Tuesday, October 14, 2014

විප්ලව සල්ලි!!

“තමුසෙලා.. මේ ඉස්කෝලෙත් කාලා.. තමුසෙලත් වැනසිල මේ රටත් විනාස කරන්නද හදන්නේ යකුනේ“

පන්තිය තුල ගිගිරුම් දෙන රසායන විද්‍යා ගුරුවරයාගේ වචන, කටින් පිටවු කෙළ බිංදු අංශු සමග මුසු වී පන්ති කාමරය සිසාරා හැම අතම දුවද්දී, ඊට මුහුණ දීගත නොහැකි අන් සියළුම ශබ්ද අංශුන් හැංගෙන්නට විය. කෙනෙකුගේ ආශ්වාසය-ප්‍රාශ්වාසය පවා ඒ හඩින් බියෙන් වේව්ලුම් කා දුර්වල වී හෝ අමතක වී ඇති සේය.

“තොපි තමා මේන් හෝල් එකට රතිඤ්ඤ වැල තිබ්බේ.. මට නෑ කියන්න එපා.. තොපිගෙන් දෙන්නෙක් ඒක හඳුන්කූරට පත්තු කරල ස්ටේජ් එක උඩ තිබුන කොහුමෙට්ටෙ අස්සේ හංගනවා දැකපු දෙන්නෙක්ම ඉන්නවා. ඉතිං තමුසෙල ඉවරයි.. මැරෙන්නද යකෝ හදන්නේ.. ප්‍රින්සිපල් සර් මේක පොලීසියට කිව්වොත් ඔක්කෝම ඉවරයි.. තොපි ඉන්නේ ටයර් එකක උඩ හෙට උදේ..ට.. ගොං තඩියෝ“

නැවත නැවතත් බෙරිහන් දෙන රසායන විද්‍යා ගුරුවරයාගේ මුවට කුමන රසායනකයක් හෝ යොදා කට වැසීමට ඇත්නම් යයි එක් අයෙකු කල්පනා කලේය. තවෙකෙකු ගුරුවරයාගේ කටට පාං කඩ ඔබා අත් පිටුපසට කොට බැඳ පන්තියේ බිම ඉන්දවිය යුතුයැයි කල්පනා කලේය. එහෙත් අන් කිසිවෙකුත් තුල එවැනි අදහසක් නොවීය. මේ සිදු වන මහා ලතෝනිය තවත් එක කණකොකා හැඩීමක්ම බව අන් සියළු දෙනාගේම මතය විය.

මේ සියළු සිද්ධින් 1989 මහා කලබල කාලයේ එක්තරා ප්‍රධාන පිරිමි පාසැලක උසස් පෙළ පන්ති කාමරයේදී සිදු වූ දේය. වසර දහයක් එපිටදී කලබලකාරයන් පාසැලෙන් පිටවී තවත් කලබල කාරයන් පාසැලට ඇතුලු වී සිටියද, පාසැලේ ප්‍රධාන ශාලාවේ නැවත අනුමැතියකින් තොරව රතිඤ්ඤ කරල් පත්තු වීමක් නම් සිදූ වූයේ නැත.

****************

“උඹට කියන්නේ බං.. එදා සර් බැනපු විදිය මට තාම ඒ වගේම මතකයි“

“අනේද කිය්නනේ.. මිනිහා අපි ගැන බය උනා නේ බං.. ඒකයි අර විදියට කෑ ගැහුවේ“

“මොන මගුලක්ද බං.. ඒ යකා කෑ ගැහුවට අපි බය උනායැ“

“ඔව් ඉතිං. ඒත් බලහං අපිට අවුරුදු පහක් විතර හැංගෙන්න උනා නේ“

“ඒකට කමක් නෑ.. දැං කියහං මොකක්ද අද ප්ලෑන් එක“

“ඔන්න ගම්පහ වීරමුණි සහෝදරයා මට පණිවිඩයක් එවලා තිබුනා අපේ රන්දෙනිය සහෝදරයා අතේ.. අද රෑට දාහේ මිටි පහක් එනවලු.. හෙට එළිවෙන කොට කළුතර ඒරියා එක කවර් වෙන්න ඕනලු.“

“ඉතිං බං පන්දාහෙන් බැහැනේ. කළුතර කවර කරන්න. ඕන නං මතුගම ටවුමට දුවන්න පුළුවන්. දැං බලහං කළුතර ටටුමේ ඉදල බැලුවත් අපේ පොයින්ට් කීයක් වැඩි වෙලා තියේද කියලා“

“අවුලක් නෑ බං... අළුත්ගම, දර්ග ටවුන් ඉදල යටදොළට, අවිත්තාවට, බේරුවල, කළුතර ටවුන් දෙක, නාගොඩ, ඊට පස්සේ කටුකුරුන්දේ ඉදල පුළුවන් තරං සෙට් කරමු.. මට හිතෙන්නේ අපිට මතුගමට ඇදගන්න පුළුවන් බං.“

“ඔය ලයින් එක කවර් කරන්න අඩු ගානේ මිටි හයක් ඕන.. පොඩ්ඩක් වැඩි උනත් ඒක ලොකු ලයින් එකකින් ඉවර කරන්න පුළුවන් බං මතුගමදි“

“හරි එහෙනං. උඹ අපේ කට්ටිය සෙට් කරහං. මම අපේ උන් ටික සෙට් කරන්නං. දෙසීය ගානේ මිටි කරල මං උඹට හවසට මිටි තුනක් එවනවා. ඉතිරි දෙක මං කරන්නං.. එහෙනං.. මම ගියා අපිට ජය“

“ජය වේවා මචෝ..“

************************

පසුදා පහන් වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් අඩක්ම අපුරු හැඩැති එකම වර්ගයේ පෝස්ටරයකින් ආලෝකමත් වී තිබුණි. කටුකුරුන්ද හන්දියේ තිබූ පැරණි අඩි දහයක් පමණ උසැති තාප්පය පුරා එවැනි පෝස්ටර් සියයක් දෙසීයයක් පමණ එක පේලියට මුළු තාප්පයම වැසෙන සේ අලවා තිබු අයුරු දුටු මහජනයා එම කාර්යය පිළිබඳව කුල්මත් සිතින් පසු වූහ.

“මේ කොල්ලෝ නං යක්කු.. අපි එළිවෙන කං ගැහුවත් ඔය ටික මේ වගේ අගේට අලවගන්න බෑ..“

“ඒක නං ඇත්ත. මතුගම ගියපු අර බස් එකේ සුදා කිව්වෙත් එක දිගටම මේ පෝස්ටර් එක ගහලලු. “

“මුන්ට එළිවෙන කොට ලංකාවෙම උනත් අලවන්න පුළුවන් නෙව.. ඒක නං පුදුම සංවිධානයක්.. කෝම කරනවද මන්දා මේ වැඩ“

“මං හිතන්නේ එක එක ගමට එකා දෙන්න වෙන්න ඇති. ටික ටික දුන්නම ඔක්කෝම ඒවා අලවනවා ඇති“

“ඉතිං ඕවා ඔක්කෝම එක දවසින් හැම අහටම යවන්නේ කොහොමද?“

“ඒකටත් උන්ට ක්‍රමයක් ඇති.. මොකද උන්ගේ වැඩත් හරියට ග්‍රාමසේවක වගේ නේ.. මේ කොට්ටාසෙන් එහා කොට්ටාසෙට දෙනවා. ඒකෙන් අනිත් එකට දෙනවා. අන්තිමට බැලුවම පොඩි කාරණයක්..“

“ඒකටත් එක්ක අපි රත්තරංට පෝස්ටර් ගැහුව විදිය.. හැක් හැක්.. පෝස්ටර් දහ දාහක් වෑන් එකේ.. ඒ මදිවට මහා පාප්ප බාල්දිය. අර හොදට බීපු ප්‍රනාන්දුවා ඔය පාප්ප හැලියටත් බෝතලයක් හැලුව නෙව.. “

“ඉතිං ඒ පෝස්ටර් ඔක්කෝම ගැහුවද??“

“පිස්සුද... රෑ වෙන කොට අඩි ගහල කට්ටියට කෙලින් ඉන්නවත් බෑ.. කොහේ ගහන්නද, අපි අළුත්ගම ගිහිල්ලා, ඊට පස්සේ දර්ග ටවුන් ගියා. කොහේ ගහන්නද,, අපේ අදුරන කෙනෙක් හිටියා ඔය අඹගහ හන්දියේ ඉස්කෝලේ ගාව. පෝස්ටර් ටික එහාට දීල පාප්ප බාල්දියත් ඔය කාණුවට හලල අපි නිදාගත්තා.. හයියෝ. ඊට පස්සේ උදේ ලොක්කලැයි ගෙදර ගියා උදේ කෑම කන්න..“

“ඒ හාදයා දිනුව එකයි පුදුමේ...“

“ඔය මල විකාර පෝස්ටර් ටිකක් වැදුනත් ඇති. මිනිස්සු මෝඩයි නෙ.. නිකම්ම ඒ අංකෙට දානවා. ඒකනේ දිනන්නේ“

*********************************
කුඩා පොල් වත්තකින් වට වූ සුදු වරිච්චි බිත්ති ඇති සිංහල උළු හෙවිලි කල කුඩා නිවෙසක බිම් කණ්ඩියේ වාඩි වී සිටින තරුණයන් කිහිප දෙනෙකි. ඔවුන් සියළු දෙනාම ජලය ඇති තරම් පානය කළ බවට හිස් ජොග්ගු සාක්ෂි දරයි. ඇතැමෙක් අඩනින්දේ බිම් කණ්ඩිය මතම දිගා වී සිටිද්දී. ඉතිරි කිිහිප දෙනා යම් බර සාකච්ඡාවකට නිරතව සිටී.

“සහෝදරයා.. උඹල කියන ඔක්කෝම හරි. ඒ උනත් අපේ රට යන්නේ අපිට ඕන පාරේ නෙමෛයි. ඒකයි විජේවීර සහෝදරයා හැමදාම කිව්වේ.“

“ඒවා දැං වැඩක් නෑ සහෝදරයා. අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. දුර්දාන්ත පාලකයන් ඡන්දෙන් පරද්දන්න ඕන. නැතිව අපිට ජනතාවට සෙතක් කරන්න බෑ“

“මාක්ස්වාදය කියන එක මිනිස්සුන්ගේ හිතට ඇතුල් කරන්න ඕන. නැත්නං කව්රුවත් ඕවා අහන්නෙ නෑ. ප්‍රාග්ධනය බංග කරපු රටක මොන නැගී හිටීමක්ද සහෝදරයා.. අපි ඒ වෙනස ඇති කරන්නයි මහන්සි වෙන්න ඕන“

තරුණයන් ඉතා උනන්දුවෙන් කියවන මේ විකාර වචන වල සමහර බරසාර වචනද ඇත. ඒවා වචනයේ කියවීමෙන් බර වූවද, කටින් පිටවූවට පසු එහි බර ඔහුට දැනේනේ නැත. මන්ද ඒ බර වචන කියෙව්වාට, ඔවුන් එම වචනයන් හි තේරුමවත් හරි හැටි නොදන්නා ගිරා පෝතකයන් පිරිසක් බැවිනි.

**************************

මුහුදු වෙරළට ඉතා සමීපව පිිහිටි කුඩා නිවෙසක කාමරයේ ඇති අපිරිසිදු ඇඳක් මත ජංගම දුරකතනයක් වේව්ලමින් හඩ තලද්දී ඒ කුමක් නිසා ඇති වූ දෙයක් දැයි සැක හැර දැන ගැනීමට ඇද මත පතබාවා සිටි තරුණයා සුදානම් විය.

“හලෝ...“

“හලෝ... රුවන්.. මම ශෙනුල්...“

“අප්පට බොල. තොපිට දැං සහෝදරයා කෑල්ලත් අමතක වෙලා..“

“උඹ මොකද කරන්නේ“

“අඩේ ඊයේ පොඩි ගමණක් ගියා. රෑ බියර් දෙකක්ම ගැහුවා. මං ඉතිං ටිකක් ඇලවෙලා හිටියා බං“

“ඒක නෙමෙයි බං.. අපේ කෙමිස්‍රට්‍රි සර් මතකනේ“

“ඔව් ඔව්.. අපෝ අර අපේ විරුද්ධවාදියා නේ“

“පොර මට වැඩක් බාර දුන්නා බං“

“මොකක්ද බං“

“මිනිහගේ ක්ලාස් එකේ පෝස්ටර් ටික ගහන්න“

“කොච්චරද?“

“තුන්දාහක්“

“ලයින් එක මොකක්ද?“

“අළුත්ගම, කළුතර ටවුන්... බේරුවල... දර්ග ටවුන්.. ඊට පස්සේ මතුගම, අගලවත්ත“

“ඔය ටිකේ තුන්දාහක් වැඩියි නේ බං. ඕන නං දෙදාහක් යයි. ඔක්කෝම පොයින්ට් වල අත දිගෑරල ගැහුවොත්“

“හරි බං.. මිනිහා ඒක දන්න එකක්යැ. අපි ලයින් ටික කවර් කරාම මිනිහට ඒක නෝට් වෙන්නෑනේ“

“උම කීයද ගාන කිව්වේ..“

“එකකට දොළහයි බං“

“එළ එළ. එහෙම හොදා.. කවද්ද ඕන කියන්නේ“

“දවස් තුනකින්“

“හරි මෙහෙම කරමු. පක්ෂෙ බඩු වගයකුත් හෙට එනවා. එ් ගමන්ම ඕකත් කරමු.. එතකොට හරිනේ“

“හරි මචං. එහෙනං මං උඹට දාහේ මිටියයි.. සල්ලියි එවන්නං. ඉතුරු දාහ මම කරන්නං. විසී කරන දාහෙන් අපි අනිද්දට සෙට් වෙමු.. හරිනේ“

“ඕකේ මචං.. මං තිබ්බා එහෙනං“

*************************

“සර්. මේ පාර අපි පෝස්ටර් ගහන්නේ නැද්ද ක්ලාස් එකට.. අනිත් අයනං වැඩේ කරගෙන යනවා“

“මේ පාර තමුසෙල නෙමෙයි මමයි ගහන්නේ“

“ඇයි සර්.. ඒ“

“ගියපාර මතකද.. තමුසෙලා පෝස්ටර් පන්දාහක් ගහන්න ගිහිල්ලා හැත්තෑවක් විතර තට්ටු උනා. ඒ මදිවට තමුසෙල වාහනේ හප්පලා ඒක හදන්නත් මට පනහක් විතර ගියා.. නිකං පාඩු විතරයි“

“අවුලක් නෑ. සර් ඉතිං කොහොමද පෝස්ටර් සීන් එකෙන් ගොඩ යන්නේ“

“තමුසෙට කියන්න. මගේ ඉස්කොලේ ඒ ලෙවල් ක්ලාස් එකේ හිටියා ඒ කාලේ ජේවීපී කොල්ලෙක්. මම ඌට බාර දුන්නා වැඩේ“

“හප්පට සිරි. උන් මේ වගේ පෝස්ටරුත් ගහනවද?“

“කව්ද ඕයි සල්ලි වලට වැඩ නොකරන්නේ.. එක පොස්ටරේට පහළොවයි.. එතකොට තුන්දාහට හතලිස් පහයි.. වැඩේ ගොඩ. අනික තමුසෙල අර මෝඩ බාබර් කොණ්ඩේ කැපුව වගේ නෙමෙයි උන්.. රියල් විදියටම ඒරියා එක කවර් කරල ලස්සනට වැඩේ කරනවා..“

“ඉතිං සර්. ඔය ජේවීපී කාරයෝ සල්ලි වලට වැඩ කරනවාද“

“මොකද නැත්තෙ.. උන් දැන් බොනවත් එක්ක.. මම බෝතලයකුත් දුන්නා. උන් මාත් එක්ක ඒ දවස් වල තරහයි. මොකද මම ඔය විප්ලව කාරයොන්ට විරුද්ධ නිසා.. දැං ඉතිං මොකක්ද.. උනුත් එකයි අපිත් එකයි.. හහ් හහ් හා“

ස්තුතිය - ශානුක සහ මහේෂ් ට..

161 comments:

  1. ඇත්ත සීන් එකක්ද දේශෝ?

    ReplyDelete
  2. ඒ කාලෙත් ජෙප්පො සල්ලි වලට වැඩ කලාද.මං හිතුවේ ඒ කාලෙ ප්‍රතිපත්ති වලටයි වැඩ කලේ කියලා.එහෙනම් එදයි අදයි වෙනසක් නෑ නේද.

    ReplyDelete
    Replies
    1. කවදත් දේශපාලනය කියන්නේ බොරුවෙන් පිරිච්ච් තැනක් බං...

      Delete
  3. අවුලක් නෑ වෙනස්වෙන ලෝකෙනේ...
    අනික් උන් උනත් කීයක් හරි හොයාගන්න එපාය...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකෙ ඇති කේස් එක මොකක්ද. කොන්‍රතරාත් එකක් ගත්තම ලාබයක් තියෙන්න එපායැ..

      Delete
  4. මම දන්න සහෝදරයෙකුත් ඉන්නවා පෝස්ටර් ගැහිල්ල කොන්ත්‍රාත් එකට කරන.

    ReplyDelete
    Replies
    1. මචෝ මංදන්න සහෝදරයෙකුත් ඉන්නවා..
      මිනිහා ඒ දවස්වල.. මං මේ කියන්නේ 2001/2002 විතර පංතියක් පටන්ගන්න කියලා.. අපේ බොක්කක් අපිත් ඉතිං රෑ එලිවෙනකං පෝස්ටර් 1000ක් විතරයි කටව්ට් 100ක් විතරයි මාතර සහ තදාසන්න ගම් දනව් සිසාරා ඇලෙව්වා/එල්ලුවා පාප්ප ගැවිලා අපේ කලිසං ෂර්ට් ඉවරයි.. කමක් නෑ අපේ බොක්කනේ.. (තූ නොදකින් මූ ගල් බාගයක්වත් අරන්දුන් නෑනේ) ඕං පංතිය පටන්ගන්න පලවෙනි දවසේ කට්ටිය ගැන ෂුවර් නෑනේ මාත් ගියා.. දැං පංතියේ මාත් එක්ක තුන් දෙනෙක්.. අනේ දෙවනි දවසේ මං විතරයි.. ඌට කුණුහර්පෙන් බැනබැන මං ගෙදර ආවා.. හැක් හැක්..

      Delete
    2. ගල් භාගයක් අරන් නුදුන්නට. සහ උබලාගේ මහන්සියෙන් පලක් නොවුනට පොරට උබලා කල උදවු තවම මතක ඇති.

      Delete
    3. මාත් මකසි.. මේ සීන් එක දැනගත්තේ ළගදී.. එතකල්ම දැනගෙන හිටියේ නෑ..

      විදානේ
      අනේ බං යකෝ. උන් ගහන්නේ නෑ ඔච්චර.. දෙසීය තුන්සිය කෑලි කඩල සෙට් වලට දීල තියෙන්නේ.

      Delete
  5. විප්ලව කරුවෝත් මනුෂ්‍යයෝය… !!!!!
    ගහනවනං

    බ්‍රෑන්ඩ් එක ගල්
    - ස් තු ති යි -

    ReplyDelete
    Replies
    1. බයිට් එක වල් ඌරා.
      - ස් තු ති යි -

      Delete
    2. ඒක හැබෑව.. වල් ඌරා, ඉත්තෑවා ඔය ඕන එකක් උන් කනවා පත්තු කරගන්න ඇහැක් උනොත්..

      Delete
    3. පත්තර මල්ලි එක්ක එකඟයි. ඕ යේස්...!

      Delete
    4. ගල් බෝතලයක් දෙන්නෙයි.. හැක්

      Delete
  6. උඹ ජෙප්පන්ගේ කතා ලියන්නෙ කොහොමද කියල මම කල්පනා කලේ කියවන ගමන්.පස්සෙයි වැඩේ තේරුණේ.

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ අපිට ඒවා ලියන්න බැරිදි? මේක හරි වැඩක් නේ.. අපිටත් ඉන්නවා යාළුවෝ ඕවා ගැන දැනගන්න හරිය.. උඹල වගේ රට පැනල හැංගිල ඉන්නෑ.. හැක්..
      (හැබැයි මගේ යාළුවත් ළගදි රට පැනල හැංගෙයිද දන්නෑ. සල්ලිත් බැන්දා කිව්වා)

      Delete
  7. //තරුණයන් ඉතා උනන්දුවෙන් කියවන මේ විකාර වචන වල සමහර බරසාර වචනද ඇත. ඒවා වචනයේ කියවීමෙන් බර වූවද, කටින් පිටවූවට පසු එහි බර ඔහුට දැනේනේ නැත. මන්ද ඒ බර වචන කියෙව්වාට, ඔවුන් එම වචනයන් හි තේරුමවත් හරි හැටි නොදන්නා ගිරා පෝතකයන් පිරිසක් බැවිනි.//
    මට හිතට අල්ලපු කැල්ල...
    කථාව රසවින්දා ඒත් මගේ දේශපාලනය ගැන දැනුම 0යි.

    ReplyDelete
    Replies
    1. බ්‍රා ගැන දැනුම කොහොමද?

      Delete
    2. බැසියර් සයිස්

      Delete
    3. ඒකෙ සහ දේශපාලනෙයේ සමානකම් දේශකට ලියන්න පුලුවන් ඊලඟට

      Delete
    4. අපේ මැන්ඩා උගේ ලයින් එකේ කෙල්ලන්ට කතා කරන්නෙ අංක වලින්ලු.. 35-31-30-29-45

      වැඩිපුර ඉන්නේ ඕවර් 50 ඉලක්කන් තියෙන අයලු..

      Delete
    5. දේශ්ගේ කතාව ගොඩක් දුරට ඇත්ත..38 D අදින වයසක උන්දැලා නම් ටිකක් වැඩිපුර ඉන්නවා තමයි ඒ 28 A අදින නංගිලාත් ඉන්නවා.

      Delete
    6. එම්බා මෙන්ඩිය,, 28 ඩී නංගි කෙනෙක් එක්ක උඹේ පිච්ච මල් සම්බන්ධයක් තියෙනවා නෙවද?

      Delete
  8. \\ඒ කාලේ ජේවීපී කොල්ලෙක්//

    \\ඔය ජේවීපී කාරයෝ//

    ජේවීපී කෑල්ල මේ දෙපොලෙනුත් හැලුවනම් තවත් වටිනවා. උඩ ඉඳන් එනකොටම කියවන කෙනාට තේරෙනවනේ.

    "කාලය මැවු වෙනසක අරුමේ..."

    කියල තමයි කියන්න වෙන්නේ. කවුරු උනත් කාලයත් සමඟ යාවත්කාලීන වෙන්නෙපැයි. මං ආශ්‍රය කරන ජේවීපී කවුරුත්නම් තවම බොනව කියල අහල නෑ. ඒත් ඉතින් නොවෙන්න බැරිකමකුත් නෑනේ.

    ReplyDelete
    Replies
    1. // මං ආශ්‍රය කරන ජේවීපී කවුරුත්නම් තවම බොනව කියල අහල නෑ//

      අනේ බං මං ආසරේ කොරන වැඩිමනක් ජේවීපී හැබැයි මං තමයි අඩුවෙන්ම බොන්නේ

      Delete
    2. මං ඉතින් ලිං මැඩියනේ බං.

      Delete
    3. චැහ් .. උඹ නං අඩුවෙන්ම බොන්නේ ඉතුරු උං ගැන හිතාගත්තෑකි.. :D

      විප්ලවයට ජය වේවා !!!!

      Delete
    4. විදානේ

      ඔය බොනවා කිව්වා මොනවද බං ඔය බොන්නේ.................????? අනික ඇයි උඹ අඩුවෙන්ම බොන්නේ...?,???

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. //කුඩා පොල් වත්තකින් වට වූ සුදු වරිච්චි බිත්ති ඇති සිංහල උළු හෙවිලි කල කුඩා නිවෙසක බිම් කණ්ඩියේ වාඩි වී සිටින තරුණයන් කිහිප දෙනෙකි. ඔවුන් සියළු දෙනාම ජලය ඇති තරම් පානය කළ බවට හිස් ජොග්ගු සාක්ෂි දරයි. ඇතැමෙක් අඩනින්දේ බිම් කණ්ඩිය මතම දිගා වී සිටිද්දී. ඉතිරි කිිහිප දෙනා යම් බර සාකච්ඡාවකට නිරතව සිටී.//

      දේශක අයියා කියන විදියට ජෙප්පෝ බොන්නේ ඇල් වතුර. ඔය තියෙන්නේ පැහැදිලි සාක්කිත් එක්ක. හැක හැක.

      Delete
    7. මනෝවා හැක හැක හැක් ,යකෝ කවුරුත් මිනිස්සු බන් ,විදානේ අඩුවෙන් කියන්නෙ අනික් වුන් කාණුවල ඇත්තෙ පත්තරේ ව්ගේ හැක්

      Delete
    8. එක කාලයක් තිබුනා උන් අරක්කු බිව්වෙත් නැහැ....සිගරට් බිව්වෙත් නැහැ. ඔච්චර පිස්සු නටපු මමත් එක කාලයක් ඔය දෙකෙන්ම මිදිලා හිටියේ ජේවිපිය නිසා. ඒ කුඩා කාලය විතරයි මම ඔය දෙක නවත්තලා හිටිය එකම කාලය. ඒක තමයි ඇත්ත.

      දේශකයා පෝස්ටර් ගහන්න ගියාට පස්සේ ජෙප්පන්වත් බේබද්දෝ කරලා :D

      Delete
    9. අරූ අයියා.. පක්ෂෙට කැපවෙලා ඒ ප්‍රතිපත්ති අකුරටම රකින පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින පිරිසක් හිටියා අදත් ඉන්නවා හැබැයි අතීතයේ තරම් අද එහෙම කැපවෙන පිරිසක් නැහැ.. මම මෑත කාලෙදී දන්න පූර්ණ කාලීන සාමාජිකයන්ගෙන් නම් 80% ක් විතර බොනවා නැත්නං මලක් හරි ගහනවා.. (මම පූර්ණකාලීන සාමාජිකයෙක් හෝ පක්ෂ සාමාජිකයෙක් හෝ පක්සෙට චන්දෙ දෙන එකෙක් නෙවෙයි)

      අනිත් එවුන්..
      අඩේ අඩුවෙන් කියන්නේ මම සතියේ දවස් පහකයි.. සති අන්තෙ දවස් දෙකකයි විතරයි අරක්කු චුට්ටක් බොන්නේ..(375මිලි විතර)..
      ඉතිං මේ චුට්ටක් බොන මං එක්ක බැලුවම අනිත් අය බේබද්දෝ අනේ...

      Delete
    10. මේ හැම දෙයක්ම කාලයත් එක්ක වෙනස් වෙනවා විදානේ. උනුත් මිනිස්සුනේ.

      Delete
    11. උඹ අඩුවෙන්ම බොන්නෙ වතුරද බං? :)

      Delete
    12. // මං ආශ්‍රය කරන ජේවීපී කවුරුත්නම් තවම බොනව කියල අහල නෑ//

      මනෝෂ් මාර විහිලුනෙ කරන්නෙ

      Delete
    13. බොලා කියපු හැම එකටම උත්තර දෙන්න ගියොත් මගේ දිව පැටෙලෙනවා ඕ යේස්..

      පේප්පො නොබොන බවට හොද ම සාක්කිය කව්ද?? කව්ද ඉතිං පචවංස මහතා නේ

      Delete
    14. //අරක්කු චුට්ටක් බොන්නේ..(375මිලි විතර)..//
      එහෙනං විදානෙ භාග්‍යවන්තයෙක් නෙහ්...

      Delete
    15. ගොඩක් බොන දවසට කෝම ඇත්ද?? පව් අහිංසකයා නිටිටඹුවටම සෙට් උනා නේ..

      Delete
  9. ිඑසජන බද ඉසකකි ිඑසජන බද ඉසකකි ිඑසජන බද ඉසකකි

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ ටිකනම් හොඳටම තේරුණා!!

      යේලා! යේලා!!

      Delete
    2. මනෝෂ්....... විසිටර් ලියලා තියෙන්නේ බ්‍රාහ්මීය අක්ෂර... ඒවාගේ තේරුම වෙනම එකක්... මට නම් තේරුණා...

      //ිඑසජන බද ඉසකකි ිඑසජන බද ඉසකකි ිඑසජන බද ඉසකකි//

      මේකයි තේරුම........... හැක්

      Delete
    3. එසජන = එසමයෙහි ජනයා
      බද = බයෙන් දැවෙමින්
      ඉසකකි = ඔලුගෙඩි කකුල් අස්සෙ ගහගෙන

      එසමයෙහි ජනයා බයෙන් ගැහි ගැහී ඔලුව කකුල් දෙක අස්සෙ ගහගෙන තමයි රෑට හිටියෙ. ි ලකුණෙන් කියවෙන්න රෑට කියන එක. හඳ.

      තුන් පාරක් ලියල තියන්නෙ තුන් සිංහලයම නියෝජනය වෙන්න.

      Delete
    4. දේශක පරුමක මිතශ මහබලොග රාජපක්ෂ රඣ අබය හ ප්‍රජාහ
      දේශක මහබලොග හන පවතෙහි අගත අනගත චතුදිශ ප්‍රජාහ දිනෙ

      හැක හැක ඔන්න මම නම් ලිව්වා බ්‍රාහ්මී අක්ෂරයෙන්ම.

      සංස්කෘතෙන් ඕනානම්

      ඛනිභිඃ සුෂුචෙ ලේඛනං
      ක්ෂෙතෛඃ සස්‍යං වනෛර්‍ග්ජාන්
      ලේඛනං තෙ වනං තස්මෛ
      රක්ෂා සදෘශමෙවභූඃ

      හැක හැක (තේරුම ඕනනං කියහල්ලා)

      Delete
    5. AnonymousOctober 14, 2014 at 6:54 PM

      හිනා කකා මිය යමින් සිටිමි..

      Delete
    6. @සොමි යා
      ඛනිභිඃ (බනිස්) සුෂුචෙ (චූටි චූටි) ලේඛනං (ලේකම්/secretary)
      ක්ෂෙතෛඃ (කුඹුරක) සස්‍යං (සස්පෙන්ඩර්) වනෛර්‍ග්ජාන් (වනමින් හිටියා)
      ලේඛනං (ලේකම්) තෙ වනං තස්මෛ (තාමත් වනනවා)
      රක්ෂා (රස්සාව මොකක්ද කියලා) සදෘශමෙවභූඃ (චබ්බුවත් පේනවා)
      ඒ කියන්නෙ පිංවත්නි,
      චූටි චූටි බනිස් තියෙන ලේකම් කෙල්ලෙක් කුඹුරක සස්පෙන්ඩර් වනමින් ඉන්නවා.
      තාමත් වනන මේ ලේකම්ගේ රස්සාව දැනගත්තෑකි සාරියේ බඩවැටියෙන් පේන චබ්බුවගෙන්.
      සාදුකාරයක් දෙන්න පිංවත්නි.

      Delete
    7. Anonymous October 14, 2014 at 6:54 PM
      ඉසකකි = ඔලුගෙඩි කක්කි පැත්තෙ ගහගෙන

      Delete
    8. සොමියයි, වීයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට යවන්න හොඳයි කියවන්න බැරි සෙල්ලිපි කියවන්න.

      Delete
    9. STICK NO BILLS

      මේකා අර මගේ යෙලා යොලා එක කොල්ල කාලා.. හැක්

      Delete
    10. ඇනෝ, එළකිරි!! අන්න අර ගෝරිල්ල එක්ක සෙට් වෙලා පු.විද ගියානං එලට වැඩ තියෙයි.

      Delete
    11. හිටින්, කාලා කාලා ඉවර උනොත් බොටත් චුට්ටක් දෙන්නම්.

      Delete
    12. කාලෙකින් දැක්ක බ්‍රාහ්මීය කමෙන්ට් එකක්. හැක්! හැක්!!

      Delete
    13. අපි නං ඉතිං බ්‍රාහ්මී වලින් ලිව්ව එක දවසක්.. හැක්..

      http://deshakaya.blogspot.com/2014/08/jsldr-ld.html


      @ උපේ

      මොකක්ද බං පු.විද කියන්නේ...?

      Delete
    14. පුකට විද්ද කියන එක වෙන්න අැති

      Delete
    15. ඒක හරි සරල කතාවක් නේ විදානේ..

      මම තව ටිකකින් නිට්ටඹු යනවා.. උඹ ඉන්නවා නේ...

      Delete
    16. ඉන්දික,
      ගෝරිල්ල කිව්වෙ සොමියටනෙ නේද?

      Delete
  10. උනුත් එකයි මුනුත් එකයි අපිත් එකයි , ඕකනේ වික්ටර් අංකල් කිව්වේ " අපි ඔක්කොම රජවරු ,ඔක්කොම වැසියෝ තුන්සිංහලයම නෑදෑයෝ කියලා

    ReplyDelete
    Replies
    1. අරින්ඩෙපා ……චැහ්

      සාදුකින් පෙලෙන වුන්
      දැන් ඉතින් නැගිටියව් 
      අන්තිම - සටනට - සැරසියව් …… !!!!!

      Delete
    2. ඉවාන්.............. ඔය රජවරු ගැන පේළිය ගැන මට ප්‍රශ්ණයක් නැහැ.
      ඒත් මෙහෙම වෙන්නේ කොහොමද???

      //අපි ඔක්කොම මව්වරු
      ඔක්කොම පියවරු//

      මට ඒක තේරුනේ නැහැ බං

      Delete
    3. කුරුට්ස් උඹට හිතෙන් නැද්ද අලි ඇත්තු හොඳයි කියලා, මොකා පැටියා වැදුවත් රැලටම කිරි එරෙනවා, මිනුස්ස පැටව් වගේ කානු පල්ලවල් වල වැසිකිලි වලවල් මැරෙන අලි පැටව වගේම පැටව් කිඩ්නැප් කරන අලි තාම නැහැ බන්. උන් නම් ඔක්කොම මව්වරු ඔක්කොම පියවරු.

      Delete
    4. සියළු දේ පැත්තකින් තිබ්බත් අපි සියල්ලෝම වෙනස් මනුෂ්‍යෙයෝය...

      Delete
    5. කතාව ඇත්ත සොමියා................... එහෙමවත් හිතමු...

      Delete
  11. හැක හැක දේශකයා අයියගේ ගල් පිළිමය සහ බෝල් පිළිමය වර්ෂන් එක. මට නම් ඔය චේ ගුවේරා කාර කොල්ලෝ පෙන්නනම බෑ, එවුන් කටින් බතල ඉන්දන ඉන්දිල්ලට අම්මපා එවුන්ගේ කටේ බතල පල වෙන් නැති හැටි.

    ඒ කතාව කිව්වම මතක් උනේ බණ්ඩාගේ කතාවක්, කව්ද එකෙක් පලිමෙන්තුවේදී බණ්ඩා කෙබර කෙලින කොට කිව්වලු ඔබතුමා කෙලින කෙබර වලට කටේ මවිල් එන්න ඕනා කියලා. එතකොට බණ්ඩා කිව්වලු මගෙනම් මාවිල් එන්න ඕනා තැන ඇවිත් තියෙන්නේ, ඔබතුමාගේ නම් එතනත් නැද්ද කොහිද කියලා. හැක හැක.

    හැම එකාම මාක්ස් ලොකු කරගෙන දැඟලුවා ට මාක්ක්සුත් අන්තිමේ එන්ගල්ස්ගෙන් ඉල්ලන් කන ගානටම වැටෙනවා නොවැ. හැම එකාම දන්නා මාක්ස් වැඩේ ඇති එකා කනකොට නැති එකා ලෙවකනවයි කිව්වට මාක්ස්ටත් වැඩිය හොඳට මාක්ස්වාදේ ඇදගෙන ගියේ මහාචාර්ය ටෙරී ඊගල්ටන්. ශාහිත්ය මාසේ ගත්ත එකම පොත රුපියල් 50 පෙමට් එකෙන් කාර්ල් මාක්ස් බය් ටෙරී ඊගල්ටන්. සුපිරි පොත් තියෙනවනේ පිටකොටුවෙ වරාය පැත්තට වෙන්න තියෙන හරියෙයි ආමර් ස්ටීට් එක පැත්තටයි වෙන්න තියෙන පේමන්ට් කඩ වල. කතාව නම් සුපිරි. ජීවිපී එවුන් වැඩි හරියක් හැමදාමත් පෝස්ටර් උලන කවදාවත් හැබෑ නොවෙන හීන පස්සේ දුවන හීනලන්තෙක ඉන්න විප්ලව වාදියෝ. එවුන්ගේ විප්ලවය දවසෙන් රට කවර කිරීමයි මයි පළවෙනිදට පට්ටම ෂෝ එකක් දැමිල්ලයි විතරයි.

    කතාව ගැන කියන්න ඇවිත් මොනවා කිව්වද මන්දා, කතාව පටන් ගත්තු විදියත් එක්ක පෝස්ටර් වල එන්දින්ග් එක නියමයි අය්යා, මම හිතුවේ බීෂණයක අතුරු කතාවක් වෙයි කියලා. හැක හැක බීෂණය මතුපිටින් අතගාල දිග ඇරපු කතාව නියමයි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැබෑටම... ඒ පැත්තේ තියෙන පොත් ලාබ උනාට බාල නෑ එහෙනං..

      ඒක නෙමෙයි බං.. මාත් බලං හිිටියේ මේ කතාවට උඹ අත දිගෑරල කම්මුල පිපිරෙන්න දෙකක් දෙනකං.. කොහේද බලං ගියාම මාත් පට්ට කතා ලියන, පට්ට කවි ලියන, ලියන හැම එකම පට්ටම වෙන එකෙක් නේ බං.. හැක්

      Delete
    2. සොමියා, අර පොත් තියෙනවයි කිව්ව තැන් වඩා හොඳට පැහැදිළි කරපං හොඳ එකා වගේ. මම කාලෙකින් ගියෙ නැති නිසා දැන් දන්නේ නෑ. ඉස්සර නම් ගාමිණි හෝල් එක ලඟ ඩී ආර් විජේවර්ධන මාවතේ(දැනුත් තියෙනවා) එතකොට කො‍ටුවේ අර සෙලින්කෝ එක පස්ස පැත්තට වැටෙන්නෙ තියෙන පාරේ බිබ්ලොමේනියා එකේ, බම්බලපිටියේ ප්‍රේමදාස එකේ, ආමර් ස්ට්‍රීට් එකේ පේව්මන්ට් එකේ, බම්බා පේව්මන්ට් එකේ හෙම තිබ්බා.

      උඹ ඔය කියන තැන් විස්තර කරපංකො මාර්ග සලකුණු ඇතුව.

      Delete
  12. මම දැනන් හිටියේ නෑනේ දේශා දේශපාලනේ කරනවා කියල...
    බලන් ගිහාම උනුත් සල්ලි වලට ඕනෑ වැඩක් කරනවනේ ඒ කාලේ ඉඳන්...

    ReplyDelete
    Replies
    1. ඔයැයි නොදන්න කොච්චර දේවල් මං කරනවද හැබෑට?? හැක්...

      Delete
  13. උපහාසයක් ද මන්දා ,කතාව හොදයි අර අවසානේ ස්තුයිය කාටද ?

    ReplyDelete
    Replies
    1. ආ.. ඒ අර ජේවීපී ළමයි දෙන්නට,,

      Delete
  14. ඔය පක්‍ෂ සීන් අනම් මනම් පැත්තකින් තියමු. මට නම් දැන් ඔය හැම එකාගෙම කෙරුවාව ඇතිවෙලා.

    අපිටත් හිටිය බං ඔහොම පන්තියෙ ගිගිරුම් දෙන කෙමිස්ට්‍රි සර් කෙනෙක්. ඉස්කෝලෙ නෙවි, ටියුෂන් පන්තියෙ. ගෘෘප් ක්ලාස් එකේ තමයි වැඩිම සද්දෙ දාගෙන හිටියෙ. කොයි වෙලේ හෙන ගෙඩියක් ඔළුවට පාත්වෙයිද හිත හිත පැය දෙක ගෙවන්නෙ. අවුරුදු දෙකට දෙතුන් දෙනෙක්ට ප්‍රසිද්ධියෙ දීල ඇද්දත් එක්ක අතදිගෑරල. මොනව උනත් හැබැයි හොඳ මනුස්සය.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං නම??? ප්‍රසන්න බද්දේ විතානද?

      Delete
    2. බද්දෙ නෙමෙයි බං. මම හිතන හැටියට, මාතර කෙමිස්ට්‍රි පන්ති කරන පරණම ගුරුවරයා. ආරියරත්න සර්.

      Delete
    3. මාතර උන් කෙමිස්ට්‍රි පාස් වෙනවද බං.. ඉන්නෙම හෝතඹු ඩෑල් නේ.. හැක්..

      Delete
    4. අඩෝ...................ව්! මාතර එවුන්ට අරව මේව කියල අහුවෙන්නෙපා, හරිය .....

      Delete
    5. අම්මට හුඩු.. ඔහේ මාතර එකෙක්ද එතාකොට..?? අයියෝ මගේ සල්ලි.. හැක්..

      Delete
  15. අපේ සර් කෙනෙක් හිටියා බං එයාගේ පීරියඩ් එකට ආපු ගමන් මාව එලියට දාලා තමයි ක්ලාස් එක පටන් ගන්නේ. මම ඉන්නෙත් ටික දවසයි ඉස්කෝලේ ඇතුලේ, එකත් මේ හාදයා ආපු ගමන් එලියේ. කොහෙ කියලා යන්නද බං.

    ReplyDelete
    Replies
    1. අර මොකැයි දෙයියනේ ඒ. සර්කාරයට අරූව පේන්න බැරිද.

      Delete
    2. ඔව් බං පොරගේ පුටුව අයින් කරලා කකුලක් කැඩිච්ච වෙන පුටුවක් තියලා මාට්ටු වුනා. හොඳ වෙලාවට මෑන් වැටුනේ නැහැ. නැත්නම් මාව පංතියෙන් නෙමේ ඉස්කෝලෙන්ම එලවනවා.

      Delete
    3. මාව දැක්ක ගමන් කියන්නේ තමුසෙව ජීවිතේට හදන්න පුළුවන් එකෙක් නෙමෙයි, මොන එහෙකට ඉස්කෝලේ එනවද ඕයි කියලා. ඇත්ත තමයි බං ඒ මනුස්සයා කිව්වේ. බොහොම ප්‍රසිද්ධ කෙනෙක්.

      Delete
    4. //අපේ සර් කෙනෙක් හිටියා බං එයාගේ පීරියඩ් එකට ආපු ගමන් මාව එලියට දාලා තමයි ක්ලාස් එක පටන් ගන්නේ.// අපිට පිසික්ස් උගන්නපු වාමාංශික ගුරුවරයාත් (ජේවීපී නොවේ අනික ජේවීපී කියන්නේ වාමාංශීකත් නොවේ) මට ඔය සන්තෑසියමයි කොරේ..

      Delete
    5. අපරාදේ බං සර්ට හිතන්න තිබුනා මේ ළමයා වැඩිම උනොත් අවුරුද්දක් විතර මේ ඉස්කෝලේ ඉදිවි කියන එක.. අම්මප මං කිව්වේ සහතික ඇත්ත බං

      Delete
  16. පෝස්ටර් ගහන සෙට් එක 89 JVP එකෙන් බිහිවුණු අහිංසක පිරිසක්.
    සමහර ලොකු ඇඩ්වටයිසින් කොම්පැනි වල අයිතිකාරයෝ 70 වේ සෙට් එකෙන් ඉතිරි වුනු අය

    ReplyDelete
    Replies
    1. 89 න් බිහි උනාට ඊට පසු කණ්ඩායම් තමා මේ තත්වය පත්උනේ.. පක්ෂයේ විභේදනයන් සමග...

      Delete
  17. අපේ පැත්තෙ ..ඔය උඹ කියපු කාලෙ පට්ටම විදියට ජේ.වී.පී කරපු පොරක් තමයි දැන් අපේ පැත්තෙ ලොකුම ටියුෂන් කඩේ කරන්නෙ..මහා පරිමානයෙන්ම.
    හැබැයි අරක්කු බොන උන්නම් මට ඕය පක්ෂෙ දැකලාම නෑ...!!!

    ReplyDelete
    Replies
    1. ඒ කව්ද බං.. ගාල්ලේ ඉන්නවැයි ජේවිපි කාරයෝ. ඉන්නෙම පුක ලෑල්ලේ කෑලි නේ.. හැක්..

      උඹට එහෙනං කාලෙකින් ජේවීපී කාරයෙක් සෙට් වෙලා නෑ..

      Delete
  18. //උනුත් එකයි අපිත් එකයි// ආයෙ මොකක්ද.. පෝස්ටර් ටිකත් ගැහුව කියන්නෙ කියපු විදිහට ම. :)
    එතකොට ඒ විප්ලවය කරල තියන්නෙ සල්ලි ද ?

    ReplyDelete
  19. >>පන්තිය තුල ගිගිරුම් දෙන රසායන විද්‍යා ගුරුවරයාගේ වචන, කටින් පිටවු කෙළ බිංදු අංශු සමග මුසු වී පන්ති කාමරය සිසාරා හැම අතම දුවද්දී, <<

    මේ මට චිත්ත රූප මවපු මගේ ප්‍රියතම කොටස. ඒ කෙල බින්දු වලට උදෑසන හිරු එලිය වැටිලා දේදුන්නක් මතුවුනත් මම හිතෙන් දැක්කා.

    >>“අඩේ ඊයේ පොඩි ගමණක් ගියා. රෑ බියර් දෙකක්ම ගැහුවා. මං ඉතිං ටිකක් ඇලවෙලා හිටියා බං“<<

    ලොක්කා උඹ මේක නම් කෙලින්ම උස්සපු එකක්, වෙනින් කාගෙන්වත් නෙවෙයි ආතල් ඇනෝගෙන්.

    කාලයාගේ ඇවෑමෙන් වෙච්ච දෙයක් නේද? ආකල්ප, ප්‍රතිපත්ති ඔය ඔක්කොම...

    ReplyDelete
    Replies
    1. ආතල් ඇනෝ ලෙඩ වෙලා. බොලා ගියේ නැද්ද බලන්න.. හැක්..

      ස්තුතියි බං... මේවා ආකල්ප වලට උඩින් දුවන ජීවන යන්තරේ පුරස්න...

      Delete
  20. //ඔවුන් සියළු දෙනාම ජලය ඇති තරම් පානය කළ බවට හිස් ජොග්ගු සාක්ෂි දරයි.//

    පස්සේ නම් බීලා තිබ්බේ බියර්නේ. :P

    //පන්තිය තුල ගිගිරුම් දෙන රසායන විද්‍යා ගුරුවරයාගේ වචන, කටින් පිටවු කෙළ බිංදු අංශු සමග මුසු වී පන්ති කාමරය සිසාරා හැම අතම දුවද්දී, //

    මගෙත් චිත්ත රූප මැව්වේ මේ කොටස.:D

    ReplyDelete
    Replies
    1. කලින් ඕන දේකට වතුර විතරයි. ඒකත් ඇල්.. හැක්..

      අර කෑල්ල චිත්ත රූප මැව්ව නං කොච්චර හොදද අනේ.. ඔයැයි අර මොකක්ද ඉවරයක් නැති පොත ඉවර කරාද දැං..?

      Delete
  21. මේක අපේ නිර්මලා සහෝදරිය දැක්කේ නැද්ද දන්නේ නෑ.. කොහොමත් ඊළඟ විපලවේදි දේශටත් අබ සරණයි...!!!

    ReplyDelete
    Replies
    1. 969 කියල අළුත් බෝතලයක් එනවා බීබීඑස් කම්පැනියෙන්.. මම එයින් එකක් ගහල ආතල් එකේ ඉන්නවා. ඕ යේස්.. හැක්

      Delete
  22. “තොපි තමා මේන් හෝල් එකට රතිඤ්ඤ වැල තිබ්බේ.. මට නෑ කියන්න එපා.. තොපිගෙන් දෙන්නෙක් ඒක හඳුන්කූරට පත්තු කරල ස්ටේජ් එක උඩ තිබුන කොහුමෙට්ටෙ අස්සේ හංගනවා දැකපු දෙන්නෙක්ම ඉන්නවා.................."
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    කව්ද බන් මේක දැකලා තියෙන්නේ ...අපි යනකොට මේන් හෝල් එකේ කවුරුත් හිටියේ නැනේ .අපි නම් ඔහොම දේවල් කලේ නෑලු .අහුවෙලා පන්ති සති දෙකක් තහනම් උනෙත් නෑලු ..හැක් හැක් .

    ReplyDelete
    Replies
    1. එක හොර ගෙඩියෙක්... හැක්.. සින්දුවක් දීපංකෝ මේකටත්..

      Delete
    2. මේක හොදද ?

      රිදී නිම්නය කඳුළු නිම්නය
      ඔබය මගෙ ජීවිතයේ
      නොදුටු නිම්නය ඔබය
      මගෙ ජීවිතයේ

      මී විතෙන් තොල් මත්ව යනවා
      ඉන්ම හදවත සසල වෙනවා
      නිසල සිතුවිලි විකල් වෙනවා
      එයින් දිවියම සසල වෙනවා

      කවුරු කවදා කෙලෙස කීවද
      තඹුරු හිරු දුටු විගස නොපිපෙද
      බඹරු වෙනසක් නැතිව සැරුවද
      අපට හිමි සැනසුමක් කොහි වෙද..

      ගැයුම: බන්දුල විජේවීර
      ගේය පද: කේ.ඩී.කේ.ධර්මවර්ධන
      සංගිතය: ආචාර්ය වික්ටර් රත්නායක

      Delete
    3. මේක හරියයිද බං..

      Delete
    4. වැල යන අතටයි මැස්ස හදන්නේ
      ගම යට කරගෙන වැල දිවයන්නේ //

      ගම රට වැනසුනත් එකයි
      අපි හෙට නැතිවුණත් එකයි //

      අපි බැලුවේ එකම එකයි
      වැලට මැස්ස හදන එකයි //

      රළ යන අතටයි ඔරුව පදින්නේ
      මකර කට වෙතයි රැල්ල ඇදෙන්නේ //

      මකර කටට ගියත් එකයි
      අපි හෙට නැතිවුණත් එකයි //

      අපි බැලුවේ එකම එකයි
      ඇදෙන අතට පදින එකයි //

      පිටරට වෙතමයි ගත සිත යන්නේ
      දෙස බස රැස ‍කොතැනද නවතින්නේ //

      දෙස බස නැතිවුණත් එකයි
      රට දැය වැනසුනත් එකයි //

      අපි බැලුවේ එකම එකයි
      වාසි පිලට ඇදෙන එකයි //


      ගායනය - ආනන්ද පෙරේරා, සිහ ශක්ති

      Delete
    5. ඒක වඩාත් හොදයි.. තැන්කුයි.. සිංදුවා

      Delete
  23. කිසිවක් වෙනස් නෑ
    කිසිවක් කිසිදා වෙනස් නෑ...
    කිසිවක් කිසිදා වෙනස් වෙන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. "Nothing is forgotten, Nothing is ever forgotten"

      Delete
    2. අප්පටසිලි අපේ මනෝට හොදටම තද වෙලා ...මහේෂ්ට හොදටම බැනලා ..

      Delete
    3. සින්දුවා.. බොට සිංදුවක් කියනන් හොද තැනක් තියෙනවා මේන්.. මම බාගෙට කියල ආවේ

      http://gimannivannie.blogspot.com/2014/10/winter-oak.html

      Delete
    4. oh! yes!! I will kill Mahesh and also you. Who can I can Banana Can.!!!

      Delete
    5. ඕහ්.. ෂර්වුඩ් වලින් සැට් එකක්ම බැහැල..

      Delete
  24. තුන්දාහක් ගහන්න දුන්නම දාහක් ගල් කරලා දෙදහක් ගැහුවම ගුරාගෙ ප්ලෑන් වතුරෙ! කොයිද මුන්ට තේරෙන්නෑනෙ.

    අන්න එහෙමයි අපි විප්ලව කරන්නෙ.

    විප්ලවයට ජය වේවා…!!

    ReplyDelete
    Replies
    1. විසි කරපු දාහෙන් අපි විප්ලවේ දිනනවා.. ඕ යේස්..

      Delete
  25. ජෙප්පො මොන දේ කලත් මේ දවස් වල උන්ටික හිටියේ නැත්නම් ආණ්ඩුව අපිව නටවනව සුපිරියට.මුන් නිසා තමයි ටිකක්හරි හොර වැඩ කරන්න බය.මොකද ජෙප්පන්ගෙ කටවලුත් එක්ක අනිත් එකාලට හැරෙන්නවත් බැහැ..මෙහෙම කිව්ව කියල දැන් ඉතින් මාව සුදු වෑන් එකකින් උස්සයිද දන්නෙත් නැහැ..හි හි

    ReplyDelete
    Replies
    1. උම හිතුවද සුදු වෑන් එකට රජ වීදියේ බුවාලා දාගන්නවා කියලා.. හැක් නෑ.. එසේ නොවේ..

      Delete
  26. ඔන්න දෙසකයලගෙ විප්ලවේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපි බොලාට ගෙදරට ආවත් වතුර උගුරක්වත් දෙන්න අකමැති..

      Delete
  27. අනේ මන්දා දේශෝ.දැන් ඉරිදා ලංකාදීප පත්තරේත් යනවා මේ වගේ ලිපි වගයක් "භිෂණ සමයේ තවත් අභිරහස් මරණයක්" කියලා.එකේ ප්‍රේමකිර්ති ගේ මරණය ගැන ලියවුනු ලිපියේ ඇරෙන්න අනෙක් හැම එකේම චෝදනාව සෘජුවම තිබ්බේ ජවිපෙ එකට.උන් ඒ මිනිස්සු මැරුවාද නැත්ද කියන එක මම දන්නේ නැහැ.නමුත් ඒ ලිපි පෙළේ යටි අරමුණක් තියෙන බව පැහැදිලියි.

    අනෙත් එක දැන් ලංකාවේ මේ තියෙන ක්‍රමයේ ඇතුලේ කාල්මාක්ස්ලා හිටියත් ඔච්චර තමයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සිස්ටම් එකයි එතකොට වැරදි.. එහෙම නෙව ද මනෝජ්..

      Delete
  28. ජෙප්පො ටියුෂන් පෝස්ටර් ගැහීමේ අවුල කිව්වනං හරි! මොකද කතන්දරේ ලියවෙන්නෙ ඒක උඩ නිසා. ඒක නිකංම නිකං දෙයක් නං කතාවක් නෑ මෙතන.

    ReplyDelete
    Replies
    1. ඒකේ ඇතත්ටම අවුලක් නෑනේ රාජ්.. උන් හරියට කොන්ත්‍රාත් කාරයෝ වගේ. නොමිලේ කරන සේවය සල්ලි වලට කළ හැකි බලයක් උන්ට තියෙනවා. ඉතිං ඒකට අපිට මොකෝ.. නැද්ද..

      Delete
  29. මීය කඩන එකා අත ලෙව කනවානෙ.. කවුරුත් පුහුදුන් මිනිස්සු..

    අපි කැම්පස් ඉන්න කාලෙ තද මාක්ස්වාදියෙක් හිටියා හතරවෙනි ජාතයන්තරේට වැඩ කල..
    බොහෝ කාලෙකට පස්සෙ රජයේ ආයතන සහභාගි උන ‍රැස්වීමකදි මං මූව දැක්කා.,. තට්ටෙ තිබ්බට මට උගෙ මූන මීටර්.. මූ ලොක්කෙක්.. ඒ මදිවට දේශනාව තනිකර ධනවාදී..
    මං පස්සෙන් ඌට කිට්‍ටු කරලා ඒයි ***** කියල කතා කලා. උඹ දැන් පත්තර මිටියයි ‍රැවුලයි අමතක කරලද බං ? මං ඇහුවා..
    යකෝ කෑගහන්න එපා මුංට ඇහෙයි.. ඌ කියනවා.
    අර ඒ කාලෙ උඹ කියපු ඒව දැන්වත් උඹටම තේරෙනවද ? මං ඇහුවා.
    නෑ බං.. ඒ කාලෙත් තේරුණේ නෑ. ඒත් උඹලා අපි දිහා බැළුවෙ වීරයෝ දිහා වගේ කියල අපි දැනං හිටියා..
    හුහ්.. යකො අපි උඹලා දිහා බැළුවෙ බූරුවෝ කියල හිතලයි.. මං කිව්වා.

    ReplyDelete
    Replies
    1. අපොයි සරා. ඔහොම බූවල්ලෝ තමා වැඩිපුරම ඉන්නේ. අර කොළඹ වීෂි වෙලා හිටියේ ජී එල්. ඒකාව විසි රූම් එකේම හිර කරපු සිස්ස නායකයා තමා අන්තිමට මිනිහගේ ලේකම් උනේ..

      Delete
  30. බලං ගියාම වෙනසක් නෑ බං..
    ඔක්කොම එකයි නොවැ...
    හැක්..

    ReplyDelete
    Replies
    1. එහෙමයි වෙන්න ඕන.. හැබැයි පුතෝ.. මට කතාව කියපු එකා මම මේ කතාව හදපු හැටි දැක්ක නං බඩ කපාගෙන කපාගෙන මැරිල මුහුදට පැනල සියදිවිනසාගන්නවා.. හැක්.

      Delete
  31. ඔය පෝස්ටර් කෙලිය එදත් අදත් කවදත් ඔහොම තමා. මට මතක්වුණා 1971 කාලේ පාරේ බෝක්කු යට හැංගිලා ඉඳලා රෑ 1 ට 2 ට පෝස්ටර් කෙලියේ ගිය හැටි.

    ReplyDelete
    Replies
    1. විචා.. කෙලියද උන්ට.. 71 දී???

      Delete
  32. “තමුසෙලා.. මේ බ්ලොග් ලෝකෙත් කාලා.. තමුසෙලත් වැනසිල ගූ ගල් කාරයත් විනාස කරන්නද හදන්නේ යකුනේ“

    ඉතිං අර විසිකරපු දාහෙං උඹල දෙන්න සෙට් උනාද පස්සෙ.

    ReplyDelete
    Replies
    1. අර උඩින්ම කියපු කෑල්ල කාටද බං අයිති.. හැක්..

      ඉතිං බං තුනක් මගේ අතේ.. දොළහක් බඩු.. කීය කීය හරි අපි දෙන්න බෙදාගත්තත් හොද පාටියක් දාන එක කජ්ජක්යැ.. විසි කරපු දාහේ මිටියෙන්.. තෝ කොහේද ඊයේ හිටියේ.. දැං යකඩ කූර අරං උඩට යන්න පහලට යන්න අනිනවද??

      Delete
    2. මොකක්ද බං මේ කූරු කතාව.

      Delete
    3. හැක් හැක්.. එල්කාර්ඩෝ ඒල්කාර්ඩෝ

      Delete
    4. ඒක හරි බං. මේ පැත්තෙම එහෙකුට දුන්න වැඩේ. ඌ මගේ ප්ලෑන් ඩිසයින් කරන යාලුවෙක්ගෙ වැඩ කරන එකෙක්. ඒ හින්ද අඩු ගානට වැඩේ සෙට් කරගන්න පුලුවං උනා.

      Delete
    5. ඒවා හයි කරපු දාක අපිට පාටියක් දෙනව නේද???

      Delete
    6. හප්පට බොල...30 බුරහස්පතින්දා නේ..

      Delete
  33. පෝස්ටර් ගැහිල්ලෙ ආතල් එක සහ කට්ට දන්නෙ ගහපු උන්ම තමයි. අනික ඒක මාර කළාවක්. ඉස්සර ලංකාවෙ ලොකුම පෝස්ටර් දෙක උනේ පෑළියගොඩ නව පාළම ගාවයි කටුබැද්දෙ සොයිසාරාමෙ ඉස්සරහ ෆැකටරියක තාප්පෙයි. මේ එක පෝස්ටරයක් මීටර් 12 විතර උසයි.මමත් ඔය වැඩේ කාන්ඩ කීපයක් එක්ක කරානෙ.

    උඹෙ කතාව ගැන කියනවනං, ඔය පෝස්ටරේ එක රැයින් අලවන කතාව පරණ සීන් එකක්. 2001 රත්තරන්ල එනකාලෙ වෙනකොට ඒක මිනිස්සුන්ට කතාවෙන්න/ පුදුමවෙන්න තරන් දෙයක් නෙමෙයි.හැබැයි රත්තරන් වෙනුවට 94 දිනපු එකෙක් දැම්මනං ඔන්න ටිකක් ගැලපෙනව.

    // ප්‍රාග්ධනය බංග කරපු රටක මොන නැගී හිටීමක්ද සහෝදරයා.. // මේකටනං ලැයික්. උඹ මෙත අගේට පෙන්නල තියෙනව මුන් කියන වචනවල අර්ථය නොදන්න බව. හැබැයි ඒක ආයි උඹම උලුප්පල කියාපු එක අවුල්. කියවන උන්ට හිතාගන්න, තව එහෙම නොගැලපෙන වාක්‍ය දෙක තුනක් එබුවනං, ඔයිට රස වෙන්න තිබ්බ.

    අන්තිමට, උඹෙ කෙමෙස්ට්‍රි සෑර්ට ඔච්චර කල් ගිහිල්ලත් හරියට පෝස්ටර් කැම්පේන් එකක් කරගන්න කලාව සෙට් වෙලා නෑ කියන්නෙ බුවා අමු ගොබ්බයෙක්. ඇයි බං අනූ හතරෙ ඉඳන් ගත්තත් 20 පන්ති කරලනෙ!

    උඹෙ වෙනද කතා තරං රස, විස්තරාත්මක න්ති කලබල ස්ටෝරියට මගේ ලකුණු ලැබෙන්නෙ කෝම කෝම හරි යමක් ලියනවට සලකල විතරයි.

    ReplyDelete
    Replies
    1. මගේ කතාවට වඩා උඹ මේ කියපු ටික කොයි තරං රසවත්ද බලහං.. මම මේකට උපරිම ලැයික්.. වැඩේ කියන්නේ උපේ.. මට ඒ වෙලාවේ කොච්චර කල්පනා කරත් උන් කියන අංඤකොරොස් වචනයක් දෙකක් මතක් උනේ නැහැ නෙව. හැක් හැක්..

      මං ඇත්තටම මේ කතාවෙන් උණ ගැනෙන්නට මට ලැබෙයි කියලයි හිතුවේ.. ඒකයි බලාපොරෙත්තුව. මොකද කියනවනං මේ කතාව මට ලැබුන නිදහස් පැයක් ඇතුලත ගොඩ දාන්න අඩු මාසෙක් එළීයට ගත්ත කලලයක් වගේ බං..

      උඹට බෝම ස්තුතියි.. මේ අදහස් ගොන්නට.. හරිම රහයි උඹ ලියපු ටික..

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. කාතාව වගේ දෙගුණයක් කොමෙන්නට් :D කතාව ලස්සනයි දෙශ්.. හෙක් හෙක්...කියන්න දෙයක් නැ අෆ්ෆා ඔයාගේ කතා ලස්සනයි කියලා... හැමදාම කියවනවා..කොමෙන්ට් නොදාන්නේ හැමදාම ලස්සනයි කියලා අලුතෙන් කියන්න දෙයක් නැති නිසා...

    ReplyDelete
    Replies
    1. හැබැට. හැබෑට.. කැත කතාවකට කැත කතාවක් කියලම යන්න හොදේ.. අහු වේවි...

      Delete
  36. පෝස්ටර් ලිවිල්ල වගේම ඇදිල්ලත් ඔහොම තමයි. දැන් ඉතිං බෝතලයක් දුන්නාම මොනවාද කරගන්න බැරි

    ReplyDelete
    Replies
    1. ඒවා කොහේද අපිත් එක්ක නාඩියා.. හැක්

      Delete
  37. යකඩෝ දේශකයා රතු සහෝදරයෙක් කියලා අදනෙ දන්නෙ....ඉතිං කළුතර පෝස්ටර් ටික ඒ කාලෙ තිතටම වැදුනද...මමත් වතාවක් පෝස්ටර් කෙරුවාව කරලා තියෙනවා....ඒ මොන පෝස්ටර්ද කියලා කාමරේ දොර ඇරලම කියන්නම්...පෝස්ටර් ගැහිල්ලෙ තියෙන කලාවත්...කටුක බවත් පෝස්ටර් ගහලම තමයි දැනගන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. අන්න හොදා. ඉක්මනට කාමරේ ඇරහං එහෙනං පෝටටරයක් ගහල..

      Delete
  38. // කටින් පිටවු කෙළ බිංදු අංශු සමග මුසු වී පන්ති කාමරය සිසාරා හැම අතම දුවද්දී, ඊට මුහුණ දීගත නොහැකි අන් සියළුම ශබ්ද අංශුන් හැංගෙන්නට විය.// මේ වචන පේලියට තමයි වැඩිය හිත ගියේ..

    පෝස්ටර් කෙරුවාවත් වෙනමම කලාවක් නේද ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒකත් ලොකු කලාවක්.. පාරක කොයි තැන පෝස්ටර් කීයක් ගහන්න පුළුවන්ද කියලත් ඒ අය දන්නවා..

      Delete
  39. උඹේ කතාවෙන් කියන්න හදන දේ හොඳයි.... සුලභ මාතෘකාවක් නෙමෙයි. එකිනෙකට ප්‍රතිවිරුද්ධ විදිහට පේන අරමුණු දෙකක් වෙනුවෙන් එකම ක්‍රියාවක (පෝස්ටර් ඇලවීම ) නියැලෙන්න වීම උඹ දක්වලා තියන ආකාරයට මම කැමතියි. ඒ වගේම ඒ අවස්ථා දෙකේ ක්‍රියාවට උන් දක්වන ප්‍රතිචාරය, උන්ගේ අදහස් අරමුණු පෙන්නන්න හොඳ උපක්‍රමයක්.

    ඉන්දික කියලා තියන පොයින්ට් එක හරි. එතනදී උඹ ගෙ අදහස ඔබ්බවන්න ඕනේ නෑ. දැනෙන්න ඇරියා නම් ඇති.

    //“අප්පට බොල. තොපිට දැං සහෝදරයා කෑල්ලත් අමතක වෙලා..“//
    මචං මේක කාලයක් තිස්සේ වෙන වෙනසක් නේද? මේ කාලේ වෙනකොට සහෝදරයා කෑල්ල කිව්වේ නෑ කියන එක අනිත් එකාට දැනෙනවද?

    අන්තිම කොටස ඕනෙත් නැද්ද මන්දා.

    // සුදු වරිච්චි බිත්ති ඇති සිංහල උළු හෙවිලි කල //
    මෙතන අවුලක් නැද්ද? වරිච්චි බිත්ති කියන්නේ වේවල් වගේ ලීයකින් රාමුව හදලා මැටි ගහලා හදන බිත්ති නේද? මේවා පාට කරනවද? ඒ වගේම එහෙම ගෙයකට උළු වහලයක් දරන්න පුළුවන්ද?

    // ජලය ඇති තරම් පානය කළ බවට හිස් ජොග්ගු සාක්ෂි දරයි//
    මේක මගේ ආතල් එකට... ලොජිකලි වැරදියි.. හිස් ජෝග්ගු වලින් කියන්න බැහැ බිව්වේ ජලයමද කියලා :)

    ReplyDelete
    Replies
    1. හැක්.. නියමයි තිසර...

      සහෝදරයෝ ඒකාලේ බිව්වෙම වතුර නේ ඒකයි ඒ...

      එහෙම ගෙයක් කොහොම තියෙන්නද කියල කතාවත් එක්ක බැලුවම පේන්න ඇති නේද?? හැක්..

      ඇත්තටම බං මම මේක අඩු වයසෙන් එළියට ගත්ත කතාවක්. ඒක නිසා අඩුපාඩු බෝමයි.. ඒගැන කමා කරන්න..

      Delete
  40. පාප්ප ගාලා තාප්ප ගානේ පෝස්ටරේ ඇලවෙයි
    මාස්ටර් සර්ලා කාෂ්ට අව්වේ තාප්ප වල වේලෙයි
    රාත්‍රි කාලේ ඇලිචිච දේවල් උදේට නොම දිස්වෙයි
    තාප්ප සේරම පාප්ප නාගෙන පෝස්ටරෙන් වැනසෙයි

    ඉංගිරීසි ගණන් පංති කොම්පියුටර් චිත්‍ර කතා
    සංදර්ශන ධර්ම දෙසුම් පිං පැමිණිලි චන්ද කතා
    කුංෆු ජූඩෝ තයි කොන්ඩෝ සිරම් බරං සටන් කතා
    මැහුම් පංති කෑම පංති ගීත පංති ප්‍රේම කතා

    යටින් ඇලවිලා
    උඩින් ඇලවිලා
    පාප්ප පිරිලා
    තාප්ප බිමට පෙරලිලා

    පාප්ප ගාලා තාප්ප ගානේ පෝස්ටරේ ඇලවෙයි
    මාස්ටර් සර්ලා කාෂ්ට අව්වේ තාප්ප වල වේලෙයි
    රාත්‍රි කාලේ ඇලිචිච දේවල් උදේට නොම දිස්වෙයි
    තාප්ප සේරම පාප්ප නාගෙන පෝස්ටරෙන් වැනසෙයි

    ප්‍රිටී මූණු ගිල්ටි මූණු කපටි මූණු මල්ටි මූණු
    රවුං අකුරු දඟර අකුරු චූටි අකුරු පොකුරු පොකුරු
    ලොකු දඬු අඬු ඇන්ටික් බඩු රජ කවි මඩු තව අවනඩු
    හරි රස මුසු උසුලු විසුලු ඇත නුසුදුසු මරු කසු කුසු

    යටින් ඇලවිලා
    උඩින් ඇලවිලා
    පාප්ප පිරිලා
    තාප්ප බිමට පෙරලිලා

    පාප්ප ගාලා තාප්ප ගානේ පෝස්ටරේ ඇලවෙයි
    මාස්ටර් සර්ලා කාෂ්ට අව්වේ තාප්ප වල වේලෙයි
    රාත්‍රි කාලේ ඇලිචිච දේවල් උදේට නොම දිස්වෙයි
    තාප්ප සේරම පාප්ප නාගෙන පෝස්ටරෙන් වැනසෙයි

    ගායනය: නිහාල් නෙල්සන්

    ReplyDelete
  41. මේකේ මොකක් හරි යටි අරුතක් එහෙම තිබුනානම් ඔන් මටනම් තෙරෙනේ නෑ. මතුපිට කතාව උනත් ඇති මටනම් :)

    ReplyDelete
  42. ඕන් දේශකයා කොරපු දේවල්..මේ පාර මැතිවරණයටත් අරව කලා මේව කලා කියල කියන්නෙ කවුරුහරි වැඩට අඩගහයිද කියලද දන්නෑ.. :-p

    මං යනෝ.. පුරුදු ෆුට්බෝඩ් එකමයි අදත් . හැමෝම ඇවිත් ගිහින් නොවැ.. :-D

    ReplyDelete
    Replies
    1. ෆුට් බෝඩ් එකේ යන්න තනියට මාත් ඉන්නව .. හෙහ් හෙහ්

      Delete
    2. පුට්බෝඩ් දීපාකා සහ පාපුවරු පැතුම්.. හැක්..

      Delete
  43. මමත් එක සැරයක් පෝස්ටර ගහල තියෙනවා වේදිකා නට්ටියකට නම් .. ටෙනිසන් කුරේ ගේ එකක් ..

    දැන් ඒ කියන්නේ දේශකය ජෙප්පෙක් .. හරි ඉතින් මේ වගේ හැකර කටක් කියන්නේ ජෙප්පන්ගේ ලක්ෂණයක් තමයි ..

    ReplyDelete
    Replies
    1. මගේ අහිංසක කට පව්.. හැක්..

      Delete

  44. //දේශකයා
    විප්ලව සල්ලි!!
    2 weeks ago// හ්ම්ම් හ්ම්ම්ම්... ඇති ඇති හිටිය ඔය !!! :D

    ReplyDelete
    Replies
    1. හිත නිදහස් නෑ බං... කරදර ගොඩයි.. තැන්කුයි හැක්..

      Delete
    2. ඔය කමෙන්ටුව දැම්මට පස්සෙ නම් මට නිකමට වගෙ හිතුනා දේශකයා මොනව හරි වැඩ ගොඩක වත් හිර වෙලා වෙන්න ඇති කියල. වැඩිය පේන්න හිටියෙත් නැද්ද කොහෙද පහුගිය ටිකේ.
      හරි... එහෙනම් පස්සෙ එමුකෝ.

      Delete
    3. ඔව් පසුගිය මාස දෙකේම අබිලික්.. තැන්කුයි හොයා බැලුවාට...

      Delete
  45. ලිපිය හොඳ එකක්. මේක ලංකානිව්ස්වෙබ් එකට දැම්ම කතුතුමා හරහා . බ්ලොග් ලිපිනය සහිතව. කමක් නැත්ද ?

    ReplyDelete
    Replies
    1. වෙල්කම් අජිත්.. කිසි අවුලක් නෑ. ඔබගේ වෑයටම බෝම ස්තුතියි. මා දැක්කා කිහිප දෙනෙකුගේම ලිපි පලවෙනවා එහි.. ඔබගේ වෑයමට නැවතත් ස්තුතියි

      Delete