Sunday, January 19, 2014

හොර අරක්කු!!

ඊයේ අපේ අල්ලපු ගෙදර වෙඩිමක්. ලොකු කේටරින් සර්විස් එකක් දාලා වැඩේ කරපු හන්දා වෙන්න ඇති දේශිකාට විතරයි එන්න කියල ආරාධන පත්තර කෑල්ලක් දීලා තිබුනේ. මට ඉතිං දුක තමයි. ඒකේ අසාධාරණේකුත් නෑ බැලුවම ඒ කොල්ලත් එක්ක මං මූන බලල හිනා වෙන එකක් යැ අඩු ගානේ. හැක්.

මේකනේ උනේ දවල් හිටන් තිබ්බ මගුල් ගෙදර, රාත්තිරි දහයට විතර අපේ ගේ පිටිපස්ස පැත්තේ මහ ගෝරියක සද්දයක් ඇහුන නිසා විගහට ගිහින් මාත් එබිල බැලුවා. අපේ ගෙයි පිටිපස්ස මායිං වෙන්නේ ඇළකට නෙව. ඇළට මායිම තවත් ගෙවල් දෙකතුනකට යන පාර. ඒ පාර දිගටම ගියාම ගෙවල් ටික පහුකරගෙන අඩි දහයක් පැන්න තැන මහ පාර.

මගුල් ගෙදර බොන කන තැන තිබුනේ මේ ඇළට කිට්ටු වෙන්න. ඒක අර කානු ඇළක් නිසා පළල ඕනනං අඩි 6 ක් ඇති. වෙලා තියෙන්නේ මේකනේ, කස්ටියක් බිබී ඉන්න අතරේ ඒ එක හාදයෙක් ප්ලාස්ටික් පුටුවේ අන්ඩ නැමිල වැටුනම අනිත් හාදයෝ ටික නැගිටල හිහින් අර හාදයව නැගිට්ටවල. ඊට පස්සේ ඇවිත් බලන කොට මේසේ උඩ තිබ්බ තුන්කාලක් ඉතුරු ගල් බෝතලේ නෑලු. වට පිට බලන කොට කව්ද එකෙක් හෙමින් සැරේ ගැරඬියා වගේ කානුව දිගේ ඇදිල පාර පැත්තට ගොඩ වෙන එක දැකල තියෙන්නේ ලයිට් එළියට මිනිහගේ අතේ තිබ්බ බෝතලේ දිලිසෙන නිසයි. ඒ පාර කස්ටිය හෙන චන්ඩි පොරවල් වෙලා අර ඇදුං පිටිංම කාණුවට බැහැල හොරාව අල්ලගන්න. කොහේද ඌ ස්රුස් ගාලා පැනල ගිහින්. කොහොම හරි අන්තිමට සියළු බෙබේලා අපේ ගෙවල් පැත්තේ ඉදං හෙන සාකච්ඡාව වෙච්ච පාහර වැඩේ ගැන කිය කිය. 

හැබැයි දොර ඇරල බලපු මට සීන් එක දැනගත්තට පස්සේ ගියේ පස්ට හිනාවක්.. බෝතල් හොරු. අනේ අම්මප මෙහෙමත් උන් කියල උන් බනින කොට මම හෙමින් සැරේ මාරු වෙලා ඇවිත් පුටුවේ වාඩි වෙලා අතීතය මතක් කරන්න පටන් ගත්තා.

මම එතකොට සාමාන්‍ය පෙළ ඉවර වෙලා රිසල්ට් ඇවිත් ඒ ලේවල් කරන්න ඔන්න මෙන්න. ඔය කාලේ හැන්දෑ වෙනකොට අපේ එකම අරමුණ තමා ටිකක් රස්තිය ගහල රෑබෝවෙලා ගෙදර එන එක. හැබැයි බැරි වෙලා හරි අහල පහළක මළගෙයක් තිබුනොත් පහුවෙනිදා උදේ තමා ගෙදර එන්නේ.

එක දවසක් මයිකල් මාමගේ තාත්තා නැති වෙලා මළගේ ආරංචි වෙලා අපි ගියා හැන්දැවේ මළගෙදර. ගිහිල්ල පුරුදු විදියට බිස්ටල් පැකට් එකකුත් අරගෙන එළියට වෙලා තාප්පයක් උඩ ලැගල පන්දං පාලිය පටන් අරගෙන ටික වෙලාවක් යද්දි පොලියාද කොහේද කිව්ව ළගපාත තියෙන මගුල් ගෙයක් ගැන. ඌ දැක්ක කිව්ව දවල් වෙරි වෙලා දගර දාපු පොරවල් අල්ලන් යන විදිය හෙම. ඉතිං අපි කතා උනේ පොඩිඩක් ගිහිල්ල බලන්න ඒ පැත්තේ වෙරි කාරයෝ හෙම දාන සෙල්ලං දිහා.

ඔහොම හිතල සැට් එකම ඒ පැත්තට ගියා. මගුල් ගේ තියෙන්නේ ප්‍රසිද්ධ පිරිවෙනනක් ඉස්සරමයි. පිරිවෙනට එහා පැත්තේ ප්‍රභු පවුලක සුසාන භූමිය. සුසාන භුමියට ඉස්සරහ තියෙන්නේ අපි “වයිට් ඩයමන්ඩ්“ යන නමින් හැදින්වූ අපට වැඩිය අවුරුද්දක් බාල, අපේ ගනං පන්තියටම එන නංගිගේ ගෙදර. අපේ එකෙක් ඒකිට ට්‍රයි කරල වැඩේ කරගත්තා උනත් අපි කෙල්ලට දාපු නම තාම එහෙමමයි. රෙජිස්ටරඩ්.

මගුල් ගේයි ලයිට් හෙම දාලා අගේට තියෙනවා. පාරටම මායින් වෙන්න තාප්පේ. ඒක ඕන නං අඩි පහක් උස ඇති. තාප්පෙට එහා පැත්තේ පුටු මේස තියල බොන තැන සැට් කරල. ඊට එහායින් තමා කෑම දෙන මඩුව. අපි හෝදිසියෙන් බැලුවට මොන නයිනාටකයක් වත් එතන නෑ. ඒත් පොරවල් බොනවා. බෝතල් වලට ලයිට් වැදිල ඒවා එක එක පාටින් පේනකොට අපෙත් ඉහ මොල රත් වෙන්න ගත්තා.

“ඒයි මචං.. බලපං අදුරන එකෙක් වත් ඉන්නවද කියල අපිට අඩියක් වත් ගහන්න“ මොලේ අවුල් වෙච්චි එකෙක් කිව්වම කට්ටිය ටික ටික ඔළුව දාලා බැලුවට එහෙම එකෙක් අහු උනේ නෑ. දැන්නං ඉවසන්නම බෑ අප්පා අර බෝතල් හිස් කරන දිහා බලං ඉදලම. අන්තිම තීරණේ ගත්තා ඕන මගුලක් කියලා සැන්ඩව තාප්පෙන් පන්නල බෝතලයක් උස්න්නන. ඇයි වදේ මේවා බලන් ඉන්න පුළුවනෑ.

අපි අර සුසාන භූමියේ උස තියෙන සොහොනක් ගාවට වෙලා වැඩේට නියම වෙලාව එනකං ඇගිලි ගැන ගැන හිටියා. එක පාරටම අපි දැක්කා බොන අයට කෑමට වතුර අල්ලනවා. ටිකකින් මේස දෙක තුනක කට්ටිය බෝතල් හිස් කරල ගියාට එක මේසෙක විතරක් කට්ටිය හිටියා. බෝතලෙත් ඉවර උනා. ඒත් යන පාටක් නෑ. මෙන්න අඩේ තව බෝතලක් ආවා. ඒක කඩල දෙන්නෙක් විතර සොට් දෙකක් දාගත්තට අනිත් උන්ට හොදටම බඩු. නැගිට ගන්නත් බෑ. ඒ අස්සේ එකෙක් කබරය දාන්න ගත්ත නිසා මේසේ උන්දැලගේ අවධානේ ඒ දිහාට ගියා. උන් අර කබරයව වත්තන් කරං ඊට එපිටහ තිබුන තැඹිලි ගහට පෝර කරවන්න දක්කන් ගියා. අන්න නියම වෙලාව කියල මිෂන් එකට සැන්ඩට ඕඩර් එක දුන්නා.

සැන්ඩා දෙපැත්ත බැලුවා. පාර පැන්නා. පොඩ්ඩක් තාප්පෙට මුවා වෙලා මගුල් ගේ දිහාම බැලුවා. සාර්ථකයි. අත් දෙක තාප්පෙට තිබ්බා. ඇග ඉස්සවා. දඩාර් ගාලා කකුල් දෙක තාප්පෙට තියල එක පාරටම පැන්න වදුරු පිම්මක්. පාත් උනා. පොඩිඩක් වෙලා ගියා. මූ නැගිට්ටේ නෑ. තව ඩිංගකින් අතක් තාප්පෙට ආවා. අනිත් අතින් බෝතලක් හිමින් සැරේ තාප්පේ දිගේම තණකොල ගොඩට වැටුනා. සැන්ඩා ආපිට පැන්නා. බෝතලේ ගත්තා පාර දිගේ පිට්ටනිය දිහාට දිව්වා. හැක්.

අපිත් ඉතිං ඒ පාර සැන්ඩ පස්සෙන් පිට්ටනියට ම දුවල තමා පස්ස හැරුනේ. මොන මොකෙක්වත් නෑ. සන්තෝසේ බෑ ඉස් ඉස්සෙල්ලම හොරකං කරපු ගල් බෝතලේ දැක්කම. කස්ටියම ඒ පාර පැවිලියන් එකේ වාඩි වෙලා අහල තිබුන කඩේකින් සෝඩා එකකුත් ගෙනැල්ල, පකඩ වගේකුත් හප හප හොදට බෝතලේ ගැහුවා.

දුක කියන්නේ ඔහොම කරපු දෙවෙනි සීන් එක මාට්ටු උනා..

136 comments:

  1. ෂුවර් එකටම අල්ලපු ගෙදර වෙඩිමෙන් බොතලයක් උස්සල මාරු උනෙත් දේශකයම(වෙරලුවම) තමා :D

    ReplyDelete
    Replies
    1. අජෝව් මහ පොලව නුහුලන අපරාද කතා කියන්න එපා යකෝ.. හැක් හැක්..

      Delete
    2. යකෝ මහපොලව නුහුලන අපරද උබනෙ කරන්නෙ, අර මිනිස්සු ආසාවෙන් බිබී හිටපු බොතලේටනෙ උබ විද්දෙ :P
      ලබන ආත්මෙනම් උබට අරක්කුවල සුවදවත් බලන්න හම්බවෙන්නෙ නෑ මේ කරන පව් වලට :D

      Delete
    3. හැක් හැක්. ඒ පව් මට පහුකාලෙක පඩිසන් දුන්න නෙව.

      බීම සහ තේරුම් නොගැනීම

      Delete
  2. මේ සැරෙත් උඹ නේද ඉස්සුවේ! පව් යකෝ!!!

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ බොලා මාව ම කන්න හදන්නේ ඒ පාර. මං අහිංසකයා මේ පාර.. හැක්

      Delete
    2. ඕක අහන්නත් දෙයක්ය නාඩි / / / දැන් අර නලියට ගෙදර තිබ්බ සබ්බ සකලමනාවම පිහලම ගෙනහින් දීල පත්තරේ හණ ගහ ගන්න . . .

      ඉතින් දේශිකා ආරදනා පත්තරේ හනගල මුට බොන්න එපා කීවට කොහෙද ?

      Delete
    3. මං ඒකිට කිව්ව වැඩිය බොන්න යන්න එපා කියලා.. හැක්.

      නලියට මං දෙන්නං කිව්ව මිසක්කා තාම දුන්නෑ. උඹ ඕන නං අහපං.. හයියෝ මෙහෙමත් එවුන්.. බලපං කාගේද එක පාර දෙකක් දැම්මේ.. උඹටත් ඕන නං දාලා දෙන්නං. රහස මං ගාව.. හැක්

      Delete
    4. අද දේශකයගෙ අතින් ඇත්තම පිට වෙනවා බොලවු.

      ඔය උස්සලා තියෙන්නෙ නලින් අයියට දෙන්නයි. ඇයි මේ උඩ කියලා තියෙන්නෙ "නලියට දෙනවා කිවුවට තාම දුන් නෑ" කියලා. හික්… හික්……

      Delete
    5. මං කියන්නේ සහතික ඇත්ත බොල. තාම දුන්නා මුකුත් නලියට ඒකට.. හැක්..

      Delete
  3. Replies
    1. ඔව් මහ කැත වැඩක් ඒක. මට අහු උනා නං කඩනව උගේ අඩු.. හැක්..

      Delete
  4. ගල් බෝතලේක ගානෙ හැටියට හොරකං නොකර කොහොමෙයි බං බොන්නෙ ..!!
    නැද්ද හා ..???

    උඹ හරි !!

    දේශිකාද බයිට් එක හදල දුන්නෙ නැත්තං ඒකත් ඇල දිගේම ගෙනාවද බං ???






    ReplyDelete
    Replies
    1. හිස් ගල් බෝතලයක් ගන්නවත් සල්ලි නැති මට කොයින් ද බොල බයිට් මේ දවස් වල. හැක්..

      Delete
  5. ලැජ්ජා නැතුව කියන කැත විතරක් ,නෙදකින් බේබද්දෝ

    ReplyDelete
    Replies
    1. කරන්න හොදයි කිව්වම තමයි නාක. හ.. නෝටි බෝයි..

      Delete
    2. ඔය කිසිම දෙයක් නොකර උපාසකයො වගේ ඉන්න බහුතරයක් ලග නැති හොද පපුවක් බොහෝ බේබද්දන්ට ඇති බව මම අත්දැකීමෙන් දනිමි. මස් මාංශ අනුභවයෙන් මෙන්ම සුරාවෙන්ද තොර එකෙක් හිට්ලර් කියන්නෙ...මිනිහා පොඩි අඩියක් ගහලා ජොලියෙ හිටියා නම් ඔය ලෝක යුද්ධ සීන් මොකුත් නෑ...

      Delete
    3. දීකිරට පූසොත් සාක්කිලු ඉදගෙන :D

      Delete
    4. @ සිරා

      ඉදගෙන උඹ කියන කතාව ඇත්ත බං..

      Delete
    5. @ ඔමා

      ඔහොම කියන්න හොදද අහිංසක සිරාට.. හිටගෙන.. හැක්

      Delete
    6. අන්න කතා කරං සිරෝ , ,, හෙහ් මේ උදවිය දන්නේ නැහැ හැටි

      Delete
    7. අන්න එහෙම එන්නකෝ පණ.. කෝ මේ අසුචි දරුවා.. අපට සද්දේ දාන..

      Delete
    8. ආ අනිත් එක්කෙනත් ඇවිත් ... ඔව් ඉතින් සත්ගුණවත් සිරා කොලුවා කියන්නේ පාසල් සන්ධියේ ඉදන්ම බෙබානේ,, සමාන කුරුල්ලෝ එකට හමුවෙති කීවලු ඉදගෙන :)

      Delete
    9. සමාන කුරුල්ලෝ මේ අත්තේ වසත්වා.. !!! ඔමා කිරිල්ලිව මේ අත්තෙන් පන්නා දමමු...

      Delete
    10. අන්න එහෙම එන්නකො දේශක..කෙලියෙ දීකිරට පූසො නෙමෙයි බළල්ලුයි සාක්කි...මොකද පූසා කියලා තව වර්ග තියෙනවා...හැක්....

      Delete
    11. මං ඕක දැකලත් නොකිය හිටියේ උඹ බළලෙක්වත් පුසෙක්වත් නොවෙන හින්දා.. හැක්.. මොනවද හැබෑට ඔය පුස් වර්ග සිරෝ??

      Delete
    12. සිරා .. සහතිකෙන්ම ඇත්ත බොල !!!

      කන බොන මනුස්සය හොඳ එකා !!

      චියර්ස් !! ඉරිදනේ බං !!!!

      Delete
    13. අඩේ මේකා දැනුත් ගහලද මන්ද අකුරු වැනෙනවා වගේ මට පේන්නේ.. හැක්.

      Delete
    14. ආ එහෙමත් සීන් එකක් තියෙනවද ,.. @සත් ගුණවත් සිරා කොලුවා :)

      Delete
    15. ඔව් ඇයි අවුල්ද.. හැක්.. සිරා බොට උත්තර දේවි..

      අර ප්‍රසා කියන්නෙත් සමහර වෙලාවට පුසා නේද?? මම නං ඒක දැකල තියෙනවා..

      Delete
    16. මේ දේශකයත් මාවම ගිරේට අහුකරන්නෙ යන්නෙ...කියහංකො පූස් වර්ග ගැන...හැක්...

      Delete
    17. දැං එතකොට මේ පුස් වර්ග ගැන මමද කියන්න ඕන.. ඉදගෙන..

      Delete
    18. ලැජ්ජා නැතුව කියන කැත විතරක් ,නෙදකින් බේබද්දෝ ///

      කව්ද මේ බොන උන්ට බාබෙද්දො කියන්නෙ ඉදගෙන ....නෑ නෑ බේබද්දෝ කියන්නෙ.
      ...
      කොහොම උනත් සෙට් වෙන වුන්ට චියර්ස් !!!!!!!!........

      Delete
    19. හි හි මධ්‍යසාර භාවිතය ඔබේ අයිතියක් ... මේ පොලවට පස් වෙන ශරීරෙනේ අප්පා ඉන්නකල් නේ ඔය හැමදේම ,,සතුටින් ඉන්න

      Delete
  6. යකඩෝ...බිබී හිටිය ගල් බෝතලේ හොයන්න සැට් එක කුණු කාණුවකටත් බැස්සා එහෙනං....පොදුජනමන බේබදු සැට් එකේ අවශ්‍යතාව වෙනුවෙන්...ගල් මිළ පිළිබද වගකියන ඇමතියෙකුත් මේ රජයට අවශ්‍යයැයි මම යෝජනා කර සිටිනවා...

    අපේ පැති වලත් ඔය වගේ බෝතල් උස්සලා මාට්ටු උනාම ගමේ කියලා නෑ...ගුටි දෙන්නෙ බීපුවා කාපුවත් එක්කම කටින් එන්න..

    ReplyDelete
    Replies
    1. අනේ අපේ පැත්තෙනං එහෙම කරන්නෑ.. හොද නරක කියල දීල යවනවා බං.. හැක්.

      Delete
  7. මුලක ඉඳන් කොමෙන්ට් කොරන්නම්කො එහෙනම් . . . //දේශිකාට විතරයි එන්න කියල ආරාධන පත්තර කෑල්ලක් දීලා තිබුනේ.// එහෙම නෙමේ උබට දුන්න එක දෙශිකා හන්ගුව උබව තැනකට ගෙනියන්න බැරි නිසා .. .
    //කව්ද එකෙක් හෙමින් සැරේ ගැරඬියා වගේ කානුව දිගේ ඇදිල පාර පැත්තට ගොඩ වෙන එක දැකල තියෙන්නේ ලයිට් එළියට මිනිහගේ අතේ තිබ්බ බෝතලේ දිලිසෙන නිසයි// මේ උබ කියල මාර්ට ඉන්තෙරුවෙන් කිහැකි . . ඔව් . . ඉදගෙන . . .
    //අපේ එකෙක් ඒකිට ට්‍රයි කරල වැඩේ කරගත්තා උනත් අපි කෙල්ලට දාපු නම තාම එහෙමමයි. //මෙත් වෙන එකෙක් නෙමේ . . .හෙහෙ හ්හේ හෙහ්
    //දුක කියන්නේ ඔහොම කරපු දෙවෙනි සීන් එක මාට්ටු උනා..// ඒ තමා මේ කතාවට පාදක උන සිදිදිය . . ..

    ReplyDelete
    Replies
    1. වෙන වෙනම උත්තර දෙන්න ඕනද දැං මේ යක්කුන්නට..

      කාඩ් එක -- යකඩෝ එක කාඩ් එකයි දෙන්නේ. ඒකේ ඔබතුමියට කියල ලියල තිබුනේ

      කාණුව දිගේ - පෙර වැරදි සැලකුවම බොලා ඔහොම හිතන එකත් හරි.. හැක්

      වයිට් ඩයමන්ඩ් - මාත් ට්‍රයි කරා. ඒ උනාට අරූට තමා හරි ගියේ..
      දෙවැනි එක - සිරාවට මාට්ටු උනා. ඒ මේක නෙමෙයි හිටහං ඒක පස්සේ දාන්න..

      ලැබුනයි බොට උත්තර.. ???

      Delete
  8. අත බොරු කිවුවත් කී බෝර්ඩ් එක බොරු කියන්නෑ කියන්නෙ ඕවට තමා. කතාවෙ අන්තිමට ඔය යස අපූරුවට කියලා තියෙන්නෙ අල්ලපු ගෙදර බෝතලේට උන සන්තෑසිය.

    ඇත්ත කියපන් උන් නෙළුවා නේද ඇට්ටි හැලෙන්න බොට??.

    දැන් ඉතින් අන්තිමට කියපු කතාවෙ ඇත්ත කතාව කියලා වෙන එකක් ගොතලා දාන්නෑ ඕන්. රට්ටු දැනගෙන ඉවරයි ඇත්ත. හැක්…… හැක්………

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධීන් එක හා සමපාත වූවද මා ඇලේ බහින ගොබිලයෙකු නොවෙමි ප්‍රියයෙනි..

      අඩේ සිරාවට දෙවැනි බෝතලේ ගනිද්දි මාට්ටු උනා. ඒත් ඉස්කෝලේ යන ඇයෝ කියල ඒ මනුස්සයා ඉවසුවා..

      Delete
  9. පරන සීන් ක්කිපයක්ම මතක් උනා.

    එකපාරක් අපි හතරපස් දෙනෙක් සෙන්සුරාද රෑ බීල පාන්දර ගියා බීච් එකට.මෙන්න බොලේ කැටමරන් එකේ පාටියක්. බීපු උන් හාන්සියි, කෑමද බීමද පිරෙන්න. හෙමීට සෙට් වෙලා ට්‍රේ පිටින් කෑම බීම අරන් ඇවිත් ආයි මුල ඉඳන් බීල කාල ඉරිද දවසෙම හාචිපයිස් වෙලා උන්න.


    තව පාරක් 31 රෑ පාර්ටි එකක් ග්‍රීන් පාත් වල රෙස්ටුරන්ට් එහෙක. අපේ ටේබල් එකේ තනි මායි පස්සෙ කාලෙ ලංකාවෙ වෙච්චි ප්‍රසිද්ධ නාලක සහ නාලක දෙන්නයි උන් දෙන්නගෙ වයිෆ්ලයි. දොළහට සුභ පතන්න ඩාන්සින් ෆ්ලෝ එකට ගිහින් එනකොට මෙන්න මේස උඩ තිබ්බ භාගෙට ඉවර වෙච්චි බ්ලැක් ලේබල් එක නෑ! නාලක ජෝඩුවට මල. මොකද වයිෆ්ල උන්නු නිසා උන් මන් තරම්ම වේගෙන් බීලත් නෑ ( අනික ටේබල් එහෙකට නිකන් දෙන්නෙ එක බෝතලේනෙ ). පස්සෙ අලුත් අවුරුද්දෙ මුලම පැයේ ගේමක් දීල වෙන ටේබල් එහෙක උන් උස්සල තිබ්බ බෝතලේ වෙනුවට අලුත් එකක් අරගන්න පුලුවන් උනා!

    තව පාරක් මවුන්ට් ලැවිනියා එකේම යාලුව්ක්ගෙ වෙඩින් එහෙකට ගියා බොන්න නෑ. පස්සෙ සෙට් එක හිමීට බලනකොට තව තඩි වෙඩින් පාටියක් ග්‍රෑන්ඩ් බෝල් රූම් එකේ. හිමීට ගිහින් ඉඳ ගත්ත, අතුවයිම්ම දෙකක් දාන් ඇවිත් අපේ පාටියෙ ඉඳගෙන හිටිය.

    "තරුණ කාලෙ විප්ලවාදියෙක් නොවෙන්නත් මහලු උනාම විප්ලවාදියෙක් වෙන්නත් දෙන්නම් මෝඩයො" කියන්න වගේ ඒ කාලෙ ඔව්ව නොකරන කොලුකං මොනාටද බන්?

    ReplyDelete
    Replies
    1. අන්තිමට කියාපු කතාව සහතික ඇත්ත.. මොන ශාන්ත කමක්වත් තිබිලා නැහැනේ බොලා ගාව තරුණ කාලේ.. හැක්.. එළ කතා ටික. අපරාදේ අගේට පෝස්ට්කටුවක් දාන්න තිබ්බා උපේ..

      Delete
  10. එළ කථාව දේශකයෝ. ඒ අතීතය කොච්චර සුන්දරද? අහුනොවී වැඩේ කරගත්තු එක ලොකු දෙයක් මොකද ඔවැනි තැන්වල බොරැවට වෙරි පාට් දාගෙන බෝතල් වලට බැල්ම දාගෙන ඉන්න පොරවලුත් ඉන්නවනේ.
    අපිත් ඔවැනි වැඩක් කොලා. අපේ මස්සිනා කෙනෙකුගේ නෑයෙක් එයාට ආරාධනා කොරලා තිබුනා ඇට්ටෝං ගෙදරට. ඉතිං මිනිහට තනියි කියලා මායි තව මල්ලියෙකුයි හැන්දෑකොරේ එහේ ගියා. මනමාලයා සව්දියේ වැඩකරලා හොඳට බර තිබුනා. මිනිහා කාමරේක පෙට්ටියක් පුරවලා විස්කි දාලා තිබුනා. අපි හිමිහිට විස්කි බෝතලයක් පන්නගෙන කෑමත් කාලා ගෙදරට පැන්නා. පස්සෙන්දා බෝතලය රස වින්ඳා.
    උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. හා හා බොලා හොර හිතින්ම බැහැල තියෙන්නේ වැඩට.. විස්කි නං ඉතිං පස්ට තමා ගුනේ..

      Delete
    2. ට ආරාධනා කොරලා තිබුනාඇට්ටෝං ගෙදරට.////
      මනමාලයා සව්දියේ වැඩකරලා හොඳට බර තිබුනා. /////
      මොකක්ද මේහරුපේ ???? ඈ

      Delete
    3. හනිමුන් එකට ආරාධනා. අරාබියේ වැඩ කරල සල්ලි හම්බානෙක තිබ්බලු...

      Delete
  11. ඔච්චර දුක් විඳගෙන, හොරකම අහුවෙලා ගුටි කන්න වෙන අවධානමත් අරගෙන, බොන්න තරම් දෙයක්ද ඕක???

    මම නම් හිතන්නෙ නෑ දේශකයා ඔය වැඩේ කරන්න ඇති කියල. වෙඩින් එකට ආරාධනා නොකල තරහට වෙන කෙනෙක් දාලා නේද බෝතලේ ගත්තෙ? ;)

    ReplyDelete
    Replies
    1. චාම්ස්ට කියන්න මට මේ කතාව අහල හිනා ගියා නවත්ගන්න බැරි වෙන්නම.. අයියෝ ළමයෝ මම ඒ වගේ වැඩ දැං කරන්නෑ.. හැක් හැක් හැක් (x 1000)

      ස්තුතියි අනේ මගේ ලේ සෑහෙන්න පිරිසිදු උනා..

      Delete
    2. හප්පට සිරි වෙන කාව හරි දාලද ඉස්සෙවුවෙ.

      බොල බලන් ගියාම ජාත්‍යන්තර අපරාධ කාරයෙක් නොවැ. හික්…… හි………

      Delete
    3. ඒකනේ බලංහංකෝ චාම්ස් මාව වක්‍රාකාරව බෝතල් හොරෙක් කරල නෙව.. මට තාමත් හිනා බං ඒකට.. තැන්කුයි චාම්ස් ඇන්ඩ් ප්‍රියා

      Delete
  12. අපිටනං වෙලා තියෙන්නෙ බොන්න නැති මගුල් ගෙවල්වලට අපේ අතිං වියදං කරං ඇරන් ගිහිල්ල ඒකෙ ඉන්න උංට පේන්න බොන එක තමයි.

    යකෝ නලියට දෙන්න උඹ මෙහෙම බෝතල් උස්සනව කියල දැනගත්තනං..... එක්කො ඕන නෑ.

    16 පිටුවෙ දෙකක් දාලත් මදිවෙලාද දෙවෙනි පාරටත් තව බෝතලයක් උස්සන්න ගියේ.

    ReplyDelete
    Replies
    1. උඹල කරන්නේ මහ කැත වැඩක්. ගුටි කන වැඩක්.. ඇයි බං ඒ මිනිස්සු තොල කට ලෙව කකා ඇති. හැක්.. කටවහං හිටං පිටුව පිරෙන්න මගේ ඒවා දානකං මට නින්ද යන්නෑ බොල.. හැක්

      Delete
  13. දෙවෙනි ගල් බෝතල් ඉස්සිල්ලත් බලමුකෝ එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ඒක ටිකක් දිග එකක් වේවි.. කමක් නෑ ලියන්නංකෝ.. ජය වේවා අමිල..

      Delete
  14. හෙක් හෙක්.. ඔන්න ඉතිං මමත් අතීතයට සුට්ටක් දිව්වා..
    අපේ තාත්තා පට්ට නස්කුනි වෙන්න ගසන යුගයක් තිබ්බා.. අනේ කොච්චර බිව්වත් කාටවත් වදයක් නෑ.. කන්න බොන්න අරව මෙව්වා හැමදේම ගෙනත් දෙනවා. ඉඳ හිටලා තරහා කාරයෙක් මතක් උනොත් හූවක් තියෙනවා.

    ඒ උනාට මගේ පොර මානසිකත්වයට මේක හෙණ අවුලක් උණා.. කොහොමහරි මං බීම නවත්වන්න ඕනේ.. දුන්නා බණ පදයක්.. ෂික් අහන්නෙම නෑ.. තාත්තා බොන තරහා අපේ අම්මා මං පිටින් තමයි යවන්නේ.. මං එක්කනේ ඔව්වට ඉතිං බනින්නේ..

    දවසක් හෙණ ගල් බෝතලයකුයි, බීර් බෝතලයකුයි බැස්සුවා. මට සිරා මල.
    මං ගේම ඉල්ලුවා. බණ පදයක් කිව්වා. ගල් බෝතලෙයි බීර් එකයි අපේ ගෙවල් ළඟ කන්දට විසික්කා කළා.. පියාත් නස්කුනි වෙන්න ගසලා නිසා මෙලෝ දෙයක් මතක නෑ..
    පහුවදා තමයි ගල් බෝතලෙයි බීර් එකයි ගැන ඇහුවේ..

    තාත්තා - කෝ අර එදා ගෙනාපුවා මං..
    මං - විසික්කා මං..

    තාත්තා - අනේ දෙනවකො..
    මං - මුකටද..?

    තාත්තා - පිස්සු කෙලින්න එපා අයිසේ.. ආයේ කොරන්නේ නෑ දෙනවකො..
    මං - බෑ බෑ

    ඔහොම ඇවටිලි කරද්දී මගේ මොලේට ටිකිරි අදහසක් ආව. තාත්තාත් පිරිමියෙක් නේ. මං මොකටද කරදරයක් නැති ඒ නිදහසට බාදා කරන්නේ කියලා මං ගල් බෝතලේ ගෙනත් දුන්නා.. කන්දේ පොට් එහෙක බීර් එක හංගලා එහෙම මං ආව. බීර් එක ගැන ඇහුවා. මං කිව්වා ඒක බිඳුනා කියලා. :D

    තාත්තා ආයේ එක දිගට බිව්වේ නැහැ. පාර්ටි එහෙකට ගියොත් දාල ඈවිත් සිංදුවක් කියලා ආතල් එකේ නිදා ගන්නවා.

    අර බීර් එක මට බොන්න උවමනාව තිබ්බා.
    මං ගමේ නම ගිය අපේ සෙට් එකේ එකෙක්ට කතාව කියලා සෙට් උණා. ඌ එක්ක කන්ද මුදුනට නැගලා උම්මලකඩයක් කුස්සියේ මුට්ටියෙන් උස්සලා අරගෙන ගිහිං ගැහුවා බීර් බෝතලේ..

    මොන ගානක්වත් නෑ...

    මම බිව්වේ ඔහොම තමයි. මමත් ඕ ලෙවල් කාලේ කරපු කුප්ප කුපාඩි වැඩක් ඕක.

    ReplyDelete
    Replies
    1. හා හා රසබර මතකයක් ඔය තියෙන්නේ.. ස්තුතියි මේ කතාව දැම්මට මචෝ...

      Delete
    2. එල එල.. තාමත් මං දිගම කමෙන්ට් දෙන බෙනාම තමයි. වැඩේ කියන්නේ ටයිම් නැති එකයි වල බහින්න

      Delete
    3. හාපායි බොට තරං වෙලාව තිබ්බ නං මං දවසට එක ගානේ දානවා අනිවා..

      Delete
  15. එක අතකට මේ බෝතලේ ඉස්සුවෙ දෙශකයා නෙමේ වෙන්නත් ඇති. අන්න මනමාළිව උස්සලා තිබුනා නම්නිවාර්‍යෙන්ම මේ මනුස්පයා තමා. හි…… හි……

    ඔය බෝතලේ ඉස්සුවෙ මනමාළයා වෙන්න බැරිද?? පස්සෙ කාලෙක ප්‍රොයෝජනේට ගන්න අරන් හැංගුවාද දන්නෑ. :-D

    ReplyDelete
    Replies
    1. මට මනමාලිට වැඩිය බෝතලේ වටිනවා බං. මනමාලයා නං බොන කන එකෙක් නෙමෙයි.. ඒකනේ මං ඌත් එක්ක භජනයක් නැත්තේ.. හැක්..

      Delete
  16. දුක හිතෙන කතා කියන්න එපා අනේ.

    ReplyDelete
    Replies
    1. දැං මොකක්ද අනේ දුක හිතෙන කතාව.. හැක්..

      Delete
  17. අපි නං හොඳ ළමයි... හැක්...... :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.. අහන්නත තත්තෝතයි පුතේ.. හැක්..

      Delete
  18. හිහ්............හොර වැඩ දන්නෙම නෑ නෙහ්...

    ReplyDelete
    Replies
    1. එක හොර වැඩක්වත් දිගටම කරගෙන යන්න බෑ නෙව. ඒකනේ අවුල

      Delete
  19. අපොයි දෙයියනේ. ඕවා මෙහෙම පොරසිද්දියේ කිව්වම පොඩි එව්වොත් බෝතල් හොරකම් කරන්ට තියාගනිවී. ඒ ගමන බෝතලයක් ගන්ට විතරක් නෙවෙයි පරිස්සම් කොර ගන්ටත් මාර මහන්සියක් වෙන්ට වෙනවනේ. චා චා චා. මගේ හිතට හරි නෑ .

    ReplyDelete
    Replies
    1. හා හා කලබොල වෙන්න එපා අයියේ.. දැං කාලේ කොල්ලෝ හොරකං කරන්නෑ හොදම බඩු ගෙනැල්ල ගල්කිස්ස බීච් එකට බැහැල එළ පාටි දානව මිසක්කා.. හිත හදාගන්න මයේ අයියේ..

      Delete
  20. Replies
    1. ෆට්ට තැන්කුයි සචින්..

      Delete
  21. එදා For A Few Dollars More
    අද For A Coupe Of Free Shots More

    ReplyDelete
  22. Replies
    1. බොහොම බෞද්ධ දේශකයා.. හැක්..

      Delete

  23. යකෝ පුදුම වැඩක්නේ බන් මේක..මාවත් ගැටයා කාලේ බෝතලයක් උස්සන්න ගිහිල්ලා මාට්ටු වුනා. මේ තියෙන්නේ පහුගිය පෝස්ට් එකේ මම දාපු කමෙන්ට් එකක කොටසක්. ඇත්තටම ඒ වාද බයිලා බුවලාත්, සංවිධායක සෙට් එකත් හිත හොඳ එවුන් හින්දා බැනුම් අහලා පැත්තකට වුනා. යාළුවෝ එකෙක් ආවේ නැහැ බේරගන්න.
    /// එලිවෙනකොට අයියලා අම්බානක ගහලානේ ඉන්නේ. ස්ටේජ් එක පල්ලෙහා තිබුනු බෝතලයක් උස්සන්න ගිහිල්ලා මම නෝන්ඩිත් වෙලා තියෙනවා. පොඩි එකා නිසා ශේප් උනා./////

    වස නෝන්ඩිම වැඩක් වුනා බං බැදපු තෝර මාළු පෙත්තක් උස්සන්න ගිහිල්ලා පුංචි බොරැල්ලේ ඩිමෙල් ද මොකක්ද එකේ. තරුණ කාලේ...අම්බානක ඩෝප් ....සිහිය නැතිව කරපු හොර කමක් ඒක.

    ඉස්කෝලේ යන කාලෙත් ඒත් ඔතනම.... ඒත් බැදපු මාළු කේස් එකක් උනා මට. යාළුවෙක්ගේ තාත්තා ඇවිත් ශේප් කර ගත්තේ. බැදපු මාළුන්ට තාමත් ආසයි.

    ReplyDelete
    Replies
    1. සිහ්.. මටත් ඔය වැඩේම තමා උනේ බං පොඩි එකා නිසා අතෑරියා. ඒත් අපිනං ගේම දුන්නා.. හැක්.. මතකය ඇවිස්සීමත් සහනයක් නෙවද?

      Delete
  24. මේක ලිව්වෙ හොරා නේ ද? )))

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ දිලිනි, පරණ හොරා තමා ලිව්වේ

      Delete
  25. ෂෝයි ලමයි...ඒම තම්යි ඉන්න ඕන..!
    පකඩ කියන්නේ මොනවද බං..?

    ReplyDelete
    Replies
    1. //පකඩ කියන්නේ මොනවද බං..?////

      @ වීයා.........ඩ යන්න හැලුනාම තියෙන එක දන්නවානේ.....ඊට වඩා ගොඩක් වෙනස් ජාතියක් :D

      Delete
    2. @ වීයා
      පකඩ කියන්නේ බං අර මුරුක්කු වගේ බදින පාං පිටි කෑල්ලක්. ඒක මං හිතන්නේ මොකක් හරි දෙකින් එන අතුරුපලයක්. හරියට කිව්වොත් පාං පිටිම තමා. නිකං තදට බැද්ද චිප්ස් වගේ.

      Delete
    3. @ අරූ

      හැක් හැක්. පකඩ කාලා නැද්ද බොල උඹත්.. දැන්නං නෑ. ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ හරි ආසයි ඕවට. ඕවා විකුණන කරත්ත තිබුනා අපේ පැත්තේ. පකඩ පකඩ කියල කෑ ගහ ගහ තමා යන්නේ..

      Delete
    4. නෑ බං. පොඩි කෑලි වගයක් තෙලේ බැදපු. මට ඒක ගැන කියන්න අයිඩියා එකක් නෑ. අපි ගෙදරදි හදන්නේ බට්ටෝ කියල ඒ වගේ ජාතියක්. පොඩි කෑලි..

      Delete
    5. පකඩ නුවර පැත්තෙ එහෙම තියෙනවා ,මම හිතන්නෙ දෙමළ අය ගේ කැම ජාතියක්,

      Delete
    6. පකඩ කියන්නේ පාන් පිටි, ලුනු.,වතුර මිශ්‍ර කරලා හදන පල්ප් එක කුඩා කොටස් වලට කඩා තෙලේ දමා කරවෙන්න බැදලා හදා ගන්න දෙයක්. ගම්මිරිස්, මිරිස් ඇති පදමට එකතු කර ගන්න පුළුවන්. දකුණු ඉන්දියානු සේවරි ස්නැක් එකක්.

      Delete
    7. @ සහෝ..

      ඔව් හුගක් හරි. ඒවගේ කැමක් තමා..

      @ අරූ
      අන්න හරි බං ඒවා තමා.. තැන්කුයි..

      Delete
  26. අනේ මචන් කව්රු මොනවා කිව්වත් alchole තමයි තාමත් ජිවිතේ ටිකක් හරි සතුටින් තියන්නේ . බිම ගැන post එකක් දාලා උඹ කලෙත් හොද දෙයක් මචන් . අදාල නැති දෙයක් ද මන්ද මම type කලේ.sorry machan bila inne.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් රාවණා. කිසි අවුලක් නෑ ඔය අගේට කමෙන්කටුවක් දාලා තියෙන්නේ. ගණං ගන්න එපා. රාවණා තාම බොනවැයි අනේ.. තනියම..

      Delete
  27. බිබී ඉන්න එවුන්ගෙන් බෝතලයක් උස්සනවා කියන්නේ ලේසි පහසු වැඩක්ද.. දේශා ආරාධානා නොකල එකට රිටන් එක නේ දුන්නේ.. හැබැයි ඕක ආයි කරන්න එපා.. අර අතීත කතාවේ දෙවනි පාර මාට්ටු වුනා කිවුවා වගේ දෙවනි පාර සුභ නෑ..

    ReplyDelete
    Replies
    1. හැක්.. බිබී ඉන්න උන්ට පොඩි දෙයක් ඇති බං අවධානය නැති වෙන්න. ඒකෙන් තමා අපිත ප්‍රෙයා්ජන ගත්තේ අර හොරාත් ඒකෙන් උපරිම පරයෝජනයක් අරන්.. .තාමත් ඒ ගැන කතාව. මොකාද ආවේ කියල...

      Delete
  28. දෙවැනිපාර මාට්ටු වුනැයි කියුවෙ. අර ඔය උඩින්ම කියලා තියෙන මඟුල් ගෙදර සීන් ඒකද?

    ReplyDelete
    Replies
    1. දෙවෙනි පාර මාට්ටු උනෙත් මගුල් සීන් එකක් තමා හැබැයි ඕක නෙමෙයි..

      Delete
  29. මම ගිය වෙඩිං එකක මම දැක්කා ඔහොම බෝතල් ඉස්සිල්ලක්. හැබැ‍යි ඒකෙ නම් ඇතුලේ එවුන් එළියේ හිටපු එවුන්ට හොරෙන් පාස් කරන සීන් එකක් උණේ.

    ReplyDelete
    Replies
    1. වෙඩින් වලට ගිහිල්ල බෝතල් උස්සන සීන් මම දැකල තියෙනවා බං. ඒක සද්බාවයෙන් කරන්නේ. ඇයි එතැන චා වෙන්න බොන එක හොද නෑ කියල නේ කොට අරන් යන්නේ.. හැක්.

      Delete
  30. අපිත් ඉස්කෝලෙ යන කලේ අපේ එකෙක්ව අසනීප වෙලා බලන්න ගිය.ගියේ පයින්.තිබහ වැඩි කමටම කඩේකින් බීම බෝතල් දෙක තුනක්ම ඉස්සුව..ඒ හොර වැඩ මතක්වෙනකොටත් අතල්...

    ReplyDelete
    Replies
    1. හොර වැඩ නං දාහක් විතර කියන්න පුළුවන් පං. මටත් ඒවා මතක් වෙනවා දැං. ලියන්න ඕන තව එකක්..

      Delete
  31. අනිවා මෙයා මේක ලියද්දිත් ගසල තමා ඉදල තියෙන්නෙ.. නැත්තං කියයි
    මොනා උනත් මරු ආතල් සීං එක

    ReplyDelete
    Replies
    1. හැක්. මං බිව්වම මාර අහිංසකයි අනේ. චුටි කුරුල්ලෙක් වගේ ඉවරයක් නෑ චොර චොර ගානවා.. හැක්..

      Delete
  32. ආරාධනා නොකරපු එකේ වාඩුව ගන්ඩත් එක්ක මුන්දෑම වෙන්ඩ ඕන බෝතලේ උස්සලා ඇල පාර දිගේ දිව්වේ.. :)

    ReplyDelete
    Replies
    1. මට එකෙක් අඩ ගැහුවා ආරාදනා ඕන නෑ යමං කියල. මං බෑම කිව්වා. ගියානං කියාවි මම තමා ඕක ඉස්සුවේ කියලා.. හැක්

      Delete
  33. ආයේ කවුරුත් කියන්න ඕනෙයි ඔය උඹම කියලා තියෙන්නේ දෙවැනි පාර මාට්ටුවුනා කියලා ...උඹ කොහොමද ඇලෙන් පැන්නේ වතුරට නොවැටී ...?

    ReplyDelete
    Replies
    1. ඒක අහන්න ඕන උගෙන් නෙව. හරියට මං කරා වගේ නේ ඔයා කතා කරන්නේ.. හ..

      Delete
  34. අඩේ මේ දවස් වල වැඩ වැඩි වෙලා හැක් හැක් ,එක බක ගන්න බැරි වුණා ...

    දේශක අපේ උන් බොන හැම එකාම බෙබද්දා කර ගෙන වගේ හැක් හැක් ..සමහරු තමන් බොනවා කියන්න ලැජ්ජයි .කරන්න ,වෙන්න හොද නම් කිව්වාම මක් වෙනවා ද ?
    මම නම් ඉස්සෙල්ල බිව්වෙ වයස අවු 7 ක් හෝ ඉට අඩු කාලයක දිය ,ඒ බියර් ..
    පස්සේ 7/8 වසර වෙන කොට ගල් අරක්කු බිව්වා ,ඔය දුමත් පානය කරා,පස්සෙ සා.පෙ කරන කාලේ වෙනකොට තිත් නොපෙන්න ගැහුවා (හැම ජාතියක්ම ) හැබැයි උ.පෙ කරන කාලේ පොඩි කොමාවක් දැම්මා .පස්සෙ ඉබාගාතේ උන්න කාලේ ගහන්න තියෙන හැම මගුලක්ම ගැහුවා විශේෂයෙන්ම බිම එකම ජාතිය දෙපාරක් නෑ.

    කවදාවත් ඔය වගේ සින් එකක් කරලා නෑ ,හොර තැබිලි බැවා ,මාර ෆන් ,

    ReplyDelete
    Replies
    1. අන්න එළ සහෝදරයෝ. කරපු දේ කියන්න ලැජ්ජ වෙන්නේ මොකටද??

      මටත් උඹ වගේම සන්තෑසියක් තමා උනේ බං.. හැබෑටම..

      Delete
  35. ගල් බෝතලේ ගල් එහෙනම්...

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ගල් ගල්... හැක්

      Delete
  36. මමත්න් එකසැරයක් බොතලයක් ඉස්සුව.රතු ලෙබලයක්.හයියො කරපු පවටද මන්ද එක උගුරක් ලැබුනෙ නැ.

    ReplyDelete
    Replies
    1. අම්මප. දැං සෑහෙන්න හොරු අහු උනා නෙව.. හැක් හැක්..

      Delete
  37. හොරකන් කරන එක වැරදියි... නමුත් හොරෙන් මොනව හරි කලොත් ඒකෙ ආතල් එකක් තියෙනවා, අනික රස....

    ReplyDelete
    Replies
    1. ඒකාලේ එහෙම නේ බං හිතන්නෑ නේ ඕවා ගැන.. ආතල් එක විතරයි බලන්නේ..

      Delete
  38. මේ පාරත් පරණ පලපුරුදෙන්ම බෝතලේ උස්සන්න ඇත්තේ දේශකය. එහෙම නැත්තම් දේශකයාගේ ගෝලයෙක්..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒ පාර චාම්ස් මදිවට මෙයත් ඒකම කියනවා.. අනේ මැට්ටෝ මං කරේ නෑ ඒවගේ වැඩ. මං බොහොම විනීත ලමෙක්.. හැක්..

      Delete
  39. "අනේ අම්මප මෙහෙමත් උන් කියල උන් බනින කොට මම හෙමින් සැරේ මාරු වෙලා ඇවිත් පුටුවේ වාඩි වෙලා අතීතය මතක් කරන්න පටන් ගත්තා."
    චා චා. බොහොම නරකයි... ඇලට බැහැලා බෝතලෙත් අරං මාරු උනා නේද ?

    ReplyDelete
    Replies
    1. කලින් දන්නව නං බාගයක් ඉල්ලගන්නවා අනිවා.. අරං යනකොටම.. කාලෙකින් දැක්කම සන්තේසේ බැරිවා...

      Delete
  40. කියවන්න ආපසු එන්නම්

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් මේ එනකං තමා බලාන ඉන්නේ.. .ඉදගෙන.. හැක්..

      Delete
  41. ඇත්ත කියපන් කාණුව දිගේ ගිහින් බෝතලේ ඉස්සුවෙත් උබම නේද ...:D

    ReplyDelete
    Replies
    1. චමියා මේ උඹේ පළවෙනි කමෙන්කටුව නෙමෙයි මං හිතන්නේ. වෙල්කම් බෑක් මොනා උනත්.. හැක්

      අඩේ මං මොකටද බොරු කියන්නේ.. මං ගත්තේ නෑමයි බං...

      Delete
  42. හොරකං කරලා බොන එවුවගේ රසේ වැඩි වෙනවා කියලා කතාවක් තියනවනේ.යකඩෝ සාපෙ කාලෙ ඉදං තිතට මත තියලා නෙව.අර අහ්වෙන සීන්කෝං එකත් ඊලගට දැම්මනං වටිනවා.ඉක්කෝලෙ යන කාලෙ තැඹිලි හොරෙං කඩපු එකක් මාත් දාලා තිබුනා
    http://malmallk.blogspot.com/2013/10/4-1.html#.Ut5hUrThXIU

    ReplyDelete
    Replies
    1. ඒකත් දානව පොඩිඩක් හිටිං හොදේ.. හැක්..

      Delete
  43. බුහ් හිහ් හිහ් හි....
    ගල් ගල් කරන ලදී..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගල් ගල් වී ඇත. ස්තුතියි විදානේ..

      Delete
  44. පොඩි කාලේ දහම්පාසල් ගියේ නැද්ද . හොරකම හොද නැ යකෝ , අපායේ යනවා

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ බං දහම් පාසල් ගිහිල්ලත් කරේ හාමුදරුවන්ගේ කර්තකොලම්බ ගහේ අඹ ටිකටයි තැඹිලි ගහටයි පන්සලේ තිබ්බ කැවිලි ටිකටයි වග කියපු එක තමා. ආ තව එකක් අපිත් එක්ක සැට් වෙච්චි පොඩි හාමුදුරුවෝ දෙන්නෙක්ම හීරලුවෝ උනා..

      Delete
  45. ආන් ඒ මාට්ටු වෙච්ච සීන් එකත් ලියන්නකෝ දේශක තුමෝ

    ReplyDelete
    Replies
    1. හරි හරි සයුරි ඒකත් ලියන්නං කෝ තව දවස් කීපයක් ඇතුලත. ස්තුතියි..

      Delete
  46. මස්සිනා මේ පාර බෝතලෙත් ඉස්සුවේ තමාම නේද? හික් හික් හික් ඔය වගේ මගෝඩි වැඩක් අකරණ එකෙත් තියෙනවා නේද හෙන කික් එකක්

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. අපි දැං උපාසක නේ බං...

      Delete
  47. දෙයියෝ සාක්කි පන්සිල් පද වලින් ගත්තත් කීයක්ද?

    ReplyDelete
    Replies
    1. පන්සිල් පද... එ් මොනවද බොල

      Delete
  48. maru honde :D loweth na :D maxza

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ඇන්ඩ් තැන්කුයි සසිත

      Delete
  49. maru honde :D loweth na :D maxza

    ReplyDelete