Wednesday, June 25, 2014

බිලියන්!! (One Billion)

සමහර දේවල් ගැන මිනිස්සු අහල තියෙන දේ හෝ තමන් හරි කියල හිතාගෙන විශ්වාස කරගෙන ඉන්න දේවල් ඇත්තටම හරිද කියල හිතෙන්නේ, ඒවා වැරදියි කියල ඔප්පු කරලම පෙන්නුවම තමා. මිනිස්සු විෂමාකාර චරිත උනේ, එකිනෙකාට මොන විදියෙන්වත් සමාන නොවුනේ මේ සිතුවිලි වල, විශ්වාසයන්, ඉගැන්වීම් වල වෙනස් කම් නිසා වෙන්නැති.

මං දන්න කියන සමහර අය ඉන්නවා ඒ අය හිතන් ඉන්නේ තමන්ගේ හිතට මොකක් හරි දෙයක් ගැන අදහසක් ආව නං ඒ හිතට ආපු අදහස පරම සත්‍යය කියලා. ආයි මොන විදියෙන්වත් තමන් හිතපු දේ වරදින්න විදියක් නෑ කියල ඒ හාදයෝ ඉස්තීරෙටම කියනවා.

ඔය වගේ එක්කෙනෙක් තමා අපේ දේශිකා. එයා හිතන් ඉන්නෙත් එයාට මොකක් හරි දෙයක් හිතුනොත්.. අබ සරණයි.. ඒක හරිම කියල තමා. ආයිත් දෙකක් නෑ ඒ විදියටම තමා ඒක වෙන්න ඕන.

එක දවසක් පාටියකට ගිහිල්ල මම රෑ උනා ගෙදර එන්න. ඔය පාටි වලට ගියාම බස් වල එනව නං මට මගදි ටිකක් නින්ද යන නිසා සමහර දවසට බහින්න ඕන ස්ටෑන්ඩ් එකේ නෙමෙයි වෙන ස්ටෑන්ඩ් වල බහිනවා. හැබැයි ආපහු බස් එකක නැගල හරි ගෙදරට ම යනවා. ඒකයි ඇත්ත කතාව. එදා මං රෑ උනාම දේශිකා කෝල් කරල ඇහුවා කොහේද කියලා. හොදටම රෑ වේච්චි හින්දා මම කිව්වේ මේ දැං බස් එකට නගින්නයි මං ඉන්නේ කියලා. ඒත් මොන.. මම වීදුරුව ආයි පුරවල ෂොට් එකක් හලාගත්තා කටට. අලුත ගෙන බෝතලෙන්ම. පැයක් එකහමාරක් ගියාමත් මට කෝල් එකක් ආවා. එතකොටත් මම කිව්වේ බස් එකක් නෑ තාම කියලා. ඔය විදියට තව පාරක් කෝල් එකක් එනකොට මං ඇත්තටම බස් එකේ.. තව ටිකකින් බහිනවා විනාඩි පහෙන් ගෙදර කියල පෝන් එක තිබ්බා. කිව්ව වගේම විනාඩි පහෙන් ගෙදර ගියා. 

හැබැයි මේ දැරිවි හිතාගෙන ඉදල තියෙන්නේ මම බීල ඉවර වෙලා අර මුලින් කිව්ව වෙලාවටම බස් එකේ නැගල එන්න පිටත් උනාය කියල තමා. ඊට පස්සේ පරක්කු වෙනකොට එයැයි හිතුවලු මට නින්ද ගිහිල්ල බහින තැන පහු කරන් හුගක් දුර ගිහින් ආයි බස් එකක නැගල තමා එනවා ඇත්තේ කියලා. මම මොන විදියට දහං ගැට දාලා ඒක තේරුං කරත් එයැයි නෙමෙයි එයැයි හිතපු දේ වැරදියි කියල පිළිගන්නේ. ෆෝන් එකෙන් කතා කරදිදි කිසිම සද්දයක් බද්දයක් නැති වෙච්චි නිසා ඒකත් සාක්කියට අරන් තමන්ගේ මතය තහවුරු කරලම තමා දේශිකා පස්ස බැලුවේ. මොනා කරන්න ද මාත් ඉතිං ඔව් ඔයා හරි කියල හොදට බුදියගත්තා..හැක්

තව තව සිද්ධි තියෙනවා ඔය වගේ වෙච්චි. ඒවා පස්සේ කියන්නංකෝ.

මේකත් මේ අපේ දේශිකා වගේ එකියෙක්ගේ කතාවක්.

අපේ ඔපීසියට අලුතෙන් ආපු මේ දැරිවි බෝම ලස්සනට වැඩේ කරන් යනවා. ගණං හිලව් හොදට හදාගෙන වැඩ ටික කරන නිසා මම නං කිව්වේ තෝ මොන වෙලාවක හරි එකේ ඉලක්කමක් ඔළුවේ ඇනිලා මැරේවි කියලා. පොඩි අවුලක් තියේ. අපි හදන ගණං වල ඉතිං මිලියන් ගණං හෙමත් තියෙනවා නේ. සාමාන්‍යෙයන් මිලියන 34.5, 23.7 ඔන්න ඔය වගේ ගණං තමා අපි කියන්නේ. ඒත් දවසක් එක ගාණක් ලියල තිබුනේ මිලියන 124.8 ක් කියලා. අපි කව්රුවත් ඕක ගැන ඒ තරං සැලකුවේ නැහැ. මොන මගුලක්ද මිලියන 124 ක්.. කොළඹ ගිහිල්ල ගෙයක් ගන්නවත් ඇහැක.. 

කෝම හරි ඔය ප්‍රොජෙක්ට් එකේ රිපෝට් එකක් හදන්න මේ දැරිවිට භාර දුන්නා. ඒකේ කොන්‍ත්‍රාත් මුදල විදියට මේ දැරිවි කීයද දන්නවද ලියල තිබුනේ.

බිලියන 12.48 යි.

රිපෝට් එක බලපු මගේ ඇස් උඩ ගියා. යකෝ ජීවිත කාලේම මේ වගේ ගානක් එකතු වෙන්නෑ කරපු වැඩ ටික බැලුවත්. එහෙව් එකේ මේකි මොකක්ද මේ කරපු පාහර වැඩේ කියල මම බැලුවා.

සිටාරි.. මෙහේ එනවා. මොකක්ද මේ බිලියන 12.48 කියන්නේ.

ඇයි අනේ දේශා.. මං ඒක කෙටියෙන් ලිව්වේ.

ඉතිං හරිද.. ගාන..

ඇයි වැරදිද.. මිලියන් වන් ටුවෙන්ටි ෆෝ.. බිලියන් උනාම ටුවෙල් පොයින්ට් ගානක් නේ..

හැබෑට සිටාරියො. උඹගේ මොලේ ඉලක්කං මාරු වෙලාද මේ ටිකේ..

නිකා ඉන්න අංකල්.. මම ගාන හරියට ලිව්වා හොදද?? ඕන නං බොස්ගෙන් අහමු..

බොස්ගෙන් අහල පීචං නොවී මං කියන එක අහපිය. මිලියන කීයක්ද බිලියනයක් කියන්නේ??

ඕක මොකක්ද? ටෙන් මිලියන් ඉක්වල්ස් ටු වන් බිලියන්.. ෂුවර්..

ෆක් ද මිලියන්ස්.. යකෝ කව්ද බොට ගණං කියල දුන්නේ.. අම්මප මෙච්චර කල් කොහේද වැඩ කරේ?

ඇයි ඇයි දේශා. ගාන වැරදිද?

වැරදි නෙමෙයි.. ස්ට්‍රොක් එකක් ඇවිල්ලයි මැරෙන්නේ මේවා බලලා. ගොං හරකියෝ.. බිලියන් එකක් කියන්නේ ලේසි පාසු ගානක් නෙමෙයි. ඔය සිංහලෙන් ලක්ස දහය මිලියනයයි.. මිලියන දහය කෝටියයි කියනව වගේ ඒවයින් පයිත්තියං වෙලාද ඔය විදියට ගණං හදන්නේ.. මෝඩ වැඳිරි.. බිලියන් එකක් කියන්නේ මිලියන දාහකට.

ඇත්තද.. ආ.. අයියෝ මං මෙච්චර කල් හිතාන උන්නේ මිලියන දහය බිලියන් එකයි කියල නේ.. අයියෝ සැහ්.. තැන්කුයි දේශා..

ඔන්න ඕමයි වැඩේ උනේ.. මේ යක්කු තමන් දැනං ඉන්න දේ ඉස්තීරෙටම හරියි කියල හිතන් ඉන්නේ කිසිම විචක්ෂණශිලි, විචාරශිලී ගුණයකින් තොරව නේ.. ඒකයි අවුල. 

145 comments:

  1. Replies
    1. එක කියන්නේ එළ බොක්කක් හරිය..

      Delete
    2. මූ මේ කියන්නේ එකේ ඉලක්කමක් බොක්කෙ වැදිලා මැරෙන්නෙ කියලා.. බොක්කෙ වදින්න පුළුවන් එකේ ඉලක්කම මොකක්ද ?

      Delete
    3. බෝතලයක් හැක්...

      Delete
  2. බොහොම වැරදියි බොහොම වැරදියි... මට මතක් උනා අර විජය නන්දසිරි කපුවා උගෙම ගේ හොයාගෙන යන හැටි...

    ReplyDelete
    Replies
    1. අර නෝනගෙන් ම අහන්නේ අගේට.. ඊට පස්සේ නෝනා ලස්සනට කියල දෙනවා.. සුරාජ් මාපා ඕකේ රගපෑව වගේ මතකයි..ආ.. අපේ අනර්කකුල් නංගිත් හිටියා නේ..

      Delete
    2. පිච්චු පීකූදු නේ...

      Delete
    3. හැක් හැක්.. තිලාවට පිච්චු පීකුදු වෙනවා ඒක බැලුවම...

      Delete
  3. අපරාදෙ ඒ දැරිවිට එහෙමම ගාන තියා ගන්න දෙන්න තිබ්බෙ..
    අපිට එහෙම නං බලන්න තිබ්බ දේශකයගෙ මූන...
    පරණ ටාට බස් එක්කට අහුවෙච්ච දෙහිලෙල්ලක් වගේ තියෙන්න තිබ්බ

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද එහෙම දෙයක් උනානං ඉතුරු ගාන අතින් දාලා ෂේප් කරනවා පව්නේ බං පොඩි ළමයි.. හැක්...

      Delete
    2. ඉතුරු ගාන අතින් දාලා ෂේප් කරනවා///
      හප්පේ එතකොට දේසකය සල්ලි කාරයෙක් ඈ...
      හැක්

      Delete
    3. අායි අහල...

      http://deshakaya.blogspot.com/2013/03/snake-bites-treated-here.html

      Delete
  4. සිටාරිය දැන් ගණන් වරද්දන්නේ නෑ නේද දේශෝ. ඔන්න අපිත් හිතන් ඉන්න දේවල් හරියටම හරි කියලා හිතාගන මෙහෙම කියනවා. දේශා බොන්න ගිය දාට හැමදාම මගම තමා. එක්කෝ ස්ටෑන්ඩ් එකක නැත්තං ගෙදර ගේට්ටුව ගාව. අපි හරි නේ.... ඔලුවෙන් හිටගෙන නෑ කිව්වත් අපි පිළිගන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. සිටාරියට මං කියල දුන්න හරියටම. ඒ මදිවට ඒකි මට අංකල් කියන්නත් එනවා සමහර වෙලාවට.. හැක්..

      ඔව් ඉතිං බොලාත් අර අපේ දේශිකාගේ අච්චුවෙම උන් නේ..

      Delete
    2. only shape is same in camel toe?

      Delete
    3. I doubt it.. compared with a few other toes.

      Delete
    4. yep.. got some time to understand.. yep.. you are right..

      Delete
  5. මේ දේශකයා ලියා ඇති බිලන්දරේ මුල් රචකයා මමයි. හැබැයි ඉන්දික උපශාන්ත ගේ ලිපිය ඉසාටැන්ලි කියන හාදයා ඉරිදා ලක්බීමේ දැම්මාට වඩා ටිකක් වෙනස්!

    මෙන්න මුල් රචකයා ගේ මුල් කතන්දරේ.
    http://kathandara.blogspot.com/2011/10/millions-and-billions.html

    ReplyDelete
    Replies
    1. බිලන්දරේ යනු බිලියන් + කතන්දරේ යන වචන දෙක එක උඩ ටයිප් වී ඉබේම ඉපදුණු අළුත් සිංහල වචනයකි!

      Delete
    2. කකාදේශක ස්ටැයිල් එකේ කතාවක් බව ඉහලින්ම පිළිගන්නවා.. මං ඒක කියවල තිබුනේ නැහැනේ. තැන්කුයි හොදේ.. ඔන්න මං ඔයැයිගේ එක දෙචන රචකයා විදියට දැම්මයි කියල හිතාගන්ටකෝ.. හැක්..

      Delete
    3. බිලියන්දරේ කියල වෙනස් උනා නං මක්කැයි වෙන්නේ.. ??

      Delete
  6. යකෝ එක අකුරක වෙනසකට ඔහොම කෑ ගහනවද? මිලියන, බිලියන එක අකුරනේ වෙනස්

    ReplyDelete
    Replies
    1. ඒත් බින්දු ගාන.. ඒක සෑහෙන්න වෙනස් නේ බං

      Delete
    2. උඹ ඉගෙනගෙන නැද්ද බිංදුවකට වටිනාකමක් නෑ කියල.

      Delete
    3. උඹ දන්න මගුල.. හැක්.. බිංදුව අවකලනයට භාජනය කරාම ඒක කෝම හරි අනන්තයටම යනවා. ඔන්න වැඩේ..

      Delete
  7. /* ගොං හරකියෝ..
    මෝඩ වැඳිරි. */

    ඇත්තටම ගෑල්ළමයින්ට ඔහොම බණිනවාද? දුක නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපොයි උන්ට කියන කතා වල හැටියට ඔය වචන බෝම හොදයි.. කෙල්ලෝ කොල්ලෝ කියල නෑ ඔක්කෝම එකම අය කියලයි මම හිතන්නේ.. උනුත් එහෙම හිතන නිසා ජාම බේරන් වැඩ ටික කරගන්නවා.. හැක්..

      Delete
    2. අනේද කියන්නේ ^_^ +++++++++++++

      Delete
    3. හැක්.. මං ඔය මඩාරාටත් ආදරේට බනින්නේ එහෙනං.. නැද්ද???

      Delete
    4. අපේ ඕලෙවල් ටියුෂන් අයියා ඉස්සරහ‍ ‍පේළියෙ කෙල්ලන්ට මරු කතාවක් කියනවා.
      "සංස්කෘතෙන් මැට්ටා කියන්නෙ රෝස මල කියන එකයි. ගොන් හරකා කියන්නෙ සුරංගනාවිට"

      Delete
    5. අනේ ඩ්‍රැකියෝ බොන්න ගත්ත වතුර එක කීබෝඩ් එකට හැලුනා උඹේ කතාවට. හැක්

      Delete
    6. ඔෆිස් එකේ දෙකක් දැම්මොත් කොහොමට හිටීද?

      Delete
    7. හපොයි.. එහෙනං මැරෙන කං කඳුලක්වත් දාගන්න ලැබෙන්නෑ ප්‍රා...

      Delete
  8. මට නම් ගනන් බෑ.... උපාධි කට්ටෙත් පාස් නොවිච්ච විෂය නොවැ.. දැන් ඉතින් අයේ කරපියකෝ ඕක -_-

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බ්ලොග් වල පශ්චාත් උපාධියත් කරා නේද??

      Delete
    2. හෑ? මම දන්නෙත් නෑ.

      Delete
    3. අපි දන්නවනේ.. හැක්..

      Delete
  9. හනේ මන්දා මිලියන් බිලියන් ට්‍රිලියන් කියනවා අපි අර ඉස්සර කියාපි ලක්ෂ කොටි විදිහට කිව්වම තවමත් හොඳට තේරෙනවා. මේ වැඩේට අපි දශ ලක්ෂ විස්සක් වෙන්කරලා තියනවා කිව්වම මට හිතෙන්නේ 1000020 ක් කියලයි.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. දස ලස්ස විස්ස... මරු. එහෙනං බිලියනේට කියන්න වෙන්නේ කෝටි සීයක් කියල නේ විචා..

      Delete
    2. කෝටිය ප්‍රකෝටිය නහුතේ මේවත් ඉලක්කං

      Delete
    3. උඹට මිනිස්සු කෙළ කෝටියක් දේවල් කිව්වා මහරජාට වනපු දවසේ.. ඔව් ඉදගෙන..

      Delete
    4. නැහැ දේශ්, සිංහල ගණිත ක්‍රමයක් තියනවා මෙට්‍රික් ක්‍රමයෙන් යන්න පුළුවන් උපරිමයට වඩා හුඟක් ඉහලට ගනින්න පුළුවන්. එක බ්ලොග් එකක දාලා තිබුනා මට දැන් මතක නැහැ.

      Delete
    5. වර්ගපූර්ණිකාවෙ වෙන්නැති. නහුතෙ ගැන ගොඩක් අය කතා ‍කරනව නෙව.

      Delete
    6. අම්මපා ඔව් නේන්නං දේශෝ...

      Delete
    7. ඒකනේ මං කිව්වේ නලියෝ

      Delete
  10. දේශිකා හොඳ මෝලේ තියෙන කෙනෙක් බව පේනවා...:)

    ගෑනු ලමයින්ට ඔහොම කතා කරනවද දේශකයෝ? වැරැද්දක් වුණා නම් ආදරෙන් ඔලුව අත ගාලා කියලා දෙන්ට එපායැ...:D

    ReplyDelete
    Replies
    1. මෙයා අතගාන්නේ පිච්චමල් සුවඳ එන ළමයිව විතරයිනේ පොඩ්ඩියේ...

      Delete
    2. //දේශිකා හොඳ මෝලේ තියෙන කෙනෙක් බව පේනවා...:)//

      ඔයා නං එන්න එන්නම නරක වචන කියනවා..

      Delete
    3. @ නලියා

      පිච්චමල් කොච්චර සුවදද කියල ඔය ගදපාන මල් ඉඹින උරන අය දන්න එකක්යැ.. හැක්ත..

      Delete
    4. ඇත්තට දේශකයො දේශිකා ගෙ හොඳ මෝලක් තියෙනවද? උඹ අත්දැකීමෙන් දන්නව ඇති නේ. අපිටත් කියහං. අපිත් කන බොන මිනිස්සු... :-)

      Delete
    5. ඉස්සර බතික් මෝලක් නං තිබ්බලු.. දැං ඒකත් වහල.

      Delete
    6. දේශිකාට මෝලක් තියනවා හැක්ත හැක හැක

      Delete
    7. මෝලේ වැඩට ඉන්න බාස් හරි නෑ. ඒකයි අවුල.. හැක්

      Delete
    8. පොඩ්ඩි මද්දහනෙ නාන්න හොඳ නෑ.

      Delete
    9. හීතල රටවල ඇවිදින්න යන්නත් එපා පොඩිඩ්

      Delete
  11. ඕක මොකක්ද බං.. නැට්ට පිටින් අලි මැරෙන්නෙ.. :3

    ReplyDelete
    Replies
    1. එහෙනං අලි ෆ්‍රිජ් එකේ දාන්නේ... ඔව්.. තැන්කුයි සංචෝ.. මේ පැත්තේ ආවට...

      Delete
  12. මේ කතාව හා හිට්ස් එක්ක සම්බන්ධයක් නැත්ද ??කතාව කියෙව්වෙ නෑ හෙඩිම බලලා මෙක කෙටුවේ පස්සෙ එන්නම් ;)

    ReplyDelete
    Replies
    1. හිට්ස් තම්බල කන්නැයැ බං.. හැක්...

      Delete
  13. උඹ ඔය බිලියන්, ට්‍රිලියන් වලින් ගණං හැදුවට බොන්න ගියාම ගහන ෂොට් ගාන ගණං කරගන්න බෑ නේද?

    ReplyDelete
    Replies
    1. අඩු ගානේ සොට් පහක් වත් ගණං කරගන්න ඇහැකි ඔව් ඉදගෙන..

      Delete
    2. ඉඳගෙනනං කරයි. ඒත් හිටගත්තට පස්සෙ බඩු නේද?

      Delete
    3. කෝක් බිව්වම හිටගත්තත් වාඩි උනත් අවුලක් නෑ.. ටිකක් බඩ පිරෙනවා වගේ. හැක්..

      Delete
  14. Replies
    1. ඉංගිරිසියෙන් ලිව්ව නං මෙහෙමද ඕක ලියන්නේ. "hu(t)ta"' හැක් හැක්.. නිමෝ කාලෙකින් දැක්කේ

      Delete
    2. අප්පටසිරි.. හැක්... :D
      කාලෙකින් ආවේ බන්ස්....! මේ දවස්වල පස්ටෙට වැඩ ඔපීසියේ....!
      (අපි ඉතින් අර පත්තරයා වගේ නිකන් ඉන්න එකක්යැ.) ;P

      Delete
    3. ඔව් ඔව් වැඩ කරාම නිකම්ම බිසි වෙනවා. මට පහුගිය ටිකේ උනෙත් ඒක බං..

      Delete
    4. අර නිමෝ කියන සතාද බං.. හැක්...

      Delete
  15. ගෑනු ඔය විදියම තමා බං,යමක් හිතාගත්තොත් හිතාගත්තමයි.ඒ වෙලාවට ඒ පැත්තටම කතා කරලා ජාම් බේරාගන්නවා මිසක තර්ක කරන්න යන්න නාකයි.

    ReplyDelete
    Replies
    1. වයසට ගියාමද මන්දා මේවා තේරුම් යන්නේ. අපි තාම කොල්ලෝ නිසා තාම යන්නේ ඇගේන්ස්ට් එකටමයි.. හැක්..

      Delete
    2. මාත් මේ දැන් දැන් ඔය සීන් එක තේරුම් ගනිමින් ඉන්නේ.. "ඔව් ඒක ඇත්ත" කියපු ගමන් කතන්දරේ සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.. සියල්ලෝම සතුටින්.. හෙහ් හෙහ්

      Delete
    3. ඒක තමා ඉතිං හොදම හා නියම ක්‍රමය... හැක්

      Delete
  16. එතකොට ඔය අපිට කියන හැටිනේ .. ඇත්තටම කොහොමද ඒ ළමයට ඔය ගණන් හදන හැටි කියලා දුන්නේ ....හැක්

    ReplyDelete
    Replies
    1. ඔයිට වෙනස් විදියකට කියන්න මං ඉගෙන ගෙන තියෙන එකක්යැ බං.. හැක්..

      Delete
  17. අයියෝ බං ගෑණු උදවිය එක්ක තර්ක කරන එක සොෆ්ට්වෙයා එකක ලයිසන් ඇග්‍රිමන්ට් එක වගෙයි කියලා කොහෙද කියලා තිබ්බා‍. ‍ඒකෙත් මෙළෝ මලදානයක් තේරුමක් නෑ, අන්තිමේ අපි "I Agree" කියලා ගහනවා.

    ReplyDelete
    Replies
    1. සිරා කතාව ඩ්‍රැකි. හැබෑට බං උඹ ගජබින්න ඇද බාලා උඹේ කට හොදටම පොලිෂ් වෙලා.. හැක්..

      Delete
  18. දේශා ඔය ඔපිස් එක තියෙන්නෙ කොහෙද බන්? :O

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අපේ ලංකාවේ... හැක්...

      Delete
  19. ඕවා ඔහොම තමා.. මම දන්න සිංහල බ්ලොග් කාරයෙක් ඉන්නවා ඌත් එහෙමයි...

    ReplyDelete
    Replies
    1. මාත් මේ බැලුවේ මටත් දවසක් මං දන්න කියන බ්ලොග් කාරයෙක් ඔහොම කිව්වා..

      Delete
  20. [සමහර දේවල් ගැන මිනිස්සු අහල තියෙන දේ හෝ තමන් හරි කියල හිතාගෙන විශ්වාස කරගෙන ඉන්න දේවල් ඇත්තටම හරිද කියල හිතෙන්නේ, ඒවා වැරදියි කියල ඔප්පු කරලම පෙන්නුවම තමා. මිනිස්සු විෂමාකාර චරිත උනේ, එකිනෙකාට මොන විදියෙන්වත් සමාන නොවුනේ මේ සිතුවිලි වල, විශ්වාසයන්, ඉගැන්වීම් වල වෙනස් කම් නිසා වෙන්නැති.]

    ඇත්ත තමා සහෝදරයා මේ කතාව නං

    ReplyDelete
  21. මචං දේශකයා...

    උඹනං නියම කොල්ලෙක්.... අම්මපා ළග පාතක හිටියනම් අල්ලලා ඉඹලා දානවා. ඕනේ එකක් වෙන්න කියලා. ඒ තරම් ෆිට් මුලින් කියපු කතාවට. මචං ඕක ගෑණු ගතිය. අපේ උන්දැත් ඔහොමමයි. හිතන හිතන හැම එකම හරි කියලා තමයි හිතාගෙන ඉන්නේ... මේ දැනුත් හිතුන එකක් හරි කියලා ඔප්පු කරන්න තමයි ට්‍රයි එක. මං ඉතින් පසු පාදයේ ක්‍රීඩා කරලා පාඩුවේ ඉන්න හින්දා හොදයි........ මොකද ඔය ෆුල්ටෝස් වලට බැට් කරන්න ගියානම් පවුල තියා මංවත් නෑ මේ වෙද්දි...........................

    මොනවා උණත් කතාව නම් පට්ටය. අපි උඩින් ම එකඟය. අපේ උපරිම සහයෝගය.

    ජය ශ්‍රී...............

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඔය ගෑනු ඉන්නව නේද, රවට්ටන්න පුළුවන් ඕන හැටියෙන්. සුටුස් ගාල රැවටෙනව.

      Delete
    2. @ කුරුටුවා

      හැමෝම ඔය තියරියෙන් තමා බං ප්ලේ කරන්නේ.. හැක්..

      @ රාජ්
      උඹ ඉතිං හොදට දන්නව නේ රාලහාමිත් ඒවා කරන එකේ.. හැක්..

      Delete
  22. ඔය එකේ ඉලක්කම ඇනිලා මැරෙන කතාවෙ යටි පෙළ අරුත මොකක්ද බං දේශො. ;)

    ReplyDelete
    Replies
    1. යටි පෙල අරුතක් නැහැ බං. ඔය ඉලක්කං මත්තේ ඉන්න ඉංජිනේරු, මුල්‍ය නිලධාරීන්ට අපි කියන්නේ ඕකා මැරෙන්නේ මොන වෙලාවේ හරි ඉලක්කමක් ඇනිල තමා කියලා..

      Delete
  23. අනේ පව් දේශිකා. දේශක ඒ අහිංසකීව හොඳට අන්දනවා.

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල. ඇන්දෙන එකේ සීමාවක් නැහැ අනේ..

      Delete
  24. ඕක සිටරාට වෙච්චි දෙයක්ද නැතිනම් අංකල්ට වෙච්චි දෙයක් සිටරා පෙන්නලා දුන්නාද?

    කොහොමත් කෙල්ලෝ එකක් තර්ක කරලා දිනන්න අමාරුයි තමා අංකල්.ඒ නිසා ඔය 'ගොං හරකියන්ට"කතා කරන්න ඕනේ එහෙම තමයි අංකල්...:D

    ReplyDelete
    Replies
    1. දැක්ක නේ මං මේම හිටියට කෙල්ලොන්ට හරිම වසයි.. හැක්..

      Delete
  25. අපෝ ඔහොම එවුන් ඕන තරම් හැම තැනම..
    පුදුම කරුමයක් උන් එක්ක වැඩ කරන්න ගියාම.

    ReplyDelete
    Replies
    1. අනේ ඕවා මොනාද බං.. කරුමේ හිතින් අයින් කරගෙන සහජීවනෙන් වැඩේ කරගෙන යනවා.. වැරුද්දක් උනොත් කුනුහරුපෙන් උනත් බනින්න හැකියි නේ. උං කනකට ගන්නෑ ඊයා අංකල් කියල යනවා යන්න.. හැක්..

      Delete
  26. කොයි ලොකෙන් ආවත් කොයි ලොකෙ හිටියත් ගැනු ඉතින් ගැනුම තමයි

    ReplyDelete
    Replies
    1. ලෝකේට ආවෛ් ඉතිං එකම ගෑනියයි නේ බං. හැමදාමත් එහෙමයි.

      Delete
  27. ඔය බිලියන් එකේ මෙහෙම කේස් එකකුත් තියෙනවා. පරණ බ්‍රිටිෂ් සිස්ටම් එකට බිලියනයක් කියන්නේ මිලියන් මිලියනයක්. ඒ කියෙන්නේ එකයි බින්දු දොළහක්. නමුත් අපි පාවිච්චි කරන අමෙරිකන් සිස්ටම් එකට බිලියන් එකට මිලියන් දාහයි. ඒ කියන්නේ එකයි බින්දු නවයයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං. කකාගේ පෝස්කටුවේ ඒ ගැන හොද විග්‍රහයක් කමෙන්කටුවකින් කෙනෙක් දාලාතිබුනා. අපි ජෙනරලි ඇමෙරිකන් සිස්ටම් එක නේ යූස් කරන්නේ..

      Delete
    2. දැන් මචෝ ලෝකේ පිලිගත් ඒකකය, ඇමරිකන් බිලියනය නේද?

      Delete
    3. ඔව් බං අරූ. සම්මතයක් ලෙස මේක තමා පවතින්නේ..

      Delete
  28. මටනං එදා ඉදං මිලියන බිලියන පටලැවෙනවා.ලක්ෂ කෝටි කිව්වමනං ඔන්න හොදට තේරෙනවා.මොනවා උනත් අර සීදේවි කෙල්ලට බැනින හැටි...පව්.................

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඔළුවට ගනිංකෝ බං වැඩේ හරි...

      Delete
  29. \\අපේ දේශිකා// ?????

    හරියටම හරිද මේ හඳුන්වාදීම?? හැක්..හැක්...

    අපේ වයිෆ් කියල අපේ එවුනුත් නිතර කියනවා. ඕක ඇහෙනකොටම අපේ එකෙක් පැනපු ගමන් අහන්නෙ අපි හැමෝගෙනද කියලා!!!

    අර විදියට බහින හෝල්ට් එක මාරුවෙන්නෙ නිදිමතට මිසක් වෙරිමතට එහෙම නෙවෙයිනේ???

    ReplyDelete
    Replies
    1. දේශකයත් දැන් ආපු ගමන් ඕකම අහයිද දන්නෑ.

      Delete
    2. මගේ කියල මුකුත් මට නෑ.. හැක්.. කව්රු හරි දේශිකාව උස්සන් ගියොත් හෙම.. මොකෝ වෙන්නේ..

      Delete
  30. Replies
    1. ඔව් ඉතිං පව්ට්ටා ට එහෙම නං සිට්ටාරිට මොකද නේද බං.. හැක්

      Delete
  31. මේ රටේ ඇමතිලාටත් බින්දු වැඩි උනාම ගනන් බැරි එකේ ඕක මොකද්ද අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. එ් මචං අමාත්‍යංසේ වැඩ වලදි. පෞද්ගලික වැඩ වලදි හොදට දන්නවා..

      Delete
  32. සිටාරි මොකද යකෝ මමත් මෙච්රකල් හිතාගෙන හිටියේ හැක...හැක විලිලැඡ්ඡවයි.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාවක් නැහැ බං.. ඒක වැරදි නං නිවරැදි දේ දැන ගන්න එක නේද වටින්නේ..

      Delete
  33. (මාත් දන්නෙ නෑ බං බිලියනයට මිලියන කීයද කියල)
    වැරදි උපකල්පන දෙකකින් හරි එකක් හැදෙනව කියන්නෙ ඔය දේශිකාගෙ කතාව වගේ සීන් වලට තමයි.

    ReplyDelete
    Replies
    1. උඹත් ඉතිං මං වගේම ඔය වැරදි උපකල්පන ගැන හරි හරියට දන්න එකානේ.. බිලියනේට මිලියන දාහයි. මතක තියාගනිං..

      Delete
  34. ඕක මොකක්ද අප්පේ ඇමතියො හැමදාම වරද්දන්නෙ? සිටාරි ලමයට වගේ මටත් ගනන් නම් බෑ.

    ReplyDelete
    Replies
    1. චන්දි ලමයා එන්න අපේ ඔපීසියට...

      Delete
  35. හොඳ වෙලාවට චෙක් කලේ නේද ... ඒ වුනාට ගෑණු ළමයින්ට බනින එක නම් වැරදියි..

    ReplyDelete
    Replies
    1. ඇයි යකඩෝ ඉල්ලන්නේ හැමතැනම සම තැන. ඉතිං පිරිමින්ට විතරද බනින්න හොද?

      Delete
    2. අන්න හරි......!!!!!!
      කතාකරන්න නලින් අයියා... කතාකරන්න.

      Delete
    3. මට අහු නොවී එහෙකුට යහතින් පනින්න දෙන්නෑ ඔව් ඉදගෙන.. හැක්..

      Delete
  36. මන් මේ වෙනකම් හිතං උන්නෙත් මිලියන 10 බිලියනයක් කියලා ..

    ReplyDelete
    Replies
    1. මේක දාපු එකෙන් ලැබුන ඒ ප්‍රතිඵලයම මට ඇති... මොනරියෝ

      Delete
  37. දේශිකා ඉතිං ඒ විදියට හිතන්න දේශකයගෙ පෙර වැරදිත් උදව් වෙනවා ඇති. පහුගිය කාලෙ වැඩිය සද්ද නැතුව දේශකයා හැංගිලා වගේ හිටියෙ...බීලා වැඩිවෙලා ගෙදර ගිය වෙලාවක දේශිකා හොදවායින් දෙසලා වගේ...

    ReplyDelete
    Replies
    1. උඹට කියන්නේ මට දැං තිත්ත වෙලා බං ගුටි කාලම.. හැක්..

      Delete
    2. ඔච්චර ගුටි කාලත් කොන්ද කෙලින් කර ගන්න ඔය හයිය ලැබුනෙ කොහොමද ගොයියො....ගල් වලින්ද පොල් වලින්ද ?

      Delete
    3. කබර හමක් හා කොන්දක් තියෙන නිසා... හැක්

      Delete
  38. //බහින්න ඕන ස්ටෑන්ඩ් එකේ නෙමෙයි වෙන ස්ටෑන්ඩ් වල බහිනවා//...........හැක්..පැය එකාමාරකටත් වැඩිය වෙලා බිව්ව කියන්නෙ...ඉතිං යකෝ අහන්නත් දෙයක්ද..?

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මොන එහෙකට ඇහුවද මන්ද.. ඔහේ හුග දවසකින් දැක්කේ.. මක්කයි කොරන්නේ දැං.. කේන්දර හදනවයි...

      Delete
  39. හයියෝ වෙලා තියෙන හරියක්... :-O

    ReplyDelete
    Replies
    1. මොකක්ද අනේ වෙලා තියෙන්නේ.. හැක්...

      Delete
  40. අප්පට බොල . මං වල්ගෙන් නෙවැ එල්ලිලා තියෙන්නෙ
    චැහ්. සෑහෙන්ඩ පරක්කුයි ..

    ReplyDelete
    Replies
    1. බොට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ නේද?? හැක්.. සන්තෝසයි..

      Delete
  41. අම්මපා අපේ දේශිකම හින්දා ඉහ ගහලා ඉන්නවා...හැක් ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං තෝරල බේරල ලොක් එක දැම්මේ. හැක්

      Delete
  42. ඔය සිටාරිලා, දේශිකාලා විතරක් නෙමේ බන් අපේ ගෙදර ඉන්න අරකිලාත් ඔහොම තමයි. මම ඒ වෙලාවට කියන්නේ ඔයා හරි කියනවානම් එහෙනම් එහෙම හිතාගන්න කියලා. ඔය බොන සීන් එකේ දේවල් වලට මාව විශ්වාස කරන්නෙම නැහැ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් එහෙමයි කොහෙත් එහෙමයි.. අයියෝ අපි....

      Delete
  43. ඔය බිලියන ට්‍රිලියන ගැන මරුවට තියනවා ගණිත විනෝදය පොතේ.

    ReplyDelete
    Replies
    1. ඉතිං ඒ පිටුව අපිටත් දෙන්නකෝ බලන්න..

      Delete
  44. බිලියන් මිලියන් ගණන් හදන්න ලේසියි බන්.. රෑට කන දේ තීරණේ කරනවට වඩා.. හෙහ් හෙහ් නැත්නම් උදේ ට ඇඳගත්ත ඇඳුමේ හොඳ නරක පැහැදිලි කරනවට වඩා මට නම් ඔය බිලියන් වලින් ගණන් හැදිල්ල පට්ට ලේසියි..

    ReplyDelete
    Replies
    1. මටත් ඒක ඒ තරං කජ්ජක් නෙමෙයි බං.. හැක්..

      Delete
  45. දේශක තුමත් එක්ක වසනවට දේශිකාට වෙනම සම්මානයක් දෙන්න වටිනව :D
    හැබැයි ඉතින් තමන්ගෙ මතේම හරියි කියල පෙන්නන්න හදන පිරිමිත් ඉන්නව නේද දේශක තුමා.

    ReplyDelete