Friday, June 7, 2013

සිරිපා වන්දනාව අංක 1

ඉස්කෝලේ එකොළහේ ඉදිද්දි අපේ උන්දැලට ඕන උනා සිරිපාදේ යන්න. ඒ මගේ දෙවැනි සිරිපා වන්දනාව. ඉතිං අපි දොළහක් විතර සැට් වෙලා දවසක් දාගෙන ඔන්න කොටුවෙන් නගින්න ගියා උඩරට මැණිකේට. හත් ඉලව්ව්වේ.. මඩයගේ තාත්තා ඇවිල්ල ඌව ඉස්ටේසමට දාන්න.. මඩයා දුවං එනවා.. “අනේ මචං දේශා මොකක් හරි කරපං. මම තාත්තට කිව්වේ අපි වොලිබොල් ටීම් එකේ සර් එක්ක මේ ගමන යනවා කියල බං“. දැං මොකද කරන්නේ ආතුරය මේ ළග ළගම එනවා. කොල්ලෝ ටික බෑග් ඔක්කොම කරේ තියාගෙන කෝචිචය එන එක බලන එක පැත්තක තියලා මඩයාගේ තාත්තා එන දිහා බලනවා.

හිත හිත ඉන්න වෙලාවක් නෑ. බැලුවා වටපිට. එළ කිරි. හොදට ඇදපු සර් කෙනෙක්ගේ හැඩරුව තියෙන පොරක් ඉන්නවා මං ළගම. ගියා පොර ගාවට. 

“අනේ අයියේ බෑ කියන්න එපා පොඩි උදව්වක් කරන්න“

“මොකක්ද මල්ලි“

“අයියේ මේ අපි සෙට් එක සිරිපාදේ යන්න හදන්නේ. එක යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් ඇවිල්ල ඉන්නවා. මිනිහා කියල තියෙන්නේ අපි සර්ල එක්ක ට්‍රිප් එක යනවා කියලයි. අනේ අයියේ පොඩි ඇක්ටින් පාරක් දාලා අපිව බේරගන්න. නැත්නං වැඩ් හබක්“

මම එක හුස්මට ඇරල දැම්මම මිනිහා ලාවට හිනාවක් දාලා හරි හරි කියලා මගේ නම අහගත්තා.

මම මඩයගේ තාත්තා ගාවට ගිහිල්ල එක්කං ගියා සර් ගාවට.

“අංකල් මේ අපේ වොලිබෝල් සර්. සර් මේ අපේ මඩයගේ තාත්තා“

ඔන්න ඒ පාර අපේ ගැලවුම්කාරයා වැඩේට බැස්සා. 

“හා.. මඩයගේ තාත්තා බය වෙන්න එපා. මාත් එක්ක තමා කට්ටිය යන්නේ. ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නේද දේශපුතා.. “

මාත් සැප කනේ තියාගෙන ඔළුව වැනුවම මඩයගේ තාත්තා සන්තෝසෙන් හිටියා. යාන්තං දන්න දහංගැට ඔක්කොම දාලා අංකල් කාරයා පන්නගෙන කෝච්චිය එන්න ඉස්සෙල්ලා ඇක්ටින් දාපු අයියට ලොකු තැන්කුයි පාරක් දුන්නම පොර කිව්වේ මොකක්ද දන්නවද?

“මල්ලිල, බොහොම පරිස්සමින් ගිහිල්ල එන්න. කව්රුවත් වැඩිහිටියෙක් නැති එකේ හරිද“

අපි ඉතිං ඔක්කොම ඒක හොදට අහගෙන ගොඩ උනා නෑ.. පැන්නා කෝච්චියට. ඒත් කනගාටුයි තුන්වැනි පන්තියේ ආසන නොමැත. හිටගෙන යාමක් හා තැලී යාමක් පමණයි ඉතුරු උනේ.

ටික දුරක් යද්දි ලකියා ඉදිරිය බලා ගොස් ආවා.

“ඒයි මචං. සෙකන්ඩ්ක්ලාස් ඉඩ තියෙනවා බං. යමං“
“අපෝ බෑ. උඹ කියන්නේ දඩ කන්න කියලද“ ඔක්කොම එක හඩින් කිව්වා.

“නෑ බං හිටගෙන ගියාට දඩ ගහන්නේ නැතෙයි කියල එතන හිටිය බාප්පා මට කිව්වා. මං කිව්වා 12 ක් ඉන්නවා කියලා“

අඩේ සන්තෝසේ බැරුවා ලකියගේ නැගෝෂියේෂන් කොහොමත් එළ. ගත්ත බෑග් ටික ගියා පෙට්ටියක මැදට. පෙට්ටියේ මැද තියෙන්නේ මොකක්ද දන්නවා නේ.. ටොයිලට්. කස්ටිය දැං බෑග් ටික රැක් වල දාලා පොඩි බජව්වක් දාන්නයි ලෑස්තිය. ඔන්න එතකොටම සැන්ඩ රැක් එකේ තිබ්බ මිනිහගේ බෑග් එක ගෙනැල්ල බිම තිබ්බා. ඔන්න ඒකෙන් එනවා එළියට ගල් තඩියක්. බොකා දුන්නේ සෝඩා සහ පකඩ. හිහි කියල කස්ටියම පළමු වටේ සොට් එක යැව්වා. දෙවෙනි බෝතලෙත් ඒ විදිය සුරුස් ගාලා ගියා. තුන්වෙනි එක මැද හරිය යන කොට බජව්ව එළට යනවා. ටොයිලට් එකේ ෆෝමිකා බිත්තියට ලකියා උඩ පැන පැන බෙර ගහනවා. සැන්ඩ බේස් ඩ්‍රම් එක වාදනය කරනවා බිත්තියේ. අපරාදේ කියන්නේ සැන්ඩයි ලකියයි ලේන්සු වලින් නහයයි කටයි වහගෙන හිටියේ මං හිතන්නේ.. මොන මගුලකටද මන්ද. බාප්පාල සැට් එකක්ම ඒ පෙට්ටියේ හිටියා වගේම උන් මේ සද්දේ දිරවන්නෙ නැති විත්තිය මුණු වලින්ම පෙන්නුවා.

එක පාරටම සලාං... සලාං. චිරි චිරි කියල සද්දයක් ආවා ටොයිලට් එක ඇතුලෙන්.. බජව්ව නැවතුනා. කොල්ලෝ ටික මුණු දික් කරගෙන සද්දේ පරික්ෂා කරනවා. ඒ අතරේ දඩොං ගාලා බාප්පාල එතැනට බැහැල. එකෙක් ටොයිලට් එක ඇරියා. අනාථයි. ඒකේ එල්ලල තියෙන කණ්නාඩිය බිම වැටිල කුඩු වෙලා. කොල්ලෝ අන්දොස් උනා. බාප්පල ඒකෙන් පොරවල් උනා.

“අපි බලං හිටියේ තොපි මෙතන බජව් දානව මහ සද්දේ. මිනිස්සුන්ට නිදහසේ යන්නත් බෑ. ඒ මදිවට රාජ්‍ය දේපළ හානි කරලා. අන්න අර මුණු වහපු උන් දෙන්න අල්ලගන්න. උං තමා ඒක කරේ. හරි ගනින්ල බලන්න ටිකට්“

අපි ටිකට් දුන්නම දෙන්නෙකුට විතරයි සෙකන්ඩ් ක්ලාස් තිබුනේ. ඒත් එකෙක්ගේ ටිකට් එක අනිත් පැත්ත ගහල පරික්ෂා කරපු බාප්පා,

“තමුසෙගේ ටිකට් එකේ විදියට ගෑනියෙක් නේ යන්න ඕන.. බලනවා මේක වොරන්ට් ටිකට් එකක්. “

“අනිත් උන් ඔක්කොම තර්ඩ් ක්ලාස් ටිකට්. ගනිල්ලා බෑග් ටික.. වරෙල්ලා එකා පස්සේ එකා..“

සැන්ඩා බෑග් ගනිද්දි බොතලේ බාගේ ඩිග් ගාලා වැටුනා.

“තොපි අරක්කුත් බිව්වද, ගනිං ඕක. .තව තියනවද බෝතල්.. අපි පර්ක්ෂා කරන්න කලින් ඒවා දීපල්ලා. නැත්නං අපි අරගෙන ඒවා සීල් තියනවා.“

අනේ ඉතිං උංගේ බහට අවනත වෙලා බෑග් අස්සේ තිබ්බි බෝතල් තුනක් උන්ට දුන්නම උන්ට ටිකිරි හිනා යනවා අපි දැක්කා. 

“තොපි ගාව ආයුධ එහෙම තියෙනවද“

“නෑ සර් මුකුත් නෑ“

“හරි එහෙනං යමල්ල. ඊළග ඉස්ටේසමෙන් තොපි බස්සල පොලිසී ගෙනියනවා.“

දැං කට්ටියටම වෙව්ව වෙව්ල එකා පස්සේ එකා ගාඩ් රූම් එකට යනවා. අපි දොළහ ඒකට ගියාම, බාප්පාල දහයක් විතර ආරක්සාවට අපි වටේ ඉන්නවා. 

“හ්ම් බැහැපල්ල.. බැහැපල්ල.. කාලකන්නි“

අපි ඉතිං බැහැල ආරක්ෂාව යටතේ දැං ඉන්නේ පොල්ගහවෙල ඉස්ටේසමේ.. අර යක්කුන්ගේ ඔපීසියේ. මුං දැං අපේ දඩේ හදනවා.. ඒත් යන්න දෙන පාටක් නෑ. අපිට ගෙවන්න සල්ලිත් නෑ. දැං හවස් වෙලා. එකෙක් ඇහුවම අද යන්න දෙන්නේ නැද්ද කියලා, “හිටපල්ල අර බින්ද වීදුරුවේ ගාණ කොලඹින් කියනකං. ඊට පස්සේ දඩ ගෙවල යන්න පුළුවන්“

“හ්ම්. දැං ඔන්න හරි.. තමුසෙලගේ දඩේ රු. 2650 යි. අලාභහානිය රු. 960 යි. එතකොට ඔක්කොම 3610 යි. ගෙවනවද“

අපි එක එකාගේ මුණ බලන්න ගත්තා. කොහෙන් ගෙවන්නද? යන්තං පොකට් ටික හුරල දාලා බැලුවත් තුන්දාහක් හොයාගන්න බෑ. මොකද කරන්නේ.. අපි කිව්වා මෙච්චරයි තියෙන්නේ කියලා. උන් ගෝරනාඩු කරා. එහෙනං උසාවි දානවා කියලා. මට චූ යන්න සයිස් එකට ඇඩුනා.. ඒක අහලා..

“ආ.. තමුසේ මොකද අඩන්නේ..“

“නෑ සර්.. උසාවි දැම්මොත් ගෙදර යන්න විදියක් නෑනේද“ මං අඩ අඩ උත්තර දුන්නා. 
“ඔව් උඹලව හිරේට දානවා“ ඒක අහල දැං මාත් එක්ක තව එකෙක් අඩනවා. 
“අනේ සර් එහෙම කරන්නා එපා. අපේ අම්මලට බොරු කියලයි ආවේ.. “ කියල ට්‍රම්පට් අඩනවා. අපි දෙන්නගේ ඇඩිල්ල අහන් හිටපු එතන ඉන් චාර්ජ් කාරයා තියෙන ගානක් ෂේප් කරල යන්න දෙන්න කියල ඕඩර් කරා.

“ඔන්න මේක කරන්නේ.. තොපි දෙන්න අඩපු හිනදා. නැත්නං මේවා නීතිවිරෝදි වැඩ. අපිත් ගස් යනවා“ එහෙම කියල තියෙන ගානට දඩේ ගෙවල දැං අපි නිදහස් උනා. එතැන එකම ප්‍රශ්නයයි. දැනට තියෙන්නේ ටිකට් ටික විතරයි. ඉදිරියට යන්න පුළුවන්. ඒත් එන්න බෑ. ආපස්සට යන්නත් බෑ. කන්න කියල එක කඩල ඇටයක් වත් නෑ. ඒ මදිවට මහන්සිය. තෙහෙට්ටුව. විදවිල්ල.

දැං හවස 2 වත් වෙන්න ඇති. අපිට ආයේ සිරිපාදේ යන්න නං මේල් එකේ යන්න ඕන. ගෙදර යන්න නං 3 ට ද කොහේද එකක් තියෙනවා. මොකක් කරන්නත් දැං බඩගින්න යවා ගන්නත් ඕන, සල්ලි තියෙන්නත් ඕන. කස්ටිය සාමුහික තීරණයකට ආවා.. ගෙදර යන්න. හැබැයි සල්ලි... ඔව් කියන්න දුකයි අපි හිගාකන්න තීරණය කරා. ඔව් අනේ.. පාරක් පාරක් ගානේ ගිහිල්ල අපේ දුක කියල කියක් හරි හොයාගන්න. ඔය විදියට පොල්ගහවෙල ටවුමේ අස්සක් මුල්ලක් නෑර ඇවිද්ද දුක කිය කිය.

හුගක් අය උදව් කරා. ඒ අතරේ උදව් නොදීපු අයත් හිටියා. ඒත් මේ පොඩි කොල්ලෝ ඉන්නේ බඩගින්නෙත් කියල දැන ගත්ත ස්ටේසම පිටිපස්සේ ගෙදරක අයිය කෙනෙක් අපිව එහාට එක්කං ගිහිල්ල පාං ගෙනැල්ලා සම්බොලයක් එක්ක කන්න දුන්නා. අර බාප්පාලට බැන බැන. හැබැයි අපි මොන වෙලාවකවත් කිව්වේ නෑ අපි බීල විකාර කරයි කියලා. හැක්.. ඒක ඒ වෙලාවේ දිව්‍ය භෝජනයක් වගේ කට්ටියටම දැනුනා. ඔය රවුම ගහල එනකොට ගෙදර යන්න කෝච්චියක් නෑ. දැං ආයේ සාකච්ඡාව. හිකා කෑමේ ප්‍රතිපල ගැන. ඔක්කෝම එකතු කරල බැලුවම අපි දඩ ගෙව්වට වැඩිම ගානක් තියෙනවා. දැං පොඩි සතුටක් එනවා. ඒ පාර තීරණය ආපු ගමන සිරිපාදේ යන්න නේ. එහේ යමු කියල. එහෙම හිතල නයිට් මේල් එකට කස්ටිය නැග්ගා. 

ඊට පස්සේ මොකද උනේ කියල පස්සේ කියන්නං.. මේක දිග වැඩියි වගේ..



48 comments:

  1. අඩේ එල ගමනක් නේ ගිහින් තියෙන්නේ.ඔය කාලේ බොන්නත් හහිඟා කනවනේ...

    ReplyDelete
    Replies
    1. එළම තමා. හැබැයි කාපු කට්ට මතක් වෙන කොට එපා වෙනවා බං

      Delete
  2. තොපිට ඔහොම වෙලා මදි. පොදු ප්‍රවාහන සේවයේ මෙහෙම පිසු කෙලිනවද බන්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මොනා වෙන්නද ඉතිං.. කෙලින පිස්සු වල හැටියට

      Delete
  3. අම්මෝ දේශකයා මාර වැඩක්නේ වෙලා තියෙන්නේ. ඔය තත්ත්වෙට පත්වෙච්ච සෙට නං අනංත දැකලා තියනවා වේයන්ගොඩ මිරිගම බස්සලා ඉන්නවා. අර අයියනං දෙයියෙක්ම තමා. එතකොට දේශකයත් ඒ කාලේ ඉදලම ගල් තමා නේ.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් සැමදා ගල් තමා.. ඒ අයියා එදා කන්න දීපු එකට ස්තුති කරල අපි පස්සේ ලියුමකුත් දැම්මා..

      Delete
  4. මට හිනා පොකුරක් පැන්න මේක කියවලා...ආතල් සාගරයක් නොවැ...මමත් ඔය විදියට බදුල්ල නයිට් මේල් එකේ පඩි පෙලට වෙලා හීනියට අඩියක් එහෙම ගහගෙන නුවර එළි ගිය ගමනක් තමයි මතක් වුනේ...හැටන් වලදි අපේ බෑග් හොරකම් කරගෙන යන්න හදපු එකෙක්ට අපි නෙලුවා වෙරි බහින්න....හැක් හැක්....

    ReplyDelete
    Replies
    1. මම ඉතිං තනියෙන් නෙමෙයි ගියේ මගේ අතිජාත බොක්කවල් සැට් එකක් එක්ක...ගල් බෝතල් 3 ඉවරයි කොළඹින් නානු ඔයට එද්දි. අපි හිටියෙ 5 දෙනයි...අපේ බෑග් එක ඉස්සුවා කියලා අපි ගහපු මිනිහා ලග තිබිලා තියෙන්නෙත් අපි ලග තිබුන වර්ණයේ ඒ වගේම බෑග් එකක්....හැටන් වලදි කලුවරේම ෂේප් වෙලා කෝච්චියට ගොඩ වෙලා තමයි ජාමෙ බේර ගත්තෙ...නැත්නම් තාම ගුටිකනවා.

      Delete
    2. බීල වෙරි උනාම කොකු හොය හොය යනවයි කියන්නේ ඕකට තමා.. අහුඋනානං ඉතිං තාම කනවද කියලත් අහනවා. හැක්..

      Delete
  5. හෆොයි වෙලා තියෙන දෙයක්.
    මගෙත් දෙවෙනි සිරිපා වන්දනාව තමයි කෝච්චියෙ ගියේ. අපිනං බණ්ඩාරවෙලට බස් එකේ ගිහිල්ල එතනිං නැගල හැටන් වලට ගියා. බුදියගෙන යන්න ඉඩ තිබුණ කෝච්චියෙ. ඒ උනාට අපේ උං ගියේම ෆුට් බෝඩ් එකේ. ඒ කාලෙ ඉතිං බියර්, සිගරට් තමයි. අන්තිමට හුළං වැදි වැදි ගිහිල්ල හැටන් වලිං බැහැපුවහම නිකං කරකෝල අතඇරිය වගේ උනා.
    හැටන්වලින් බැහැල ස්ටේෂමේ ඉන්න සීටීබී ටයිම් කීපරයව ෆිට් කරගෙන උගේ කාමරේ අස්සෙත් සෙට් උනා.

    ReplyDelete
    Replies
    1. //සීටීබී ටයිම් කීපරයව ෆිට් කරගෙන උගේ කාමරේ අස්සෙත් සෙට් උනා.// :D
      any comments..:D

      Delete
    2. ටයිම් කීපරයගේ කාමරේ සැට් වෙන්නත් ඉතිං හෙන ගේමක් දෙන්න එපායැ.. වෙලාවට ප්‍රසා ඕව ලියන්නේ නැත්තේ.. හික්..

      Delete
  6. හපොයි කරලා තියෙන වැඩ. බලමු දැන් සිරිපාදේ ගිහින් මොනවද කරන්නේ කියලා :)

    මම කවදාවත් සිරීපාදේ ගිහින් නෑ.:(

    ReplyDelete
    Replies
    1. දුකේ බෑ මෙයා මමත් ගිහිල්ලා නෑ තාම...

      Delete
    2. @ පොඩ්ඩි
      ඕවා මොන වැඩද මෙයා. ඉදිරිය බලන්නකෝ..
      ලංකාවට ආවම අපි යමු.. හැක්..

      Delete
    3. @ සිරා
      උඹත් හරියට අර විමල් වගේ පොරක්ද කොහේද. හිහි

      Delete
    4. මමත් තවම ගිහින් නැහැ .බන් ..

      Delete
    5. හරි හරි නොවැම්බර් ආවම යමං බෝතල් දෙක තුනකුත් අරගෙන එහෙනං

      Delete
  7. ව දවස්වල අපේ ජෝලියත් ටිකට් නැතිව කෝච්චියේ යන එක.

    ReplyDelete
    Replies
    1. අපිත් ඒ දවස් වල යනවා.. ඔය ස්ටේෂන් ගණනාවකදිම පැනල දුවලත් තියෙනවා ඒ කාලේ.. මරු මතකයක් ඒක

      Delete
  8. මටත් එක පාරක් සෙට් උනා නියම පෝරියල් එකක්..හැබැයි පුතෝ මම හිතේ හැටියට ගත්තා වාඩුව..දඩ වලින් 35% කට වඩා කොටසක් යන්නේ බාප්පලාට ..මට හරියට ප්‍රතිශතය මතක නැහැ...මොන දිගක්ද බන් ඔහේ ලියපන්..හැලපෙගෙන් පස්සේ කෙටිම පෝස්ට් තියෙන්නේ උඹෙ විතරයිනේ..

    ReplyDelete
    Replies
    1. හැලපයත් එක්ක නං බෑ තමා. හැක්.. අපි ඉතිං පොඩි ඈයෝ නෙව ඔය පර්සන්ටේජ් ගැන දන්නෑ බාං

      Delete
  9. මටත් තවම ශ්‍රි පාදේ යන්න පිං මදි.රසබර සිදුවිම් නේ දේශකයාටත් කියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙන්න් මෙයත් ගිහිල්ල නෑ.. අනේ අම්මප.. හැක්.. රසවත් වෙයිද ලොවෙත් නැති වෙයිද බලන්න ඉදිරියට..

      Delete
  10. හා ඉතුරු ටිකත් කියපං බලන්න...

    ReplyDelete
    Replies
    1. හිටපං ඉතිං පොඩ්ඩක් පනින්නේ නැතිව..

      Delete
  11. පොඩි ළමයි බීම වැරදියි. ඒකට නීති හදලා තියෙන්නේ තේරුමක් ඇතුව. ආදිනව මෙතනින්ම පැහැදිළියි!

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ඔය නීති තේරෙන්නේ නෑ නේ ඒ කාලේ. ආදිනව නං පැහැදිලියි. බෝතල් තුනහමාරක් නැති උනාම. හැක්

      Delete
  12. යකෝ පොදු තැන්වල කන බොන කොට පරිස්සමට කොරගන්න එපැයැ බං අර නිකං තියෙන අහවල් එකේ වෙජිමයිට් ගාගෙන නේව හික්ස් හැබැ දැන් මතක්වෙනකොට පස්ට ආතල් නේද බං

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියනනේ.. පරිස්සම කනපිට ගියා නේ ගල් වලින්.. හැක්.. ආතල් කියල දැන්නං කියන්න පුළුවන්. හැබැයි ඒ වෙලාව නං වෙව්ලුවා..

      Delete
  13. මගෙත් මුල්ම ශ්‍රීපාද ගමන කෝච්චියෙ...ඊට පස්සෙ නං හතර සැරයක්ද කොහෙද ගියා ඔක්කොම බස්වල ගියෙ.
    අපේ පුතා කවදාවත් ගිහින් නෑ ආසාවක් තියෙනව එක්ක යන්න.

    ReplyDelete
    Replies
    1. කෝච්චියේ යන එක තමා කවදත් ෆන්.. හැලපුතා එක්ක යමු මේ පාර ආවම..

      Delete
  14. ඒකනේ කියන්නේ හොඳ සිතුවිල්ලෙන් කොහොමද වන්දනා ගමං යන්නේ කටිටිය මගදි සෙට් වෙලානේ..අපරාදේ බෝතග් තුන හමාරක්. ටික්කන්ට අවුරුදු තියෙන්නැති එදා දවසේම

    ReplyDelete
    Replies
    1. අපිට පස්සේ තමා ඒක කල්පනා උනේ. ඒත් බයට ඉල්ලල නෑ අයිති කාරයෝ.. උන් ඉතිං අරුං වගේ හරක් කිය කිය රෑ හොදට සෙට් වෙන්න ඇති. තරහේ බෑ උන් එක්ක..

      Delete
  15. මම තාම එක පාරයි ගිහින් තියෙන්නේ.. ආයෙම පාරක් යන්න ඕන..

    බලමුකෝ මෙයාලගේ ගමනේ ඉතුරු ටික.. ඔක්කොටම කලින් සෙට් වෙලා නේ..

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං ආසාවට ඒ දවස් වල කරන එකම දේ සෙට් වෙන එක තමා.. හැක්.. මම නං හිතන්නේ එක පාරක් ගියාම හොදටෝම ඇති කියලයි..

      Delete
  16. නියම ඇඩ්වෙන්චර් එකක්නේ.

    අපෙත් තියෙනවා ඔහොම සිරීපාදේ ගිය කතාවක්. නමුත් දැන් තියෙන තත්වයට අනුව ප්‍රචාරය කරන එකත් ප්‍රශ්ණයක් බං. අර එක එක අන්තවාද නිසා. මම ඔය බ්ලොගේ දාන්නේ හොඳට තාර බර ඇටපු දාන්න පුලුවන් ඒවා විතරයි.

    බලමුකෝ ඉතුරු ටික.

    ReplyDelete
    Replies
    1. අපෝ උඹ හරිම පිළීවෙලක් ඇතිව නේ මේක කරන්නේ. බින්දි ගාව උඹ අඩලත් තිබ්බ එක්ක.. හැක්.. ඉතිරි ටික දෙන්නංකෝ. ඉක්මනට

      Delete
  17. නියමයි..... ආතල් එක උපරිමෙන්ම අරන් ඈ....කට්ටිය සෙට් වුනාම ඉතින් බ්‍රේක් නෑනෙ.. හොඳ නරක, තැන නොතැන පේන්නෑ..අනුන්ගෙ වතුවල හොරෙන් පොල් කඩන්න ගිහින් බජව් දාන්න යන්න හොඳ නෑ, ගිය වැඩේ හොරාට කරගෙන එන්න ඕනා..

    තෝ කමෙන්ට් වලට රිප්ලයි කරේ නැත්නම් ගහනවා උස්සලා පොලවෙ, ගෙම්බා ගහන්නැහැ..

    ReplyDelete
    Replies
    1. අනේ බං වදින්නනං උස්සල ගහන්න එපා.. මොකද උඹට අමාරු වේවි.. හැක්. සෙන්නා උඹ හින්දා තමා මම අද මේ උත්තර දීල අනිත් එක දාන්න හදන්නේ. නැත්නං උත්තරත් සදුදා ඉතිරි කොටසත් සදුදා. (මම අනිවා උත්තර දෙනවා බං.. ඒත් ටිකක් විතර ප්‍රමාදයි) හොද නරක නොදැන කරපු වැඩක් තමා මේ.. හැක්

      Delete
    2. වෙඩි වගේ උත්තර දීලා තියෙන්නෙ ඔය..අන්න එහෙම වරෙන්...

      ඒ කියන්නෙ උබ, කාලා කාලා පුස් ඌරා වගේ මහත් වෙච්ච පත තඩියෙක් වෙන්න ඕනා.. :D

      අනිත් කොටස ඔයිට් හපන් කියලා තමා පෙන්නුම් කරන්නෙ..

      Delete
    3. හැක් හැක්.. අවුල තියෙන්නේ මචෝ උත්තර දුන්නට පස්සේ මගේ අත කහනවා ඊළග එක දාපන් කිය කිය. ඉතිං අමාරුවෙන් ඉවසනවට වැඩියා අළුත් එක දාන්න ඉස්සෙල්ල උත්තර දීල හිටියම මට ඇගට පහසුයි නේ බං ඒකයි..

      Delete
  18. බලපන් දැන් වැරදි කියක් කරලද කියලා..
    1)ගෙවල් වල වැඩිහිටියන්ට බොරු කීම.
    2)මත්පැන් පානය.
    3)රාජ්‍ය දේපළවලට හානි සිදු කිරීම.
    4)සිගමන් යැදීම.
    සිරිපාදේ නැගලා බහිනකොට තව වැරදි කියක් එකතු වේවිද....?
    හරි නම් කරන්න තිබුනේ තොපිලාව අරින්න 18 අවුරුදක්වත් හිරේ....

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඊළග කොටස් දැම්මම උඹේ ලිස්ට් එක අළුත්වැඩියා කරගනිං හොදේ..

      Delete
  19. ඉගෙන ගන්න ළමයි අම්මලාට බොරැ කියල. ජරාව බීල මේ යන්න හදන්නෙ කොහෙද? සිරීපාදේ..... කළ පව් ඒ වෙලාවෙම කස්ටියට පඩිසන් දීල.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. දුක තමා රංජනී කියල අපි යනවා සිරිපාදේ. එන්න යන්න..

      Delete
  20. මම හිතුවෙ මේකට කමෙන්ට් එක දැම්මා කියලා.. අනේ අපිටත් යන්න තිබුනනම් මේ විදිහට නිදහසේ?

    ReplyDelete
  21. සිඟාකා සිරිපා කරුණාකිරීම දෙ ආත්මෙදිම අපාසුව විඳින්නට හේතු වාසනාවේවා.. එහේ යනකොටත් යම පල්ලන්ට දෙන්න ගල් බෝතල් මල්ලේම පහලවේවා.

    ReplyDelete