Monday, November 3, 2014

සෝර්බා නම් ග්‍රීකයා!!

සෝර්බා..
උඹ දන්නවං
මැරෙන්න ඉස්සර..
මම එනවා 
උඹ හොයාගෙන...

මොකටවත් නෙමෙයි..
පවිත්‍ර සමාජය ඔද්දල් කරාට..
අශීලාචාර කතාවෙන්
පල් හෑලි අදහස් වලින්

ගෑනියෙක් එක්ක නිදාගෙන
බඩ පිරෙන කං වයින් බී
හොදින් කා හෑල්ලූ වී
ජීවිතේ ඒකමයි කිව් නිසා

පල්ලියේ දොරකඩම
ගෑනියෙක් මරණ කොට
ස්වර්ගයේ දොරටු ළග
සාතන්ලා කපන හැඩ

උඹම විතරයි හිටියේ
ගෑනි බේරගන්න
හැම පර බල්ලෙක්ම
දේව අණ උඩ නැගං
කපනවා..කොටනවා

උඹ කිව්ව එක දෙයක්
දැනෙනවා මට තවම
ජෝසප් වගේ එකෙක්
ඉන්නවා මං තුලත්

ඒ යකා හරි කැමතියි
වනචර වැඩ කරන්න
වමනේ යනකං බොන්න
පුළුටු මස් ගිලින්න

ඒත් ඒ මං නෙමෙයි..
මට ගොඩ එන්න බැරි වෙන්න
හංගගෙන ඉන්න ඌ
ජෝසප් කෙනෙක්මයි

සෝර්බා..
අන්තිමේ උඹත්
හැමෝගෙම පාරේ
දරුමල්ලෝ හදාගෙන
ගියා නෙව සංසාරේ..

අන්තිමේ මොකුත් නෑ
උඹත් නිකම්ම පුස් වෙඩිල්ලක්
උඹට වඩා වටිනවා
උඹගේ සන්තුරිය මට..


ස්තුතිය - තටු නැති පිටු

72 comments:

  1. කමෙන්ට් කරන්ට කලින් 'තටු නැති පිටු' කියවලා ඉන්ටවෙයිනේ. :D

    ReplyDelete
    Replies
    1. මමත් මේ කල්පනා කලේ ඒක තමයි.. "ත‍ටු නැති පි‍ටු" කියවලා ඉන්න වෙයි වගේ..

      Delete
    2. අනි්වා තටු නැති පිටු නොකියවා මේකෙන් වැඩක් නෑ..

      Delete
    3. මාත් මේ ඒක කියවන්න යන්නෙ.

      Delete
    4. ඒ සටහන කියෙව්වා දේශක. ඒත් මට මේ කියන සෝර්බා ගැන අදහසක් ගන්න අමාරුයි. නවකතාවක චරිතයක් බව පැහැදිලියි. ඒ ඇරුණම ඒ චරිතය පිලිබඳ ඔබගේ අදහස දැනගත්තා.

      Delete
    5. බලපං මනෝ බුක් සොප් එක්ක 550 යි
      සම ප්‍රකාහනය නං කීයද කියල දන්නෑ පැරණි සංස්කරණය තමා මං ළග තියෙන්නෙ

      Delete
    6. මාත් තටු නැති පිටු වලින් තමා ඒ ගැන දැනගත්තේ. දැනගෙන නිකා හිටියේ නෑ. පොත ගත්තා. තුන් පාරක් කියෙව්වා. තාමත් විටින් විට අතරින් පතර කියවනවා..

      Delete
  2. අපි ඔය ලොකු ලොකු පොත් කියවන්න යන්නෙ නෑ බොල.

    ReplyDelete
    Replies
    1. පේන්නේ බරට..
      එකපාරක් කියෙව්වමත් බරයි
      ඒත් දෙවැනි පාර ඒක හෑල්ලුයි..
      තුන්වෙනි පාර අදුරු තැන් එළිය කරයි

      Delete
    2. තුන්වරක් බෑ...

      Delete
    3. ඒ ජෙප්පොන්ට නේ බං.. හැක්..

      Delete
  3. සෝර්බා..
    අන්තිමේ උඹත්
    හැමෝගෙම පාරේ
    දරුමල්ලෝ හදාගෙන
    ගියා නෙව සංසාරේ..

    ReplyDelete
  4. Replies
    1. සද්ධාතිස්ස වඩිගමංගාව පරිවර්තනය කරපු නිකොස් කසන්සාකිස්ගේ “සෝර්බා ද ග්‍රීක්“ පොතේ සිංහල එක.. සොර්බා නම් ග්‍රීකයා. මිනිහාගේ සත්‍යය පෙන්වන පොතක්..

      Delete
  5. දේශකයා ~= සෝර්බා ද?

    මොකටවත් නෙමෙයි..
    පවිත්‍ර බ්ලොග් ඔද්දල් කරාට..
    අශීලාචාර කතාවෙන්
    පල් හෑලි අදහස් වලින්

    ReplyDelete
    Replies
    1. ඔව් අපි හැමෝම අඩු වැඩි නැතිව සෝර්බාට සමානයි..

      Delete
  6. සෝර්බා නම් ග්‍රීකයා කියවන කොට මට මතක් වෙන්නෙම ගාමිණි ෆොන්සේකාව.සමහරවිට පරසතු මල් නිසා වෙන්න ඇති.
    /උඹ කිව්ව එක දෙයක්
    දැනෙනවා මට තවම
    ජෝසප් වගේ එකෙක්
    ඉන්නවා මං තුලත්/
    මේකෙ මම ආසම තැන!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කටුස්.. ඒක හැමෝටම පොදු දෙයක් නේද මං කිව්වේ ජෝසප් ගැන.. උඹ පොත කියවල තියෙන එක ගැන සන්තෝසයි.. මට කාලෙකින් කියවු මතක හිටින පොතක්..

      Delete
  7. පිස්සු හැදෙනවා නෙහ්...

    ජ ය වේ වා !!

    ReplyDelete
  8. සොර්බා... පොඩි මතකයක් තියෙනවා... නිච්චියක් නෑ..

    අල්සයිමකාරයෝ නේ...

    ReplyDelete
    Replies
    1. අල්සයිම..කාරයෝ.. හැක්..

      පුළුවන් කමක් තියේනං දැං කියවහං ඒ පොත...

      Delete
  9. සෝර්බා නම් ග්‍රීකයා
    අරං ආවේ දේශකයා
    තටු නැති පිටු හිටු කියා
    ගැලවේ බ්ලොගේ සොය සොයා

    අඩක් කියවා තේරුණි
    සිංහල නිසා ගොඩ වුණි
    කොමෙන්ට් ටික බැලුමෙනි
    ඒ බාගෙටත් කෙළවුනි :D

    ReplyDelete
    Replies
    1. සිරාවට,කලින් පොත කියවල තිබුන නිසා ගොඩ ගියා.නොකියව "තටු නැති පිටු" කියෙවුවනම් දැනටම වීල් කැඩිල තියන මොළේ චේන් එකත් පනිනව.

      Delete
    2. කල්‍යාණී.. ඔබ මේ පොත කියෙව්වා නං අගෙයි..

      Delete
  10. දේශා කියවන්නෙත් බර බර පොත්නෙ බැලුවම.

    ReplyDelete
    Replies
    1. වෙල්කම්.. මධුමාධවී.. මේ පොත් නමින් බරයි.. ඒත් ඇතුලෙන් හෑල්ලුයි. අපි ම ලැජ්ජා වට පත් වෙනවා..

      Delete
  11. අනේ මංදා බං මට නං පුල් හොල්මං.

    ReplyDelete
    Replies
    1. උඹ කියවල නැද්ද හැලපයියේ මේ පොත..

      Delete
    2. නෑ බං අහල තියෙනව විතරයි කියවල නෑ.උඹ නිර්දේශ කරනවද

      Delete
    3. අනිවා බං. උඩින්ම.. උඹ පොත කියවල ඉවර වෙලා ඒක වැඩක් නැත්නං මාව මරහං..

      Delete
    4. ඔය පොත වැඩක් නෑ හැලපෙ. මූව මරල දාහං. yela'''

      Delete
    5. ඔය කිව්වේ ...මගේ යක්ෂයා ප්‍රසන්න.. හැක්..

      Delete
    6. මේ දවස්වල හැමෝගෙම යක්ෂයා එලියට ඇවිත් :)

      Delete
    7. This comment has been removed by the author.

      Delete
  12. මට නං ඔය බරසාර පොත් කියවලා තේරුං ගන්ඩ බෑ.. ඒ නිසා සරල කතා කියවනවා.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ. සරල මනුස්සයා නේහ්..

      Delete
  13. //ඒ යකා හරි කැමතියි
    වනචර වැඩ කරන්න
    වමනේ යනකං බොන්න//

    කවුදදද?

    ReplyDelete
    Replies
    1. මගේ ඇතුලේ ඉන්න යක්ෂයා..

      Delete
  14. හැංගිච්චි උන් අපි අතරේ
    ඔය ඕනේ තරම් ඉන්නේ
    උඹේ ඇතුලෙත්,මගේ ඇතුලෙත්
    ඒ හැංගිච්චි උන් එළියට ආපු දාට
    ඇත්තට එදාට මොනවා වේවිද එහෙම දාට.

    ReplyDelete
    Replies
    1. මොනව වෙන්නද බං හැමදාම ඕක වෙනවා නේ..

      Delete
  15. මට එකපාරට මතක් උනේ ලොයිකො සෝබර්ව. දැන් ඉතින් තටු නැති පිටු කියවලා එන්නම වෙනවා.

    ReplyDelete
  16. උඔ පෙන්නපු පාරේ ගිහින් අනිත් ලිපියත් කියෙව්වා..
    මට බර වැඩි වගේ..

    ReplyDelete
    Replies
    1. නොමග නොයන් පුතේ කියන්නෙ ඕකට තමයි. :D

      Delete
    2. මිතුරන් නිසා විය හෙනහුරැ මාරකය..
      මං පෙර ගියේ වරදින් පිරි පාරකය..
      ඒ ගිය මගේ අවසානය දේශකයාගේ බොලෝග් එකය..

      Delete
    3. හැක් හැක්.. අපි නං දිගටම සොෆ්ට්. ඒත් ඉදහිටල ඩිංගක් හාඩ් වෙනවා

      Delete
  17. ඒ බොගත් නියමයි... දේශා................. කවිය නිකං අමුතුයි වගේ.. පට්ට හරිය...

    ReplyDelete
    Replies
    1. චිකේ මේ කවියක්යැ.. නිකං පාද බෙදීමක් නේ.. ඒ බොග නං එළ...

      Delete
  18. දෙයියනේ කියලා ආයි බ්ලොග් බලන්න ආවම මෙහෙම ඔළුව කචල් වෙන එවුවමයි තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ආයි මොලේ ඔපරේසන් එකක් කරන්න වෙයිද?? හැක්.. වෙල්කම් බෑක් දිනේෂ් ලා පේෂන්ට්.

      Delete
  19. මට තේරුණේ නැහැනේ මේක :( කාලෙකට පස්සේ ආපු නිසා ද මන්දා!

    ReplyDelete
    Replies
    1. අම්මෝ මේකි දැක්කම මගේ ඇගෙත් ධාරාවක් ගියා.. හැක්.. තටු නැති පිටු බැලිය යුතුයි..

      Delete
  20. හැක්.... මම හිතුවේ හාන්ස්ගේ කතාවක් කියලා.

    ReplyDelete
    Replies
    1. සික් ඉතරක්.. ඉදල ඉදල ආවා.. (නොකියු දේ)

      Delete
  21. සෝර්බා නම් ග්‍රීකයා.... කියවලා නෑ. පොඩි මතකයක් තිබුණ නිසා නෙට් එකේ සුට්ටක් හොයල බැලුව. ම්හු.. මට මතක් වුනේ වෙන එකක්.

    ReplyDelete
    Replies
    1. කියවල බලහං පුළුවන් නං.. අන්න ලිවිලි...

      Delete
  22. මචං..... Zorba the Greek ෆිල්ම් එක බලපන්. පරණ කාලේ ෆිල්ම් එකක්. මම ආස නළුවෙක් ඉන්නවා. ඌ තමයි Anthony Quinn. මේ ක්ලිප් එක බලපන්. මගේ ඇතිලෙත් සොර්බා කෙනෙක් ඉන්නවා. ඌ මාරයි බං.

    Zorba The Greek

    ReplyDelete
    Replies
    1. මගේ ඇතුලෙත් කියලායි ලිව්වේ. මම ආසම තැනක්!!!!!!!!

      Delete
    2. තැන්කුයි.. මම කැමති නෑ පිලුම් එක බලල මගේ හිත දුසනය කරගන්න..

      Delete
    3. thnx ....නෙරංජ ..... A Q......මගෙත් කැමැත්තක්...... වල් දේශාට වගේම.... හෙක්...හෙක්.....

      Delete
    4. බොක්කා පිලුම් එක බලල මට කියන්න මොකද කියල හොදේ..

      Delete
  23. සොර්බා සොර්බා කියෙව්වෙ සෑහෙන කාලෙකට කලිං හම්මේ ඒ වගේ පිස්සුවක් කියවල ඉවර වෙද්දි ඔළුව නිකං මංඥං වගේ උදේ අතට ගත්ත එක හවස බිම තිබ්බෙ
    දේශකය ගෙ කවි පෙල රහයි...
    ජයෙන් ජය වේවා

    ReplyDelete
    Replies
    1. යන්තං ඇති කියවපු එකෙක් දැක්කා... .තැන්කුයි මහේෂ්..

      Delete
  24. පිටු නැති තටු හොයන්න ගත්තා..එක කියෝලා නෑ නෙහ් ග්‍රීක් වගේ...

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්නෙපා.. ටිකක් හෙමින් කියවන්න..

      Delete
  25. පිටු නැති තටු පරිවර්ථනයක්ද ලොක්කෝ..

    ReplyDelete
    Replies
    1. තටු නැති පිටු බං. පරිවර්තනයක් නොවේ..

      Delete
  26. සහ් මේකට අටුවාවක්වත් ලියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. අර අන්තිමට දාපු ස්තුතියි කියෙව්වේ නැතිද අනේ?

      Delete
  27. http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/15630-2015-02-03-23-32-14

    ReplyDelete