Thursday, February 7, 2013

වැදගත් තැනක්

ඔන්න අද නං පුතෝ අමුතු රසයක් ගැන තමා කතා කොරන්නේ, වැඩි කතා නෑ, කෙලින්ම බොක්කටම දෙනවා, පොඩිත්තක් ඔළුව නමා ගෙන අහගෙන හිටු. සුපිරි වැඩක් කොරන එකෙක් ගැනයි මේ කියන්නේ.. මේ ගැන මාතලං ගොයියට මං කලින් කිව්වා, මිනිහා තරං මම පෝසත් නැති හින්දා මොකක් හරි කොරන්නෙයි කියලා.. ඒත් කොහේද, මිනිහා ඔය චීත්ත කෑලි පස්සේ පන්නනවා විතරනේ..


යසනාත් ධම්මික බණ්ඩාර

ඔහු වෛද්‍යවරයෙක්. ඒත් ඇත්තටම කලාව ඇගේ පිහිටි හොද මනුස්සයෙක්.. ඔබ අහල තියෙනවාද “ගාන තෙල් සදුන් වරලස“ ගීතය, එම ගීතයේ ගේය පද රචකයා වන්නේද යසනාත්. එමෙන්ම ඔහුගේම ගීත සමුච්චියක් “කිදුරු ගීතය“ තැටිය නිකුත් කරල තියෙන්නේ 1998 දී. එමෙන්ම සාහිත්‍ය විචාර කලාව කෙරෙහි ඉමහත් ඇල්මක් දක්වන ඔහු ඉතාමත් ප්‍රවීණ කලාකරුවන් ගොන්න අතරට නිතැතින්ම එක් වෙනවා.

යසනාත් ධම්මික බණ්ඩාර. අටුවා ටීකා අවශ්‍ය නෑ.. ඔහු යසනාත්ගේ සිතුවිලි නමින් බ්ලොගයක් පවත්වාගෙන යනවා. ගොස් බලන්න.. ඔබට වටින දෙයක් ඇත්නම් රැගෙන එන්න.. ඔහු දිරිමත් කරන්න..

ස්තුතියි. පහත තියෙන්නේ ලින්කටුව. සමහර අය නොදැක්ක හින්දා වෙනස් කරා.

52 comments:

  1. බලල ඇවිත් විස්තර කියන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නදිනි, ඔහුගෙන් ගත හැකි දෙයක් වේ නම් මගේ මේ වෑයමත් සාර්ථක වේවි.

      Delete
  2. අම්මපා..ගිහින් බලමුකෝ

    ReplyDelete
  3. හැබෑම ආස ගීතයක් ඔය ගීය මම. මේ ඔත්තුවට නම් බොහොමත්ම ස්තුතියි යාලුවා. මමත් යනවා එහෙනම් ඒ සාවියේ කරක් ගහන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මට හිතෙනවා උඹට නං නියමෙට ගැලපෙනවා කියලා..

      Delete
  4. Replies
    1. ඔව් එදිරි බලන්න... ස්තුතියි. හුග දවසකින් නේ ආවේ...

      Delete
  5. පස්ට දේශෝ. මං මේ ගොහින් follow කරල එහෙම එනගමන්. තන්කූ වේවා

    ReplyDelete
    Replies
    1. නියමයි සේශ්.. උඹට වැදගත් දෙයක් තියේනං මට ඒ ඇති...

      Delete
  6. බොහොම රසවත් බ්ලොග් එකක් . නිවාඩු පාඩුවේ කියවන්න ඕනෙ . නැත්නම් හරියට රසවිදින්න බැරි වෙනවා . ගීත ගැන විස්තර කරල තියන නිසා මට බොහෝ ප්‍රයෝජන වේවි .
    …ඔබට බොහොම ස්තූතියි මේ වගේ දැනුම ගෙනෙන රසවත් බ්ලොග් එකක් හඳුන්වා දුන්නාට .

    ReplyDelete
  7. උඹ ඉඳලා හිටල හරි ප්‍රයෝජනවත් වැඩක් කරන එක ලොකු දෙයක්....

    ReplyDelete
    Replies
    1. අජෝව් අපිටත් පිං පව් තේරෙනවා යකෝ...

      Delete
  8. මම ගියා..ඒ බ්ලොගෙත් හොඳයි බැලුවාම.
    උඹත් ඉඳහිට හොඳ වැඩත් කරනව නේද

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න ඕන ඒවා තව ඉදිරියටයි කියල හිතාගං.. හැක්..

      Delete
  9. Replies
    1. අප්පේ ඔව්.. ඔය බලගේ ලියන කියන අතරේ පොඩි ඉඩක්වත් තියේද මන්ද???

      Delete
  10. දේශකයා කියනවනං ඉතිං අපායට වුණත් යන්නංකෝ...

    ReplyDelete
    Replies
    1. හැබැයි අපාය කිට්ටුවෙන් නැවතියං.. තැන්කුයි අප්පා පුදුම විස්වාසයක් නේ ඒක.. මට තාම මාවත් සුවර නැති කොට.. හෙහ්... තැන්කුයි නලියෝ..

      Delete
  11. ගිහිල්ල බලන්නකෝ එහෙනං නුවර පැත්තේ කෙනෙක් වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් සන්ජේ...පොතුහැර පැත්තේ තමා ප්‍රොෆයිල් එකේ හැටියට... තැන්කුයි...

      Delete
  12. ammo desha godak pin machan...
    me mage taste eka...godak pin...

    ReplyDelete
  13. කොහෙන්ද හොයාගත්තේ?

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න හෙන අමාරු උනා.. හෙහ්...

      Delete
  14. Replies
    1. යා යා යං පොලෝසී එහෙනං... වීයෝ උඹේ මේල මං ඉල්ලුවා ලැබුනේ නෑ නෙව...

      Delete
  15. යසේ.. මගේ පුද්ගලික ජිවිතේ සමීපම මිතුරෙක් අතීතයේ පටන්ම..ඒවගේම මගේම සමකාලීන ගිත රචකයෙක්. අපි අතර කිසි දවසක එකිනෙකා පරයන තරගයක් තිබුනෙ නෑ. කලා ලෝකයෙත් පුද්ගලික ජීවිතයෙන් මෙවැනි සොදුරු සහෘයන් රසවතුන් හමුවෙන්නෙ කලාතුරකින්..

    ඔහු අද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා හැටියට කාර්ය බහුලයි. ඒත් බ්ලොග් අවකාශයේ සැරසරන්න පැමිණි එකනම් කියා නිමකරන්න බැරි සතුටක්..

    මම ඔහු ගැන සටහනක් ලියන්න හිත හිතා හිටියත් අප අතර ඇති මිතුදම දැඩි විම ඒක කල්යාමට එකහේතුවක්..

    ReplyDelete
    Replies
    1. හිතවත් දයා අයියේ, මම යසනාත් ගේ ඔක්කොම කියෙව්වත් මට හිතුනේ නෑ මගේ දුප්පත් ප්‍රතිචාරෙකින් එතැන කැත කරල දාන්න ඒක නිසා කියවන එක විතරයි කලේ. ස්තුතිය මේ පැත්තේ ආවට..

      Delete
  16. ම් වගේ වැදගත් පුද්ගලයො ගැන දැනුවත් කරනවට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි වැඩ කරන්නේ වැඩ කරන්නේ පුංචි බ්ලොග් එකෙන්. බොටත් තැන්කුයි යසියෝ... උඹේ මේල් එක දාපං මට..මම උඹේ බ්ලොග් එකේදීත් ඉල්ලුවා නෙව...

      Delete
  17. Replies
    1. හොදට පිහිදාගන්න ඊට පස්සේ... හිහිහී

      Delete
  18. නියම බොලොග්ගක් නේ.. ඒ සින්දුව නම් මමත් ආසම එකක් තමා.

    ReplyDelete
    Replies
    1. තව හුගක් සින්දු තියෙනවා චන්දන. මේ බ්ලොග් එකේ මං ආසම දේ තමා ඔහුගේ ගීත තියෙන ගී එකතුවේ පින්තූරෙකුත් එක්කම ගීතය ශ්‍රවණය කිරීමේ හැකියාව ලබා දීම.

      Delete
  19. මාත් දැන් බලන්න යන්නෙ.බොහොම ස්තූතියි හොන්ද බ්ලොග් එකක් හන්දුන්නල දුන්නට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. හැබැයි ඒක වැඩි පුර යන්න ඕන යසනාත්ට. මේ වගේ ලස්සන බලගයක් කරන එකට..

      Delete
  20. Replies
    1. ඔබ ගිය බව මාද දුටිමි. තැන්කුයි ඉෂාන්...

      Delete
  21. Replies
    1. නෝ පොබ් ඇට් ඕල්

      Delete
    2. බලන්න ලින්ක් එක කෝ?

      Delete
    3. යටම දාලා තියෙන්නේ නිල් පාටට යසනාත් සිතුවිලි ඒක ක්ලික් කරන්න..
      ඔන්න මෙතනත් දැම්මා
      http://yasanathsithuwili.blogspot.com/

      Delete
  22. ගිහින් ඇවිත් විස්තරේ කියන්නම්

    ReplyDelete
  23. මලයෝ ලිංකුව දාපන්කෝ හොයා ගන්න අමාරුයි ඒ තැන.

    ReplyDelete
    Replies
    1. නලියෝ මම ඒක වෙනස් කරා.. ඔන්න මෙතනත් දැම්මා.
      http://yasanathsithuwili.blogspot.com/

      Delete
  24. ස්තූතියි ඔබට බොහොමත්ම මේ ඔත්තුවට
    එහි ගොහින් ආවා "නාවොත් ආයේ යන්නට බැරි" නිසා.... :-)

    සිංහල බ්ලොග් අවකාශය ඒ වගේ හරබර තොරතුරු වලින් සැරසීමත් ඒවා ගැන ඔත්තු සැපයීමත් වැදගති
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිස්ස අයියේ...

      Delete