Wednesday, June 5, 2013

ගරු කතානායකතුමනි,,

ගරු කතානායකතුමනි,

ගෞරවනීය අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට්, කැබිනට් නොවන, ව්‍යාපෘති, උපදේශක ඇමති වරුනි, ඉතිරි අතලොස්සක් වු පාලක පක්ෂයේ මන්ත්‍රිවරුනි, විපක්ෂ නායක තුමනි, මන්ත්‍රිවරුණි,

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල මා කතාවක් පවත්වන අවසන් අවස්ථාව මෙය බව ඔබ සියළු දෙනාගේ දැන ගැනීම පිණිස දන්වා සිටිමි. ඇත්තෙන්ම.. ඇත්තෙන්ම.. හා හා ගරු මන්ත්‍රිවරුනි කලබල වෙන්න එපා.. ඉවසන්න.. මම මේ කියන්න නේ යන්නේ.

ඇත්තෙන්ම මේ අවස්ථාවේ සදහන් කරන්න ආපු කාරණයට පිටින් කියන්න වෙන කාරණය තමා, අපේ මන්ත්‍රිවරු දැං මෙතන ගෝරනාඩු කරද්දී එය පාලනය කරන්න කතානායකතුමාට මැදිහත් වෙන්න සිදු වෙච්ච ආකාරය ඇත්තටම අප්‍රසන්නයි. ඔබ කලබල වෙන්න එපා වෙන අය මෙහෙම කතාවක් පවත්වල තමන්ගේ ඡන්දදායකයෝ අනුමත නොකරන පක්ෂ මාරුවක් කරන්න හදන දේ නෙමෙයි මම මේ කරනන සැරසෙන්නේ.

මගේ පාර්ලිමේන්තු ධූර කාලය දැනට අවුරුදු 11 ක්. ඒ කියන්නේ මම මහජන ඡන්දයෙන් තේරි පත් උන දෙවන අවස්ථාවයි මේ. ඒත් දෙවන ධූර කාලය ඉක්මවා යන්නට ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී යැයි සමාජවාදී යැයි සදහන් කරණු ලබන මෙම උත්තරීතර පාර්ලිමේන්තුවේ කාර්ය භාරය පිළිබද මා හට දැඩි කුකුසක් මතු වෙනවා.

මා පළමු වරට ඡන්දයට මුහුණ දෙන විට මට සිදු උනා අපේම සගයන් සමග තරගයක් දෙන්න. නමුත් මා කල්පනා කරා නිතරම ගැටුම් වලක්වාගෙන කටයුතු කරන්න ඒ අවස්ථා වලදී. මොකද අප පාර්ලිමේන්තු ගියාම එකට බජව් දාගෙන ඉන්න විත්තියක් අපට ඡන්දේ දීපු ඡන්දදායකයන් දැනගන්නේ පහු උනාමයි. මමත් මගේ ආධාරකරුවන් උසිගන්වා කටයුතු කරානම් අනිවාර්යයයෙන්ම එකම පක්ෂයේ ආධාරකරුවන් අතර මාරාන්තික සටන් ඇති වෙන්න තිබුනා. එහෙම නොවුනාම නෙමෙයි මේ අපේ සගයන් අපට මාරාන්තික ප්‍රහාර එල්ල කරා. මොකක් නිසාද... පිවිතුරු ඡන්දය තමන් වෙත හිමි කරගන්න. නොයෙක් මැරකම්, ජඩකම්, අල්ලස් දීම් කරා. ඒ අතරේ වේදිකා වල කිව්වේ ජනතාව වෙනුවෙන් ම කැප වෙනවා කියන එකයි.

ඒත් පාර්ලිමේන්තුවට තේරී පත් වීමෙන් පසුව එම කණ්ඩායමේ පළමු රැස්වීම පවත්වා කරුණු කාරණා දැනුවත් කිරීමේදීම, පාර්ලිමේන්තුව වෙත ලබා දී තිබු උත්තරීතර ජනතා වරම උල්ලංඝනය වන බව මා දුටුවා. මන්ත්‍රි කණ්ඩායම් නායකතුමා අපට ප්‍රකාශ කරේ ආණ්ඩුව ඉදිරිපත් කරන සෑම පනතක්ම, යෝජනාවක්ම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත්, ඊට පක්ෂව කතා කළ යුතු බවත්ය. ඒ අනුව මුල්ම අවස්ථාවේදිම රට තුල ප්‍රජාතන්න්‍රවාදයක් නාමයෙන් කළ සියළු කතා යටපත් වී එක් වරම වඩාත් ප්‍රභලව මතුවන්නට වූයේ පක්ෂ වාදයයි. එනම් තම පක්ෂය පාර්ලිමේන්තුව තුල රැකගත යුතු ආකාරයි. එතැන ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනේ නෑ. අඩුම තරමේ එම යෝජනා වලට විරුද්ධව අදහස් දක්වන්නත් බය සංකා ඇති කරන තරම් ඒකාධිපති වියරු පක්ෂවාදයක්, ආණ්ඩුව රැකගැනීමේ පිස්සු බලු රෝගයක් පමණයි පවතින්නේ. හෘද සාක්ෂියට එකගව නිවරැදි යයි කිසිසේත් අනුමත කළ නොහැකි යෝජනා, අනපනත් සම්මත කර ගැනීම උදෙසා මා හට ඡන්දය භාවිතා කිරීමටත්, ඊට පක්ෂව මෙම පාර්ලිමේන්තුව තුල කතා කිරීමටත් සිදු උනා. ඒ අනුව මූලික වශයෙන්ම මහජන බලය කියන සංකල්පය කප්පාදූ වී, අප කුමක් හෝ පක්ෂයක ඉත්තෙක් පමණක් වෙන බව මා හට පසක් උනා. මෙය විපක්ෂයේ මන්ත්‍රිවරුන්ටත් අදාළයි. 

මොකද මහජනතාවට සුහදශීලි යෝජනා වලදී පවා, විපක්ෂ මන්ත්‍රිවරුන්ට සිදුවන්නේ ආණ්ඩුව බිම දැමීම උදෙසා ඊට විරුද්ධව පක්ෂයේ නායකයන්ගේ අභිමතය පරිදි කටයුතු කිරීමටයි. එතැනදීත් හෘද සාක්ෂිය හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. මම බය නැතිව ප්‍රකාශ කරනවා මොන පාර්ලිමේන්තුව තුල උනත්, ඒකාධිපතිවාදයක් පමණයි තිබෙන්නේ. එම ඒකාධිපතිවාදයට පිටින් යන කෙනෙක් සිටී නම්, එතැනදී ද්වේශසහගතව හා ඔය කියාගන්නා ප්‍රජාතන්ත්‍රවාදයකින් තොරව ඔහුව බලෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නත් ඉඩ කඩ අසීමිතව තිබෙනවා. අප දන්නවා නේද? හිස් කොල වලට අත්සන් ගත් සිල්ඇත්තන් සිටි ව්‍යවස්ථාදායකයක් මේක.

මගේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ හඩ අවදි කළ නොහැකි, ජනතාව වෙනුවෙන් කැප වෙනවායැයි පුරසාරම් දොඩා උත්තරීතර යැයි කියාගන්නා ස්ථානයක, ඊට විරුද්ධව ඒකාධිපති අණක් මත කටයුතු කරන රෑකඩයක් බවට මා පත් වී ඇති බව ඒකාන්තයෙන්ම ප්‍රකාශ කරමි. මෙම තත්වය මෙතැන රැස්වී සිටින බහුතරයක් දෙනාට වී ඇති ඉරණමම බව මා සක්සුදක් සේ දන්නා නමුත්, එක් අයෙකු හෝ ඒ බව ප්‍රකාශ කරාවි යැයි මා කිසිසේත් විශ්වාස කරන්නේ නෑ. 

පක්ෂයක් රජකරවන්නට, පක්ෂයක් දිනවන්නට පමණක් පක්ෂයේ නායකයාගේ අභිමතය මත පමණක් බුරන හෝ කෙදිරිගාන තවත් එක් බල්ලකු වීමේ කිසිදු අවශ්‍යතාවයක් මා හට නොමැත. මා පත් කර එව් ජනතාව වෙනුවෙන් පෙනී නොසිට, පක්ෂයේ නායකයාගේ කූඨ අභිමතාර්ථ වෙනුවෙන් පමණක් පෙනී සිටිමටත් සටන් කිරීමටත් කථා කිරීමටත් පමණක් මා හට බලෙන් පවරා ඇති කටයුත්ත ප්‍රජාතන්ත්‍රවාදී එකක් දැයි මා ඔබෙන් විමසනවා ගරු කතානායක තුමනි.

ඒ අනුව ජනතා පරමාධිපත්‍යයක් යැයි කියාගන්නා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කරන්නේ ජනතා පරමාධිපත්‍යය වෙසෙසින්ම බැහැර කොට බව පැවසීම කිසිසේත්ම අතිශයෝක්තියක් නොවේ. විධායක ජනාධිපතිවරයා ජනතා බලයෙන් පත් වුවද ඔහුටත් අත්තනෝමතිකව කටයුතු කිරීමට හැකියාව ලබා දී ඇති මෙවන් ප්‍රජාතන්න්‍රවාදයක් කුමකටද ගරු කතානායකතුමනි.

මාගේ ජනතාව වෙනුවෙන් කතා කළ නොහැකි, යෝජනා ඉදිරිපත් කළ නොහැකි, කාගේ හෝ රෑකඩයක් ලෙස නැටවීමේ හැකියාවක් පමණක් ඇති මෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලය පිළිබදව මා අතිශයින්ම ලජ්ජාවට පත්වෙමි. තවදුරටත් එම ලජ්ජාව ඉවසා සිටිය නොහැකි බැවින් මා අද සිට මෙම මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙමි. ගරු කතානායක තුමනි මගේ කතාව අවසානයි. ඔබ සැමට ස්තුතියි.

72 comments:

  1. මේක නම් මඤ්ඤං දේශනයක්ම තමයි... හි හි...

    මොකද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්වත් ඔහොම දෙයක් නම් කියන්‌ෙන් නෑ ... කිව්වත් ෂුවර් එකට ලැයිස්තුවෙන් හරි ආපහු පාර්ලිමෙන්තු එන්න බලාගෙන තමයි ඉතිං.. නිකම් ඉඳලා ඔලුව වනලා පඩිය අරන් ගෙදර යන්න තියෙන රස්සාවක් ආයිත් කොහෙන් හොයන්නද....

    ReplyDelete
    Replies
    1. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
    2. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
  2. සභාවේ අත්පොලසන්.....:)

    ReplyDelete
    Replies
    1. අනේ ගොං හරකා කියල හිතන්න ඇති කස්ටිය.. හැක්

      Delete
  3. මම හිතුවෙ රනිල් ලොක්ක අයින් වෙනව කියල.
    සෝභිත හාමුදුරුවන්ගෙ පොදු අපේක්ෂකයට ඉදිරිපත් වෙන්න හිතිලද කියල.

    ReplyDelete
    Replies
    1. සෝභිත හාමුදුරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නං කතා කරන්න එපා. ඊයේ නාග විහාරේ තිබුණ සාකච්ඡාවට මාධ්‍යයට ආරාධනය කොට උන්නාන්සේ ගේට්ටු වැහුවා. සියලු මාධ්‍ය ඉදියේ අසරණ වුණේ විපක්ෂ නායක තුමා. එයිටත් වඩා අසරණ වුණා එතුමාගේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානින්. මේ සත්‍ය කතාවක්.

      Delete
    2. @ කෙන්ජි

      රනිල්... මේ රනිල්.. අයියෝ අපේ රනිල්.. නෑ නෑ කවදාවත් නෑ..

      Delete
    3. @ නලීන්
      ප්‍රජාතන්ත්‍රවාදයේ හිල් හිල්.. කොටු කොටු තියෙනවා කියන එකනේ ඔය..

      Delete
  4. ඉන්දියාවේ මෙහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ....

    ReplyDelete
  5. අන්තිමට මේ කතාව කළේ ගාමිණී ජයසූරිය උන්නැහැ. ඊට පස්සෙ කාටවත් එහෙම අවස්ථාවක් උදා වුනේ නැහැ. දැන් නම් එලෙව්වත් යන්නෙ නැහැ. දුම්මලම ගහන්න වෙයි. ඒකට තව වසර කීපයක් බලා ඉන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මට ඒක මතකයි. ආයේ ඉතිං මෙහෙම කතාවක් අපිම කරන්න ඕන නේ... හැක්..

      Delete
  6. කෙනෙක් යද්දී තව කෙනෙක් ඉන්නවා හිස් තැන පුරවන්න..ඔබ නැති අඩුව පුරවන්න එන්නේ ඔබට වඩා හපන් කෙනෙක්..ඒ නිසා ඔබ ඉවත් වීමෙන් , ඔබ සිටියාට වඩා පාඩුවක් සිදු වේ...

    ReplyDelete
    Replies
    1. සියළුම අයහපත් ස්ථාන වලට 100%ක් අදාලවේ.

      Delete
    2. @ සහන්
      ඒක හරියටම කියන්න බෑ.. සමහර විට ඊට වඩා හොද කෙනෙක් එන්නත් පුළුවන්

      Delete
  7. දැන් අපේ පාර්ලිමේන්තුවත් නාඩගම් මඩුවක් වෙලා. ඒකට හේතුව ඊට නුසුදුසු කට්ටියත් පත්වි තිබිමයි. සල්ලි විසිකරන්න පුළුවන්නම් ඕනම පාතාලයෙකුට එන්න පූළුවන්. උන් ඇවිත් මුළු රටම කනවා. අංකල්ගේ ජන්ද කෙරෙම තුළ ජන්ද දායකයත් අමාරැවේ වැටෙනවා. මොකද ජන්දෙ ඉල්ලන්න එන එවුන්ගේ තෝම්බුව නොදන්න නිසා. නියම සුදුස්සන් තෝරාගන්නට බැරිවිම.

    ReplyDelete
    Replies
    1. වැරුද්ද තියෙන්නේ ක්‍රමයෙයි මචෝ.. නැතිව මිනිහගේ නෙමෙයි.. මිනිහා ඒ ක්‍රෙම්ට හැඩ ගැහීමක් විතරයි වෙලා තියෙන්නේ.. සිස්ටම් එකයි වැරදි

      Delete
  8. උදේම ඇදෙන් වැටුනද ? නැත්නම් කාපු දෙයක් අජීරණය වෙලාද...එහෙමත් නැත්නම් නරක හිනයක් දැක්කද...

    ReplyDelete
    Replies
    1. මම නිදාගත්තත් මතකයි කෑම කාපුවත් මතකයි.. හීන දැක්කත් මතකයි හැබැයි ඇදෙන් වැටුනද නරක හීන දැක්කද කියන එක මට මතක නෑ.

      Delete
  9. සභාවේ සි්‍නා! නෑ තදින් සිනා!

    ReplyDelete
    Replies
    1. හැක්.. මුළු රටේම හිනා..

      Delete
  10. වහාම පාර්ලිමේන්තු කැන්ටිම චෙක් කරන්න වෙයි. මේ මන්ත්‍රී තුමාට වැරදි ආහාරයක් කැවිල.

    ReplyDelete
    Replies
    1. නැත නැත එවැනි දෙයක් වීමට ඉඩක් නැත ගෝල්ඩන් සිරප් එකක් බී පැමිණි මන්ත්‍රිවරයෙකි මේ.. හැක්

      Delete
  11. උඹ විතරක් ගිහින් බෑ ඔය මුළු පාර්ලිමේන්තුවම වහලා දාන්න ඕනා.. ඕකෙ ඉන්න අම්බරුවො ටික ඔක්කොම ගෙදර යවන්න ඕනා.. කෙහෙම්මල් පක්ශ දේශපාලනේ, ප්‍රජාතන්ත්‍රවාදය.. අම්මගෙ රෙද්ද..ඕක අපිට අමතර බරක් විතරයි..කෙහෙම්මල් ප්‍රජාතන්ත්‍රවාදයක් කිය කිය මීහරක් 225කුයි තව එක මී හරකෙකුයි නඩත්තු කරන එක මොන විකාරයක්ද.. දෙයියනේ අපි දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි මේ කාලකණ්නි ගසා කාලා අපිටත් වෙට්ටු දාගන යන කැත..හිතට දුක ආසාවට ආසාවට හරි හමන් එකෙක් නෑනෙ අම්මපා.. !

    ReplyDelete
    Replies
    1. හිත වාවන්නේ නැද්ද සෙන්නෝ.. හැක්... ඒකත් හරියට අර බැලුමට හුලං ගහනවා වගේ. කොහොම ගැහුවත් බැලුම පිම්බෙන එක විතරයි වෙන්නේ...

      Delete
  12. මෙහි තිබෙන මූලික කරුනු වලට එකඟ වෙන අතර මට පොඩි එකතු කිරීමක් තිබෙනව. පක්ශ දේශපාලනය තුල ඔබේ විවේචන කල යුත්තේ පක්ශ කාර්‍යාලය තුලයි. එයින් පිටත ඔබ පාක්ශිකයෙක්. එයට කැමති නැත්නම් තනි පුද්ගල පක්ශයක් හදාගෙන හෝ සවාධීනව ආ යුතුයි. නමුත් ඔබේ ප්‍රශ්නයට විසඳුමකුත් අවශ්යයි. කරුනාකර යූ එන් පී වෙබ් සයිට් එකට ගොස් ඔබේ අදහස් වහාම එක් කරන්න , රනිල් මහත්තය බොරුවක් කරන කෙනෙක් නොවෙයි. අපිට විශ්වාසයි. එයා බ්‍රේස්ලට් එකකුත් දෙයි

    ReplyDelete
    Replies
    1. අප පක්ෂ මාරු කරන්නේ නැත කෙදිනවත් ලේ වලින් අඩා දොඩා ලියා ඇත..

      Delete
  13. Replies
    1. වැරදිච්චි කුනුහරුපයක්ද බං... හැක්..

      Delete
  14. ගරු කතානායකතුමනි,
    මාගේ පාර්ලිමේන්තු ජිවිතයේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල මා අසනු ලැබූ විශාලම විහිළු කතාව අද දිනයේ අසනු ලැබුවා.
    ඒ අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි දේශකතුමා එතුමන් දරන මේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වන බවට කල ප්‍රකශයයි.
    එතුමාගේ ඉල්ලා අස්වීමට ප්‍රධනම හේතුව ලෙස එතුමා පවසනන්නේ කුමක්ද...? මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල තමන්ගේ හෘද සාක්ෂියට එකගව කටයුතු කල නොහැකි නිසා එසේ ඉල්ලා අස්වන බව පවසනවා.ඒසේ කියමින් එතුමා අපේ මේ ප්‍රජාතන්ත්‍රවදයේ මුදුන් මුල් කඩ වන පාර්ලිමේන්තුවට කරනු ලැබුවේ විසලා අපහසයක්.
    ගරු කතානායකතුමනි,අධිකරණයට වඩා උත්තරීතර මේ පාර්ලිමේන්තුවට එතුමා කල මේ මහත් අපහාසය වෙනුවෙන් මෙතුමාට විරුද්දව අපි කටයුතු කල යුතුවෙනවා.
    පොඩ්ඩක් ඉන්න,තමුන්නනසේ කලබලවෙන්න එපා.
    දැන් ගරු කතානායකතුමනි,මෙතුමා කියන මේ දේ ඇත්තක් කියා අපි මොහොතකට හිතමු.එතකොට මේ තුමාට මේ ඇත්ත තේරුම් ගන්න වසර 11ම ගත උනාද..?මේ වසර 11 තුල මෙතුමා කොපමණ දේවල් එතුමාට කර ගත්තාද...?
    මට මතකයි මෙතුමා පළමු පාරට මේ පාර්ලිමේන්තුවට එන විට ආවේ කොහොමද කියලා.එදා මෙතුමාට එතුමාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් භවිතා කරන්න අඩුම වශයෙන් යතුරු පැදියක්වත් තිබුනේ නැ.එත් අද,අද වෙනකොට වාහන ගණනාවක හිමිකරුවෙක්.හරි,හරි මන්ත්‍රීතුමා ඒවා තමුන්නනසේගේ නමින් නැති බව ඇත්තයි.ඒවා තියෙන්නේ තමුන්නනසේගේ පවුලේ අයගේ නම්,ගම වලින්නේ.
    දැන් තමුන්නනසේ කොපමණ මත්පැන් බලප්‍රත ලබා ගෙන තියෙනවාද?
    තමුන්නනසේගේ පුද්ගලික කාර්ය මණ්ඩලේ පවුලේ අය කිදෙනෙක් ඉන්නවාද?
    තමුන්නනසේට කොහෙන්ද සල්ලි හම්බ උනේ අර නුවරඑළියේ ලේඩි මැකලම් පාරෙන් අර මහා විසලා මන්දිරය මිලදී ගන්න..?
    ගරු කතානායකතුමනි,
    පොඩ්ඩක් ඉන්නවකෝ මම කියන දේ අහගෙන
    සමාවෙන්න ගරු කතානායකතුමනි,
    දැන් මෙතුමා මේ විදියට ඉල්ලා අස්වෙන්න යන සැබෑහේතුව මම කියන්නම්.මෙතුමා මේ පාර්ලිමේන්තුවේ හිතපු වසර 11 පුරාවටම මෙතුමා මොනවද තමන්ගේ ජනතාව වෙනුවෙන් කලේ?කිසිත් නෑ.කිසිවක් නෑ ඉතින් නැවත වාරයක් මෙතුමා දන්නවා මෙතුමාට ජනතාව ඉදිරියට යන්න බැරි බව.කොහොමත් තව මාස කිහිපයකින් මේ පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා.
    දැන් මේතුමාගෙන් මා අහන්න කැමතියි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශ්‍රාම වැටුප ලබා ගන්නවාද කියා.?
    ඒ වගේම තමුන්නනසේගේ පුතා අර පළාත්සබා මන්ත්‍රීකමෙන් ඉවත් වෙනවද කියලත්..?
    මේවා ගරු කතානායකතුමනි ගැලරිය පිනවන්න කරන කතා.ඇත්ත වෙනස් අපිට දකින,පෙනෙනා දේට වඩා.
    මම ඔබතුමාටද ජය පතනවා
    බොහෝම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මම කොටපු දිගම කොමන්ට් එක
      දිග වැඩිනම් සොරි හොදේ...

      Delete
    2. මරුම කමෙන්ට් එක... හි හි

      Delete
    3. දේශකයගේ මහන්සිය වතුරේ....

      Delete
    4. Manoj,
      +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. මනෝජ් මන්ත්‍රීතුමා වගේ ජනතාවට සේවය කරන මංත්‍රී කෙනෙක් ඉන්නවයි කියල දැනගන්නට ලැබීම ඉතාම සතුටක්. :D

      Delete
    6. අපි නිහඩ නෑ.ජනතාව උදෙසා අපේ කාර්ය අපි එදත් ඉටු කල අදත් ඉටු කරනවා,හෙටත් එකඑහෙම්මමයි.
      අනික ඔය දේශක මන්ත්‍රී වගේ අපි මගින් බැහැලා පැනලා දුවන්නේ නෑ ප්‍රසන්න සහෝදරයා...

      Delete
    7. @ ගරු මනෝජ් මන්ත්‍රිතුමා
      ඔබතුමා ඉදිරිපත් කරන ද්වේශ සහගත කරුණු ගැන මට ඇත්තටම කනගාටුයි.. මට හිමි වාහන මා ලබා ගන්නේ නැතිව ඔබතුමා ගන්නද, අනික මගේ නෑදැයන්ගේ දේපල වත්කම් ගැන ඔබට කතා කරන්න අයිතියක් නෑ. මොකද ඔවුනට දේපල ඉපයීමේ අයිතියක් තියෙන නිසා. මේ ගැන මා පසුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා අනික මම අපහාස නඩුවක් පවරන්නත් බලාපොරොත්තු වෙනවා..

      Delete
    8. කියන්න අමතක උනා මන්ත්‍රිතුමා කොච්චර දිගට කතා කරත් අපි ඒවා ගණන් ගන්නේ නෑ. මොකද අපි ඔය දිග කතා සද්භාවයෙන් යුතුව කොට කරන හැටි දන්න නිසා..

      Delete
    9. @ හිරු මන්ත්‍රිතුමිය
      ඔබතුමිය මා යෙහෙලියක් වශයෙන් දැන හදුනාගෙන සිටි එක වැරුද්දක් බව දැන් තේරෙනවා. ඔබතුමීලත් අර මනෝජ් මන්ත්‍රිතුමාල වගේ බොරු කියන්න, හොදහැටි දිව නැවෙන බව දැන් පේනවා. සත්‍යය ජය ගන්නවා එදාට ඔබතුමිය තේරුං ගනීවි..

      Delete
    10. @ අකමා මන්ත්‍රිතුමා
      ඔබතුමාත් මගේ ළගම මිතුරු මන්ත්‍රි කෙනෙක් විදියට මෙච්චර කල් හිටිය එක ගැන පුදුමත් හිතෙනවා. හැබැයි ඔබතුමාලගේ වැරදි ගැන නං මම කතා කරන්න කැමති නෑ..

      Delete
    11. @ දොස්තර මන්ත්‍රි තුමා

      මට මේ වෙලාවේ හිතෙනවා අර ගැලරියේ ඉන්න අපි නොදන්න ශාඛා නියෝජිතයන් ඔබට බනින එක කිසිම වරදක් නෑ කියලා. මොකද මනෝජ් මන්ත්‍රි තුමා වගේ සෙප්පඩවිජ්ජා අයගේ කතා අනුමත කරන නිසා. මේ ඔබතුමාද කියා මට සැකයි..මට ඔබතුමා ගැන කනගාටුයි. ඒත් සත්‍යය ජය ගන්න බව මතක තියාගන්න...

      Delete
    12. @ ප්‍රසන්න මන්ත්‍රිතුමා
      ඔබතුමා ගැන මගේ හිතේ ලොකු ගෞරවයක් තිබුනා අති විශේෂ කෙනෙක් හැටියට. ඒ වගේම බොහොම ව්‍යක්ත, නිතරම හරබර දේශන පවත්වන අයෙක් විදියට. ඒ වගේම ඔබතුමාගේ දේශපාලන ජීවිතයේ එක් සන්ධිස්තානයක් ළගදීම සමරන්න තියෙනවා කියලත් මට මතකයි. ඒත් කනගාටුයි ඔබතුමා ගැන මට ළගදීම මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරන්න වෙනවා..

      Delete
  15. සිගිරි යන්න බැරි උනාද....?

    නැත්නම් කෝටි හතරක් පහක ඩීල් එකක්ද..

    ගෙදර බල්ලා පරිස්සම් කර ගන්න...

    ReplyDelete
    Replies
    1. ඇයි බං නෝනා.. එයා ඕන නැත්ද පරිස්සං කොරන්න

      Delete
  16. මේකනම් ලංකාවේ වෙන්න බෑ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ ලංකාවේ සීන් එකක්. ඒකනේ සිංහලෙන් දාලා තියෙන්නේ..හැක්

      Delete
  17. පප්ප පපර පෑං......
    මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්..
    දේශ් මන්ත්‍රීතුමා විසින් සිදු කරන ලදැයි කියන අයථා ගනු දෙණු කීපයක සුල මුල සොයා බැලීම සඳහා රහස් පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත. මේ මහතා සතු නුවරඑළියේ පිහිටි සුවිසල් නිවස්න මේ වනවිට සීල් තබා ඇති අතර ඔහු සතු අධි සුඛෝපභෝගී වාහන පහක් තවත් කර්මාන්හශාලා දෙකක් ලබාගත් ආකාරය පිළිඹඳව පුළුල් පරීක්ෂණ අරඹා ඇත.

    මේ පිළිඹඳ අදහස් දක්වන රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය I.O.මිත්‍රසේන අමාත්‍යවරයා: අපේ රජයේ කවදාවත් දූෂිත අමාත්‍යවරු, මන්ත්‍රීවරු හිටියේ නෑ. අපි සමාජයට හොඳ පූර්වාදර්ශයක් වෙමිනුයි ජීවත්වුණේ. ඇත්තටම මේ මන්ත්‍රීතුමාගේ හැසිරීම මා පිළිකුලෙන යුතුව හෙලා දකිනවා.

    නිවේදක: එතුමා ඔබගේ මිත්‍රයෙක් නේද?

    අමාත්‍යතුමා: ඔහු පාප මිත්‍රයෙක් බව දැනගත් නිසා මන් ඔහුගේ ආශ්‍රයෙන් මිදුනා. පහුගිය කාලය ගැන මන් පසු තැවෙනවා.

    නි: ඔහුගේ නිවස හදිසියේ පහල වූවක්ද? අපි දන්නවා ඔබ ඔහුගේ නිවසේ උත්සව සඳහාද සහභාගී වී ඇති බව.

    අ: එය ඉදි කල කාලය ගැන කියන්නනම් මං දන්නෑ. නමුත් එක දෙයක් පැහැදිලිව කියන්න ඕනි. ඔහුගේත් මගේත් පෙර පැවති මිත්‍රත්වය දඩමීමා කරගෙන සමහර ජඩමාධ්‍ය මගෙ නිකලැල් නාමයට මඩ ගහන්න උත්සාහ දරනවා. මේ අවස්ථාව උපයෝගී කරගන්නවා මගෙ නිදොස් බව රටටම කියන්න. මම ඒ ගෙදරට ගිහින් තියෙන්නේ රාත්‍රී සාදවලට පමණක් බවත් රාත්‍රී කාලය නිසා නිවසේ විශාලත්වය පිළිඹඳ කිසිදු අදහසක් නොනගුනු බවත් පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනි.

    නි: ස්තුතියි අමාත්‍යතුමනි. ඔබතුමා බොහෝ කල් යෙහෙන් වැජඹේවා!!

    ReplyDelete
    Replies
    1. මේ අතර විශේෂ නිවේදනයක් කරමින් හිටපු මන්ත්‍රී දේශක මහතා ප්‍රකශ කරන්නේ මේ චෝදනා සදහා තමා විසින් නුදුරේදීම මාධ්‍යා හමුවක් තබා පිළිතුරු දෙන බවයි.එමෙන්ම මහානයක හිමිවරුන්ගේත්,සිවිල් සංවිධන සහා දේශහිතෙෂි ජනයාගේ දැඩි බලපෑම මත මේ පවතින ක්‍රම වේදය වෙනස් කිරීම උදෙසා තමන්ගේ නායකත්වයෙන් යුක්ත නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැනද සලකා බලන බවයි.මේ ගැන වැඩි තොරතුරු බලාපොරොත්තු වෙන්න...

      Delete
    2. අප‍රාදෙ. ඇමති කෙනෙක්වත් වෙලා අස්උනානං ඔය වත්කම් ගැන මොකෙක්වත් හොයන්නෙ නෑනෙ.

      Delete
    3. ආආ... ප්‍රසන්න අයියට ලංකාවේ ලෙඩේ බෝවෙලා. යටගිය අතීතය මතක නැද්ද? බී.ඇස්.සී ඇමතිතුමා පොළොවට මාළු ටැංකියක් තියෙන ගෙයක් හැදුවේ. අර අපේ ඇන්ටි එක පාරටම වත්කම් හෙව්වේ. මතක නැද්ද ඒ ඇමැට්ටෙක් ගැනනේ.

      Delete
    4. @ අකමා මන්ත්‍රිතුමා
      මම දන්නවා මගේ මේ ප්‍රකාශයෙන් පස්සේ ඔය ඒකාධිපති වියරුව මා පස්සෙන් පන්නන බව. ඒත් අපි සාධාරණව උපයාගත් හිමිකම් ගැන මැකෝට කියල තියෙනවා. ඒක නිසා ඔබලා මේ ගැන කරදර වෙන්න අවශ්‍ය. ඔය අයියෝ මිත්‍රෙස්න ඇමතිතුමා මගේ පෞද්ගලික මිතුරෙක් ඒ වගේම එතුමා ගැනත් මා හුගක් දේ පුද්ගලිකව දන්නවා. ඔබ කතා ගොතන්න දක්ෂයි. හැබැයි ඕවා ඔප්පු කරන්න බෑ..

      Delete
    5. @ මනෝජ් මන්ත්‍රිතුමා
      මම තාම ඒ ගැන තීරණයක් අරාගෙන නෑ. ඒත් මට ආරංචියි දිවයින පුරා පෝස්ටර් දැනටත් ගහල කියලා. (අර එස් එෆ් වැඩ අරඹයි වගේ) ඒත් මම කියන්න ඕන දැනට මම එවැනි තීරණයක් කිසිසේත් අරගෙන නොමැති බව..

      Delete
    6. @ සහන් මන්ත්‍රිතුමා
      ඔබතුමත් එළීපිටම මට විරුද්ධ වේවි කියල මම හිතුවේ නෑ මොකද ඔබතුමාගේ කිල්ලෝටයේ තියෙන හුණු ප්‍රමාණය ගැන මම දන්න නිසා. ඒක නිසා පරිස්සං වෙන්න කියල ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේක තර්ජනයක් කියල හිතන්න එපා බොහොම කරුණාවෙන් කියන්නේ.. බුදු සරණයි

      Delete
    7. @ ප්‍රසන්න මන්ත්‍රිතුමා
      ඔබතුමා වැනි පළපුරුදු ජ්‍යෙෂ්ඨ අයෙක් ඔය දේ මට මුලින් කියල මාව නිවරැදි මගට ගන්න තිබුනා..

      Delete
    8. යකෝ මං ඇමති.

      Delete
    9. ෂික්. මාස ගානකට පස්සේ කමෙන්ට් රිප්ලයි කරනකොට මූඩ් එකත් ගහලා ගිහින්. මං ඇමතිවත්, මන්ත්‍රීවත් නෙවෙයි යකෝ. පචවාහිණියේ නිව්ස් එකක් හයිලයිට් කරලා පෙන්නුවා විතරයි.
      තෝත් මගෙ කමෙන්ට් එක හරියට කියෝලා නෑ. (මන් වගේම)
      අද ඉඳන්වත් මූඩ් අප්සෙට් යන්න ඉස්සෙල්ලා රිප්ලයි කරහන්.

      Delete
    10. @ අකමා නියෝජ්‍ය ඇමතිතුමා වෙත
      ඔබ නියෝජ්‍ය ඇමති කෙනෙක් වුයේ කෙසේදැයි මා දන්නා නිසා ඒ ගැන කතා කිරීමෙන් පලක් නැත. කෙසේ වෙතත් ඔබ වැනි ගුණමකු මිත්තරයන්ගේ ඇසුර සීමා කිරීමට සිදුවීම ගැන සතුටු වෙමි.

      මීට හිටපු මන්ත්‍රි දේශකයා

      පලි - උත්තර දෙන එකනං රජෝ මේ කපේදිවත් වෙලාවට කරන්න බැරි දෙයක් තමා මට

      Delete
  18. ඉතා පහතින් පියාසර කල හෙලිකොප්ටරයක සිටි පිරිසක් විසින් හිටපු මන්ත්‍රීවරයාගේ නිවස රූපගත කරන ලදැයි ඊයෙ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු මන්ත්‍රී දේශක මහතා විසින් අනාවරණය කරන ලදී.

    ReplyDelete
    Replies
    1. සුදු හෙලිකොප්ටරයක් ද?

      Delete
    2. @ හැලප මන්ත්‍රි සීයා
      ඔව් ඒක එහෙම උනා කියල අපි ඒකාධීපති වියරුවට බය වෙන්නේ නෑ.. ඔබ තුමාට ත් මතක නැතිව ඇති රහස් කතා කියන කොට මම ඔබතුමාගේ ඇද යට හිටියා..

      Delete
    3. @ ප්‍රසන්න මන්ත්‍රිතුමා

      බොහොම ස්තුතියි මේක මට හොද සාක්ෂියක්. ඔව් සුදු හෙලිකොප්ටරයක් තමා ඇවිත් තිබුනේ.. හරියට අර පුහුල් හොරා කරින් දැනේ වගේ ප්‍රකාශයක් තමා ඔබ කරේ

      Delete
  19. බාගයයි කියෙව්වෙ බං. සුරංගනා කතා වලට පොඩි කාලෙ ඉදංම අකමැතියි.

    ඔය සෙංකෝලෙ තියල පලයං

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ඔබතුමාල සත්‍යයට හුගක් ඈතින් ඉන්න අය විත්තිය.. හැක්..

      Delete
  20. මේ කොයි රටේ සිද්ධඋන දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් තියේනං ලංකාවේ වෙන්න ඇති කියල උපකල්පනය කරන්න වෙනවා චාම්ස්.. හැක්..

      Delete
  21. Replies
    1. හෙලා දකිමි.. නදිනි මන්ත්‍රිතුමියගේ කතාව

      Delete
  22. හිපාටු මන්ත්‍රී ... සමාවෙන්න හිටපු මන්ත්‍රී දේශකතුමාගේ ඉල්ලා අස්වීමත් සමගම ඇති වූ පුරප්පාඩුවට, එම දිස්ත්‍රික්කයෙන් අඩුම මනාප සංඛාවක් ලබාගත් තිසර මහතා පත් කර ඇත. තිසර මහතාට ඉහලින් මනාප ලැයිස්තුවේ සිටි තිදෙනාගෙන් එක් අයෙක් දැන් ආගිය අතක් නැති නිසාත්, අයෙක් හදිසි අනතුරකින් ජීවිතක්ෂයකට පත්ව ඇති නිසාත්, අනෙක් පුද්ගලයා මරණ තර්ජන හමුවේ රට හැර ගොස් ඇති නිසාත්, තිසර මහතාට මෙම මන්ත්‍රීධූරය ලැබුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. තමාට ලැබුණු මන්ත්‍රීධූරය නිසා රටටත් ජනතාවටත් දැන් වඩා කාර්යක්ෂමව සේවය කල හැකි බව පවසා සිටි මන්ත්‍රීතුමා, දෙසතියක නිවාඩුවක් සඳහා ඊයේ රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

    ReplyDelete
    Replies
    1. මම ඒක දන්නවා මටත් මරණ තර්ජන සෑහෙන්න තිබුනා. ඒ කව්ද කියල කියන්න අකමැතියි. ඒ උනත් අළුතින් පත් වු තිසර මන්ත්‍රිතුමාට මගේ සුභ පැතුම්. එතුමාට හොද අනාගතයක් තියෙන විත්තිය මම දන්නවා. අපට ආරංචි වෙච්චි හැටියට තිසර මන්ත්‍රිතුමා ඉස්සෙල්ලම ඉන්දියාවට ගිහිල්ල තමා සිංගප්පුරු යනවා කියල තියෙන්නේ. අනික එතුමා මගේ සම්බන්ධිකරණ ලේකම්ගේ ළග ඥාති කෙනෙක්.. මම සුභ පතනවා එතුමාට

      Delete