි. ඔබගේ මනෝවිශ්ලේශණ හැකියාව ප්‍රශස්තයි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකේට වගේම හැම ලෝකෙටම කාලෙන් කාලෙට එක එක අබග්ග... ඇත්තම තමයි.. ලියන්නම ඕන දියුණු වෙන්න.. ඒක නිසා මං ලියනවා. තැන්කුයි දයාල්

      Delete
  12. දැන් ඔය කියන ගෑනු ලමයා බැන්දේ කාවද? කවදාද? ඒවා කියලා නෑනේ.

    "හැක හැකයකට" ඒ කියන්නේ එයාගේ ජීවිතයට දේශකයෙක් ඕනේ කියන එකද? :P

    'හිත' ගැන කරලා තියෙන විග්‍රහය නම් හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. //මට වැස්ස ඇති වෙනත් ගෙයකට යන්නට සිදු විය. එහි වැස්ස අර තරම් සෝබමාන නැතැයි දහස් වර සිතුනද, වැස්සට හසුව එක් බීජයක් රෝපනය වී කුඩා පැලයක් මතු විය.//

      Delete
    2. හැක හැක ගාන හැම එකාම දුසකයයි කියලයි ඔය ලමයා හිතන්නේ.. හැක්..

      ඔන්න පොඩ්ඩිට අහුනොවෙච්ච තැන මගේ නිවුන් සහෝදරයා පෙන්නල තියේ.. චියර්ස් පොඩ්ඩි..

      Delete
    3. නිවුන්... හැක හැක.. ඒකත් නරකම නෑ ඉඳගෙන.

      Delete
    4. ඉතිං ඇත්තටම අපි නිවුන නෙමෙයිද අයියේ???

      Delete
    5. දැන්නං පත්තුවීගෙන වගේ එන්නෙ.

      Delete
    6. මොකක්ද බං පත්තු වෙන්නේ. අන්න අයියගේ හැඩ මැර පින්තුරයක් මම දැම්මා.. හැක්

      Delete
  13. සැක් විතරක් මොනවා ලියනවද මන්දා

    ReplyDelete
    Replies
    1. ඇයි බං වැස්ස ගැන නෙවැ ලියල තියෙන්නෙ.. චැහ්

      Delete
    2. වැස්ස ගැන රචනාවකි.. මැලයෝ..

      Delete
    3. වැස්ස අතුර තුර කාමරය තුල සිදුවන සිදුවිම් හොදින් විස්තර කර නොමැති නිසා ඉහල ලකුනු දිය නොහැක.

      Delete
    4. සමහර විස්තර උඹලට දිරවන්නෑ මයේ රත්තරනේ.. හැක්

      Delete
    5. මේවගේ වැස්සක්ද ?

      https://www.youtube.com/watch?v=TfjLqDzyTpY

      Delete
  14. අපූරු ලියමනක් සුදා...ගොඩාක් රසවින්ඳා...බොසාලා එක්ක ගොඩාක් වෙලාවට තරුණ කාන්තාවො හොරාකන්න පෙ‍ළඹෙන්නෙ ඔහුගේ ධන බලය නිසාද නැත්තං කාර්යාලය තුල ප්‍රතිලාභ වැඩි කරගන්නද කියලා නිර්වචනයක් දෙන්න බෑ නොවෙද...ලංකාවෙ රජයේ කාර්යාල වලට මේ තේමාව ආගන්තුකද....

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නෙමෙයි කොහෛ්ත කාර්යාල වල ඕවා තියෙනවා.. ස්තුතියි සිරා.. මේ ටිකේ බ්ලොග් බැලුවෙම නෑ අජියගේ සියාම හැර..

      Delete
  15. පරණ ඇංජින් බොයිල් කරනවා !! ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ඒවට දුර දුවන්න බෑ. කදු නගින්න බෑ. ඉදගෙන.. සුභ පැතුම් ප්‍ර මෝෂම් එකට. සන්තෝස් ඇති නේද මචෝ.. ගල් බලකාය කැදවමුද?? තෝ ලංකාවේද?

      Delete
    2. // ඒවට දුර දුවන්න බෑ . කදු නගින්න බෑ //

      හැලපයියයි විචාරක සෑරුයි ගේම ඉල්ලයි ඕං ඈ :D

      සංතෝසදත් අහලා බං . ඉහේ මල් පිපිලා :D අවුල ඉක්මන්ට එන්න උන එක. ආයෙ 14 ආව මචෝ

      Delete
    3. හැලපයා නං ලොවෙත් මේක දකින්නෑ.. ඒකා වේයන්ගොඩ හිර කරලා.. විචා මාමා නං කෙලින්ම කියනව නේ දැං බෑ බෑ කියලා.. හැක්..

      මාසෙට දෙපාරක් ලංකාවට ආපු කතාව ඇත්ත නං තෝ කම්බස් පුතේ..

      Delete
    4. සිරාවට බං. මාමන්ඩිගෙ ෆියුනරල් එකටමැයි 28 ඇවිත් ජූනි 7 ගියා .. ආයෙ ඩිලිවරි එකට ජූනි 26 ඇවිත් ජුලි 14 ගියා බං.. සංසාරයක් නෑ .. :D

      Delete
    5. අවස්තා දෙකෙදිම පාර් තියන ගල් තමා අහුලන්න වුනේ..

      Delete
    6. අවුලක් නෑ ඉතිං.. අන්තිම පාර ඇවිත් බෝම සතුටු වෙලා ගියා නේ

      Delete
  16. එහෙත් හරි වැස්ස, මෙහෙත් හරිවැස්ස. :)

    //කිසිවෙකුටත් නෙපෙන්න්ට//

    පැලේකුත් රෝපණය උනත් සාරසුභාවක් නැති වැහිවහින අලුත් ගෙදර ජීවිතයත් පරණ එක වගේම කියලද අර අන්තිමට කියන්නෙ, නැත්නම් ඔක්කොම වැහි ඉවරයි ! ආයෙත් පරණ ගෙදර ජීවිතයට කියලද.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මදුරු නාසකේ.. ඒකට උත්තරේ මම දෙනවට වඩා උඹලා හිතල එන උත්තරයක් ගන්නවනං මං කැමතියි...

      Delete
    2. විටක් කොටාගෙන ඔහෙ ඉන්නව මුනුබුරො ....

      Delete
    3. සීයට පුතා හමු වෙලා කාලෙකින්.. හැක්

      Delete
  17. ඒ වැස්සේ තෙමෙන්න මාත් හරි ආසයි :D

    කාළෙකින්. ඔයාගේ කෙටිකථා කියවන්න මං හරිම ආසයි බබී

    ReplyDelete
    Replies
    1. ඔයැයි කියන්නේ වළාකුලු කඩාගෙන ඉහිරවගෙන හෝස් ගාලා වැටෙන වැස්ස ගැන වෙන්ටෑ මං හිතන්නේ.

      ඔව් අප්පා බබියෝ මේ දවස් වල එලොවටත් නෑ මොලාවටත් නෑ ඇති වැඩකුත් නෑ..

      Delete
  18. මංගල තෑග්ග ෆිල්ම් එකේ අනික,
    එක යායේ කකා වැටී

    ReplyDelete
    Replies
    1. කරුමේ ඩබල් වෙන්නේ මේ වෙලාවට. මං ඒ පිලුම බලල නෑ.. ඔය සින්දුව නං බලල තියේ..

      Delete
  19. මේ උගුලෙන් මේ ගෑණි ගැලවුනේ කොහොමද බං? දැන් මෙතනට එනවත් දකින්න ඇතිනේ මිනිස්සු. අනික හස්බන්ඩත් දන්නවනේ බොසා එක්ක ගියේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ ඉතින් පිරිමි හිතන්න දන්න තරමනේ..

      ///
      විශේෂ රැස්වීමක් සදහා ලොක්කා සහ තවත් අය සමග දුරකට යන හෙයින් මම ප්‍රමාද වීමට ඉඩ ඇතැයි යන්න එම බොරුවය. ///

      මෙහෙම කියලනේ යන්නේ... ඉතින් අනේ ඔය වැස්ස පටන් ගත්තේ වේලාසන නම් හවස් වෙන්න කලින් එයා ගෙදර එනවනේ. අනික බොසා මැරිලා කියලා ඔෆිස් එකේ අය දැනගන්නේ පහුවදානේ... අනික මේක අනිවා සිකුරාදා වගේ දවසක් වෙන්න ඇති,,,,

      ///කිසිවෙකුටත් නොදැනේනට, කිසිවෙකුටත් නෙපෙන්න්ට මෙතනට ආ මට එලෙසින්ම නැවත මගෙ පාලු ලෝකයට පළායාමට සිදුව ඇත. කාමරයේ ජනේලයෙන් එපිට, කෝපයෙන් දැවෙමින් හිරු රැස් විදින බව මා දුටුවෙමි.////

      කවුරුත් දැකලා නෑ,, භෞතිකව සහ අධ්‍යාත්මිකව.

      ඒ වගේම මිනිහා මැරිලා නෑ අනේ... මෙයා බයට මුල්ලට වෙලා ඉඳලා ඇවිත් බලද්දී ආයේ එයාගේ ඇග උණුසුම් වෙලා ,,,, මැරිච්ච මිනිහෙක් වත්තන් කරන් ඉස්පිරිතාලේ යන්න හිතන්නේ කවුද අනේ.. ( මේ නිකමට ලීවේ ඈ)

      Delete
    2. බෝම අගෙයි ඔමා දුවේ.. ඩුඩ් මාමා පොට පටලං නේද?? හැබැයි අන්තිම ජෙදේ නිකමට ලිව්ව කියල නං හිතාගත්නෑකි..

      Delete
  20. ඉඳල ඉඳල ලියන කතාව ආයේ කාලෙකටම සෑහෙන්න ලියනව.ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. ආයි ටිකක් නිදාගෙනම එන්න ඕන. තැන්කුයි හංසි

      Delete
  21. ඉඳලා ඉඳලා දුන්නා නේද රෝලන්ඩ් පරිප්පු වෙන්න.

    ReplyDelete
    Replies
    1. මොකක්ද අප්ප ඒ පරිප්පු ජාතිය. අපිනං දන්නෙ කප් පරිප්පු විතරයි.

      Delete
    2. @ මධාවී..
      අනේ එහෙම එකක් නෑ මෙයා.. හැක්..

      @ නිව්න් සහෝදරයා..
      උඹල දන්නේ බ්‍රා කප් විතරයි කියලයි මෙන්ඩ අංකල් නං කිව්වේ.. හැක්

      Delete
    3. ඒකත් ඩබල් පුෂ්-අප්..
      වැල වරකා කරපුවා

      Delete
    4. හැක් හැක්.. කොහොම හංගන්නද නේද??

      Delete
    5. ප්‍රසා,
      ඩාල් මචෝ ඩාල්

      Delete
    6. චික් ඉතරක්. අපේ මධාවියවත් දැකල නෑ මේ බ්ලොග් උඩම දකුනේ පොරක් ඉන්න උජාරුව.. හැක්

      Delete
  22. හප්පේ කාලෙකට පස්සෙ දීලා තියෙනවා හොල්මන්ද පොල්කොල වෙලා යන්න. වැස්සත් එක්ක මිනිස් හිතක සිතුවිලි වෙනස් වෙන හැටි චිත්‍රණය කරපු විදිය අපූරුයි දේශෝ!

    ReplyDelete
    Replies
    1. මං ඒ විග්‍රහයට කැමතියි බස්සියෝ.... මුණුපොතේ දීපු කමෙන්ට් එකටත් තැන්කුයි..

      Delete
  23. RAINING CATS AND DOGS කියන්නේ මෙව්වට වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මං අපේ මැෂින් හදන යාලුවෙකුට වහින දවසක මැසේ්ජ් එකක් යැව්වා.

      “Its raining not cats and dogs... bulls and cows" කියලා..

      ලැබුන උත්තරේ මොකක් කියලද බින්දි හිතන්නේ..හැක්

      Delete
  24. වැස්ස ගැන කියවන්න ආවහම මේකා කරපු වැඩේ. හොඳ ප්ලොට් එක. පින්තුරයක් හොයල දාපල්ලකෝ.
    http://nelumyaya.com/?p=3710

    ReplyDelete
    Replies
    1. පින්තුර දාන්න දන්නෑ අයියේ. හැක් තැන්කුයි..

      Delete
  25. ඔය එක එක පෙති ජාති ගහල වැස්සෙ තෙමෙන්ඩ ගියාම ඔහොම වෙනවලු ..... කාලෙකට කලිං අර කව්ද නලුවෙකුටත් උනේ

    ReplyDelete
    Replies
    1. වෙල්කම්ද මන්දා... ඔලුවේ තියෙන පෙත්ත අවුල් නං ඉතිං වැස්සත් අවුල්..

      Delete
  26. කලින් කියවල හුරු පුරුදු ගතියක් වගේ වගේ දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ බෑ මචං.. හැක්..

      කොලලෙක් දවසක් කෙල්ලෙගන් ඇහුවලු..

      “මට නංගිගේ මුණ හොදට දැකල පුරුදුයි“ කියලා. කෙල්ල කිව්වලු

      “වෙන්ඩ බෑ අයියා. මම නැතිව මගේ මූන කොහේවත් යන්නෑ“ කියලා.. හැක්

      Delete
  27. කාලෙකිං ආවම වැස්සක් ගැන කියවල අපිවත් @#$/ කරනවා..හ්ම්.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කාලෙකන් නෙව දැක්කේ.. ජය

      Delete
  28. කාලෙකිං ආවම වැස්සක් ගැන කියවල අපිවත් @#$/ කරනවා..හ්ම්.....

    ReplyDelete
  29. කාලෙකිං ආවම වැස්සක් ගැන කියවල අපිවත් @#$/ කරනවා..හ්ම්.....

    ReplyDelete
    Replies
    1. තුන් පාරක්ම @#$/ කරල නේද!

      Delete
    2. @# / ටටා කියනවා ටොපියක්වත් නැතුව

      Delete
    3. එක පාරටම දෙපාරක් වෙලා නේද?? හැක්..

      Delete
  30. පරක්කු උනා දේශෝ ....
    අනේ මන්දා උඹත් කරගන්න වැඩ ..අර කෙල්ල බය වෙන්න ඇති උඹ මැරිලම තමයි වැටුනේ කියලා ...හැක් හැක්

    තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
    මා බැලුවේ කම්පා වී කුමක්‌ කරම්ද කියා
    උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
    තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා..
    ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ
    දැත මගේ දැතෙ ඔබා නොකී දුක්‌ දැනේ
    මල්වරව දෙතොල් අනුරතිය යදී
    එදෙස බලා හිඳිනු කෙසේ දො උමතු නොවී..
    පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක්‌ නැතී
    විස්‌මිත වූ නීල නුවන් අහස මෙන් දිලී
    මා වියරු වෙවී හිරි ඔතප් රකී
    ඔබ ද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ.

    ගායනය - සනත් නන්ද සිරි
    ගී පද - ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර

    ReplyDelete
    Replies
    1. මොන පරක්කුද බං. ඔය ඇවිත් තියෙන්නෙ වෙලාවට...

      Delete
  31. මදි මදි හොදටම මදි..අවස්ථා සම්බන්ද විස්තර කරලම නෑ..ඇදුම් ගැන නෑ

    ReplyDelete
    Replies
    1. කනගාටුයි.. ඔබ ඇමතු දුරකතනය ප්‍රතිචාර නොදක්වයි...

      Delete
  32. හප්පා මාර මාර වැඩනෙ වෙලා තියෙන්නෙ...

    වැස්සකට වෙන දේවල්
    අකුණක් ගහන වෙලාවත්...

    ReplyDelete
    Replies
    1. හෙන ගහපන් ගනං බලාපං කිව්වලු පුට් බෝඩ් දරුවෝ.. හැක්

      Delete
  33. http://sinhala.lankanewsweb.net/index.php/features/2013-07-01-07-49-32/17839-is-it-going-to-rain

    ReplyDelete
    Replies
    1. තැන්කුයි අජියා.... නිව්ස් වෙබ් එක බැලුවෙත් නෑ හුග දවසකින්.. තැන්කුස් එගෙන්ස්..

      Delete
  34. සික් විතරක්...... ශුක්‍ර වැස්ස....

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ.. එහෙම බනිනවද වැස්සට..

      Delete
  35. https://www.youtube.com/watch?v=XWvrPUcn9P8

    ReplyDelete
    Replies
    1. Thanks Pra!!.. ඔයා දැන් නිකං හෙවනැල්ලක් වගේ ලාවටයි පේන්නේ.. මොකෝ ඒ..

      Delete
    2. https://www.youtube.com/watch?v=nVxNwatPRs4

      Delete
    3. තැන්ක්ස් ප්‍රා... බිට්ටිපුල් ඇන්ඩ් ලවින් මෙමරීස්..

      Delete
  36. මදැයි වෙනසකට මුලපිරුවා විතරයි!

    ReplyDelete
    Replies
    1. එහෙනං නැගිටිමු තෙවෝ.. හැක්

      Delete
  37. මෝසම් වැස්ස පාව්වට අසනි වැස්ස තාම තියනවා නේද? එක පාරටම ඉර පෑව්වේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. හානේ ටීචර් දැක්ක කල්.. අව්ව පෑව්වේ ඉතිං එයැයි වැස්ස වහින එක විතරයි නෙව දැක්කේ..

      Delete
  38. පොඩි කාලේදී වැස්සට තෙමෙන්න එපා කියල දෙමව්පියෝ කියන්නේ මේ නිසා වෙන්න ඇති.
    හැබැයි ලොකු උනාට පස්සේ කියන්නේ නැහැ.
    ඒ වගේම වයසට ගියාම වැස්සේ තෙමෙන්න හොඳ නැති බව වයසත් එක්කම තේරුම් ගන්නවා.
    අපුරු වැස්ස...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ දෙමාපියා් දරුවන්ට ආදරෙයි.. අයියෝ බං ලොකු වෙන කොට අහු වෙන පහු වෙන වැහි වලට අපි නිකම්ම අහු වෙනවා..ජය

      Delete
  39. මට කතාවේ අග මුල තේරුනේ කොමෙන්ට් ටික බැලුවහම.. අර මාස හයේ සීන් එක තේරුනේ සැහෙන වෙලා ගිහින්....හෙහ් හෙහ්
    නියමෙට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හපොයි උඹ වගේ කම්ප්ලීට් රොබොටික් හියුමන් කෙනෙක්ට මේවා බරසාර වැඩියි කියලයි හිතුවේ.. හැක්.. ජය වේවා පැතුමෝ..

      Delete
  40. (තනිකම තනි නොතනිය ) (විඳවීම විඳිල්ල ) (ජීවිතය මියයාම ) ( ආදරය රාගය ) අතර දෝලනය වන අපේ ජීවිත .... හරිම අගේට ලියල සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. අපේම ජීවිත තමා හංසමාලියෝ.. තැන්කුයි..

      Delete
  41. අඳුරු ලලා කළු කෙරුවට වැහි වැටුනේ නෑ යාළු ........ මෙතැනනම් ඇත්තටම වැහැල වගේ

    ReplyDelete
    Replies
    1. වැහැල වැහැල අන්තිමට පෑව්වා. දැං ගිරිස්මයි.. හැක්..

      Delete
  42. හ්ම්ම් පරක්කු වෙලාම ආවා හෙමින්ම කියෙව්වා .....මෙක ගෙතපු එකක්ම ද ??හැක්

    ReplyDelete
    Replies
    1. සහෝ කාලෙකින්.. ගොතපු... නෑ අමුණපු එකක්. .හැක්.. ජය

      Delete