Tuesday, June 25, 2013

බාගේ බලේ!!!

ගෝරියා කෝල් එකක් දුන්නා.

“ඒයි යකෝ දේශා.. අද වරෙන් පැට්‍රොල් ගේ කඩේට උඹ වැඩ ඇරිල යන ගමන්.. “

“මොකටද බං මට ඉක්මනට යන්න ඕන. මගුලක් තියෙනවා බං යන්න“

“හරි වරෙන් බං. මාත් ඉක්මනට යනවා වරෙං එහෙනං තිබ්බා“

ගෝරියා කෝල් එක දුන්නට පස්සේ දේශකයගේ ටයිම් ටේබල් එකට අනුව 4.15 ට එළියට බැහැල හැන්දැවේ පහ වෙද්දි පැට්‍රල් කාරයගේ කඩේ ගාව මම. ගෝරියා ඌත් එක්ක හුටුහුටු බයික් කටුව ට හේත්තුවක් දාගෙන මං එනකං කතාව.

මාව දැකපු මුන් දෙන්න දොහොත් මුදුන් දීලා පිළි අරගෙන වාඩි කරවල තේ එකක් හෙම හදලා දීල “බීපං යකෝ“ කියල හෙන ආදරෙන් කිව්වම නොබී හැකිය, බීල දැම්මා.

මම කලිනුත් කියල ඇතිනේ ඔය ගෝරියා සහ පැට්‍රල් ගැන කතා කිහිපයකම. දැන් මේ වෙලා තියෙන්නේ ගෝරියට බීමේ දොළ දුකක් ඇති වෙලා. මිනිහා කැමතිම බ්‍රෑන්ඩ් එක බ්ලැක් ඕපල් එක හින්දා එයින් එකක් ගෙනැල්ල බොන්න. ඒකට තමා මූ මටත් “කාක් කාක්“ ගාලා තියෙන්නේ. මමත් ධනපාල පර්ස් එකේ නැති බව කියාගෙනම වැඩේට සෙට් උනා. තුන් දෙනා එක්ක බැදපු මස් කෑලි ටිකකුයි, ඔය ගල් මාළු කුරි දෙක තුනකුයි එක්ක කඩේ ඇතුලෙන් සෙට් වෙලා හිටියේ. තුන්කාලක් විතර යද්දි, පැට්‍රොල් කාරයට “දුරකතන ආතල්“ එක ආපු හින්දා කෝල් එකක් දීලා එන්න කිව්ව ඉබ්බට

අපේ ඔය ඉබ්බත් එක්ක මං වැඩිය බොන්න කැමති නැත්තේ ඌත් එක්ක බීල ඉවරවෙන කොට දෙතුන් පාරක්ම බිම දොයි වෙලා තමා ගෙදර යන්න වෙන්නේ. මොකද ටිකක් වදින කොට මූට ඩාන්ස් කරන්න ඕන. සින්දු නැත්නං ෆෝන් එකෙන් හරි දාගෙන ඩාන්ස් කරනවා. එහෙම කරද්දි අපිවත් ඇදගෙන ගිහිල්ල ඩාන්ස් කරන ගමන් කාගේ හරි කකුල් දෙකෙන් උස්සගෙන දුවනවා. ඉතිං බීපු මතෙත් එක්කම අඩි දෙක තුනක් ගියපු තැන උඩ ඉන්න එකාගේ දැගලිල්ල හින්දම දෙන්නම වැටෙනවා. ඔය සීන් එක හින්දම ඕකා බොන්න සෙට් උනාම මම ටිකක් දුරින් තමා ඉන්නේ. හැක්.

ඒක ඉවර උනාම “මදි උණ“ හැදිලා. ඉබ්බා ආපු අළුතම හින්දා ඌ එකක් ගෙන්නං කියල බයිසිකල් කටුව අරන් ගිහිල්ල එකක් ගෙනාවා. ඒකත් බිව්වා. ඒත් මදි ඒ පාර පැට්‍රල් කාරයා දුවල ගිහිල්ල තව එකක් ගෙනාවා. ඒකත් මදි. ඒ පාර ගෝරියා ගිහිල්ල තව එකක් ගෙනාවා හොද එකෙන්ම වැනි වැනි ගිහින්.

ඒකත් මදි. හැබැයි දැං මොකාටවත් හෙල්ලෙන්නවත් බෑ. ඒත් ගෝරියට බොන්නම ඕන. ඒ පාර ගෝරියගේ බයික් කටුවේ නැගල ඌට තනියට මමත් පස්සෙන් ගියා ටවුමට. ගිහිල්ල භාගයක් ගත්තා. ඔන්න දැං භාගේ අරන් වැනි වැනි දෙන්න එක්ක එනවා පාරේ. ටික දුරක් එනකොට (ටිකක් පටු පාරක්) ඉස්සරහින් ගියපු ට්‍රයිෂෝ එක, දඩාං ගාලා බ්රේක් කරා. මම අරූට කෑ ගැහැවා යකෝ බ්රේක් ගහපං කියල. මොන.. කකුල් පැටල් කර කර බ්රේක් ගැහැවත් අහන්නේ නෑ. වදින්නමයි යන්නේ. මූ කරේ බයිසිකලේ කානුව පැත්තට දැම්මා. මේ කානුව සිමෙන්ති කානුවක්. දැං බයිසිකලේ ඉස්සරහ රෝදේ කානු ගැටි දෙක උඩ. අපේ අත් ලෙලි ගිහිල්ල යන්තං වගේ එතන තිබ්බ තාප්පෙට බයිසිකලේ හේත්තු වෙචිචි හින්දා. දැං දෙන්නම ආතල් එකේ තාප්පෙට හේත්තු වෙලා ඉන්නවා ඔහේ උඩ බලාගෙන. මොන විදියෙන්වත් හෙල්ලෙන්නවත් බෑ. මොකෝ උඩින් යන්නම බඩු නෙව. 

මේ වෙලාවේ පාරේ ගියපු දෙතුන් දෙනෙක් එකතු වෙලා මළ මිනි දෙකක් වගේ හිටිය අපි දෙන්නව බයිසිකලෙන් බස්සල, බයිසිකලෙත් පාරට අරන් දුන්නා. ඒ අතරේ කාර් එකක ගියපු බුවෙකුත් හෙඩ් ලයිට් එහෙමම තියෙද්දි කාරෙකෙන් බැහැල ඇවිත් අපට උදව් වෙන්න. ඔය පොඩි පොඩි තුවාල තිබුනට එතන හිටිය හැමෝටම ගෝරියා සැරෙන් සැරේ කියනවා “නෝ ප්‍රස්.. නෝ ප්‍රස්“ කියලා. ඔය අතරේ අපි දෙන්න වැනි වැනි ආයේ බයිසිකලේට නගින්න එන කොට අර කාර් එකේ පොර මං ගාවට කිට්ටු වෙලා කියනවා.

“මල්ලි අර කානුවේ වැටිල තියෙන අඩුපාඩුවත් අරගෙනම යන්න“ කියල කින්ඩි හිනාවකුත් එක්කම.

එකපාරටම මට බඩ අතගැවුනා. හත් ඉලව්වේ මෙච්චර අමාරුවෙන් බඩ යටින් තියන් ආපු බාගේ නෑ නෙව. මොන වෙරිද. අඩි දෙකහමාරක් විතර ගැඹුර කානුවට බැහැල බාගේ අරන් ආයේ පුරුදු විදියටම බඩේ ගහගන්න කොටත් පොර හිනා වෙවි බලන් හිටියා කාර් එකේ දොර ඇරගෙනම. ඒ පාර එන ගමන් මම ඇහුවේ මොකෝ යකෝ බ්රේක් කරේ නැත්තේ කියල ගෝරියගෙන්.

“යකෝ බ්රේක් තියෙන්න එපැයැ. ඉස්සරහ කේබල් එකත් කැඩිල තිබ්බේ“

“මොන එහෙකට ද එහෙනං මේකේ යන්නේ“

“අනේ පලයං යන්න. එහෙනං තොගේ එකේ අපි ආවේ නැත්තේ ඇයි“

ඔව් සුදෝ.. මට කියන්න අමතක උනා මගේ බයික් කටුවේ අරූගේ තරංවත් බ්රේක් නෑ නෙව. හැක් හැක්. 

ඔය විදිය ඒ බාගෙත් ගල් කරල, ඉබ්බගේ කරදරේනුත් බේරිලා ගොළු බෙලි ගමනින් කොහොම හරි ගෙදර ගෑටුවා.

ගෙදරට ආවට වඩා හොදයි කියල හිතුනා නෑවිත් හිටියනං. 


“දැං අර මගුල් ගෙදර යන්නේ හෙටද????“ දේශිකා අහනවා

“මොන“

“ඇයි අනේ අල්ලපු ගෙදර කොටහළු මගුල“

“ආ හෙට යං.. හෙට යං“

“ඉතිං ඒක අදනේ. දැං ඒක ඉවරයි නේ“

“එහෙමද එහෙනං අද යං“

%$#^$^&$ #^^$^


78 comments:

  1. හරි! එහෙනම් දේශිකාව වෙරි හිදෙනකම් හොඳට දෙහි කපන්න ඇති!

    ReplyDelete
    Replies
    1. ආයෙත් මොනාද ඉතිං.. අඩනවා දොඩනවා ඉවරයක් නෑ.. අනික මට ඇහෙන එකක්යැ.. හැක්

      Delete
  2. එළ කොල්ලෙක්නේ.... මොනව කරන්නද අන්තිම බාගෙ තමා ගම කන්නෙ. මම නං අන්තිම බාගෙ කලින්ම ගෙනල්ල තියාගන්නව.
    බ්‍ලැක් ඕපල් නරකම නෑ. මාත් පාවිච්චි කලා කාලයක්.

    ReplyDelete
    Replies
    1. වර්ගෙනං නරක නෑ බං. ඒක පාවිච්චි කරන උන්ගේ තමා වැරැද්ද. හැක්.. ඔය කොයි තරං ගෙනැති තිබ්බත් ගිහිල්ල බාගයක් නොගෙන තිත තියන්න අමාරු සීන් එකක් තියෙනවා. කියන්න අමතක උනා මේ අවුරුදු දෙකකට විතර උඩින් වෙච්චි දෙයක්

      Delete
  3. ඔය සීන් එක ඔහොම්ම යාළුවෙක්ට වෙනවා දැකලාතියනවා. මං කිව්වේ මේ කාණුවේ වැටිලා බාගේ අතුරුදහන්වෙච්ච එක. ඌට උනේ ඌ කානුවේ වැටුන වෙලේ එතන හිටිය වෙන එකෙක් බඩේ හංගන් ආපු බාගේ ගල් කල එක ;)

    ReplyDelete
    Replies
    1. අපරාදේ කියන්නේ අර පොර නං නියමයි. මිනිහ ඒක කිව්වේ නැත්නං තාම හොයනවා බාගේ.. හැක්

      Delete
  4. බීපූ සේරම වෙරි ටික බහින්නම දේශිකාව දීලා ඇදල තියෙන්නේ. ඒ ටික නොකිවුවට අපි දන්නවා. හැක් හැක්. මං තාම ඉබ්බෙක් එක්ක බිලා නැනේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න අද මගේ බයිට් එක

      උනා > උණා/වුණා
      ඇතුලෙන් > ඇතුළෙන්
      අළුතම > අලුතම
      භාගේ > බාගේ
      කානුව > කාණුව
      හෙන > හෙණ

      Delete
    2. මං ඕනනං අපේ ඉබ්බව සෙට් කරන්නං.. හැක්.. දවසක මොකෙක් හරි ඔළුව පලාගන්නවා ඕකගෙන්.. හැක්.. අඩේ වැරදි අඩුයි නේ මං හිතුවට වැඩිය

      Delete
  5. ඊට පස්සෙ ඉතිං දේශකයගෙ ගෙදර මළ මගුල් ගෙයක් උනාලු.

    ReplyDelete
    Replies
    1. කන සාක්කුවේ දාගන නිදි වෙන මොනවද?

      Delete
    2. @ ප්‍රසා

      රෑ එහෙම වෙලා තියෙනවා. මං දන්න එකක්යැ..

      Delete
    3. @ නලියා
      හැක් හැක් අන්තිමට ඒක තමා උනේ එළිවෙනකම්ම

      Delete
  6. ඇත්තටම එච්ච්‍ර බොන්න පුලුවනිද, බෝතල් තුනහමාරකඛතර දෙනෙක් එක්ක? ඔහොම ගියොත් අක්මාවම ගල් වෙයි.

    ReplyDelete
    Replies
    1. ටිකක් සැක සහිතයි තමා

      Delete
    2. මුගෙ බොරු..එචර බොන්න බෑ..! අනික බ්ලැක් ඔපල්..තැපෑලෙ වදින්නෙ..!
      එක බෝතලයය්..අනික් බාගෙ ගේන්න ගියාම තමයි සීන් එක වෙන්න ඇත්තෙ..!

      Delete
    3. නොදන්න දේවල් කතා නොකර ඉන්න ළමයිනේ...බීමේ හැකියාව එක ,එක පුද්ගලයාට අනුව වෙනස්, ඕක ඔහොම වෙන්න පුලුවන් කියලා මම දන්නවා.


      @ කතන්දර,
      හතර දෙනයි,
      ගෝරියා,පැට්‍රල්, ඉබ්බා, මම, බෝතල් හතරාමාරයි.

      Delete
    4. @ කකා
      මෙහෙමයි කකා. බොන්න පුළුවන් ඒත් හැමදාම බෑ.. බේබදු දවසක් උනොත් පුළුවන් මට නං. හැබැි අපේ ගෝරියට නං ජීවිතේ හැම තත්පරයක්ම බේබදු තත්පරයක්.. බැරල් දෙක තුනක් උනත් දවසට බෝවි. හැක්

      Delete
    5. @ නලියා
      සැක හිතන්න දෙයක් නෑ බං.. ඔයිට වඩා බොන දවසුත් තියෙනවා.

      Delete
    6. @ වීයා
      බ්ලැක් ඕපල් වල එහෙම සීන් එකක් නෑ බං.. මම කෙසේ වෙතත් අපේ සැට් එකේ හොද බෙබේල ඉන්නවා..

      Delete
    7. @ ඇන මලයා
      උඹට වත් ඒක තේරිච්චි එක හොදා බං.. තැන්කුයි ඈ නැත්නං මුන් මාව කාවි

      Delete
  7. යකෝ තොගෙ බීම නං,යහතින් ඉන්නවද ඔච්චර බීලා

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. මෙහෙමයි ඕවා ඉතිං අවාරෙට පොල් වගේ තමා සෙට් වෙන්න නසරානි ගැහිලි. නැත්නං අපිත් ඉතිං ලයිට් පොරවල්..

      Delete
  8. හීනයක්‌ දැකපු එකක ගැනද කියන්නේ , ඔච්චර බොන්න පුලුවන්ද බං දෙන්නෙකුට, දේශයා අසන්නා බවට පත් වීම නේද අන්තිමට වුනේ?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ බං.. හීනේ දැක්කේ ගෙදර ගියාම. හැක්

      Delete
  9. ඕකනෙ අපේ උන්ට වෙලා තියෙන හෙනේ.. බොන්නෙ ආතල් එකට නෙමේ කෑදර කමට. බොන්න පටන් ගත්තම අරක්කු හෙට ඉවර වෙනවා වගේ තමා බොන්නෙ.. ඊට පස්සෙ පජාත, කුජීත, චොර වෙලා යනකම්ම බොනවා..ඒ මදිවට බ්ලොග්වලත් ලියනවා..නෙද්දකින්...

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී කරන්න සෙන්නා...මෛත්‍රී කරන්න ..කෝප නොගන්න..!

      Delete
    2. අහිංසක දේශකයාව වනසන්න එපා. බොන්නේ මනුස්සකමට. ඒක තේරෙන්නේ නැද්ද සෙන්නා.

      Delete
    3. @ සෙන්නා
      හැක් හැක්.. උඹට ලංකාවට ආවම මොලේ අස්පට් වෙනවා මං හිතන්නේ... උඹ කිව්ව එක හරි බං.. කෑදර කමා තියෙන්නේ..

      Delete
    4. @ වීයා
      අපොයි මුගෙන් මෛත්‍රියක් ගන්න.. එහෙනං අපි චීත්ත වෙන්න ඕන.. හැක්

      Delete
    5. @ නලියා
      ඒක නේ බං. මුන්ට ඒක තේරෙන්නේ නෑ.. නැත්නං අරුන් ටික තනි පංගලමේ දාලා මම යන්නයැ.. නේද

      Delete
  10. මදැයි මේක බලන්න කියල ආව මළපෙරේතයෙක් මෙතෙන්ට කඩාගෙන වැටුනා පුහ්

    ReplyDelete
    Replies
    1. උඹ මටද කියන්නේ. හිටහං අටමට කියල තොටත් පොවනවා බෝතල් දෙක තුනක්ම එක පාරට හැක්..

      Delete
  11. මට නම් පේන්නේ මේක ලියනකොටත්, තාම හරි සිහිය ඇවිත් නෑ වගේ...:D

    බොනවා කියලා පිරිමි මෙහෙමත් බොනවලුද?

    ReplyDelete
    Replies
    1. සිහිය කියන දේ කවදාවත්ම එන එකක් නෙමෙයි. අනිත් එක මොලේ.. ඒකත් මැරෙන කම්ම එනඑකක් නෑ..

      Delete
  12. මට පේන්නේ මේ බීපු ගාන ගනං හදනකොට උඹ බීලා ඉඳලා තියෙන්නේ. මට නම් ඔය බාගෙත් තුන්කාලක් අතර තමයි උපරිම. කාලත් බාගෙත් අතර තමයි ඩිෆෝල්ට් සෙටිං එක. දැන් නම් බීපු කාලයක් මතක නෑ බං.

    හැබැයි කතාව නම් එළ. අරවගේ හිත හොඬ බුවාලත් ඉන්නවා නේ.

    ඔය &@% බ්‍රේක් හදාගනින් $%#.

    ReplyDelete
    Replies
    1. ඒ #$#$ බ්‍රේක් හදන්න බෑ මහත්තයා.. අපොයි නෑ පියවි සිහියෙන් ගනන් හැදුවේ. වැරදුනේ නෑ. බෝතල් හතරයි. අන්තිමට ගෙනාපු භාගයයි.. හැක්. මට කාලා ජෙන්ට පදම. බාගෙත් අවුලක් නෑ පොඩ්ඩක් සයිලන්ට් වෙනවා. බෝතලේ වගේ පනින කොට.. කට නලියනවා.. හැක්

      Delete
  13. //ආ හෙට යං.. හෙට යං“

    “ඉතිං ඒක අදනේ. දැං ඒක ඉවරයි නේ“

    “එහෙමද එහෙනං අද යං“//

    :D :D :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. .බාගේ බලේ තමා ඒ..

      Delete
  14. තරහ අවසර...
    මේ ඇවිල්ලා බීම නෙමෙයි නෑම. මෙළෝ වසයෙන් අරක්කු පෙරේතයෝ.. බේබද්දෝ.. තොපි වගේ උන් හින්දා තමයි... වැඩගත් විදියට අපිට ඩ්‍රින්ක් එකක් දාලා.. වාහනේක යන්න තිබුන එක නැති උනේ...

    ReplyDelete
    Replies
    1. හරියට හරි!(මාත් කහනව පිට)

      Delete
    2. දේශකයා බීලා යන්නේ පයින්. සිගරට්වලින් තමයි දුර මැනගන්නේ. පරණ කතාව අමතකද?

      Delete
    3. @ මාතලං
      එහෙමයි එහෙමයි.. අපිටත් කෙලවුනා නේන්නං.. හැබෑට බං මමද ඒක කරේ.. මට මතක නෑ නෙව.. හැක්.. කතාව නං ඇත්ත. පෙරේත කම තමා හැමදේටම මුල

      Delete
    4. @ රාජ්
      උඹ ඇනමලයා කියන විදියට කෙන්ජිගේ පාට් එකද කරන්නේ.. මෙතන හැක් හැක්..

      Delete
    5. @ නලියා
      හෙහ් හෙහ්.. එහෙමත් දුර මැනපු කාලයක් තිබ්බා තමයි අප්පා. තැන්කුයි ආ මටත් මතක් කරල දුන්නට

      Delete
  15. තොට තිබුනෙ බාගෙ...දේශිකාට පොවන්න...!

    තොපි යකෝ සැන්ඩි ගන්නැද්ද බොන්න..?

    ReplyDelete
    Replies
    1. බීමට සැන්ඩි අවශ්‍යම නැත කියන තියරියෙ මාත් ඉන්නව. :D

      Delete
    2. මමත් හැබැයි දැන් ටික කලෙක ඉදන් සැන්ඩි නැතිව පොඩ්ඩ පොඩ්ඩ ගහන්න තියන්නේ

      Delete
    3. @ වීයා

      දේශිකාට පොවන්න. උඹ කියන්නේ මාව ඝාතනය කරගන්න කියලද බං මටම.. හැක්.. ආ නෑ නෑ.. සැන්ඩි මේ ලිස්ට් එකේ නෑ..

      Delete
    4. @ ප්‍රසා
      අපෝයි මට නං බෑ බං. මම තුනෙන් දෙකක්ම සැන්ඩි පොරක්

      Delete
    5. @ ගමමගියා
      උඹ ඉතිං කොහොම බිව්වත් අපිට මොකෝ.. වැඩිවෙන්නම බොන හින්දා.. හැක්

      Delete
  16. මළ පෙෙර්තකමට බීව්වම හතරගාතෙන් යන්න වෙනව තමයි. ඔය ෙබා්තල්වලට වියදම් කරන සල්ලිවලින් නරකද බයික් කටුවල බ්ෙර්ක් හදාගත්ත නම්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. බයික් කටු හදාගන්න තරං මොළයක් නෑනේ ඒකයි සීන් එක..

      Delete
  17. යකෝ බදින්න ඉස්සර මමත් බිව්ව ඔහොම.
    බැන්දලින් පස්සෙ ඔහොම බිව්ව නම් ඉතිං ඇප කැන්සල් තමා.
    ගෙදර කට්ටිය එක්ක පාටියකට/ට්‍රිපක් ගියාම නම් කන් සාක්කුවෙ වැටුනට අවුලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මාත් සිහි නැති වෙන්න බොනවා ඒ වෙලාවට නම්. නෝනා ඉන්නවා නේ එලවන්න. අපරාදේ කියන්නේ මට ට්‍රීට් කරන්නේ නැන්දම්මා. අනේ උන්දැ දිවිය ළෝකේ ගියානේ...

      Delete
    2. @ කෙන්ජි
      බැන්දට පස්සෙත් ඔන්න ඔහොම අවස්ථා කිහිපයක් තියෙනව. උඹ කිව්ව වගේ ට්‍රිපක් හෙම ගියොත් නං ඒකම තමා වෙන්නේ. හැබැයි එක දවසයි ඒ ට්‍රිප් එක දවස් දහයක එකක් උනත්..

      Delete
    3. @ මාතලං
      දැං එතකොට උඹට අවුල් නේ බං.. ට්‍රිප් යන එක නැවැත්තුවද හැක් හැක්

      Delete
  18. මොකක් හරි අවුලක් තියෙනව
    එක්කො සෑහෙන වතුර කලවම් කරල..

    මෙච්චර බිව්ව නම්
    අඩුම තරමින් යාලුවො දෙන්න ගහගන්නවත් ඔනෙ

    ReplyDelete
    Replies
    1. ඔන්න හරි කතාව මුං බීල තියෙන්නේ හොර කලවං අරක්කු.

      Delete
    2. මමත් ඕක හිතුව.ඉස්සර රෑ ජාමේ හොර පොට් වලින් ගත්ත බෝතල් වල තිබුනෙත් කාලක්ම කහට මිශ්‍ර වතුර.

      Delete
    3. අතරට ගෙනාපු සැන්ඩිබෝතල් එක්කම ගාන කිව්වද දන්නෑ නේ..!

      Delete
    4. @ දයල්
      හොර බඩු නෙමෙයි රියල් ඒවා. රෑ නමයට කලින් ගත්ත. අන්න ඒ රන්ඩු වෙන සීන් කෝන් නං නෑ අපේ බේබද්දෝ ගාව. ලොකු සැපතක්..

      Delete
    5. @ නලියා
      උඹ බොරු කියන්න එපා හරිද අපේ කීර්ති නාමය හානි වෙන විදියෙ. මතකනේ ලේක්හව්සිය පට්ට අපහාස වන්දි ගෙව්වා. හැක්..

      Delete
    6. @ කෙන්ජි
      ඒක නං ඇත්ත. හොර පොට් වල සෙල්ලං තියෙනවා..

      Delete
    7. @ වීයා
      අජොව් මම බීල නෑ ඩෝ. සැන්ඩි බෝතල් ගනං කරන්න.. හැක් හැක්

      Delete
  19. මේ කතාව අසම්පුර්ණනයි නේ බන්.කෝ උඹ බිලා කුජිත වෙලා,නසරාණි වෙලා,කබරයා දාලා දේශිකාගෙන් කන පුරෝලා කාපු ටික.හැක,හැක.

    ReplyDelete
    Replies
    1. කරුමෙට එදා කබරේ නං දැම්මේ නෑ. අන්තිමට කෑමත් නෑ. ඇයි මගුල් ගෙදරින් නෙව කන්න හිටියේ. මොනා කරාද මන්දා.. මම සියළු ඉන්ද්‍රියන් ඕෆ් කරල බුදියාගත්තා

      Delete
  20. යකෝ දෙශිකාවගෙන් බේරුනේ කොහොමද වැඩක් තියද්දි නොගිහින් බිලා ගෙදර ගියාම!!!! කතාව අසම්පුර්නයි කියන අයට මටත් මචෝ....

    ReplyDelete
    Replies
    1. මේ මේ නිදාගත්තට පස්සේ මොනා උනාද කියල මම දන්නේ නෑ.. එච්චරයි..

      Delete
    2. උදේ තැලුම් පාරවල් එහෙම තිබ්බේ නැද්ද ?

      Delete
  21. ඉතින් බොලා දේශික එක්ක කොටහළු මගුලේ ගියැයි ? අප්පා බං බයික්කෙන් වැටිලා බොලාගේ අතපය වදමල වගේ වුනේ නැතෙයි ?

    ReplyDelete
    Replies
    1. කොටහළුවට කොහේ යන්නද බං රෑ 11 ට 12 ට. නෑ නෑ බයික්කටුවට නැග්ගට පස්සේ අවුලක් නෑ. නැගගන්නයි බැහැගන්නයි තමා අමාරු.. හික්

      Delete
  22. සමහර වෙලාවට අමාරුවෙන් හොයාගෙන බීපු ටිකත් හි‍ඳෙන්නම වැඩ සිද්දවෙනවා.

    ReplyDelete
    Replies
    1. බාගයක්ම ඕන නෑ දයා.. අප්පිරියාවෙන් එක ෂොට් එකක් දාගත්තත් බඩුම තමා..

      Delete
  23. yako ubala ekaata bothalayak onada.neththam sandi bothaluth ekkada kiuwe

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මම ගැන නං දන්නෑ බං. අර ගෝරියට නං අඩු ගානේ දෙකක් වත් ඕන තොල කට තෙමාගන්න. හැක්

      Delete
  24. බීම බීම බීම... මොන මගුලක්ද මේ?

    ReplyDelete
    Replies
    1. කට කට කට.. මොන මගුලක්ද මේ?

      Delete