Saturday, June 1, 2013

ආදරයද?? රාගයද???

“අයි වුඩ් ලයික් ටු සී යු නේක්ඩ්“

එක පාරටම ගහක් කඩා වැටුන වගේ, සීතලේ තියෙන කාමරේ වැල් ඇදි පුටුවේ වාඩි වෙලා, එතීනා දිහා බලං ඉන්න ජමාල් කිව්ව වචන ටික එතීනාට ඇහුනේ නිකං බර බර ගාලා අර වැටිචිචි ගහ කඩන් වැටෙනවා වගේමයි.

“එක්ස්කියුස් මී.. වට් ඩිඩ් යු සේ“

එතීනා ටිකක් තරහෙන් වගේ ඇදල පැදල ඇස් දෙක ලොක් කරගෙන එක අතක් ඉනට තියාගෙන එයාගේ බාගෙට ඇදපු ටී ෂර්ට් අනිත් අතින් පල්ලෙහාට අදින ගමන් ජමාල්ගෙන් ඇහුවා.

ජමාල් තත්පර දෙකක් විතර කිසිම හැගීමකින් තොරව වගේ එතීනා දිහා බලං හිටියේ හරියටම එයාගේ ඇස් දෙක දිහාමයි. ඒ ඇස් දෙක දිහා බලන වෙලාවේ ජමාල් නොදැක්කම නෙමෙයි පොඩියට හිරට ඇදල ඉන්න නුල් ඇදෙන පොඩි ඩෙනිම් කොට කලිසමෙන් යාන්තං උවමනා ටික විතරක් වැහිල තියෙන එතීනාගේ රන්වන් පාද යුග්මය. එක කකුලකට වෙර දීලා, ජමාල් දිහාම එබිල බලන් ඉන්න විත්තිය. ඒ අතරේ තාමත් යටි බඩ ගාවින් පල්ලෙහාට ඇදගන්න බැරි උන එතීනගේ සුදු පාට ටී ෂර්ට් එක, එයාගේ කලිසම තියෙන තැනත් එක්ක බැලුවම අඩි දෙකක් විතර ඇගේ කුට්ටියක් පේනවා. එතන මධ්‍යම ප්‍රමාණයේ චෙස් ලෑල්ලක් උනත් තියන්න ඉඩ තියෙන විත්තිය ජමාල් දැක්කා.

“අයි වෝන්ටඩ් ටු සේ ඉට්. බට් අයි ඩු නොට් තින්ක් යු වුඩ් හියර් ඉට්“

“යා.. ජමා.. යු මේක් මී ක්‍රෙසි. වයි ෂුඩ් අයි ඩු දිස් ෆෝ යු“

ඒ පාර නං එතීනගේ හඩ ටිකක් වෙවුලනව වගේ දැනුමම ජමාල්ගේ ඇගත් සීතල වෙලා ගියා. ඒ සැනින්ම ජමාල්ට මතක් උනේ එතීනා ඉස්සෙල්ලම හදුන ගත්ත විදිය.

ජමාල් පෙන්පෑල් ඉන්ටර්නැෂනල් එකේ රෙජිස්ටර් වෙලා යාළුවෝ හොය හොය ඉන්න කොට, අවුරුදු විසි හතරක කෙල්ලෙක් දාලා තිබුන ප්‍රොෆයිල් මැසේජ් එක දැක්කා.

Etheema Zion
Hilo Hawaii

Hey. For anyone who texts me will be gifted a KJV version of the holy bible.

CYa
Etheena

ජමාල් මේ මැසේජ් එක බලල කමක් නෑ පොතක් හරි ලැබෙනවා නේ කියල උත්තරයක් තිබ්බා. ඒකෙම ජමාල් ලංකාවේ බවත්, ක්‍රිස්තියානි ඉගෙන ගන්න කැමති බවත් ඒක නිසා මේ පොත ගන්න හිතුන බවත් කියල තිබුනා. ඊළග දවසේ ජමාල් ලොග් උනාම එතීනගේන් ආන්සවර් එකක් තිබුනා. “හරි මම ඔයාට ඒක එවන්නං. ඇඩ්‍රස් එක දෙන්න“. ජමාල් ඒ සැනින්ම ඇඩ්‍රස් එක දාලා තිබ්බා. ඒත් ඊළග දවසේ එතීනා කියල තිබුනා “ඔයාගේ රටේ කන්ට්‍රිකෝඩ් එක දෙන්න. නැත්නං අමාරුයි එවන්න“. ජමාල් පනදාගෙන නෙට් එකේ හෙව්වත් ලංකාවට කියල කන්ට්‍රිකෝඩ් එකක් හොයාගන්න බැරි උනා. අන්තිමට ගමේ පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලත් හොයාගන්න බැරි තැන, ගමේ තැපැල් සංකේත අංකය අරගෙන ඒක ලියල තිබ්බා. ඔය විදියට දවසක් දෙකක් ගියාම එතීනා මැසේජ් කරා, “හරි මං ඒක තැපැල් කරා. ඔයාට ලැබුනම කියන්න“ කියලා. ඒත් ජමාල් ඊට වඩා දෙයක් එතීනගෙන් ඇහුවා ක්‍රිස්තියානි ආගම ගැන. ඒ අනුව එතීනා එයාගේ ජීමේල් ඇඩ්‍රස් එක දුන්නම දෙන්න එක ටික දවසක් මේල් එක මගින් ආගම ගැන කතා කරා. හැබැයි ඉතිං ජමාලය දන්න ක්‍රිස්තියානියක් නෑ. ඌට තිබුන එකම උවමනාව මේ කෙල්ලත් එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් හදාගන්න විතරයි. 

ජමාල් හිමින්ම එතීනගේ හිත දිනාගත්තා, ජමාල් එතීනට පෙන්නල දුන්නා එතීනා හින්දා ක්‍රිස්තියානි ගැන ආසාවක් ඇති උනාය කියල. ඒකෙන් මේ කෙල්ලට ජමාල් ගැන පැහැදීමක් ඇති උනා. ජමාල්ට කියල දුන්නා ප්‍රේ කරන විදිය. ඒ විදියටම කරා කියල ජමාල් කිව්වම එතීනා සතුටු උනා. එතී දවසක් කිව්වා “මම ඊයේ කල්පනා කරා කළුවරේ ඉදගෙන එකම තරුවක් දිහා බලාගෙන.. ඔයා කොයි තරං දුරද ඉන්නේ“ කියලා. ජමාල් අනිත් පයින්ම කිව්වා ඊළග දවසේ ඔයා තරු දිහා බලන කොට මාව මතක් කරගන්න මොකද මම ඔයා ඉන්නවද හොයන්න අහස බලන් ඉන්නේ කියලා. එතී ඒකට කැමති වෙලා. දෙන්නා තරු දිහා බල බල තමන්ගේ හැගීම්, ආසාවන්, දුක, සතුට වගේ හුගක් දේවල් එකිනෙකාට කිව්වා. ඒකෙන් දෙන්න අතර හොද අනයොන්‍ය සම්බන්ධතාවක් ඇති උනා. එතී නිතරම හුගක් දේවල් ගැන ඉක්මනින් කලකිරෙනවා. කිපෙනවා. ජමාල් මේ තත්වය එතී ලියන එක වචන දෙකකින් අදුරගන්න පුළුවන් තරං සංවේදි වෙලා හිටියේ. මේ හේතුවෙන් දෙදෙනා අතර තිබුන සම්බන්ධය එන්න එන්නම වැඩි උනා. එක් අයෙකුට ප්‍රශ්නයක් නම් අනිත් කෙනා ඒක ඉක්මනින්ම හදුනගන්නත්,  උපදෙස් දෙන්නත් උනා.

මේ සම්බන්ධය නිසාම එතීට ඕන උනා ජමාල් බලන්න ලංකාවට එන්න. එතී මේක කිව්වම ජමාල් කැමති උනා එතීව බලන්න. අමතක උනා. එතී ජමාල් ට මාසෙකට සැරයක් ඩොලර් 200 ක් 300 ක් අනිවාර්යෙයන් එව්වා. මොකද  එතී එහේ පෙර පාසල් ගුරුවරියක්.

එතී මාසකට නිවාඩු අරගෙන සති තුනකට ලංකාවට වීසා හදාගෙන, එන්න කලින් දවසේ ජමාල්ට මේල් එකක් එව්වා.

“ඔන්න මම හෙට ඔයාගේ රටේ. මම දන්නවා ඔයාට මාව එක්කන් යන්න වාහනයක් නැති විත්තිය. ඒක නිසා මම දැනටත් පොඩි කාර් එකක් ගන්න හිතුවා රෙන්ට් එකට. මට පුළුවන් ඩ්‍රයිවින් කරන්න. ඔයා එන්න වෙලාවට එයාපෝට්. ඔයාව දකිනකං මට ඉවසිල්ලක් නෑ.“ කියලා

ජමාල් දැක්කා මෙතන අවුලක් වෙනවා. ජමාල් මේල් එකක් යැව්වා.

“මමත් ආසාවෙන් ඉන්නේ ඔයා බලන්න. හැබැයි මට කලින් කිව්ව වගේ ඔයත් එක්ක සති තුනක්ම ඉන්න විදියක් නෑ. මටත් ජොබ් එකට යන්න ඕන. ඒක නිසා සති දෙකයි මට ඔයත් එක්ක ඉන්න වෙන්නේ. හැබැයි අපි හම්බ උනාම කතා කරන්න දෙයක් තියෙනවා. ඔයා ඒක මතක ඇතිව අහගන්න“

එතී ලංකාවට ආවා. ඇවිල්ල ජමාල් එක්ක එයාපෝට් එකේ ඉදල පාමංකඩ ඇවිල්ල මල්කි එකෙන් පොඩි ඇල්ටෙක් ගත්තා රෙන්ට් එකට. දෙන්නත් එක්ක එහෙම්මම බෙන්තොට යන්න ආවා. එතකොට අළුත්ගම තිබ්බා සීසෑන්ඩ් හොටෙල් එක. ඒකට යන්න හිතාගෙන එන ගමන් ජමාල් කිව්වා වාහනේ නවත්තල අපි පොඩ්ඩක් කතා කරමු කියලා.

“එතී මම දන්නවා ඔයා මාව විශ්වාස කරනවා කියලා. ඒක නිසා අපි දෙන්න අතර මොන විදියෙන්වත් ලිංගික සම්බන්ධයක් තියෙන්න බෑ. අනික ඔයා දැක්ක වෙලාවේ අපි දෙන්න බදාගෙන ඉන්නකොට මට දැනුනා ඔයාගේ හැම ලේ බිංදුවක්ම ගලන විදිය. ඒක නිසා අපි එක කාමරයක හිටියත් ඔයා මගෙන් සෙක්ස් ගන්න හිතන්න එපා. මොන විදියටවත් මම ඔයාට කරදරයක් කරන්නේ නෑ. අපි ඒක ඩීල් එකක් කරමුද??“

එතී ජමාල්ගේ මේ විදියට කැමතියි. එතී තමන්ගේ වටකුරු ඇස් දික් කරගෙන ජමාල් දිහා බලාගෙන, එයාගේ අත ජමාල්ගේ අත උඩින් තිබ්බා. “ඕකේ ඉට් අ ප්‍රොමිස්“

ඉතිං මේ විදියට දෙන්නත් එක්ක සති දෙකක්ම රට වටේ සංචාරය කරමින්, එකිනෙකාගේ අත් අල්ලගෙන සතුටින් ගත කරා. ඒත් දෙන්නටම නොදැනී දෙන්නම රාත්‍රියට විදවන විත්තයක් හොදින්ම පෙණුනා. මොකද දෙන්න තැන් දෙකක් නිදාගත්තත්, දෙන්නම මහ රෑ වෙනකං නිදාගන්න බැරි තත්වෙකට පත් උනා. ඒත් කව්රුවත් ඒ බවක් අනෙකාට පෙන්නුවේ නෑ. එතී, අදින ඇදුම්, කරන දග වැඩ, කිසිම පැකිලීමකින් තොරව ජමාල් ඉස්සරහම පරිස්සමින් ඇදුම් මාරු කරන කොට එහෙම ජමාල් එතීගේ අඩ නිරුවත ලාවට වගේ දැක්කා. ඒකෙන් ජමාල් ගේ හිත කීරි ගැහිල ගියා. ජමාල් හිතුවටත් වඩා එතී හැඩයි. දගකාරයි ඒ වගේම එතීගේ කතා කරන ඇස්, පොපියන තොල් පෙති, නටන අත් පා දැක්කම ජමාල් එතීට වශිකෘත උනා. ඒත මොන දේවත් පිට කරගන්න බැරිව ජමාල් ලතැවුනා. එතී පවා ජමාල්ගේ දසුනෙන් සතුටක් ලැබුවා. ඒත් පොරොන්දු වෙච්චි විදියට එතීටත් ජමාල්ගේ ළගට කිට්ටු වෙන්නවත් බැරිව හිටියා.

ජමාල් සමුගන්න අන්තිම දවසේ අන්තිම වෙලාවේ එතී එනකල් වැල් පුටුවට බර දීල ඉන්න කොට, බාත්රෑම් එකේ ඉදල නැවුම් මල් සුවදක් වහනය වෙමින්, බාගෙට ඇදපු ඇදුමත් එක්ක වතුර බේරෙන එතීගේ කොණ්ඩෙන් එන පුසුඹත් එක්ක ජමාල් ට තවත් විදවන්න බැරි උනා. ජමාල් එතී එන දිහාම බලන් හිටියා. ජමාල්ගේ අත පය සීතල වෙලා වෙව්ලන්න ගත්තා. පපුවෙ සද්දේ කෝච්චියක සද්දෙටත් වඩා වැඩි උනා. තොල කට පවා සීතල වෙලා ජමාල් බලා හිටියා. එතී ටී ෂර්ට් එක අදිමින් ජමාල් ළගට ආවේ කතා කරන්න. ඒත් ඊට කලින් ජමාල් ඉස්සර උනා.


එතී ජමාල්ගේ මූනට එබිල එයාගේ ඇස් දෙක වටේටම කරකවනවා ජමාල් ඇස් අල්ලගන්න. ජමාල් හිමීට බිම බලාගත්තා. ඒ ගමන්ම අත් දෙකත් ඔළුවට තියාගත්තා. ළගටම ආපු එතී, ජමාල්ගේ උරහිස් දෙක උඩින් අත් දෙක තියල, හිමීන් පහත් වෙලා බිම බලන් ඉන්න ජමාල්ගේ මුන බැලුවා. එතකොට ජමාල්ගේ ඇස් දෙකේ තිබුන දුක දැක්ක හින්ද එතීටත් කදුලක් ආවා. දකුණු අතින් ජමාල්ගේ නිකටින් අල්ලල, ජමාල්ගේ ඇස් දෙක දිහාම බැලුවා. ජමාල්ටත් කරන්න දෙයක් නෑ එතී දිහාම බලන් හිටියා. එකිනෙකා ඇස් වලින් තමන්ගේ තනිකම, ආසාව හා වියැලුණු බලාපොරොත්තු දුටුවා. ඔය විදියට විනාඩියක් විතර ගියාම එතී, ජමාල්ව පුටුවට හේත්තු කරල ඔහොම ඉන්න කියල අතින් සන් කලා. ජමාල් කීකරු දරුවෙක් වගේ ඒ විදියට හිටියා. ජමාල්ගෙන් ඉවතට ගිය එතී, ටික වේලාවකින් ඇවිත් ජමාල්ගේ පිටිපස්සෙන් හිටගත්තේ, ජමාල්ට ඇහෙන්න සුසුමක් හෙලන ගමන්. ඒක දැනුනත් ජමාල් හැරිල බැලුවේ නෑ. එතී අත් දෙකෙන් ජමාල් ගේ උරේ උස්සල ජමාල්ව නැගිට්වල, අත් දෙකෙන්ම ජමාල්ව තමන්ගේ පැත්තට හැරෙව්වා. එකිනෙකා ඇස් දෙකෙන් විනාඩි ගානක් එකම දුරකින් එකම විදියට හිටියා. දෙන්නගෙම ඇස් වල කදුලු කැට වැටෙන බව දැක්කත් කව්රුවත් ඒවා පිහිදගන්න අතවත් සෙලෙව්වේ නෑ.

ප/ලි - කිසි කරදරයක් උනේ නෑ. එතී තවත් සතියක් රට වටේ ඇවිදලා එයාගේ රටට ගියා. ඒත් එතී ගියාට පස්සේ ජමාල්ගෙයි එතීගෙයි ඊමේල් ගිණුම් වලට නිතරම ලොග් වෙන්න දෙන්නටම උවමනාවක් තිබුනෙත් නෑ. ඒත් උවමනා වෙලාවට දෙන්නම කතා කරනවා. වැඩිය නෑ. දෙන්නම තාමත් විදවනවා මගේ හිතේ..


70 comments:

  1. හපොයි අන්තිම කෑල්ල මීට වඩා තේරෙන්ට ලියන්ට තිබුනේ නැද්ද? මම මේ තාම කල්පනා කරනවා. :)

    ReplyDelete
    Replies
    1. පොඩිඩි කිව්වේ අන්තිමම කෑල්ල ගැනද, හපොයි ඒක ඊට වඩා විස්තර කරාම ඩබල් එක්ස් වෙනවා නේ...

      Delete
  2. //ඒත් එතී ගියාට පස්සේ ජමාල්ගෙයි එතීගෙයි ඊමේල් ගිණුම් වලට නිතරම ලොග් වෙන්න දෙන්නටම උවමනාවක් තිබුනෙත් නෑ. ඒත් උවමනා වෙලාවට දෙන්නම කතා කරනවා. වැඩිය නෑ. දෙන්නම තාමත් විදවනවා මගේ හිතේ..//

    එතන විඳවීමකට වඩා දෙයක් තියෙනවා කියලා මට හිතෙනවා.... සමහර විට තාමත් ඒ දෙන්නට කතා කරන්න දේවල් තියෙනවා වගේ... සමහර විට කවදාවත් සැබෑ වෙන්නේ නැති බලාපොරොත්තුවක් වගේ දෙයක්....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ජමාල් බොරු මවාපෑමක් කරන්න ගිහින් තමන්ම විදවගන්න තත්වෙට තමන්ම පත් කර ගත්ත කියලයි

      Delete
  3. කෙස් පැලිලා ඉන්න වෙලේ තවත් මගුලක් ! :D

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ තෙල් ගාලා අව්වේ ඉන්නවද හැක්.. තැන්කුයි ඈ

      Delete
  4. හුඟ කාලෙකින් මේ පැත්තෙ ආවෙ මචන් :)
    සැහ් හරිම ලස්සනයි බං.. :)

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත.. තැන්කුයි මුදියෝ. මට හරිම සන්තෝසයි බොට කීබෝඩ් එකක් තියෙන එක ගැන

      Delete
  5. මිත්‍රත්වය , ලිංගික එක් වීම , විවාහය කියන කාරණා ගැන මට එළිපිට අදහසක් කියන්න බැහැ..තමන් ජීවත් වෙන පරිසර තත්ව අනුව වෙනස් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් මේවා පාහන්න අමාරු දේවල්. උඹ කිව්ව හරි එක් එක් තත්ව අනුව මේවා වෙනස් වෙනවා

      Delete
  6. අයියෝ මෙහෙම කාළකන්නි.. මට දුන්නා නම් මේ රටත් පෙන්නලා.. තවත් ඒවා පෙන්නලා, පිස්සු වට්ටලා යවන්නේ.. ජමාල් එක්ක නැතුව, තව සතියක් මේ රටේ උන්න නිසා අවුලක් නෑ.. නැත්නම් හිතයි මේ රටේ ඉන්නේ පොන්නයෝ කියලා... දැන් වෙන උන් එක්ක ඊ මේල් ගහනවා ඇති... අනේ මෙහමත් හරක්...

    ReplyDelete
    Replies
    1. @ මාතලං

      මම නං හිතන්නේ හැම බඩුවම තියෙන්නේ ගහන්න නෙමෙයි කියලයි.. හැක්..

      Delete
    2. @ මගියා

      - - - - - - - - - - - - -

      Delete
  7. ආදරයද රාගයද? වැදගත් ප්‍රශ්නයක්...

    ReplyDelete
    Replies
    1. කරූව මීට හුගක් කලින් එක දවසක් දැක්ක මගේ හිතේ.. ස්තුතියි ආවට මේ පැත්තේ.. හ්ම්.. චෛතසිකය අනුව වෙනස් වන උත්තර තමා ඒකට ලැබෙන්නේ

      Delete
  8. පහුගිය වෙසක් සතිය නේද...ජමාල් සිල් අරං ඉන්න ඇති බං

    ReplyDelete
    Replies
    1. ඌ සිල්ගන්නේ හිතෙන් ඒක නේ කේස් එක

      Delete
  9. මේක කියවන කොට මට මතක් වුණේම මාතලන්ව. මෙයාලව බාර දෙන්න තිබුණේ මාතලන් ට.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතිං උනුත් මස් කඩ වලට තමා දක්කන්න වෙන්නේ.. හැක්

      Delete
  10. ඇත්තටම මචං දේශකයා මේක හරිම රහයි. සුපිරියි. තව පොඩ්ඩක් ළුණු ඇඹුල් ටිකක් තිබුනානම් එළ. මාත් හදලා බලන්න ඕනි අදම. එළවලු තෙල් වෙනුවට පොල් තෙල් උණත් අවුලක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. දාගනිං මැසිතෙල්.
      - දේශකයා

      Delete
    2. @ අකමා

      තැන්කුයි අකමෝ.. ඕන තෙලක් දාගනිනං අවුලක් නෑ

      Delete
    3. හැක් හැක් හැක්...

      -ඇනෝ අකමා

      Delete
  11. ආදරයත් නෙවෙයි, රාගයත් නෙවෙයි, පසුතැවීම...

    ReplyDelete
    Replies
    1. ඊටත් එහා ගිය දෙයක් යසියෝ. නිකං සදාකාලික විදවීමක් වගේ..

      Delete
  12. මටත් මේ වගේ මූණු පොතේ ඇතිවෙච්ච හාද කමකින් ජපන් ජාතික තරුණියක් සැට් වෙලා හිටියා...එයා මට ජපන් භාෂාවත්...මම එයාට සිංහල සහ බුද්ධාගමත් ස්කයිප් වලින් ඉගැන්වූවා...මාස ගාණකට පස්සෙ ඇතිවෙච්ච පොඩි සිදුවීමක් නිසා මම එයාට බැන්නා. එතැනින් අපේ මිතුරුකමට කණකොකා හැඩුවා...ආයෙ කොච්චර උත්සාහ කලත් කලින් තිබ්බ සුහදතාව හදාගන්න බැරි වුනා.

    ReplyDelete
    Replies
    1. ජපං යන්ඩ නේද හැදුවේ

      Delete
    2. @ සිරා
      මටත් එහෙම අත්දැකීම් කිහිපයක්ම තියෙනවා. ලංකාවේ අපිට මචෝ ඇත්තටම අමාරුයි වෙන අය එක්ක කාලයක් කතා කරන්න.. අපේ අඩුපාඩුවක් තියේ මොනා හරි..

      Delete
    3. @ අටමා
      මූ අහල තියෙන්නේ ජපානේ දෙන්න බැරිද කියලයි. ඉතිං තරහ නොයාවියැ..

      Delete
  13. ටිකක් කල්පනා කරලා බලන්න වටින කතාවක්.

    ReplyDelete
    Replies
    1. මට මේ උඹව ළගදිත් මතක් උනා. වැඩක් නෑ නේ මුණූපොතේ නැනේ දැං.. ඉතිං වෙල්කම් කිව්වා.. කල්පනා කරන්නතං හුගක් දේ ඇත..

      Delete
  14. අන්තිමේ පසුතැවීමක්.. මට හිතුනේ නම් එහෙම..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම දෙයක් තමා. ඒක විස්තර කරන්න අමාරුයි..

      Delete
  15. තේරුනේ නැහැ බන්, තේරෙන්නට කියහන්කෝ.

    ReplyDelete
    Replies
    1. මේකේ මොනා කියන්න ද බං තව තේරෙන්න..

      Delete
  16. දේශකයා දැන් ආවේශ වෙලා,
    කතා පැට්ටෙරියක් දාල වගේ
    එක දවසක් මිස් උනොත් කතා දෙකක් මිස්
    මොකා වැහිලද යකෝ බොට?

    ReplyDelete
    Replies
    1. ජමාල් ඉස් ඒ හාඩ් කෝර් කැතොලික්, ?
      නො මැරේජ් නෝ සෙක්ස්

      නෝ මෝර් ශ්‍රි ලන්කන් බෝයිස්
      දේ ආර් ලයික් සේන්ට්ස්

      ජස්ට් එ වේස්ට් ඔෆ් ටයිම්!

      Delete
    2. @ දයල්
      හැක් හැක්.. නිකං හිතුනා දෙකක්ම දාන්න එක දවසේ..

      දිස් ඉස් නොට් අ ස්ටෝරි අබවුට් එ බොයි ඇන්ඩ් ගර්ල්. ඉට්ස් අ මැටර් ඔෆ් මියුචුවල් අන්ඩර්ස්ටැන්ඩින්

      Delete
  17. ඔබගේ ලිපිවල භාශා විලාසය මදක් සරල කරන්න. නැතිනම් ලිපිය කියවද්දී ජමාල් සහ එතී විදවනවට වඩා දුකක් අපි විදිනවා. නමුත්, ඔබේ දේශනා සහ කතන්දර ඉතා හොඳයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔබ කියන්නේ ව්‍යංගාර්ථය මීට වඩා ලිහිල් කරන්න කියන එක වෙන්න ඇති. නැත්නම් මම යොදාගන්නේ සරල වචන විතරයි නේ.. හැක්.. ඔබ විදවනවනං මම ලියපු එකේ වැඩක් නෑ.. පසුගිය දවස් වල මා ඔබව සෙව්වා. ඒත් පේන්න හිටියේ නෑ නෙවද???

      Delete
  18. මට නම් තේරෙන්නේ නැ අප්පා.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද ඉතිං.. මගේ වැරැද්ද. මගේ වැරුද්ද

      Delete
  19. මට මේ කතාවේ නොතේරෙන තැන් ගනනාවක් තියෙනවා. ඇයි ඇයි ඇයි කියලා ඔලුවට ආපු ප්‍රශ්න එකකටවත් කතාව ඉවර වෙලත් උත්තරයක් ලැබුනේ නෑනේ බං.

    ReplyDelete
    Replies
    1. මට සන්තෝසයි බොට ඇයි ඇයි කියල ප්‍රශ්න ඇති වෙච්චි එක ගැන..

      Delete
  20. මට නම් මදපමනින් තේරුණා කියාලා හිතනවා. චැට් එකේ සෙට් උන වෙලාවක සැක හැර දැනගන්නම් ඈ.. වැඩි බර වචන නෑ..කියවන්න ලේසි ටයිප් එකේ කතාවක් වුනාට රසවිඳින්න පුළුවන්. දෙබස් ගැලපීම එල...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි රයිටරයෝ. අඩුපාඩු කිව්වට තරහ වෙන්නැ බං මම..

      Delete
  21. මුලිංම කට වරද්දගෙනනෙ. ඉතිං කොහොමද.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා... ජමාල් මුලින්ම අනවශ්‍ය විනීත කමක් ගන්න ගිහිල්ල තමා ඔය වැඩේ උනේ..

      Delete
  22. සති දෙකක් එකට ඉදලත් කිසිම දෙයක් උනේ නෑ කියන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඒකත් ලොකු දෙයක් නේ බං.. නැද්ද

      Delete
  23. නිර්මාණයක තිබිය යුතු උත්ප්‍රාසය අඩුවක් නැතිව තියෙනවා. අන්තිමේදි මොකක්ද මේ වෙන්න යන්නේ කියල හිතාගන්ට බෑ. ඒත් නිර්මාණය අවසන් කරන හැටි නියමයි. පසු තැවිමටත්වඩා සංයමය සහ ඉවසිම තියෙනවා කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි දයා. අදහස මට හුගක් වටිනවා ඉදිරි දේකදී.. සංයමය හා ඉවසීම තියෙනවා කියන එක නං කතාවේ හැටියට අරුමක් නෙමෙයි මං හිතන්නේ..

      Delete
  24. මේක උබේ ස්වයං නිර්මාණයක්ද බන්...
    මට නිකන් හෝන්දු,මාන්දු වෙලා ගියා වගේ....

    ReplyDelete
    Replies
    1. ඇයි අවුල්ද,, හැක්.. මේකේ ලියන ඒවා මම නැතිව වෙන මොකා ලියන්නද බං.. අහුවෙයංකෝ උඹ මට කොහේදි හරි.. හැක්..

      Delete
  25. රාගයෙන් තොර සම්බන්ධතා ඕනි තරම් තියෙනවා බහුතරයක් අය පිලි ගන්න අකමැති...

    ReplyDelete
    Replies
    1. වෙනී.. මටත් ඕන උනා අන්න ඒ දේ පෙන්නන්න.. අපි හිතන්නේ එකට කාමරේ හිටියොත් වෙන්නේ ලිංගිකව එකතු වෙනවයි කියන එක විතරයිනේ..

      Delete
  26. හැබෑ සිද්දියක්ද මොකක්ද කියන එක අදාල නෑ - අපූරු කෙටි කථාවක්
    සිද්දිය මෙහෙම ලියන්නත් සෑහෙන සංයමයක් ඕනේ කියල හිතෙනව
    පරිණත ලියන්නකුගේ ලියනකුගේ ලිවීමක් කියෙව්වාසේ හැඟුණි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දොඩං අයියා. මට සතුටක් ඔබගේ අදහස් දැක්වීම..

      Delete
  27. සමහරක් තැන්වල මං අතරමං උනා බං

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹට හැගීම් දැනීම් තියෙනවා. ලාදුරු නෑ... හැක්..

      Delete
  28. හැබැයි රාගයෙන් තොර ආදරය මචන් රෝද නැති කෝච්චියක් වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. රාගය තියෙනවා බං. ඒක කොහේද නැත්තේ.. ක්‍රියාත්මක වීම තමා සන්තර්පනය කිරීම වෙන්නේ..

      Delete
  29. හ්ම්ම්.... ඔය වගේ දේවලුත් වෙන්න පුළුවන් තමා...... හැබැයි මුන් දෙන්න දෙන්නට කමති නම් විදෝ විදෝ ඉන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ. දෙන්න එක්ක කෙලින් කතා කරලා බැන්ද නම් අහවරයිනේ. අනේ මන්ද ඒ මට හිතෙන හැටි....

    ReplyDelete
    Replies
    1. ඒක තමා සමනලී, විස්තර කරන්න අමාරු. මොකද මිනිස් සිත ක්‍රියා කරන විදිය හරිම අරුමයි. සමහර වෙලාවට ඇදුං ගලවල ආදාධනා කරන කෙනා වෙන කෙනෙකුට, හැගිමක් වත් නොදී ඉන්න පුළුවන්. ඒ තරංම කාලය, දීපය, දේශය අනුව මිනිස් සිත වෙනස් වෙනවා.. ස්තුතියි ආවට..

      Delete
  30. නියමයි බං.... මිනිස්සු දෙන්නෙක් නිරුවත් වීම තුල රාගයට වඩා වෙනස් අපූරු හැඟීම් තියනවා. මේ දෙන්නගෙ විඳවීම අපූරුයි, ඒත් ඒ දෙන්නා අනිත් තේරීම කලා නම් එතන එහෙනම් කියන්න කතාවක් නැහැ. තමන්ට ඕන ඕන විදිහට විචාරය කරගන්න පුළුවන් කතාවක්....

    ReplyDelete
    Replies
    1. තැන්කුයි බං. උඹ නැතිව පෝස්ට්කටුවක් සම්පුර්ණ වෙන්නේ නෑ...

      Delete
  31. දේශා පොඩිට දුන්න උත්තරෙන් පස්සෙ තමයි මගෙ ටියුබ් ලයිට් එක පත්තු උනේ..

    ReplyDelete
    Replies
    1. චෝක් එක පොඩිඩි ගාව ඇත්තේ එහෙනං.. හැක්..

      Delete
  32. This comment has been removed by the author.

    ReplyDelete