Wednesday, September 11, 2013

රා බඩ ගියෝයා

සිකේයියා අනවශ්‍ය දේශනයක් දාලා මාත් කෑව නෙව රෝස්පාං. චැහ්.. මුන් ටික එකතු වෙලා මට නොසෑහෙන්න අනං මනං කිව්ව උනත් මොනව කරන්නද. ඒක “පඩ දේශන“ කියල ලේබල් කරේ මමම නෙව. මම ඉතිං ඔය පඩෙන් පිට යන්න කිසිම අදහසකින් උන්නේ නැති උනත්, අපේ අල්තයිර් වීරයා නං අහල තිබුනා “පඩ දේශනේ නම් දැන් දුන්න,කක්ක දේශනේ මග එනවද දේශකතුමෝ? :D කියලා. ඒත් මං කිව්වේ එහෙම අදහසක් නැතෙයි කියලා. ඒත් අනේ දවස් දෙක තුනක් යනකොට ඔමා දැරිවි දීපු රා වීදුරුවක් බීලා මට කක්ක දේශනයක් මතක් උනා නෙව. හපොයි වෙච්චි දෙයක්. නොහිතන දේම වේ කියන්නේ ඕකට තමා. එහෙනං මේ කතාවත් අහගන්ටකෝ පොඩ්ඩක් සැටල් වෙලා.

මීට අවුරුදු ගානකට කලින් මගේ මිත්තරයෙක්ගේ වෙඩිමක් තිබුනා. ඔය වෙඩිම ප්ලෑන් කරපු අවස්ථාවේ සිටම.. ඔව්.. පත්තරේට ඇඩ් එක දාපු වෙලාවේ ඉදලම අපි කිහිප දෙනෙක් තමා මිනිහගේ දුක සැප බෙදාගන්න හිටියේ. ඔය විදියට හෙමින් හෙමින් ඉන්න මඩ ගොඩේ කොහොම හරි හිටවගන්න මිනිහා සමත් උනා. ඒ පාර තමා වෙඩිමට දින එහෙම නියම කරගෙන ආරාධනා කරන ලැයිස්තු හෙමත් කපල කොටල එහෙට මෙහෙට දාලා හදාගත්තේ. ඒ පාර ඔය හැම තැනම වගේ මිනිහගේ තිබ්බ ඩොක්ටර් සනී අළු පාට කාර් එකෙන් අපේ එකෙක්ම ඩ්‍රැයිවර් වෙලා අම්මත් එක්කම ගිහිල්ල ආරාධනා කරල ආවා. අපි නං යයි ඕවට කොච්චර පස්සෙන් හිටියත්. 

ඒත් ඉතුරු උනා ඥාති පවුල් දෙක තුනක්. හප්පුච්චියේ ඉතිරි ඒවා බැලුවම හීතලේ ගැහුනා. මිනිහගේ අම්මට තියා අපිටවත් යන්න හිතෙන්නේ නෑ ඒ පැත්තේ හීතල මතක් උනාම. කොහේද මේ යන්න තියෙන්නේ. හරස්බැද්ද.. ඔය රාගල කිට්ටුව පොට් එකක්. ඉතිං මිනිහගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා සනියේ සැට් උනා ඩ්‍රැයිවරුයි, මායි, තව එකෙක් හිටියා මනමාලයගේ යාළුවෙක්, අන්තිමට බැලුවම ඒකා අපේම යාළුවෙක් වෙලා තමා පස්ස බැලුවේ. අපොයි මනමාලයත් ගියා. එතකොට ඔක්කෝම කස්ටිය හතරයි. 

දවස් දෙකක් නිවාඩුත් දාගෙන හැන්දෑ කරේ මේ ගමන යන්න තමා අපේ බලාපොරොත්තුව. කාර් එක තියෙන්නේ අතුරුගිරියේ ඒ යකාගේ ගෙදර නිසා කස්ටියම සැට් වෙලා 170 ක නැගල, ඔපිස් එකේ දොරවහපු ගමන් එහේ ගියා. ඒ ගිහිල්ල ඇග පත හෝදගෙන හීනියට අඩියකුත් ගහල මගදි කෑම කනවයි කියල හිතාගෙන අටට විතර නමෝ විත්තියෙන් වැඩේ පටන් ගත්තා.

ඔය අතරේ කඩුවෙලට යන්න උනේ නෑ මුන්ට සාපිපාසාව නිසා තව බෝතල් දෙකක් දාගෙන, අපිටත් හොරෙන් මනමාලයා තවත් බෝතලයක් අරන්, ඔක්කෝම තුනක් එක්ක වැඩේ පටන් ගත්තා. ඩ්‍රැයිවර් කිව්වට ඌ අපේ මිත්තරයා. මිනිහ අමු බෙබා. බොනවා නෙමෙයි නානවා. වාහනේ ඩ්‍රැයිවින් කරන නිසා වැඩිය බිව්වේ නැහැ. ඒත් අපිට නං සිද්ධ උනා බෝතල් දෙකක්ම නුවර යන කොට ඉවර කරන්න. නුවර හිටිය නෑ කෙනෙකුට වැනි වැනි ගිහින් ආරාධනා කරන කොට මං හිතන්නේ රෑ 12 විතර වෙන්න ඇති. 

මට කියන්න අමතක උනා අපේ මනමාලයට වාහන එළවන්න බෑ. ලයිසන් තිබුනත් මිනිහා හරි බයයි. ඒකට. ඒ උනත් බීපු මරගාතේ නුවර ඉදල වාහනේ මූට ගෙනියන්නම ඕන කිව්ව නිසා, ජීවිත ආසාව අතෑරලා ඩ්‍රැයිවර් කාරයා ඉස්සරහ වම් පැත්තේ සීට් එකේ වාඩි කරල හැන්ඩ් බ්රේක් එක ඌට පැවරුවා. වට රවුම කරකවන්න උන්නෑ. පේමන්ට් එක උඩින් වාහනේ රෝදේ යනවා. ක්රාස් ගාලා වැදිල ඉස්සරහ බෆර් එකත් ඩැමේජ් උනා. ඒත් කෝහේද මේකා අතාරින්නේ නැහැ. තවත් පදිනවා. ඒ අතරේ වලපනේ හරියෙදි කන්දක හෙමින් ඇදෙන ලොරියක් පස්සේ තියලා ඇතිල්ලුවා නෙව මේකා. බලන කොට පලාතේ චන්ඩියෙක්ගේ ලොරියක්. ලොරි කාරයා බැහැල ඇවිල්ල අලාභ ඉල්ලනවා. මොන අපිටයි අලාබේ. යන්තං කතා කරල ඒකත් ෂේප් කරගෙන එළිවෙන කිට්ටුව නොමැරි හරස්බැද්ද හන්දියට ගෑටුවා.

ඊට පස්සේ නෑ ගෙදරට ගියා අපි නවතින්න හිතං හිටිය. දොරට තඩි බාලා අමාරුවෙන් දොර ඇරවගත්තා. ඒ ගෙදර අයියයි මල්ලියි, පවුලයි විතරයි ඉන්නේ. හැබැයි ඒ රාත්තිරියේ අයියා හිටියේ නැහැ. මලයා විතරයි හිටියේ. පවුල දුවල පැනල හීතල වෙචිචි කෑම ටික ඇරල අපිට කන්න දුන්නා. එහෙම කාලා ටිකක් හැරෙන කොට උදේ 6 ට කිට්ටුයි. ඒ අතරේ තමා ඉතුරු බෝතලේ සිහියට අවේ. හීතලත් එක්ක නෙව, මහන්සිය ඔක්කෝම යන්න එක්ක ඒක ඉවර කරා. ඊට පස්සේ නිදිමත යන්න කියල අහල පහල තිබ්බ පීල්ලකට ගිහිල්ල හොදට ඔළුව අල්ලල නාගත්තා. හැබැයි බෙල්ල ගලවල යන්න තරං වතුර පාර සැර නිසා අතින් මූන අල්ලං තමා නෑවේ. බැරි වෙලා හරි කඩල ගිහින් බිමට වැටුනොත් කියල සැකේට. 

නාලා ඉවර උනාට පස්සේ තමා මිනිහා නියම කතාව කිව්වේ. එකගෙයි කෑම කොයි තරං අහල තිබ්බත් එදා තමා ඇස් දෙකෙන්ම එහෙම සීන් එකක් දැක්කේ. අර යකාගේ අයියා එදා ඕෆ්. එතකොට මලයට තමා පවුල අයිති. අයියා කාරයා කොහේ හරි වෙන තැනක ගිහින් නිදාගන්නවා ඇති කියලයි මිනිහා කිව්වේ.

ඇවිල්ල උදේට කාලා අවට සිරි නරඹන්න පයින් ගාටන්නයි සුදානං උනේ. ජර්සි අරව මේවා නොතිබුනත් අනේ මන්ද මොන සීතලක් වත් තිබ්බේ නැහැ. අපි ඇවිද ගෙන යනවා තේ වතු මැදින්, අල වතු මැදින් පාර වැටිල තියෙන හින්දා. ටික දුරක් යනකොට තැබෑරුමක්. ආයෙත් සාපිපාසාම. එතෙන්ට ගියාම තියෙනවා සුපිරි පොල් රා බැරල් එකක්. පෙරේත කම යන්නත් එක්ක හොද හැටි වීදුරු හය හතක්ම ලුණු කැට දෙක තුනකුත් එක්ක බඩට ඔබා ගත්තා. රහ.. නං උපරිමයි. විනාකිරි තව රහයි මං හිතන්නේ. ආයිත් මාර්ග සංචාරය.

අඩි පනහක් හැටකට එහා මට යන්න උනේ නැහැ. පසු පසු කලාපයෙන් මුර ගෑමක් එක්ක ආරාධනයක්. මොන ඉන්නම බෑ.. අහල පහල ගෙයක් වත් නැහැ. මුන්ට කිව්වම අමාරුයි කියල ඔන්න ඔය තේ වත්තට ගිහිල්ල කරගෙන වරෙන් කිව්වා. ඉවසන්නම බැරි තැන පල්ලමට බැහැල තේ ගහක් අල්ලන් චුරු චුරු ගාලා අඬන බඩ නිදහස් කරා. වතුර.. වතුර නෑ පැටියෝ. තේ දල්ල බොන්න විතරක් නෙමෙයි පිහිදාන්නත් හොදා. අම්මේ සනීපෙ කියල හෙමින් සැරේ පාරට ගොඩ උනා. අරුන්ට දෙකක් කියන්න කට ඇරියා විතරයි ආයිත් ආයාචනයක්.. දිව්ව තවත් තේ ගහක් ගාවට. ඒ විදියමයි. හැබැයි තව ටික වෙලාවක් එතැනටම වෙලා බලං හිටියා තවත් ආරාධනාවක් ආවොත් හෙම කියලා. නෑ එහෙම එකක් නෑ. සැනසිල්ලේ ආයේ උඩට නැංගා. 

සනීපේ බෑ බඩ ගොර ගොර ගාපු එකත් ඉවරයි. අපි සැට් එකම අම්මමෝ නැතිව තැබෑරුම් කාරයගේ ගුණ වර්ණනා කරමින් ආපු සංචාරේ කෙටි කරල, ආයෙත් හැරුනා.. ඇයි අනේ මම ආයේ නාගන්නවත් එපායැ.. අර තාර ටික යවන්න. හැරිලා තවත් මීටර් සීයක් විතර එනකොට අත ලඟ තිබ්බේ අල වගාවක්. මොනව කරන්නද ඒ එක්කම තිබ්බ උස ගහකට මුවා වෙලා වැඩේ කරගත්තා. අම්මේ... එන්න එන්න බඩ රිදෙන එක වැඩි වෙනවා. ඉවසන්නම බෑ. කොහොම හරි තව ටිකක් දුර එනකොට හම්බ වෙච්චි පළවෙනි ගෙදරට ගිහ්ල්ල ආයේ ටොයිලට් එකට බැහැල දෙපාරක් විතර බඩ සෝදල දාලා, යන්තං තාර පාරවල් ටිකත් යවාගෙන ඇවිල්ල, එකගෙයි කන අක්කට කියල දෙහි එක්ක කෝපි කෝප්පයක් හදාගෙන බීලා නිදාගත්තා. පැය දෙක තුනක්ම. 

හැබැයි මම නැගිටින කොට අපේ පුත්තරයෝ ටික හිටියේ නෑ. පස්සේ තමා මතක් උනේ.. නුවරඑළියේ ඉන්න මිනිහගේ මිත්තරයෙක්ගේ ආරාධනාවක් තිබ්බා බොන්න එන්න කියලා. උං ඒකට ගිහිල්ල මාව දාලා. දවල් වෙද්දි එනවා කරපට් වෙලා කාර් එක නැතිව බස් එකේම. කාර් එකේ බ්රේක් හෝස් එකක් ගිහිල්ල. ඒක හදන්න දාලා ඇවිත්. ඉතිං දෙයියනේ කියල නිවාඩුත් තියෙන එකේ තව රැයක් පුරා බොන්න චෑන්ස් එකක් ලැබුනා. නැත්නං කරන්නේ බීබී ඇවිදන එක නෙව. මෙදා පාර එකතැනකට වෙලා බිබීම හිටියා. දවස් දෙකකට පස්සේ කාර් එකත් හදාගෙන එනගමන් සල්ලි ඉවර වෙචිච නිසා, ජීවිතේට නොබීපු ඈයො වගේ ආයේ කොළඹ ආවා.

138 comments:

  1. අනේ හැබෑට නේද ,, උත්තේජනේ නියමෙට වැඩ කරලා දේශක තුමෝ,, ආයේ ෆිලින්ග්ස් ඕනේ වුනාම කියන්ඩ ඈ ,,පස්සේ කියෝලා කොමෙන්ට් එකක් දාන්නම් ජය !!

    ReplyDelete
    Replies
    1. ඉතිං කියෙව්වද?? තාම නෑනේ...

      Delete
    2. ඉතිං කියෙව්වද?? තාම නෑනේ...

      Delete
    3. මන් එවලේම කියෙවුවා ,,කොමෙන්ට් ටික දැක්කට පස්සේ මාත් රා බිඋවා වගේ තමයි

      Delete
    4. රා බිව් රිළවියෙක් උනාද එහෙනං.. හැක්..

      Delete
  2. // නොහිතන දේම වේ කියන්නේ ඕකට තමා. //
    සිතු දේ නොම වෙයි නොසිතු දෙයක්ම වෙයි ...ලො දම් කැරකෙනවා කියන්නෙ එකනේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කියන්නේ ලොදෙත් කැරකෙනවා.. හැක්

      Delete
  3. මට මැවිල පේනවා දේශකයා තේ ගස් අස්සේ නැවි නැවී ඇවිදින හැටි.

    ReplyDelete
    Replies
    1. ඔයාට ඒක විතරද මැවුනේ..

      Delete
  4. රා බිවුවොත් ඔහොමමයි ... හි හි ...

    හොද ඒවා දෙන පුළුවනි අපේ පැත්තේ ආවොත් ...

    ReplyDelete
    Replies
    1. කොහෙද බං උඹ ඉන්නේ කියාංකෝ

      Delete
    2. හැ ..... එන්නද ... :D

      Delete
    3. කියන්න සුලගේ ඔබ කොයි සිටදෝ එන්නේ!!!

      Delete
    4. හද්දා පිටිසර ඌව වෙල්ලස්සේ වැල්ලවාය නම් නගරය ආශ්‍රිත රන්දෙනිවෙල නම් වූ (පරන්ගියාට රිදෙන්න ගහපු) ගම්මානයට යාබදව පිහිටි දුටු ගැමුණු නිරිදුන් සම්බන්ධ ගම්මානයක් වන සියබලාගුණය නම් ලද්දාවූ ගම්මානයේ සිට ...

      Delete
    5. යකෝ ගම තියෙන තැන කියපු විදියට දුවගෙන එන්න හිතෙනව හුළඟ වගේ...ඉඳපන්කො ලංකාවට එනකල්

      Delete
    6. සාදරයෙන් පිලිගන්නවා අපේ දුප්පත් ගෙපැලට ....

      Delete
    7. සුද්දට රිදෙන්න ගහපු හැටි ගැන අප්‍රසිද්ධ කතාවක් මෙන්න..
      එන්න හිතෙනවා බොලන් හිටපන්කෝ තව ටික දවසයි ඊට පස්සේ සදහටම නිවාඩු මට!

      http://karuugesithroo.blogspot.com/2013/09/blog-post.html

      Delete
    8. @ සුළඟ,

      ගම ගැන සුළඟ කියලා තියෙන හැටි හරිම ලස්සණයි. සීතල සුළඟක් ඇඟේ දැවටිලා ගියා වගේ...:D

      Delete
    9. එන්න මද නලේ, ගොස් පවසන්න දුක මගේ.

      බලාපං මම උඹත් එක්ක කවදාවත් කතාකරලා නැතුවත් ඉස් ඉස්සෙල්ලම අහන්න වෙච්ච්ච ප්‍රශ්ණෙ. මාත් එන්ඩද, ඈ?

      Delete
    10. එන්නංකෝ සුළගේ. මේ ඉන්නේ සැට් එකක්ම. කරුමෙට බාගයක් උන් රට පන්නපු ඈයෝ.. මායි නලියයි හරි එන්නං...

      කිව්වත් වගේ පස්ට විස්තරය ගම ගැන. එහෙම තමා තමන්ගේ ගම ගැන ආඩම්බර වෙන්න ඕන. ඒකනේ ඔය ගාල්ලේ උං වැඩ බැරි උනත් අපි ගාල්ලේ කියල කියන්නේ හෙන ආඩම්බරෙන්

      Delete
    11. @ අල්තයීර්
      තැන්කුයි ලින්කුවට

      @ පොඩ්ඩි

      ඔව් ඔයාට නං මේ දවස් වල හීතල නැතිව ඇති

      @ ඩුඩෙ

      උඹ ඉතිං අහන්නේ මාර පුරස්න නේ.. හැක්.. අර බස් එකේ දැක්ක ගෑනියෙක්ට ඇදුං ගලවල ලෑහැස්ති වෙලා ඉන්න කියනවා වගේ එකක්..

      Delete
    12. මට නිකන් පික්සු වගේ ..... ඇත්තටම එනවද ... හැබැයි බිම තමා නිදා ගන්න වෙන්නේ ... අපි දුප්පත් අය '''

      ඕනනම් හන්ටින් පාරකුත් යන්ට හැකියි .... සත්තු නැතත් පට්ට ස්පොට් එකක් ඇත ...

      ගිනි මැලයක් ගසා රැය පහන් කිරීමට නම් අපුරුය ...

      Delete
    13. එළකිරිනේ.. බිම තරං හොද තැනක් තියේද නිදාගන්න.. හැබෑට දැන්නං එන්නම හිතෙනවා.. හිටහං නලියත් එක්ක කතා කරන්න..

      Delete
    14. එන එක අපුරුය .. මට නිවාඩු දා ගැනීම සදහාද කාලයක් අවශ්‍යය ..

      අනික රා ඇති කාලයක්ද උවා නම් පන්කාදුය ...

      නැත්නම් බෝතල්වල පිහිටයි ... ආරක්ෂාවයි ....

      Delete
    15. මචං උඹේ හෘදයාංගම බව මේකෙන් දැනෙනවා. හිටහං දවසෙන් දෙකෙන් ඕක සැටල් කරන්න බෑ.. සතියක් හමාරක් යාවි. කන්ටැක්ට් කරමි. උඩ තියෙන මේලට ටෙස්ට් මේලක් එවා තියාපන්..

      Delete
    16. සුළග දැන්නම් නෑවිදිං බෑකොහොමවත්. අනිවා එනවා. දේශකයත් එක්කත් කතා කරගන්නම් කෝ එන විදිය

      Delete
    17. හ්ම්ම්ම් ... එවන්නම් ...

      වැසි කාලය නිමා කර .. (අහිතක් නැත්නම්) මා දිනයක් යොදන්නද ..









      Delete
    18. මචෝ බිම කියන්නේ ඉහටත් උඩිං තැනක්නේ. අපිත් දුප්පත් එවුං බං. උඹෙ මේ ලෙංගතු ආරාධනය පැහැර හරින්නම බෑ

      Delete
    19. @ සුළග

      මේල එවන්න. තව රාබඩ්ඩෙක් ඇවිත් ඉන්නේ.. නලියා.. හැක්.. තව කව්ද එන්නේ.. අත උස්සපල්ලා

      Delete
    20. @ නලියා
      අන්න ඒකයි මටත් කියන්න තියෙන්නේ. මේ වගේ ලෙංගතු ආරාධනයක් මටත් කාලෙකින් ලැබිල නෑ. බොන්න නැතත් යන්න හිතෙනවා...

      Delete
    21. මේ තොපි මට කියල හමන්නගන්න හදන්න එපා තනියම ගිහිං ඈ,හිටපියව් මාත් එනකං.

      Delete
    22. තොපිලා යද්දි කියපල්ලා...මමත් එල්ලෙනවා...අපායට හරි යන්න..

      Delete
    23. @ හැලපයියා

      උඹ ආයින් එකකොට රා ලංකාවේ තහනං පානයක් වේවිද කියල කව්ද දන්නේ.. හමවන්න කලින් කොයි දේත් කරගන්න ඕන.. හැක්..

      Delete
    24. @ සිරා
      උඹත් එක්ක අපායට යන්න උනත් 2015 වෙනකං හැමිනෙන්න එපායැ.. හැක්..

      Delete
    25. අනේ අප්පේ මෙහෙමත් බාබෙද්දෝ

      Delete
    26. බලපංකෝ සැට් එක කෑදරයෝ වගේ සැරිසරන හැටි... හැක්

      Delete
    27. අනේ හුළං කුරුල්ලෝ මුන් ටික පෙරේත කොරවන්න එපා.. කෝ උඹ එදා අපිට රා දුන්නේ නැහැ නෙව. හිඟුරාන ගල් අරක්කු බෝතලෙයි අර මොනාද රතු පාට බෝතලයක් නේ තිබ්බේ මට මතක නැහැ බෝල. අර භූතයා එන බෝතලේ.. එදා කෝ රා... උඹ පොලෝසියේ ඉඳන් ගහක්වත් මදිනවා ද ? අඩෝ රා ඕනෙනම් අපේ පැත්තේ ගාටන්න ලා.. මී රා, පොල් රා තියේ.. හැබැයි වගකීමක් ගන්නේ නැහැ බීවට පස්සේ අතුරු පෙතිපාල ඕනේ තරම් ඇති. මී රා නම් එලාස් ඈ..

      Delete
    28. බෙනා උඹ ගිහින් සුළගට කරදර කරන්න ඇති අමුතු වේශ මවලා. ඒකයි වෙන් ඇත්තේ. හැක්.. රා පරිත්‍යාග කරන ලිසිට්කටුවේ උඹ තුන් වෙනියා හොදේ. මතක තියාගනිං. අපි රා සතියක් දාගෙන ඔය තැන් වල එන්නං..

      Delete
    29. හිඟුරාන නං බොන්න බෑ කොල්ලෝ,ඊට හොඳයි සුදුවා...සිරාට කියල අත්තනගලු ඔය අහබඩ පෙරන සුදුවා බූලියක්වත් ගෙන්නගම්මු.

      Delete
    30. අපෙයි ඔව් හැලපේ ඒ සීනි කරිංඤඤං.. සිරාට කිව්වට ලැබෙයිද.. මට සැකයි මිනිහගේ සත්ගුණවත්බාවය ගැන හැලපය්යේ... හැක්

      Delete
    31. ඊට නරකද හැලපයියෙ මම අපායට ටිකට් එකක් අරන් ගිහිං...අත්තනගලු ඔය අසබඩ ඉදන් අමෘතය බෙදපු අපේ රිචාගෙන් බඩු අරන් එන්නම්...මිනිහා ෂුවර් එකටම ජෑස් කොල්ලා එක්ක එහෙ ඇත්තෙ දැන්...

      Delete
    32. @ දේශකයා...ට්‍රිප් එක යන්න කලින් හොදට රීලා වරෙන්...බඩ යන්න ගත්තොත් පාවිච්චියට ගන්න පෝර උරයකුත් ගෙනෙන් ලොකු ප්‍රමාණෙන්...

      Delete
    33. ඕන නැහැ බං කෑලේ තියෙනවලු එකසිය ගානට.. බඩ ගංගාවක් උනත් දාන්න.

      Delete
  5. රා වලට බඩ ෆෝමැට් වෙනවනෙ බං....නෙල්ලි බීවමත් ඔය සෙතේම තමා....සෑහෙන සැපක් ලැබෙන්න ඇති මයෙ හිතේ...අපේ පැත්තට වරෙන් දාගොන්නෙන් මී රා අරන් දෙන්නම්......ඕන තරම් වෙල් තියෙනවා ඇල දොලවල් එක්කම...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ සැප නං.. මම දැං ෂූවර් නැත්නං රා බොන්නෑ. බිව්වත් කිතුල් පමනි. අඩේ එහෙනං සුළගේ ගෙවල් පැත්තේ ගිහිල්ල් එන්න ඕන ඔය පැත්තේ

      Delete
  6. රා බිලා ඔය වැඩේ කරද්දී පට්ට ගදයි කියන්නේ ඇත්තද? ඉස්සර මගේ යාළුවෝ රෑ රා බිලා උදේ පාන්දරම බොග දාන්න යන්නේ ගෙවල් ගාව තියෙන ඇළකට.ගිහින් ඒකෙම තියෙන පිල්ලකින් නාගෙන එන්නේ.ඉතින් මාත් උන එක්කම උදේ පාන්දර යන්න ඕනේ නාන්න. උන්මයි මට ඒ සීන් එක කිව්වේ. මං රෑ බීලා නෑ. ඒකයි මේ අහන්නේ. :)

    ReplyDelete
    Replies
    1. බිලා බලහන් ලෑට් එකට ගියාම උබම නහය වහගන්නවා ආයේ 2 ක් නෑ

      Delete
    2. ඉශාන් මල්ලියා කොහෙද බං මකබෑවිලා හිටියේ?

      Delete
    3. ඇත්ත බං ඒක ගදක් නෙමෙයි බං හං ගදක්.. යකෝ අරුන් ඇලට බඩ සුද්ද කරාද එතකොට???

      Delete
    4. @ බොරළු

      ඇත්ත.. බීලම බලන්න ඕන

      Delete
    5. @ කෙන්ජා
      ඔන්න ඇවිත් ඉන්නෙ. ගෙට උනයි කියන්නේ..

      Delete
  7. අඩේ අපිනම් රා ලීටර් 03 ක් බිව්වා 03ක් එක්ක බඩු වැඩි වෙලා නෑ උපරිම පැයයි. ලෑට් එකට ගියාම මාර සුවදයි බොන වෙලාවට බඩ ඇතුලෙත් පැහෙනවා

    අඩේ දේශේ අපිට බඩ ගියේ නෑ නේ. මම හිතන්නේ දේශේ රා නෙමේ විනාකිරි බිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කිව්වේ විනාකාරි තව රහෙයි කියලා. හැක්.. විනාකිරි වලටත් වැඩිය පැසවපු සුපිරි ගණයේ රා වර්ගයක් ඒක..

      Delete
  8. හෙක් හෙක්! හැරෙනකොටම මං කීවේ නැද්ද පැඩලා කාරිය ලක ලැස්ති උනේ බොගකට කියල!

    අම්මටහුඩු! මෙන්න මට වීරයාලු! ඔය බොරු ආටෝප මොකටද ආයිබෝවන්ඩ මං මේ හිච්චි කොල්ල තාම..

    ඔය එකගෙයි කතන්දරේ තාම ලංකාවේ තියේද? සමාජය ඉස්සරහ කොහොමද ඒ මිනිස්සු ඉන්නේ? ඇත්තටම අදටත් එක තියේ කියල දැනගත්තේ මේ දේශනෙන් තමා..

    ReplyDelete
    Replies
    1. ඕවා ඔය නිකන් කරන වැඩ නෙමේ බෝල .. දේපල පිට යනවට තන්නාසේ තනාගත්ත දේවල් නොවැ ..

      තරහ අවසර අයුබෝන් .. ඕන් කිවුවා ...

      Delete
    2. එහෙනං එහෙනං,හැබැයි එකේ හොඳත් නැතුවා නෙවේ.. ලංකාවේ නීතියෙන් නම් ඉඩක් දැන් නැතුවා නොවෑ..

      Delete
    3. @ අල්තයිර්

      උඹ නිකං උඩ පනින්න එපා මම කිවවේ ඔය පින්තුරේ ඉන්න හාදයට වීරයයි කියලා. බලපං උඹ කිව්ව සාස්තරේ වැඩ කරා.

      Delete
    4. @ සුළග
      ඒක හැබැයි. ඔය දේ වෙන්නේ ඒ වෙනුවෙන් කියල තමා වැඩිපුර ආරංචි

      Delete
    5. ඕවා කියන්නේ කට කහනවට නෙමේ ආයුබෝවන් ... ඕවා පරණ ඇත්තෝ කියලා තියෙන්නේ ...

      Delete
    6. මේ ගැන හුගක් ජනප්‍රවාද තියෙනවා. සජීවි අත්දැකීම් තාමත් සමහර පැති වල තියෙනවා සුළගේ..

      Delete
    7. මට නම් හරිම අප්‍රියයි ...

      කොහොමද එහෙම හිතන්නේ ... සහෝදරයාගේ ඇබේනිය ගැන

      Delete
    8. ඒක වෙනම කතාවක්. ඒ උනත් ඒකේ ඇති දෙයකුත් නැහැ බං බැලුවම.. පුළුවන් නං විස්තර ටිකක් හොයල පෝස්ට්කටුවක් දාපං

      Delete
    9. මට ලිවීමට හැක්කේ නිසදැස් පමණකි ... :D

      පොස්ට් ලිවීමට තරම් දැනුමක් නැත ..

      තවම මා අදුනිකයෙකි ..

      Delete
    10. උත්සාහ කරන්න. ඔබ නිසදැසක් ලියන්න වචන කොපමණ ප්‍රමාණයක් අයින් කරනවද. ඒක ලියන්න පුළුවන්.. බැරි නෑ.. ආධුනිකයෙක් බං මමත්.

      Delete
    11. දේශකයගෙ බොග දැන් පඩ ගදයි බොල...ඔය හදුන්කූරක්වත් පත්තු කරපන්කො...

      Delete
    12. හැක්... ඊට පස්සේ කබර ගදක් එන්නේ.. හරිය සිරෝ..

      Delete
  9. බිලා මෙච්චර චොර වෙලා තියෙද්දිත් එත් බොනවනෙ අප්පා අපිනම් මොනව කරත් 5වෙනි සිල් පදෙනම් කඩන්නෙ.,.

    ReplyDelete
    Replies
    1. එතකොට 3 වෙනි සිල් පදේ?

      Delete
    2. @ මැලේ රාළ

      ඕනම එක කියල නෑ... “නෑ“ ද “ඔව්“ ද. හැක්.. චොර.. මොන චොරක්ද බං බඩ චොර මිසක්කා

      Delete
    3. @ ඉවාන්

      අපි ගන්න සිල් වල ඒක හයිඩ් කරලයි තියෙන්නේ

      Delete
  10. ඔය වගේම කට්ටක් මම ඉස්කෝලේ යන කාළේ දවසක් කෑවා. බම්බා කිරි හලෙන් කල් කිරි එකක් බීලා...

    ReplyDelete
    Replies
    1. බම්බ කල් කිරි ජනප්‍රියම පානය. ඒක තාමත් තියෙනවා නේද බං පාරවල් කැඩුවේ නෑනේ.. මම හුග දවසකින් ඒ පලාතේ ගියේ නෑ...

      Delete
  11. බඩෙ අවුල නැත්තම් සුපිරි ට්‍රිප නේද
    සුලගෙ අපිත් එනො

    ReplyDelete
    Replies
    1. අන්න තව එකෙක්.. හරි නම දාගත්තා.. බඩ ගියත් එළ ට්‍රිප..

      Delete
    2. අයි බන් මම ,,,,,,,

      Delete
    3. උඹත් රට පන්නපු එකෙක් නේ මගියෝ..

      Delete
  12. ඇයි බං කැවුමක් ගිල්ලා නම් හරිනේ කෙලින් අතට තියලා....

    ReplyDelete
    Replies
    1. ඒකේ බුරිය හදාගන්න එකනේ බං අමාරු...

      Delete
  13. ඔය කදුරට පැත්තට යවන රා මාදම්පෙ(හලාවත) සිට සිදුව දක්වා නිෂ්පාදනාගාර තියෙනව.වතුවලින් එකතු කරන රා ගෙනල්ල පොකුරු පිටින් දුන්කල නැටියි තව මොන මොනවාද දාල තමයි හදන්නෙ.
    බේබද්දන්ට බොන දෙයක් දැක්කම තැන නොතැනක් නැතිව උගුරට හලාගන්න එකේ විපාක තමයි ඔය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඒ ජරාව තමා බං.. පෙරේත කමට කොරගන්න වැඩ නේ මේවා

      Delete
    2. රා වලට දාන එක එක ජාති වලට තමා බඩ යන්නෙ....මම නම් මී රා විතරයි බොන්නෙ...අන්න නියම බඩු...මාර රහක්......

      Delete
    3. උඹ ඉතිං ඔය අඩගහන්නේ එන්නෙයි කියල නෙව.. මීරා නොබිවු කට මක්කටටෙයි අන්ඩර්ලියන්නෝ...

      Delete
  14. එතකොට වතුර නැතුව රීලා උඹලා දවසෙම ඇට්ටිම්බෙන් හිටියද ?

    ReplyDelete
  15. බොනවා කීවට මෙහෙමත් බොන්ට පුලුවන්ද? ඇති යන්තම් බ්ලොග් එකක් ලියන්ට දේශකයෙක් ඉතුරු වෙලා ඉන්නවා. :)

    ReplyDelete
    Replies
    1. බොනවා කිව්වට බොනවමත් නෙමෙයි අනේ... බීම කියන්නෙ හොද දෙයක්. ඒකෙත් තමා නාඩි වැඩ කරන්නේ.. හැක්..

      Delete
  16. අනේ, සාධු! මෙච්චර අකරතැබ්බ වෙලත් බේබදුකම අත් අරින්නේ නෑනේ. බොලා ව හදන්න බෑ, දේශකයෝ. මම නොකිව්ව යි කියන්න එපා.

    මට නං දුක එදා වත්තේ දළු කඩන්න ආපු උන් ගැන :D

    ReplyDelete
    Replies
    1. ඉහමුදුනින් පිළිගනිමි ඔබගේ උපදේශේ ධාරෝ...

      මටත් දුකයි... ඒත් අහිංසක මං මක්ක කරන්නද දරුවෝ...

      Delete
  17. යකෝ ඔය රා බොන එක හැම එකාටම කරන්න බෑ. දැක්ක පලියට බොන්නෙ නැතුව හිටියනං ඉවරයිනෙ.
    ඔය වගේ වෙලාවට ලැට් එකකට යනවට වඩා ඔයවගේ පොට් එකක වැඩේ කරන්න තියෙනවනං ඒක තමයි ලේසිම වැඩේ.

    අවුරුදු ගානක් බඩේ තිබ්බ ජරාව ටික හේදිලා යන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ වොලාවට ඕවා මතක් වෙනවයි බං. කිව්වම මතක් උනේ බැල්ක් ලේබල් සමග මල් ගසා කරපු නර්තනයක්...

      ඔව් නිකං අරළු පෙති ගිල්ලා වගේ තමා..

      Delete
  18. තේ බොන්නත් එපාවුනා.

    රා වල ඔය කියන විදියෙ අවුලක් නෑ බඩු හොඳ නම්. රා මන්ඩි වලට සීනි දාල හදපු "හදාරා" තමයි උඹ බීල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං,බෝතල් රා ජරාව බීවමත් ඔය ලෙඩේ එනවා.

      Delete
    2. ඇත්ත රාජ්. ඔය පැති වල තියෙන්නේ “හදාරා“ වෙන්න ඇති. මන්ඩි ටික ජරස්ත වෙන්න පැහෙනවා ඒකයි. තේ බොන්න තේ බොන්න. බොලා කොහොමත් තේය කියල කැලිකසල නෙව බොන්නෙ..

      Delete
    3. @ ඇනමලයා

      මචං බෝතල් රා නං බොන්න එපා. ඒකේ බැක්ටිරියා වර්ග කිහිපයක් අළුතින් හැදෙනවා රා පැහෙන කොට..

      Delete
  19. බීල වාහන එලවන්ඩ එපා, යකෝ. මේ අහිංසක අපිත් ඔය පාරවල්වලම යනවනේ.

    ReplyDelete
    Replies
    1. මම නැහැනේ ඔය වගේ අසමජ්ජාති වැඩ කරන්නේ ... ඔව් ... ඉඳගෙන ///

      Delete
    2. @ ඩුඩෙ
      දැන්නං ඒවා කරන්නෑ බං. ඒ දවස් වල ඔය මගුල් පොලිසියවත් බීලා ගියාට ගනං ගන්නෑ නේ.තරහටමයි බොන්නේ එතකොට..

      Delete
    3. @ මගියා

      ඒඊඩී 9600 ක් කරන්න ඕනද

      Delete
    4. එපා එපා මේ හම්බ වෙල තියන ෆොන්ටෙර ටින් කිරි ටික ඇති ...

      Delete
    5. උඹ නිකං තව කන්න ඉල්ලනව වගේ මට දැනුනා දැනුනා ඒකයි ඇහුවේ...

      Delete
  20. මමත් එකම එක දවසක් රා කට්ටක් ගැහුවා...
    හැබැයි ඔය තරම් නං අවුලක් උනෙ නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රා කට්ටක් ගැහුවා කියන්නේ බං සුපිරි බඩු වෙන්න ඕන.. චිරිස් ගාලා බිංදු පනින ජාතියේ. කෙළ උනනවා බං කටට

      Delete
  21. බේබද්දෝ බේබද්දෝ

    ReplyDelete
    Replies
    1. බොට වෙන වචනයක් හොයාගත්ත නං අහවරනේ. අහක ඉන්න අහිංසක බේබද්දොන්ට අනං මනං නොකිය..

      Delete
    2. පැතුම් ඔය බේබද්දෝ කියන එක ඒ තරම් ලස්සන නැහැ එක නිසා වචනේ රෙප්ලසේ කරහන් මෙහෙමෙ/// සමනලයා .. මල ඒ වගේ ලස්සන .නමකින් ..

      Delete
    3. ඒකට හදමු නමක්..

      බොන එක මදිරාබාධය

      බොන එකා මදිරයියා.හරියට හැලපයියා වගේ.. හැක්..

      Delete
  22. යකඩෝ.. කියන විදියට නම් උඹ ඔයින් ගියා හොඳා,,., හැබෑට දෙස්හෝ තේ ගහ ඔය වැඩේට කියපු ගහ නේද... ගහ කොටයි .,,, කොටු හයියයි ././/කොලේ මෙලෙකයි පිහා ගත්තකි ... හබයි ඔය රෑ සීතලට ඔය තේ ගස් යට සරුපයෝ ලගිනවා ././ කෙවනම් පක්ෂත් භාගේ බොලට පෙනැයි වැඩේ ....
    ඔය රා හොඳ බිමක් බන්,,., අදටත් මම නම් කැමතිම බිමක්...මම ඉස්සෙල්ලම බීවේ ඉස්කෝලේ 10 වසරදී..

    ReplyDelete
    Replies
    1. ඒකනේ උඹ තාම බොන්නේ. අම්මපා තොපි පොඩි කාලෙත් නහර වැඩ කරල තියෙන්නේ.අපිනං එහෙම නෑ.. ඒ හරියේ හිටිය එකම සරුපයා මං ගාව තමා හිටියේ.. හැක්..

      Delete
    2. ඒ සරුපය දෂ්ට කල හැටි යට තියනව .. කොමෙන්ට් ටික ගහගෙන පල එථක්තොඅ හම්බ වයි ,,,හෙහ් හෙහ් හෙහ්

      Delete
    3. හැක් හැක්... උඹත් එක්කත් බේරිල්ලක් නැති උනේ නේ.. ඇයි බං අර පස්වැනි වැඩේවත් කරගනිං. (බොන එක)

      Delete
  23. ඇපෝයි... රා ගුඩ්ඩෝ.... අපි ඉස්කෝලෙදි දවසක් හදල ටෙස්ට් කරන්න එකෙක්ට දුන්නා.. ඌට එසැණින් කලිසමේම බෝස්.... :)

    ReplyDelete
    Replies
    1. උඹල ඌට වස පොවල වෙන්ටැති... අගෙයි වැඩේ...

      Delete
  24. ඊට පස්සෙ අර ගෙවල් පැත්තෙ යනකොට ටාට්ටේ කියාගෙන හො‍ටු පෙරාගෙන කොළු පැට්ටෙක් දේශකයාව බදාගත්තෙ නැද්ද ? පුදුමයි..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සරත් අයියේ එහෙම නෙමේ වෙලා තියෙන්නේ ... මෙහෙමයි ....

      දැන් ඔය සිද්දියට අවුරුද්දු 2-3 කට පස්සේ ලංකාදීපේ ද්යියෝ සාක්කි එකට යනවලු තේ ගස් වල එල්ලිලා කක්ක දාන ළමයෙක් ගැන... ඒ ළමයට කොච්චර කොහොම කලත් කැක්ක යන්නේ තේ ගැහෙ එල්ලුනාම විතරලු... ඉතින් එදා ඉඳන් දෙසිකය ඔය පැත්තේ ඉඳන් එන බස් එකක් දැක්කත් හැඟෙනවා කියල තමා ආරන්ච්ගිය ...

      Delete
    3. @ සරා
      චීයා ඔය ඔය කැත කතා කියන්නෙපා පැය තුනක් නිදාගත්ත විතරයි..

      Delete
    4. @ ගුවනා
      උඹටත් වෙන වැඩක් නැද්ද අප්පා ඔය ලංකාදීප බල බල ඉන්නේ.. අපහාස කරන්නෙපා ඩෝ. නඩු දානවා..

      Delete
    5. එකගෙයි කන තැනක
      එකෙක් නැතිවූ දවසක
      අනුමත වූ ‍රැයක
      සිදුවු දේ ගැන කියනු කෙලෙසක ?

      Delete
    6. රැයක් නම් නොව විය
      මොකෙක් වත් නැති වුව
      ගියපු බඩ සිහි කොට
      කළ හැකි යමක් මට නැත...

      Delete
    7. මල්ලී හිතන්නේ මල්ලිගෙ කියලාය
      අයියා හිතනේ අය්යගෙ කියලාය
      කණමදයා වෙලත් යුතුකම් කරලාය
      දෙදෙනෙකු දත් පරිදි දේශක පැටියාය.

      Delete
    8. සරා හිතන්නේ හරි කුප්වැනි දෙවල්ය
      අයිය මලෝ දේශා ගැන නොදනීය
      එහෙම උනත් අවුලක් හෙම නැත්තේය
      පිච්ච මලක් ඉඹලා අපි ඉන්නේය...

      Delete
  25. බඩ ගියේ වික්ටෝරියා වේල්ල ඇරියා වගේද....බඩු ටික ගිහිල්ලා ඉවර උනාට පස්සෙ අමුවෙන්ම සීල් ෂොට් දෙකක් විතර ලග නැමුවා නම් ලෙඩේ කම්මුතුයි...

    ReplyDelete
    Replies
    1. ඔව් බං ගලන ගඟකි ජීවිතේ වගේ තමා... ඒ වෙලාවේ ගෙනාපු බඩු ටික ඉවර වෙලා නැත්නං දෙකක් ඇනගන්න තිබුනා බං... හැක්...

      Delete
  26. අයියන්ඩියේ මී රා, පොල් රා, ඕනෙනම් මෙහෙ ගාටන්න..

    මී රා නම් ෆෂ්ට.. ජෝ බොනවා වගේ. ආයේ වදිනවා ටොයින් ටොයින් වෙන්න..
    දාසක් බීච් ගිහිං කෙලලා ආවේ හතර ගාතයෙන්... :D පොල් රා නම් ගමේ තියේ. ආයේ මෙහෙනම් ඔය තේ වතු අල වතු නෙමෙයි ඔරිජිනල් කදු තියේ. කිසි දුකක් නැහැ.

    ඔය හීතල ගැන කියද්දී මට සෞදර්යත්මක සිතුව්ලි පහල උණා නෙව.

    දේශකයා ජාලේ සැරි සරනවා නෙව. ආදර කුමාරය කියලා ඩයල් එකක් ඉන්නවා දැකලා ඇති නේ ජාලේ. මම පොරගේ ගෙදර ගියා. තියෙන්නේ රත්නපුරේ. අර වතුර එන්න පීල්ලෙන්ද මොකක්ද වගේ. පට්ට හීතයි. කඳු උඩ ගෙවල්. එහෙත් ඔය කිතුල් එහෙම තියේ. මල් ජාතිත් ඒමට තියේ..
    අනේ අප්පේ සැප කරේ.. පට්ට ලස්සනයි නේ බං ඒ වගේ ප්ලේස්. තේ වතු මාරයි....

    - Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. ආදර කුමාරය මට හමු වෙලාම නැහැ බං.

      එතකොට උඹ සුළග හමන් පැත්තට ගියා, ආදර කුමාරය රැගුම් පාන තැනට ගියා මේ ටිකට. සකෝ.. උඹට නං පුතේ නංගං අනංමනං දෙන්න හොද පුත්තරෙයක් නෙමෙයි... හැක්..

      හරි හරි උඹලයි ගෙවල් පැත්තෙයි නෑවිත් බෑ මේ යන විදියට. මතකනේ උඹ තුන්වැනියා ලිස්ට්කටුවේ. ඉස්සෙල්ලම සුළඟ ඊට පස්සේ අන්ඩලියන්නා ඊට පස්සේ උඹ.. හරිනේ තව ආරාධනා කරනවදෝ...

      නලියෝ අපි රාබඩ කද දාල තමා ඉන්න වෙන්නේ මේ විදියට කෙලියොත්.. හැක් හැක්..

      Delete
  27. යකෝ මූ පැඩ්ඩා මදිවට රිව්වානේ මෙතන!!!!!

    මචං කන පැලෙන්න පොල් රා බීලා, කට කපලා ඉන්න ප්‍රයිවට් බස් එකක වමනේ දැම්මනේ බන් මගේ යාලුවෙක්.හිතාගනින් ඉතුරු ටික.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..

      බස් එක ඉතුරු උනාද කියලයි අහන්න තියෙන්නේ.. අම්මපා මාරම සුවදක් එන්න ඇත්තේ..

      Delete
  28. පොල් රා වගේද කිතුල් රා... ඈ..

    ReplyDelete
  29. අඩේ මේ එකගෙයි කෑම තාම ලංකාවේ තියෙන දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් බං තාම තියෙනවා අතරින් පතර. වැඩිපුර තියෙනනේ උඩරට පලාතේ තමා

      Delete
  30. රා..... දැක්කාම නොබීත් බිව්වාම විඳවන්නත් බෑ... බොනකම් සුමිහරි පානය බිව්වාම බඩ ඇතුලේ පැහෙන්න ගත්තාම දෙයියෝ සිහිවෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒක නෙව කියන්නේ.. රා පැසෙව්වට පස්සේ බීල වැඩක් නෑ. කෝටියක් විතර දිලීර, බැක්ටිරියා අරවා මේවා හැදෙනවා. ඒකනේ බඩ යන්නේ..

      Delete
  31. බලහන් මේඋඹ කොයි තරම් සේවයක්ද කරලා තියෙන්නේ තේගස් වලට පොරදාලා.
    ඕවා වතු සමාගම්වලින් කරන්න ඕනේ වැඩනේ...

    ReplyDelete
    Replies
    1. සමාජ සේවය නේ බං...හැක්

      Delete
    2. රා පොලේ රා බෙදන එකගෙ අත දෙක්ක නම් තොපි රා බොන්නෙ නෑ. රා පීප්පෙට අත දාලම උගෙ අත තෙම්බිලා හමත් ගිහින් තියෙන්නෙ

      Delete