Monday, November 24, 2014

මාළුකාරයාගේ දේශපාලනය!!

රේන්ද පොළ ළග හැන්දෑවේ
මහ සද්දෙන් ලේ මස් විකිනේ
අත තියන්ටෙපා එක බල්ලෙක්වත්
එ් ගොඩ ගත්තේ මම සද්දෙන්

සීතල වතුරට අතැගිලි ඇඹරේ
ලේ බොර වැදිලා සීතල නොසැලේ
ගල් උන හිත මගේ අද සන්තෝසේ
අහුලයි සීතල ගල් උන මස් ලේ

විධායකේ මොන යකෙක්ද අපිලට
ස්වාධිපත්ත්තයක් කුමටද මෙරටට
ගත්තොත් සද්දෙන් ගල් උන මස් ටික
කන්නට හැකි වෙයි අද දින අප හට

පාර දෙපැත්තේ සුදු ඉරි ගානේ
ලේ පැල්ලම් එක දෙක මතු වන්නේ
සීතල සියල්ල නැති උන මොහොතක
හදවත උණුහුම් වී ගෙන එන්නේ

පොඩි කොල්ලට පොත් දෙක තුනකුයි
ලොකු කෙලීට උණු බනිසයි, කැවුමයි
හාමිනේට කොළ, තුණපහ ඩිංගයි
හැන්දෑවට මට සිකැරට් දෙකකුයි

ඔක්කොම කරන්නේ මේ ටික ගන්නයි
නින්දට යද්දිම ඔක්කොම ඉවරයි
උදේට තෙමිලා පින්නට නිරතුරු
මොළ ඩිංගක් මට පිහිටල නැතිවා

මොන බහුබූතද මේ ලොකු කරදර
අපිට නොවෙයිදෝ සියලුම ජරමර
හෙට උදේට මට යන්නට හැකි නං
කුමකට පතනුද මෛත්‍රී පරපුර

73 comments:

  1. //විධායකේ මොන යකෙක්ද අපිලට
    ස්වාධිපත්ත්තයක් කුමටද මෙරටට
    ගත්තොත් සද්දෙන් ගල් උන මස් ටික
    කන්නට හැකි වෙයි අද දින අප හට//

    ලුම්පන් ද්‍රෝහිය!

    ReplyDelete
    Replies
    1. මාළුකාරයා නේද?? මාත් ඒක නං දන්නවා හැක්.

      Delete
    2. //මොළ ඩිංගක් මට පිහිටල නැතිවා//

      Delete
    3. කාටද ප්‍රා. රාජ්ටද?? හැක්.. කෝ බං යාළුවා සෙන්නා තුමා..?

      Delete
    4. මට දේශක මට

      සෙන්නා බිසී ඇති. මාත් එහෙමවගේ නිසා අර වැඩේ පරක්කුයි. ලබන මාසෙ පුලුවන් වෙයි

      Delete
    5. හොදයි නේ.. මාත් බැලුවා මොකද බොරු බිසී කියලා.. ඒ ලිට්ල් බාස්ටට් සනීපෙං ඉන්නවා කියල බිග් බාස්ටඩ්ට මැසේජ් පොජ්ජක් එවල තිබුනා ඊයේ..

      Delete
  2. හහහා... ජාතික ගීය! පට්ට!

    ReplyDelete
    Replies
    1. පට්ට වෙන්න විදියක් නෑ මාතලං අංකල් බැනල මට. හැක්..

      Delete
  3. දියසේන :
    ඒ කාලෙ මම හිතුවා
    දෙදහස් පන්සීයෙදි ඇවිදිල්ලා රට හදන්න
    පස්සෙ මටම හිතුනා
    ඔක්කොටම ඉස්සෙල්ලා මම හැදෙනව
    එහෙම හිතල වැලි දැම්මා හාල් වලට
    මිරිස් වලට වතුර ගැහුවා
    කිරුවා බොරු පඩියෙං
    ගින්දර අරන් ගියා වතුර යටිං
    බෙලි කැපුවා දිය රෙද්දෙන්
    ගත්තා කුරුණෑගල පොල් ඉඩමක්
    බැන්දා කසාදයක්
    ගෝරිමන්ද සිටාණන්ගෙ වැඩිමල් දූ
    තමුසෙලටත් දියුණු වෙන්න ඕනෑ නං
    ලක්ශයක් වුනත් මම දෙන්නං
    හැබැයි ගොය්යො නිකම් නොවෙයි
    ශයිලොක්ටත් දුන්නේ
    මස් රාත්තලේ පොළියට
    මට දැන් තේරෙනවා
    එක් එක් පුද්ගලය තර උණාම
    මුළු රටම දියුණු වෙනව
    මොකද තමුසෙල කියන්නෙ

    (උපුටා ගත්තේ මහගම සේකර - බෝඩිම 20 පිටුව )

    ReplyDelete
    Replies
    1. මේ ලඟදි දම්මික බංඩාරයන්ගේ හඬින් අහන්න ලැබුන මචෝ..

      Delete
    2. උඔ යකෙක්...සින්දු
      එල ද බ්‍රා

      Delete
    3. නියමයි සිංදුවා. මේක මං සේකරගේ කැමතිම කවියක්. ස්තුතියි.

      Delete
  4. පරිස්සමෙන් දේසා..අර ලෙල්ලමේ බ්ලොග් (ඇඩ්) එක ලියන එක්කෙනා උඹට නඩු දායි අපහාස කොලාය කියලා එයාගේ කස්ටියට...

    ReplyDelete
    Replies
    1. ඔය මෛත්‍රි උන්දැල නං එහෙම කියාවි.. ඒත් අපි එපායැ අපේ කට හොලවගන්න..

      Delete
  5. බ්ලොග් ලියන කියවන. බුකියේ බලිටි ගහන විප්ලවකාරයන්ට නොපෙනෙනා අමුම අමු ඇත්ත.

    ReplyDelete
    Replies
    1. සමාවෙයන්... උපරිමයි.. කියන්න තිබුනා පොඩි පොඩි අඩු පාඩු ටිකක් නැත්නම්. ඉතා හොඳයි.. නැත්නම් බබා අඬයිනේ..

      Delete
    2. හැක් හැක්.. බැනුම් අහන කොට තමා මම හිනා වෙන්නේ බං..

      Delete
  6. 'මාළු මාළු' එකට ගිහිල්ල my3 ගේ පුතා කෙලගත්තෙත් එදාවේල හොයා ගන්නද දන්නෙ නෑ..

    මටත් හිතෙනව මාළු ලෑලක් දාගෙන පැත්තකට වෙලා හිටියනම් ඉවරයි කියල..

    ReplyDelete
    Replies
    1. අපිත් මාලු ලෑල්ලක් දාගෙන ඉන්න නිසා අනවසය පස්න නේ..

      Delete
  7. මං කිව්වෙ මචෝ. මිනිස්සුන්ට එතනින් එහා ලෝකයක් පේන්නෙ නෑ කියලා. එහෙම බලන්න ඉඩක් මේ පාලකයො තියල නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා ඒක මිනිස්සුන්ගෙ වරද නෙවෙයි. ඕක තමයි යථාර්තය. පාලකයො හරිම බයයි එතනින් එහා ලෝකය මිනිස්සු බලයි කියලා.

      Delete
    2. ඉතිං මෛත්‍රිලට බැරියැ ඕක මිනිස්සුන්ට පෙන්නන්න..

      Delete
    3. අපිත් බලමුකො පෙන්නයිද කියලා.

      Delete
    4. මේ විදියට අඩල දොඩල බෑ. ජනතාවගේ කකුල් පාමුල ඇති ඒ උන්ට නොපෙනෙන මාරාන්තික අවධානම පෙන්වා දිය යුතුයි බං. නැතිව තමන්ට වෙච්චි අසාධාරණකම් වලින් වැඩක් නෑ.

      Delete
  8. දේශපාලනය අරහං

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ප්‍රිඩම්... ඒත් ඒකෙන් වියුක්ත විය නොහැක.

      Delete
  9. මාළු කාරයාගේ දේශපාලනේ වගේමයි දැන් ඉන්න කලාකාරයගේ දේශපාලනෙත්. පොඩි වචන ටිකක් විතරයි වෙනස් කරන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපිට මක්කැටෙයි අනේ දේශපාලනේ. උදේට මාළු ටික අරගෙන හවස් වෙද්දි විකුණලා රෑට සිකැරට් එකක් ගහල නිදාගෙන ආයේ උදේට ඇවිත් මාළු ටික ගන්න ඇහැකි උනා නං ඒ මදැ බං අරූ..

      Delete
  10. අගේ ඇති කවි ටික...

    //පොඩි කොල්ලට පොත් දෙක තුනකුයි// පොඩි කොල්ලට පොත් පත් දෙක තුනකුයි

    ReplyDelete
    Replies
    1. වැරදි ගොඩයි බං.. විනාඩි පහක වැඩක් මේ.. තැන්කුයි.

      Delete
  11. හොර පෙරකදෝරුවගේ ඇඩ්..............
    මහින්දට පක්ෂව ඇඞ් කරන උන් අතිනුත් මහින්දට අවාසි විදිහටම ඇඞ් කෙරෙන්නෙ ඇයි කියල මට හිතාගන්න බෑ. ඒ පොදුවෙ හැමෝම අවිඥාණකව මහින්දට අකමැති හින්දද? මේ මෑතක නිල් බලකාය වෙනුවෙන් කරපු ඇඞ් පෝලිමක් යනවා දැක්කා. එකක නිල් බලකායෙ කොල්ලෙක් සිගරට් එකක් ගන්න කඬේට එනවා. සිගරට් එක අරන් බලන කොට දකිනවා කන්න විදිහක් නැතුව උඩ බලාගෙන එන වයසක මනුස්සයෙක්. සිගරට් එක ආපහු දීලා කොල්ලා බනිස් ගෙඩියක්ද කොහෙද අරන් වයසක මනුස්සයට දෙනවා. එක විදිහකට නිල් බලකායෙ ඉන්නෙත් සිගරට් බොන ඒත් හිත හොඳ කොල්ලො වගේ අදහසක් මේක. තව විදිහකට මහින්දගෙ ආණ්ඩුව යටතෙ කඩයක් කඩයක් ගානෙ කන්න නැති මිනිස්සු හූල්ල හූල්ල ඉන්නවා කියලත් කියනවා. සිගරට් එකක ගානෙන් කෑම වේලක් ගන්න පුළුවන් තරමට සිගරට් පවා ගනං ගිහිල්ල කියලත් කියනවා. අපි අපේ සිගරට් එක කැප කරලා අනිකාට උදව්වක් කරනවා මිස ආණ්ඩුවකින් එහෙම නං පිළිසරණක් නෑ කියලත් කියනවා. අන්තිමට බලද්දි ඒක නිල් බලකායට සපෝර්ට් කරන දැන්වීමක්. උතුර දකුණ මාරු වෙලා වගේ.
    තව ඇඞ් එකක සුද්දෙක් පාරක් අහනවා කොල්ලො දෙන්නෙක්ගෙන්. උන්ගෙන් කාටවත් ඉංග‍්‍රීසි බෑ. ඒ හන්දියෙ හැමෝම අසරණ වෙලා බලන් ඉන්නවා ඉංග‍්‍රීසියෙන් පාර කියාගන්න බැරුව. එතකොට පොඩි කෙල්ලෙක් තාත්තා එක්ක යන ගමන් බැහැලා ඇවිත් ඉංග‍්‍රීසියෙන් පාර කියනවා. තාත්තා හරි ආඩම්බරෙන් කියනවා දැන් අපේ ළමයින්ටත් ඉංග‍්‍රීසි පුළුවන් කියල. එතකොට අර කෙළ වෙච්ච තරුණයන්ට මොකද වෙන්නෙ? ඒක තමයි ඇඞ් එකේ පෙන්නන බහුතරය. එකෙක් දෙන්නෙක් ඉංග‍්‍රීසි ඉගෙන ගන්නවා ඇරුණම අනිත් රොත්තම කට ඇරන් බලන් ඉන්නවා විතරයි. ඒකත් මහින්දගෙ ආණ්ඩුවෙන් කරපු වැඩ ගැන පෙන්නන ඇඞ් එකක්.
    තව එකක අලූතෙන් පාරකට තාර දාලා. ඉස්සර තිබ්බ ගුරු පාර හොයාගන්න බැරුව කොළඹ ඉඳන් කාර් එකක ආපු ජෝඩුවක් අතරමං වෙලා ඉන්නවා. එතකොට පරණ බයිසිකලයක් පැදගෙන එනවා ගමේ මනුස්සයෙක්. එයා කියනවා දැන් පාරවල් හැදිලනේ කියල. ඒත් මිනිහා තාම පදින්නෙ කබල් බයිසිකලේමයි. හැදෙන පාරවල් වල වටිනකම තියෙන්නෙ කොළඹ ඉඳන් කාර් වල එන අයට තමයි කියල නොකියා කියනවා.
    මහින්දගෙ ආණ්ඩුව යටතේ කන්න බොන්න නැති, අධ්‍යාපනයක් නැති, මෝටර් බයිසිකලයක් නැති බහුතර ජනතාවක් ඉන්නවා කියන එකෙන්ම ආයිමත් කෙළවෙන්නෙ මහින්දටමයි. ඒත් මේ ඇඞ් ආණ්ඩුවෙන් ගෙවලා කර ගත්ත ඒවා. එක විදිහකට සියදිවි නසාගැනීම්.

    -මනෝරම වීරසිංහ ගෙන් උපුටගැනීමක්-

    ReplyDelete
  12. සාමාන්‍ය මිනිසාට දේශපාලනයේ බල්ටි ගහන්න කාලයක් නැ අනේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් එයාට ඒ අප්‍රබංස තේරුං ගන්න වෙලාවක් හෝ අවකාශයක් නෑ.. ඒකයි තේරුං ගන්න ඕන

      Delete
  13. දේශපාලනය වැඩක් නැති දේශපාලනික සත්වයා

    ReplyDelete
  14. හැබෑවනේ..... මාළුකාරයට දේශපාලනය කන්නද ? හැමදාම චන්දෙ දුන්න කියල ලැබුන දේකුත් නෑනෙ.මේ දවස් වල දේශපාලනේ උණු උණුවට විකිණුනාට.චන්දෙ ඉවර වෙලා බලන්නකො.චන්දෙ දුන්න මාලුකාරයාවත් කුණු මාළු කෑල්ලක් තරමටවත් ගණන් ගන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මාළුකාරයා යනු මුළු මහත් සමාජයයි..

      Delete
  15. ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ අවම පහසුකම් විතරක් ලැබිලා. ඇති අයට ඉහටත් උඩින්. නැති උන්ට එදාවේල හොයාගන්ඩත් නෑ.
    කවි ටික හොඳයි !

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට තමන්ගේ යුද්ධය ගැන විනා දේශපාලන යුද්ධ ඔවුන්ට වැදගත් නැත...

      Delete
  16. ඔය මාලුකාරයා යවමුද පාර්ලිමේන්තුවට. අඩු ගානේ ඒ මිනිහා පාර්ලිමේන්තුවේ වෙන්නේ මොකක්ද කියලා අපිට කියයි.

    ReplyDelete
    Replies
    1. මාළුකාරයා තමා ඔය යවපු කට්ටියත් යැව්වේ.. හෙටත් යවනවා

      Delete
  17. මාලු කාරයයි,පත්තර කාරයයි,"අපි" කාරයයි අතර කිසි වෙනසක් නෑ බොලන්......

    ReplyDelete
  18. එදා වේල හම්බුකරන්න දඟලන මිනිහට මේ දේශපාලන බල්ටි නම් මොනවද ඉතින්..

    ReplyDelete
  19. විධියකේ මොන මගුලද අපහට
    පිරෙනවනං තුන් වේලට බඩ කට

    ReplyDelete
    Replies
    1. ඒවා මක්කටෙයි අනේ.. මාළු අහු වෙන්නෙ විධායක බලයෙන් නෙමෙයි නේ. හැක්

      Delete
  20. අස්පිරියයි බං දේසො මේ දේසපාලන පෝස්ටු...
    දාන්ටකො හොද නැගල යන හිත කූල් වෙන ජොලි නැගල යන පෝස්ට් එකක්. මොකද්ද අප්ප

    ReplyDelete
    Replies
    1. හිටිං හිටිං තාම ටියුං

      Delete
  21. එල ද බ්‍රා...උඔගේ ලියවිල්ල

    ReplyDelete
    Replies
    1. හෑ.. හරි හරි එළදබ්බ්බ්රා...

      Delete
  22. මේක මාළුකාරයාගේ පමණක්ද? බහුතර 'බුද්ධිමත්' ජනතාවගේ නෙවෙයිද??

    පොඩිම පොඩි පදයක අවුලක් තේරුනා. කියන්න විදියක් නැහැ, මගේ කවි අන්තිම චාටර් කොට මම කොහොමද අනිත් උන්ට වැරදි කියන්නේ.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. හපොයි කියහං. මේ කව් වල අඩුපාඩු විතරයි තියෙන්නේ.. හැක්.. මමත් දන්න එකක්යැ කවි ලියන්න. උඩම කියපු අදහස තමා මම ඉදිරිපත් කලේ..

      Delete
  23. ඇඟේ මාළු නටන්නේ මේ සිද්ධි දකිද්දී තමා

    ReplyDelete
    Replies
    1. මෛත්‍රි කරන්න පුතේ.. හැක්

      Delete
  24. මාළු කාරය ගාව හොද පිහියක් තියනව නේද හොද මෝරෙක් දෙකට කපන්න ?

    ReplyDelete
    Replies
    1. තියෙනවා චස් ගාලා එක පාරයි. වෙන් කරන්න තුන් පාරක් දෙපැත්තට අදින්න ඕන.. ඔහෙට මක්කටෙයි ඒ පිහිය??

      Delete
    2. තොරෙකුයි ,මෝරෙකුයි ඉන්නව කපල දාන්න. කෝකද කපන්නෙ කියල හිත හිතා ඉන්නෙ

      Delete
    3. අපසාදේ බං කලින් කිව්ව නං අර මීයා කපපු කම්බි කෑල්ල දෙනවා නේ මං. එහෙනං උඹ හිතත්දිම බඩු කැපිලා වෙන් වෙලා. හැක්..

      Delete
  25. මේ බ්ලොග්කාරයොන්ට මොනව වෙලාද බං. මැතිවරණයක් කැ‍ඳෙව්ව විතරයි ඔක්කොම එවුන්ගෙ පාණ්ඩුකම්බලශෛලාසන රත්වෙල. මට නම් දැනටම මේ මඟුල එපා වීගෙන එන්නෙ.

    ප.ලි.
    මම මාළුකාරයෙක් නොවෙමි. හැක් ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කව්රු හරි ගෙනැත් දෙන දෙයක් කාලා ඉන්න එකෙක්ද?? අන්න උන්ට තමා ඔය ලොකු සීන් වෙන්නේ. හැක්..

      මේකනේ බං මේ දවස් වල ඔය හොට් එකත් එක්ක වෙන මුකුත් හිතන්න බැරි අවුලක් තියෙන්නේ. පැයෙන් පැය අප්ඩේට් බලනවා ඒකනේ කේස් එක සෑර්..

      Delete
    2. පොහ්ඃ හොඳ වෙලාවට කොරන්න ඡන්දයක් තිබ්බෙ ලොක්කට. නැත්නම් තොපි කටවල් පු..වල් ඇරගෙන හොට්වෙල බලන් ඉන්න අතරෙ අරහෙන් ලොක්ක දෙයි බඩයන්න. මැච් එක ඉවරවෙනකොට බඩුමිල වැඩිවෙන රටනේ මේක. :)

      Delete
    3. හැක් හැක්.. ඒවා සාමාන්‍ය නාට්ටිනේ බං.. හැබෑට උඹ මාතර නෙවද ඉන්නේ. කෝ මෛත්‍රි ගේ සද්ද දැං..

      Delete
    4. පික්ෂුද? මොන සද්ද ද බං. පොර මෛත්‍රී කරන්න ඇවිල්ල තියෙන්නෙ.

      Delete
    5. ඔව් මඩේ පැන්න එකා ජබොස් ජබුග් සද්දේ විතරයි දන්නේ..

      Delete
  26. ඇයි ලොක්කා මාලු කාරයෙක්ම අල්ලගත්තෙ, වෙන එකෙක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. හැමෝම වගේ මාළු කනවා නේ අඩු ගානේ හොදි හරි.. හැක්

      Delete
  27. මාළුකාරයාගේ අම්මා රෙද්ද.මාළු කාරයාට පස්සේ විස්සෝප වෙන්න තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මොන විස්සෝපයක්ද මිනිහා මාළු ටිකක් විකුණගෙන කාවි.. එච්චරයි.

      Delete