Monday, February 11, 2013

කී බෝඩ් තොගයක් අවශ්‍යව ඇත!!!


මල්ලි මොකද හුග දවසකින් දැක්කේ නැත්තේ... ගෙට්ටුවෙන් පස්සෙම මං හිතන්නේ

blog eke da? Mata keybrd ekak naha bn. Itin khmada kotanne.

උඹ වගේ මැට්ටෙක්.. හහහ්

අඩෝ කී බෝඩ් නැතුව අතිංද අදින්න්

මම අයියලගෙ ගෙදර ආව බං

උම වගේ එකෙක්.. හිටපිය තොට හොදවයින් එකක් දෙන්නං...

පන බෙරගෙන දුවමිං

හෙහ්... ලැජ්ජ නැත්ද බං කීබෝඩ් එක නෑ කියන්නේ. හරියට බෙන්ස් එක තියෙනවා රෝදේ ඇන ටික නෑ වගේ නෙව

වෙන මුනා කියන්නද බං
ඇත්තනේ ඉතිං

ඉතිං උඹ කී බෝඩ් එක ගන්නැත්තේ අම්මට බයට නේ

ඔව් බං
ගෙනාවත් එකත් පොලේ ගහනව සුවර්

උඹට තියෙන්නේ එකක් අරං අම්ම එන කොට හංගගන්න නැත්ද මං අහන්නේ

ගෙදර කැඩුනු කීබොඩ් 3යි බං

අජෝව්... තෝ මහ නෙට් පප්පෙක් නෙව... හිතාගත්තැකි.. වැඩ කිඩ ටික... දැං ඉතිං අනාගත බලාපොරොත්තුව මොකක්ද කී බෝඩ් එක ගැන

මං ලොකු උනාම ගන්නො
:ප්

ආ... අමතක උනා තෝ තාම කොටා කියල

නෑ බොල ලොකු වෙලා රස්සවක් කරන කාලෙක් ගන්නො
:ප්

එතකං

එතකං ඉතිං අනුංගෙ පහනෙන් එලිය බලමි

අයියලගේ ගෙදර යනවා... සෑට සෑට හොරෙන් පෝන රාජයාගෙන් යනවා.. එහෙම නේ

අන්න හරී

හැබැයි පුතෝ දැං හිතාගනිං ඔන්න මේ ටික ඔක්කොම දානවා හරිනේ... කාටත් දැනගන්න තෝ ගැන. කාලෙකින් බයිට් පාරක් ලැබුනෙන් නෑ

අඩෝ
අඩෝ
එප එපා

නෑ නෑ දානවා...

අඩේ

ඇයි අඩනවද??අල්ලස් දීපන් එහෙනං. පරණ කී බෝඩ් 4 ක් ඕන

දෙඤ්ඤං

ඉතිං තෝ ගාව තුනයි නේ තියෙන්නේ

දැම්මත් අවුල් නෑ බං
මාව දන්නෙ මුකෙක්වත් මෙකෙ නෑ
අලුතෙන් එකක් ගෙන්ඩ විතරඉ තියෙන්නෙ
පරන කැඩුනු තත්වෙට සනිකෙං යනවා
:ප්

එහෙනං හෙට හතරක් පුළුවන් නේ

බෑ

අජෝව් බොරු කරන්න එපා

අල්ලස් ගන්න උංට එහෙමයි අපි

හෙහ්... දැං උඹ හිතන්නේ උඹ දන්න එකෙක් වත් නෑ කියලද

නෑ තමයි
:ප්

එහෙනං දානවා

මගෙ මුකෑ

හැබැයි මෙන්න මේකේ

මුකේ

deshakaya.blogspot.com

අම්ම ගෑයි බැට් එකෙන්
අඩේ

හරි විනාඩි 10 කින් බලපං... එහෙනං.. කී බෝඩ් තොගයක් අවශ්‍යව ඇත. කියල දාන්නේ

ඔන්න ඔහොමයි උනේ.. මේ දේශකයා එක්තරා පොරක් සමග මුණූ පොතේ මීට ස්වල්ප වේලාවකට පෙර කරන ලද චැට් කෑල්ලකි.. එනයින් මේ පුද්ගලයා කව්රුද යන්න කිසිවෙක් නොදන්නා බව පවසන හෙයින් පොරගේ තරම තේරුම් ගැනීම උදෙසා සද්භාවයෙන් යුතුව මෙය දමමි.. රතු පාට අකුරින් දේශකයාගේ ප්‍රකාශත්, නිල් පැහැයෙන් අදාළ කොටාගේ ප්‍රකාශත් සදහන් කර ඇත.

65 comments:

  1. හෑ .. කවුද බං මේ බුවා ඈ... :O
    මහ චාටර් පොරක්නෙ ඈ... කීබෝඩ් එකක් නෑ කියන්නෙ...?? :O :O

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං කියන්නෙ. උට පැය 24ම බුකියෙ ඉන්න පුලුවන්. බ්ලොග් පෝස්ට් එකක් දාන්න තමයි කීබෝඩ් නැත්තෙ.

      Delete
    2. අන්න උඹට තේරුනා

      Delete
    3. වෙන කවුද මේ පොඩි උලමා තමයි. යකෝ බුකියේ ස්ටේටස් අප්ඩේට් කොරන්න කී බෝඩ් තියෙනවා පොස්ට් වලට නැහැ නේද? මේ දේශා කරත් කරන්නේ අසමජ්ජාති වදක්මනේ දැන් කොහොමද මේ කොල්ලා පාරේ බැහැල යන්නේ රෙද්දක් ඇඳගෙන. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැහැ.

      Delete
    4. ඊයේත් මේකා නාහෙන් ඇඩුවා මුනු පොතේ.. කී බෝඩ් තැතෙයි කියලා

      Delete
  2. මට මෙක ආයෙ බලද්දි හිනා යනව යකෝ :D

    ReplyDelete
  3. ඔන්න මුලින්ම කෙහෙල්කන වැට පැනල.

    මේක හැම තැනම අඩ අඩ යනව කීබෝඩ් එකක් නෑ කියල. යකඩ එකක් වත් හදල දෙමුද දේශෝ

    ReplyDelete
    Replies
    1. බොට පිස්සුද දේෂ්? ප්ලාස්ටික් හන්දා තමයි අම්මා කී බෝඩ් එකෙන් ගහන කොට කීබෝඩ් එක කැඩිලා ඔලුව ඉතුරු වෙන්නෙ. යකඩෙන් හැදුවොත් වෙන දේ හිතාගනිංකො.

      'අම්මා ගහයි බැට් එකෙන්' යන යෙදුම මේ මොහොතේ සිට 'අම්මා ගහයි කී බෝඩ් එකෙන්' යයි සංශෝධනය කල බවත් හෙන්රිබ්ලොග්වෝකර් ද ඩූඩ් වන මා මේ මොහොතේ සිට බ්ලොග් ලිවීම සඳහා එම යෙදුම බාවිතා කරන බවත්, සියලුම සිංහල බ්ලොග් කරුවන්ද මා අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින බවත් මෙයින් දැනුම්දෙනු ලැබේ.

      අම්මා ගහයි කීබෝඩ් එකෙන් කිව්වලු!

      Delete
    2. එල කිරි ඩුඩ් අයියේ. හිකිස්............. මල්ලියා එල්ලෙන්න වැලක් හොයාගනින්.

      Delete
    3. කෝරලයෝ ඩුඩෙ ගායි කී බෝඩ් එකෙන්!!!

      Delete
  4. ඇදගෙනම නාලා තියෙන්නේ ඔක්කෝටම කලියෙන්....

    ReplyDelete
  5. දැං තියෙනවනෙ රෝල් කරන්න පුලුවං කී බෝර්ඩ්. ඒව එකක් ගත්තනං අම්ම එනකොට හංගගත්තහැකි.

    ReplyDelete
    Replies
    1. ඒවා හරියන්නේ නේ.. වචනෙත් තහනං

      Delete
  6. අපරාදේ! කලින් කිව්වනම් මගේ ගාව තිබුණු එක දෙනවා.ඒක ටික දවසකට කලින් වෙන එකෙක්ට දුන්නා මට වැඩක් නැති හින්දා. ;)

    ReplyDelete
    Replies
    1. අපරාදේ බං සමියට ලෝඩ් එකක් ඕන හැබැයි දවස් දෙක තුනකින් ඉවර වේවි

      Delete
  7. කෙහෙල්කන වැට පැනලනෙ මුලින්....අපරාදේ..නැත්තම් හොඳවායින් ම්ඩ තලියක් ගහන්න තිබ්බ අපිටත්..අරකගෙ මූණ බලාගෙන මඩ ගහන්නෙ කොහොමද දැන්...හි හි හී

    ReplyDelete

  8. දැන් ඔය ඇවිත් ඉන්නේ ඔන් ස්ක්‍රීන් කී බෝර්ඩ් එකෙන්ද ඔතොකොට ?හැක්

    ReplyDelete
    Replies
    1. අම්මට හොරෙන් අයියගේ ගෙදර ගිහින්

      Delete
  9. මුනවයි බං මේ සූකිරි කතා..:)))

    ReplyDelete
    Replies
    1. මේවත් ඉතිං දාන්න එපායැ.. හැමදාම ඔරවං ඉන්නෙයි බං...

      Delete
  10. පවු අප්පා අහිංසකයා.. හි හි...

    ReplyDelete
  11. හික්ස්... පව් බන්...

    ReplyDelete
    Replies
    1. පව්ද බං... උඹ මුකුත් කෙටුටවේ නැත්ද ලගදී

      Delete
  12. Replies
    1. බුදු සන්තෝ මං ඔහේට හේම බොරු කියෝල තියෙනවැයි...

      Delete
  13. අර සමී අයිය වෙන්ඩ බැලිඩ......:ඕ..

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ හැකි අර උඩින්ම ඉන්න එකා නේ...

      Delete
  14. ඇත්තටම මේ කවුද? සමී මල්ලි නම් වෙන්න බෑ...වෙන කවුරු හරි වෙන්නැති

    ReplyDelete
    Replies
    1. නෑ බං සමියම තමයි මං හිතන්නේ

      Delete
  15. අයියෝ පවු අප්පා...අමු අමුවේ චරිතේ ඝතනේ කරලා..

    ReplyDelete
    Replies
    1. පිත්තුද මල්ලි ඉල්ලං කාලා ඉන්නේ

      Delete
  16. මම හිතන්නෙ සමි මල්ලි නම් නෙමෙයි, ඒත් ඉතින් විස්තරෙයි කියල තියන බාහිර පෙනුමයි බැලුවම වෙන එකෙකුත් නෑ ගැලපෙන....අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. මටත් හිතාගන්න බෑ මේ සමිය නෙමෙයි කියල කොහොම කියන්නද කියලා හැක්...

      Delete
  17. සමීගේ පුංචි ලෝකය ලියන සමී කොලුවාට...එහෙමත් නැත්නම් ගෙට්ටුවෙ ටිකට් වික්ක කොට ඩයල් එකට තමා මේ අකරතැබ්බෙ වෙන්නෙ...

    මෙහෙම කිව්වා කියලා සමියා තරහා නොවේවි කියලා හිතනවා...මේ අවුරුද්දෙ සමී මලයා අපොස උ/පෙ ලියන නිසා තමයි මේ තහංචි...අම්මගෙ කථාව ඇත්ත...කාලෙ නාස්තිකරගෙන බ්ලොග් ලිව්ව කියලා කියවන උන් උඹට දවසක කන්න දෙන්නෙ නෑනෙ...ඒ නිසා හොදට මහන්සි වෙලා ඉස්සෙල්ලා විභාගෙ ලියපන්...

    ReplyDelete
    Replies
    1. සිරා උඹ හරියටම හරි.. මං මූට මඩ සමග නෑමක් දෙන්න හැදුවේ බං..

      Delete
  18. තවත් එක් කුමන්තරණයක්ද........

    ReplyDelete
  19. සමියා බුකියේත් කියව කියව හිටියේ කීබෝඩ් එක අම්මා කැඩුවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක නේ හැමෝටම කියල නේ මූ...

      Delete
  20. මූ දවසට පැය විසි පහක් නෙට් ලු.

    ReplyDelete
    Replies
    1. චන්දන මහත්තයට වැරදිල මං හිතන්නේ.. හිකිස්...

      Delete
    2. දැන් නෙවෙයි කලින්. ඒකලු කී බෝඩ් පා වෙන්න පටන් ගත්තේ.

      මහත්තය.... කවුද බොල මහත්තය..? මට අපහාස කොරන්ට එපා හරිය..! :)

      Delete
    3. හෙහ්... අඩේ සිරාවට දවසට පැය විසි තුනයි නේ බං දෙකක් වැඩි උනේ කොහොමෙයි...

      Delete
  21. මට ටිකක් ටියුබ් ලයිට් වුණා මොකක්ද මේ කීබෝඩ් කතාව?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දයා අයියට තේරෙන්නේ නැතිව ඇති. මෙන්න මේක පොඩ්ඩක් බැලුවනං හරි තරහා අවසර
      http://samigepunchilokaya.blogspot.com/2013/01/blog-post.html

      Delete
  22. සමියෝ දන්නෝ දනිති මුලකුරුවල කතන්දර........

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද නලියෝ මට තේරුන්නෑ

      Delete
  23. //අම්මා ගහයි කීබෝඩ් එකෙන්//
    තවමත් අම්මා ගහනවාද....?

    ReplyDelete
    Replies
    1. තව එකක් ගෙනාවොත් ඒකම තමා නිර්මලෝ...

      Delete
  24. මම නම් එයාව දන්නෙ නැ. දැන් තමයි ගිහින් බලන්න ඔනෙ.මමත් කියන්නෙ විනෝදන්සය නිසා ඊට වඩා වැදගත් දේවල් නැතිකර ගන්න එපා කියල.

    ReplyDelete
    Replies
    1. අනිවා මම මේ මෙච්චර දුරක් ආවේ මූට මොකක් හරි හොදවයින් දෙකක් කියන්න තමා... http://samigepunchilokaya.blogspot.com/2013/01/blog-post.html මේකෙන් එයාව බලන්න හැකියි

      Delete
  25. සමියෝ

    මමත් දැකල තියෙන්නේ උඹ මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා වැඩියි බං හොදටම.. මේකට කියන්නේ තාක්ෂණය බුරුවෙක් වගේ පාවිච්චි කරනවා කියන එකයි. උඹ තාම ඉගෙන ගන්න එකා.. අපි ඉස්කෝලෙන් එළවපු උන්.. අපිට මුණු පොත, බ්ලොග් පැය විසි හතරෙම ගියත් අපි හදාගත්ත මාර්ගයක් තියෙනවා. ඒකෙන් ජීවිතේ ගැට ගහගන්නවා. උඹල තාම හැදෙනවා.. උඹ දන්නවද සාමාන්‍යෙයන් ඉගෙන ගන්න කාලේ විනාස කරපු කාලය ගැන උඹට දුකක් ඇති වෙන්නේ ඒ කාලය ආයේ ගන්න බැරි තරං ඈතට ගියාමයි.. එදාට දුක් වෙනවා ඇර වෙන මුකුත් උඹට ඉතුරු වෙන්නෙ නෑ.. ඒ වගේ තත්වෙට තමන් පත් කර නොගෙන, තමන්ට යන්න ඕන දුර ගිහිල්ල මේ ඕන දෙයක් කරපං.. ඇබ්බැහි වෙන්න ඕන පොත පතට මිසක් මේ වල් පල් වලට නෙමෙයි.. මල්ලි වැදගත් දෙයක් කරන්න ගත කරන්න තියෙන කාලය රන් වලටත් වඩා වටිනවා... හැබැයි විනාස කරපු කාලය රන් වගේ කියල දැන් හිතුනට ඒ කාලය විනාස කරපු එක ගැන උඹම කවද හරි දුක් වේවි. එදාට හැමෝම ගැන තරහක් ඒවි.. අන්න ඒක නිසා නොපමාව අද සිට මේ ගැන හිතේ තියෙන දේවල් අහකට දාන්න. උඹෞ ඔය පෝන් මගුලත් මාරු කරල කතා කරන්න පුළුවන් එකක් අරගෙන වැඩට බැහැපං.. තව පොඩි කාලයයි තියෙන්නේ මහන්සි වෙන්න. ඒක මහන්සි වෙලා පිම්ම පැනල, රිසි සේ මේ නිම්නයේ සැරි සරපං

    ඔන්න කිව්වා... මූ මූනු පොතේ දැක්කොත් කට්ටිය මූව එළවන්න ඕන.. බ්ලොග් කමෙන්ට්කටු දාන්න ආවොත් බැනල එළවන්න...ඕන හරිනේ...

    ReplyDelete
  26. හරියටම තේරුනේ නෑ බන්

    ReplyDelete
    Replies
    1. http://samigepunchilokaya.blogspot.com/2013/01/blog-post.html මේකෙන් එයාව බලන්න හැකියි

      Delete
  27. මේකෙ ලේබල් එක ඇයි බන් "වෙඩික්කාරයා" වුනේ ?

    ReplyDelete
    Replies
    1. මචෝ මේ වගේ ඒවා පහක්ද කොහේද තියෙනවා.. ඉලක්කගත ප්‍රහාර, ගල්, මල් හෝ මඩ... පුද්ගලයෙකු අරභයා.. තේරුනැයි ඔහේට

      Delete
  28. ම්හු.. දෙපාරක් කියවලත් ටියුබ් ලයිට්..

    ReplyDelete
    Replies
    1. ඈ සරා අයියේ මේ අපේ සමි කියන කොළු ගැටයා ගැන නේ කියන්නේ.. ඒකා දවසට පැය 18 ක් නෙට් එකේ කියල අම්මා කීබෝඩ් කුඩු කරනවලු මේකගේ...සමියා ලියපු දුක් අදෝනාව මෙන්න මෙතන තියෙනවා...
      http://samigepunchilokaya.blogspot.com/2013/01/blog-post.html

      Delete
  29. මූ ඉතිං ගම කාගෙනනේ මුලින්ම කමෙන්ට් කරන්න ගිහින්... හික්....
    ආයෙමත් අම්මා මුගේ කීබෝඩ් එක පාකරලද ගුවනේ..... හොදම වැඩේ....
    විහිලු නෙමෙයි සමියෝ..... මුලින් අධ්‍යාපන වැඩ කටයුතු ටික හොදින් කර ගන්න.....

    ReplyDelete
    Replies
    1. දැං වත් පිළිගනින් මේ සමනලී අක්කල දෙන උපදෙස්..

      Delete