Wednesday, January 22, 2014

හදිසි අනතුර!

චීනයේ හූවාෂාන් කදු ශිඛරයේ කදු නැගීමේ (hike) නිරත වූ ජර්මානු ජාතික කදු නගින්නෙකු තම බද ආරක්ෂක පටිය කැඩී යාමෙන් අනතුරකට ලක්ව මීටර් 2000 ක් පමණ ප්‍රපාතකට වැටී මිය ගොස් ඇති බව දැන්ගන්නට ලැබුණි. මෙම ජර්මානු චිරප්‍රසිද්ධ කදු නගින්නා හට සිදු වූ අනතුර පිළිබදව චීනය හා ජර්මනිය යන රටවල් ද්විත්වයම වෙන වෙනම පරික්ෂණ කටයුතු ආරම්භ සිදු කරන ලදි. කෙසේ වෙතත් එම පරික්ෂණ වලදී අනාවරණය කර ගත හැකි වූ එකම කරුණ වූයේ ඔහුගේ ආරක්ෂාව පතා බදෙහි සවි කරන ලද හම් පටියෙහි ගාංචුව බදෙහි එළෙසම තිබියදී, හම් පටියෙන් වෙන් වී ඇති බවයි. කුමන අයුරකින් එය සිදු වී දැයි අපැහැදිලි හෙයින් හා ජර්මානු රජයට මේ පිළිබදව ස්ථිර නිගමනයකට පැමිණීමේ අවශ්‍යතාවය මත විශේෂ පරික්ෂණයක් සිදු කිරීම සදහා ස්කොට්ලන්ත පොලිසීයට පරික්ෂණය බාර දී ඇත.

ඒ අනුව ඔවුන් විසින් අදාළ කෘතිම හම්පටිය කදු ශිඛරයේ නැවත තිබු ලෙසම සවි කොට එවැනිම හම්පටි කිහිපයක් සාම්පල ලෙස ගෙන නියැදි පරික්ෂණයක් සිදු කළද, හම්පටිය ගාංචුවෙන් ගැලවීමේ සම්භාවිතාව 0.23% ක් තරම් වූ නොගිනිය හැකි මට්ටමක තිබූ බව නිරික්ෂණය කරන ලදි. 

ඉන්පසුව අදාළ අනතුරට හේතුවූ හම්පටියේ නිශ්චිත පරික්ෂණයක් සිදු කිරීම සදහා එය ස්කෝට්ලන්ඩ්යාඩ් මුලස්ථානය වෙත රැගෙන යන ලදි.

කෘතිම හම් ආශ්‍රිත නිෂ්පාදන පිළිබද විශේෂඥ, මහාචාර්ය ආතර් සෙමෙස්ටර් ගේ පරික්ෂණ වාර්තාව

මා වෙත ඉදිරිපත් කරන ලද ආධාරක පටිය පරික්ෂා කළෙමි. ඒ අනුව මෙම කෘතිම පටිය ඇමරිකාවේ නිෂ්පාදිත ******* වර්ගයේ ඉතා උසස් තත්වයෙන් ඇති නිෂ්පාදනයක් බව නිරික්ෂණය කළෙමි. එහි ඇති අනු අංකයන් හා කාණ්ඩ අංකයන් ලබා ගෙන එම තොරතුරු අදාළ සමාගම වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නිෂ්පාදනය කර්මාන්තශාලාවෙන් ඉවත් කිරීම දක්වා වූ සියළු පටිපාටින් මා පරික්ෂාවට ලක් කළෙමි. ඒ අනුව මෙම හම් පටිය නිසි ප්‍රමිතියෙන් යුක්තව සිදු ව ඇති බව මගේ අදහසයි. කෙසේ වෙතත් මේ සදහා යොදා ගනු ලැබූ ගාංචු කොකු, නූල්, වර්ණක ආදිය වෙනත් ආයතන වෙතින් ලබා ගන්නා බව සදහන් කර ඇත. ඒ අනුව පරික්ෂා කිරීමේදී නිවරැදි තොරතුරු ලබා ගත නොහැකි වූයේ මෙම පටි ගාංචුවට මැසීම සදහා භාවිතා කරන ලද නූල් වර්ගය පිළිබදව පමණි.

ආධාරක පටියෙහි දෝෂයක් තිබු බවක් නිරික්ෂණය නොවු හෙයින් මේ පිළිබදව වෙනත් සුදු පරික්ෂාවක් සිදු කිරීම වැදගත් වේ.

අත්සන් කළේ... මහාචාර්ය ඒ සෙමෙස්ටර්


ඉහත වාර්තාව පදනම් කරගෙන කිසිදු අයුරකින් හෝඩුවාවක් නොලැබුනද, ඉතා සුළු වශයෙන් හෝ ඒ සදහා භාවිතා කළ නුල් වර්ගය කෙරෙහි යම් සැකයක් පවතින බව පොලිසියට නිරික්ෂණය වූ හෙයින්, අදාළ තොරතුරු ලබාගෙන එම නුල් වර්ගයට අදාළ පරීක්ෂාවන් සිදු කිරීමට කටයුතු කරන ලදි.

ඒ අනුව මෙම නුල් වර්ගය ඇමරිකාව තුල බෙදා හරින සමාගම, ඇමරිකාවට ආනයනය කරනු ලබන මව් සමාගම, එම සමාගම් ජාලය හා බැදි නැව් සමාගම, මෙම වෙළාදාම කෙරෙහි කටයුතු කරන ඒජන්ත සමාගම, නිර්දේශ ඉදිරිපත් කරනු ලබන සමාගම ආදිය වෙතින් තොරතුරු ලබා ගැනීමේදි මෙම නුල් නිෂ්පාදනය කරනු ලබන්නේ චීනයේ නිෂ්පාදිත අමුදුව්‍ය වලින් බව තහවුරු විය. කෙසේ වෙතත් චීනයේ නිෂ්පාදිත මෙම නුල් අමුදුව්‍ය මූලික වශයෙන් ලෝකය පුරා රටවල්  අටකට පමණ අපනයනය කිරීම හේතුවෙන් නැවතත් පඹගාලක පැටලීමට පොලීසියට සිදු විය. 

නමුත් විචක්ෂණශිලීව ක්‍රියාකිරීම හේතුවෙන් නුල නිෂ්පාදනය කිරීමේදි එක් එක් රටවල් විවිධ වර්ණ ගැන්නුම් කරන බවත්, ආරක්ෂක පටිය නිෂ්පාදිත සමාගම මිලදි ගනු ලබන්නේ එක් වර්ණයක නූල් පමණක් බවත් තහවුරු විය. ඒ අනුව නැවත අදාළ සමාගම් සමග සිදු කරන ලද පරික්ෂාවේදි හේතුකාරක ආරක්ෂක පටියෙහි ඇති නුල් වර්ගය ලංකාවේ නිෂ්පාදනයක් බව හදුනාගන්නා ලදි. 

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ස්කොට්ලන්ත පොලිස් නිලධාරීන් විශේෂඥයින්ද සමගින් ලංකාවේ පිහිටි අදාළ සමාගම වෙත පැමිණීයහ. එහිදි මුළු නිෂ්පාදන කාර්යයම සියුම් නිරික්ෂණයට ලක් වූ අතර, අභයන්තර පරික්ෂක ස්ථාන 5 කින් පසුව අදාළ නිෂ්පාදනය වෙළද පළ සදහා සුදානම් බවට තත්ව සහතිකයක් ලබා දෙන බව පැහැදිලි විය. අවසාන වශයෙන් නිෂ්පාදනාගාරයේ සයවැනි පරික්ෂාව සිදු කරන්නේ මිලදී ගන්නා සමාගමේ දේශිය නියෝජිත ආයතනයේ පරික්ෂක වරුන් විසිනි. එම පරික්ෂාවේදි සියයට සියයක් තහවුරු කළ හැකි ප්‍රමිතිය සහිත නිෂ්පාදන අනුමත කරන ආකාරය පිළිබද ක්‍රියාවලිය පිළිබදවද පොලීසිය සෑහිමකට පත් විය.

කෙසේ වෙතත් අවසානයේදී ජර්මානු ජාතික ප්‍රසිද්ධ කදු නගින්නා චීනයේදි අනතුරට මුහුණ පෑ සැබෑ හේතුව කිසිදු පරික්ෂණයකින් අනාවරණය කර ගත නොහැකි විය.

******************************************************
ජර්මානු ජාතික කදු නැගීමේ ශුරයා හට අනතුර සිදු වූ දිනට හරියටම දින 112 ක පෙර දිනයක ලංකාවේ පිහිටි නූල් නිෂ්පාදන කර්මාන්තායතයක් තුලදීය..


එහි සේවය කළ පරික්ෂාකරන්නියකගේ (Checker) දිනපොතෙන් උපුටා ගන්නා ලදි. 

---------------------------------------------------------------------------------
2013 සැප්තැම්බර් 18

අසිත අයියා මාව අමතක කරන්නට පටන් අරං කියල මට දැං හිතෙනවා. එයා අපේ චෙකින් ටේබල් එකේම ඉන්න සනධ්‍යා දිහා ඕනවට වැඩිය බලන එක මම දැක්ක කියල එයාට ගානක් නෑ. අනික මං අසිත අයියට ආදරේ නොකරපු කාලේ එයාම තමා මාව හොයාගෙන ආවේ. මට ඒක අමතක නෑ ඒ කිව්වේ අපි නූලේ දෙවැනි පට හදන ලයින් එකේ හිටිය විත්තිය. එයා කොහොම හරි මාව අන්දල එයාගේ කරගෙන පස්සේ කොහොම හරි එක්සකිටු කෙනෙක් වෙලා මාව චෙකර් කරල මේ ටේබල් එකට දැම්මා. මං මේ වෙනකං මේ ජොබ් එක හරියට කලත් අද මට මොකක්ද වගේ. අසිත අයියා නිසා මාව අසරණ වෙලා. අද ඒකෙන් මගේ ටාර්ගට් එක කවර් කරන්න බැරි උන නිසා, ජීවිතේ පළවෙනි පාරට බොරුවක් කරා. ආයි මං එහෙම කරන්න හිතන්නෑ. බයර්ට අහුනොවෙන විදියට ෆෝත් ලයින් එකේ රිජෙක්ට් කරපු නූල් බන්ඩල් දෙකක්ම මං ලොට් එකට දාලා ඕකේ කරා.  අසිත අයියේ මං ඔයා නිසයි මේ විදවන්නේ...

---------------------------------------------------------------------------------

ප.ලි - පින්තූර ටික් දැක්කම හිතෙයි නූල කොච්චර තදට තියෙන්න ඕන ද කියලා.. (මෙතැනින් බලන්න)

122 comments:

  1. හුකැස්....නූල කැඩුනොත් ඔක්කොම ඉවරයි :D

    ReplyDelete
    Replies
    1. ඒ උනාට නොකැඩුනත් කේස් නේද බං?? හි… හි… (නොදන්න නිසයි අහන්නෙ. වැරදියට එහෙම ගන්නෑ ඕන්) :-D

      Delete
    2. මොනා වෙන්ඩද බන් ඕක නොකැඩුනා කියල :D

      Delete
    3. ගෑල් ළමයිට වොල්කනයිස් කරන ව වගේ ඩොකෙකුට සල්ලි දීල නූල කඩවගන්න පුළුවන්.
      මම කරගත්තේ එහෙමයි.
      කේස් නැත්තේ මොකද කෙල්ලෝ අඩනවා.
      ඇන්ටිලට නම් ජොලි.

      Delete
    4. @ සසින්දුවා

      අනිවා ඔක්කෝම හබක්...

      @ ප්‍රියා

      තොගේ වල් හිත

      @ කෙන්ජි

      මේ මොන නුල් සුත්තරද යකජෝ...

      Delete
  2. මොකක්ද බං ඔය කොම්පැනිය. කොහු ලණු අඹරන එකක්ද?

    අවවාදයයි, ෆයිනල් චෙකින් ටේබල් වලට ගෑණු ළමයින් යෙදීම මරණයකින් කෙළවර විය හැක.

    ReplyDelete
    Replies
    1. යකෝ අර ෆොටෝ ටික දැක්කමත් බොක්ක කූල් වෙනවනෙ.

      Delete
    2. යකෝ අර ෆොටෝ ටික දැක්කමත් බොක්ක කූල් වෙනවනෙ.////
      +++++++++++++++++++++++++++++++

      Delete
    3. ප්‍රසා එල ටෝක...

      Delete
    4. ඒක නම් ඇත්ත...කකුල් වෙව්ලන්න ගත්තා ඉඳගෙන හිටියත්,

      Delete
    5. @ ප්‍රසා

      නුල් අඹරණ එකක් බං... ඔය වගේ පොඩි සීන් වෙනවා චෙකින් වලදී. පින්තුර ටික මරු ඈ...

      @ අගහරුවා

      එකගයි

      @ සහෝ, කෙන්ජා, අරූ

      කෝමද මගේ පොටෝ සිලෙක්ෂන් හා....

      Delete
  3. මේ කොහෙද යන එකියෙක්ගේ ඉලව් හුට්ටප්පරයක් නිසා අර ජර්මන් මනුස්සය මැරුණා අන්තිමේ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං බලහං වක්‍රාකාරව හැමදෙයක්ම සම්බන්ධයි..

      Delete
  4. කොහෙන් ගියත් අන්තිමට ලංකාව...

    ReplyDelete
    Replies
    1. ඕන එහෙකින් කප් එක ඉතිං ලංකාව තමා.. හැක්

      Delete
  5. මට හිතුන මුලින්ම මෙක කැරකිල ලන්කාවට එයි කියල.
    අම්මප මෙ ගැනු කලොත් ඔහොම එකක්මයි

    ReplyDelete
    Replies
    1. එක හෙළා විරුද්ධත්වය පළ කරමි!!!

      Delete
    2. එක හෙළා විරුද්ධත්වය පළ කරමි!!!///
      අර මක්කෙටයි කෙලි සෝලි කොරන්නෙ මේ අර කොලුවා නිසා කෙලී කුලප්පු වෙලා ඉතින් කොලා ද වැරදි නෑ නොවෑ ,අර ගැටිස්සි නොවෑ මේ පුරස්න කොරලා තියෙන්නෙ

      Delete
    3. @ දමියා
      බොට කොහොමත් සමහර ඒවා කලින් හිතෙන අවුලක් තියේය.. දන්නවනේ ඉතිං සෝකෙන් විස්සෝප වෙවි කරන වැඩ ගැන...

      Delete
    4. @ දිලිණි

      සැක්.. ඔයා මේක ටිකක් ඇදල අර දමියාව දඩුකදේ ගහන්න තිබුනේ..

      @ සහෝ
      උඹලට මොනවා හරි කන්න ඕන නං අර ස්තිරික්ක වාදය ඇදහල්ලා..

      Delete
  6. ඔය පින්තූර වල ඇවිදින්න තියෙන ලී ප්ලැට්ෆෝම් එක ගැහුවේ මොකාද දන්නේ නෑ. එක හදපු එකාගේ නූල කඩුනානම් සුම්මා තමයි.

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හිතුන බොල.

      Delete
    2. සිරාවට බං ඒක හදන එකයි අමරුයි. ගල කපල නේද හදල තියෙන්නේ බං.. ඉවාන්...

      Delete
  7. කියන්න දෙයක් නැත ......ඔය ජැර්මන් කාරයා නුල කඩා ගත්තා කියලා අපේ අර සුකිරි කෙල්ලට දොස් කියන්නෑ ඕන් ...ඔය නුල කවදා හරි කැඩෙන්න තිබුණා ..හැක් හැක්

    ReplyDelete
    Replies
    1. කවද හරි කැඩුනත් නිරපරාදේ කැඩුනේ ඇයි.. අන්න පුරස්නේ...

      Delete
  8. එලම තමා ජය වේවා

    ReplyDelete
    Replies
    1. ලොකු සනාටත් ජයම වේවා වෙල්කම් වේවා

      Delete
  9. අසිත අයියා හන්දා අච්චර දක්ෂ කඳු නගින්නා නූල කඩාගෙන...හික්ස් :)
    නියම කතාවක්.. පොඩි වැරැද්දකින් ලොකු විනාසයක් සිද්ධ වෙනවයි කියන එකට හොඳ උදාහරණයක් !

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා මධු මං කිව්වේ..

      Delete
  10. ඉස්සර වත්තක හිටිය සුද්දෙක් මොන ප්‍රශ්නේ ආවත් අහන්නේ කවුද ගානී කියලලු. අන්තිමට හොයාගෙන යද්දී කොහෙන් හරි කාන්තා පාර්ශවයක සම්බන්ධයක් තියනවා ලු ප්‍රශ්නෙට.. මේකත් එහෙමයි. නෑ නෑ. මේකේ අසිතය නෙ වැඩේ කාල තියන්නේ. ඕකව පෝරකේට යවන්න මං යෝජනා කරනවා.. :)

    ලස්සන කතාව. මේ ලඟදි කඳු නගින සින් එකක් තියන ෆිල්ම් එකක් බැලුව.. ඒකත් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. සුද්දා හරියටම වැඩේ දන්න එකෙක් නෙව..

      Delete
  11. Replies
    1. පේමය ජාත කරයි ජර්මානුවාගේ මරණය.. හැක්..

      Delete
  12. අනතුරු ගැන කතා දැන් දැන් අහන්න ලැබෙනවා වැඩියි නේ..ඒ වගේම තමා ගෑනු කොතැනද ඒ ළගම අනතුර.......

    මෙව්වා කවුරු කවුරුත් හිතට ගත්තොත් හොදා තමා... නේද දේශකයෝ.....

    ReplyDelete
    Replies
    1. නොහිතන දේකින් ලොකු අනතුරු වෙනවා. ඒවා සුළු අත් වැරදි හැබැයි මාරාන්තිකයි.. අන්න ඒ වගේ..

      Delete
  13. මේකට පිරිමි පාර්ශවයෙන් වැටෙන කොමෙන්ට් හින්ද මේ ගමනනං දේශකය කනව හොඳ කෑමක් ගැණුළමයින්ගෙන්.

    ReplyDelete
    Replies
    1. කන්න තිබුනා මං උත්තර දුන්නනං. සති දෙකක් ගියා නේ දැං අමතකයි.. හැක්..

      Delete
  14. ගැනු ඇතුවත් බෑ නැතුවත් බෑ කියන්නේ ඕකට තමා දේශකයෝ..

    ReplyDelete
    Replies
    1. හම්මේ.. යන්තං ඇති එහෙම එකක් හරි කිව්වා..

      Delete
  15. කොහොමත් ඔය පිරිමි ජාතිය ඔහොම තමා... තමන් මොන වැරැද්ද කළත් අන්තිමට ඒක කොහොම හරි ගෑණියෙක්ගෙ ඇඟේ ගහනව... දැං අර අසිතයා කරපු පල් වැඩේ හින්ද මේක උනේය කියල කාටවත් හිතෙන්නෙ නෑ නේ... අර අහිංසක ගෑණිට තමයි වැරැද්ද යන්නෙ...

    ( ඔව් ඉතිං.. මේක ලියපු එකත් පිරිමියෙක් නෙ... ඉතිං ඌ මෙහෙම මේක ලිව්ව එක ගැන ආයි අහන්න දෙයක් තියෙනවයැ...)

    (( කෝ මේ කෙල්ලො ටික... මේ වෙරළුවව හම ගහන්න වරෙල්ලා... )

    ((( ෆේස්බුක් එකේ ප්‍රසා අයියගේ ස්ටේටස් එක දැකලා ආපු ගැම්මට තමයි මේ කමෙන්ට් එක දැම්මෙ...)))

    (((( අද මහ කම්මැලි දවසකේ දේශකයෝ... හි හි ))))

    මේ... සීගිරියටත් බොහොම අමාරුවෙන් නැගගත්ත, යාපහුව නඟින එකත් එපා වෙලා තිබ්බ මට, මේ ෆොටො දකිද්දිත් කකුල් රිදෙන්න ගන්නවා අප්පා... හි හි.....

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. හිරුගේ බොන කතාවල් වලට එකග නුනත් මේ කතාවට එකගයි.

      Delete
    3. @ හිරුවා

      ඇත්ත.. අන්තිමට කව්ද විදෙව්වේ කව්ද ජීවිතය ගෙව්වේ.. උමත් එක්කහු උනා එහෙනං මගේ මඩ පප්පල සැට් එකටම...

      Delete
  16. ////////එහි සේවය කළ පරික්ෂාකරන්නියකගේ (Checker) දිනපොතෙන් උපුටා ගන්නා ලදි. ////

    එතකොට ඒ කෙල්ලගේ දිනපොතෙන් උපුටා ගන්න තරම් ඒ කෙල්ල එක්ක කිට්ටු සම්බන්දයක් තිබ්බ හසිත අයියා මේ මහලු දේශකයද අන්න එකයි මන් අහන්නේ ඉදගෙන

    ReplyDelete
    Replies
    1. +++++++++++
      දේශක කාපොති

      Delete
    2. අන්න ඔමා ප්‍රශ්ණෙ. මටත් ඔය සැකේම ආවා ඒත් ඉතින් දහඅටේ කොලු පැටවුට මහලු මහලු කියන්න එපා හරිද?

      Delete
    3. හි හි හි

      Delete
    4. @ අපු..

      ඔය දින පොත ඉතිං බලන එක කජ්ජක් යැ. මං ගාවම නේ තියෙන්නේ.. හැක්..

      Delete
  17. පිරිමි කෙනෙක් වුනත් ටගට් ඔර්ඩර් එක කව කරගන්න ඔය රිජෙක්ට් කරපු නූල් දාන්න ඉඩ තිබුනා..

    කොහොම වුනත් කතාව හරිම ලස්සනට ලියලා තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. මෙහෙම අවුලක් නැතත් ඒ දේ නං ඕන කෙනෙක් කරනවා තුෂානි..

      Delete
  18. ගාමන්ට් ෆැක්ටරි එකක දෙතුන් මාසයක් ෆයිනල් ඔඩිට කෙනෙක් විදිහට වැඩ කලා, හනෙ අම්මේ බං කෙල්ලංගෙ වැඩ නම් හරිම පිළිවෙලයි, හැබැයි බාගෙට. දහයක් ආවොත් අටක් වත් රී චෙක් දාන්ට වෙනව. සිහියෙ තියෙන්නෙ කන බොන එව්වයි, කොල්ලො ගැනයි, ඇදුම් ගැනයි.
    හොර වැඩ නම් දන්නව ලෙසටම.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලහං එහෙනං මං කිව්වේ බොරුද එතකොට..

      Delete
  19. අනේ බං අයියණ්ඩියෝ කකුල් දෙකත් සිතල වුණා බං පොටෝ ටික දැකලා.පොඩි මිස්ටෙක් ඇති ලොකු හානියක් වෙන්න.සිරාම කතාවක් ඈ.

    ReplyDelete
    Replies
    1. සිරාවට... කොච්චර ප්‍රිෙකා්ෂන්ස් ගන්න ඕනද මේ හයික් කරන කොට..

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. ඔක්කොටම මුල අසිත අයියගේ තාත්තා... ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා ඒ තාත්තගේ තාත්තා....

    ReplyDelete
    Replies
    1. හයියූ රයිටරෝ මේ පරම්පරාව රාවණා ගාවින් නවතීවගේනෙ.:-D

      Delete
    2. අන්තිමට පිටසක්වල දුවිලි අංශුවක් තමා මේකට මුල. මොකෝ කියනනේ රයිටරේ..

      Delete
  22. ඈ යකෝ ඕකට මේ (අ)මුතු ඇටේ ගාවගන්නෙ නැතිව ඉන්න බැරි වුණාද හැබෑටම ඈ..
    චික්... පව් යකෝ කදු නගින්නා... කෝ අර අසිතය.. ගං ගං ඌව උල තියන්න

    ReplyDelete
    Replies
    1. අමුතු ඇටේ නැතිව මේ ලොකේන් ඇති වැඩේ මොකක්ද බාන්..

      Delete
  23. විස්තරයත් එළ! පිංතූර ටිකත් එළ!!!
    ප ලි කෑල්ල එළේ එළ!
    උඹට ජයෙන් ජය!!

    ReplyDelete
  24. හප්පොච්චියෙ නුල කැඩෙන එක යන දුරක්

    ReplyDelete
    Replies
    1. ඒකනේ රාලේ.. උඹ දාපු අලුත දාපු පෝස්ට්කටුව මැකුවද??

      Delete
  25. සිරාවට මෙහෙම හොයනවා ඇතිද බන් මරණයක් උනාම? අපේ රටේ ඇස් පනාපිට ප්‍රසිද්ද අය හිටන් මැරුනා . . මෙහෙම හොයාගෙන යාමක් තියා ඇහින් දිටි සාක්කි අහල වත් තීරණ දුන්නද? අහ් හැබැයි විශේලේෂණය කරලා මරපු එකාම තමට වෙඩි තියා ගත්තා කියලා තීරණය වුනා වගේ කතා නම් අහන්න ලැබුනා . . :D

    මොනා උනත් උඹ කතාව සිරාවට ලියලා තිබේ . .

    ReplyDelete
    Replies
    1. මේ මොකාද බං මූ? කවද ඉඳලද මෙහෙම එකෙක් බ්ලොග් ලෝකෙට ආවෙ? අදමයි දැක්කෙ....!!!

      Delete
    2. හැබෑට මොකාද බන් ඒ හැන්ඩි කොල්ලා . . . :P

      Delete
    3. කට්ටිය අදුරන්නැති එකේ මං වත් විස්තර හොයල බලන්න ඕන මේ කව්ද කියලා.. වෙල්කම් කිව්වා කාලෙකට පස්සේ දුකාට..

      හරියට විස්ලේෂනය කරොත් වරදකාරෙයක් නැහැ බං.. ඒක නේ වෙන්නේ..

      Delete
  26. ඇත්තටම අපි නොසිතන පොඩිම දේත් මොන තරම් දුරට බලපානවද??

    මම නම් මේකෙන් උගත් පාඩම නූලක් කැඩී ඇත්නම් කෙසේ හෝ අවසානයේ ගෑණු පරාණයක් එයට ගෑවී ඇත. හික්… හික්… :-D

    ReplyDelete
    Replies
    1. නුල කැඩි ඇති ගෑනු පරාන ළගට තමා අපිනං යනනේ..

      Delete
  27. ජර්මන් කාරයා කාල තෙල දිරවා ගන්න බැරුව චීනෙ කඳු නගින්න ගිහිල්ලා නුල කඩා ගෙන මැරිච්ච එකට පලි අපේ රටේ ඉන්න ජංගි මහලා හරි රටේ ආර්ථිකය ඇද ගෙන යන කෙල්ලෙක්ද ? මේවා නම් හෙලා දැකලා මදි..ලිව්ව එකාව හම ගහන්න ඕනි ! :-D
    කවුද බන් මේ කතාව ලියලා තියෙන්නෙ ????

    ReplyDelete
    Replies
    1. ++++++
      පට්ට කම්නට් එක ඈ.

      Delete
    2. ලියපු එකා වැඩක් නෑ පරික්සනේ කොරපු එකා හොයහං වෙනියෝ.. හැක්..

      Delete
  28. කෙල්ල නෙමෙ අසිතනෙ වැරදි හපො මෙ කොල්ලො නම්

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සුගර් (සි.නි) ඇත්ට කෙල්ල රිදෙව්වේ අසිත නෙව..

      Delete
  29. අනේ අනේ..... පව් අර කිව්වා වගේ අපේ රටේ අහිංසක කෙල්ලෙක් තමයි සුද්දගෙ නූල කැඩුනු එකටත් අහුඋනේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ හැම තැනම ඒම තමා අන්තිමට ඇවිත් පොඩි තැන නතර වෙන්නේ..

      Delete
  30. දේශකයාට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. දැං ජය උනයි කියල ඇති වැඩේ මොකක්ද බාන්..

      Delete
  31. මගේ අම්මියෝ.. හපුතලේ කන්ද දැකලා බඩ දානවා. මේක දැකලා බඩ යනවා.

    අනේ හසිත අයියා ගැන මොනවට හිතනවා ද.. සඳරු වගේ අයියා කෙනෙක් ඉද්දි. තාම තනිකඩයි නෙව. :D

    ReplyDelete
    Replies
    1. තාම තනිකඩ.. ඒ උඹේ පරන පාංකඩ වෙන්ටැති.. හැක්..

      Delete
  32. අවසානය තෙක් කුතුහලයෙන් කියෙව්වා බං. මරු.. නූල් නම් කෙල්ලෝ ගාවගන්න හොද නැහැ තමා..

    මේක ඇත්තක් නෙවෙ නේද??

    ReplyDelete
    Replies
    1. අඩේ සැමෝ මේක පත්තරේ වාර්තාවක් ලියල තියෙන්නේ දේශකයා කියල පත්තරකාරයෙක් නෙව.. .තැන්කුයි ඈ...

      Delete
  33. යකෝ, ඊළඟට එන්න තියන ඕඩර්ස් ටිකටත් කෙලවන්නද හදන්නේ.

    ඔය වගේ පටි ළමයින්ගේ පොත් බෑග් එල්ලගන්නවත් බැරිතරම් 'ශක්තිමත්' ඇති නේ? :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. දැං ඕඩර්ස් ඇත්තෙම නෑ වැඩේ හරියට කරන්නෑ නෙව.

      පොත් බෑග් එල්ලන්න නං ඊට වඩා හයිය නුල් ඕන විචා...

      Delete
  34. කෙල්ලො ඔහොම්මමයි...

    ReplyDelete
    Replies
    1. කාපං හොද එකෙන්.. මං නෑ.. හැක්..

      Delete
  35. මේ ගෑණු ළමයට එහෙම වැරැද්ද්දක් කරන්න උනේ අසිත අයියා දැන් එයා ගැන වැඩි අවධානයක් පෙන්නන්නෙ නැති නිසා. එතකොට අසිත අයියා එහෙම කරන්නෙ සන්ධ්‍යා නිසා. සන්ධ්‍යා ඔතන වැඩට ආවෙ HR එකෙන් එයාව තෝරාගත්තු නිසා. වැරැද්ද කීප දෙනෙකුට බෙදිලා යන්න තියෙද්දි අර ගෑණු ළමයට විතරක් චෝදනා කරන එක නම් අන්තිම වැරදියි. මේක මහ අසාධාරණ ලෝකයක්.

    ReplyDelete
    Replies
    1. හැබැව අන්තිමට කව්ර වැරදි. කැකිල්ලේ රජතුමා ට බාර දෙන්නයි තිබ්බේ මේක විසදන්න..

      Delete
  36. නංගි අයියගෙ නුල කැඩුවා මදිවට...අහිංසක කදු නගින්නගෙ දරු පවුලත් අනාථ කලා....නෝටි නංගියෙක්...

    ReplyDelete
    Replies
    1. //නංගි අයියගෙ නුල කැඩුවා මදිවට..//

      වාර්තාවට පටහැනි කතා කරන්න එපා සිරා හරිද?? හැක්..

      Delete
  37. නිර්මානශීලීත්වය අන්තිම ඉහලයි.ඇත්තටම ඔය වගෙ සුළු සිද්ධි අපි හිතන්නෙ නැති තරම් ප්‍රතිපල ගෙන දෙනවා වෙන්නත් පුළුවන්

    ReplyDelete
  38. ගෑනු ජාතිය ජරා ජාතිය ගලේ ගහලා මරා දාපිය!!!හරි දැන් යුද්ධ ප්‍රකාශ කරපල්ලා!!!

    ReplyDelete
    Replies
    1. උඹ හදන්නේ මාව පන්නන්නද??

      Delete
  39. අනේ අම්මේ එකත් ආවේ කැරකිලා ලංකාවේ ඉන්න ගොන් කෙල්ලෙකුට නේ මේක දාගමු පත්තරේට සුප්පා කතාව ඈ මාමේ

    ReplyDelete
    Replies
    1. පත්තරේ තිබ්බ එක ගෙඩිය පිටින් ගෙනාවේ පුතේ..

      Delete
  40. අර පින්තූර ටික දැක්කම කඳු නගින එකම එපා වුනා.. මේ ඉන්න විදිහ හොදයි වගේ..

    ReplyDelete
    Replies
    1. උම නං හයික් කරල මේ ලංකාවේ ඉන්න හොටු කෙල්ලොන්නට දුක් දෙන්න එපා හරිද දිනේෂයා..

      Delete
  41. මචං මේකෙ පොඩි අවුලක් තියනවා. නූල කැඩිලා පටිය ගාංචුවෙන් ගැලවුණා නම් ඒක මූලික පරීක්ෂණ වලින්ම හොයාගන්න පුළුවන් වෙන්න ඕනෙනේ. ඒ නිසා මේ සැරේ මේක දිනමිණේ දාන්න විදිහක් නෑ :D

    ඕනේ නම් මේක සමනල ආචරණය යටතටත් දාන්න පුළුවන්.

    //ඇණයක් නැති නිසා ලාඩම ගහන්න බැරි වෙනවා....
    ලාඩම නොගහපු නිසා අශ්වයා වැටෙනවා.....
    අශ්වයා වැ‍ටුනු නිසා ජනරාල් මැරෙනවා....
    ජනරාල් මැරුණු නිසා යුද්ධෙ පරදිනවා...
    යුද්ධෙ පැරදුන හින්දා රාජධානිය වැටෙනවා....
    අවසාන විග්‍රහයේදී..... ඇණයක් හින්දා මුලු රාජධානියක් වැටෙනවා....//

    මේක ගත්තේ මෙතැනින්.....

    ReplyDelete
    Replies
    1. දිනමිනේ දාන්න බෑ කිව්වා.. එහෙම කරන්න එපා සුදෝ.. හැක්..

      මං ඇනේ සිද්ධීය කියවල තිබ්බා ඔය එච්ආර් සීන් එකකදි බං. තැන්කුයි තිසරේ..

      Delete
  42. ආයේ නම් ' no hiking ' කියලා හිතුවා. මම කීවේ නූල්වල හය්ය නොබලා කරන ඒවා ගැන.:D

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑට මේ දුප්පත් දැරිවිට කව්රුවත් උත්තර දීල නැ නෙව..

      Delete
  43. ඒ නංගිට කියන්න ඕනෙ නූල් එක්ක වැඩිය සෙල්ලම් කොරන්න යන්න එපා කියල..

    ReplyDelete
    Replies
    1. අනිවා ජොබට කෙලවෙන එක සුවර් බං...

      Delete
  44. මේකෙන් එන්න තියෙන නිගමනය තමයි; ඔය වගේ පටිය කැඩෙන කේස් ගැන පරීක්ෂා කොරනකොට යාන්තමට හරි සිද්දියට ගෑවිලා ඉන්න නංගිලාගේ දිනපොත් මොන රටේ හිටියත් හොයාගෙන කියවන්ට ඕනිය කියන එක

    ReplyDelete
    Replies
    1. පුර්ව සුදානමික් ඉන්න ඕන .ඒ වගේ අයට දිනපොත් ලියන්න දෙන්න නාකයි.. හැක්..

      Delete
  45. ඉස්සරනං ලංකාවේ නුල් හදන කොම්පැනි ‍ගොඩක් තිබ්බට දැන් ලංකාවේ තියෙන්නේ දෙකයි

    ReplyDelete
    Replies
    1. ඖ යේස් නං දෙකත් කියහං බං...

      Delete
  46. අර පොටෝ ටික දැක්ක ගමන් කලන්තෙ දානවා. ඇයි යකේ මුං ට යන්න තැන් නැතුවද කඳු දිගේ බඩගාන්නේ. ඒකියන්නේ නූල් වලට හොඳ මාකට් එකක් ලංකාවෙ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දයා මේ වගේම මහ බයානක හයික් විතරක් නෙමේ බිත්තර තම්බ තම්බ යන පාරවල් පවා තියෙනවා..

      Delete
  47. යකෝ චීනෙ මැරිච්ච ජර්මන් කාරයාගෙ සිද්දියත් කරකිලා අපේ ලංකාවටමනෙ ආවේ...........

    ReplyDelete
    Replies
    1. වෙල්කම් දිනුෂ

      බලන්නකෝ ඒකෙත් හැටි නේද,,

      Delete
  48. දේශා.....උඹේ නූල කොහොමද? සොරි සොරි නූල නෙමේ කඹේ....

    නියම ගැලපිල්ල බන්. කොයි වෙලාවටද ඔළුවට එන්නේ?

    ReplyDelete
    Replies
    1. නෑ අරූ අයියෙ දේශාගෙ නූල නෑලු. ගමේ කොල්ලො කුරුට්ටො ගිය අවුරුද්දෙ නූල(කඹේ) ඉල්ලන් ගිහින් ඔන්චිලි පදින්න. මේ වනචරයො ටික ආපහු ගෙනත් දීලා නෑනෙ.

      Delete
    2. @ අරූ

      කඹේ.. හැක් හැක්..කඹේ හදන්නෙත් කෙදි වලින් විත්තිය බොට අමතක වෙන්න නං විදියක් නෑ.. ජය වේවා..

      @ ප්‍රියා

      ඒ ඉතිං උඹල වගේ අෑයෝ තමා..

      Delete
  49. ඔන්න් ඇව්ිට්ත් න්ම් ල්ක්ුඅන්ු ක්ල්ා

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං කිව්වේ අකුරු අවුල් වෙලා නෙහ්..

      Delete