Wednesday, January 7, 2015

කෝ මට සම්මාන ඩෝ!!

බලන්ටකෝ.. මට සම්මානයක් දීල නෑනේ.. මං කොච්චර හොදට ලියනවද අනේ.. ඒත් මට සම්මානයක් නෑ. ලබන පාරවත් එකක් ගන්න මක්ක හරි ජරාවක්වත් දෙන්න ඕන. ඕ යෑස්.. ඇයි යකෝ අර වයිපරේට කියල කවි ලියවගන්න තඩි දමියටත් එකක් දීලා. අනේ ඒකා දන්න කවි.. අරක්කු ලේගරයක් විතර කටේ හලාගන්න දන්න මිනිහට මොන කවිද?

අනිත් සම්මාන දිනපු අය ගැනත් මට කියන්න පුලුවන්. ඒත් වැඩක් නෑ..මොකද මං වගේ ලියන්න පුළුවන් එකෙක්වත් එතන නෑ.. හැක්..

හරි. අපි ඒවා පැත්තකින් තියමුකෝ. ඔය සම්මාන දුන්නය කියන්නේ ලංකා නිව්ස් වෙබ් කියල බොරු කියන වෙබ් සයිට් එකකින් නේද? ඒකෙත් නෙලුම් යායද මොකක්ද එකක්ලු. අනේ මන්ද බොරු කාරයොන්ට මයි බොරු කාරයෝ එකතු වෙන්නේ. මං කිව්වේ අපේ මාතා ගැන නෙමෙයි. ඒකා පහු ගිය ටිකේම මහින්දට චන්දේ දෙන්න ඔන්න මෙන්න ඉදල අද බුකියේ දාලා මෛත්‍රි 55% කින් දිනනවා කියල. ඒ කියන්නේ මෙච්චර කල් බොරු කරපු මාතා හෙට චන්දේ දෙන්නේ මෛත්‍රිට.. මං හිතන්නේ මිනිහා මලක් ගහන්නම ඇති.. ඒක බුදු ෂුවර්.. හැක්

ආ.හ්. මං කතා කරේ බොරු කියන ලංකා නිව්ස් වෙබ් එක ගැන නේ.. මට ඊට වඩා කේස් එකක් තියෙනවා. මම දන්නවා ලංකා නිව්ස් වෙබ් කියන්නේ ඔය අහිංසක විදියට අටෝගෙන යන සයිට් එකක් කියලා. ඒකට කමක් නෑ කියමුකෝ. ඒත් මේ බ්ලොග් වල පෙනී ඉන්න එක පුද්ගලයෙක් (මම නම කියන්න කැමති නෑ) තමා නිව්ස් වෙබ් එකේ සංස්කාරකවරයා නොමග යවලා බ්ලොග් පෝස්ට් තොගයක්ම නිව්ස් වෙබ් නෙලුම් යායට යවල තියෙන්නේ. පහු ගිය ටිකේම ලියන්න නොදන්න බ්ලොග් කාරයෝ කට්ටියකගේම බ්ලොග් පෝස්ට්කටු ඔය කියන නෙලුම් යායට කැන්දං ගියේ අර බොරු කාරයාම තමා. එයා හිතන් ඉන්නේ නම් එයා ඔක්කෝම දන්නවා කියල වෙන්ටැති. මං පැහැදිලිව කියනවා එයාට වැඩිය මම දන්නවා කියල හරිය. තමන්ට වැඩක් පලක් නැත්නං දෙයියනේ කියල පොතක් පතක් කියවගෙන ඉන්නේ නැතිව ඇවිත්, අර බස්සිල වගේ කමකට නැති කොට කෙල්ලොන්ගේ බ්ලොග් පෝස්ට්කටු අමු අමුවෙම නිව්ස් වෙබ් එකට දැම්මෙත් ඔය හාදයම තමා.

එහෙම එක එකාගේ පෝස්ට්කටු දාලා විතරක් නිකං හිටියේ නෑ. ඊට පස්සේ තවත් කුමන්ත්‍රණයක් කරල තියෙන විත්තිය මං දැක්කේ රන්දිල් ඇන්ටි දාපු බුකි ස්ටේටස් එකකින්. ඒ කිව්වේ එයාගෙත් නිල් කට්රොල් මල් කියල දාපු පට්ට පජාත පෝස්ට්කටුවටත් සම්මානයක් දීලය ඒකට අපට සුභ පතන්නය කියල දාපු ස්ටේටස් එක. ඔන්න ඕකෙන් තමා මම දැනගත්තේ මේ බොරු කාරයෝ හොර සම්මාන උළෙලක් තියල අත යටින් ගාන අරගෙන තමන් කැමති කීප දෙනෙකුට සම්මාන දීලය කියලා. අනිත් අයට කෙසේ වෙතත් මාතාට මහ ලොකුම සම්මානේ දෙන්න තරම්ම ඒ අය සව්ත්තු වෙලා තිබුනා. ඒ කියන්නේ සමහර විට සුද්දෙක් අමතක වෙලා දාලා ගිය විස්කි එකක් වත් අපේ සුද්දා උස්සල අර පුග්ගලයට දෙන්න ඇති. අනිවා.

හෝව් හෝව්.. පොඩ්ඩක් විතර අප්සැට් උනා නේද?? හැක්..


ඒක නෙමෙයි අනේ මං කියන්න ගියේ. සිංහල බ්ලොග් ලෝකය ව්‍යාප්ත කරන්න කාලයක් තිස්සේ කිහිප අවස්ථාවකම අපට අවස්ථාව ලැබිල තිබුනා. හිස් අහසේ සදරුවා තමා ඒකෙන් හොදම ප්‍රතිපල අත්විදල, වැඩිම බ්ලොග් රචකයන් ප්‍රමාණයක් සිංහල බ්ලොග් ලෝකයට දායාද කරපු එකා. ඒ ලක්බිම පත්තරේ ගියපු අතිරේකයක් නිසා.. (ඒක මම බලල නැති නිසා. අතිරේකයක්ද කියල හරියට දන්නෑ) ඊට පස්සෙත් පොඩි පොඩි අවස්ථා ලැබුනා. මේ ළගදි ලේක්හවුසියෙන් පන්නපු අපේ නලින් දිල්රුක්ෂ මහත්තයත් ප්‍රබුද්ධි එක්ක එකතු වෙලා දිණමින පත්තරෙන් බ්ලොග් වලට ගැම්මක් අරන් දෙන්න ලොකු උත්සාහයක් කලා. ඒ කිව්වේ ජාතික තලයට මේවා ව්‍යාප්ත කරන්න. ඒත් අතරමගදි වැඩේ හබක් උනේ මං දීපු ගල් බෝතලේ ගිලල දේශකයා කියන එකා ලියපු ලියුං දෙකක්ම එකම අතිරේකයේ පල කරපු දවසෙයි කියලයි අනිත් උන් නං කියන්නේ. කොහොම උනත් ඒකත් සාර්ථක උත්සාහයක්.

අපට ලගදි ඉදල බොහොම අගේ ඇති ප්‍රතිචාර දක්වන්නෙක් හමු උනා. බලන කොට එයත් බ්ලොග් එකක් ලියනවා. අජිත් ධර්ම කියල තමා නම තිබුනේ. මුණුපොතේ නම් තියෙන්නේ අජිත් ධර්මකීර්ති කියලයි. අජිත් අංකුර ලියන්නෙක් වගේම බොහොම සම්බන්ධතා තියෙන කෙනකේ විදියට ලංකා නිව්ස් වෙබ් එකට ඔහු කියවන බ්ලොග් වලින් තෝරාගත් ලිපි නෙලුම් යායේ පලකිරීම සදහා මුලිකව මැදිහත් උනා. ඔහුගේ නිර්දේශය මත තමා බොහොමයක් බ්ලොග් ලිපි නෙලුම් යායේ පල කිරීමට නිව්ස් වෙබ් සංස්කාරකතුමා කටයුතු කලේ. මෙතැනදි කියන්න ඕන ලංකා නිව්ස් වෙබ් කියන්නෙ ජාතික තලයේ ඇති වෙබ් අඩවියක්. මේ හේතුව නිසා සිංහල බ්ලොග් ලෝකයට නැවතත් ජාතික තලය ආමන්ත්‍රණය කිරීමට අවකාශය සැලසුනා. මගේ ලිපියකුත් එක පාරක් නෙලුම් යායේ පල උන නිසා මම දැක්කා, ට්‍රැෆික් වලින් නිව්ස් වෙබ් කියන්නේ ජාතික තලයේ වෙබ් අඩවියක් කියන එක. ඒ ලිපිය දාලා බොහෝ කාලයක් උනත් තවමත් එතැනින් මගේ අඩවියට පය තබන අය බොහෝ ප්‍රමාණයක් දිනපතා ඉන්න බව කියන්නේ බෝම සන්තෝසයෙන්. 

ඔය විදියට නෙලුම් යායෙන් සිංහල බ්ලොග් ලෝකයට ලැබුණ සැලකිල්ල වැඩි දියුණු කරගනිමින් හොදම බ්ලොග්කරුවන් වෙනුවෙන් යම් සම්මාන පිදිමක් කරන්න ඔවුන් කටයුතු කර තිබෙන බව දැක්ක විට මට ඇති උනේ ලොකු සතුටක්. මොකද මෙතනදි මම දන්නා තරමින් කිසිම කෙනෙකු තමන්ගේ අඩවිය සම්මාන සදහා ඉදිරිපත් කලේ නැහැ. නෙලුම් යාය විසින් මයි අදාළ බ්ලොග් අඩවි පවා තෝරාගත්තේ. ඒක නිසා මේ සම්මාන ලැබීම ඇත්තටම වටින දෙයක්. ඉල්ලීමකින් තොරව ලැබෙන විශ්මයජනක සම්මානයක් කොයි තරම් වටිනවද කියල තේරුම් ගන්න ටික වෙලාවක් යයි මයේ හිතේ. හැක්

ඉදිරියටත් අපි අජිත්ගෙන් උදව් බලාපොරොත්තු වෙනවා. පුරවැසි මාධ්‍යකරනය තවත් ව්‍යාප්ත කිරීමට අජිත් ගෙන් මේ දින වල ලැබෙන සහායෝගය අති විශාලයි. ඒ වගේම ඉදිරියේදිත් සම්මාන ක්‍රියාවලියක් සිදු කිරීමට අදහස් කරෙගෙන සිටින වග අජිත්ගේ ප්‍රතිචාර දුටු විට මට හැගෙනවා. මේ හැම දෙයක් ගැනම ලොකු සතුටක් මට තියෙනවා බ්ලොග් ලියන්නෙක් විදියට. 

සිංහල බ්ලොග් කලාව ජාතික තලයට රැගෙන යාම සදහා කටයුතු කරන අපේ හිතවත් අජිත් ධර්ම සොයුරාට තැනින් තැන නොව මගේම තැනදි අප්‍රමාණ ලෙස ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම නෙලුම් යාය සංස්කාරක මඩුල්ලටත්, ලංකා නිව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකතුමා ඇතුලු සියළු කාර්ය මණ්ඩලයටත්, සම්මාන ලබා දීමේදි මුල්‍ය අරමුදල් සැපයූ Nation Building Society PLC සමාගමටත් ඔවුන් ඉටු කළ කාර්ය භාරයන් වෙනුවෙන් අසීමිතව ස්තුතියි. ඒ වගේම ඉදිරියටත් සිංහල බ්ලොග් කලාව ඉදිරියට ගෙන යාම සදහා ඔබ සැමගේ සහාය ලැබේයයි මා විශ්වාස කරනවා. අජිත්.. ඔබට නැවතත් ස්තුතියි..

96 comments:

  1. //ඒක මම බලල නැති නිසා. අතිරේකයක්ද කියල හරියට දන්නෑ// අතිරේකයක් නෙමෙයි ඒතක් අර නලිය කලා වගේ පිටුවක් තමයි. ඒක බලල තමයි මාත් බ්ලොග් කියවන්න ආවෙ. සඳරුව වගේම තරිඳු කියල එකෙක් ලිවුව 'සුදත්ත සාදුගෙ දිනපොත' කියන එ්ව තමයි මට අල්ලල ගියේ.

    හරි දැන් එමු මාතෘකාවට.
    //කෝ මට සම්මාන ඩෝ!! //

    අර මෙල‍ෝ වැඩකට නැති කොන්ක්‍රීට් කාරයෙක්ගෙ මූනත්තහඩුවක් ගහගෙන ඉන්නකොට තොගේ බොගට සම්මාන හම්බවෙයියැ.

    ReplyDelete
    Replies
    1. මිත්‍රවරුනි අපිට ජනතා සම්මානය තියනවා !! නැද්ද අපෙ හාමුදුරුවනේ ..

      Delete
    2. //අතිරේකයක් නෙමෙයි ඒතක් අර නලිය කලා වගේ පිටුවක් තමයි. ඒක බලල තමයි මාත් බ්ලොග් කියවන්න ආවෙ.//

      මේ සිංහල බ්ලොග් මේතරම් ජනප්‍රිය වෙන්න, බොහෝ පිරිසක් ඊට ඇදගන්න මූලික වෙච්චි සහ බ්ලොග් වෙනුවෙන් යමක් නිහඬවම කරපු කෙනෙක් තමයි අද අපි අම්බානෙ ගෙම ඉල්ලන චානුක වත්තේගම.

      චානුකගෙ මෙහෙයැවීමෙන් ලක්බිමේ ගිය කතන්දරගෙ ලිපියක් දැකල තමා මමත් බ්ලොග් වලට එක් උනේ. පස්සෙ සඳරුගෙ බ්ලොග් ලිපි සහ සඳරු ගැන පිටු භාගෙ ලිපියක් පවා දැම්මෙ චානුක.

      ඔහු කල ඒ සේවය වෙනුවෙන් බ්ලොග් ලියන කියවන අපි හරිනම් චානුකට සම්මානයක් දෙන්න වටිනව!

      Delete
    3. @ ප්‍රසා

      තැන්කුයි විස්තරේට.. සාදුගේ බ්ලොග් එක වහලද??

      අනික උඹ වගේ එකෙක්ගේ පින්තුර එල්ලන් ඉන්න මං මොකෙක්ද කියල හිතා ගත්තෑකි ඔය සම්මාන දෙන උන්ට.. හැක්..

      @ උපේ...

      ඔව් ලක්බිමේ ඒ වැඩේ කරේ චානුක කියල දන්නවා ඒ උනාට ඒ මොහොතේ මට ඒක ලියන්න අමතක උනා.. චානුක ඔබටත් ස්තුතියි.. මග හැරුනාට සමාවෙන්න..

      Delete
    4. අනිවා ඉන්දික අයියා මමත් ඒ ලිපිය කියවලා තමයි බෙලොග් ගැන දැන ගත්තේ ඒ ලිපිය තවම මා ලග තියනවා..
      චානුක මහතාට මගේ උත්තමාචාරය

      Delete
    5. ඒ බ්ලොග් එක වහල බං.

      Delete
    6. මොන බ්ලොග් එකක් ගැනද ඔය කියන්න‍ෙ?

      Delete
  2. අඩෝ මෙන්න ලිපිය. ඔය අජිතයව මාත් අල්ලගන්න ඕන. හිටහන් මීටිමට ගෙහුන් එනකල් පොඩ්ඩක්. ඕක සම්මාන දීල මදිවට ඒව මුල් පිටුවෙත් දාල අරකෙ. මුන්ව හම ගහන්න ඕනෙ තමා.

    ( හොඳ වෙලාවට මට සාම්මන නෑ, නැත්තන් මාත් ඔය පඩංගු කියෝන ආන්ඩුවිරෝධී බ්ලොග් කාරයෙක් කියල ආන්ඩුව දැනගන්නව හැක්....හැක්.. )

    ReplyDelete
    Replies
    1. මං ඔය යකාගෙ මූන බලන්නෙ නෑ . චැහ්

      ඇයි යකෝ මගේ කොමන්‍ට් එහෙකුත් අයිනෙං දැම්මනං හෙන ගහනවද .අතිං පයින් යනවෑ.. නැද්ද මං අහන්නෙ

      Delete
    2. ඉන්දිකයා ගේ බ්ලොගය දැක්කේ අදයි. ශික් දන්නවනම් අර මහින්දට කඩේ යන ලිපිය අනිවාර්යයෙන්ම යවනවා. එහෙම ආණ්ඩු විරෝධී ඒවා විතරක් දානවා කියල එකක් නැහැ. පක්ෂ විපක්ෂ ඕන එකක් දානවා. එව්වා නම් දානවා. මට බ්ලොග් ලිස්ට් එව්වේ හුඟක් වෙලාවට අරුගේ අඩවියට ලියන අරූ. දේශකයාගේ , කල්යානමිත්‍රගේ හෙම එව්වේ එය. ලනගඩ් එව්වේ විචාරකගේ ගෙයි රසිකලොජිස්ට්ගෙයි එක. . අනික් ඒවා මතලන්ගේ සින්ඩියෙන් බස්සි හෙම ගත්තේ. මේ අවුරුද්දේ වැඩ ගොඩක් බ්ලොග් අඩවි අරගෙන සාධාරණයක් කරන්න බලමු.

      Delete
    3. දැං ඉතිං අජිත් අල්ලගනිවී තට්ට උපේව අතටම.. හැක්..

      වැඩේ තියෙන්නේ පට්ටම ගොස්ප් පවා දානවනේ නිව්ස් වෙබ්.. වැඩේ හොදයි.. අපි කරමු..

      Delete
    4. අනිවා පත්තරයා ගල් වෙනුවන් මේ තරම් ප්‍රචාරයක් දෙන අපේ කමෙන්ට් එකක් දැම්මානම් කෙච්චර වටිනවද
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    5. ගල් සංගමේ ට දාන්නං..

      Delete
  3. මුල ටික හීනෙන් ලියල පස්සෙ ඇහැරුණාද
    නැත්නම් මුල ටික ලියල ඉවරවෙනකොට නින්ද ගියාද

    ReplyDelete
    Replies
    1. මමත් මේ කල්පනා කලේ ඒකම තම යි හි..හි..

      Delete
    2. කෝම කරත් අවස්ථා දෙකකදි ලිව්ව කියල නේද ඔය මදාවියා කියන්නේ.. හැක්

      Delete
  4. ඇත්තටම අජිත් ධර්ම මහත්මයා සිංහල බ්ලොග් කලාව වෙනුවෙන් කරන දේ බොහොම වටිනවා. අනික තමයි හිතන්නැති මොහොතක සම්මානයක් ලැබුනම දැනෙන සතුට. ඒක කියන්න වචන නෑ ඇත්තටම.

    දේශා ඔන්න ඊගාව වතාවෙ හොඳම බ්ලොග් කෙටිකතාවට සම්මානයක් දෙනවලු!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සි. කොට කෙල්ල උනාට හොඳ කෙල්ල. මාත් කොට ප්‍ප්‍රාණයක් තමා. කොට එවුන්ට මිනිස්සු ඉරිසියයි කියල දැන ගත්තේ අද ඊයෙක නෙමේ. හේ හේ

      Delete
    2. කොට ඩෑල් සෙට් උනාම මට හරි අවුල්.. හැක්.

      Delete
    3. බස්සි පාටිය දිපිය..
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    4. කොට පාටියක් ම දීපිය..

      Delete
  5. මටත් සම්මානයක් නෑ ඩෝ! හැක් හැක්.. ඒක වෙලා තියෙන්නේ මං ලියන එව්වා ඔක්කොම පට්ට හොඳයිලු.. එකක් විතරක් තෝරන්න බෑයි කියන්නේ.. දැන් මාස හතර පහක ඉඳල දවස ගානේ නොවරදවා එන එකටවත් අඩුම ගානේ දෙන්න බැරිද පොඩි හරි එකක්..

    පුරවැසි මාධ්‍ය කලාවට ජයවේවා! අපේ ජන මූල නායක මාතලන්ට ජය වේවා!.. දේශකයාටත් (අර හාමුදුරුවන්ට බෙදන්ට) ඊලඟ ඡන්දෙදි මනාප ලැබේවා!

    ReplyDelete
    Replies
    1. මටත් සම්මානයක් නෑ ඩෝ! හැක් හැක්.. ඒක වෙලා තියෙන්නේ මං ලියන එව්ව දේශක ය කියල එකෙක්ගෙ කොමෙන්ට් වලට වැහිල ගිහින්ලු.

      Delete
    2. උඹල ලියන ඒවා වගේද මං ලියන ඒවා. කෝ ඉතිං මට සම්මාන ඩෝ.. හැක්..

      Delete
  6. දේශෝ මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ බන් .නැත්නම් මෙච්චර අපුරුවට තමන්ගේ අත්දැකීම් අනුන්ගේ නමින් ලියන උඹට සම්මානයක් අනිවා තියෙන්න ඕනා .අපිම සම්මාන උළෙලක් තියාගමු .මම උඹව නම් කරන්නම් .උඹ මාව නම් කරපන් .හැක් හැක්
    අජිත් ධර්ම මහත්තයාට මේ කරන මෙහෙවරට මාගේ උපහාරය .ජයවේවා !!

    ස්තුතියි
    බ්‍රෑන්ඩ් එක ගල් කමිටුව වෙනුවෙන්
    සින්දු ඇනෝ

    ReplyDelete
    Replies
    1. අත්සන් කලේ
      බ්‍රෑන්ඩ් එක ගල් කමිටුව වෙනුවෙන්
      කැඳවුම්කරු / කාරක සභික
      පත්‍තර මල්ලි ( ABC,DEF,GHI,JKLM,NOP )

      ………………………………
      2015/01/07

      Delete
    2. ස්තුතියි ඇනෝ.

      Delete
    3. සින්දුවා උඹේ එකක් හෝ දෙකක් නිව්ස් වෙබ් ගියා මට මතකයි..

      Delete
    4. වැරදි අන්තිම වැරදි දේශා උගේ අත්දැකිම් අනුන්ගෙ නම් දාලා ලියනවා..
      සින්දු ඇනෝ සිංදු වලින් කමෙන්ට් කරන්නේ පදරචනය සංගිතය තනුව ගායනය ඌ කරා වගේ...ඉතින් ඒ වගේ හුත්තම නෑ නෑ වැරදුනා උත්තම පුරැෂන් දෙනෙනක් වෙනුවෙන් සම්මානයක් නොදිමට විරැද්දව අපි සරම කරට අරගෙන ඡාතිය අමතන්න ඔනේ..

      අත්සන් කලේ,
      බ්‍රෑන්ඩ් එක ගල් කමිටුව වෙනුවෙන් ,
      විධායක කාරක සහික/ ප්‍රචාරන කමිටුවේ නිත්‍ය සාමාඡික
      තිසරපටබැදිගේ මෙන්ඩා නෙහෙත් එල ද බ්‍රා

      Delete
    5. නම වැරදියට දැම්මත් වැඩේ අහුවෙන එක නේ අවුල බං මෙන්ඩෝ...

      Delete
  7. රෑ දොළහ එක වෙනකල් මේ මගුලේ එල්ලිලා ඉන්නකොට අපේ උන්දෑගෙන් මට දිනපතාම සම්මාන හම්බවෙනවා.

    ගහලා හරි සම්මානයක් ගනිං. ඒ ක්‍රමයට අපිටත් ගන්න පුලුවන්ද බලන්න.

    ReplyDelete
    Replies
    1. මං පාරෙ යද්දි ඉතාලි කෙල්ලො අහනවා … අනී ෂෝයීඊඊ…ඔයා නේද පත්තර මල්ලී ?? කියලා .. මං නෑ කියනවා . මොකෝ ඔටෝ දික් කරාම කණ අස්සන ගහන්න ඇහැක ??

      Delete
    2. උඹ ඕවාට අහුවෙන්න එපා මචෝ .අඩුම ගානේ ගල් බෝතලයක්වත් දික් කරනවානම් ඔන්න ඔහේ අත්සන් කරපන් .කොකා කොලා එකක් නම් අපේ දෙෂ්ගේ අත්සන ගහපන් ....
      @ විචාරක තුමෝ මටත් දැන් ලඟකදී ඉඳලා සම්මාන හම්බවෙනවා .....

      Delete
    3. PM, සමර් එකේදිද ඒ ඔටෝ දික්කරන්නෙ?

      Delete
    4. ප්‍රා

      සමර් එකේ අපිට ඔටෝ පයිලට් දාල තියෙන්නෙ …… :D

      Delete
    5. විචා.. ගහල ගමු අපි දන්න ක්රමය නේහ්..

      මේ පී කාැරයෝ දෙන්න දැන් සෙට් වෙනවා වැඩියි හරිය.. හැක්..

      Delete
    6. අනිවා විචා මාමේ උඔ අරපු ලියපු ආයුධ වලින් ටිකකයි ලොකු යුද්ධ ටැංකි දෙකකුයි අරන් වරෙන්..වෙඩි තියනන්න බැරිනම් තුවක්කු බදෙන් හරි ගහලා ගමු.කොල්ලෝ කියනවා මෙස් එකේ තේ හැදුවට කෑම ඉව්වට විචා මාමට වෙඩි තියන්න දන්නෙ නෑ කියලා.
      පත්තරයෝ ඒ කෙල්ලගේ තින්ත කුප්පියේ ඇගිල්ල ඔබලා ඇගිලි මාක් එක තියහන්.
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  8. මටත් සම්මානයක් දෙනවා කියුවා ලබන පාර.

    ReplyDelete
    Replies
    1. හොඳම ජාතිවාදී ලිපියට. හේ හේ :)

      Delete
    2. සල්ලි දීලවත් ගනිං බං.. හැක්

      Delete
  9. එළ එළ!! බොක්කෙන්ම ලියලා!!!

    ReplyDelete
    Replies
    1. බොක්ක නැති වෙලා ගොඩාක් කල් බං.. මොකද උඹත් සද්දේ වහල.. අපරාදේ ඩෝ අපිට ආතල් එකක් ගන්න තිබුන තැන් තමා ඕවා... කුරුටු රෙජිමය වගේ තැන්.

      Delete
  10. දේශකයා කියන්නේ අපේ ජාතියේ පිනට පහල වෙච්ච සම්මානනීය අග්‍රගණ්‍යය බ්ලොග් රචකයෙක්. ඒ වගේම මලක තියෙන සියුමැලි බවත් කළු ගලක තියෙන රළු බවත් සිය යතුරු පුවරුවෙන් මනාව චිත්‍රණය කරපු අපේ කාලයේ නිර්මාණකරුවෙක් කියලා මම අවිවාදයෙන් යුතුව පිලිගන්නවා.

    ඒ වගේම මේ උත්තුංග දේහධාරි ලංකා පුත්‍රයාට තව චිරාත් කාලයක් පාථක මනදොල සංසිදුවන්න අවශ්‍ය කරන දිරිය ශක්තිය ලැබෙන්න කියලා මම පතනවා..


    (ඔන්න මම කියපු විදිහට කමෙන්ට් කලා.. මට දෙනවයි කියපු ගාන එකවුන්ට් එකට දාන්ඩ ඈ.)

    ReplyDelete
    Replies
    1. ඒ අසහාය බ්ලොගරෝත්තමයගේ මනදොල සංසිදුවන්න මොනවද අවශ්ය බ්‍රෑන්ඩ් එක?

      Delete
    2. වැඩිය සැර ජාති දෙන්න එපා ප්‍රා. ඔය කෝක් එකක් විතරක් ඇතිවෙයි.
      නැත්තං දේශිකාගෙන් සම්මාන කොහොම වෙතත් මෝල්ගස් පාරක් කන්න ලැබෙයි.

      Delete
    3. යකෝ සල්ලි දෙනවනං මක්කටෙයි උඹ ආගිය තැන් කියන්නේ. දෙන්නෑ සල්ලි.. හැක්.. මොනර ගල ගල් ඉබ්බා

      Delete
    4. අන්න කමෙන්ටු මධුරංගයා සල්ලි ටික ඉල්ල ගනින්
      ප්‍රා/ ප්‍රසා
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හා හා

      බ්‍රෑන්ඩ් එක ගල් !!!!!!!!!!

      කැඳවුම්කරු
      ගල් බලකාය

      Delete
    2. මාර කෙලියක්නෙ. නැති කමෙන්ට්වලටත් බ්‍රෑන්ඩ් එක ගල්. පෙබරිවාරිවල මොනවයින් මොනවවෙයිද දන්නෙ නෑ ලංකාවෙදි ඔටෝ දික්කරනකොට?

      ඒක නෙමෙයි ඔය නෙලුම් එකට යන්න ලින්ක් එකක් දෙනවද ප්ලීස්

      Delete
    3. යකඩෝ මේක මාර වැඩක් නේ ආතර් මැකුවත් ඒක ගල්...

      Delete
  12. මගෙත් ලිපි තුනක්ම නෙළුම් යායෙ පළවුණා අජිත් මහත්මයා නිසා.. ලාංකීය සිතුවිලි, ෆේස්බුක්, කොත්තු, මාතලන් සින්ඩියට පස්සෙ වැඩිම ට්‍රැෆික් ලැබුණෙ ලංකා නිව්ස් වෙබ් එකෙන්.
    දේශකය කියනව වගේ ජාතික තලයේ තියෙන වෙබ් අඩවියක් නිසා මේකෙ වටිනාකම තවත් වැඩියි. මේක දැකල තව තවත් අය බ්ලොග් ලෝකයට එකතු වෙනව නම්, දැනටමත් ලියන අයත් තව තව උනන්දුවෙන් ලිවීමේ යෙදෙනව නම් නෙළුම් යායේ උත්සාහය සාර්ථකයි.

    ස්තූතියි නෙළුම් යාය..!

    ReplyDelete
    Replies
    1. නෙලුම් යාය වෙනුවෙන් ස්තුතියි.

      Delete
    2. උඹගේ ඒවා ඔක්කෝම දැම්මත් මං සන්තෝසයි..

      Delete
  13. හැක් සම්මාන !! ත‍ෝ ලියන මේ ජරාව කියවන අපිටන‍ෙ බ‍ොල සම්මාන දෙන්න ඕනෑ.....,








    ReplyDelete
    Replies
    1. අපොයි ඇවිල්ල මගේ ජෛන්මාන්තර වෛරක්කාරයා.. පහුගිය ටිකේ ආතල් එකේ හිටියා.. ඒකත් හබක්.. නේද හාමුදුරුවනේ..

      Delete
    2. පින්වත, අපි වෛර නොකරමු, මෛත්‍රීම කරමු. ඔබට මෛත්‍රීිම වේවා. යහ වේවාාාා !! සම්මාන ලැබේවාාාා !!

      Delete
    3. ස්තුතියි මාමේ..

      Delete
  14. මොකටද බන් කාගෙවත් සම්මාන?

    ReplyDelete
    Replies
    1. අම්මප මක්කටෙයි බං... හැක්..

      Delete
  15. දේශකය ගේ ලිපිය මුලදී කියවන කොට පපුව ගැහෙන්න ගත්ත. යකෝ මෙහෙමත් බනිනවද කියල. බ්ලඩ් ප්‍රෙෂර් ටැබ්ලට් එකක් ගන්න යනකොට යන්තන් ඉතිරි ටික දැක්කේ. දේශකයාගේ කතා නරකය කියල එකක් නැහැ. ඔක්කොම හොඳයි. මම දේශකයාගේ ලිපි දෙකක් යැව්වා පල කරන්න. එකක් දිය තාලිය. අනික අර පෝස්ටර් කතාව. නමුත් ඉතුරුව බලන්න කාලයක් තිබ්බෙම නැහැ. බලපු ටික අතරෙන් තෝරලා තමා සම්මානය දුන්නේ. අනික් කරණය තමයි එහෙම ආණ්ඩු විරොධිම නැහැ. වැඩේ කියන්නේ වැඩිපුර එන්නෙම ආණ්ඩු විරෝධී ලිපි කියලා තමා සංස්කාරක තුමා කියන්නේ. එයා ඕනෑම එකක් දානවා හොඳ නම්. බොදුබල සේනාවේ පෝස්ටර් හා ලිපිත් දැම්මා. එහෙම අවුලක් තියා ගන්න එපා.අපි බොහොම විවෘතව හිතන කට්ටිය. ආණ්ඩුවේ වගේ හො විරුද්ධ පක්ෂයේ හෝ වාම පක්ෂවල වගේ වාරණයක් නැහැ. අපි කල්පනා කරන්නේ මේක තමා අනාගතය කියල. ගූගල් කරනවා වගේ බ්ලොග් ලියන කට්ටියට ගේවිමේ ක්‍රමයක් හදන්න පුලුවන්ද කියා දැනට අපි කල්පනා කරනවා. ඒ වගේම තව දිරි ගැන්වීම සෞඛ්‍ය සේවා රක්ෂණයක් අරන් දෙන්න (දැනට අපට එංගලන්තයේ තියෙනවා වගේ) බ්ලොග් කොන්ෆරන්ස් තියන්න වගේ දේ. ඔබලාගේ සහයෝගය අවශ්‍යයි. අපි අනිවාර්යයෙන්ම දේශකය වගේ ය සම්බන්ධ කර ගන්නවා. හුඟක් කල් ඉඳන් බ්ලොග් ලියන අය නිසා මෙන්ම හොඳට ලියන නිසා.

    ReplyDelete
    Replies
    1. සහයෝගය දෙනවා උපරිමෙන්ම ඕන ම දෙයකට.. පුරවැසි මාධ්‍යකරණය වැඩි වැඩියෙන් ප්‍රචලිත වූ තරමටයි රටේ යටි පෙල දැනෙන්නේ.. ස්තුතියි ධර්මේ.. උඹ ලොකු හයියක් අපිට..

      Delete
  16. මන් මේ කල්පනා කරන්නේ දේශකයා මගේ බුකියේ හිටියට මේ බ්ලොග්රෝලේ මගේ බ්ලොගය නැහැනේ. අසාධාරණයි අසාධාරණයි.

    ReplyDelete
    Replies
    1. ඔතන තියෙන්නේ මං මුල් කාලේ ඇඩි කරපුවයි.. වර්ඩ් ප්‍රෙස් අඩවි ටිකකුයි විතරයි.. මම හැම එකම කියවන්නේ එක්කෝ මාතාගේ සින්ඩිමාල්ලෙන් හෝ මගේ ඩෑෂ් බෝඩ් එකෙන්..

      Delete
  17. දේශකයෝ...මම කියවලා තියෙන ලස්සනම කෙටි කතා ලියලා තියෙන කෙනෙක් ඔයා. අර හැට්ටෙක මැහුම් ගැලවිලා ඒක හදාගන්ට ගිය කතාව ජීවිතේටම කියවලා තියෙන හොඳම කතාවක්. මම ගොඩාක් කියවන කෙනෙක්. ඒ හන්දා එහෙම කීවාම, හොඳ සම්මානයක් දුන්නා වගේමයිලු හොඳේ. :P

    කොහොමටත් පාඨකයන්ගේ ආදරණීය සම්මානය ඔයාට හැමදාම ලැබෙනවා. ඔන්න මම address ඊමේල් කලා. දැන අර පොරොන්දු වුනු 'French perfume ' එක එවන්ට. :D:D

    මම වගේ අහිංසක, අසරණ කෙනෙකුට 'ආඩම්බරයි' කීව කෙනාට මෙහෙම කමෙන්ට් එකක් දැම්මේ ඇයි කියලා මටවත් හිතාගන්ට බෑලු. :O

    ReplyDelete
    Replies
    1. කියපු දේ ඇදල ගන්න පුලුවන් නං පොඩ්ඩියේ මම බොට දෙනවා හොදවැයින් උම්මා එකක්. හැක්..

      Delete
  18. මචෝ මේක මම ලියන්න ඕන එකක්.... ඒත් මේ යක්කු මටත් සම්මාණයක් දීපූ නිසා මේ ගැන ලියන්න ගිලිටි වගේ...

    නෙළුම් යාය නිසා මට ලැබ්න රසිකයන් ප්‍රමාණය බොහෝ විශාලයි.. අනික මේ දේ කරන්නෙත් උන් විතරමයි...

    ඊයේ මලක් නම් ගැහුවා හැබයි... තවත් සොඳුරු මිනිසෙක් සමඟ...

    ReplyDelete
    Replies
    1. මොන ගිලිටිද බං.. උඹ ලිව්වොත් තමා මේක වැඩියෙන්ම කස්ටියක් බලන්නේ.. අපි තාම දන ගාන උන් නේ..

      Delete
  19. අඩෝ අපි ගල් ගහමු.... උඹට සම්මානයක් නෑ කියන්නේ මටත් නෑ වගේ තමයි.... ගල් ගහන එවුන් ගොඩක් ඉන්නවා නේද? ඒ නිසා ගහමු ගල්...

    ReplyDelete
    Replies
    1. තිසර බොස් !!!

      වචනෙත් ඇති … . ඕ යේස්

      බ්‍රෑන්ඩ් එක ගල් !!! එකෙන්ම …

      Delete
    2. වහපු රගහලේ ඉදගෙන ලෑලි උඩින් තියාගෙන අපි ගහමු බං ගල්. තිසර පහුගිය දොහේ දැක්කෙත් නෑ. මේලක් දාන්නත් හදල නිකං හිටියේ..

      Delete
  20. awareta pol watenawa wage ana api wage awuntanam mona sammanada deshaka... hak

    ReplyDelete
  21. මම ආපු නැති ටිකේ සෑහෙන (අ)සාධාරණකම් වෙලානේ බංස්ලා.

    ReplyDelete
    Replies
    1. හැබෑටම බොට මොකද බං උනේ.. ලංකාවෙට ආවෙත් නෑනේ ද මේ පාර..

      Delete
  22. මේක ලියන්න ඕනෑම ලිපියක් , අජිත් ධර්ම ගැන සහ ලංකා නිව්ස් වෙබ් එකෙන් වෙන නිහඬ සේවය ගැන . කොහොම වුනත් මේ හැම දේකින්ම ලියන්න ලැබෙන උත්තේජනය ඉතාම ඉහලයි. ස්තුතියි අජිත් ධර්ම ට සහ විශේෂයෙන් දේශකයාට මේ ලිපිය වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹ ලිව්වද?? ඒකනේ මං ලිව්වේ.. හැක්.. තැන්කුයි ඉවාන්..

      Delete
  23. බොරුවට සම්මාන ලැබුණ කාලය ඉවරයිලු.......... හැබැයි මම දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මම දන්නෙත් නෑලු. හැක්..

      Delete
  24. සම්මාන සමග ගල් බෝතලයක් දෙන ලෙස ඉල්ලා රටපුරා මහවැඩ වර්ඡනයක් දියත් කිරිමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව සතුටින් දැනුම් දෙමි.
    අත්සන් කලේ,
    බ්‍රෑන්ඩ් එක ගල් කමිටුව වෙනුවෙන් ,
    විධායක කාරක සහික/ ප්‍රචාරන කමිටුවේ නිත්‍ය සාමාඡික
    තිසරපටබැදිගේ මෙන්ඩා නෙහෙත් එල ද බ්‍රා

    අත්සන් කලේ
    බ්‍රෑන්ඩ් එක ගල් කමිටුව වෙනුවෙන්
    කැඳවුම්කරු / කාරක සභික
    පත්‍තර මල්ලි ( ABC,DEF,GHI,JKLM,NOP )

    ReplyDelete
  25. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15332-2015-01-14-23-28-16

    ReplyDelete
    Replies
    1. තැන්කුයි අජිත්.. මම දැක්කා එතැන..

      Delete
    2. අපේ සම්මාන උළෙලට ඔක්කොම බ්ලෝග කරුවන්ට වෙනසක් නැතුව ආරාධනා කරනවා. තැනක් හොයා ගත්තු ගමන් කියන්නම්.

      Delete
    3. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15397-2015-01-19-21-15-44

      Delete
    4. නියමයි නේ.. අපි දෙන්නං සප් එකක්.. හරි වටිනවා මේ කරන දේ මිත්‍රයා..

      අන්තිමට දාපු ලියුමටත් ස්තුතියි..

      Delete
  26. මං නම් ඔය මොකුත් දන්නැ දේශකයො. දැනගත්තත් මං ඉතින් කෙයාර් කොරන එකියක්යැ.. :-p

    මොකද ප්‍රථම වතාවට සහ අවසන් වතාවට මං ඔහොම එකෙක් බලෙන් එවපු මැසේජ් එකක් නිසා නාගත්ත හන්දා. උ අදටත් ඔය ඉඩ ලැබුණම මට වනල යන්නෙ. ගොන් ආතල්.
    කොහොම වුනත් සිංහල බ්ලොග් නගා සිටවන්න යමක් කරනවා නම් එය ඉතාමත් සතුටුදායකයි වගේම එවන් අයට සුබ පතනව.

    ReplyDelete
    Replies
    1. අපි බලමුකෝ දිනිතියෝ.. තැන්කුයි ආවට..

      Delete
  27. අනේ යකෝ................ මුලින් කියන්නේ ඒකක්... අනිත්මට තව ඒකක්........ උඹත් නියමයි අලුත් අාණ්ඩුවට සෙට් කරන්න...................... මොකද කියන්නේ/////

    ReplyDelete
    Replies
    1. ගානක් එන වැඩක් නං සැට් කරහං බං. . හැක්

      Delete
  28. මොන සම්මානද බන්. බ්ලොග් ලියනවට ඉන්ටර්නෙට් බිලවත් ගෙවන්න එකෙක් ඉන්නවා නම් ඔන්න මගේ නම්බරෙත් දීලා දාපන්කෝ...

    ReplyDelete
    Replies
    1. තුප් නාකි හිවලා.. හැක්

      Delete