Saturday, September 7, 2013

ශබ්ද හා ගන්ධ රස

සීත කළ කාමරයේ මේස බදාගත් කිහිප දෙනෙකු සිටින්නේ තමන්ට පැවරුනු රාජකාරි වල නිරත වෙමිනි. එහෙත් යම් කිසිවෙකු වීදුරු දොරෙන් ඇතුලට පැමිනේන්නේ නම් ක්රාස් යන හඩින් කවදාවත් හදන්න බැරි දොර ඇරෙයි. එවිට සියල්ලෝම ඇස් උස්සා ඒ දෙස බලති. එවැනි විශේෂයක් නොවන්නට අනිත් කිසිදු දෙයක් ගැන අවධානයක් නොමැතිව එක සීරුවට තමන්ට පැවරුණු කටයුතු ප්‍රමාණය හැකි අයුරින් ඉටු කරයි.

යම් කිසි දෙයක් සාකච්ඡා කිරීම සදහා ප්‍රධානියාගේ කුඩා කාමරයට රැස් වූ මේ පිරිස ගණනින් හයක් විය. එහෙත් තදබදයෙන් පිරුණු කාමරය පුරාම පැතිර පැවතියේ එකම ගුප්ත නිහඩ බවකි. තත්පර ගණනකින් වචනයක් දෙකක් කතා කරන ප්‍රධානිය අනෙක් සෑම විටම තමන් අතේ වූ ගොනු කිහිපය මාරු කරමින් පරික්ෂා කරමින් සිටී. ඒ අතර අනෙකුත් පස් දෙනා ගොනු දෙසද, ප්‍රධානියා දෙසද ඇස් යොමු කරමින් නිහඩව හා නිසලව සිටිති. 

මේ සියළු කාරණා එක් ආකාරයකට සිදු වුවද, එක් අයෙකු තරමක් වික්ෂිප්ත ව හා පීඩාවකින් සිටගෙන සිටින බවක් නිරික්ෂණය කළ හැක. ප්‍රධානියාගේ කාමරයේ ඇති වායුසමීකරණ යන්ත්‍රය ඉතා හොදින් ක්‍රියාකරන බව එහි ඇති දැඩි සීතෙන්ම පසක් වේ. එහෙත් අප කතා නායකයා එවැනි සීතලක් හේතුවෙන් අපහසුතාවකට පත්ව ඇති බව කිව යුතුමය. ඔහු විටින් විට ඇඹරෙමින්, හැකිලෙමින් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටී. අත් හා පා යම්තම් චලනය වන ආකාරයක් ද දිස් වේ. තරමක් වෙලා පැවති මෙම තත්වය එක් සැනෙකින් පහවී ඔහු නැවත අනෙක් අය මෙන්ම අවධානය යොමු කරගෙන සිටී. එහෙත් කිසිඳු බාධාකාරි ශබ්දයක් කාමරය තුල කිසිම අයුරකින් නොතිබූ බව විශ්වාසය.

සිටගෙන සිටි අයෙකුගේ මුහුණ එසවේ. එවිටම ඔහු නහය සුළු වශයෙන් කසන්නට පටන් ගත්තේය. එසැනින්ම අනෙක් අයෙක්ද හිස ඔසවා බලා නැවත අවධානය ඒ වෙත යොමු කළ අතර, අනෙක් අයද හිස ඔසවා බලා නහය සුළුවෙන් කසා වට පිට හෙමීට බලමින් පසුවේ. මෙම තත්වය සොරෙන් බලා සිටි අප කතා නායකයාද ඒ ආකාරයෙන්ම හිස ඔසවා තරමක් හිස ඇල කර නහය කසන්නට ගෙන නැවත පුරුදු සෙයියාවටම වැටී ඇත. ඒ අතරේ ප්‍රධානියාගේ නහයද කසන්නට විය. ඔහු නම් නහය සුළු මොහොතක් වසා සිටියා යැයි සැක නැතිවම කිව හැක. කාමරයේ සිටි සියළු දෙනාම අපහසුවෙන් සිටින අතර තුර ප්‍රධානියා වහාම ඒ සාකච්ඡාව හමාර කොට පිටව යන ලෙස අනෙක් අයට සන් කලේ, කාර්යාලීය සීනුවද නාද කරමිනි.

සැනෙකින් එතැනට පැමිණ කාර්යාල සේවකයා විසින් ගරු කටයුතු ඇතිව අවශ්‍යතාවය විමසන ලදි.

“අයිසේ... ඒසි එක වහල මේ ජනෙල් ටික ඇරල තියනවා ටික වෙලාවක්... දොරේ යතුර දාලා තියන්න මම එළියට යනවා පැයකට“

******************************************************

මනාලයා හා මනාලිය පෝරු මස්තකයට ගොඩ නැංවීමට තම දකුණු පය තබන්නේ තමන්ගේ මාමා කෙනෙකු සමගිනි. ඒ දෙස මන්දස්මියෙන් යුතුව දෙමාපියන් සහෝදර සහෝදරියන් ඇතුළු සැවොම බලා සිටි. පෝරු මස්තකයට ගොඩ වීමට ආසන්න වීම හේතුවෙන් වැඩිහිටියෙකුගේ උපදෙස් පරිදි ඩීජේ සංගීත කණ්ඩායම එක් වරම බලරහිත කරන ලදි. සියළු කටයුතු සුදානම්ය. ඔව් ලන්ඩන් වලට ඉන්නා ඇල්බට් අංකල්ට කියා වැස්ටර්න් යුනියන් කරගන්න අවශ්‍ය නැත. මුදු දෙක ද ඇත. අනෙක් සියළු සකලවිධ කලමනාද, සුදානම් බවට සැක හැර දැනගත් ස්ත්‍රොතකරු සිය වැඩ කටයුතු ආරම්භ කිරීමට සුදානම් විය.

පෝරුව දෙසට විදුලි එළි එල්ල කර, හොම්බ දිග කැමරා මානාගෙන එක් අයෙක් බලා සිටින අතර, වීඩියෝ කැමරාවක්ද ගෙන තවත් අයෙක් සුදානම් ව සිටි. පෝරුව මත ප්‍රේමාන්විතව සිටින මනාල යුවල දුටු මතින්, දෙමාපියන්ගේ නෙතඟ සතුටු කඳුළු ඉහිරෙන බව දැක ගන්නට හැක. දඩබ්බර සොහොයුරන් ඒ බව නොහැගෙන්නට කොණ්ඩය පුරා ජෙල් අතුරා ඉතා ප්‍රසන්න ලීලාවෙන් හා කීරරු සෙයියාවෙන් එදෙස බලා සිටි. ඉතා දුර බැහැර සිටි පැමිණියද, තවමත් කිසිඳු අහරක් කුසට නොවැටුනු නෑසියන්ද පෝරුවට ඉතා ආසන්නව මේ දෙස බලා සිටී. තවත් පැත්තකින් ජය මංගල ගාථා ගායනා කරණ අපුර්වි ඔමායා මෙන් හැද පැළද ගත් කුඩා දරුවන් කිහිප දෙනෙකුද පෝලිමට සිට ගෙන සිටි. වටපිටාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්ප්‍රදායික වූ විවාහ පිළිවෙත් ඉටු කිරීමට බැතියෙන් සැරසී සිටින වගක් පෙනෙන්නට ඇත.

ස්ත්‍රෝතකරු හට පවරා ඇති බලය පරිදි මේ කටයුතු ආරම්භ කිරීම සදහා පරිසරය දැඩි නිහඩ බවකින් වෙලෙද්දි ඔහු දෙවරක් පමණ උගුරේ රැල් බුරුල් හැර තවත් තත්පර ගණනක් නිහඩව සිටින්නට වූයේ කටට අවශ්‍ය ඛේට ප්‍රමාණය උත්පාදනය කිරීමට විය යුතුය. ඒ අතර පෝරුව පිටුපසින් මනාලියගේ පැත්තෙන් ඇසුන ශබ්දය ඉදිකටුවක් වැටුනද හොදින් ඇසෙනා වටපිටාවක් තුල, වෙඩි තැබීමක ශබ්දයක් තරම්ම ප්‍රභල විය.

“පටපට... පට.. පට.. පුහ්..“

තමන්ගේ නාසයන් වසාගෙන සියළු දෙනාම ඉතා අපහසුවෙන් බිම බලාගෙන සිටින්නට විය. පසු පසට වෙන්නට සිටිය අය ඒ අතර සෝපාහාසව සිනාසෙන ආකාරයක්ද දිස් විය. කෙසේ වෙතත් නාසයන් සන්තර්පනය කළ හැකි කිසිවක් එහිදී වාතයට මුසු නොවුන බව විශ්වාසයෙන්ම කිව හැක.

******************************************************

“අම්මේ... මේ ලොකු අම්මත් එක්ක බෑ“

“ඇයි මොකද.. මේ කරදරේ“

“අම්මේ.. ලොකු අම්මා මහ සද්දෙන් හචිං යවනවා.. පාරේ මිනිස්සුත් බලනවා“

ඉදිරිපස දොර ගාව සිට මා කෑගහන්නේ මිදුලේ ඈතින් පැළ කිහිපයක සාත්තුවක යෙදී සිටින අම්මාටය. ලොකු අම්මා ඉස්තෝප්පුවේ ලී පුටුවක වාඩි වී සිටී. මහා ශබ්දයකින් යුතුව “හෑස්සා“ කියා පිට කරන ලද කිඹුහුමේ ශබ්දය හුවක ශබ්දයටත් වඩා වැඩි බව මා අත් වින්දෙමි. එහි ඇති දෝංකාරය නිවස ඉදිරිපසින්ම ඇති තාර පාරේ ගමන් ගන්නන් එක් වරම භීතියකට පත් කරනට සමත් වෙයි. සමහර අවස්ථා වල තාර පාරට අඩි කිහිපයක් එහායින් ඇති දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා අයද පය පැටලී වැටෙන්නට යනු මා දැක ඇත. ඒ අන්කිසිවක් නිසා නොව ලොකු අම්මාගේ මේඝ ඝර්ජනාව පිට වූ කල, තාලයකට කොටං උඩ තබන පයද භීතියට පත් වන හෙයිනි. වරකට ඒ ආකාරයෙන් අධි තාරතාවයෙන් යුත් කිඹිහුම් තුන හතරක් හෝ පිට වන අතර, ඒ අවස්ථාවේදි ලොකු අම්මාගේ මුහුණ බාගෙට ඉඳුනු ජම්බු ගෙඩියක් මෙන් රත් පැහැ ගැන්වෙනු මා දැක ඇත. අප කොපමණ අවලාද කියුවද ඇය නොවේ එය නැවැත්වූයේ. නැතහොත් එය ඇයගේ පාලනයෙන් තොර ක්‍රියාවක් විය යුතුය.

“නිකං උඹ මීට කලින් දැකල නෑ වගේ නේ කෑමුර දෙන්නේ. හිටහං කෑ නොගහ“

“අම්මේ ඒ සද්දෙට අර රේල් පාරේ ගිය ඇන්ටිත් වැටෙන්න ගියා“

“හොහ්. හොහ්. ඇයි එහෙනං අර බයිසිකලේ දාලා දිව්වේ එක දවසක් මිනිහෙක්. උඹට මතක නැතෙයි.“ අම්මා මගෙන් ඇසු ප්‍රශ්නයට අදාළ සිද්ධියද හොද හැටි මතකය. පාපැදියෙන් සෙමින් යමින් සිටි වයසක උන්දෑ කෙනෙකු එක් වරම ඇද හැළුනු “හෑස්සා“ එකට බිය වී බයිසිකලයද බිම දමා පාර අයිනට වූ සිද්ධියේදි ඔහු බයබිරාන්ත වී තත්පර ගානක් සිටි අයුරු තවමත් ඒ අයුරින්ම මතකෙට නැගේ.


“අම්මේ මෙන්න තව එකක් යවන්න හදන්නේ“

“උඹ නිකං හිටපං මම දැං ගහනවා උඹට“

“අනේ අම්මේ ඔන්න යැව්වා... “ මම කන් දෙක තද කර වසාගනිමින්ම අම්මාට කෑගසාගෙන පඩිපෙළේ වාඩි වී මුහුණ කකුල් දෙක අතර හොවා ගත්තෙමි.

“උඹලෑ ලොකු අම්මා ඕක හෑස් ගාලා යැව්වට කමක් නෑ.. අර පට පට ගාලා වෙඩි තියල කුනු ගඳකුත් විසි කරන කොට තමා ඉවසන්න බැරි.“

103 comments:

  1. පට්ට කතා තුන ඔයි ..:D :D ......

    දැන් උඹට ඔව් එකක් දෙකක් ගියයි හදිසියේ මතක් වෙන්න....

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ගුවනෝ... හැක් එයින් එකක් නොයා මතක් වෙන්න බැරිද බං?

      Delete
  2. ආ..ආ..මොකද පඩ කේස් මතක් වෙලා..?

    ReplyDelete
    Replies
    1. මූට අද සහලවල පඩ කීපයක් ගිහින් ප්‍රසිද්දියේ.ඉතින් හිත සනස ගන්න අනිත් අයට වෙච්ච එව්වා ටිකක් දානවා.....

      Delete
    2. @Kenji @ Japan අඩේ අර අනෝ කෝ අර පිට කසන්නේ. මම හැමදාම පොස්ට් එක නෙමේ කොමන්ට් ටික තමා බලන්නේ මරු අඩේ...........

      Delete
    3. @ කෙන්ජි

      නෑ නෑ මේ නිකං...

      Delete
    4. @ ගුවනා
      මට නං එහෙම ඒවා යන්නෑ බොල.. අපි සුපින්වත් ඈයෝ පොඩි ගන්ධයක් නං තියෙනවා.. හැක්

      Delete
    5. @ ඇනමලයා

      මාත් වැඩි පුර කමෙන්කටු අස්සේ තමා රිංගන්නේ. ඒක හෙන ආතල්.. ඔය කියන්නේ කා ඇනොමලයා ගැනද?

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සමාවෙයං මනෝජ්.. උඹ දාපු එක වැරදිල මැකුනා.. අර හෝතඹුවෙක් කුනුහරුප කියාගෙන ඇවිත් තිබුන නෙව. ඉතිං ඒ ටික මකද්දී මේකත් මිස් වෙලා ගිහිල්ල.. සොරි ඈ...

      Manoj Fernando has left a new comment on your post "ශබ්ද හා ගන්ධ රස":

      පොල්කෙන්දක් නාහයට දාලා කරකවලා බැලුවනම් දැනෙන සනිපේ කොහොමද ලොක්කා..:D

      Delete
    2. @ මනෝජ්
      ඒ මොකටද බං එතකොටත් යනවද සද්ද ඒවාද? ගද ඒවාද කම්බයින් ඒවද

      Delete
  4. // නාසයන් සන්තර්පනය කළ හැකි කිසිවක් එහිදී වාතයට මුසු නොවුන බව විශ්වාසයෙන්ම කිව හැක. //
    දෙශකයා කොහොමද එච්චර විශ්වාසයෙන් කියන්නෙ ?

    ReplyDelete
    Replies
    1. මේක ඒ වෙලාවෙ ඉඳල තියෙන්නේ පෝරුවට පිටිපස්සෙ හරියටම මනාලිට කෙලින් ලූ.

      Delete
    2. @ වෙබා

      විශ්වාසයෙන් කියන්න බැරිනං මොකටද අනේ මගේ කට.. හැක් (උඹටත් ඕනැනැති දේවල්මයි හොයන්නේ)

      Delete
    3. @ ප්‍රසා

      ඒ කෙලින්ම හිටියේ දේශකයාද මල්ලිද කියල උඹ කොහොමද හරියටම කියන්නේ

      Delete
  5. අද පඩයක් ගිහිල්ල වගෙ

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට පාංද ඩෝ.. හැක්...

      Delete
  6. දෙවැනි කතාවනම් මරේ මරු, තුන්වෙනි එක පට්ට .....හෑස්සා

    ReplyDelete
    Replies
    1. තැන්කුයි.. විනාඩි ගානක සිතුවිල්ලක් ඉවාන්...

      Delete
  7. මම දැනුම් තේරුම් ඇති කාලෙ ඉදලම ගෙදර කතා වුනේ ඔය ශබ්දයට පැටිස් යවන්න එපා කියල.
    අදටත් දරුවො දෙන්න කියන්නෙ මගේ ඒ හඩට පැටිස් යවනව කියල.
    ඒ නම කොහොම ආවාදැයි නොදනිමි.

    ReplyDelete
    Replies
    1. පැටිස් කන උන්ට තමා දැන් අවුල

      Delete
    2. හෙහ්..හෙහ්... අනේ මන්ද,පැටිස් ලෝලී ජනතාවගෙ රුචිකත්වය බිදුනද මන්ද මගෙ වාචාල කොමන්ටුව නිසා.

      Delete
    3. @ කෙන්ජි

      අනේ මන්ද උඹ කරන වැඩ. දේශිකා අද උදේ ඇහුවා පැටිස් කමුද කියලා. දැං කියන්න ඕන හත්දෙයියනේ එපා කියලා..

      Delete
    4. @ මොරා
      ඔන්න මාත් නැවැත්තුවා පැටිස් කෑම

      Delete
  8. පඩ දේශනේ නම් දැන් දුන්න,කක්ක දේශනේ මග එනවද දේශකතුමෝ? :D

    ReplyDelete
    Replies
    1. සිහ්.. කකා දේශනේ.. එහෙම කියනවද අපේ කකා තුමාට.. මට මතක නෑ මොකක්ද බං පඩ දේශනේ කියන්නේ.. හැක්

      Delete
  9. මොකද බං පිස්කල් කොටාගෙ පෝරණේ පාන් බාන්නැහේ එක පිට එක පෝස්ට් දාන්නෙ...මට ඊයෙ දාපු කතාව කියවල කමෙන්ට් එකක් දාන්නත් තවම බැරිවුණානෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹ අඩපු නිසා දවස් ගානක් නිකං බලං හිටියා මුකුත් නොකොට... හරිනේ

      Delete
  10. සීත කාමරයක වැඩ කරන ඔබ වැනි කෙනෙකුගෙන් පඩ කතා බලාපොරොත්තු නොවෙමු හික්ස්.. මීට සයිලන්ට් සහන්

    ReplyDelete
    Replies
    1. ඒ හාදයා එහෙම කිව්වට ඔහෙත් එහෙම කියනවද පනේ???

      Delete
  11. අපේ ආච්චි අම්මගේ කන් ඇහෙන්නේ නෑ, එයාගේ හිතේ අපිටත් ඇහෙන්නෙ නෑ කියලා...ඉතිං වාත යවනවා ඉරාකෙට බෝම්බ ගහන්නැහේ

    ReplyDelete
    Replies
    1. දවසේ උපමාව/කථාව : වාත යවනවා ඉරාකෙට බෝම්බ ගහන්නැහේ

      Delete
    2. @ රෙහානි
      හුටාම තමා.. ඉතිං උඹල බංකරේට රිංගනවද??

      Delete
    3. @ වෙබා
      අන්න මතක තියාගනිං ලියන කියන වෙලාවට දාන්න උපමාවක්..

      Delete
  12. අද නම් මූට මොකක් නමුත් චාටර් සිද්ධියක් අනිවා වෙලා වගේ... කතානායකයා දේශකයාම වෙන්ටැ

    ReplyDelete
    Replies
    1. කතානායකයා ඒ යකා වෙන්න බෑ මොකද මිනිහට සීත කාමර ඇලජික්...

      Delete
  13. තව අතුරු කතාවක් මතක් උනා. අපේ උන් සෙට් එකක් ට්‍රිප් එකක් ගිහින් කැලේක පොඩි කුඩාරමකුත් ගහගෙන ඉන්නව. ඔය අතරේ එකෙක් සද්දෙට ඔය වැඩේ කරනවලු පොර වගේ හැබැයි කිසිම ගඳක් එහෙම නෑ. කට්ටියත් හිනා වෙවී ඉන්නවා. මු පොර Talks දෙනවා ගමකට බලපන් කිසි ගදක් නෑ උබලගේ වගේද කියලා. ටිකකින් ආපහු වැඩේට සෙට් උනා ඔන්න බලපන් තව එකක් කියලා. එත් සද්දෙත් එක්කම ආවේ පට්ට ගඳක්. කට්ටිය දිව්වා හතර අතේ බැලින්නම් ඒ වෙලාව බලල වෙන එකෙක් සද්ද නැති එකක් යවලා සැරම ජාතියෙන්. මාට්ටු උනේ අරු. පොර අදටත් දිව්රනවා ඒ ගඳ උගේ පඩේ නෙමෙයි කියල.

    ReplyDelete
    Replies
    1. ඩෝං පඩේ සීදේ පඩේ, චූස් පඩේ මිනි මරන පඩේ කියන්නෙ ඕකනෙ.

      Delete
    2. @ මොරා
      ඒක නං මරු.. අර මොකක්ද එකට ගිහින් තලගොයි මරණවයි කියන්නේ ඒකට තමා... නියම කතාව

      Delete
    3. @ උපේ
      හැබෑව චුස් පඩේ නං අන්තිම සවුත්තුයි. බඩ කැවුත්ත ගලවල විසි කරන්න හිතෙනවා ගද ආවම

      Delete
  14. අපූර්වී ඔමායා වගේ ? හික් හික්.. අපේ මේ ඔමාය අක්කගේ නම ආපු එක ගැන නෙව මං තවම කල්පනා කොරන්නේ... ?

    ReplyDelete
    Replies
    1. කල්පොනා කොරන්න කාරී නැහැ බෙන්,පිච්ච මල් සුවදට ලැදි ඇත්තො නොවැ.

      Delete
    2. :-( බෙනා මොනාද මන් වගේ ඈ ,, දේශක තුමාද ? :-) ඔව් කෙන්ජි මාමා ලදී අරවුවා වගේ සුවදටනේ

      Delete
    3. @ බෙනා

      ඔව් ඔමා මුණුපොතේ දාලා තිබුනා පොඩි කාලේ පින්තුරයක් ඒකයි මතක් උනේ...

      Delete
    4. @ කෙන්ජි

      ඒක හැබැයි ඒක හැබැයි

      Delete
    5. @ ඔමා
      පෝස්ට්කටුව කියවල නෑ නරක ලමයා

      Delete
  15. දවසේ කියවපු පට්ටම කතා තුන! එල එල. මේවා අපේ සමාජේ තාමත් තියනවා තමා. විශේෂෙන් ඔය මහා සද්දෙට කිබුහුම් යවන එක. වටේ පිටේ කිලෝමීටර් 10 කට වගේ ඇහෙනවා සමහර එව්වා!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත සමහර එව්වා එචිචර සැරයි තමා. තැන්කුයි අගහරුවා

      Delete
  16. අපේ අම්මා කියන්නේ ඕවට කැහි පඩ කියලා.. මරු කතා ටික

    ReplyDelete
    Replies
    1. එතකොට පඩ දේශන නෙමෙයි නේ.. හේ හේ.. තැන්කුයි

      Delete
  17. එක පොරක් බාර් එකේ ඉඳගෙන ඉන්න කොට ඔය උවමනාව මතුවෙලා. පොර කරලා තියෙන්නේ ඒ වෙලාගෙ යන සිදුවේ ඩ්‍රම් බීට් එකට අනුව මේක කෑලි පහකට විතර කඩලා යවපු එක. අන්තිම කෑල්ල ඩ්‍රම් රෝල් එකත් එක්කම සද්දෙටම දීලා. නමුත් වට පිට උන් ඔක්කොම මූ දිහා බලා ඉන්නවා දැක්කාම මූට හෙන අවුල්ලු. හරිනේ යකෝ මූ සින්දුව අහ අහ ඉඳලා තියෙන්නේ උගේ අයිපොඩ් එකෙන්.

    ReplyDelete
    Replies
    1. සභාවෙ තදින් සිනා....+++++

      Delete
    2. මට මතක් උනේ අර කෙල්ලගේ ගෙදරට ගිය කොල්ලා පඩ ඇරපු කතාව.. අන්තීමෙදි මාමා කියන්නේ, "දුඃ බල්ලා එලියට... මූ මෙතන රෙන්නයි යන්නේ....."

      Delete
    3. :D
      "ටොමියෝ අහකට පල, දැං ඕක උඹේ ඔලුවට රෙයි." කියලා නේද මාතලන් කිව්වේ?

      Delete
    4. @ඩූඩ් අයියා - :D :D :D :D :D

      Delete
    5. @ ඩුඩේ

      එළ කතාව. ඕක උම්බලකඩ රටේ සිද්ධියක්ද??

      Delete
    6. @ මාතලං, උපේ, සමියා

      පට්ට කතාව ඇදුනේ.. මාත් අර අහකට ගනිං ටොමියෝ උඹේ මූන කියන එක නං අහල තියෙනවා.. හැක්... තැනුකියි ඔක්කෝටම

      Delete
    7. සද්දේ නම් කමක් නැහැ බන් ගඳට මොකක්ද කරන්නේ කියලා ඇහුවලු.

      Delete
    8. හහ්. සද්දෙට සද්දේ නං හරි. ගදට මොකක්ද කියලයි ඇහුවේ බං

      Delete
  18. මටත් එකෙන්ම කම්පනා වුනේ අපුර්වී ඔමායා කොමද මෙතනට ගවුනේ කියලා .. :D

    ReplyDelete
    Replies
    1. ඔමාය ගෙ FB ප්‍රොෆයිල් පින්තුරෙ දැකල එයට උපමා කරන්න ඇති.

      Delete
    2. ඔව් එයාගේ කතාවේ සාර්ථකත්වයට හේතුව චරිත වලට නියමිත පුද්ගලයන්ගේ නම් දැමීම .. ඒත් ඕක දැම්මේ මාත් එක්ක තරහට එයාගේ පිච්ච මල් කතාවට fb එකේ කොමෙන්ට් දාන්න ඇවිත් අඩාගෙන ගියා ,, @ගමන් මගියා සාක්‍ෂි හූඌඌ හූඌඌ

      Delete
    3. @ සුළග
      ඒ කියන්නේ සුළගත් මේක හරියටම කියවලා නැතිද මන්දා.. හැක්..

      Delete
    4. @ කෙන්ජියා
      ඒක තමා මචං උනේ... ඒ පින්තුරේ මතක් උනා ලියද්දි

      Delete
    5. @ ඔමා

      පොඩි එකා කියල බලන්නෑ දෙනවා පැලෙන්න මාව කන්න හදනවට හරිය..

      Delete
    6. මෙන්න තවත් හිහියක්...

      Delete
  19. //පෝරුව දෙසට විදුලි එළි එල්ල කර, හොම්බ දිග කැමරා මානාගෙන එක් අයෙක් බලා සිටින අතර, වීඩියෝ කැමරාවක්ද ගෙන තවත් අයෙක් සුදානම් ව සිටි.//

    මත මතක් උණේ Ayilas සහ වෙනි...

    ReplyDelete
    Replies
    1. කැමරා අතේ තියන් හිටියට ඒ පොටෝ ගන්න දන්න ඈයෝ නෙවි පොඩ්ඩියේ... හැක්

      Delete
  20. හැමදාම ඉවසගෙන ඉඳල අදනං බොසාගෙන් හොඳට අහගෙන වගේ.

    ලන්ඩන් වල ඇල්බට් අංකල්ගෙන්..... අන්න නියම ඇඩ්.

    ඒක නෙමේ බං කවුද අපූර්වි ඔමායා කියන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඇයි ප්‍රසා මාතලන්ගෙ සින්ඩියෙ එල්ලල තියෙන "ඔමාගේ හීන" ලියන,
      එල කෑ.. චෙහ්..මට වැරදුනා බං,එල කතා ලියන දැරිවි නොවැ ඉදගෙන.

      Delete
    2. ආඩම්බලයි ඈ මෙන්න මෙත්තලක් ,,, ඉස්තූතියි කෙන්ජි අයියේ

      Delete
    3. @ ප්‍රසා
      හැක්.. උඹල කරන වැඩ තමා මේ.. ඒකනං මරු ඇඩ් එකක් නේද බං..ඒකනේ තාම මතක් වෙන්නේ.. අපුරුවි ඔමායා කියන්නේ අපේ නංගි කෙනෙක් නේ බං...

      Delete
    4. @ කෙන්ජි

      එළ කෑ.. චෙහ්.. මටත් වැරදුනා.. පොඩි දැරිවියෙක්...

      Delete
    5. @ ඔමා
      අපිට නැද්ද මෙත්තලක්...

      Delete
  21. මනමාලිගේ වැඩේ තමයි කුජීතම වැඩේ හැක් හැක් හැක්

    ReplyDelete
    Replies
    1. කොහොමද කෙටි නාට්‍යයක් හැදුවොත් ඒ කතාවට.. “හඬ පඩ“ කියලා.

      Delete
  22. මගෙත් ඉන්නව යාලුවෙක්. මේ කොම්පිටරේ මොකක් හරි කොට කොට ඉන්නකොට හචෑස් ගාලා යවනවා කිඹුහුම්. තත්පර ගානක් යනකම් දෝංකාර දෙනවා ඒ හඬ. ඒ තරම්ම සද්දයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බං රතී. අපේ ලොකු අම්මා ඇත්තටම මහ සද්දෙන් හෑස්සා යවනවා. කන් අඩි පැලෙන්නම

      Delete
  23. අපේ කාමරේ එකෙක් කියනවා උන්ගේ ගමේ ඉන්නවලු එක සැරේ පඩයයි, කිවිසුමයි, ඈනුඹයි, කැස්සයි එන එකෙක්! ඇත්තද දන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. බහු කාර්ය උපකරණයක්.. යන ඒව ඔක්කොම එකපාර .. පීනසේ ඒම හැදුනු දාට කෝමට තියෙයිද :D

      Delete
    2. @ නාඩියා

      ඒකනං බං හොයාගෙන ඇව්ල්ල දාන්න ඕන කතාවක්. සිරාවට...

      Delete
    3. @ සමියා

      ඒක තමයි නාඩියා උඹ ඔය ගැන හොයල දාපං අපිට කියවන්න...

      Delete
    4. හරි හරි.. දානම්කො ළඟදීම කතාව....

      Delete
    5. අන්න එහෙම වරෙන් නාඩියෝ... තැන්කුයි

      Delete
  24. කාමරේ වහලෙ උළු උඩ යන තරමේ කිවිසුම් යවන එකෙක් අපේ බෝඩිමෙත් හිටියා මතකයි..

    ReplyDelete
    Replies
    1. එතකොට උඹලගේ ඇද උඩ යන්නැත්ද???

      Delete
  25. කොච්චර පුටු තිබුනත් මම හරි ආසයි පුටුවකට හේත්තු වෙලා බිම ඉඳගෙන ඉන්න. එහෙම වෙලාවට ඉතින් පඩයක් ඇරලා මම කියන්නේ.. "කොන්ක්‍රීට් ග්‍රිල් කරනු ලැබේ..." කියලා.. ඉඳලා හිටලා ටයිලුත් ග්‍රිල් කරනවා.. අපේ ගමේ උන් කියන්නේ ගොළුවෙක් කතා කරනවා කියලා...

    ReplyDelete
    Replies
    1. ඒකනං නියම ස්වයං විවේචනය. හැබෑට මාත් ටිකක් ඇඹරිලා ඕවා යවන්න කැමතියි ඇති තරං සද්දේ අඩු වෙන්න..

      Delete
  26. මං මේ මාසෙකට එකක් ලියාගන්න වෙලවක් නැතුව ඉන්නව. රස්සාවක් එක්ක කොහොමෙයි දේශකයෝ මෙච්චර ලියන්නෙ ?

    ReplyDelete
    Replies
    1. මූගේ රස්සාව තමයි බ්ලොග් ලියන එක...

      Delete
    2. @ සරා

      කොච්චර ලිව්වත් මදි වගේ නේ අයියේ. නිකං ලිව්වෙම නෑ වගේ.. හැක්...

      Delete
    3. @ මාතලං
      පඩි ගෙවන්නේ මාතලං ගොයියා නෙව. පව්.. හැක්...

      Delete
  27. හඩ පඩ ගද නැත - ගද පඩ හඩ නැත කියන කාරණයත් දේශකයා මේ කථාව තුලින් නිර්භීතව වෙනස් කර ඇති ආකාරය මට ඉතාමත්ම හොදින් අවධාරණය වුනා.... ඇත්තටම මනමාලිට පඩයක් ගියේ මොකද ? හිස්බඩද පෝරුවට නැගලා තියෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. තැන්කුයි උඹේ අවධාරණය කිරීමට.. හැක්.. මොන බඩින් නැග්ගද කියල මන් බැලුවේ නැහැනේ.. හික්..

      Delete
  28. පඩයක් ගිය වෙලාවට හිනාවක් ගියොත් පඩේ නවත්තනවා බොරු ඈ ... පට පට පට ගාල යනවා

    ReplyDelete
    Replies
    1. පඩ වැල් යනවා කියන එක නේද රයිටරයෝ ඔය කියන්න්

      Delete
  29. අනේ බං මට හිතාගන්න පුළුවන් උඹ පත්වෙච්ච තත්තෙ ගැන.

    ReplyDelete
    Replies
    1. බලපං උඹට විතරයි මාව තේරුම් ගන්න පුළුවන්...

      Delete
  30. පඩයක් කල හරියක් :D

    ReplyDelete
    Replies
    1. පඩ දේශනාවක්.. තැන්කුයි සමියෝ..

      Delete
  31. මචං දේශකයෝ.....අපේ මල්ලි කෙනෙක් හිටියා. ඌට විටින් විට දිගින් දිගට ඔය වැඩේ සිද්ධවුනා.ගඳ නැහැ.සද්දේ විතරයි.ඒක රෝගී තත්වයක්.බෙහෙත් අරන් හොඳ උනා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒවා හොද කරන්න පුළුවන්..

      Delete