Friday, February 8, 2013

නිවන් සැප ලැබේවා!!!!

කදුලු දකින්නෝ... නිතර අඩන්නේ
සතුට සොයන්නෝ... නිතර තැවෙන්නේ
මගුල සොයන්නෝ... නිතර සොයන්නේ
නිවනට යන්නෝ... නිති සැනසෙන්නේ

ඔන්න ධර්ම දේශනාවක් පවත්වන්ට කියල හිතාගෙන පොඩි කවි කෑල්ලක් එහෙම ලියලා, හිතට වදින විදියට මොනවා හරි ලියන්න ඕන කියල හිතුනේ, මේ අපේ මනසින් දිවියට ලියන ගයානි හින්දා.

ගයානි කියනවා එයාගේ ජීවිතේ එයා ජය ගත්තේ බෞද්ධ දර්ශනය නිසාය කියලා. අනෙක් එක ඒක හින්දම එයා බෞද්ධ දර්ශනයට ඉමහත් ඇල්මක් දක්වන බවත් මට මේ මෑතකදී ප්‍රකාශ කොරා.

ඉතිං ආයුබෝවන්ඩ මම නං ඔය බෞද්ධ දර්ශනය කියන මහ මෙර ළග ඉන්න සුට්ටං බට්ටිච්චෙක් වෙච්චි කොට අමුතුවෙන් දර්ශන දාන්න ඕන නෑ නෙව. 

ඒත් මට මේ හලාල් හරාම් පුරස්නෙත් එක්කම හිතේ නොයෙකුත් වාද විවාද තිබුනා. මොකද අපි ඇත්තටම යම් කිසි ආගමක දේශනා කරන ලද ධර්මය ඒ විදියටම පිළිපදිනවද කියන කාරණය ගැන. 

අනෙක් එක මතකද ගිය අවුරුද්දේ කපිලවස්තු මහා නිධන් රාජයා ලංකාවට ගෙනැල්ලා දෙපතුලක් දෙපතුලක් ගානේ වන්දන්න කොයි තරං මහන්සි උනාද කියල. අපරාදේ කියන්න බෑ කියන සැනින් සුදු ඇදුමක් දාගෙන විජහට දුවගෙන ඇවිල්ල හැතැම්ම ගණන් දිග පෝලිං වල ලැගල යන්ත තිරිකෝණ කෑල්ලකින් ඇතුල දිහා දුර ඉදල බලා ඉදල (ලොකු එල් සී ඩී ස්කිරිඥඤ එහෙමත් දාලා තිබුනේ) මහා ශ්‍රද්ධාවෙන් සාධු නාද දී ඒකාලෝක කළ ඒ මහා ගිනිවිජ්ජුම්බරය ගැන මම කලින් ලියපු එකක් මෙතන ඇති.

හරි අපි ඒක පැත්තක දාමුකෝ... එහෙම කොහොමද පැත්තක දාන්නේ.. ගෞරව කළ යුතු දේකට පෙරලි පෙරලි වැදීම කියන දේ සාධාරණය කරන්නේ කෙසේද? ඒකත් හරියට අර අල්ලාගේ දේව නියෝජිත නබි උතුමා කුරානයේ පහල වූවායැයි කියන දේශනාව වගේ. “සත්වමස් කන්න ඕන නං, තමන් ගිනියම් වෙච්චි යකඩයක් උඩ නැගල ඒ සතාව මරන්න කියන එක“ දැං ඒ පහල වෙච්චි දේශනාව ඒ විදියටම වෙනවද? ඔන්න හලාල්... 

රත් වෙච්චි යකඩේ උඩ ඉදං සතා මරන්න

රත් කොර නිවාගත් යකඩයක් උඩ ඉදන් සතා මරන්න

යකඩයක් උඩ ඉදන් රත් වෙච්චි කූරකින් සතා මරන්න

නෑ නෑ.. යකඩ පිහියක් රත් කරලා සතා මරන්න

ඔන්න හලාලුත් උනා. ඒ කිව්වේ නබි උතුමා ඒ කාලේදි වදාළ කුරානයේ දේශනය දැං වෙනස් වෙච්චි විදිය.

එතකොට ඔය අපේ බෞද්ධයන්ටත් කියන්න දෙයක් තියෙනවා.. නිවන් සැප ලැබේවා.. කව්ද මෙහෙම කිව්වෙ.. බුදු හාමුදුරුවෝ දේශනා කළාද?

ඔව් නේ.. බුදුන් වහන්සේ දේශනා කළා.

ඇවැත්නි, නිර්වාණය ඉතා උතුම් දෙයකි එය අවබෝධ කරගන්න

මේක කාලයක් තිස්සේ වෙනස් කම් වලට භාජනය උනා. දැං තියෙන තත්වය බලන්න.. 

දැං නිර්වාණය අවබෝධ කරගන්නෙයි කියල ප්‍රාර්ථනා කරනවද?? ඒ කොහොමද? මොන වෙලාවටද? අනිවාර්යයෙන් නිවන් සැප ලැබේවා කියලා කියනවා මැරිච්චි වෙලාවට..

හත්දෙයියනේ මේ ජීවිතේදි නිර්වාණය අවබෝධ කර නොගත්ත මිනිහා කොහොමද මැරිච්චි ගමන් නිවන් සැප ලබා ගන්නේ... අනිත් එක සමාජය තුල තියෙනවද නිවන් සැප ලැබේවා කියල දෙයක්.. නෑ.. 

ඒක දැං සමාජයේ පැතිරී ඇත්තේ හරියට උදේට ගුඩ් මෝනින්, රෑට ගුඩ් නයිට් වගේ පදයකට පමණයි. මැරුණම නිවන් සැප ලැබේවා!! ඒක නේ මැරිච්චි ගමන් මරණ දැන්වීමේ නිවන් සැප ලැබේවා, තොරනේ නිවන් සැප ලැබේවා.. මම දන්නවා උඹලත් මේකේ හෙඩිම දැක්කම හිතුවේ මොකෙක් හරි මැරිලයි කියල නෙව.. ආ.. බොරුද මං කියන්නේ.. 

නිර්වාණය යනු කුමක්ද?

ත්‍රිපිටකයේ ඒ ගැන සදහන් වන්නේ මෙහෙමයි, 
සූත්‍ර පිටකය, දීඝ නිකාය, මහා සතිපට්ඨාන සූත්‍රය

භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථා කර මෙසේ දේශනා කළාහුය. “මහණෙනි, සතර සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිඳු වීම පිණිසද , ශෝක කිරීමය, වැළපීමය, යනාදීන්ගේ ඉක්මවීම පිණිස ද, කයෙහි හා සිතෙහි හටගන්නා දුකය, යන මොවුන්ගේ දුරලීම පිණිසද , ඥාන නම් ලද ආර්ය මාර්ගයට පැමිණීම පිණිස ද, නිර්වාණය අවබෝධ කිරීම පිණිස ද, එකම මාර්ගය වන්නේය


මේ කියන්නේ මොකක්ද? 

ඔබට නිර්වාණය යනු අවබෝධ කර ගත යුතු දෙයක් මිස කිසිවෙකු පැතුමකින් පැතුවාට, කට රිදෙනකං කිව්වාට ලැබෙන දෙයක් නොවන වග නොවේද? මිනිසෙකු උපන් දා පටන් තමාගේ මරණය දක්වා කොතරම් වැරදි වැඩ කොරනවාද කියා ඔබට එක් කොලේක ලියා තැබිය හැකි යයි මා නම් විස්වාස කරන්නේ නෑ..

සමහර අවස්ථාවල මම සතියක් තුල කරන වැරදි ලියා තියන්නත් එක කොළයක් මදි වේවි මගේ හිතේ. ඒ තරං වැරදි කොරනවා.. ඒත් ඇයි අප්පා මැරිච්චි ගමන් මිනිහෙකුට නිවන් සැප ලැබෙන්නෙයි කියා කියන්නේ.. එහෙම කරන්න පුළුවන්ද? 

මම වැරදි කරපු මිනිස්සු මම මැරුණත් මට බනින එක බනිනවාමයි, “ඕකා අපායේ ගිහිල්ල ලෝදිය නොගිල්ලොත් තමා පුදුම“ කියලා. ඒ අතරේ හැමෝම අනේ අනේ ඔයාට නිවන් සැප ලැබේවා කියල කියනවා..

නිර්වාණය අවබෝධ කරගන්නේ බෞද්ධයා පමණද?

සහතිකව මම නං හිතන්නේ බෞද්ධයා පමණයි නිර්වාණය කියන සංකල්පය පිළිගන්නේ. ඒ වගේම එහි ගැඹුරු බව අප තේරුම් නොගත්තත් එය මේ ලෝකයේම තියෙන ගැඹුරුම දෙය බවයි මා නම් විස්වාස කරන්නේ. ඒත් අපි නිවනට යන මග හදාගන්නවද? ඇයි අපි අවිද්‍යාව දෙසටම ගමන් කරන්නේ..

දැං මේ ලංකාවේ බිහිවෙලා ඉන්න විචිත්‍ර ධර්ම කතිකයෝ එකාට එකා නොගැලපෙන පාරම් බාමින් විකෘති කරන්නේ කුමක්ද? සත්‍ය වශයෙන්ම ධර්මයයි, බෞද්ධ දර්ශනයයි.. අර හාමුදුරුවෝ දානේ දෙන්න ඕන මෙහෙමයි කියන කොට, අනිත් උන්නාන්සේ මෙහෙමයි කියනවා. තව එක්කෙනෙක් බෝධි පූජා තියන්න ඕනමයි කියනවා. අනෙක් උන්නාන්සේ බෝධී පූජා තියන්න ඕන මේ විදියට නෙමෙයි කියල කියනවා. 

අනේ බබෝ ඕක තේරුං ගන්නකෝ ... බුදුන් වහන්සේ තමන්ට බුදුබව ලබාගන්න සහාය දීපු ඒ ගස දිහා අනිමිස ලෝචන පූජාව පවත්වලා මොකක්ද කරේ... කළ ගුණ සැලකීම.. උන් වහන්සේ කවදාවත් පරිසරය, ගහකොළ ගැන අහිතක් හිතුවේ නෑ. එතුමාට උදව් උපකාර කළ හැම කෙනාටම කළ ගුණ සැලකීම බුදුන් සිදු කළ බව ඇත්තයි. නමුත් එහෙම උනා කියල ඇසතු ගස උන් වහන්සේ කරේ තියාගෙන හිටියද? නෑ.. ඇයි එහෙනං අපි කරේ තියාගන්නේ... ඇත්ත ගෞරව කළ යුතුයි.. ඒත් කලින් කිව්වා වගේ පෙරලි පෙරලි වදින්න ඕනද? මම දන්නෑ මම බුදු දහම විනාස කරන්න කතා කරනවද කියලා. 

ඒත් එකක් කියන්න ඕන ඔය උපාසක උපාසිකාවෝ සිල් රෙදි පොරවං කරන ඔක්කොම පිංකම් කුප්පකං වහගන්න කරන දේවල් විදියටයි මම නං දකින්නේ. පන්සලේ නම කියවෙන්නැතිනං.. ආධාර දෙනවද? ඒකත් බෝල්ඩ් කරල රවුම් කරල හාමුදුරුවෝ යකඩ කටෙන් කිව්වේ නැත්නං ඊළග ආධාර නොදී ඉන්නවා... ඒක සුවර්..

ඉතිං මම නං අද ඉදල ඕන කෙනෙකුට නිවන් සැප ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. එතකොටවත් තමන් මැරෙන බව තේරුම් අරන් නිර්වාණය අවබෝධ කර ගන්න ඉටු කළ යුතු මේ කරුණු කාරණා ගැනවත් දැනුවත් වීමක් ලබා ගනීවි කියල හිතලා.. එහෙනං ඔබ සැමට නිවන් සැප ලැබේවා!! ඒක නොලබන අය ස්වර්ග රාජ්‍යයට යේවා!!


නිර්වාණය අවබෝධ කරගැනීමට බබාලා මෙන්න මේවා පිළිපදින්න. ඒවා පිළිපදින්න බැරිනං ලොවෙත් නිර්වාණය අවබෝධ කර නොගන්නා බව ඉදුරාම කිව හැක..

  • ඔබේ හෘද සාක්ෂියට එකග වී එය ඔබේ මගපෙන්වන්නා බවට පත් කර ගන්න
  • එළමි සිහියෙන් කටයුතු කරන්න. තුන්දොර පවිත්‍රව තබා ගන්න. (සිත, කය, වචනය)
  • දාන, සීල, සමාධි කුසලයන් වහා වහා වඩවන්න
  • පංචේන්ද්‍රියන් සංවර කර ගන්න
  • මමත්වය ශූන්‍ය කරගන්න
ඔය මේ පාටින් දාලා තියෙන්නේ හොර කොප්පයක් හොදේ..

72 comments:

  1. මෙහෙමනෙ අපි සුභ උපන් දිනයක් කිවිවට අදාල පුද්ගලයාට සුභ නැත්නමි??
    අනික අපිට කාගෙවත් ජයක් වෙනුවෙන් සුභ පතන්න බැරි වුණාට
    ඔහු ඒවා කල්පනා කොකරයි නමි..
    යන මග යයි නමි එසේම
    අපි විසින් වෙනකෙකුට පතන නිවන් සුවද එසේම වන්නේය...

    ReplyDelete
    Replies
    1. හැබෑය.. කාලින දේශනාවකි.. බොහෝම ස්තුතියි...

      Delete
  2. අද නං දේශකයා ගෙන් එළම දේශනාවක්.... දේශකයා මේ දේට පෙළඹවීම නිසා ගයනිට නිවන් අවබෝධය ලැබේවා......

    ReplyDelete
    Replies
    1. තැන්කුයි නලින්... මට කෙසේ වෙතත් ගයනි වත් ගොඩ ගියෝත් මදෑ...

      Delete
  3. බුදුහාමුදුරුවන්ටවත් කාවවත් නිවන් දක්වන්න බැරි විච්ච එකේ අපි කො‍හොමද තව කෙනෙක්ව නිවන් දක්කවන්නෙ.

    ReplyDelete
    Replies
    1. අන්න වචනේ... දක්කන්න... කොච්චර දක්කන්න හැදුවත් කට්ටි පනිනවාමයි නෙව.. ප්‍රසා..

      Delete
  4. එල දේශනේ...ඕං පිලිපදිනවනම්..

    ReplyDelete
    Replies
    1. හා හා පොඩි උන්ට මේවා තහනං... හැක්... තැන්කුයි තරුවෝ...

      Delete
  5. හොද දේශනයක්.......අර බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවනේ බොරු කරන්නාට නොකල හැකි පවක් නෑ කියලා......ඒක හින්ද අර පලවෙනියටම දාලා තියෙන එක (\\\ ඔබේ හෘද සාක්ෂියට එකග වී එය ඔබේ මගපෙන්වන්නා බවට පත් කර ගන්න\\\\) ගොඩක් වැදගත් කථාවක්......මොකද ලංකාව බෞද්ධ රටක් කියලා කිව්වට වැඩියෙන්ම බොරු කියන හා තමන්ටම බොරු කර ගන්න ඉන්න පොරවල් වැඩියක්ම ඉන්නේ මේකේ තමයි.....බොරුව තමයි මේ රටට වැදිලා තියෙන හෙනේ....

    ReplyDelete
    Replies
    1. මට ඇහුනෙත් එච්චරයි....!!!!

      Delete
    2. @ මයියා,
      උඹේ කතාව හරි බං.. දැං හිතෙනවා තව මොනා හරි ලියන්න තිබුන නේද කියලා.. තැන්කුයි ආවට මේ පැත්තේ..

      Delete
    3. @ සරා,
      උඹට මොකක්ද බං ඇහුනේ...

      Delete
  6. මම නම් කාටවත් කොහෙවත් නිවන් සුව පතන්නෙ නෑ දේශෝ. එහෙම දෙයක් මගෙ කටින් කියන්න තරම් මගෙ හිත පිරිසිදු නෑ.
    උඹ කියන දේ ඇත්ත මචෝ.
    මේ ගැන තවත් කතා කරන්න මට අයිතියක් නෑ වගේ හිතෙනව. මම අවුරුදු දෙකකින් විතර පන්සලකට ගිහින් නෑ. ගිහින් ඇවිත් ආගම ගැන කතා කරන්නම්.

    ReplyDelete
    Replies
    1. උඹ පන්සල් නොගියත් උඹට අනිත් හුගක් අයට වඩා ඊට කිට්ටු වෙන්න තියෙන ඉඩ වැඩියි....

      Delete
  7. හරි නම් මැරුනට පස්සෙ නෙවෙයි...ජීවත් වෙලා ඉන්න හැම තත්පරේම පතන්න ඕන නිවස් සැප ලැබේවා කියලයි !

    ReplyDelete
    Replies
    1. ඒක තමා බං වෙනි මං කියන්නේ.. හරියටම හරි

      Delete
  8. මොනවා නැතත් ඔබේ බණ ටික කාලෝචිතයි. හින්ට් එකකට නොවේ. ඇත්ත කතාවක්. මිනිසුන් තේරුම් නොගන්නා, තෙරුම් ගැනීමට ඉදිරිපත් නොවේනා තිත්ත ඇත්ත එයයි. බොහෝ මිනිසුන් කිසිම ආගමකට අනුගත වී නැහැ. ආටෝප පමණයි තිබෙනුයේ. එය බුදු දහම, කිතු දහම, ඉස්ලාම් දහම, හින්දු දහම .... කියා වෙනසක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මලා.. ඔබේ අවබෝධය ඉතා වටිනවා...

      Delete
  9. කෝ ඉතින් ඒත් ප්‍රාර්ථනා කර කර ඉන්නවා
    විතරනේ අනේ...දැන්වත් ධර්මාවබෝදය
    ලැබීම පිණිස සතියකට ඒක පැයක් ( හෝ ) ත්‍රිපිටකය
    කියවන්න...
    ටිකෙන් ටික ධර්මාවබෝදය ලැබෙනු ඇති..
    ( නිවන් යනු එයයි )

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං ත්‍රිපිටකය කියෙව්වා කියල නිවන අවබෝධ වෙනවනං මම දැංම කියල හෙට මැරිල යනවා..

      Delete
    2. එහෙම නෙවේ බන් .එහෙනම් බුදු හාමුදුරුවෝ කියපු
      හැම බණ පදේම අහන් හිටපු ආනන්ද හාමුදුරුවෝ
      රහත් වෙන්න එපැයි බොහොම පහසුවෙන් ..

      එහෙම අහන්නන් වාලේ , වෙන වෙන ඒවා ඔලුවේ තියන් නෙවේ
      අහන්න ඕනේ..තමන්ට ගැලපෙන තැනක් අහු වෙනවා ඔහොම බලද්දී ..
      ඒක ගැන මන් කිව්වේ...


      (අහ් තව දෙයක් ද්විහේතුක ප්‍රතිසන්දියක් ඇති අය විතරයි මොනවා
      කරත් , නොකරත් ධර්මවබෝදය ලබන්නේ ..අනික් අය මොනවා කරත්
      වැඩක් නැහැ .ඒකයි ඇත්ත .

      හැබැයි එහෙම කියල උඩ බලන් ඉන්න එක නෙවේ කරන්න ඕනේ..
      මීළඟ ජීවිතයවත් ද්විහේතුක උපතක් ලබන්න ඕනේ දේවල් කරන්න ඕනේ...)

      Delete
    3. ඒක තමා මං කිව්වේ.. මොන ලබ්බවත් කියෙව්වට වැඩක් නෑ බං...

      Delete
  10. උඹටවත් නිවන් සැප ලැබේවා. මොකද මම නිවනට ගොඩාක් දුරයි.

    ReplyDelete
    Replies
    1. උඹට එහෙනං අනිවා නිවන් අවබෝධ කර ගන්න ට ශක්තිය ලැබේවා!!!!

      Delete
  11. නිවන කියන්නේ ගොඩක් ගැඹුරු දෙයක්.. මං හිතන්නේ ඒක දැන් නම් පවතින්නේ මළගෙවල් වල බැනර් වලට, පෝස්ටර් වලට ගහන්න විතරයි...

    පන්සල් ගිහින් හතර පෝයටම සිල් ගත්තත් තමන්ගේ හිතේ මාන්නය, ඊරෂ්‍යාව, කුහකකම් තියෙනකම් ඒ සීලයෙන් නම් වැඩක් නෑ කියලා මේ ඊයේ පෙරෙදත් මං කාටදෝ කිව්වා.. ඒත් තමන් දැන දැන වැරදි කරනවා කියන එක ආඩම්බරකමෙන් කියන අයත් මං දැකලා තියෙනාව.. අනේ බං මං කොච්චර වැරදි කරනවද.. මට නම් නිවන් යන්න බෑ කවදාවත් කියලා...

    මේ දෙකම වැරදියි මං හිතන විදියට.. තමන් අතින් වැරදි වෙන බව දන්න නිසා තමයි ධර්මයට නැඹුරු වෙන්න ඕනේ.. ඒ කියන්නේ හතර පෝයට සිල් ගන්න එක, හාමුදුරුවෝ කෝල් කරල කියනකොට පන්සලට දුවන එක නම් නෙවෙයි... පුළුවන් තරම් තමන්ගේ හෘද සක්ෂියට අනුව, තමන්ගේ අතින් සිද්ධ වෙන්න පුළුවන් වැරදි ප්‍රමාණය අඩු කරගන්න එක..

    ඒ වගේම තමන් අනිත් අයට වඩා ‌හොඳ බෞද්ධයෙක් බව හිතෙන් හිතලා මාන්නයක් හදා ගන්න එක තමයි හොඳ බෞද්ධයෙක් නොවෙන බව තේරුම් ගන්න පුළුවන් ලේසිම දේ...

    ඔය ඔක්කොමත් හරි... වැරදි තියෙනවා තමයි දැනට තියෙන සංඝ සමාජයේ වගේම සාමාන්‍ය බෞද්ධ සමාජයේ... ඒවා හදාගන්න දෙයක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් නොකර, විවේචනය කරන එකෙන් වෙන්නේ බෞද්ධයන් භේද වීමක් විතරයි.. හරි ගස්සගන්න හරි රැක ගන්න ඕනේ මුලින්ම... එහෙම බැරි නම් තනි තනියෙන් හරි පුළු පුළුවන් විදියට තමන්ට අවබෝධ වෙන ධර්මය පිළිපදින එක තමයි හොඳයි.. ඒකට පන්සල් යන්නම ඕනේ නෑ... මට හිතන්නේ ඒ ටික කිව්වම ඇති...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඇති ඇති.. මම කියපු ඒවම පාට කරල උඹ කීවම හරි යනවද බං.. හේ හේ.. උඹේ හද සන්තානයේ ගැඹුරුම තැන තියෙන දේ පේනවා මේකෙන්.. ජය

      Delete
  12. මේක දේශකයා කරපු හොඳම දේශනාව බවට මම අවිවාදයෙන් පිළිගන්නවා. මේකෙ තියෙන කොටස් මම හයියෙන් අනිත් අයටත් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං උඹත් බයිල ගහනවා.. ඒ පාර.. පොඩ්ඩක් හොයල බලපං උඹ අනිත් අයටෙ කුනුහරුප නෙමෙයි නේද කිව්වේ කියලා... හැකැ..ස්..

      Delete
  13. අපේ දේශකයාට ජය වේවා!පන්සලට නොගියට,සුදුවත නො ඇන්දට හිතත් හදවතත් පිරිසිදු නම් ජිවිතය වරදින්නෙ නැතෝ

    ReplyDelete
    Replies
    1. ජය වේවා.. ජීවිතය වරදින්නේ තමන්ගේම වරදින් විනා පන්සලවත් අනෙක් මොකක් වත් නිසා නෙමෙයි.. ඔබ දන්නවනේ මට වඩා මේ ගැන... (ඔන්න බලාපං මුණූ පොතේ පොඩි චැට් පාරක් දැම්මත් වෙන වැඩ)

      Delete
  14. දේශකයගෙ රූපෙත් එක්ක නිවන් සැප ලැබේවා කියලා දැක්කම මම හිතුවෙ වෙන මොකෙක්වත් නෙමේ දේශකයා කජ්ජ ගහලා කියලයි.. :-)

    උඹ කියන ඔක්කොම ඇත්ත.. දැන් හුඟක් වෙන්නෙ විගඩම්.. කරන්නන් වාලෙ කරන විකාර..

    මම නම් මැරිච්ච අයට නිවන් සැප ලැබේවා කියන එක නවත්වලා ගොඩක් කල්.. මම පතන්නෙ මතු ජීවිතය යහපත් වේවා කියලා.. මොකද මම දන්නවා අපිත් එක්ක ඉන්න මේ පෘතග්ජනයො ( මාත් ඇතුලුව ) නිවන තියා ඒකෙ අහලකටවත් ලංවෙන්න පුලුවන් දෙයක් මේ ජීවිතේ තුලදි නොකරන බව.

    උඹට මේ ජීවිතයේදී නිවනට මුල පිරීමට සිත් පහල වේවා ! ධෛර්යය ලැබේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා.. ඒක තමා බොලා සතුටු වෙන්න ඇති එක සුනඛයෙක් ඉවරයි කියල නෙව.. හැක්...
      //උඹට මේ ජීවිතයේදී නිවනට මුල පිරීමට සිත් පහල වේවා ! ධෛර්යය ලැබේවා !!//

      මෙන්න මේ පැතුම මට හරි වටිනවා

      Delete
  15. අලෙ මන්දා සහෝ ගැඹුරු වැඩියි ආයේ කියවලා කොමන්ට් කරන්නම්

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මේ මඩියා.. යකෝ මීට වඩා සරලව කියන්න පුළුවන්ද බං.. මට නං බෑ.. ඔන්න කුනුහරුප වැලක් එක්ක තමා ඔය පාර බන කියන්න වෙන්නේ.. හා හා..

      Delete
  16. දේශකයානනි, ඔබගේ හොඳම පෝස්ටුවයි.
    බුදුන් වහන්සේව මඩවලෙන් ගොඩ ගැනීමට දැරූ ප්‍රයත්නය සාර්තක වේවා.
    වැඩිදුර කොමෙන්ට් කිරීමට මං දන්නා තරම මදියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කවි තුමනි, හැබැයි මම නං කව්රු කීවත් මේක මගේ හොදම එකක් විදියට ගන්නේ නෑ... සුළුවෙන් හෝ අවබෝධ කරගත් කිහිප දෙනෙකු හෝ සිටීනම් ඒ ඇති...

      Delete
  17. ආධ්‍යාත්මික සුවය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. සැප වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! (වල් රජා වෙනුවෙන්)

      Delete
  18. නිවන් සැප ලැබේවා කියල මං නම් සමහර වෙලාවට කියනවා. මං අදහස් කරන්නේ කවදා හෝ දවසක අදාළ තැනැත්තාට නිවන් අවබෝධ කරන්නට හැකියාව ලැබේවා කියලයි. ඒතනදී මං කවදා කොතැනකදී හෝ කරපු පිනක් තියේ නම් ඒ පින මිය ගිය පුද්ගලයාට අනුමෝදන් වෙන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා නම් එහෙම වේවා කියන සිතුවිල්ලත් මගේ හිතට එනවා.. මොනවා උනත් බුදුන් දේශනා කල ධර්මය පිළිපදින අය නම් බොහොම අඩු බව තමයි පෙනෙන්නේ. නැතිනම් ඒකත් විලාසිතාවකට කරනවා විනා අවබෝධයෙන් කරන්නේ නෑ කියලයි මට හැඟෙන්නේ.
    ඉන් එහා ගැඹුරු දෙයක් නම් මං දන්නේ නෑ දේශකයා..!

    ReplyDelete
    Replies
    1. නිවන් සැප ලැබේවා කියන ආමන්ත්‍රණය දැං මරණෙට ගහන් පෝස්ටරයක් පමණක් වෙචිච් එක ගැන විතරයි මම කියන්නේ චන්දන. ඒක කියන එක නුසුදුසුයි කියන එක නෙමෙයි.. තත්පරයක් ගානේ කියන්න ඕන කියලයි.. ඔබට හුගක් දේ තේරුම් කරන්න මහන්සි වෙන්න ඕන නැති කෙනෙක් නේ...

      Delete
  19. උඹේ දේශනාව හරිම කාලෝචිතයි දේශකයො.
    මඩක් ගහන්නවත් හිතෙන්නෙ නෑ බං මේක කියවපුවාම

    ReplyDelete
    Replies
    1. හෙහ්.. උඹට මඩක් ඔබන්න බැරි උනානං ඉතිං මම දිනුං තමා.. තැන්කුයි හැලප + අයියේ = හැල පයියේ..

      Delete
    2. යස සන්ධි පාඩම :)

      Delete
    3. හෙහ්... හෙහ්... .තව සන්ධී කොරන්න හැකියි වගේ චන්දනයෝ.. හැලපයියා..

      Delete
  20. වටින පෝස්ට් එකක් දේශකයා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පරිකල්පන සහෝ...

      Delete
  21. අනේ ඉතින් මමනම් දන්න පන්සිල් පද පහ රැකගෙන ඉන්නව......එත්තලයි..^_^

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි කියන්නේ උපරිමයි. ඕක මුසාවාදා නෙමෙයි නේ...

      Delete
  22. උඹ කලින් මහන වෙලා හිටියද මචං

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මතක නැද්ද උඹ අනිත් කාමරේ හිටියේ. .හහහ්...

      Delete
  23. මේක තමා දේශක තුමාගෙ හොඳම දේශනාව. කාට කාටත් යමක් හිතන්න හොඳ අවස්ථාවක්. ගයනි නංගිටත් පිං මෙහෙම දෙයකට මේ කට්ටිය පෙළබවනවට. නිවන අවබොධයෙන්ම ලබා ගතයුතු දෙයක්. තමන් යම් ධර්මයක් ඇහුවනම් ඒ දේ මනසින් විමස විමසා බැලීම හෙවත් යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න ඕනෙ. මේ කරන්නෙ ඒක ම තමා. තමන් අහපු දෙයක් දැන ගත්ත දෙයක් විමස විමසා බලනව. එතකොට තමයි අවබෝධය ලබන්නෙ. අන්තිමට කියල තියෙන ටිකම ඇති කෙනෙක්ට හැදෙන්න. තෙරුවන් සරණින් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඔක්කොම නොකිව්වත් ඒ ටික අවබෝධ කරගෙන හිටියයනං අගෙයි නේද?? කිව්වට විස්වාස කොරයිද මන්ද මම වැඩිම වේගෙන් කරපු දේශනය තමා මේ..

      Delete
  24. ඊයෙ මම දාපු කමෙන්ටුව කොහේ ගියාද බං?

    කොහොමත් කියන්න තියෙන්නෙ කතාව ඇත්ත, හරක් මුදලාලි මැරුනමත් නිවන් සැප ලැබේවා, සත්ගුණවත් උපාසක මහතා මැරුනමත් නිවන් සැප ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ඒයි මම නං ගත්තෙ නෑ ඕං...නමට නිවන් විතරයි නදිනි...

      Delete
  25. //මම දන්නවා උඹලත් මේකේ හෙඩිම දැක්කම හිතුවේ මොකෙක් හරි මැරිලයි කියල නෙව.. ආ.. බොරුද මං කියන්නේ.. // මම හිතුවෙ "දේශකයා" කජ්ජ ගහල වෙන්න ඇති කියලා. :D .

    නිවන් සැප ලැබේවා කියල පතන එක හොදයි. මොකද බෞද්ධයෙක්ට ලබන්න පුලුවන් ඉහලම සැපය ඒක නිසා. දේශකයා කිව්වා වගේ, ප්‍රාර්ථනා කරන අවස්තාව තමා වැරදි...

    ReplyDelete
    Replies
    1. ඒක නෙව කියන්නේ.. සන්තෝසෙන් ආවේ නෙව.. මම කියන්නේ අපි හැම වෙලාවෙම පතන්න ඕන නිවන් අවබෝධ කරගන්න කියන එක තමයි.. බුදු සරණක් නැත...බුදු හාමුදුරුවොම දේශනා කරා නේ ඒක... මහණෙනි, මින් පසු ධර්මය ඔබේ ගුරු කර ගන්න කියලා...

      Delete
  26. දැන් බනටත් බැහැල වගේ.අනේ පව්. හාමුදුරුවන්ට දැන් රස්සාවත් නැතුව යයි. :)

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හාමුදුරුවෝ සිව්රු උස්සන් එයිද මන්දා...

      Delete
  27. කොහොම ගියත් ඇත්ත එලි වෙනවා නේද මගේ සුදු බබී? ඔච්චර විවෘත වෙන එකේ ඔයාගේ නීත්‍යානුකූල අවි වෙළදාම ශ්‍රී ලංකා යුධ හමුදාවට කරපු,එක පතුරමකින් හම්බුන ගාන , එක යුද්ධ ටැංකියකින් හම්බ කරපු ගාන,night club ගැන,TV channel එක , අර තානාපතිට කරපු දේ,ඔයාගේ නඩු අහපු ජජ් ල එක පාරට පවුල් පිටින් රට ගිය හැටි ඒ ගැනත් කියන්නකෝ.ආසයි දැනගන්න ඒවා ගැනත් සුදු බෝලයෝ.

    ReplyDelete
    Replies
    1. මේකා අංගොඩින් පැනපු පිස්සෙක්ද බන්...මගෙ බ්ලොගෙත් මේ අගක් මුලක් නැති කොමෙන්ට් එක දැම්මා කීප දවසක්ම...පුරහද පායනකොට පිස්සුව තද වෙනවලු...

      Delete
    2. @ AnonymousFebruary 10, 2013 at 1:27 PM
      ස්තුතියි මට ප්‍රතිචාරයක් දැම්මට. සුදු බෝල දෙකක් තියෙනවා ඔයා මොන එක ගැනද අහන්නේ.. මචෝ...

      Delete
    3. @ සිරා
      වහා වහා වඩන්න වඩන්න මෛත්‍රිය..

      Delete
  28. වැදගත් කතාවක්...යටිපෙලකුත් තියේ ...
    මටත් පෙන්නන්න බැරි ඕක තමයි..!
    මේවයින් වෙන්නෙ තව තව තෘෂ්ණාව වඩවන එක නොවේද..??

    හැබැයි නිවන් සැප කියන්නෙ බෞද්ධයකුගෙ පරම උතුම් පැතුම වෙන දේනේ. එහෙත් ජීවත්වන කාලෙ ඉන්න අයටත්,තමන්ටත් එහෙම පැතුමක් ගැන හිතන්නවත් නොදුන් කෙනෙකුට ඔවැනි වදනක් කොතරම් ගැලපේද... ප්‍රශ්ණයක් තමා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... උඹ කියාපු ඒවට මට කියන්න දෙයක් නෑ

      Delete
  29. දේශකයා වැදගත් දෙයක් ලිව්වමද මන්දා...

    නිවන් සැප ලැබේවා කියලා බැනර් එකේ ලියපු පමණින් ලැබෙනවා නම් ඉතිං මොනවා කරන්න බැරිද...

    ReplyDelete
    Replies
    1. අජෝව් නෝන්ඩි දාන්න එපා යකෝ. අමාරුවෙන් ඔය ටිත හරි ගැට ගහගත්තේ.. නැත්නං බොදු බල සේනා මං බ්රේක් නැතිව කියවන්න ගන්න ඒවට උද්ඝෝෂණ තියාවි...

      Delete
  30. බුදුන් වහන්සේ නිර්වාණ අවබෝධය පිනිස කළ යුතු දේ පැහැදිළිවම පහදා දීඇත. ඒ නිසා. මා හිතන විදියට පර පණ නැසීම කුමන ආගමක වුනත් පිලිගන්නට බැරි දෙයක් .එය කළ යුතු ආකාරයක් යම් ආගමක කියා ඇත්නම් බුදු දහම අනුව පටහැණිය.

    ReplyDelete
    Replies
    1. පර පන නැසීම අනුමත කල හැක්කේ සියදිවි හානි කරගත යුතුයැයි ධර්මයක් ඇත්නම් එය අදහන්නන් විසින් පමණි.. ස්තුතියි...

      Delete
  31. //ඔබේ හෘද සාක්ෂියට එකග වී එය ඔබේ මගපෙන්වන්නා බවට පත් කර ගන්න//

    ඔය මදැයි බං... ඔයිට වැඩිය කරන්න ගියොත් අමාරුයි වැඩේ... මම නම් මචං නිවන කියන සංකල්පයට කැමති නෑ... නොපවතින තත්වයට ආවහම දුක නැති බව ඇත්ත... ඒත් මම කැමති යහපත් විදිහට පවතින තත්වයකට....

    ReplyDelete
    Replies
    1. ඇයි බං නිවන කියන සංකල්පය තමා අපිට වැදගත්ම දේ.. ඒක නැතිනං මේ තත්වෙන් වත් ලංකාටවේ බුදු දහම පවතින්නේ නෑ.. මැරෙන්න කිට්ටුව හරි නිවනට යන පාර පේන්න ගන්නවා. එතකොටවත් පිනක් දහමක් කොරගන්නව නෙව

      Delete
  32. අවුරුදු 2500 කටත් ප්‍රථම දේශනා අදටත් බයෙන් අදහන අය ගැන මට නම් මාර දුකක් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අනේ අම්මප බලෙන් ගෙන්නගෙනත් වැරදි එක බලල ගිහිල්ලා නෙව මේකා.. ඕකට කියන්නේ පතිවත කියලා.. හැක්...

      Delete