Monday, June 17, 2013

අනේ ඇයි ටීචර් ඔයා දන ගැහුවේ.??

මා දයාබර ප්‍රියානි ටීචර් වෙත,

ටීචර්ට අපේ තාත්තා දනගහන්න කියා කිව්ව එක වැරදි විත්තිය මම හොදාකාරවම දන්නවා. ඒත් ඉතිං ටීචර් මම ඒකට මොකද කරන්නේ.. කව්රු හරි එක්කෙනෙක් තාත්තව ගිණි තියන්න ඇති ටීචර් ල මට වද දෙනව කියල වගේ. නැත්නං අපේ තාත්තා එහෙම කරන කෙනෙක් හෙම නෙමෙයි. ඔය ඡන්දේ කාලේ තාත්තට ගහන්න ආපු කීප දෙනෙක්ගේ අතපය කඩල, නීතිය ගැන තියෙන විස්වාසේ හින්දම ටික දවසක් යන කල් ගමෙන් වහංගු වෙලා හිටියට තාත්තා නීතියට බයයි. ඒකනේ ටික දවසක් හැංගිල ඉදල ආයේ ආවේ. ඒ එනකොට තාත්තා ඡන්දේ දිනල හිටිය හින්දා නීතිය ක්‍රියාත්මක කරන්න හැදුවත් අතපය කැඩිච්චි අය තාත්තා වරදක් කරපු බවක් නොකිව්ව හින්ද එහෙම ප්‍රශ්නයක් උනේ නෑ.

ටීචර්, මගේ වයස හැටියට මාසයක් දෙකක් යනකොට ඇදුං කොට වෙන්න පුළුවන්. ඇයි ටීචර්ලම නේ අපි ට කියල දෙන්නේ ද්වීතියික වයස් කාණ්ඩයේදි ළමයි සීඝු ලෙස උස යනවයි කියලා. ඉතිං මේ අවුරුද්දේ මුල මහපු ගවුම ටිකක් කොට නොවී තියෙන්නෙ කොහොමද? අනික ටීචර්, අපේ සිස්‍ය නායක අක්කල කියපු දේ ඇහුව මිසක් මගෙන් කිසිම දෙයක් ඇහුවේ නෑනේ. එහෙම ඇහුවනං මම මේ කතාව කියනවා. එහෙම කොට උනාය කියල මගේ ගවුමේ පොට දික්කරන්න ටීචර්ටවත්, ඔය සිස්‍ය නායක අක්කලටවත් කිසිම අයිතියක් නෑ. ඒකට නෙව හිංසනය කියන්නේ. ටීචර් දන්නේ නැත්ද මන්ද ඔය වගේ දඩුවම් දැං කාලේ තියෙන මානව හිමිකම් ද අයිතිවාසිකම්ද යටතට ගත්තොත් මොන විදියටවත් ළමයෙකුට දෙන්න තහනං. 

මගේ ගවුම ටිකක් කොට උනාය කියල ඔය තරං උඩ පනින්න ඕන නෑ නෙව. මට කිව්වනං මම පහුවෙනිදා එනකොට ඒක හදාගෙන එනවනේ. අනික ටීචර් හිතන්න ඕන අපි වගේ දුප්පත් මිනිස්සු කොහොමද එක පාරට ඇදුමක් මහගන්නේ කියල. ටීචර්ල විනය පාලනය කරාට, ටීචර් ල උනත් විනයක් ඇතුවනේ මොන විනයත් පාලනය කරන්න ඕන.

අපේ තාත්තා ඉස්කෝලේ ගිහිල්ල තියෙනවා. සමහර අය කියනවා ඉස්කෝලේ ගිහිල්ල නැති අමනයෙක්ය කියල. නෑ ටීචර් අපේ තාත්තා අවුරුදු 16 නෙමෙයි අවුරුදු 20 වෙනකම්ම ඉස්කෝලේ ගියා මොකද විභාගේ පාස් කරගන්න බැරි වෙච්චි හින්දා. ඒක නිසා ඔය ඉස්කෝලේ නොගිය නරුමයෙක් කියල මගේ තාත්තට කියන එකට නං ඕං මං විරුද්ධයි.

මට මේ වෙලාවේ හුගක් ලියන්න බෑ මොකද මාත් හුගක් අසරණ වෙලයි ඉන්නේ. පාරක තොටක බහින්න බෑ. පත්තර කාරයෝ කට ඇරගෙන. අපේ තාත්තව හිරේට දැම්මා අද ඒක තවත් දික් කරල 27 වෙනකං රිමාන්ඩ් කරන්නෙයි කියල. 

තාත්තා පොල්ලක් අරන් ආවය කියලත් කියනවනේ. අනේ මන්ද තාත්ත කවදාවත් ගෑනු අයට ගහන්න එන විත්තියක් මම දන්නෑ. මොකද අපේ තාත්තා, අම්මා දෙක කියන කොට හූනා වගේ හැංගෙන හින්දා. ඒක නිසා මම ඕක විස්වාස කරේම නෑ. අනික අම්මත් එක්ක තාත්ත රන්ඩු වෙන්න තියා කතා කරන්නත් බය හින්දා ටීචර්ට තිබුනේ, හොදට කට ගහල තාත්තත් එක්ක කතා කරන්න. එහෙම උනා නං ඔය දේ වෙන්නේ නෑ. මොන මන්තිරි උනත් අපේ තාත්තා ගෑනුන්ට බයයි. ඒත් ඒක ඉතිං ටීචර් දන්නේ නෑනේ. 

අර ටීචර්ලගේ සංගමේ ස්ටාර්ලින් මාමා කියල තිබ්බා මේක අධයාපන ක්ෂෙත්‍රෙය් වෙච්ච පිළිකුල් සහගතම දේය කියල. අනේ මන්ද ඔය කට්ටියට ඇයි අමතක කලින් වෙච්ච ඒවා. අර වාස් ගුණවර්ධන ලොක්කගේ නෝනා කොල්ලෙකුට බිම දාගෙන ගැහුවේ. ඒවා මතක නෑ. විස්ස විද්‍යාල වල ළමයින්ට හොස්ටල් වලින් එලියට අරන් ගහන්න පැජරෝ දෙක තුන එන්නේ. ඒවට කතා නෑ. ඉස්කෝලේ ගෑනු ළමයින්ට එක එක කරදර කරන වදකාර සර්ලා ප්‍රින්සිපොල්ල ඉන්නේ. කෝ ඒ ගොල්ලන්ට ඔය වගේ දේවල් කරනවද. ඒත් අපේ තාත්තා තමා ඔය හැමදේටම බයිට් උනේ. ටීචර්ට අපේ මහරජ්ජුරුවොත් කතා කරා කියල ආරංචියි. ඒක නිසා ටීචර්ට නං ඉතිං සාදාරනේ ඉස්ට වේවි. 

ඒත් අපිට ඉතිං ලබන පාර (මේ සතියේ විසිරුවනවයි කියන්නේ) ඡන්දෙන් ඇපත් නැති වේවි. ඊට පස්සේ අපිව නැති වේවි. මං ඉස්කෝලේ ආවම ටීචර් ල මට හයිරං කරාවි. මොනා කරන්නද ඉතිං ඉවසන්න වෙනවා. අපිත් වැරදියි නේ. ඇත්ත ගුරුවරු කියන්නේ දෙවිවරු තමා. අපට හොද දේ කියල දෙනවා. සැර කරනවා. ගහනවා. කොයි තරං නං හරි මගට ගන්න දඩුවම් දෙනවද  ඒ වගේ කොන්ද කෙලින් තියන් ඉන්න , අපට නිවරැදි දේ කරන්න උගන්නන ටීචර් වගේ කෙනෙක් ඇයි මම අහන්නේ .. අර වගේ මොකෙක් හරි දන ගහන්න කිව්වම දන ගහන්නේ. ඇයි අනේ ටීචර් ඔයා දන ගැහුවේ. ඔයාට ඒක නොකර ඉන්න තිබුන නේ. එහෙනං මේ කිසි කරදරයක් නෑනේ. (මම කිව්වේ අපිට) මට ඒක තෙරෙන්නේ නෑ.

අන්තිමට ටීචර් කියාවි අපේ තාත්තා මුකුත්ම කරේ නෑ අර මර්වින් සිල්වගේ සමෘද්දි කාරය වගේ ටීචර්ම දන ගහගෙන හිටියය කියල ටීචර කරපු වැරුද්ද තේරිලා. ඒ උනත් මට වෙච්චි නවනිංගිරාවට ඒක යට කරන්න බෑනේ. ටීචර් ට බුදු සරණයි.

ප.ලි - මට ටික දවසක් යනකං ඉස්කෝලේ එන්න වෙන්නේ නෑ ටිචර්. තාත්තා නැති හින්දා දැං අපිව බලාගන්න එයාගේ වටේ හිටිය කට්ටියත් නෑ. ඔය අහිංසක අයියල වත් කවුරුවත් නෑ. දැන් අපි තනියම. ඒක නිසා තාත්තා එනකං ඉස්කෝලේ එන්න විදියක් නෑ.. මට සමාවෙන්න ටීචර්..

84 comments:

  1. මට මතක නෑ ලමයෝ .. ඔයා ඔය මොන දනගැහිල්ල ගැනද කතාකරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. මටත් මතක නෑ.. ඔය අමතක සිල්වා දරුවද?? හැක්

      Delete
  2. මේකනම් ආශ්චර්‍යයක් !!! මීට කලින් ටීචර්ලා දණගහනවා අපි දැකලා නෑ නේද ?

    ආදර්ශය: පලාත් සභා වහා අහෝසි කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. ඇයි මීට කලින් දැකල නැද්ද කව්රුවත් දන ගහගෙන ඉන්න හැටි?? වැඩක් බලාගෙන යනව සෙන්නෝ යන්න..

      ප්‍රියානි ටීචර්..

      Delete
  3. අනේ කමක් නෑ බං. ටීචර්ල ළමයිව දණගස්සල තියනකොට උං විඳින දුක ඒ ගොල්ලොත් දැනගන්න එපැයි.

    යකෝ ද්විතීයික වයස් කාණ්ඩෙදි ඔච්චර ඉක්මනට ළමයි උස යනවයි කියල ඇහුවමද කොහෙද.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ටීචර්ල ට ඒවත් අමතක ඒකේ නේද??? ද්විතියික ලිංගික ලක්ෂන පහල වෙද්දි බං. එහෙම වෙන්නේ.. මගේ හිතේ තිබ්බ එක හරියට වැදිල නෑ..

      Delete
  4. ලබන පාර චන්දෙන් අපේ තාත්තා මහ ඇමති වෙයි කියල තමයි අපි හිතාගෙන ඉන්නෙ...සාධාරණය ඉටු කරනව කියල මහ රජතුමාත් කිව්වනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ලිපිය මහරජාට යැව්වනං එයා දරුවට සාදාරණයක් කරාවි

      Delete
  5. ඔව්ව ඔහොම තමයි දරුවො.
    මේ තවත් සිද්දියක් විතරයි.
    විසි කරන්න තරම් කබුරපු සල්ලි බාගේ,චන්ඩි ඉන්න නිසා,
    සංවේදී "පියා"අසරණ පවුල දෙස බලා ලබන සැරේටත් චෑන්ස් එක දෙන බව බුදු විශ්වාසයි දරුවො.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අංකල්ට කියන්න ඕක එහෙම වේවි කියල මටත් හිතුනා.. අංක...ල්..

      Delete
  6. මේ දෝනිව එක්කයං අර රත්නපුරේ ජජ් ලඟට!

    ReplyDelete
    Replies
    1. අනේ එපා.. අයියේ එයා ගවුම තව කොට කරාවි.. හැක්..

      Delete
  7. අනේ දේශකයෝ මට මේක වැඩිය තේරුනේ නෑ. අද මම දාන, දාන කමෙන්ට්ස් නැතිවෙන ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ පෝස්ට් එකට දාන මේ කමෙන්ට් එකත් බහිරවයෙක් ගිලීද දන්නේ නෑ ඔන්න. :(

    ReplyDelete
    Replies
    1. වෙන්ටැති වෙන්ටැති.. මට ඒ ගැන කල්පනාව නැති උනා දරුවෝ.. බහිරවය අපි ගාව වැඩ නෑ. ඔය තියෙන්නේ යසට..

      Delete
  8. උපකල්පනයකි

    බලනව අයිසෙ වැයික්කියෙ තමුසෙගෙම
    පංතියෙ ටීචර් දික්කරලා දුවගේ ගවුම
    රජ්ජුරුවො කියලයි බඳින කොට නං කිව්වේම
    බල්ලෙකුටත් අන්තයි දැන් බැලුවාම

    සරත් නන්දට මල පනී,හෙන්චයියෙකු හා වාහනයට නැගී ඉස්කෝලෙට යයි

    දන්නවද බැල්ලී තෝ මං කවුද
    මම වෙමි
    අර පරපුරෙන් පැවත එන කුමාර සරත් නන්ද
    මගේ දුව දණ ගස්වන්න යකෝ උඹ කවුද
    පට්ට --දණ ගහපිය මගේ දෙකකුල් ලඟ ගඳ

    ප්‍රියානී ටීචර් භය උනාදෝ
    මායමට නන්දය අසු උනාදෝ
    දණ නොගැසුවා නම් මක් වේදෝ
    නන්දය අද යහතින් ගොඩ නේදෝ

    ReplyDelete
    Replies
    1. ඒකනං මාරම උපකල්පනයකි කවියාණෙනි. ඔබට ඔය අදහස් බ්ලොග් කටුව පිරිවීම සදහා නොඑන්නේ මන්ද???

      Delete
  9. Replies
    1. අනේද කියන්නේ. ලක්මාල් සහෝදරයා වෙල්කම් කිව්වා. තැන්කුයි මේ පැත්තේ ආවට

      Delete
  10. අනේ හපොයි, මෙහෙමත් කාලයක්!

    ReplyDelete
    Replies
    1. හැක්.. බය නැතිව ඉන්න දිගටම අනේ අපොයි කියන්න හැකි වේවි

      Delete
  11. Replies
    1. අන්න ඒකනේ.. පීසී මේ ටීචර්ගේ කට උත්තරේ ලියාගෙන අර සර්ව නිදහස් කරල දාන්න. හැක්

      Delete
  12. ඇත්තම කියන්න ටීචර් අපේ ගෙදර පොඩි සීන් එකක් උනා.. ඒත් ඉතින් අම්මා ඒ වගේ ගේම් හැමදාම තාත්තාට දාන නිසා අපි එච්චර ගනන් ගත්තේ නෑ. අපේ අම්මා කිව්වා මේ කෙල්ලට මෙච්චර දෙයක් කරලා තියෙන එකේ. තමුසෙ පලාත් සභා මන්ත්‍රිද එහෙම නැත්නම් පොන්නයෙක්ද කියලා. අම්මා එච්චරමයි කිව්වේ වෙන මුකුත් නම් කිව්වෙම නෑ. ඒක ලියුමේ ලියන්න අමතක උනා. (බොරු කියන්නෙ මොකටද.... මටත් ඕන වෙලා තිබුනා ඔය ටීචට පොඩි සත්තමක් දාන්න.)

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඕවා මම දන්නව දරුවෝ.. කාටවත් කියන්න එපා.. අපි සෙල්ලමක් කරමු හොදේ..

      Delete
  13. හැබැයි අර කිව්වා වගේ ටීචර්ම කියාවි ,කවුරුවත් දන ගැස්සුවේ නෑ, මමමයි දන ගහගත්තේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒකට තමා වැඩිම සම්භාවිතාව තියෙන්නේ..

      Delete
  14. අප්පේ කෙල්ලගේ තාත්තා විනේ තකන්න ගොහින් ගාගෙන නේද හත්පොලේ?

    ReplyDelete
    Replies
    1. මේ සැරේ වයඹ වැඩි චන්ද ගන්නෙත් ඒ යකා ඉන්න ආසනේ.
      කවුරු විනේ තැකුවත් ලොක්ක උන්ට ආදරෙ එකනෙ වෙද මහත්තයො.
      විනේ තකන තරමට ගම්මුන්ගේ ෆෝන් එකටම ලොක්ක කෝල් කරද්දී චන්දෙ නොදී ඉදියිද?

      Delete
    2. මේවා ලොක්කගෙම ගේම්ද මන්දා. ඕන කිසි අවුලක් නැතුව දුමින්ද මහත්තයත් පාර්ලිමේන්තු ආවලු...

      Delete
    3. කෙන්ජි, මාතලන්,
      වේලී වේලි ඉන්න පලා බබෙක්ට කෝටි කීපයක් දුන්නම ඌ නෝ කතා. ටීචර්ට කෝල් කලාම ඇති. ඇයි යකෝ රටේ නායකයා ටෙලිෆෝන් කරනවා කියන්නෙ. ටීචර්ට හාට් ඇටෑක් එන්න ඒකම මදෑ. ඊලඟට ඡන්දේ... මේකෙන් ඒක ගොඩ... අම්මෙ මෙහෙමත් නායකයෝ. ජාතියේ පිනටම පහල වෙනවා..... වෙන මොනවද අයිබොවන්ඩ.

      ඒක නෙමේ ත්‍රිවිධ රත්නෙ එකතු වෙලා වගේ නේද?

      Delete
    4. ඒක නෙමේ ත්‍රිවිධ රත්නෙ එකතු වෙලා වගේ නේද?//

      මේ කියන්න හැදුව විතරයි තුන්දනා එකතැන කියල. හැබෑට කෝ මේ ඇනෝල?

      Delete
    5. ඇත්ත නේන්නං.. හැබෑටම ඇනමලයෝ එකෙක්වත් බැහැල නෑ නෙව.. හැක්.

      Delete
    6. වෙද අංකලුත් හරි නරකයි අපේ තාත්තටමයි අරව මේවා කියන්නේ..

      Delete
    7. @ කෙන්ජි
      ඔන්න හිතාගන්න එක කෝල් එකෙන් ඡන්දේ දිනුවයි කියලා.. හැක්..

      Delete
  15. ජය වේවා!.මට නම් තේරෙන්නේ එච්චරයි.

    ReplyDelete
  16. ප.ප.ලි. තාත්ත මේ පාර චන්දෙන් පැරදුනොත් නම් ටීචර් උඹ බත් කාල ඉවරයි..නොකිව්වයි කියන්න එපා ඕන්...

    ReplyDelete
    Replies
    1. හා හා විනය තකා කතා කරන්න ළමයි උනාම

      Delete
  17. ටීචර්ලා අයුතු විදිහට බලය පාවිචිචි කරනවා . ඒක වැරදියි

    ReplyDelete
    Replies
    1. ඒකනේ අර අහිංසකයෙක් අමාරුවේ වැටුනා ඒකෙන්.. හැක්

      Delete
  18. පළාත් සභාවට හරි පාර්ලිමේන්තුවට හරි ගියහම සමහර එවුන්ගේ ඔළුව ඉදිමෙනවා. මේක උන්ගෙ නූගත්කම. අපිත් ඉතිං බොරැ උන්ගේ පුරාජේරැවලට රැවටිලා ඡන්දෙ දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ රැවටීම වෙන එක ඉදිරියටත් වෙන එකනේ කරුමේ.. සිස්ටම් එකෙයි වැරැද්ද

      Delete
  19. මන්ත්‍රි තුමා දැන් දණ ගාන වයසට ගිහින්ලු නේද???

    ReplyDelete
    Replies
    1. ඔව් එයා වැඩියෙන් කැමති දන ගහන අයටලු. ක්ලින්ටන් වර්ගයේ පොරක් වෙන්ටැති

      Delete
  20. මේ සිද්දිය මම දන්නේ නෑ දේශකයා. ලින්ක් එකක් තියෙනවා නම් දාපංකෝ ප්‍රවෘත්ය කියවන්න.

    ReplyDelete
    Replies
    1. http://www.gossiplanka.lk/2013/06/pc-member-arrested-over-punishing_17.html#more

      Delete
    2. බලහං මම නැති උනත් අපේ යටලියන මහත්තයා බොට උදව් කරල නේ. තැන්කිව් යට මහත්තයා.. යන්නං එහෙනං ඩුඩෙ මහත්තයා

      Delete
  21. දේශක යාJune 17, 2013 at 3:53 PM

    අයියෝ කෙන්ජි තාම අර නලියට එවපු කෑම වට්ටෝරුවමද බං කන්නේ.. එළම ප්‍රතිචාරයක් තමා.. මේක
    Kenji @ JapanJune 17, 2013 at 5:41 PM

    අමු කොල නැහැ බං.ඔය තරහ එකෙකු ගෙ නමට/එඩ්රස් එකට ලංකාවෙන් පත්තරයක් දෙකක් ගෙන්න ගන්නව ඉදල හිටල කාබන් කොල වල ඔතල.
    ලංකාවෙ සෙට් එක පත්තර වල ලාවට පත්තර පිටු වල පාප්ප ගාල වියලි මල් කැබලි තවරල වියලල තමයි ගෙන්න ගන්නෙ.
    වියලි ඒවත් නරකම නැහැ අමුව නැති හින්ද.
    අහු උනත් මම ගෑවෙන්නේ නැතිවම තරහ එකාටත් නිකම්ම බඩුනෙ .

    ReplyDelete
    Replies
    1. උඹ තමා දවසකට මිනිහා.. හැක් හැක්.. ඔය උත්තරේ එතැන තිබ්බේ නෑ නේ කෙන්ජි..

      Delete
  22. මන්ත්‍රියට ඉල්ලා අස්වෙන්න කියල,ගුරුතුමියට මෙවර ඉල්ලන්න චාන්ස් එක දෙන්න වගේ යන්නෙ.
    වැල යන අතට මැස්ස ගැහිල්ල ලොක්ක ගෙ "දිවි පැවැත්ම"ව්‍යාපෘතියෙ ජනප්‍රිය කොටසක් නෙ.

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම කරල පුළුවන්ද?? පරම්පරාව වෙනස් වෙනව නේ එතකොට.. ඒකට ඉඩදෙන්න බෑ..

      Delete
  23. දැන් දැන් එන නිව්ස් පිලි ගන්න එකත් ප්‍රශ්නයක්.මොකද මේ නිව්ස් වලින් උනත් වැඩ ගන්න පුළුවන් තරම් දක්ෂ රජතුමෙක් ඉන්න නිසා...

    ReplyDelete
    Replies
    1. අන්න තේරුනා. ඔක්කොම රජාගේ හොදට වෙන දේවල්.. හැක්

      Delete
  24. දැන් කාලේ දේශපාලයනට යන අයට ආපහු 5 වසරේ විභාගේ ලියවන්න වෙයි වගේ... කිසිම උගත්කමක් නැති උන් වගේනේ හැසිරෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම නෑ.. හරිම අහිංසක සත්තු ටිකක් ඒ..

      Delete
  25. ඇඩෙනවා අප්පා මේ ලියුම කියවනකොට.

    ReplyDelete
    Replies
    1. දේශයා ලිව්වොත් ලියන්නෙ අපිව අඩවන්නම තමයි.
      සිරීපාදෙ අන්තිම කොටස බලල කී දෙනෙක් අඩලද ?

      Delete
    2. @ අයිලාෂ්

      ඔව් ඉතිං පොඩි එකෙකගේ ලියුමකට ඇඩෙනවා තමා සීයලට.. හැක් හැක්..

      Delete
    3. @ කෙන්ජි

      හෑ.. ඒක තමා එහෙනං සමහර ඈයෝ සද්ද නොකරම අඩ අඩ ගිහින් තිබ්බේ..

      Delete
  26. මන්ත්‍රී මාමා කෙනෙක් ඇවිත් ටීචර්ව දන ගැස්සුවා කියල නිව්ස් එක පලවෙනි පාරට අහනකොට මට හිතුනෙම ජෝක් සීන් එකක් කියලා.

    මේ කේස් එක හින්ද කී දෙනෙක් අවුල් යනවද ..
    මන්ත්‍රී - මන්ත්‍රීකම නැති වෙනවා
    ටීචර් - කොච්චර බයෙන් ඉන්න ඕනිද
    ඒ වගේම මන්ත්‍රීගේ දුවට ආයේ ගමට වගේම ස්කෝලෙට මුණ දෙන්න පුලුවන්ද..

    ReplyDelete
    Replies
    1. ඒකනේ උඹ වක්‍රාකාරව උනත් ඇත්ත සීන් එක හිතල තියෙනවා.. හැක්

      Delete
  27. පිස්සු වගේ බන් මේවා දැකලාම...

    ReplyDelete
    Replies
    1. මටත් කාලෙක ඉදලම පිස්සු නිසා අවුලක් නෑ

      Delete
  28. ඒ ටීච දණ ගැහුවේ වෙන වැඩකට.. ^_^
    (ඉෆ් යූ නෝ වට් අයි මීන්)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. යා යා රජ හී රිමෙම්බර්ඩ් ලෙවින්ස්කි.. හැක්..

      Delete
  29. සමහරවෙලාවට දෙමාපියන් කරන වැඩ නිසා ප්‍රශ්න ඇතිවෙන්නෙ ළමයින්ට.

    ReplyDelete
    Replies
    1. ඔව් චාම්ස්.. මොනා උනත් අන්තිමට දරුවයි ටීචරුයි තමා අමාරුවේ වැටුනේ

      Delete
  30. අවසන මේ ගැටලුවෙන් තැලී පොඩි වී යන්නේ ඒ සිද්ධියට අදාළ සිසුවියම තමයි.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් නං වෙනවා තමා නලියෝ..

      Delete
  31. අන්න එහෙමනේ තාත්තලා උනාම ඉන්න ඕනි. එක තාත්තා කෙනෙක් තමන්ගේ පුතාට කෙල්ලෙක්ගෙ නමක් කියලා විහිලු කළා කියලා කොල්ලො තිහකගේම රෙදි ගලෝලා ටයර් සෑවල දාපු එකේ මේකනම් මොන කජ්ජක්ද?

    ReplyDelete
    Replies
    1. අනේ ටීච, උඹ මගේ රෙද්දේ වාටියත් ගලෝලා, ඒ මදිවට තාත්තට අපහාස කරන්න එයා ඉස්සරහා දනත් ගහලා. දැන් බලහං වෙලා තියෙන දේ. තුන් වෙලාම රජෙක් වගේ කාපු තාත්තා අද පානුයි පරිප්පුයි කන්නේ. ඉන්දහන් තව සතියක් මේක අමතක වෙලා යනකන්. මං අපේ තාත්තට කියලා උඹේ ගේ කුඩු කරලා දානවා.

      මීට,
      පොඩි දුවගේ උපදෙස් පිට,
      ඇනෝ අකමා.

      Delete
    2. අකමා තාත්තල කරන තවත් හුගක් වැඩ තියෙනවා. කිචයෙක් විතරයි අහුවෙන්නේ..

      Delete
  32. කිසිම බලයක් නැති සමහරු පලාත් පාලන ආයතනයක සභිකයෙක් වෙන්න/ පළාත් සභාවක මන්ත්‍රි කෙනෙක් වෙන්න දක්වන්නෙ පුදුම උනන්දුවක්. කොහොම හරි දනිපනි ගාලා සභාවට තේරුණාම ඒකට අං එනවා.
    අමුතුම සිවිල් බලයක් ගොඩනගාගන්නවා. ඊට පස්සේ චන්ඩි පාට් දානවා. මේ සිවිල් බලය මුන් අතර ගොඩනැගෙන්නේ 94 න් පස්සේ. විශේෂයෙන්ම වයඹ 94පළාත් සභා මැතිවරණය.

    ඒවෙනතෙක් පළාත් සභාවට ප්‍රාදේශිය සභාවට පත්වුණ අය පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රින් පවා එතරම් සිවිල් බලයක් නොතිබුණ අයයි.

    දැන් අවාසනාවට තමන්ට එහෙම කරදරයක් වුණාම තමයි ඇහැ ඇරෙන්නේ. එතකල් නිදි. බිම්මට්ටමේ ඉදල දේශපාලවේ ඉහලට යනකල් ඔව කලාව තමයි.

    බය වෙන්න දෙයක් නෑ මේ නියෝජිතයාගේ ධුර කාලය මේ සතියේ අවසන්වෙනවා. වයඹ මේ සති අන්තයේ විසුරුවන්න නියමිතයි. ආයෙ නාම යෝජනා දෙනවිට මොකද වෙන්න බලමු.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ස්වාධින කොමිසම් පත් කරන්න බැරි. මුන්ගේ සිවිල් බලය නැති වෙනවා ඒකයි

      Delete
  33. මම කැමැත්තෙන්මයි දණ ගැහුවේ කියලා ටීචර් තව ටික දවසකින් කියයිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකත් වෙන්න පුළුවන් දෙයක් නේ මලයෝ. මොකද පෙර වැරදි තියෙනවා නේ අපේ සමාජයේ.

      Delete
  34. දිනය : 2012 සිංහල අවුරුද්දට දින කීපයකට පෙර.

    වෙලාව : පස්වරු එකයි තිහට පමණ.

    ස්තානය : කීල්ස් නාවල ඉදිරිපිට.

    රාජගිරිය පැත්තේ සිට නුගේගොඩ දක්වාත්, නුගේගොඩ සිට රාජගිරිය දක්වාත්, යන වාහන වලට ඇති මං තීරු වාහන වලින් පිරී ඇත.

    නුගේගොඩ සිට රාජගිරිය දෙසට යන වාහන ඉතා සෙමින් ඇදෙන මුත් රාජගිරිය පසින් එන වාහන සෙලවෙන්නේවත් නැත.

    කීල්ස් ඉදිරිපිට ඇති රථගාල පිරී ඇත. අවුරුදු සමයේ බඩු මූට්ටු ගන්නට මිනිසුන් ගැහැණුන් උනන්දු කාලය නිසාවෙනි. එසේ ඉදිරිපිට රථ ගාල පිරුනු විට සිකියුරිටි ගාඩ්ලා කීල්ස් සාප්පුවත් කනත්තත් අතර පාරේ ඇති රථගාලට වාහන යොමු කරණු ලබයි.

    එදින සිකියුරිටි ගාඩ් පෙනෙන්නට නොසිටියේ දහවල් ආහාරය සඳහා කට්ටියම එකවිට ගොස් ඇති නිසාය.

    පලාතේ සුපුරුදු පාරිභෝගිකයින් දෙවන රථගාල වෙත නිතැතින්ම යාමට පුරුදු වී සිටිති. වාහන තදබදයේ හිරවී සිටි කලු පැහැති යාරිස් රථයක් පදවාගෙන ආ කාන්තාව ටික ටික නුගේගොඩ දෙසට රථය පදවන්නට වුවාය ඇයට කීල්ස් සාප්පුව වෙත ගොස් අවශ්ය දේ මිලදී ගැනීමට උවමනාවී තිබිනි.

    මහත් පරිශ්‍රයක් දරා කීල්ස් අසලට මීටර් 50 ක දුර ඒමට මිනිත්තු 15ක් වැය කල ඇය, අතුරු පාරේ ඇති රථ ගාලට වාහනය ඇතුල් කරන්නට බලා පොරොත්තුවෙන් දකුණට සිග්නල් දමා බලා සිටින්නීය. අතුරු පාර (මිල්ලගහ වත්ත පාර) හරහාට වීදුරු කලු කල SUV රථයක් නුගේගොඩ දෙසට මුහුන ලා නවත්වාගෙන ඉන්නේ එන්ජිමත් දල්වාගෙනය. පාර හරියට උන්දැලාගේ අම්මලාගේ වගේය. ඇයට අතුරු පාරට වාහනය හරවන්නට නං ඒ වාහනය එතැනින් ඉවත් විය යුතුය. ටික වේලාවක් ඉවසමියි ඇය සිතුවාය. එසේ මිනිත්තු පහක් පමන එකම තැන හිරවී සිටි ඇයට, කීල්ස් ඉදිරිපිට නවතා තිබුනු රථයක් ඉවත් කරගෙන රාජගිරිය දෙසට යන්නට උත්සාහ කරනවා පෙනුනු විට ඇය ඒ ඇතිවු හිඩැසට තම රථය ගාල කර ගත්තාය.

    රථය ගාල් කල ඇය ප්‍රථමයෙන් ගියේ SUV රථය වෙතයි. ඔවුන් කලු වීදුරු වහගෙනය. රියැදුරුගේ වීදුරු ජනේලයට තට්ටු කල ඇය කීවේ ඔවුන්ගේ "වාහනය අයිනට කර නැවැත්තුවොත් මාර්ග තදබදය නිම වේවි" කියායි. එසේ පැවසු ඇය කීල්ස් වෙත ගොස් සුපුරුදු පරිදි තමාගේ අවශ්ය කලමනා කරත්තයකට එකතුකරන්නට වූවාය.

    මොහොතකින් ඇය අසලට පැමිණියේ කාන්තාවක්, ඉතාමත් උස කොන්ඩය සුදු විසාල මිනිසෙක් හා රියැදුරු ඇඳුමක් ඇඳ සිටි මිනිසෙකි. ඔවුන් ඉතා කැත අන්දමින් ඉතා නින්දිත පරුෂ වචනයෙන් ඇය හට බැන වදින්නට වූහ.කොන්ඩය සුදු මිනිසා ඇයහට පහර දෙන්නට සූදානමින් මිටිකරගත් අතක් සහිතව ඉදිරියට පනිද්දී කීල්ස් සේවකයින් හා මැනේජර් වරයා විසින් ඔහුව වලකා ලන ලදී. ඇය පුදුම වුවාද බිය වුවාදැයි සිතාගැනීමට අපහසුය.


    ඇය සුපුරුදු පරිදි බිල ගෙවා සාප්පුවෙන් එලියට බැස එද්දී එතැන නවතා තිබූ තවත් වාහනයක සිටි රියැදුරෙකු පැවසුවේ "නෝන හොඳවෙලාවට රන්ඩු වෙන්ඩ ගියෙ නැත්තෙ ඒ අර රිනතුංග පවුලෙ එක්කෙනෙක්නෙ" කියාය. තවෙකෙකු කීවේ උස මිනිහා "මන්තිරි" කෙනෙක් කියාය. කීල්ස් මැනේජර් වරයා නම් කීවෙ "අර උස මනුස්සයගෙ අම්ම මිනිහව හදල තියෙන හැටි තමා" කියලාය

    මටනම් ඔය මිනිහා කවුදැයි කියා නිච්චියක් නැත. නමුත් අර මිනිසුන් කී දෙය සත්ය නම් අපිට "සුබ අනාගතයක්"ම තමා...........

    ReplyDelete
    Replies
    1. ඔය වගේ හරක් නිසා තමා සමාජය මේ තරම්ම ආකල්ප වලින් හීන වෙච්ච කොට්ඨාශයක් වෙලා තියෙන්නේ.. කවිකාරිගේ පැමිණීම හරිම ආහ්ලාදජනකයි මට...තැන්කුයි..මේ පැත්තේ ආවට

      Delete
  35. ආන්න නිර්මාණකරණය ඕවට තමා නිර්මාණ කියන්නේ ඇත්තටම සහතිකම ඇත්ත

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වේවා.. අර අටම නං හෙව්වේ මේ බ්ලොග් එකටද???

      Delete
  36. මන්තිරිගේ හාමිනේ තමා උසී ගන්නන්න ඇත්තේ
    මන්තිරි යන්න ඇරලත් කිව්වලු කියන්නේ
    උසි මන්තිරි උසි කියලා

    ReplyDelete
    Replies
    1. උසි උසි කියලත් කිව්වද බං.. හැක්..

      Delete