Friday, September 19, 2014

ගොබ්බ මුදලාලි!!

ඔන්න බලන්නකෝ වැඩේ එක හොර ගෙඩියෙක් කරපු දහදුරා වැඩක් ගැන කිව්වම වටේම ඉන්න ශ්‍රද්ධාවන්ත සොරුන්ට තමන්ගේ අතීතය මතක් වෙන්න ගන්නවා. මටත් ඒක උනා. අර තිලක සිත කියන හොරගෙඩියා “ගොබ්බ කැෂියර්“ කියල කතාවක් දාලා තිබුනේ ඒකේ නමනං පස්සේ ඩීසන්ට් උනා මට මතක හැටියට. ඕං ඒක නිසා මටත් මතක් උනා ඒ කාලේ හොරෙන් කාපු හැටි.

මම මේ කියන්නේ සාමාන්‍ය පෙළ කරන කාලේ කරපු වැඩ ගැන. මම කලිනුත් කිව්වා අපිට ඒ දවස් වල මර්ඩර් හවුස් (ඕක අර රවි කියන මාගල් කාරයාගේ වචනයක්) ගැන ආරංචි පුදුම විදියට ලැබෙන්නේ. අපේ සැට් එකේ ඉන්න හාදයෙක්ගේ යාළුවෙක්ගේ යාළුවෙකුගේ ආච්චි කෙනෙක් මැරුනත් ඒක අපේම මර්ඩර් හවුස් එකක් විදියට තමා අපි සලකන්නේ. ආරංචිය ලැබුන සැනින් එහාට දුවල, තියෙන වැඩ පල ටිකක් කරල දීල හෙම, ආ ඔව් ඒ ආනුභාවයෙන් ඔය බ්‍රිසිටල් දෙක තුනකුත් ලැබෙනවා... ඒකත් උරල කරල ගෙදර එන්නේ ක්ලාස් යන්න එපායැ. ඉතිං ක්ලාස් ගිහිල්ල හැන්දෑවේ හතට විතර ආයි කස්ටිය සැට් වෙලා යනවා මර්ඩර් ගෙදරට. එක්කෝ බයිසිකල් කටු වලින් නැත්නං පයින්. ටිකක් දුර නං බස් වලින්. 

මර්ඩර් හවුස් එක හවුස්ෆුල් වෙනවා රෑ අට නමය වෙද්දී. කලින් ආපු අපි ගැන කාටවත් එතකොට ගානක් නෑ. අනික අපි හරි අහිංසක සුට්ටි කොල්ලෝ නෙව. අහිංසක කම නලල දිගේ බේරෙන ගානට තෙල් ගාලා කොණ්ඩේ චප්ප වෙන්නම පීරල දෙපැත්තට දාලා ඉන්න මේ ගිරහෙනි කොල්ලෝ ටික කාගේ කව්ද කියල බලන්නවත් මර්ඩර් හවුස් අයිතිකාරයන්ට උවමනාවක් නෑ. ඒකට කාරි නෑ මර්ඩර් හවුස් එකේ අපේ නියෝජිතයෙක් ඉන්නවා නේ. ඒ මදෑ. අපේ පොඩි පොඩි අවශ්‍යතා සැට් එකේ යාළුවා හරහා කෙලින්ම උගේ යාළුවගේ යාළුවටම කතා කරන්න පුළුවන්. ඉතිං කියන සුනංගුවෙන් බ්‍රිස්ටල් පැකට් එක, තේ ඩිංග පාං පෙත්ත හෙම ලැබෙනවා. අපි ඉතිං හවුස් ෆුල් උනාම සයිඩ් ගහනවා. ඉන්න හිටින්න තැනක් නැති සරණාගතයෝ විදියට අපි කරන්නේ ඒ කිට්ටුව කොහේ හරි තාප්පයක්... හැබැයි ඉතිං ටිකක් කළුවර තැනක් වෙන්ටත් ඕන.. උඩට වෙලා පන්දං පත්තු කරමින් කාලය ගත කරන එක තමා. ඒ කාලේ මගේ පන්දං පාලියේ තරම දැක්ක නිසා වටේ පිටේ අනිත් හැම සැට් එකක්ම මට දාලා තිබුන කාඩ් එක “බ්‍රිස්ටල්“. නොදන්න කෙනෙක් නෑ අප්පා ඒ නම කිව්වම නං. ඒත් අපි අහිංසක අය.

රෑ දොළහ විතර වෙද්දි නං මර්ඩර් හවුස් එකේ අතේ ඇගිලි ගානටවත් සෙනග නැහැ. ඔන්න ඉතිං අපිත් වැදගත් කියල හිතල අයිතිකාරයෝ පාරේ ඉන්න අපිට වැදල වගේ කතා කරන්නේ. “එන්න පුතාලා ඇතුලට. මොකද මේ එළියට වෙලා හිටගෙන. වාඩි වෙන්න වාඩි වෙන්න.. තේ බොන්න“ ඔන්න ඔහොමයි සැලකිල්ල. පව් නේ ඒ මිනිස්සු අසරණ කරන්න හොද නෑ කියල අපි ගිහින් වාඩි උනාට, පැය බාගයක් යන්න මත්තෙන් අපේ හිත් වල තියෙන භයානක ගතිය නැති වෙනවා. සැන්ඩා කියන හාදයා තමා ඇම්ඩා කතා වලට බෝම ප්‍රසිද්ධ. ඌ ඒවා කියන කොට මර්ඩර් වෙච්චි හාදයා උනත් නැගිටල එන තරමට තමා මේ අහිංසක කම බේරෙන පොඩි කොල්ලන්ගේ හිනාව. ඔය හිනාව දෙපාරක් තුන්පාරක් ගේ වනසන්න ගානට යන කොට තමා අයිතිකාරයොන්ට පුෂ්පය විකසිත වීගෙන එන්නේ. අන්න ඒ වෙලාවට අපිට පණිවිඩ කාරයෙක් එවනවා. “යකෝ තොපේ ටිංකිරි හිනාව නවත්තගනිල්ල.. මේක මළගෙයක්“ කියලා. ඔය පණිවිඩේ දෙතුන් පාරක් එනකම්ම අපිව එළවනව බොරු. ඇත්ත කියන්න එපායැ.. කටවහගෙන ඉන්නවනං හිටු. නැත්නං පල කියල බෝම ආදරෙන් මතක් කරාම අපි නැගිටල ආයි පරණ පුරුදු තැනට යනවා. ඔතනදී හිනා වෙන්නේ අහල ගම්මානේම ඇදන් උඩ යන්න. ඉතිං කොහේද විසුමක්.. රෑ දෙක පහු වෙන කොට නං ඔන්න වෙන අයිඩියා එකක් එනවා. මෙතැන චාටර් උනා දැං මදෑ කියල කට්ටියම ඒ අයිඩියා එක පස්සේ එල්ලෙනවා.

“ඒයි මචං අපි යමං නානගේ බේකරියට..“

“යමල්ලා යමල්ලා. සල්ලි කීයක් තියේද බලහල්ලෘ“

ඔය විදියට ආඬින්ගේ පොකැට් හිස් කරන්න ගන්නවා. එතකොට වැඩිම උනොත් එකෙක්ගේ අතේ රුපියල් පනහක් තිබුනොත් උගේ සිහි විකල් වෙලා කියල තමා හිතන්න වෙන්නේ. මාත් උපන්තේකට ඔය කැඳහැලියට රුපියල් දහයකට වඩා දාලා නෑ.

ඔහොම එකතු කරගන්න ඔක්කෝම සල්ලි වැඩිම උනොත් රුපියල් එකසිය පණහක් විතර වේවි නැත්නං ඊටත් අඩු වේවි. සල්ලි ටික එකෙකුගේ අතේ තියෙද්දී කස්ටියම යනවා බේකරියට.

ඕකේ අයිතිකාරයා මුස්ලිම් මුදලාලි කෙනෙක්. මිනිහගේ හෝටලේ පිටිපස්සේන් තමා බේකරිය තියෙන්නේ. අළුත් පාර, පරණ පාර කියල හදුන්වන පාරවල් දෙකින් හෝටලය පරණ පාරට මූණ දාලා ටවුමේ තියෙද්දී බේකරියට යන්න තියෙන පහසුම පාර තමා අළුත් පාරෙන් ඇවිත් පටු පාර දිගේ ටික දුරක් යන එක. බේකරියේ පෝරණු වලට හරි හරියට වැඩ නං මොන කතාද අලුත් පාර ගාව ඉදලම එන නැව්ම් සුවද අපි ගිලිනවා තියෙන ආසාවටම.

එක පාරට සැට් එකම යන්නෑ. තුන්දෙනයි යන්නේ.

“මුදලාලි.. මුදලාලි.. “

“කව්ද මාත්තියා“

“මුදලාලි. මේ අපි මළගෙදර අය.. බනිස් ටිකක් ගන්න ආවේ.. බනිස් බෑවද?“

“ෂරි ෂරි.. මේ දැං බෑවේ.. මාත්තියා ඔය ලැයිට් එක පේන ජනේලේ ගාවට එන්න“

මිනිහා බේකරිය ඇතුලේ ඉදන් බෙරිහන් දෙනකොට හිමීන් අපි ජනේලේ ගාවට ඇදෙනවා. අම්මෝ ජනේලේන් ඇතුලේ ලෝකය එකම කෑම ගංගාවක්. තැටි වල දාපු බනිස්, මාළුපාං, බිත්තරපාං, සීනි බනිස්, කිඹුල බනිස් හෙම පුරෝලා. උණු උණුවේ තියෙන මේවයින් නට නට කැරකි කැරකි උඩ නගින දුං ටික දැක්කම ආසාවේ බෑ. 

ජනේලෙ කිට්ටුවට එන මුදලාල‍ි අපි දැක්කම මූන වෙනස් කරගන්නවා.

“අයියෝ මේ මල්ලිලා ද ආවේ.. හා කමක් නෑ බනිස් කීයක්ද“

“අපිට බනිස් දහයයි.. ප්ලේනිටි තියේද මුදලාලි..එහෙනං ප්ලේනිටි පහකුයි. තව ගෝලීප් පහකුයි දෙන්න“

“ඉන්න මල්ලි.. කාලා යනවාද ගෙනියන්නද“

“නෑ කාලාම යනවා.. නැත්නං ප්ලේන්ටි අරන් යන්නත් එපායැ“

ඔන්න ඕම තමා වැඩේට එන්ටර් වෙන්නේ. හෙමින් හෙමින් එකා දෙන්නා ජනේලේ ගාවට සැට් වෙනවා. බේකරියේ වැඩ කරන අයට හදපු තේ ඩිංගත් මුදලාලියා අපිට විකුණන නිසා මිනිහට සන්තෝසයි. අපිට ඊටත් සන්තෝසයි පොර ඩිංගක් එහාට මෙහාට දුවන එකට. ඔන්න බනිස් දහය නං තැටියක දාලා ගිණි උනුවට ජනේලෙන්ම අපිට එනවා. අපි ජනේලේ ළග ඉදගෙන එක පාරට බඩු ටික බඩට දාගන්නවා.  ඊට පස්සේ තමා පොරේ. හැම එකාටම ජනේලෙන් එක පාර අත දාන්න එපායැ. අත දිග උන් වැඩි පුර දිනනවා. අත කොටාලා පස්සෙන් එනවා. ප්ලේන්ටි ටික එනකොට අහිංසක ළමයි ටික තමන්ගේ බනිසේ අන්තිම ඩිංග ආසාවෙන් කන විත්තිය තමා මුදලාලිට පේන්නේ. ප්ලේන්ටි තැටිය දීල හැරුනා විතරයි ඔන්න ආයිත් ජනේලේට පයිට් එක.

මුදලාලි මේ වැඩ් මේ විදියට වෙනවා කියල දැනගන්නකොට ගමන් තුන හතරක්ම මර්ඩර් හවුස් පාටි වලදි අපි මේ වැඩේ කරා. කෝම හරි අපි අන්තිම වතාවට බනිස් කන්න ගියපු වෙලාවේ මුදලාලිය තමන්ගේ සීසීටීව් ඇස් දෙක අපි ගාව තියල වැඩ කරල තියෙන්නේ. මිනිහට සැකයක් තියෙන්න ඇති. ඇයි යකඩෝ පෝරණුවෙන් බාන බඩු වලට මොකක්ද වෙන්නේ කියල දැනගන්න එයාටත් අයිතියක් තියෙනවා නෙව. ඕක ඉතිං අපි දන්න එකක්යැ. ජනෙල් සෙල්ලම වැඩි වෙලාවක් කරන්න උනේ නෑ.

“පර වේෂිගේ පුතාලා. තොපි තමා එහෙනං මෙච්චර දවස් හොරෙන් කෑවේ. හිටපියව් තොපිට“

ඔන්න වේරම්භ වාතයක් වගේ පොර දොර පොල්ලක් අරන් බේකරියේ දොර ඇරගෙන ඇවිත් අපිට තඩි බාන්නයි ලැහැස්තිය. ඒකටම හරියන්න බේකරියේ බුවාලත් සැට් වෙලා. තව මොහොතකින් ලැබෙන සංග්‍රහය හොද හැටි තේරුං ගත්ත අපි හැල්මේ සීසී කඩ දුවල බේරුනා. ඒත් කියන්න කනගාටුයි. හැම එකාගේම අතේ බනිස් දෙක තුනක් වත් ඇලිල තිබුනා හති අරිද්දි. එදායින් මෙදායින් නං නානාගේ බේකරියේ අපි පස් පෑගුවේ නැහැ.

මේ ළගදිත් මම නානාගේ හෝටලේට ගියා. යනකොටම කැෂීයර් කූඩුවේ ඉදගෙන බෝම සාන්ත දාන්ත විදියට “එන්න මහත්තයා. ඉදගන්න.. මොනවද කන්නේ“ කියල මගෙන් ඇහුවම අර තඩි පොල්ල අරන් මගේ පස්සේ පන්නපු නානාව සිහි වෙලා හිනාවක් ගියත් එක්ක.

ආහ්. අමතක උනා නෙව පළවෙනි දවසේ හොර වැඩේ එකවුන්ට් එක කියන්න.


මුදල් වලට ගත් භාණ්ඩ වලට අමතරව ලැබී තිබූ ආධාර හා පරිත්‍යාග. මේකට ඉතිං අපේ නානා මුදලාලිට ඇර කාට ස්තුති කරන්නයැ.

බනිස් ගෙඩි 27 යි.
ගල් බනිස් 8 යි.
කිඹුලා බනිස් 16 යි.
මාළු පාන් 12 යි.
බිත්තර පාං 5 යි.
රෝස් පාං 6 යි.
පාං ගෙඩි 3 යි.
බයිසිකලේ එල්ලල තිබුන පාං ගෙඩි 2 යි.
ජනෙල් පට්ටම උඩ තිබුන රුපියල් දෙකේ කාසියයි. බීඩි කොටයයි.

හැක් හැක්...

139 comments:

  1. මේකට ගොබ්බ කස්ටමර්ස් කියල දැම්ම නං හරි.

    ReplyDelete
    Replies
    1. අපේ එවුන් දෙන්නෙක් පොඩි ක‍ාලෙ මුදලාලි හෙල්ලෙනකං ඉඳල ලොකු සුරුට්ටු පෙට්ටියක් ඉස්සුව. මං හිතන්නෙ අවුරුදු 12ක් විතර ඇති ඒ වෙද්දි. අන්තිමට මත් වෙනකල් කළු සුරුට්ටු බිව්ව බං.

      Delete
    2. එහෙනං ගොබ්බ කැෂියර් උනේ කෝමද?? හැක්. හැක්..

      කළු සුරුට්ටු බොන එක කොයි තරං අමාරුද බං එක දිගට නොනිවී සුරුට්ටුවක් බොනවයි කියන්නේ ලොකු හපන් කමක්... එක පාරක් මුදේ නාන්න ගියපු වෙලාවක මම නෑවේ නෑ. අපට ලැබ්ච්චි බෙන්සන් පැකට් එකක් මට බලාගන්න කියල මුං ගියේ. නාලා එද්දි ඒකෙන් කූරු හතරයි බං ඉතිරි වෙලා තිබුනේ.. හැක්..

      Delete
    3. දවසක් අපි රෑ ගොයම් මඩවන කමතක ඉද්දි කොල්ලෝ ටික ගියා කිතුල් රා මුට්ටි උස්සන්න .කොහොමින් කොහොම හරි ගෙනාවා කියමුකෝ.කට්ටිය සෙට් වෙලා බොන්න හදන කොට තමයි දැක්කේ රා මුට්ටි අයිති එකාගේ පුතත් අපිත් එක්ක සෙට් වෙලා මුට්ටිය උස්සන්න.ඌ තමයි අපේ එවුන්ට මුට්ටිය තියන තැන හරියටම කියලා තියෙන්නේ .පස්සේ ඌම කියනවා මමත් ඕක කරන්න තමයි බලාගෙන හිටියේ කියලා ...

      Delete
    4. //නාලා එද්දි ඒකෙන් කූරු හතරයි බං ඉතිරි වෙලා තිබුනේ// ඇයි බොලා ඉතුරු ටික කෑවද?

      Delete
    5. නලියා හොඳයි නෙවැ !! චැහ්

      Delete
    6. අපි මේ අවස්තාවෙද් මෙතෙක් කල් නලින් මහතා වෙත තිබු වර්ථාව රාඡ් මහතා වෙත බාර දෙනවා.

      Delete
    7. මැන්ඩා තොට ඩෝප්.. රාජ් මහතා කූරු බොන්නේ එහෙමත් වෙලාවකට පමණි... කලින් නං බැරල් කපන කොටත් කූරු බිව්වෙය..

      Delete
  2. හපොයි හපොයි. බලාගෙන ගියාම මේ බනිස් හොරු සැට් එකක්නේ බ්ලොග් ලියන්න බැහැලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දුප්පතුන්, හොරු, මංකොල්ල කාරයෝ, මං පහරන්නෝ වැහි වැහැල බං තිලකේ මෙහේ.. හැක්

      Delete
    2. තිලකෙ,
      මේක ඇවිල්ල ධනපතියා[මුදලාලි]ට එරෙහි පීඩිතයා[කොල්ලො]ගෙ සටනක්. හොරකමක් නෙවේ!

      Delete
    3. ++ඔව් ඔව් රාජ් මේ අධිරාජ්‍යවාදී තෝසේ කඩ මුදලාලිලාට එරෙහිව කරපු සටන් ගැන වීර කතානේ

      Delete
    4. හි හි ,,

      Delete
    5. වි ප් ල ව ය ට ජ ය වේ වා … !!!!

      Delete
    6. ධ න ප ති ය න් බං ග වේ වා!!

      Delete
  3. යකෝ උඹලව මර්ඩර් කරන්න එපැයි කරල තියෙන වැඩේ හැටියට.
    කොච්චර කෑව උනත් අර ජනෙල් පට්ටම උඩ තිබ්බ දෙකේ කාසියයි බීඩි කොටෙයි ගත්ත එකනං කැත වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඒ බීඩි කොටේ තමා වැඩියෙන්ම වටින්නේ බං..

      Delete
    2. වැරදි බිඩි කොටේ උස්සපු එක..

      Delete
    3. ඒ කොටේ නේ බං හැමා්ම ඩිංග ඩිංග ගත්ත එකම දේ.. හැක්

      Delete
  4. අපො මෙහෙම් මිනිස්සුනෙ අපි ආස්‍රය කරන්නෙ:D

    ReplyDelete
    Replies
    1. ආස්සරේ කරනවා තියා ඔයා දකින්නෙත් කලාතුරකින්නේ!

      Delete
    2. දැනගන්නත් එක්ක දැම්මේ.. හැක්..

      @ ඇනෝ.. උඹ නං ගිම් එනකංද කොහේද බලං ඉදල තියෙන්නේ..

      Delete
  5. හප්පා මුං නිකං හොරු නෙවෙයි.කම්බ හොරු.තොපි අර අහිංසක මුදලාලියට කරපු වැඩේට චික් කියල හිතුන යකෝ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා එල ද බ්‍රා..
      ආවා මෙතන හොද ළමයා වෙන්න

      Delete
    2. ප්‍රසා.. ඔන්න ඕකට තමා හැලප කොලේ උඩම තියල හැලප කපනවා කියන්නේ..

      Delete
    3. හුටා හොඳි ඕනෙම නැහැ....:D

      Delete
    4. හැලපෙට උදව් කරන එකා නේ ප්‍රසා.. හැක්..

      Delete
    5. මදි පාඩුවට ගොලිප් එකක්
      - ස්තුතියි -

      Delete
    6. පොට්ට කැබරාව මං ගේන්නං..

      Delete
  6. කුජීතයි යකෝ
    මේ මළ ගෙවල් වල ගිහිල්ල ඕව විතරද කරේ ඈ...
    ඔක්කම බනිස් කාල විතරනෙ...
    සැක් ඉතරක් පිටි ගොඩ...
    හෙක් හෙක්...

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ බනිස් නෙමෙයි ගල් ගෙඩියක් උනත් කාවි බං උස්සපු එකක් නං..

      Delete
  7. අර අන්තිමෝට තියෙන ලැයිස්තුව ගියේ බඩටද...වෙන කොහාටවත්ද?

    ReplyDelete
    Replies
    1. අපි දහයක් හෝ අටක් හිටියා. ඔය එක එකා ගාව තිබුන පරිත්‍යාග වල ලැයිස්තුව. ඇත්ත ගාන ඔයිට වැඩි මිසක් අඩු නං නෑ විසිටෝ..

      Delete
  8. මෙන්න මෙහෙම හොරු රජ්ජුරුවො හදන්න හදනවා. ඉතිං හරියයිද ?මෙයා හොඳයි පොදු අපේක්ෂකයා කරගන්න

    ReplyDelete
    Replies
    1. "හොරෙක් වෙනුවට,, බනිස් හොරෙක්" දාමු තේමාවට. :D :D

      Delete
    2. ප්‍රියා මෙන්න උඔගේ කමෙන්ටුව ආතර් මකලා

      Delete
    3. ශැක්! මාත් මේ මූව අතටම අහු වෙනකම් බං ඉන්නෙ. :D

      Delete
    4. අම්මට සිරි.. දැං ඒ මකන එකා ආතර් කියල උඹල අදුරගත්තද?? නියමයි මචෝ.. ඕවට තමා සීඅයිඩී කියන්නේ...

      සරා. මාව දාහං බොලාටත් යන කල දසාවක් තියෙන්න එපායැ.. හැක්..

      Delete
  9. කව්ද බිඩි කෝටේ බිව්වේ...?
    නානට මතක් කරන්න තිබුනේ එහම වුනානම් පොරත් බඩ අල්ලන් හිනා වෙයි.

    ReplyDelete
    Replies
    1. හිනා කෙසේ වෙතත් එදා දෙන්න බැරි උන ගුටි පූජාව වත් නානා දෙයි, මදි නොකියන්න. :D

      Delete
    2. නානා වියෝලේ රාග තාල හැප්පිලා :D

      Delete
    3. නින්ද නැතුව රැ දෝලහට
      නෝනා මට අත වනනවා...මම නෝනාට බැ කියනවා
      කව්ද වෙදා හිසේ වෙදා තෝට බැරිනම් මට කියපං
      අයනු කුසේ සද කුරැසේ
      නානා වියෝලේ රාග තාල හැප්පිලා...//
      හරෝ හාරා ගෝවින්දා
      ගෝවින්දා ගේ බින්දා
      මොකද ලෙඩේ
      බඩේ ලෙඩේ
      කව්ද වෙදා..හිසේ වෙදා
      තෝට බැරිනම් මට කියපන්

      Delete
    4. කෝමද බං කටක් ඇරල කියන්නේ. කව්ද දන්නේ අපි විතරයැ හොරට කෑවේ කියලා...

      Delete
    5. මෙන්ඩ, මේව අහල තියෙනවද?

      ආනන්ද විද්‍යාලෙ ඉගෙන ගත්තු ඉස්කෝලේ....//
      ඇහුවෝතින් මගෙ තාලේ
      දානව රන් මුදු මාලේ..

      මොකද ලෙඩේ..බඩේ ලෙඩේ
      කවුද වෙදා..ජුසේ වෙදා..
      නාකිවෙදා..පොට්ට සුදා.
      ඉළන්දාරි වෙන්ඩ හොඳා..
      දැල් දැම්මද ඔරු යාළු..
      ඇල්ලුවාද ලොකු මාළු...
      ආන්ඩි ටිකට තඩි පොල්ලෙන්.. රා බොම් බොම් පොල්කට්ටෙන්..

      නා නා වියෝලේ රාගතාලෙ හැප්පිලා....//

      හොඳ බේතකි සිරිතේක්කු..//
      ගහපු හැටියෙ නෑ කුළප්පු....//
      බයිල ලොවේ බයිල යක්කු...මාව දැකල තක්කු මුක්කු..
      අරෝ හරා..ගෝවින්දා..
      ගෝවින්දගෙ ගේ බින්දා..
      ජිම්කානා එක ඇදෙන්න...
      මෝඌඔර් පොළට..යාආර් වෙන්න...
      ස්ව රූපය ඔප වැටෙන්න....

      නා නා වියෝලේ රාගතාලෙ හැප්පිලා....//


      ගැයුම - සමන්ද සිල්වා

      Delete
    6. ඇයි මෙන්ඩා විතරක්... මාත් නෑ අහලා ඕක..

      Delete
  10. ඊරිසියාවේ බෑ අපිට ඔච්චර දේවල් කොරන්ඩ බැරිවෙච්චි එකට. අපි කලේ ඉතිං බනිස් එකේ යට පැත්ත කාලා තියලා එන එකනේ.

    ReplyDelete
    Replies
    1. ඔහොම කාල මාට්ටු වෙලා ,බනිස් වලින් තොප්පි දාලා පාර අයිනේ හිටවලා තිබ්බනේ අප්පා .. මම කිව්වේ මේ අපිව නෙවෙයි වෙන කට්ටියක්ව

      Delete
    2. අපි කෑවෙ "ගල්" බනිස් :D

      ඕ යේස් !!!

      Delete
    3. අන්න චින්තකයා හොයනවා චින්තන එකෙන් හොරෙන් ගල් බනිස් කාපු එවුන්..

      Delete
    4. අපෝ විචා.. ඔය බනිසේ මැද කන එක නං ඒ තරං දෙයක් නෙමෙයි. දහයක් විතර සෙට් උනාම. අපි එක පාරක් පට්ටිපොල පොඩි කඩේක තිබ්බ බනිස් පහෙන් තුනකම මදේ කෑවා..

      Delete
  11. මේවනම් ඉතින් හෙන හත ගහන වැඩ..

    මේන් වැදගත් දෙමව්පියන්ගේ දරුවෝ වැදගත් විදියට මළ ගෙවල් වල ගිය ආකාරය..

    http://maathalan.blogspot.com/2013/05/bread-marijuana-plain-tea.html

    ReplyDelete
    Replies
    1. හම්මේ ඔව් ඒක ඇත්ත,, දේශා බලන් ගියාම එසේ මෙසේ හොරෙක් නෙමේනේ

      Delete
    2. හරි නං මූ ඉන්ඩෝනැ පාර්ලිමේන්තුවෙ..මගුලක් කරනවද බ්ලොග් ලිය ලිය ..
      පාර්ලිමේන්තු ගියත් අමතක කරන්ඩෙපා…

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    3. ගොල් ලිප් 5යි (නලියා/ රාඡ් නැතුව)

      Delete
    4. ඒකනේ මාතෝ බොට සීයා ආරරෙන් කතා කරන්නේ.. හොද ළමයි..

      මොකකද මෙන්ඩෝ මේ රාජ් අල්ලන් දගලන දැගලිල්ල. ඌ අහිංසකයා..

      Delete
  12. අය්යෙ,
    උඹට අය්යා කිව්වට සමාවෙයන් මට 30ක් නිසා බෝ ඊට වඩා වයස ඇති කියලා හිතුවා.ඉතින් උඹගෙ කතා මාව මගේ කොලු කාලෙට අරගෙන ගියා. උඹ් ලියලා තියනවිදියෙම අතීතයක මෙතන ලියන හැම එකාටම ඇති කියලා හිතෙනවා.

    ජූල්ගහ සෙන්ට්‍රල් ගියපු හැම එකාම දන්නවා වැලිවිට ස්ටෝස් එකයි.දැන්තියේද දන්නෙ නෑ ඇන්ටි කඩේ කියලා එකයි. යකෝ ඔය විදියම තමා උස්සන්න පුලුවන් හැම එකම උස්සනවා. ලුණු පැකට්, ළූණු, අල, සැමන් වගේ ඉස්කෝලෙ යන එකෙක්ට වැඩක් නැති දේ පවා උස්සනවා.ෆ්‍රිජ් එකජ් ඇරලා මයිලෝ එහෙම හ ගන්නෙ ගෙදර එකෙන් වගේ. දවසක් අපි 15ක 20ක විතර සෙනඟක් කඩේ මංකොල්ල කනකොට අර වයසක අන්කල් ඔලුව කැෂියර් කූඩුවෙ ගහගෙන හිටියා. "මාරයො ටික තොපි ඕන එකක් කරගෙන පලයව් "කියලා. අපි සරදියෙල්ලා වගේ උස්සපු වියලි ආහාර බෙදනවා රේල් පාරෙ වැඩ කරන් එවුන්ට.
    මර්ඩර් ගෙවල් කිව්වාම ඒලෙවල් කිට්ටුව අපේ ගෙවල් පැත්තෙ ගම්පාලුවක් ගියා. මගේ හිතේ විස්සක් විතර කජ්ජ ගැහුවා. ඉතින් ඒ ලෙවල් වලට මොකද වුනේ කියලා හිතාගන්න පුලුවන්නෙ.ගෝලිෆ්, බෙන්සන්,ප්‍රයිඩ්,ගෝල්ඩ් සීල් වගේ ගාල්ලෙ වරායෙන් පන්නන බඩු ටිකක් හොද මලගෙවල්වලත්. ටීරෝස්, ෆෝඒසස්,මාලිනී,සුදු බීඩි වගේ සාමාන්‍ය මලගෙවල්වලත්. පැට්ටො, කූරු, සහ ඔතන්න පැකට් ඔය හැම එකකමත් තිබුනා. ඉතින් මර්ඩර් ගෙවල්වල නයිට් ගැහිල්ල අවසානවෙන්නෙ ඉතාමත් සාමකාමී
    බෝඩිම්වල ජංගිවැල් හන්දියෙ එල්ලීමෙන් (කලේ කවුද කියා අනාවැකි පලකිරීම් පිහි ඇනුමකින් කෙලවරවුනේ)
    වනා ඇති ජංගිවලට ගම්මිරිස් කුඩු සහ.......දැමීමෙන්
    ජනෙල්වලට තට්ටුකර දිවීමෙන්
    තරහකාරයන්ගෙ, ක්‍රීඩාපිටිය අවට සෙල්ලම්කරනවාට කචල් දාන අයගෙ,මලගෙදර නෝආපු අපේම එවුන්ගෙ වහලවල්වලට ගල් ගැසීමෙන්(මට යන්න අම්මා කචල් දාපු දවසක වහලට ආවෙ අපේ ගෙදර පිටිපස්සෙන් කඩාගෙන් බීපු කුරුම්බා කෝම්බ)
    ග්‍රීස් ගාමිණිගෙ වැඩ සමූහයක් වසයෙන් කිරීමකින්(බැල්මට් පමනි)
    තැඹිලි හොරෙන් කඩාබී අයිතිකරුගේ ගෙදර ඉදිරිපිට ගොඩගැසීමෙන්
    ගූ කකුලුවො අල්ලා තම්බාගෙන පාන් සමග කෑමකින්
    ස්ටෙෂ්මේ ඩියුටි පිට නිදියන එවුනට වතුර ගසා දිවීමකින්
    එහෙමත් නැතිනම්
    අවමය තමා නයි වෛර ගෙවල් දෙකක එලියේ ඇති බඩු(මල් පෝච්චි, රෙදිවැල්) මාරු කිරීමකින්
    හොරකොටු පනින එවුන් ඇල්ලීමකින් හෝ පැනීමකින්

    වගේ සාධු ක්‍රියාවකින්.

    මේවා ලියන්න වෙනම බ්ලෝගක් හදාගෙන ඈතපලාතකට මාරුවක් හදාගන්න ඕන

    ReplyDelete
    Replies
    1. // මට 30ක් නිසා බෝ ඊට වඩා වයස ඇති කියලා හිතුවා// ආයෙ හිතන්න දෙයක් නෑ බං. මේ මනුස්සයට ඔය වගෙ දෙගුණයක් වයස ඇති!! :D

      Delete
    2. ගනං ගන්ඩෙපා බං.. මුගේ ලොකු කොල්ලා උඹේ වයසේ … ඕ යේස්

      Delete
    3. වෙල්කම් දිලා.. ඔය ලියල තියෙන්නේ නියමෙට. හොරුන්ගේ කටවල් ඇවිස්සනෙවා කියන්නේ ඕකට තමා.. හැක්..

      Delete
  13. මේ මොකක්ද අනේ වේරම්භ වාතයක් කියන්නේ ,,දේශක අයියේ මන් දන්නේ නැති හින්දා අහන්නේ ඈ,,(ඉවාන් ,පත්තරේ කියාල්ලකෝ බලන්න මොනාහරි) :(

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ බං ...... එක්කෝ ඕන නෑ .....:P

      Delete
    2. වේරම්භ වාතය කියන්නෙ මට මතක විදියට කල්පාන්තයෙන් හමන සුළගට...
      ලෝක විනාසෙ වෙන දවසටද කොහෙද එන්නෙ...
      ඉදල හිටල ලොකු ලොකු කුණාටු වලටත් ඔහොම කියනව ඒත් අරක තමා ඒ වචනෙ උපත...
      (වරදි නං දත්තෝ නිවැරදි කරත්වා)

      Delete
    3. එහෙම නැත්තං මෙන්න මේක
      අහසෙහි යොදුනකින් ඉහලින් හමනවා යැයි කියන වේගවත් සුළඟකට වේරම්භ වාතය කියල කියනව

      Delete
    4. වේරම්භ වාතය - අහසෙහි යොදුනකින් මත්තෙහි හමතැයි කියන වේගවත් සුළඟක්

      Delete
    5. ඉවාන් අයියා,,ඕකනේ බැරි බන්,,,

      මහේෂ්,, මන් අදමයි ඕක ඇහුවේ ස්තුති,,

      සින්දු ඒ ගැන ඔයාගේ ලයිබ්රියේ සින්දුවක් නැද්ද ?

      ඩිලාන්... ඉකේ බන්

      Delete
    6. @ඕමා
      එලිසබෙත් ඔබට මතක ද
      වේරම්භ වාතය හමා ගිය දවස?
      තේ දල්ලක් මෙන් නැඟී ආ ප්‍රේමය
      ''කටස්'' ගා කැඩී ගිය මොහොත?
      මට නම් පැහැදිලි ව මතක ය
      හමේ පැහැයත් බිණූ බසත් ඔබත්
      අමතක කර දමා මුළුමණින්
      හද සුවඳ පමණක් ම ම තුළ රඳවා ගත හැකි වෙතැ'යි
      අඥාන පැතුමකින් ඔබට සමුදුන් ඒ මොහොත

      ගත්තේ - http://www.boondi.lk/article.php?ArtID=2310

      Delete
    7. මේඝයක් සේ හුදකලා වී
      නීල අම්බරයේ
      නොදැන මගතොට
      බලා වටපිට
      අයාලේ යන ගමන
      කොතැනටදෝ....

      පෑල දිග රතු ක්ෂිතිජ රේඛාවේ
      බුර බුරා නැඟි අග්නි ජාලාවේ
      දැවී අළු වී යාද මා
      අතරමං වී ඇදෙන මේ ගමනේ..

      කෲර ව්‍යකුල චණ්ඩ මාරුතයේ
      ගසගෙන ගොස් ගැටී ගිරි මුදුනේ
      වහා සුන් වී යාද මා
      අනන්තය ඇස ගැටෙන මතු දිනයේ...

      ගායනය - නන්දා මාලනී

      Delete
    8. හි හි ස්තුති හොදේ ඉල්ලීම ඉස්ට කලාට,,ඔයා නම් දෙයියෙක් ඈ (ගූගල් දෙයියා වගේ)

      Delete
    9. සිංදු ඇනෝ !!!!!!
      උඹ ලැබුනේ අපේ පිනට බොස් …


      ඕකුං කියන්නෙ බොරු … වේරම්භ වාතේ කියන්නේ හචිං යනවට … බොරු නං අහපං අපේ හැලප අයියගෙං …

      Delete
    10. සිංදු ඇනෝ මගේ පිට් එක ඔන්න ඔය ගල් බෝතලේ ඉල්ල ගනින් අපේ පත්තරේගෙන්..ගහපං ප#%^&* වැඩි වුනොත් මම උඔ කරේ තියන් හරි යනවා යකු..
      ඕ යෙස්..ඔක්.ඔක්ක්..
      අරි උඔ ගනන් ගන්න එපා මට වැඩි නෑ..මචං මම සිංදු..උඔට වඩා උඔගේ හැකියාවන් වටින්නේ අපිට
      දඩං..දඩ බඩස්..
      සිංදු ඇනෝ- හුටා මෙන්න මාව කරේ තියන් හිටපු මෙන්ඩා වැටිලා.පත්තර මල්ලි අල්ලපන් මුව අරගෙන යමං

      Delete
    11. සුපිිරියි.. අන්න මාතාල බලාපොරාත්තු වෙන බ්ලොග් ලෝකය.. හැක් හැක්..


      සාමාන්‍යෙයන් වේරම්භ වාතය කියල උපමාවකට ගන්නේ ඉතා වේගවත් කියන අදහස එන්න. එහෙම නැත්නං එක පාරම ඇති උනා කියල පේන්න.. (මම හිතන හැටියයි කිව්වේ.)

      Delete
    12. අපි එකෙතුවෙලා ඒ ලෝකේ ගොඩ නගන්න මේ හදන්නේ ඉදගෙන මහන්සි වෙන කට්ටියගේ -බ්‍රෑන්ඩ් එක ගල්- කියන්නේ :D

      Delete
    13. ඔයාගේ පුංචි ලෝකේ ගොඩ නගන්න මේ අයියලා ඔයාට සප් එක දේවි මගේ චූටි බබෝ...

      බ්‍රැන්ඩ් එක ගල් කියන්නේ අර අම්මා ස්කිප් කරල යන තුන් වැනි සිල් පදේ වගේ එකක්. ඒක ළමයින්ට අදාළ නෑ.. හොදේ..

      Delete
  14. අර රුපියල් දෙකටයි බීඩි කොටේටයි මොකක්ද කලේ ?

    ReplyDelete
    Replies
    1. ඇම්ඩා සල්ලි අච්චු ගහපු හැටි දන්නව නේ

      ආං එහෙම රුපියල් දෙක රුපියල් හතරක් කරං කැටේට දැම්මා :D :D

      Delete
    2. පන්සල පැත්තේ එන්නෙවත් නෑ..
      අනමාලු කෝලිකෙට්ටු වේලෙනවා..නෝටියා..

      Delete
    3. රුපියල් දෙක නං ඉවානෝ... කව්රු හරි ගත්තා. බීඩි කොටේ නං හැමෝම උගුර උගුර ගැහුවා.. ඒක තමා රහම..

      Delete
  15. //ඉන්න හිටින්න තැනක් නැති සරණාගතයෝ විදියට අපි කරන්නේ ඒ කිට්ටුව කොහේ හරි තාප්පයක්... හැබැයි ඉතිං ටිකක් කළුවර තැනක් වෙන්ටත් ඕන.. උඩට වෙලා පන්දං පත්තු කරමින් කාලය ගත කරන එක තමා.//

    මේ වෙලාවට පොල්-අත්තක් හරි වෙන මොකක් හරි ඇඟට වැටුනානම් එහෙම කට්ටිය කෑගහගෙන දුවන හැටි මැවිලා පෙනුනා....:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි කිව්ව කතාවට තවත් මර්ඩර් කේස් එකක් මට මතක් උනා.. තැන්කුයි..

      ඔයැයි අයිස් වලට හොන්ඩර ගානට ගින්දර දාන එක මට නං ඉවසන්න බෑ...

      Delete
  16. හෙක් හෙක් දේශකයා - බනිස් හොරා :D

    //මර්ඩර් හවුස්// හෙක් හෙක්, පට්ට අධාර ටිකක්නේ හම්බ වෙලා තියෙන්නේ, අනේ පව් අර අසරණ නා නා, අපේ උන් ඕක කරන්නේ කටිනෙට සෙට් උනාම, මේ පාරත් කරන්න ඕනා, ගියපාර නම් ඉස්සුවේ වැලක තිබ්බ තෙත _____ වගයක්, :D

    ReplyDelete
    Replies
    1. මර්ඩර් හවුස් කිව්වේ අර බ්ලොග් බද්දට අරන් ලියන රවී..

      චිකේ බං.. උඹ දන්නවද ඒවා තෙතට තියෙන්නේ ඇයි කියලා. උදේට ඇදන් යන්න ඕන නිසා. ආයි කරන්න එපා බං ඒ වගේ වැඩ. සමහර විට එකෙකුට සතියම අදින්න දෙකක් වෙන්නත් පුළුවන් තියෙන්නේ..

      Delete
    2. :D, හ්ම්ම්ම් ඔව්, අපේ අමනයෙක් තමා ඒ වැඩේ කරේ, ඊට පස්සේ පිරිත් අහන ගමන් කිරන උන්ගේ ඔලු වල ඕක ටික වෙලාවක් ඕක ඔටුනු පලන්දලා තිබුනා, ඊට පස්සේ එලි වෙනකොට වේලිලා,

      හොඳම හරිය කටින පෙරහරේ ඉස්සරහින්ම යන කැබ් එකේ ඉස්සරහා ෂෙල් එකේ මොකෙක් හරි ඕක වනලා, කටිනෙට ඉස්සරහින් දිලිසි දිලිසි එනවා හොඳ මල් මල් _____

      Delete
    3. වේලුනාම ගිහිල්ල දෙන්න එපැයි බං... හැබෑට කැබ් එකක් මොකටද බං කටින පෙරහරේ. අර නුගේගොඩ මහරගම පැත්තේ තියෙන සෝබන බුදු දහමද ඔය..

      Delete
  17. බලාගෙන ගියාම මුං ඔක්කොම හෙන හොර පූසො ටිකක් නෙහ්..
    එවෙලෙ බාපු උණු උණු බනිස් කනකොට කොහොමද නේ ආතල් එක... :D

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ අනික හොර ඒවා කන කොට කෝමත් බෝම රහයි..

      Delete
  18. වැටෙයි කියලා බයේ ඇයි ගහෙන් ගහට ගියේ
    බිමට වරෙන් අතට වරෙන් චෝරු කුරුල්ලා
    ඇතත් ගහේ පිරී පැණි දොඩම් ඉදී නැමී
    වැඩිය කඩන නරක ළමයි ගමෙන් ගිහිල්ලා...//

    වළං කදේ අම්බලමේ වලං කාරයා
    ගොනා මගේ පිං සිදුවේ දියං බේරලා...
    අපි කොතැනේ රාජ රාජ සබාවේ
    බෝල බෝල පිඟානේ රාජ භෝජන කෑවේ...

    මුහුණ කැතයි කියා ඇයි නහය කැපුවෙ ඔයා
    මුද්ද ගඟේ දැම්මෙ නඟේ ගන්ඩ හිතා දෝ...
    දැලෙන් හුළං බදා ගත් අයෙක් නැතේ අසා
    තරාදියෙන් ඇතෙක් කිරූ කෙනෙක් කියල්ලා...

    සුළං අතේ යන ඔරුවේ රුවල් බාලා බෑ
    වරෙන් මලේ අම්බලමේ අගුල් දාලා නෑ...
    අපි කොතැනේ රාජ රාජ සභාවේ 
    බෝල බෝල පිඟානේ රාජ භෝජන කෑවේ...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : කීර්ති පැස්කුවල් සමඟ චන්ද්‍රලේඛා පෙරේරා

    ReplyDelete
    Replies
    1. උඹ ගැන මම ලියනවා සිංදු ඇනෝ. උඹටත් ගෞරවයක් ලැබෙන්න ඔන..

      Delete
  19. //බනිස් ගෙඩි 27 යි.
    ගල් බනිස් 8 යි.
    කිඹුලා බනිස් 16 යි.
    මාළු පාන් 12 යි.
    බිත්තර පාං 5 යි.
    රෝස් පාං 6 යි.
    පාං ගෙඩි 3 යි.
    බයිසිකලේ එල්ලල තිබුන පාං ගෙඩි 2 යි.//

    ඈ බොල මේ බඩවල් හැදිලා තිබුනෙ රබර් වලින්ද? :o

    නානා පවු හත් දෙයියනේ!! හැක් :D :D

    ReplyDelete
    Replies
    1. තොපි ඔච්චර බනිස් ‍ගොඩක් හංගගත්තේ පුකේ ගහගනද

      Delete
    2. චූන් පාං ලොරියක් බඩු !!! :D

      Delete
    3. මුන් ගොඩ ගියේ බනිස් කාලම වෙන්න ඇති! :D

      Delete
    4. ප්‍රියා ඔය ගාන දහ දෙනෙක් හරි අට දෙනෙක් හරි කාපු ගානක්.. අපි ගෙනාවේ නැහැ එකක්වත්. ඔය කාපු ගාන එතැන ඉදගෙන..

      @ අටමා.. හැංගුවේ නැහැ බං ඔය විනාඩි තුන හතරට ගිලපු ප්‍රමාණය..

      Delete
  20. ඒ සිරාවටම අර ලිස්ට් එකේ ඔක්කොම කෑවද?????
    පව් අප්පා බේකරි කාරයා.... අය්යෝ ෂල්ලි.... :D

    ReplyDelete
    Replies
    1. කෑව නේන්නං.. ගිල්ලා. පාං ගෙඩිය බලං ඉද්දි සුරුස් ගාල දෙන්නෙක් ගිල්ලා උණු උණුවෙම..

      Delete
  21. Replies
    1. අපොයි ආයි ඇවිල්ලා.. හැක්

      Delete
  22. අපේ පැත්තෙත් ඔහොම මළ ගේකුයි, බේකරියකුයි තිබ්බනෙ බන්.. ඔහෙත් තිබ්බද එතකොට ?

    ReplyDelete
    Replies
    1. මං කල්පනා කරේ අපේ සැට් එකේ සැන්ඩා කියල හිටියේ සෙන්නද කියලායි.. හැක්

      Delete
  23. දේශකයා හොරකම් නොකරේ මොනද ?ඈ ...අර හොර අරක්කු කතාව හොදයි නොවෑ තව ..:D :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. කියන්න බැරි හොරකම් හෙමත් තියෙනවා බං.. ටික ටික දෙන්නං. නැත්නං තොපිට මාවම එපාවේවි..

      Delete
  24. බ්‍රිස්ටල් අයියත් මාර බනිස් හොරෙක්නෙ :-D

    ReplyDelete
    Replies
    1. මල්ලි එටිසලාට් සිම් එකක් හොයාගන්ඩ බැරිවෙයිදෑ ??? :D :D

      Delete
    2. බුද්ධදාස ක්‍රිංඩාගනයට පැමෙිනෙන්න

      Delete
    3. අඩෙ අප්පට.! කොල්ලා සුදු වෙලා බං. බලපන්කො දැන් මුහුණෙ තියෙන පෙම් පාට.. :D

      Delete
    4. හප්පේ එටිසලාට් කොල්ලා

      Delete
    5. අඩේ අපේ ඉරටු කොල්ලා ආයි වැඩට බැහැල. හැබෑට ලැජ්ජ නැද්ද තොපිට මේ අහිංසකයට it is a lat කියන්න...

      Delete
    6. @පත්තරේ එටිසලාට් එකක් අරන් දෙන්න එන්ඩකො අයියෙ :-D

      @ප්‍රියාටනම් අරන් දෙන්නෙ ඇස්කණ්නාඩියක් :-D

      @ඉවාටත් ඇටසිලාට් ඕනද? :-P

      @බ්‍රිස්ටල් තාම වැඩට බැස්සෙ නෑ අයියෙ :-D

      Delete
    7. ඇයි බොට ඒ තරං ම බිසිද??

      Delete
  25. මෑණියනි … මිය ගියේ ඔබ නොව අපයි !!!

    - නානා -

    ReplyDelete
    Replies
    1. සිරාවට හිනා ගියා මේක දැකලා.. :D පට්ට ක්‍රියේටිව්...

      Delete
    2. එල ද බ්‍රා
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    3. පත්තර මල්ලි ++++++++++++++++

      Delete
    4. පත්තරේ ++++++++

      බයිට් එකට "ඇට කඩළ"
      -ස්තූතියි-

      Delete
    5. පත්තරයා ....+++++++++++++++++++++++++++

      Delete
    6. පත්තරයා කියන්නේ ඇට්ටරයෙක් කියන්නේ ඒකනේ.. ඕං මගෙනුත් වැටක්.. මොකද මටත් හොදටම හිනා ගියා ඒකට...

      ++++++++++++++++++++++++++++++

      Delete
    7. ඊයෙ රාත්තිරියෙත් පත්තරයගෙ කමෙන්ට් එක මතක්වෙලා තනියෙන් හිනා!! මූ කරොත් කරන්නෙ ඔහොම නිකන් පවුල් ප්‍රස්න ඇතිවෙන් වැඩ්ක් තමයි.

      Delete
    8. අම්මප ඇත්ත උපේ.. දවසකටවත් මිනිහා තමා ඔය ඇට්ටර පත්තරේ...

      Delete
    9. කිරි අප්පට බල්ලො පැනපි !!!!!!!!!


      මට තංතෝසෙ උහුලන් නෑ .. පයිනව කෝච්චියට :D :D

      Delete
    10. දුම්රියට හසු වී පත්තරයක් විසි වී ඇත. කියල තමා කියන්න වෙන්නේ..

      Delete
  26. ෂුවර් එකටම බයිසිකලේ එල්ලලා තිබුන පාන් දෙක උඹේ...හැක්

    ReplyDelete
    Replies
    1. පාං දෙක නං කමක් නෑ. මට පෙනුනේ උඹ වෙන මොකක් හරි දෙකක් ගැන කිව්ව වගේයි.. හැක්..

      Delete
  27. අර කිව්වත් වගේ තොපි යන පාරකවත් යන්න හොඳ නැහැනේ බොලවූ...:D
    ඇති නනා තාම ඉන්නවා තොපි වගේ දේවදත්ත කොල්ලෝ එක්ක ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං උඹලට ඉන්න තැන නොකියන්නේ.. බැරි වෙලා හරි තොපි ආවොත්.. හැක්...

      Delete
  28. මචං ඇත්ත ම ගොබ්බයා කවුද????? කතාව නම් තේරුණ ඒක ටිකක් අවුල් වගේ................

    ReplyDelete
  29. අපෝ තොපි වගේ සත්තු. අපි නං ඔය වගේ නසරාණි වැඩක් කවදාවත් කරල නෑ.

    ReplyDelete
    Replies
    1. අපොයි උඹ ඉතිං මගෙන් චරිත සහතිකයක් ගන්න වගේ හදන්නේ.. හැක් හැක්

      Delete
    2. මං දෙන්නං චරිත සහතිකේ.. කෝ අපේ ලොක්ක නෑ නෙවැ. නැත්‍තං ලොක්කගෙංම ඇරං දෙන්ඩ තිබ්බා :D

      Delete
    3. හැක් හැක්.. පත්තරේ.. එළ එළ. මාත් උඹත් එක්ක. මොකද ලොක්කත් මගේ යාළුවා..

      Delete
  30. තොපි හොරකම් කරලයැ.. බේකරි කාරයාව මරාගෙන කාලනෙ....

    ReplyDelete
    Replies
    1. හපොයි අදයි දැක්කේ මේක.. සොරි වෙන්ඩ ඕනෑ

      Delete
  31. හපොයි... පව් අර බේකරි මුදලාලි ..

    ReplyDelete
    Replies
    1. තාම ඉන්නවා තාම ඉන්නවා.. හැක්

      Delete