Wednesday, November 26, 2014

දියතාලිය!!

බියකරු රූං හඬක් නගමින් තම නිවසට ඉහළින් හමා යන දැඩි සුළං ප්‍රවාහය කෙරෙහි සිරිමලීගේ සිත යොමු වූයේ තරමක බියක් හා තැති ගැන්මක් ඇය අත් විදින කල්හිය. ජීවිත කාලයේ දී මතක ඇති දිනයක මෙවන් රූං හඩක් සහිතව කෝඩයක් හමනු ඇය දැන නොසිටියාය. වහලය මත ඇති දුර්වර්ණ වී ගිය තහඩු වල දිස්නයක් නැති වුවද, සුලං නිසා ඩග් ඩග් යනුවෙන් කෙටි ශබ්ද නගමින් ඒවා සෙලවෙන අයුරු ඇය දුටුවාය. විනාඩි දෙකක් පමණ විටින් විට නැගුන සුළං ශබ්දය ඈතට ගසා ගෙන ගිය බව සැක හැර දැන ඇය එළියට පැමිණ බැලුවාය. සිදුවූ මහත් විපතක් නොවූවද වටින් පිටින් වූ ඇඹරී ගිය ගස් වල අතු කිහිපයක් බිදී වැටී ඇති බවත් ඇය දුටුවාය. නිවසේ පසු පසට වන්නට ඇති පස් කන්දේ ඉහලින්ම ඇති විශාල ගස පිළිබඳව වූ ඇයගේ සිත තුල තිබු භයානක හැගීම දැන් පහව ගොස්ය. එහෙත් නැවත රූං රූං නගමින් මොන වෙලේක කෝඩයක් පාත් වේදැයි යන අනියත බිය ඇයගේ සිත වෙලා තිබුනේය.

“අනේ සෝමේ.. අපි අර කන්දේ උඩ තියන ගහ කපල දාමු.. බයේ බෑ අනේ.. “

“මාත් ඕක හිතල කොච්චර දවස්ද? ඒත් තාම එකෙක් වත් හොයාගන්න බැරි උනා නේ ඕක කපල දාන්න“

“අද කෝඩෙත් එක්ක මම නං හිතුවෙම ගහ කඩං වැටේවි කියලයි..“

“ඔව් අප්පා මහ භයානක හුළගක් නෙව ඒක“

“ඒක නෙමෙයි සෝමෙ.. අපි ගහ කපල දාමු ඉක්මනට. ඕක මහ භයානකයි“

ගෙයි පිටුපසට ගොස් පස් කන්ද දෙස බැලූ සෝමේ හට අඩි සියයක් පමණ උසැති බරසාර ගස පැහැදිලිව දර්ශනය විය. එඩිතරව නැගී සිටින දැවැන්තයෙකු සේ පෙනෙන ගසෙහි ස්වරූපයෙහි යම් ගාම්භීර බවක් ඇතැයි සෝමෙට කල්පනා විය. අනෙකුත් සියළු ගස් අභිබවා උසින් නැගී සිටින මෙම ගසෙහි නම වත් සෝමේ දැන සිටියේ නැත. ගම් පියසක හැදී වැඩුනද, සෝමේ කොහොමටත් ගස් කොළං ගැන විස්සෝප වූ අයෙකු නොවේ. සිරිමලී ඇන්න පැමිණි පසු අඩු මුදලකට නගරයට කිට්ටුවෙන් මිලදී ගත් මෙම නිවස සෝමෙගේ හා සිරිමලීගේ කැදැල්ල බවට පත්ව තවමත් මාස කිහිපයක් පමණි.

“බන්දු අයියේ... අපේ ගෙට උඩහ කන්දේ තියෙන ගහ කපාගන්න ඕන.. වෙලාවක එනවද බලන්න“

“මොන ගහද මල්ලියේ.. අර කන්දේ තියෙන මහ ගහද??“

“ඔව් ඔව් අර උස ගහ.. හුළං සැර දවසට ඒක භයානක විදියට පැද්දෙනවා“

“හම්මොච්චියේ.. මලයෝ.. ඕක කපන්න නං මට බෑ.. මම දන්න කාලේ ඉදල කව්රුවත් කියල නෑ මට ඔය ගහ කපන්න කියලා“

“ඇයි ඒක අමාරු වැඩක්ද?“

“ඔව් ඔව් ඕක අමාරු වැඩක් තමා.. දැනටම ඔය ගහට පොරෝ පාරක් ගහපු එකෙක් බඩ කැපිල මැරිලා ගියා.. ඒකත් උගේ නොදන්න කමට වෙච්චි දෙයක්“

බන්දුගේ කතාවෙන් පසුව මේ ගස මොන ගසක්දැයි සොයා බැලිය යුතුයැයි සෝමේට අවබෝධ විය. බන්දු වැනි ගස් කප්පිත්තෙකු මේ ගස කපා දැමිය නොහැකි යැයි පවසන්නේ බැරෑරුම් කාරණයක් නිසා බව ඔහුට අවබෝධ විය.

තමා ගේ නිවසට යාබදව ඇත්තේ තව එක් නිවසක් පමණක් වන අතර ගෙවල් දෙකටම පිටුපසින් ඇත්තේ අඩි පනහක් පමණ උසැති කන්දය. කන්ද පුරාම රෑස්සව වැඩුනු නොයෙකුත් ගස් කොලන් අතර තමන්ගේ ගේ පිටුපසින් තනියම විරාජමානව නැගී සිටිනා කඳ සුදු පැහැති මෙම ගසෙහි උස කන්ද මත ඇති අනෙකුත් ගස් පරයමින් ඉහලට නැගී ඇත. ගසේ මුදුනට වන්නට කුඩා රොදක් මෙන් එකටම ඇලී මෙන් පවතින අතු ඉති කිහිපය හැරුනු විට මුළු ගසෙහිම ඇත්තේ සුදු පැහැති කඳක් පමණි. පෙනුමෙන් අඩි සීයකට වඩා උස් වූ මෙම ගසෙහි අවටින් වෙනත් ගසක් ඒ උසට යාන්තමින් හෝ සරිලන ලෙස නොපවතින හේතුව ඔහුට පැහැදිලි නොවීය.

වැඩි ඇයි හොදයියක් තමා සමඟ නැති වුවද, කිසිඳු ගස් කපන්නෙකු මේ ගස දෙස තළු මරමින් නොබලන හේතුව දැනගැනීමට සෝමෙට උවමනා විය. මොන හේතුවක් මත හෝ අයිතිකරුවෙකු නොමැති විශාල ගස තම නිවස මතට පත බෑවුනහොත් සිදු වන විනාශය ඔහුට සිතා ගත නොහැක. කෙසේ වෙතත් හේතු සොයාගැනීමට නොහැකි වූවා සේම ගස කපා දැමීමට කිසිවෙකුත් හෝ සොයා ගැනීමට සෝමෙට නොහැකි විය. මේ නිසා තමා පදිංචි ගම් පියසට ගොස් හඳුනන කෙනෙකු කැටුව ඒමට ඔහුට සිදු විය.

උදෑසනින්ම පැමිණි සුගතන්, ගස දෙස බලා නෝක්කාඩු ස්වරූපයෙන් තම පිටි අත්ලෙන්, රත් පැහැ ගැන්වුනු කට පිහිදා කෙළ තල්ලියක් බිම හෙලමින් කතා කරන්නට විය.

“ඈ බං සෝමේ.. මේක මහ රූස්ස ගහක් නේ. මේක දියතාලිය ගහක්.. මෙලෝ රහක් නෑ.. බඩ පුරාම වතුර විතරයි මේ කදේ තියෙන්නෙ.. උස එකයි අවුල.. යට ගෙවල් දෙක නැත්නං දෙපාරින් බිමට දාන්න තිබුනා.“

“දියතාලිය.. මම ඔය ඇහුවමයි ඒ නම.. කොහොම හරි කමක් නෑ මේක කපල දාමු.. මහ භයානක ගහක් බං මේක“

“හිටහං.. උඩට නැගල බලමු.. ගහ යට හෙලක් නැත්නං අමාරුවක් නැතිව එහාට බාවන්න පුළුවන්. ඒත් බං මේ වතුර බඩේ අනිත් ඒවා වගේ නෙමෙයි කිසි විස්වාසයක් නෑ.. යමංකෝ උඩට“

ගස මුල දෙසට අපහසුවෙන් තණකොල අල්ලාගෙන කන්ද නැග ගිය දෙදෙනා ටික වෙලාවක් හති අරින්නට විය. ඒ අතරතුර අවට දෙස බැලීමේදි පැහැදිලි වූයේ, කන්ද බෑවුම නිවස දෙසට තිබුනද, අනෙක් පසින් එක සීරුවට තැනිතලා බිමක් පවතින බවය. කන්ද මත අනෙකුත් තැන් වලට වඩා මෙම කොටසෙහි තණකොළ, පඳුරු වැඩීම පවා අබල දුබල වී ඇති අයුරු දුටුවද එහි අරුමයක් ඔවුන් දුටුවේ නැත. ගසෙහි අඩි පහක් පමණ වන තෙක් යම් යම් පළුදු වූ තැන් තිබුනද, මස් දමා තිබු කඳ හේතුවෙන් බොහොමයක් පැල්ලම් මකා දමා තිබුනි.

“ඈ බං සෝමේ.. මේක අඩි සීයක් හමාරක් උසයි.. කෑලි පහකටවත් බිම දාගන්න එක තමා හොදම දේ.. උඹ ලණුව මම දුන්නම අර තියෙන ඇලස්ටෝනියා ගහේ පට දෙකක් දාලා අල්ලගනිං.. මම කිව්වම විතරක් ඇදහං.. හරිද?“

“හරි සුගතං අයියේ.. මට මේවට පුරුදුයි නේ. ඒක නිසා අවුලක් නෑ“

“එහෙනං මං නැග්ගා ගහට.. බුදු සරණයි“

ගම්මානය සිසාරා පැය තුන හතරක් මුලුල්ලේ කොට්ටෝරුවකු කොටන ශබ්දය ඇසුන හෙයින් ගම්වැසියෝ තම බෙල්ල හරවා, හිස හරවා. ඇස් කරකවා කොට්ටෝරුවා කව්දැයි විපරම් කළද, තරමක් ඈතින් ඇසෙන ශබ්දය සොයා යෑමේ උවමනාවක් නොවු අය වූහ. විටින් විට මහා හඩින් තග් තග් නගමින් නැගුණ ශබ්දයෙන් මිනිසුන් නැවත තම විමර්ශන ආරම්භ කළද එයද තත්පර ගණනකට පමණක් සීමා විය. තමන්ගේ වැඩ කටයුතු අස්සේ කොට්ටෝරුවන්ගේ වැඩ කටයුතු හබා යාමට තරම් වෙලාවක් නොතිබුන හෙයින් සැවොම කරබා තම වැඩෙහිම නිරත වූහ.

“පුහ්.. අමාරු කෝස් එකක් බං.. හොද ගණං“

ගස් ගඳින් හා සුදු පැහැති රොඩු වලින් ශරීරයම පිරි, පපුවේ මයිල්ද කිදා බසිමින් දහදියෙන් තෙමී පපුවටම ඇලුනු සුදු පැහැයෙන් යුතුව හයියෙන් හති අරිමින් බිම වාඩි වී සිටි සුගතන්, තම තොප්පිය අතට ගෙන ඒ මේ අතට පද්දමින් මුහුණට සුලං පුරවමින් සිටියේය.

“යන්තං ඇති බං.. ඒ කරදරෙත් ඉවරයි.“

“මගේ නං හොද පණ ගියා සෝමේ. මේක ආංබාං කරන්න අමාරු වරිගේ ගහක්.“

“බලපං සුගතේ.. කද නිකං කෙහෙල් බඩේ වගේ නේ.. මෙලෝ දෙයක් නෑනේ ගහේ සයිස් එකේ හැටියට“

“ඒක නේන්නං මම කිව්වේ.. තනිකර වතුර බඩක් තියෙන්නේ.. මොලෝ වැඩක් නැති ගහක්“

“අඩුගානේ දරට දාගන්නවත් ගන්න බෑනෙ“

“ඔන්න ඔහොම තියෙන්න ඇරහං. ටික දවසක් ගියාම උඹට ඔය කදේ පොතු කෑලි ටික විතරයි ගන්න ඇහැක් වෙන්නේ“

“සුගතං අයියේ.. මොකෝ කියන්නේ. තාම දොළහ පහු උනෙත් නෑ.. කාලම යමු නෙහ්..“

“අනේ බෑ බං.. විගහට ගියපු තරමට මට ලේසියි.“

“මේ මොන කතාද? ඉදහං මම ගල් බෝතලයක් ගෙනැත් තිබ්බා“

“හප්පට.. උඹ ඒවත් ගෙනාවද? හිටිං එහෙනං ඇගපත තෙමාගෙන එමු හෙනං“

ගෙයි පිළිකන්නේ කණ්ඩිය මත වාඩිවී සුගතං හා සෝමේ අරක්කු බෝතලය හිස් කරන්නට විය. වෙලාව ගත වෙනවා නොදැනුනද බෝතලයේ අඩිය පෙනෙන්ට තිබියදී, සුගතංගේ සිහිය අතුරුදහන් වී ඇත. කටින් පිටවන වචන මොන බර කමකටදෝ නිසි පරිදි කටින් එලියට පිට නොවීය. රතු පැහැති බොර ඇස් වල විශ්මයක් ගැබ් වී තිබුණි. කෑමට ආරාධනා කළද, තව දුරටත් අරක්කු ඩිංගක් හෝ තමාට උගුරට හලා ගත නොහැකි බව දැන සිටි සුගතං, සෝමේ විසින් අතමිට මොලවන ලද රුපියල් පන්සීයද රැගෙන සාක්කුවේ රුවාගෙන, දෙපසට වැනෙමින් මහ මහට පිළිපැන්නේය.

“අයියේ...“

“ක්ක්...කව්ද..“

“අයියේ.. හ්හ්.. අර මෙහේ ඉදල ගියේ එක්කෙනෙක්.. හ්හ් හ්හා“

“ඔව්වොව්.. අපේ සුගතං..අයියා “

“අන්න එයා බස් එකකට යට උනා.. ලේ ගොඩයි“

“අනේ බුදු අප්පු්ච්චියේ.. “

“මගේ ඉස්සරහින් නේ මිනිහා ගියේ.. හ්හ් හ්හා... මිනිහා එක පාරටම මහ පාරට පැන්නා මේ පාරේ ඉදල.. හ්හ් හ්හා.. වේගෙන් ආපු කොළඹ බස් එකක තමා වැදුනේ.. මං හිතන්නෙ එතනමයි“

“අනේ අම්මේ... සිරිමලී.. මට වතුර එකක් ගෙනෙං“

****************************************************

“කව්ද බං මේ ගහ කපන්නේ.. දන්න එකෙක් නං කපයියැ.. බලහං ඔය පත්තිනි මෑනියන්ගේ සාපේ..“

“අනේ අනිච්චේ.. ඉස්සර පත්තිනි දේවාලේ තිබ්බ ගහ.. පස්සේ එ් ගෑනි මැරුනම දේවාලේ වැහුව නෙව“

“මතකයිනේ.. එක පාරක් ගහට පොරෝ පාරක් ගහපු එකා බඩ කැපිල මැරුනා.. ඕවා දේව සාප“

“මේ අලුත ආපු උන් ඕවා දන්න එකක්යැ. ඔය ගහෙන් තමා පත්තිනි මෑණියන්ගේ සළඹ පහල වෙලා තියෙන්නේ. ඒ දවස් වල අවුරුද්දට සැරයක් මහා කිරි දානයක් දෙනවා ඔය ගහ පාමුල.. අනේ අර ගෑනි හිටියනං තාමත් ඔතන පත්තිනි දේවාලේ නෙව“

“ඒකනේ බං අපි ගහට අත තියන්නැත්තේ. දේවාලේ මෑණියන්ගේ අතට මහ රෑක රත්තරන් සළඹ පාත් වෙන හැටි අපේ තාත්තා ඇස් දෙකටම දැකල තියෙනවා. මේවා අනුහස් තියෙන තැන්“

98 comments:

  1. ගල් බෝතලේ පහල වුනේ අනුහසින්ද?

    ReplyDelete
    Replies
    1. කලින්ම අනුහස් පහල වෙලා. ඒක..

      Delete
  2. දියතාලිය ගහක් උනාට බලගතු ගහක් වගේ,

    ReplyDelete
    Replies
    1. හුගක් අය දියතාලිය ගස් වගේ..

      Delete
    2. ඌණපුරණය - මාද ඇතුලුව

      Delete
  3. මේ වගේ දේවල් පරම සත්‍යය කියා අදහන මිනිස්සු මේ 21 වැනි සියවසේදීත් ඉන්න එක තරම් අපේ සමාජයේ පිරීහීමට හේතුවන තවත් දෙයක් නැති තරම්.

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ විචා.. මිත්‍යාමත වලින් පිරුණු රටක් මේක..

      Delete
  4. Replies
    1. ඇත්ත.. නිකං පරිප්පු කෑවා..

      Delete
  5. ඒ වුනාට සුගතං අයියා පව් බං..ඌ මුකුත් දන්නේ නෑනේ ගහේ අනුහස් ගැන..
    අර සාරි හැට්ටේ වගේ එකක් ලියහන්කෝ තනි ඇහැට ඇඩෙන්න

    ReplyDelete
    Replies
    1. එළ වේවා.. දැන් ෆයින් ටියුනින් බැහැලා බං..

      Delete
  6. දැං බෑ. හෙට හෙට.

    ReplyDelete
    Replies
    1. ඈ බොල අර යකා ගහ කපල ගිහිල්ල බස් එකට යට වෙලා මැරෙනකල් ඔය සළඹ පාත්වෙනව දැකපු එව්වො කොහෙද හිටියෙ.
      මේකෙ තනිකරම වැරැද්ද වෙලා තියෙන්නෙ අර යකා බීපු ගමං පාරට බැහැපු එක.
      නියමයි කතාව. ඔය අනික් කට්ටිය කියල තියෙන්නෙ කියන්න ඕන ඒව ටික.

      Delete
    2. //අර යකා බීපු ගමං පාරට බැහැපු එක.//

      මෙච්වර කාණුපල්ලවල් තියන රටේ .. චැහ්

      Delete
    3. හැබැට ප්‍රසා. උඹ දන්නෙම නැද්ද ලංකාවේ උන්ගේ හැටි. වැරදුනාට පස්සෙ බෙරිහන් දෙනවා මේවා වළක්වගන්න තිබුන දේවල් කියලා.

      Delete
  7. යකෝ ලෝකෙ වටේම ලී ග්න ඉගෙනගත්තට දියතාලිය ගහක් ගැන ඇහුවෙත් අදයි. පස්සෙ ජාලෙ බැලුවම ඇත්තටම එහෙම ගස් තියෙනව කියල තේරුනේ.

    ඔහොම අනුහස් තියෙන ව්නාස වෙන්නෙ නෑ කියපු ගහක් තිබ්බ අවිත්තාවෙ තේ වත්තක. ඒක හැඩේ ත්‍රිෂුලෙ වගේ. අපේ අම්මලගෙ මහ ගෙදරට උඩහ කන්දක් උඩ තමයි තිබ්බෙ. එක පාරක් වත්තම ගිණි අරගෙනත් මේ ගහ බේරිල තිබ්බ, මුකුත් නොවී. ඒත් මේ ලඟකදි ගියාම ගහ තියා කන්දත් හොයා ගන්න නෑ.

    කතාවක් හැටියට ගත්තොත් උඹ මීට වඩ සාර්ථක නිර්මාණ කරල තීනව. මේකත් ගොඩ දාගන්න තිබ්බ මුලින් හරියෙ ගහ කපන්න බෑ කිව්ව උන් ඒකට හේතුවවත් නොකිය උන්නනං! කෙටි කතාවක මූලික දේ වෙන කුතුහලය තියාගන්න තිබ්බ එහෙම උනානම්.

    ReplyDelete
    Replies
    1. අවිත්තාවට යන්නේ අඹගහ හන්දිය ගාවින් හැරිල නේද??

      කතාව අසාර්ථක වීමට යම් දෙයක් බලපෑවා කියල මම දන්නවා බං. උඹල මේ කියන ඒවා මීට සැරෙන් කිව්ව නං තමා මම අහන්නේ. නැත්නං නොසලකා ඉන්නවා ඕ යේස්.. හැක්..

      ඈ බං උපේ.. දියතාලිය කියන ගහ ගැන මම දැනගත්තෙත් මීට අවුරුදු දෙකකට විතර කලින්.. හැබැයි බ්ලොග් ලෝකේ කීප දෙනෙක් ඒ ගැන දැන ඉදල තිබුනා විශේෂයෙන් අපේ ඉංගිරිසි ගුරු තැන්පත් හැන්රි මහතා..

      Delete
  8. අහ්හ් එතකොට බෝතලේ නෙමෙයිද හේතුව??? :v

    ReplyDelete
    Replies
    1. හැක්. කව්ද එහෙම කිව්වේ.. අනුහස් තමා

      Delete
  9. ගහ කපන වෙලාවෙදි මේ ගහ කපනවාට විරුද්ධ චරිත නිහඩව ඉන්නෙ නෑ නේද...එතැනට ඇවිදින් විරෝධතාව ප්‍රකාශ කරනවා...අන්න එතැන පොඩි අතාත්වික ගතියක් මට දැනෙනවා ලොකු මාමෙ. දියතාලිය ගහෙන් අල්මාරියක් හදාගන්න බැරි වෙයිද ?

    ReplyDelete
    Replies
    1. //ගහ කපන වෙලාවෙදි මේ ගහ කපනවාට විරුද්ධ චරිත නිහඩව ඉන්නෙ නෑ නේද...එතැනට ඇවිදින් විරෝධතාව ප්‍රකාශ කරනවා//

      හැබෑට ලංකාවේ ජීවත් වෙලත් ලංකාවේ කරමය තැන නොදන්න එකනේ පුදුමේ සිරෝ.. දියතාලිය ලෑලි ටිකක් කපලා මං බොට මිනී පෙස්ටියක් හදන්නං.. හැක්

      Delete
  10. මං හිතන්නේ හේතුව ගල් බෝතලේ වෙන්ට ඇති ;) 

    ReplyDelete
  11. බෝතලේ,පත්තිනි දෙවියෝ,කන්දේ තිබුන ලොකුම ගහ......කරන්න බෑ කියන මොකක් හරි කරන්න හදන,කරන එකෙක්ට කෙළ උනහම දෙවියෝ,භූත්යෝ එතන්ට එන්නේ පාවෙලා වගෙයි....
    කතාවේ සමහර තැන් ටිකක් 'ශෝර්ට්' වුනාට 75% වඩා ලකුණු තියනවා......
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකයි තියෙන තත්වය කසුට්යෝ.. ජය

      Delete
  12. වදින්නෙ නෑ බං.මේ කතාවම මීට වඩා හොඳට ලියන්නට තිබ්බා.

    ReplyDelete
    Replies
    1. තව දෙකක් දාගෙනම බලමුද

      Delete
    2. කික් එක සහ පන්ච් එක මදි වගේ....බෝතලයයිනේ බන් ගහලා තියෙන්නේ :D

      Delete
    3. එකඟයි... හරවලා ගහන්න තිබුනා කුඩු වෙන්න.. ප්‍රස්තුතය තුල ඒ තරම් දේ තියෙනවා..

      Delete
    4. එකඟයි බොක්කෙන්ම...

      Delete
  13. වැඩක් නැති ලීයක් නං කැලෑ පාලුවන්ට කියලාත් වැඩක් නෑ. නැත්නම් පත්තිනි දෙයියො නෙමෙයි සක්‍ර දේවේන්ද්‍රය හිටියත් කපන එක කපනවා.

    ReplyDelete
    Replies
    1. එතකොට අනුහස් නැද්ද අනේ..

      Delete
  14. සෙද්ද තමා දෙය්යො ..
    ගහ කපන කං බාවනා කර කර හිටියද දල්ලෑ...
    අරූ බීල වැඩි වෙලා විසි වෙවී යද්දි බස් එකට යට වෙන්න ඇති ඒකටත් ෙදය්යන්නෙ ගිණුම තමා
    පව් අප්ප දෙය්යො...

    ඈ බං දේශ තුමෝ මක්කද මේ කරල තියෙන්නෙ විස්තර විචාරයක් කරන්න වත් ගියාද...
    තැනිං තැනිං ටිකක් ටිකක් හොදයි
    හොදයි කියන්නෙ කතාවෙ ප්ලොට් එක හොදයි ඒත් ගොඩ නැගුන මදි
    අනේ මංද මටමද එහෙම හිතේනෙ කියල ඒත් අවුල් ඇත්තටම
    අර කලිං ලියපු ඒව එක්ක බලද්දි මට ටිකක් අවුල් වෙග්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මේක අසාර්ථකයි බං.. මටත් ඒක දැනුනා ඒත් මගේ නෙක්ස්ට් පෝස්ට්කටුවනේ පස්සේ උඹ මේක ආයි බලයි කියල හිතනවා..

      Delete
  15. කතාවක් දලා -_-
    මෙක මීට වඩා ලස්සනට ගලපන්න තිබුනා දෝ කියලා හිතුණා එත් කතාව සම්පූර්ණයෙන් ගත්තාව අවුලකුත් නෑ ,ඔය පතාක ගස් ගොඩක් ජාති අරටුවක් වත් නැති ගස් මිනිස්සු කපන්න බය තියෙනවා ලොකුවට පේන්න තියෙන නිසා හැබැයි ඔවා මිනිස්සුම තමා කපලා බිම දාන්නෙත් .....

    ReplyDelete
    Replies
    1. ඈ කෙලවිලා නේද :O

      Delete
    2. දැං කාටද කෙලවුවේ බං. ජය.. වෙල්කම්..

      Delete
  16. දියතාලිය කියල ගස් ජාතියක් ඇත්තටම තියනවද? මම ඔය ඇහැව්වමයි.

    ලියල තියෙන රටාව නම් එල ඈ... හොම්මන් ෆිලුම් එකක් වගේ.

    ReplyDelete
    Replies
    1. පල යන්න බක්සියා.. රටාව එළ. යකෝ අර විහිළු කතාව මතක් උනා මට..

      “මාව තල්ලු කරපු එකා අහු උනානං අම්මප උගේ *** කපනවා බං“ සම්මානේ ගන්නකොට අංකල් කිව්වලු.. හැක්..

      Delete
  17. ලොකුවට තිබුනට ගහෙන් වැඩක් නෑ. කඳ පුරා වතුර. ඉස්සර දෙයියෙක් ඉන්න අැති. නමුත් දෙයිය පල් වෙලා ගොඩක් කල්. නමුත් කීයෙන් කීදෙනාටද ඕක තේරෙන්නෙ. කොහොම උනත් සුගතංල සෝමෙලා ඉතිහාසගත වෙනව මලත්. එච්චරයි කියන්න තියෙන්නෙ.
    [ඕක මගේ දැකීම. උඹේ පොයින්ට් එකත් එක්ක පෑහුනේ නැත්තං සොරි. නමුත් මේක මගේ :-)]

    ReplyDelete
    Replies
    1. //කොහොම උනත් සුගතංල සෝමෙලා ඉතිහාසගත වෙනව මලත්. එච්චරයි කියන්න තියෙන්නෙ.//
      දැට්ස් රයිට්.....:)

      Delete
    2. //ලොකුවට තිබුනට ගහෙන් වැඩක් නෑ. කඳ පුරා වතුර. ඉස්සර දෙයියෙක් ඉන්න අැති. නමුත් දෙයිය පල් වෙලා ගොඩක් කල්. නමුත් කීයෙන් කීදෙනාටද ඕක තේරෙන්නෙ. කොහොම උනත් සුගතංල සෝමෙලා ඉතිහාසගත වෙනව මලත්. එච්චරයි කියන්න තියෙන්නෙ.//

      උඹ 1000% ක් හරි.. ඒත් නිවරැදිව කතාව දැක්කද කියල මට පොඩි සැකයක් තියෙනවා. මොකද කතාවේ කිසිම ක්ලු එකක් නැති නිසා..

      Delete
  18. සමහර රාජ්‍ය නායකයෝත් ඔය වගේ, කඳ විතරයි ඇතුලේ වතුර. මිනිස්සු ගහට බයයි. කපලා දැම්මාම දරටවත් හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. ඕං ඕකනේ බැරි මේ කකා එක්ක. මේකේ කිසිම දේශපාලනයක් නෑ.. “සොමේ“, “සුගතං“, “සිරිමලී“ ඔක්කෝම චරිත විතරයි හොදේ.. දියතාලිය ගහක් කැපුවා විතරයි අනේ.. හැක්..(කකා කට්ටයා)

      Delete
  19. ගහ කපල පස්සේ බීව නං දේව සාප නැත.

    ReplyDelete
    Replies
    1. ගහ කැපුවට පස්සෙ තමයි බීල තියෙන්නෙ. වරද තියෙන්නෙ මේ යකා බීපු ගමං කන්නෙත් නැතුව පාරට බැහැපු එක.

      Delete
    2. ක්සැන්ඩරේ සමිකරණය හරි.. ඒත් අදුර්ස්සමාන අසමතුලිතතාවයක් ඇත.. හැක්

      Delete
  20. මේකනේ කපලා මදිවට බයිට් එකටත් අරගෙන නේ. ඒකයි අවුල

    ReplyDelete
  21. බුදු දහමට අනුව ඔතන වැරැද්දක් තියෙනවනම් තියෙන්නෝන සෝමේ අතේ.. සුගතං අතේ නොවේ.. ඌ දැනගෙන කරපු මගුලක් නෙවෙයිනේ.. බඩ රස්සවට ගහක් කැපුව.. එහෙවු එකාව ඒ පාප කරුමෙට (එහෙම එකක් තියේනම්) යොමු කරාපු එකාට තමයි දෙන දෙයියෙක් දඬුවම් දෙන්නෝනෙ..

    දෙයියෙක් පාපු දඬුවමක් නොවෙයි ඒ යකා වෙරිමර ගාතෙ ගිහින් බස්සෙකට යටවෙලා.. එහෙව් එකා තනියම යවපු සෝමය තමයි එතනත් වැරදි.. හරිම අසාධාරණ දෙයියෙක්.. මොකා උනත්

    ReplyDelete
  22. අඩේ සිරාවටම දියතාලිය කියල ගස් වර්ගයක් තියෙනවද බං? ඒ නමේම තියෙනවා මහ ගුප්ත බවක්. ඔය වගේ සිදුවීම, ඇදහීම්, විශ්වාස ගොඩක් සුලබයි. නමුත් මෙච්චර ලොකු ගහක් මෙහෙම කපනකල්, ඔය කියන අහල පහල මිනිස්සු නොදැන, නොසොය හිටිය එක ටිකක් තාත්වික මදි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මිනිස්සු එහෙම නෙමෙයිද?? වැරදුනාම නෙමෙයිද කියන්නේ.??

      Delete
  23. කෝ යකෝ මම මෙච්චර වෙලා ටයිප් කරපු කමෙන්ට් එක. මේ දේශකයගේ බ්ලොග් එක න්
    අති වෙලාම යන්ඩ පත්තිනි දේවාලේ ඉස්සරහා පොත් ගහන්ඩ එපෑ.. අම්මපා !!!

    ReplyDelete
    Replies
    1. පොත් ගැහුවට කමක් නෑ පොල් ගහන්න එපා. :D

      Delete
    2. චෑ.පොල් වැඩක් නෑ..
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. පොල් හොඳා පොඟවගෙන පාං කන්ඩ :D

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්‍තුතියි -

      Delete
    4. පොල් ගලේ ගහල ගල් බඩේ ගහමු.

      බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    5. දේවසාපේ වැදිලා මඩුවා මොනවද විකාර කියවනවා.. පැහැදිලි නෑ. හැක්.

      Delete
  24. හප්පේ, මොකවත් කීංට බයයි. වස් වැදුනොත් කියලා.

    ReplyDelete
    Replies
    1. සීසර් එයි බලාගෙන.. හැක්

      Delete
  25. තව ආලවට්ටම් ටිකක් දැම්මනම් ගොඩාක් හොදායි....

    ReplyDelete
  26. This would make a great short film :) just imagine the tree wobbling in the storm.
    වෙනදා තරම්ම නැති වුනත් සෑහෙන හොඳයි.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කුමාරයාණෙනි.. දියතාලිය මට වැඩක් දෙයිද මේකෙන් පිලුම් එකක් හැදුවොත්..

      Delete
  27. අපි වෙන එකෙක්ටත් ගහ කපන්න දීලා බලමුද මොකෝ වෙන්නේ කියලා?? :D

    ReplyDelete
    Replies
    1. වෙල්කම් පල්ම පල් හොරා..

      හරියටම තේරුනා කියල හිතනවා... ජය වේවා...

      Delete
  28. බම්බුව......දැන් සුගතංගේ පවුල බලා ගන්නේ සෝමයාද...

    දේශා....ඩබල ගහ කපන්න සෙට් වෙන හරිය එහෙම උඹ නියමෙට ලියලා තිබුනා. එතනින් පස්සේ උඹ එතනට බෝතලේ ගෙනාවට පස්සේ උගුරට දෙකට ගහලා දාලා...බම්බුව..

    ReplyDelete
    Replies
    1. බෝතලේ ගෙනාවේ උඩින් නෙමෙයිද එකපාර අයියේ.. හැක්..

      Delete
  29. දිය තාලිය ගහක පින්තුරෙකුත් දැම්මනම් මරු. ජිවිතේට අහපු නැති නම් කොච්චර තියෙනෙවද?

    ReplyDelete
    Replies
    1. ඉන්ටකෝ.. පොටෝ දෙක තුනක් ගහල ගෙනැත් දාන්නං.. හෙට අනිද්දට.. (නැත සදුදට)

      Delete
  30. චැහ් .. වැරදියි වැරදියි

    හරිනං වෙන්ඩෝනැ දෙන්න ගහ කපන්න කලිං බාගයක් ගහලා.. ඉතුරු බාගෙ හෙට කපමු කියලා නාගෙන ඉතුරු බාගෙ ගහලා .. මූව බස් එකට දාල එන්නං කියලා සෝමෙයා වයිෆ්ට බයිලයක් ගහලා ඌ එක්ක හන්දියට ගිහිං තව බාගයක් ගහලා වැරදි පැත්තට යන බස් එහෙක ඌව නග්ගලා ගෙදර එන්ඩෝනැ ෆෝ වීල් දාගෙන.. ඇවිත් කුණු බැණුං අහලා කාල බුදියනවා.. හරිම තාත්විකයි . ඕ යේස් !!!!

    ඕං මං අඩු පාඩු ටික හැදුවා .. :D

    ReplyDelete
    Replies
    1. එතකොට ගහ. ඔන්නොහෙ ඒක ගේ උඩටම කඩා වැටිච්චාවෙකො.

      Delete
    2. පත්තරයෝ ඒ අපිනේ.. හැක්..

      Delete
  31. කතාව හදිසියෙන් ලියලා කියලා හිතුණා දේශ්...

    දියතාලිය ගස් කියලා ගස් වර්ගයක් තියෙනවද?

    //සුලං නිසා ඩග් ඩග් යනුවෙන් කෙටි ශබ්ද නගමින්//

    මෙතන වෙන සද්දයක් තිබුණානම් හොඳයි කියලා හිතුණා. :)

    //“ඒක නෙමෙයි සෝමෙ.. අපි ගහ කපල දාමු ඉක්මනට. ඕක මහ භයානකයි“//

    මෙතන “ඒක නෙමෙයි” කියලා වැඩක් නෑ. ඒගොල්ලෝ කතා කර, කර හිටියේ ඒක ගැන. :P

    //ගස් ගඳින් හා සුදු පැහැති රොඩු වලින් ශරීරයම පිරි, පපුවේ මයිල්ද කිදා බසිමින් දහදියෙන් තෙමී පපුවටම ඇලුනු සුදු පැහැයෙන් යුතුව හයියෙන් හති අරිමින් බිම වාඩි වී සිටි සුගතන්//

    මේ චිත්‍රය ඇඳගන්ට බැරිවුනේ ඇයි?

    ReplyDelete
    Replies
    1. පින්සල අවුල් වෙලා බං.. ඒකයි.. හැක්..

      ස්තුතියි.. අඩුපාඩු කිහිපයක් පෙන්වා දීම ගැන. ඔන්න ඔහොම නේ ගැල්ලමයි ඉන්න ඕන.. හැක්.. ජය.. නැවතත් ස්තුතියි.. පොඩිඩියේ

      Delete
  32. විචාරයක් කරන්න නම් මං දන්නෙ නෑ දේශක. ඒත් නිකන් හදිස්සියට ලිව්ව එකක් වගේ දැනෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නිකං හදිස්සු කුක්කෙක් වගේ ලියපු එකක් තමා. ඔබ හරි..

      Delete
  33. කතාව අගේ///ඇත්තටම එහෙම ගහක් තියද....

    ReplyDelete
    Replies
    1. යෑස් තියේය. පින්තුරයක් දාන්නං

      Delete
  34. දේශ ගෙ මේ ලියවිල්ල නියමයි ..රූස්ස ගස් ගැන ඔහොම කතාවක් දැනගත්තෙ මේ කතාව කියෙව්වම
    //“අනේ අම්මේ... සිරිමලී.. මට වතුර එකක් ගෙනෙං“... මෙතනින් එහාට මොකුත් නොලිය කතාව එහෙම්මම නතර කරානම් හොඳයි කියල හිතුන :)

    ReplyDelete
    Replies
    1. පොඩි උපකල්පනය කිරීමක් සිද්ධ උනා. නැත්නං එතැනින් නවත්නන්තන් තිබුනා හංසියෝ..

      Delete
  35. ඔහොම ගහක් අදමයි ඇහුවේ.දේව විශ්වාස මත හෝ මිනිස්සු ගස් කපන එක සිමා කරනවානම්.මේ විදියට දරුණු කාලගුණ විපර්යාස වලට මුහුණ වෙලා තියෙන්නේ සෙනසුරු මාරු,ග්‍රහ තාරකා මඟුල් නිසා නෙමේ ඉවක් බවක් නැති පරිසර විනාසය නිසා.

    ReplyDelete
    Replies
    1. පින්තුරයකුත් දෙන්නං එහෙනං..

      Delete
  36. මොකක් හරි බලයක් ගහේ තිබුනා නම් ගහ කපනකම් මුකුත්ම නොවී තියෙන්න බෑ. අඩු තරමේ කපන්න එපා කියන ඉඟයක් වත් ලැබෙනවා..

    මරණේට හේතුව ගල් බෝතලේ වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. පිස්සුද ගල් බෝතලේ කෝමද එච්චර හරියක් කරන්නේ.. හැක්..

      Delete
  37. මරු ලියවිල්ල දේශක යෝ. රූස්ස ගස් ගැන දේශකයා දන්න දේවල්.. :-p
    කාලෙකින් මාත් ගොඩ වුනා බ්ලොග් පැත්තට.

    ReplyDelete
    Replies
    1. කෝමත් පුට්බෝඩ් කෙල්ලෙක් නේ ඔයැයි..

      Delete
  38. උඹ තාම ගහ වේලෙනකල් බලාගෙන ඉන්වද?
    හැක්... හැක්....

    ReplyDelete
    Replies
    1. අම්මට බොල ලිපේ දාලත් ඉවරයි.. දැං හැක්

      Delete
  39. මං උන්නෙ ගහකපපු නිසා කන්ද නාය ගිහින් ඒ ගෙයම යටවෙයි කියල. හැක් හැක්...
    බැලින්නම් අනුහස් ඈ.....

    ReplyDelete
    Replies
    1. සුසුම්නාවට අනුහස් නෑ බං

      Delete
  40. ශෛලිය නම් මාරු කතාව සුපිරි...ඔය දියතාලිය ගහේ පින්තුරයක් නැද්ද මේකට එල්ලන්න?
    වැරැද්ද එක බෝතලෙන් නවත්තපු එක..ආඩි 100ක් විටර උස ගහක් කපල එක බෝතලයක් ඇද්ද මන් අහන්නේ..තව බාගයක් වත් තිබ්බ නම් බුවා වැටිලා ඉදල හැන්දෑකොරේ වෙරි හිදුනම නෙහ් යන්නේ එහෙනම් වස් වදින්නේ නැ

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බැක් ආචාර්ය තුමා.. ගහේ පින්තුරයක් ජාලේ නං ඇති.. මම ඉතිං ඒකක් දැම්මේ නෑ. දැම්ම නං බයියගේ පින්තුරයක් නේ දාන්නේ. හැක්..

      Delete