Friday, February 20, 2015

පෝලිමද? පාලමද?

ගඟ දියෙන් පිපී විත්
ඇග දවන සීතලක
හිමිදිරිය බව දැනම
පෝලිමේ කෙළවරක

අත් තටු ගසා විත්
විහග කැල එබෙනවා
සීරුවේ එක දිගට
සුදු පීත්ත පේනවා
ඒ මැදින් හරි ලකට
කඩ ඉරක් දුවනවා
පාලමේ දිලිසීම
ඉර නැතත් තියෙනවා

කළු පාට සුදු පාට
සැප කාර් එක දෙකක්
සුදු පාට එළි දමා
සැරවැරෙන් ඉගිලුනා

ඇස් දෙකට වාරු නැති
අත පයට හයිය නැති
කඩමාලු අත් දෙකට
වෙව්ලුමක් දැනෙනවා

නිදි නොමැති රෑ යමෙක
බඩගින්න ඉවසගෙන
පෝලිමේ කෙළවරක
පරඩැලක් වැනෙනවා

හව් හරණ උදව්වක්
නැතිම වී ගිය විටදී
තව ටිකෙන් වැටෙන්නට
ඉඩ උනත් තියෙනවා

ඇස් දෙකින් ගිනියම්ව
ඇග පුරා සීතලව
කුසගින්න බලවත්ව
නිදි යහන පෙනෙනවා

පරඩැල්ද සුලග සේ
බිම කරා දුවද්දි
තවත් එක් පරඩැලක්
වැටෙන පරඩැල් අගට
යහනාව තනනවා

තිබුනනං මට ඉඩක්
පාලමේ සුදු යකඩ
ගලවගෙන මෙහි ඇවිත්
අත් වාරු හදනවා

නිමිත්ත - පාන්දර යාමයේ ආණ්ඩුවේ ඉස්පිරිතාල පෝලිමක මහ පාර වෙන්නටම කෙළවරේ ගත වාරු නැතිව වැටෙන්න ගිය ලෙඩෙක් අල්ලාගත් තවත් එවැනිම ලෙඩෙක් දැකීම... පෝලිමට අඩි කිහිපයක් එහායින් කෝටි ගානක් වැය කොට සකස් කළ කිරිම කිරි පාටින් බැබලෙන සුදු යකඩ පාලමකි....

91 comments:

  1. Replies
    1. අම්මට බොල.. පබිලිස් වෙන්නත් කලින් කැන්ජි ගොයියා ඇවිත්.. හැක්.. වෙල්කම් බැක්

      Delete
    2. පලමුව තුති කලයුතුය
      අත දුන් රෝගියාට
      අත දුන් එකාගේ යහගුණේ බලය
      යොමුකරන්නේ ඔබ
      දිලිසෙන වැට දිහාවටය,

      88ට පෙර
      ජේ වී පී චින්තනය,
      මොටෝ ඔතරම් ඉරිසියා

      හදමු අපි අලුත් වැටක්
      වාරු දෙන්නට දුබලයාට
      තිබුනාදෙන් වැට ලස්සනට දිලිහි දිලිහි
      රටත් ලස්සන වෙන්ට ඕනෑ
      එතකොටයි
      හිතුත් ලස්සන වන්නේ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හැබෑව හැබෑව.. දෙකම කෙරෙනවනං කොයි තරං අගේද

      Delete
  2. ඔහොම දකින්නත් ......
    දෑස් පිං කොරන්න......
    ඕන මං සිතන්නෙ ...
    හිටං ......

    ReplyDelete
    Replies
    1. හැබැට... 720 මිලි ගහලය ඉන්නේ.. හැක්

      Delete
  3. හිතා හිටියාට
    යකඩ වගෙ මගේ ගත
    එනමුදු යම් දිනක
    අපි සැවොම දිරනවා

    සුදු යකඩ පාළමත්
    දිලිසි දිලිසී සිටියාට
    යම් දිනක දිරනවා
    සියළු දේ දිරනවා

    ReplyDelete
    Replies
    1. දිරන්නට පෙර යමක්
      ගත යුතුය හොද වැඩක්


      තැන්කුයි සුදීක...

      Delete
    2. ඒකනේ.. තාම මේ උමරිගෙන් වැඩක් ගන්න බැරි උනා නේ..

      Delete
    3. ඉන්නකෝ හෙට අනිද්දා ලියනෝ

      Delete
    4. අකුරු දෙක තුනක් නං ලිව්ව වගේ මතකයි

      Delete
  4. නිමිත්තක් මොකට දැම්මාද
    මගේ හිත අහනවා.
    නිමිත්ත නොතිබ්බත්
    කවියේ රස දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. මකමු එහෙනං.. හැක් හැක්..

      Delete
  5. වැටවල් ගහන්නෙත්
    වැඩක් නැති තැන්වල

    ReplyDelete
    Replies
    1. අම්බෝ කාාලෙකින්..

      කණු අරන් බ්ලොග් වලත්
      වැටවල්ම ගහන උන්.. ඉන්නවා..

      Delete
  6. මොකක් ගැනද බං... ජීවිතය ගැනද....?

    ReplyDelete
    Replies
    1. නිමිත්ත මැකුවා...

      නිමිත්ත - පාන්දර යාමයේ ආණ්ඩුවේ ඉස්පිරිතාල පෝලිමක මහ පාර වෙන්නටම කෙළවරේ ගත වාරු නැතිව වැටෙන්න ගිය ලෙඩෙක් අල්ලාගත් තවත් එවැනිම ලෙඩෙක් දැකීම... පෝලිමට අඩි කිහිපයක් එහායින් කෝටි ගානක් වැය කොට සකස් කළ කිරිම කිරි පාටින් බැබලෙන සුදු යකඩ පාලමකි....

      Delete
    2. එල. නිමිත්ත නැතුව අවුල්

      Delete
    3. ඔන්න ඉතිං මං ආයිත් නිමිත්ත දැම්මා..

      Delete
    4. මට අර ගොවියයි ගනියි බුරුවා විකුනන්න ගිය හැටි මතක් වුනා. කෝ මදාවි නැත්ද ?

      Delete
    5. අජිත්...

      හාන්ස් ක්‍රිස්ටියන්ගේ මේ කතාව කියෙව්වද??

      http://deshakaya.blogspot.com/2014/09/blog-post.html

      Delete
  7. ඒ ලෙඩා තොටියෙක් නම්.. හ්ම්ම්.. තිරසාර නොවන සංවර්ධනෙත් ප්‍රශ්ණයක් තමයි..

    ReplyDelete
    Replies
    1. සංවර්ධනය නොවෙයි.. අවශ්‍යතාවයන් හදුනා නොගැනීම.. දැං ඉස්පිරිතාලේ හත් අටසීයක පෝලිම වෙනුවට පොඩි පෝලිං දෙක තුනක් දානන් බැරිය.. ඒත් නිලධාරිවාදය, අවම පහසුකම් ඒවට ඉඩ දෙන්නෑ

      Delete
  8. අඩේ බොලා යහ පාලනය යටතේ පාලං වල තියෙන යකඩ උස්සන්නද හදන්නෙ.

    ඔය OPD වල පෝලිං ගැනනං කියල වැඩක් නෑ. රත්නපුරේදි මාත් හොඳට දැකල තියෙනව.

    ReplyDelete
    Replies
    1. අපි එක පාරයි දෙපාරයි දකින්නේ ඕවා.. හැක්

      Delete
  9. තිබුනනං මට ඉඩක්
    පාලමේ සුදු යකඩ
    ගලවගෙන මෙහි ඇවිත්
    අත් වාරු හදනවා

    පට්ට...

    ReplyDelete
  10. යකඩ සුදා,

    ඔය පෝලිම පාන්දර දෙකේ තුනේ ඉදන් හැදෙනවා. ඒත් ඒ මිනිස්සු කලින් දවසෙ ඇවිත් පාර අයිනෙ රෙදි කෑල්ලක් එලාන නිදියනව. ඇස් දෙකින්ම දැකල කතා කරල තියනව. සමහර වෙලාවට නුවර පෝලිම් වල ගොඩක් හිටියෙ පොළොන්නරුව පැත්තෙ අය. ඒ අයට බෙහෙත් ටික අරන් ගෙදර යන්න දවස් දෙකකට වඩා යනවා. දියුණුයි කියන ලෝකෙ

    ReplyDelete
    Replies
    1. හා. ඔව් නේන්නං උඹ එ් දවස් වල නුවර ඒටීඑම් මැෂින් වංචාවකටත් අහු උනා නේද?

      Delete
  11. යකෝ මෙව්වා හිතන්න මේ අපේ වයසට එනකල් හිටපං. එතකල් ඔය ඉන්න සොමියෙන් හිටපං.

    ReplyDelete
    Replies
    1. සොමියෙන් ඉමු. ඒත් සොමියෙන්ම මැරෙන්නත් ඕන.. හරිය...

      Delete
  12. ඒ අස්සේ තව එකෙක්
    පෝළිමේ සිටිය තැන
    මොනරු භාගෙක මිලට
    තවකෙකුට පුදනවා
    ඒ පුදල වෙවුලමින්
    පාලමෙන් එගොඩ වී
    "පොට්" එකට දුවනවා

    අද සුප්පා.....
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි.. එහෙම ඒවත් තියෙනවා කොළඹ නුවර...

      Delete
  13. දේශකයෝ මට මතක් උනේ මේ සින්දුව බන් .ඒ පාලම හදන්න දායක වුන අයෙක් ඉන්නත් තිබුන මෙතැන .....


    අවුවට වැස්සට හුරු මිනිසුන්ගේ....
    දෑතේ විරියෙනි රටවල් නැගුනේ....
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්...
    මොන රජ මැදුරේද සුදු කොඩි නැගුනේ....

    දාගැබ් මහා වැවු කළා නිකේතන,
    නුඹලා දෑතිනි මිහිමත මැවුනේ...
    ඒ නුඹලාටයි, මේ දරුවන්ටයි,
    මොන රජ මැදුරේද දොරටුව ඇරුනේ...
    මොන රජ මැදුරේද බත් පත බෙදුනේ...

    රජ සැප විදිනට රජ දරුවන් හට,
    නුඹලා දෑතිනි මන්දිර මැවුනේ...
    ඒ නුඹලාගේ දුක දැක ගන්නට,
    මොන රජ දැරුවද පැලකට වැඩියේ...
    මොන රජ දැරුවද පැලකට වැඩියේ.

    ගායනය - ටි එම ජයරත්න
    ගී පද - රඹුක්කන සිද්ධාර්ථ හිමි
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ ඉතිං.. වෙන්න බැරි දෙයක් නෙමෙයි නේ බං. සිංදුවට තැන්කුයි..

      Delete
    2. දන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා
      සතර අමා ගිනි නිවෙනා දා ,,,
      සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ........
      නාවර පෙරෙනා මුහුණින්
      කඳුළු මිදුනු ගිජු දෑසින්
      දස දහසක් සක්වල වට අමාවතුර ගලනා දා
      පයිප්පයේ දුඹුරු වතුර බෙලෙක් පිඟානේ පුරවා
      මුවින් උරා බොන්නෝ,,,, සෝපාකලා........
      දන්සල් ළඟ පෝලිම් වල සෝපාකලා
      සතර අමා ගිනි නිවෙනා දා ,,,
      සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ........
      පදික වේදිකා නිවසේ
      මව් සෙනෙහස විඳ නැතියෝ
      සියල් සතට තුන් ලොවටම
      අමා මෑණි බිහි වූදා
      පුතේ කියා මවක මුවින්
      කිරිවදනක් නෑසූවෝ
      අදත් ඉඳිති නාඩා ,,,,,සෝපාකලා.......
      දන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා
      සතර අමා ගිනි නිවෙනා දා ,,,
      සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ.....

      Delete
    3. සින්දු ඇනෝ , මට මතක් වුනේ අර අමරදේවගේ - මා දැන් මහලු වියේ ගීතය.

      Delete
    4. අජිතෝ.. බොට ඉතිං දවස තිස්සේම හරියන්නේ ඒ සිනුදුව තමා.. හැක්

      Delete
    5. යකෝ පනහට තව මාසයක් තියෙනවා.

      Delete
    6. හැක් හැක්.. ඉතිං හරිනේ. කවද්ද දිනේ

      Delete
  14. ජීවිතයේ යථාර්තය තමයි ඉතිං...මොකද හදිසියේ මෙහෙම යමක් ලිව්වෙ..ගොක් කොළවත් හීනෙන් දැක්කද ?

    ReplyDelete
    Replies
    1. ගොක් කොල නං හැමදාම පේනවා. ඒක අමතක කරල නැහැ. හැක්..

      Delete
  15. නිමිත්ත දැනගත්තේ කොමෙන්ට් එකෙකින්, එතකන් මටත් තේරුනේ නෑ. හැබැයි පට්ට කයිය. දේශා කවියෙක් වීමේ ප්‍රීතිය .

    ReplyDelete
    Replies
    1. ප්‍රීතිය සමරන්න මං ගානේ (මම වාඩි වෙලා ඉන්නවා විතරයි) පත්තරේලයි ගෙදර පාටියක් දෙනවා. ගියපාර බොට යන්න බැරි උන නිසා මේ පාරවත් වර... හැක්

      Delete
    2. අඩේ ප්‍රා.. උඹ ගියෙත් නෑනේ. මේ පාර යං.. හැක්

      Delete
  16. මනරම් බන්

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. එහෙනම් බන්..

      ජ ය වේ වා !! බේබ්ද්දා..

      Delete
  17. මෙන්න නිර්මාණ!
    කාටත් ඔය ටික වෙයි.

    ReplyDelete
    Replies
    1. හැබැද මදාවියෝ.. හැක්..

      Delete
  18. නිසදැස සමග නිමිත්ත කියවලා අපිට මේ තරම් දැනුනානම් ඒ සිද්ධිය දැකපු උඔට මොනතරම් දැනෙන්න ඇද්ද..
    එල ද බ්‍රා ලියවිල්ල..

    ReplyDelete
    Replies
    1. උඹ නං බ්‍රා කප්පිත්තෙක්.. හැක්..

      Delete
  19. තිබුනනං මට ඉඩක්
    පාලමේ සුදු යකඩ
    ගලවගෙන මෙහි ඇවිත්
    අත් වාරු හදනවා

    කවියේ මුළු අර්ථයම මෙතන .නියමයි

    ReplyDelete
    Replies
    1. අම්මප තෝව දැක්කම හපල හපල හපල විසි කරන්න හිතෙනවා චුයිංගම් එකක් වගේ.. හැක්. සන්තෝසයි දැකීමම..

      Delete
    2. සිදෙන් නැතිවෙන්න හපන්න හොඩේ :D

      Delete
    3. සිදේ සිදේ කියල බෙරිහන් දෙනවා හෙම නෙමෙයි.. හැක්

      Delete
  20. තැලෙන මිනිස්සු හැමදාම හැමතැනම තැලෙනවා...
    අත්වාරුවක් නැතුවම...
    මරු!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මහේෂ්...

      අත්වාරු කුමකට
      රට පුරා ඉන්න
      මෝඩ ජනයාට

      Delete
  21. පෙනුමට පාළම හැදුවම
    ලොක්ක දම්මල..ඕපනුත් කෙරුවහම
    ලැබුන තැන, ආටෝප උජාරුව
    වැහුනෙ ඔය යස අගට ඒකෙන්
    යුතුකම් වගකීම්වල
    අලි ගියපු මහ හිල්

    ReplyDelete
  22. Replies
    1. බොට ඉතිං පට්ට නැති මක්කවත් තියෙන එකක්යැ.. හැක්

      Delete
  23. ඒ පාර උබත් තුන් තේරවිලි කවි ලියන්න ගත්තද??? එක පාරක් ඇවිත් බලද්දී මෙලෝ දෙයක් තේරුනේ නෑ ........ හොඳ වෙලාවට දැන් නිමිත්ත දාලා ............

    ReplyDelete
    Replies
    1. වැල යන අතට මැස්ස ගැසීම..

      Delete
  24. Replies
    1. විස්තරේ නං වටිනවා කාට හරි.. තැන්කුයි

      Delete
  25. හොඳ කවියකින් පටන් අරන් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. පටන් ගන්නවා නවත්නවා.. ඒ තරං දහිරියයි මේ දවස් වල මම.. හැක්

      Delete
  26. ඔන්න දේශකයාටත් සංවේදී හිතක් තියෙනවයි කියලා අපි පිළිගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔයැයි මගේ සංවේදි හිත දැකල නෑ එහෙනං.. හැක්..

      Delete
  27. //තිබුනනං මට ඉඩක්
    පාලමේ සුදු යකඩ
    ගලවගෙන මෙහි ඇවිත්
    අත් වාරු හදනවා//

    ටික කලක් ගිහින් තව
    "කවුද බොල පාලමේ
    සුදු යකඩ ගැලෙව්වේ,
    කී දෙනෙක් නම් මෙතන
    අනතුරට පත් වුණිද"
    කියා තව කවි ලියා
    තවත් තැනකින් යකඩ
    ගලවගෙන මෙහි ගෙනත්
    පාලමේ අඩුපාඩු
    ආයෙමත් හදනවා
    :)

    ReplyDelete
    Replies
    1. යහපාලනය ආවොත් නං අමාරුවේ..

      Delete
  28. // පරඩැල්ද සුලග සේ
    බිම කරා දුවද්දි
    තවත් එක් පරඩැලක්
    වැටෙන පරඩැල් අගට
    යහනාව තනනවා // මේ පද ටික හුඟක් හිතට දැනුනා.

    ReplyDelete
  29. කාසි නැති ජීවිතයෙ
    අවසානෙ සිපිරිගෙය
    නොවී දරුවන් ඇගේ
    කාසියට ලොල් උනා
    පුතේ උඹ දුක් නොවිය
    තනිකමක් මට නැතිය
    පෝලිමේ මම වගේ
    බෝ දෙනා ඉන්නවා...
    (මේ අම්මලා තාත්තලා වගේම දරුවනුත් අසරණයි.ජනප්‍රිය දේ ට වත්, උන් සල්ලි දෙන දේ ට වත් නොවී අවශ්‍ය දේට ලොකු ඇත්තො වියදම් කළොත්....)

    ReplyDelete
  30. නිමිත්ත දැක්කාම කවිය කියවන්ට ඕනිත් නෑ. එච්චරට ලස්සනයි දේශකයෝ. කම්මැලි නැතුව කතාවක් ලියන්ටකෝ.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරනවා ට්‍රයි කරනවා. තාම හරිගියේ නෑ පොඩ්ඩියේ..

      Delete
  31. ඔය වගේ දේවල් වෙන්නේ පේන්නේ නැත්නම් මේ සංවේදී ජීවිතෙන් වැඩක් නෑ අප්පා...
    උදේ පාන්දර සිත සසල කලාට මොනාද ඔහේට දෙන්නේ....?

    ReplyDelete
    Replies
    1. බ්‍රැන්ඩ් එක ගල් සංගමය.. ගල් තියෙද්දි වෙන ඒවා ගහන සංගමය.. හැක්

      Delete
  32. ලස්සනම ලස්සන පද බැඳුමට මගෙන් මල් මිටක්!

    ReplyDelete
    Replies
    1. ශනියා කාලෙකින් මෙ පැත්තේ.. තැනුකුයි.

      Delete
  33. සංවේදී නිමිත්තකුයි .. සංවේදී කවියකුයි .. කට හැකර දේශකයෙකුයි :)

    ReplyDelete
    Replies
    1. බිත්තියේ ගහපු පැතුමකුයි.. හැක්

      Delete
  34. හරිම ලස්සනයි.හිතට දැනෙන්නම ලියලා.(Y)

    ReplyDelete
  35. ආවේ කතාවක් බලන්න ........... කතා නැතෙයි දැන්

    ReplyDelete
    Replies
    1. සිදී ඇත.. කතා ගග.. වෙලාවක් නොමැති කම..

      Delete