Friday, March 27, 2015

නෙළුම් යායේ මගේ කොටහ!!

2015.03.26 පෙරවරු 11.00

“එහෙනං ඔක්කෝම හරිනේ.. ඔයා ලොකු එකාව ගන්න 1.00 ට.. ත්‍රයිෂෝ එකක් අරගෙන යන්න. මිනිහට ඇවිදින එක මහන්සියි ඔච්චර දුර.“

“හා මම හරියට 1 ට යන්නං. පොඩි ගේට්ටුව ගාව නේහ්.. මට මතකත් නෑ කාලෙකින් ගියෙත් නෑ නේ. ඇත්තට දැං මේන් ගේට් එකෙන්ද කොල්ලා යන්නේ“

“නෑ තාම ප්‍රයිමරි නිසා පොඩි ගේට්ටුටවෙන් යන්නේ. කියන එක අහගෙන ඉන්නවා විකාර කියවන්නේ නැතිව..#$%%%@$%@% හැක්

“එතකොට පොඩි එකාව ඩේකෙයාර් එකෙන් ගන්න එක තමා අවුල“

“අයියෝ මනුස්සයෝ.. අඩි සීයක්වත් දුර නෑනේ. මිනිහවත් අරගෙන තුන්දෙනා එක්ක බස් එකේ එන්න. බැහැල ආයි වීල් එකක් අරන් ගියාම හරිනේ“

“මේ බඩු මලු දහයක් විතර උස්සගෙන මම පාරෙ යන කොට මිනිස්සු බලාවි මේ මොකෙක්ද කියලා.. වෙන ක්‍රමයක් නැද්ද අනේ ඕකට.. හරි වදයක් තමා පොඩි එකාව මට්ටු කරන එක. ඌ එක අඩියක් තියල අඩි දහයක් වටේ දුවනවා නෙව..“

“ඕන මගුලක් කරගන්නවා. එක්ක යන්න බැරි නං බම්බු ගහගන්නවා. මට කරන්න දෙයක් නෑ. මං එනකොට රෑ වෙයි ටිකක්. “

“කීය විතර වෙයිද එනකොට“

“වෙලාවක් කියන්න බෑ“

“නෑ නිකං ගෙස් කරල කියන්න වෙලාවක්“

“මේ... මං නැකැත් දන්නෑ.. එන වෙලාවට එනවා එච්චරයි“

ඉතිං මං කීය වෙනකං බයෙන් ඉන්නද?

අැයි මං නැතිවෙනකං මිනිස්සු බලං ඉන්නවද තමුසේ උස්සං යන්න. නිකං බබා නොවී ඉන්නවා හිටං. පොඩි උන් දෙන්නා ඔයිට වැඩිය හොදයි

“හා කමක් නෑ. මං ඉතිං අමරුවෙන් හරි ඉන්නං“

“මං තියනවා එහෙනං“


මගේ අම්මෝ ඔය මං හිතන්නේ ලව් කරන කාලෙ මල් කැඩුවට පස්සේ පවුලත් එක්ක ලොකු ටෙලිපොන් කොන්වර්සේසන් එකක් ගියාමයි මයි හිතේ. මේ ගෑනුන්ට එක විනාඩියක් සුවාමියා නැතිව ඉන්න බැරි හැටි. පුදුම සුවාමිබත්තියක් තමා තියෙන්නේ. බම්බුව.. හැක්


පෙරවරු 11.38

“හලෝ“

“දේශා.. ඔයා කොහේද“

“මං බස් එකට නගින්න ඉන්නේ“

“අනේ තරහ නොවී මේක අහගන්න“

“මොකක්ද“

“ඉස්කොලේ ටීචර් කෝල් කරා. ලොකු පුතාට හොදටම උණලු. පැනඩෝලුත් දුන්නලු. හිස කකියනවයි කිව්ව නිසා“

“අප්පට සිරි. මිනිහටත් එහෙනං අර උණ බෝවෙලා.. සැහ්.. දැං මොකද කරන්නේ“

“බේත් ගන්න ඕන.. දැං යන්න ඕන. ඔයි ගමන පස්සේ යන්න බැරියැ

“බම්බුවක් කතා කරනවද? තමුසේ යනවා ඉස්කොලේට ගිහිල්ල කොල්ල අරන් ගිහින් බේත් අරන් දෙනවා“

“අයියෝ.. පිස්සු කියවන්න එපා.. මට බයයි උණ වැඩි උනොත් හෙම.. බෑ බෑ.. අද ඉන්න“

“මේ ගෑනුත් එක්ක මොකක්වත් කරන්න විදියක් නෑනේ.. මගුල“

“දැං ඕක අමතක කරල යං බේත් ගන්න. දන්නවා නේ ඔය උණ අමාරුයි හැදුනම“

“සික්.. හරි මං විනාඩි දහයෙන් එනවා ඔතනට. ලැහැස්ති වෙලා ඉන්න“

“හරි.. මං දැං එළියට එනවා එහෙනං. ඉක්මනට එන්න“

වැඩේ ජෝන්බාස්ටම ගියා නෙව. අපේ පොඩි එකාට සති දෙකකට කලින් හැදුනා උනක්. යකෝ 102 විතර උණ නගිනවා. මේකා ගැහෙනවා. දවස් දෙකක්ම නිදියගන්නැතිව ගේම ගැහුවේ. ඒ යකාට හො උනා විතරයි ලොකු එකාට බෝ උනා. මිනිහට හොද වෙච්චි ගමන් ආයි පොඩි එකාට බෝ උනා. මිනිහට හොද වෙලා දවසයි මේං ආයි ලොකු එකාට බෝ වෙලා.. බම්බුව. කියන එක ලේසියි. පොඩි උන්ට ඕක ඉවසන එක තමා ටිකක් අමාරු. කරන්න දෙයක් නෑ බේත් අරන් දීල කොල්ලත් එක්ක ගෙදර ඉන්නවා.

එතකොට නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල - 2014.... ඒකට බම්බු ගහගන්න කියනවා. හැක්

84 comments:

  1. මේවා කියල තියෙන්නෙ කට කහනවාටයැ..
    'ආරෝග්‍යා පරමා ලාභා...'
    දරු පැටවුන්ට ඉක්මන් සුවය පතනවා..!!

    ReplyDelete
  2. මඩවලින් මිදෙන්නට දැමූ පෝස්ටුවකි හැක්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ නලින් අයියට මඩ නෑ කියන එක නෙමේ....?

      Delete
    2. නැතිව නැතිව. අපි ඇත්ත කතා කරන්න එපායැ නලියෝ

      Delete
  3. ම්ම්ම්ම්ම්.....බලං උන්න එනකං .....
    ඇස් රිදෙන කම් සත්තලන්.....බොක්ක....

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න සත්තලනේ.. මටත් කදුලු ආවා මේක දැකල

      Delete
  4. මේ කතාව ඇත්තනම් ඉතින් නො ආපු හේතුව සාධාරණයි. කොයි එකටත් පොඩි එකාගෙනුත් අහල බලන්නෝන.

    ReplyDelete
    Replies
    1. මොන ඇත්තද ඕකා මේ පෝස්ට් එක කලින්ම ලියාගෙන හිටියෙ.
      එදා "කුදලන් යන" පෝස්ට් එක දැකපු වෙලේ මට හිතුනා මේකා මේ බයිල ගහන්නෙ කියල

      Delete
    2. බක්සි...

      මේක ඇත්තම ඇත්ත කතාවක්.. ආයි බොරු කියල මං තෑගි ගන්නයැ..

      ඇනෝවා
      යකොව්.. අපහාස කරනන එපා. හැක්..උම නං මරු බඩුවක්..

      Delete
  5. මේ පෝස්ටුවට මගේ සම්පූර්ණ විරුද්ධත්වය........මං කියන්නෙ අන්තර්ගතයට.....හරි නෑ නේ...

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ කතන්දරේද බං...

      Delete
  6. ඕං හරි දැන් අපි දන්නව හේතුව හොඳේ.. පොඩි එකාට ඉක්මණට සනීප වේවා! ඊලඟ හමුවීම යෙදෙන දවසට එකෙක්වත් අසනීප නොවේවා!

    ReplyDelete
    Replies
    1. ජය වේවා.. සැට් වෙමු දිනක තඩි කලුවා සමග

      Delete
  7. රී සයිකල් කතාවක්..........!

    ReplyDelete
    Replies
    1. හැක්.. දවසක දාමය බිදින්නමෙි..

      Delete
  8. //පොඩි උන් දෙන්නා ඔයිට වැඩිය හොදයි//
    ඕක උනයි කියල ආරංචි උනේනං වෙන විදියකට.

    මොන සම්මාන %$$*%(*@(@!@ ක්ද ඕයි. අන්න අර පොල් ගෝනියයි, එලෝලු මලු දෙකයි, අරගෙන එන ගමං පොඩි උං දෙන්නත් අරං එනව.
    මතක ඇතිව උං දෙන්නගෙ බෑග් දෙක උස්සගන්නව. උංට ඕව උස්සගෙන ඇවිදින්න මහන්සියි ඔච්චර දුර.

    //මේ බඩු මලු දහයක් විතර උස්සගෙන මම පාරෙ යන කොට මිනිස්සු බලාවි මේ මොකෙක්ද කියලා.. වෙන ක්‍රමයක් නැද්ද අනේ ඕකට..//

    @$!$!!*(*$$*_$(@_)(_@($_ දඩාං..... (ෆෝන් එක මහ හඬින් අතාරින හඬ)

    ඔන්න ඔහොමලු දේශකයට කුළුඳුල් සම්මාන උළෙල මිස් උනේ ඉඳගෙන.

    (උඩ කතාව ඇත්තනං පොඩි එකාට ඉක්මන් සුව පතනවා)

    ReplyDelete
    Replies
    1. (උඩ කතාව ඇත්ත. දැං හුගක් සනීපයි)

      යකෝ උඹ හිතුවද බොලාගේ බාර්යාවෝ වගේ අපේ බාර්යාවො අපිට බනිනනවයි කියලා.. එහෙම නෑ බං.. මං හිතන්නේ බොලාගේ බාර්යාවන්ට වැඩිය අපේ බාර්යාව සැරයි. හැක් හැක්..

      Delete
    2. දවසක එමි තොප දෙදෙනා සමග එක මෙසේ කන්ට ඉදගෙන :)

      Delete
    3. ඔය දේශයකා එක්කනං ඉඳගෙන කන්න හම්බෙන එකක් නෑ.

      Delete
    4. ඇයි යකෝ මං හිටගෙනද කන්නේ.. හැක්

      Delete
  9. Replies
    1. ළමයින්ගේ ලෙඩ ගාව ගෙන බොරු කියන එක හොඳ නැති දෙයක්.

      හැබැයි ලොකු එකෙකුත් නැත්තං පොඩි එකෙකුත් නැත්තං ඒ දෙන්නාගේ අම්මාත් නැත්තං ඒ තුන් දෙනා ගාවගෙන බොරු කිව්වාට කමකුත් නැහැ. හ්ම්... හ්ම්...

      Delete
    2. ආයි මක්කටැයි මං ඔහේට බොරු කියන්නේ හ..... ඇත්තමයි මං බේත් ගන්න යනකොට ඩොකා යන්න හදනවා.. බොට කියන්න අර ටවුමේ එච්එන්බී එක පිටිපස්සේ තියෙන ඩිස්පැන්සරෙියේ ඉන්නේ විජේගුණවර්ධන කියල වෑසක ඩොකෙක් ආං එයාගෙන් ගත්තේ. ඕනනං අහපං කොල්ලගේ ඉහ උඩ අංකය - 8797

      Delete
    3. //බොට කියන්න අර ටවුමේ එච්එන්බී එක පිටිපස්සේ තියෙන ඩිස්පැන්සරෙියේ ඉන්නේ විජේගුණවර්ධන කියල වෑසක ඩොකෙක් ආං එයාගෙන් ගත්තේ. ඕනනං අහපං කොල්ලගේ ඉහ උඩ අංකය - 8797//

      දීපංකො ඉතිං උත්තර!

      Delete
    4. ආයිත් අහලා.... හැක්

      Delete
  10. ඔය කලින්ම ගියපාර ඉස්ටෝරිය දාල තියෙන්නෙ. මේ පාරත් මොකක් හරි ගැටයක් ගහල ගුලියක් අඹරන්න වගේ යන්නෙ.

    ReplyDelete
    Replies
    1. මං ඉතිං ඔය දකුණේ උං වගේ ගුලි අඹරන්න කොඩි වින කටින්න දන්න එකක්යැ බං.. හැක්

      Delete
  11. අනේ අනේ, මම හිතුවේ එදා එතන මොකද වුනේ කියලා සම්පූර්ණ තත්ත්ව වාර්තාවක් දෙයි කියලා.

    හරි හරි. පොඩි එකාගේ අසනීපෙට වෙලාවට බෙහෙත් නොකලානම් දැන් කාලේ තියන ලෙඩ අනුව මොනවයින් මොනවා වෙයිද කියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. හැබෑට කව්රුවත් හරියටම ලස්සනට විස්තරකථනයක් කලේ නැනේ මාමේ.. (උඹ තරහ වෙලාද මන්දා මං මේ මාමා මාමා ගානවට හැක්)

      Delete
  12. Monday, March 23, 2015
    YES or NO!! (එනවද නැද්ද? කුදලං යන්නද)
    අවුරුදු දෙකයි මාස ගණං සංසාරේ
    අකුරු කොටං බ්ලොග් ලිව්වේ මං රාලේ
    යාළු මාළු බේබද්දෝ ඉන්න වෙලේ
    හිත සතුටින් හිටියයි මං මේ කාලේ

    තඩියට තඩියි පුක සුදුවට අපේ මාතා
    කවදාවත්ම දැකලා නැත අම්මාපා
    දත කට විකා ඉන්නේ මං දින ගැනලා
    එදා තමයි මුණ බලන්නෙ මේ පැටියා

    කතා ගොඩයි වල් කමකුයි නැතිම කෙනා
    අගුරු වගෙයි මුණ කලුයි තට්ට සුදා
    මැෂින් වලට තෙල් දානා අපේ නානා
    මාත් එක්ක තෙල් ඩිංගක් බීල නැතා

    නෝනා ලියන කවි දාලා බ්ලොග් එකට
    පළවෙනි තැනම ගත් එකමයි මට පුදුම
    ගෙදර ගියත් උගුරක් නෑ දුන්නේ මෙමට
    තඩි දමියෝ අපි හවසක සෙට් වෙමුද

    කරකාරෙට ලෝකේ පුරා සොයා ඇතේ
    පපුව පුරා මහත කුක්කු පිරි ඇතේ
    මාලේ ගෙලේ චේ පපුවේ ඇත්ත වගේ
    කොහෙද ඉන්නේ ලිං ගෙම්බා අද දවසේ

    එකෙක් හැදුවා සංගමේට මං ගන්න
    අපි අහුවෙයි ඕවා කොහෙද මං එක්ක
    කතා කරල පැණි ගෑවට චැට් එකක
    අජිත් අයියගේ ධර්මය මට මක්ක

    එන්න ඉතිං මේ විසි හය කොළඹ රටේ
    දෙන්න උදව් මේ උදවිය කරන වැඩේ
    අනේ ඉතිං බ්ලොග් වලටයැ මේ සේවේ
    නෑවිත් ඉන්න හොදනෑ නෙව මේ තත්වේ

    උඔගේ අපහසුව තෙරේනවා..පොඩ්ඩට ඉක්මනට සනිප වෙයි..
    යාලුවෝ එක්ක සෙට් වෙන්න හදනකොට පොඩි මෙන්ඩියා ගැහෙනවා වමනේ යනවා උන අට අනුවක් ලෙඩ කියලා අපේ ගෑනි කොල් කරනවා ගිහින් බලපුවාම ඌට ඉහෙන් බහින රෝගයක් නෑ ඒතකොට සදු කියනවා අනේ මේ දැන් උණ බැස්සා විතරයි කියලා..දෙන්න හිතෙනවා හොම්බයි කටයි බොබ්බයි මොටයි වෙන්න..මම හිතූවේ ඔක අපි ගෑනිට විතරක් ආවේනික ලෙඩක් කියලා..
    සමාවෙයන් හිත රිදුන දෙයක් කියවුනා නම් මට දුකයි උඔට ඒ උත්සවයට යන්න බැරිවුන ඒකට..දන්න තැනක හිටියානම් කුදලගෙන හරි යනවා.

    ReplyDelete
    Replies
    1. ගණං ගන්න එපා බං. මොනව කරන්නද අපේ ගැනු කස්ටිය නෙව

      Delete
  13. පොඩි එකාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
    ඔය මුලින් තියෙන කොන්වසේසොං එකනං ඉතිං උඹ අහන්න කියන්න හීනෙං වගේ හිතා ඉන්න එකක්! ලියලාවත් සැනසියකො!

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. කොන්වරසේසන් කතාව නං එහෙම තමා. මං ඔහොම කතා කරා නං මගේ කෑලි ගලවල බාර් එකට විකුණාවි අපේ ගෑනි.. හැක්

      Delete
    2. උඹත් මාතා වගේ රිප්ලයි එක නොවරදවා දාන එළ පොරක්! ඒකට මගේ සැලූට් එක.
      (යථාර්තයනං අපිටත් හේම තමා)

      Delete
    3. ඒක යුතුකමක් නේ බං..

      Delete
  14. දරුවට ඉක්මන් සුවය පතනව.
    මේක බොරුවක් නම්, ආයෙ පාරක් මේ හේතුවම කියන්නැතිව වෙන ලස්සන බොරුවක් දාපං. හැබැයි මම කලින් පෝස්ට් එක බලද්දිම හිතුන දේශ එන්නෙ නෑ කියල.

    ReplyDelete
    Replies
    1. උඹ හැබෑට එහෙම හිතුවද බං.. සිරාවට එන්න හිටියේ.. ලක්ෂරි වෙහිකල් එකක් අරන්.. කරුමේ ඩබල් පින සිංගල් කිය්නේ මේ වෙලාවට තමා. (කෝ අර ගෙම්බා)

      Delete
  15. මම දැනගතිමි මම සැක කලෙමි සිංහ බා සිංහ බා..... සිංහ බා...

    ReplyDelete
    Replies
    1. ගල් ලෙන බින්දා.. ආයිත් වැහුවා.. කෝ ඉතිං උඹ ආවේත් නෑනේ බොල.. මක්කයි උනේ..

      Delete
  16. පොඩි උන්ට අවුලක් වෙන්නේ නැහැ.බය වෙන්ට එපා කියලා පවුලට කියහන්.
    රතු තොප්පිය දාපු එකෙක් හොයන්න ගිහින් මාව වල්මත් වුණත් එක්කලා.

    ReplyDelete
    Replies
    1. හැබෑට අර සුමිත් නිරිඇල්ල කියන ගෝතයා ආවේ නැද්ද?? මං හිතුවේ පොරව උඹට සැට් කරන්න.. හැක්

      Delete
  17. දේශගෙ කෙප්ප.
    මොකැයි අප්ප බොරු කියන්නෙ

    පොඩ්ඩට ඉක්මණට සනීප වෙන්ට ඕන.

    ReplyDelete
    Replies
    1. හයියු... මං කවාදාවත් බොරුවක් වංචාවක් දුසනයක් කරල තියේද නෑනේ.. ඒක මං දන්නවා.. හැක්

      Delete
    2. දේශ දන්නව නං ඒ මදෑ හිහි

      Delete
    3. මං ගැන මට වඩා දන්නේ එක්කෙනයි. එයාත් මැරිලා.. හැක්

      Delete
  18. මම නං ඔය බණේ කලිම්ම කීවා.එකක් කියන්නං බොලාගේ මගුල් වලට පොඩි උන් ඈඳා ගන්න එපා.පව්.

    ReplyDelete
    Replies
    1. බොලාගේ කට තමා මට හෙනේට හිටියේ .තුක් විතරක් ඇස්වහ කට වහ

      Delete
  19. කොච්චර උනත් දේශකයාව හම්බෙන්න සෑහෙන්න ආසාවෙන් හිටියේ...
    පොඩි එකාට ඉක්මන් සුවය පතමි.....

    ReplyDelete
    Replies
    1. ආයි හම්බ වෙන්න ලැබෙයි නේ බං.. ගනං ගන්න එපා

      Delete
  20. මං දන්නවා.. මෙයා එන්නෙ නැ... දේශකයා කවදාවත් පෙනිසිටින්නෙ නැ වගේ... මෙයයිව දැකපු කෙනෙකුත් නැ... අද්භුතයි :D

    ReplyDelete
  21. ඉක්මනින් සුව වේවා ....

    ReplyDelete
    Replies
    1. ඔය රසික කරා වගේ ප්‍රාර්ථනාවක්ද? හැක්

      Delete
  22. ගහකට ගිය එකාටත් උත්තරයක් තිබුන රටක් නේ...

    ReplyDelete
    Replies
    1. ඒකටම ගියපු රටනේ මේක ලොක්කා. හැක්

      Delete
  23. ඇත්තමයි කියල හිතමුකෝ... පොඩි එකාට සුව වෙන්න කියල පතනවා....

    ReplyDelete
    Replies
    1. හිතන්න දෙයක් නෑ බං ඇත්ත තමා..අර අංකෙත් තියෙන්නේ

      Delete
  24. ඔය තියෙන්නේ.. ඔහොම යන්... ඕක තමා ක්‍රමේ.. පොඩි උන්ට ඉක්මට සනීප වෙයි.. සනීප නොවුනත් මොකෝ නෙහ්.. අසනීපයක් තියන එකක්යෑ.... heh

    ReplyDelete
    Replies
    1. අබ්බට බොබ.. මෙන්න අපේ සෙන්නා..

      Delete
  25. අනේ උබටත් යන්න බැරි උනාද ..... පුදුමාකාර සන්තෝසයක් දැනෙන්නේ

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි. උඹ වගේ එකෙක් ආවානං හෙම.. මොකෑ වෙන්නේ..

      Delete
  26. පොඩි එකා හන්දා එහෙනම් අද දේශා බේරිලා..

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි තමා බොලේ.. හැක් හැක්

      Delete
  27. පොඩි පැටියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා දේශා, මදැයි විස්තර දැන ගන්න බලා හිටියා.

    ReplyDelete
    Replies
    1. අප්පෝ විස්තර කියන්න ඕන තරං හිටියේ.. අර ඕන නැති මැන්ටල්ලා, රෑට නිදි බස්සිලා, කවි නොකිවු මිත්තරලා.. හැක්

      Delete
  28. කොයි යකත් ගෑණිට බයයි ලු නේ.............. දේශයියට තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං ඕක අහන්නත් දෙයක් යැ නගේ..

      Delete
  29. පොඩි උන්ට ඉක්මන් සුව පතනවා.

    මම ආවේ නැත්තේ උඹ ඇවිත් කුදලං යනකල් බලා හිටපු නිසාය.

    ReplyDelete
    Replies
    1. කුදලං යන්න තිබුනා කොහේද ඒ දවස් වල බොලාගේ අන්නිව කුදලං යනවා දැකල මට සංසාරේ එපා උනා

      Delete
  30. අනේ පල ගස්බල්ලො යන්න. උඹ නිකන් පොඩි උන් ගාවගන්නව මේ පාරත්. උඹ යන්තන් වැඩේට පබ්ලිසිටියක්වත් දුන්න නිසා එක අතකට හොඳා. ඒත් දැකල, යන්නෙත් නැතුන්, කාවවත් යවන්න බලන්නෙත් නැතුන් හිටපු උන්ටවඩා උඹ ටිකාක් විතර හොඳයි එක අතකට.

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි විද්වත් ප්‍රකාශයට.. හැක්

      Delete
  31. සම්මානේ වගේද දේශා ළමයි . .
    ඒක තේරෙන්නේ ළමයි ඉන්න උන්ට විතරයිද මන්දා . . හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. දුකා දැකීම දුකක් වෙන්නෑ කෝමත්..

      Delete
  32. දේශකතුමා හම්බවෙන්න ගොඩක් කැමැත්තෙන් හීටියෙ. කොහෙද ඉතින් අවේ නෑනෙ. කවුද දන්නෙ මෙහෙම සිද්දියක්වූන විත්තියක්. පොඩි එකාට නිරෝගී සුව පතනවා. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා. කියමු සින්දුවක්

      Delete
  33. විසිල් විතරයි. බල්ටි නෑ.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා.. මගේ හැටි ඉතිං ඔහොමම තමා.. හැක්

      Delete
  34. ළමයින්ගේ කතාව ඇත්ත වෙන්නැති ,හැබැයි දේශා මේ තරම් සිංහයා වගේ හාමිනේට කතාකොරයි කියලානම් ජීවිතේට හිතන්න බෑ කියලා දමියා දැන් තුන් පාරක් කෝල් කරලා කිව්වා අම්මපා

    ReplyDelete
    Replies
    1. දමියා පුරුද්දෙන් හිතල ඒක තව කෙනෙකුට ආදේශ කරන්න ඇති මයේ හිතේ මලයෝ

      Delete
  35. මේක අර වීර සංගිලි පනික්කියගෙ වගේ අසාර්ථක තිර රචනයක්...

    ReplyDelete
    Replies
    1. සැහ්.. ඒ .තරං අවුල්ද? තාත්වික නැද්ද.. හැක්

      Delete
  36. වචනයෙන් හරි අපිට සපෝර්ට් කරපු දේශා. පොඩි එකාට දැන් සනීප වෙලා කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. පොඩි හරි සපෝට් එකක් දෙනන තිබුනා වෝකර් නොකවුට් වෙන්නම එන්න ලැබුනනං. ජය වේවා අජ්ජා..

      Delete