Saturday, February 23, 2013

ෆොටෝ කෑල්ලට අඩන ලපයි සිපයි!!!

නිහඩව හිටියා නොව මාගේ වැඩක් කොරගන්නට දුන්න ඇද්දා පමණි. හුටා. මාරයා ඒකට කෙලියේය...

මාරයා නොහොත් මාගේ ද මාර පුත්තරයා වන මාරයාගේ හෝරාව නොහොත් මාගේ පට්ට ආදරණීයම බ්ලොග් කරුවා ලියන්නේ කෙප්ප බව දැන් ඕන කෙනෙකුට පැහැදිලි වී ඇතැයි සිතමි...... හෝව් හෝව්... කරුණාකර ඔබ එහෙම හිතනවානං වැරදි බව කිව යුතුයි... මාරයා අවංකවම පට්ට අව්‍යාජ පුද්ගලයෙකි, ඔහුට ප්‍රකාශ කිරීමට ඇති දේ ඔහු ඒ විදියටම කියයි.. ඒ නිසයි මං ඔහුට පට්ට ආදරේ.. හැබැයි මා ඔහු දකින්නේද ආදරය කරන්නේද ඔය කෙප්ප කෙලින බලගයේදීම පමණි.

මතු පරම්පරා හතක් වුවද බ්ලොග් ලෝකයේ ඇති වූ මහා කැලඹිල්ල මොකක්ද කියා ඇසුවොත් අනිවා දෙන්න වන පිළිතුර වන්නේ මාරයගේ හොර පෝස්ට්කටුව බවයි.

ඒ මතින් පැන ගොසින් සියළුම අන්තගාමි බ්ලොග්කරුවන්, බලන්නන් , ඇතුළු එක් අයෙකු හෝ දෙදෙනෙකු ඇර උපරිමෙන්ම අන්තය සොයා ගියාහු වෙති. ඒ ගැන ඇත්තේ කනගාටුවක් හා අනුකම්පාවක් පමණි.. 

මා කුදලා ගෙන හිටියේ කියන්න දෙයක් නැතිව බව බොහෝ දෙනෙකු සිතුවද එය වැරදි බව මේ අවස්ථාවේ සදහන් කළ යුතුය. මාගේ අවශ්‍ය රාජකාරි කිහිපයක් සදහා මේ බ්ලොග් කෙරුවාව බාධාවක් ව පැවති හෙයින්, සති දෙක තුනකට මේ පැත්තේ පස් නොපාගන්න හිටිය බව කිහිප දෙනෙකු දන්නවා ඇති මුත්, එය දැන ගැනීමට පහසු වන පරිදි මාගේ අවසාන පෝස්ට්කටුවේදි ඒ ගැන පොඩි ජැක් කෑල්ලක් ගසා ඇත. දැක්කේ නැති එකෙක් ඉන්නවා නං කණ්නාඩි රැගෙන ගොස් බැලිය යුතුයි..

අත්‍යාවශ්‍ය කරුණකදීවත් මේ මාරයා මා හට නිදහසේ විසුමට ඉඩ කඩ නොදීම පිළිබදව එතුමා මා හට ලබා දීමට පොරොන්දු වූ දඩුවමම ලබා දෙන්න හිතා ගත්තෙමි. එනම් උගේ පස්ස මසා හැකි තරම් අරළු පෙති බීමට දීමයි..

හරි... අන්තගාමියෝ...සියළු දෙනාම මෙලෝ රහක් නැතිව තම තමන්ගේ පුරාජේරු කියවමින් සත්‍යය විකෘති කරමින්, විවාද කරගත්තෝ වෙති. එක් අයෙකුට තවත් අයෙකු නොදෙවෙනි ලෙසින් විවාදයට හපන් මේ අන්තවාදියෝ තමන්ගේ රෙද්ද පල්ලෙන් වැටෙන දේ ගැන නොතැකූහ. ඒ පිළිබදව අමාරුවෙන් හෝ බලා හිටි මා හට ඇත්තටම අනුකම්පාවක් ඇති විය. මේ හොර කේස් එකේදී උත්තර නොදී පලා ගියවුන්, පැත්ත පළාතේ නාපු ඈයෝ නිවටයන් ලෙස සලකනු ලැබූහ. 

එසේ වුවද ඉන් මතුව ඇති වූ සංවාද කිහිපයකදීම (පෝස්ට්කටු කිහිපයක්) එකිනෙකා දැඩිව වාද විවාද කළහ. එහෙත් මේ එක බයියෙක්වත් වාද කරන්නට දන්නේ නැති බව ඉදුරාම කිව හැකිය. වාද කිරීම යනු වාදය පටලවා ගැනීමත්, ඒ මත කරුණු කීමත් පමණක් නොව, අශ්ශිල වචනයෙන් බැන වැදීමත් පෞද්ගලික දේ ගෙන එය දඩුමුගුරු ලෙස භාවිතා කිරීමත්, දුෂ්ඨ සහගතව පෞද්ගලික අඩුපාඩු කතා කිරීමත්, පොඩි ඈයෝ මෙන් හැම තැනම බොරුවට ඇමිනෙන්න යාමත් විවාදයක් යැයි මේ ගොබ්බයන් සිතා ඒ අනුව ක්‍රියා කළහ. කෙනෙකුගේ සිත පීඩා කිරීම, පිළිකුල් සහගත වචන භාවිතය, ද්වේශ සහගත මඩ ප්‍රහාර එල්ල කර ගැනීම විවාදයක් වන්නේ නම්, ඔබද අනෙක් සියළු බොරු විවාද කරුවන් මෙන්ම මෝඩ චූන්කාරයන් වූ බව නොකියාම බැරිය. කෙනෙකුගේ සිත් රිදවා, පුද්ගලිකව මඩ ප්‍රහාර එල්ල කොට කරනු ලබන විවාදයක රසය ගැන පෞද්ගලිකව මා කනගාටු වෙමි. සිත් තැවුලට පත් සැවොම තම තමන්ගේ සිත් රිදවා ගැනීම උදෙසා ඉතා බිහිසුනු අමනොඥ වචන භාවිතා කළහ. ඔබද පඩ ෂෝ විවාද කාරයෙකු වන බව පුන පුනා ප්‍රකාශ කළාහු වෙති.

දැං මොකක්ද ඔය සිද්ධිය.... පොටෝ කෑලි තුනක්.. ඔබ ඒ පොටෝ කෑලි තුන දිහා බැලුවාද? ඔබ දුටුවේ කුමක්ද?

මා නම් දැක්කේ මෙපමණකි.

දරුවෙකු බංකරයක බංකුවක වාඩි වී බිස්කට් එකක් කන බව

දෙවන පොටෝවද එයමය

තෙවන පොටෝව එම දරුවා ඒ ආකාරයෙන්ම වෙඩි තබා ඝාතකය කර ඇති ආකාරය

ඒ ටික පේනවාද කියා ඔබම බලාගන්න.. මම  නම් දුටුවෙමි.

ප්‍රභාගේ පුතා... කව්ද කිව්වේ.. මට ඇහුනා..කව්ද කියනවා

හරි අමතක කරන්න සමහර විට එයාගේ පුතා වෙන්නත් හැකියි. මේ පොටෝ හදපුවා වෙන්නත් ඉඩ තියෙනවා..

ආ.. ඔව්... තව එකක්...දරුවෝ ඉන්නවද නැත්ද කියන එක අදාළ නෑ.. ඒවටත් ඔය ගොබ්බයෝ හෑලි කියල තිබ්බා.. ඒවා වැරදියි..

හරි... මම අර බොරු හෝ ඇත්ත පින්තූර ටිකෙන් දැක්ක එකම දේ දරුවෙකු ඝාතනය කිරීමක පින්තුර කතාවයි.. ඔබ එය දුටුවේ නැත්නං පොටෝ තුන අරගෙන බලන්න.. හැබැයි පුතේ ඔය පොටෝ වලට අර්ථකතන දෙන්න ලෝකේම ඒකේ එල්ලගෙන දුවන්න කෑගහන්න එපා..

රායිටෝ.. ඔන්න මං දැක්ක දේ කිව්ව නේ.. මම අමු හෙළුවෙන් ඒක දිහා බැලුවම මම දැක්කේ සැක්... පොඩි කොල්ලෙක් මරා දාලා නෙව... අමු අමුවේ..

මට ඒක පෙනුනේ මම මේ ලෝකේ ඉපදිලා, ජීවත්වෙලා, ඉගෙන ගෙන තියෙන ඔය සාමාන්‍ය බඩකඩුත්තු ටිකෙන් තමා. මොකෝ මම මහ ලොකු ප්‍රාඥයෙක් නෙමෙයි නේ.. ඒ අනුව මගේ සංවේදනයෙන් කියන්නේ ඒක අපරාදයක්.. දරුවෙක් වෙඩි තියල මරන එක අපරාදයක්..

එච්චරයි.. බොලාට අවශ්‍ය නං ඕකට සුකුරුත්තං, ඕන දෙයක් එල්ලගෙන කතා කරපල්ලා. මට කමක් නෑ.. ඕං මම දැක්ක දේ කිව්වා. එතැනින් එහාට මම කිසිම දෙයක් දන්නෙත් නෑ. දැක්කෙත් නෑ.. හරිම සරලයි. පින්තූර කතාවක්.. හැබැයි එකක්.. ඉපදිච්ච දවසේ ඉදලා මනුස්සකම වැඩ කරන නහරේ ඔළුවෙන් අයින් කරල නං කොරන්න දෙයක් නෑ.. 

ආයිත් කියන්න ඕන මේක එකම සමාජයක්.. අපි මිතුරන් සේ තම තමන්ගේ බ්ලොග් වල හොද උනත් නරක උනත් ඒවා බල බල අනේ සෝක් කතාව කිය කිය ඉන්න උන්. ඉතිං ඒ පරතරය තියාගන්න හොදම දේ තමා, තම තමන් අනෙක් අයට ඔය හොර කේස් එකේදි අශ්ශිල විදියට කතා කරපු කැත වචන ටික ඇදල ගන්න එක.. ඒක සෞඛ්‍යයට හිතකරයි. හිතත් පිරිසිදුයි.. ඔව් ඇදල ගන්න බැරිනං කොරන්න තියෙන එකම දෙයයි.. මේ මාරයාගේ හොර කේස් හින්දා උඹලට හිත් රිදෙන දේවල් කිව්ව එකට සමාවෙන්නෙයි කියල ප්‍රසිද්ධීයේ තම තමන්ගේ මගුල් වල ලියා එල්ල ගන්න එකයි.. මට නං කොහොමත් එකයි. වැදගත් නැති දේ කෙලින්ම මොලේ තියෙන රිසයිකල් බින් එකට දානවා..  එහෙනං බ්ලොග් ලොව බොග නොකර තම තමන්ගේ මගුලක් ලියා ගනිල්ලා.. මම යනවා...

46 comments:

  1. දරුවන් ලොව අහිංසකය.ප්‍රභාකරන් යනු දරුවන් තම අවශ්‍යතාවය සඳහා යොද ගත් කෙනෙකි.කාට එය අමතක උනද මට නම් එය මතකය.එම නිසා මල් වැනි දරුවන් බිල්ලට ගැනිම හෝ දිම මම අනුමත නොකරමි.

    ReplyDelete
    Replies
    1. පිළිගනිමි ඒකයි කිව යුතුව තිබුනේ...

      Delete
  2. මොකක්,, ෆොටෝ තුනක්.... මට මතක නෑනේ ඕයි.....

    මට නම් කිසිම දුකක් නැත. මේ ෆේක් ෆොටෝය. ජිනීවා වලදි අපිට කෙලින්න හදපු ඒවාය. ප්‍රභාකරන්ගේ පුතා මෙන් පුතෙක් සොයා, මේකප් දමා ගත් ෆොටෝය. වෙඩි තියලා මරලා නම් කෝ ලේ.....? අනික කෝ මේ දරුවගෙ මියගිය මුහුනේ කිසිම වේදනාවක්.....? ෆෝටෝ එකක් දැක්ක ගමන් හඬනා මෝඩයන් ගැන මට දැනෙන්නේ පුදුම දුකක්ය, කනගාටුවක්ය...... සංවේදි කතා, පොත පත, චිත්‍රපට, සෝප් ඔපෙරා බැලීමෙන් වැලකිය යුතුය. ඔෂින්, චංගුමි බලා මා කර තිබෙන්නේ වැරද්දක්ය. මින් පසු මම ඩ්‍රැකුයුලා සෝ වාගේ සෝ පමණක් බලමි. නෝටි ඇමරිකා පමණක් බලමි, බුකියේ මල් කඩමි, ඊළඟට තම්බි මැරීමට රෙඩි වෙමි. ස්තූතියි පාලිත... නැවතත් මයික්‍රෆෝනය නන්දිකඩාල් කලපුවට.....

    ReplyDelete
    Replies
    1. සැර වැඩිද මංදා

      Delete
    2. @ මාතලං
      මටත් මතක නෑ.. බං...

      Delete
    3. @ දිලුම්
      ඔව් බං ඌ බොන ඒවා හෙන සැරයි මං හිතන්නේ

      Delete

  3. මම ඒ පොටෝ දැක්කෙ නැනෙ. මොනව වුනත් ලමයෙක් මරන එක අනුමත කරන්න බැනෙ.ඒත් ඉන්ටනෙට් එකේ දාන දේවල්වල සත්යය හොයන්න අමාරුයි නේද?

    ReplyDelete
    Replies
    1. මාත් කිව්වේ ඒකයි ඇත්ත නැත්ත ඒගොල්ල හොයාගත්තාවේ. අපි ඉන්නේ ඒකට නෙමෙයි නේ. ළමයෙක් මරන එකට මම විරුද්ධයි...

      Delete
  4. උඹ හරි බං. උඹ හරි.....! තේරුනේ නැත්නම් ඒත් උඹ හරි එච්චරයි....!!

    ReplyDelete
    Replies
    1. එහෙනං උඹත් හරි.. එච්චරයි.. සරා ගොයියා.. මට උඹලව මිස් උනා බං මේ ටිකේ...

      Delete
  5. හරි බං. ඒත් ඉතින් මේක එහෙම එකපාරටම මෙන්න මෙහෙමයි කියන්න පුළුවන් තත්වයක් නෙමෙයිනේ. අහක ඉනන මාරයෝ පටලාගන්නේ නැතුව උඹේ මතය කියපන් එච්චරයි නේ.

    ReplyDelete
    Replies
    1. උඹලට ඒක එහෙමයි කියල කියන්න බැරි උඹල ඉපදෙන කොට කාගෙ හරි මනුස්සකමක් හින්දා මෙලොවට ආපු විත්තිය අමතක කරල පස්සේ ඉගෙන ගත්ත මගුල් වලින් ඔළුව පුරවං ඉන්න හින්දයි.. ළමයෙක් මරල නං ඒකට හේතු කාරණා දේශපාලනිකව බලන එක මෝඩ කමක්...

      Delete
  6. මොකෑ බං මේ

    ReplyDelete
  7. ෆොටෝ තුන දිටිමි. ඒත් ඒ කවුද යන්න මට වැදගත් නොවේ. ප්‍රභා ගේ ළමයා යන්න නළලේ කොටා නැත. එනයින් මා කරබා සිටිමි. ඊටත් ඒ එසේ වුවා නම් මා ඒ දෙස බලන්නේ මෙසේය. ළමයා හිටියේ කොටි අඩවියේය. ඔය කොටි බංකරයක් වීමට හැක. එසේ නොවේ ය කීමට හැකි කෙනෙක් ඇත්නම් ඌ ඔය ෆොටෝව ගත්තු එකාද නොවිය හැක. ඒ ඔය ෆොටෝව ගත්තු එකාද කොටියෙක්ම වීමට හැකි නිසාය. ළමයා මැරුවේ කොටි වීමට හොඳාකාර ඉඩ ඇත. ඒ නෑ කියා කිසිවෙක්ට කීමට නොහැක. මන්ද කොටි ළමයින් මරා ඇති නිසාත් හර්මන් ගෝරින් විසින් සිය ළමයින්ද මැරූ නිසාත්ය. ඒ ද නැතිනං ළමයාට වෙඩි වදින්නට ඇත ඒ කවුරු අතින්ද යන්න දන්නේ උඩ ඉන්න දෙයියෝම පමණය. ඉතිං කවර කතාද? හමුදාව මැරුවා කියා බෙරිහන් දෙන එවුන් එසේ කියන්නේ කෙසේද යන්න උන්ගේ සිස්ටම් එකේ ගැටලුවක් ය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේ සැන්ඩර්.. කවුරුවත් තහවුරු කරන්න ඕන නොවෙන දෙවල් අපි කරන්නේ මොකටද? මිනිස්සු විදියට අපිට තියෙන්නේ ඒක දිහා බලල හරිද වැරදිද කියන්න නෙමෙයි ඒ සිද්දීය එහෙම උනානං මොකක්ද කියල කියන එකයි. ප්‍රභාගේ පුතාද කාගේ කව්රුද හොයන්න ඕන පස්සෙ නෙව.. කොහොමත් අනුමත කරන්න බැරි දෙයක්..ඔබේ මතයම මාගේද මතයයි

      Delete
  8. දරුවෝ නම් දරුවෝම ය...

    ReplyDelete
  9. ෆොටෝ තුනක් o.O O.o මට මතක නෑනෙ බං

    ReplyDelete
    Replies
    1. අඩේ මම එහෙම එකක් කිව්වැයැ..

      Delete
  10. උඹ දැන් හෙන සම්බාව්‍ය වේගෙන එන්නේ මට මෙලෝ දෙයක් තේරුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. උඹල මේවට සම්භාව්‍ය කියනවනං බං, මට මීට එහා තියෙන්නේ කුනුහරුප වැලක් දෙසා බාන එක විතරයි.. උඹ එන්න එන්නම සවුත්තු වෙනවා කොල්ලෝ... හෙහ්...

      Delete
  11. මට නම් ප්‍රශ්න උනේ ෆොටෝ තුන වත් ඒ ප්‍රභාකරන්ගේ පුතාවත් ඒක කොටි බංකරයක්ද හමුදාවේ බන්කරයක්ද කියන එකක් වත් නොවේ.

    ඒ පොඩි එකා ගේ මහ එකා ම්ලේච්ඡ මිනීමරුවෙක් නිසා මූත් කවදා හරි මිනීමරුවෙක් වෙන්න ඉඩ තිබේ කියලා . . මූව මෙහෙම නෙමේ මරන්න තිබ්බේ කියලා අදහස් දක්වපු එක.

    ඒ තියරියට අනුව සියළුම මිනීමරුවන්ගේ, දූෂකය්න්ගේ දරුවන් වෙඩි තබා ඝාතනය කල යුතුයි එහෙම නේද?

    හෝව් හෝව් උගේ මහ එකා දෙමලෙක් නම් විතරක් එහෙම කල යුතුයි . . ඒකද උඹලා කියන්නේ?

    අනික් කාරනේ උගේ මහ එකාට මිනී මරවන්න ලෝකේ වටෙන්ම ඩස්පෝරාව හරහා සල්ලි එකතු කරපු එකාට - කේ.පී.ට සමාව කැපයි . . !!

    පොලිසියේ තුන්සීයක් මරන්න අන දුන්නා කියලා ඔප්පු උනු, ගම්වලට පැනලා දාස් ගානක් අහිංසක මිනිස්සු මරපු / මරවපු කරුනා අම්මාන්ට සමාව කැපැයි . . !!

    ඒත් ඒ කොල්ලට සමාව අකැපැයි . . ???

    අවසන් යුද්ධයෙදි ඒ කොල්ලා මැරුන නම් කරන්න දෙයක් නෑ ඒක බස් බෝම්බ කෝච්චි බෝම්බ වලින් ලොකු පොඩි හැම එකාම මැරෙනවා වගේ. ඒත් අල්ලගෙන පස්සේ මැරුවා නම් ඒක සාධාරනීයකරණය කරන්න දරු දුක දන්න අම්මෙක් තාත්තෙක් ම වෙන්න ඕන නෑ හිතක් පපුවක් තියෙන මනුස්සයෙක්ට පුලුවන්ද?

    හරිම කනගාටු හිහ්හුනා සංව්වෙදී සළු පොරවගෙන ඉන්න අපේ මානව හිතවාදියි ගැන හිතුවාම . .. සික් විතරක් . .

    ReplyDelete
    Replies
    1. මම කියන්නේත් ඒකයි දුකා එක්කෝ මේ පොටෝ දීපු එකා නිවයටයෙක් නොවි හිටිය නං හරි. එහෙම නැත්නං අර විදියට සාමාන්‍ය දරුවෙක්ගේ කෝණෙන් බලන්න ඕන.. ඇයි අපි ඒකට නම දාලා තිබුනෙත් මානුෂීය මෙහෙයුම නෙව...

      Delete
  12. //මාරයාගේ හෝරාව නොහොත් මාගේ පට්ට ආදරණීයම බ්ලොග් කරුවා ලියන්නේ කෙප්ප බව දැන් ඕන කෙනෙකුට පැහැදිලි වී ඇතැයි සිතමි....// කෙප්ප රජෙක්

    ReplyDelete
    Replies
    1. මමද මාරාද??? මම නං කෙප්ප කෙලින වල පැහැදිලිව කියමි.. හෙහ්.. උඹ ආවාමයි මයෙි හිතේ.. ටැන්කුයි එහෙනං..

      Delete
  13. ඔලුව අතගාල ටොක්කක් ඇනන්ද මන්දා.. ;)

    ReplyDelete
    Replies
    1. එහෙම තමා මලයෝ කියන්න තියෙන්නේ.. වචන වලට එහා ගිය දෙයක් තියෙනවා.. කව්රුවත් හිතුවද කියන එක ප්‍රශ්නයක්..

      Delete
  14. කොහෙද බොල ඔය ෆොටෝ 3න තිබුනේ????? කොහොම උනත් කොටි ලොක්ක අනුන්ගේ දරුවන්ව බිල්ලට දීල තමන්ගේ උන්ට සැප දුන්නා. කර්මය පල දුන්නා එච්චරයි මම කියන්නේ.

    ReplyDelete
    Replies
    1. කර්මය එය කොට දුන්නා කියන එක මෝඩ කතාවක් කෝරලේ.. ඔබත් මෙය සත්‍ය වශයෙන් මීනීමැරුමක් බව දැනගෙනම අනුමත කරනවානාම් එයා මිනිස් කමට නොහොබිය.. ඇත්තක් නං එය වැරුද්දක් බව කීමට හැකි විය යුතුය. කාගේ වුවද දරුවෙක් මරන්නට ලංකාවේ හෝ ජාත්‍යන්තර නීතියට අනුව වැරදිය. එම නීති තිබෙන්නේ මිනිසුන් සාධාරන කරන්නටය. එසේ හෙයින් සාදාරණ මිනිසෙක් වීමට සිතට ගන්න.. සිද්ධියට අදාළ වටපිටාව හෝ අභ්‍යන්තරය වැදගත් වන්නේ අපට නොව අපේ පාලකයන්ටය..

      Delete
    2. දරුවෙක් මරණ එක කොහෙත්ම සාධාරණ නැහැ මම ඒ දෙය අනුමත කිරීමක් නෙවෙයි කරන්නේ. මම සඳහන් කලේ ප්‍රභාට වෙච්ච දෙය. යම් කිසි වැරදි වැටහීමක් වෙලා බං දේෂෝ ඔය කතාව දුකත් වැරදියට අරන්.

      Delete
  15. ඔව් බං සුකුරුත්තං එල්ලන්න එල්ලන්න ඕක අවුල් වෙනවා. ඕකට සිංහලෙන් කියන්නේ no ifs, ands, or buts.

    ReplyDelete
    Replies
    1. එහෙම තමා බං. උඹේ පොඩි අදහස තුල තේරුම් ගත් බව මට දැනෙනවා..

      Delete
  16. පොඩි එකෙක්ව වෙඩි තියලා මරලා දානවනම් ඒ දේ මිලේච්චයි.එත් යුද්දෙකදී වෙඩි හුවමාරුවකදී මැරෙනවනම් ඉතින් කරන්න දෙයක් නැහැ. අපේ වුනුත් දරුවෝ නේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි ඇත්ත... වෙඩි හුවමාරුවකදි සෙනගක් එක්ක මැරුන නං ඒක වෙනම දෙයක්...

      Delete
  17. ඔයිට වඩා ප්‍ර‍ශ්න අපිට නම් තියෙනවා බං...උඹලා ඕවා ගැන වචන නාස්ති කරනකොට අන්න ආණ්ඩුව අපිට හොරෙන් තෙල් මිළ උඩ නග්ගලා...

    ReplyDelete
    Replies
    1. තෙල් මිල වැඩි කලේ නැති බව කිව යුතුයි. එය සංසෝදනය කලා පමණි... විජාතික කුමන්ත්‍රණකාරි අදහස් පවසන්නට එපා.. තෙල් මිල වැඩි කර නැත... හෙහ්

      Delete
  18. හිතා ගන්න තිබෙන්නේ මුට්ටිය දැම්මම මෙහෙම නම් ඇත්තටම හොරා ආපුවහම කොහොම හිටීද කියලයි.

    'කොටිත් එක්ක සම්බන්ධ ශිරාණි බණ්ඩාරනායක බංගවේවා' කියල නිර්නාමික පොස්ටර් ගහල තමයි එතුමියව දොට්ට දාන්න ජනතාවගෙ අනුමැතිය සොයාගෙන ගියේ.

    අපේ උපාසකම්මල 'බුදුහාමුදුරුවන්ට දේවදත්ත ගල් පෙරලුවා' වාක්‍යයේ බුදුහාමුදුරුවන් කියනකොටම සාදු කියල ඉවරයි වගේ කොටි සමග සම්බන්ද කියනකොටම බංග වේවා කියල ඉවරයි.... වැනි අබෞද්ධ, මුග්ද, පහත් තත්වයකට සිංහල ජාතිය ඇද දමමින් තිබේ.
    මේකට සපොර්ට් එකට,
    හීනෙන් ගොක් කොල පේන කාලෙට සමහර (ගුප්ත) විද්‍යා මහචාර්‍යවරුන්ට හීනෙන් දෙවියො ඇවිත් දැනුම දෙනවාය. හැබයි ඒවා චෙක් කරගන්නේ.. නවීන විද්‍යා තාක්ශනයෙනි

    ඩයස්පෝරාවත් මීට සමාන ව්‍යාපාරයක් අන්තර් ජාතිකව ගෙනියනවා හේතුවක් ඇතුව හෝ නැතුව රජයට විරුද්ධව. ඇත්තටම එවැනි දේ බලවතුන් තමන්ගේ පැවැත්ම සඳහාත් යොදාගන්නවා.

    ෆොටෝවල විශ්වනීයත්වය වෙනම කාරනාවක්. එය පරීක්ශාවට භාජනය කරන්න අවශ්‍ය කටයුතුකරන්න විශාල වේතන ලබන තනතුරු දරන කොටසක් ලංකාවේ සිටිනවා, ලෝකයේ විශාලම කැබිනෙට්ටුවක් තිබෙනවා

    මහ කොටියගෙ පුතා බාලචන්ද්‍රන් කියනකොටම බංග වේවා කියල ඉවරයි, පස්සෙයි දන්නේ ඔය කියන සිද්ධිය. කමක් නෑ කණගාටුවෙනව කියන්න පරක්කු නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කනගාටු වෙනවා කියල කියන්න කිසිම ප්‍රමාදයක් නෑ.. වැඩේ ඇත්තනං ආණ්ඩුවටත් එක්කයි මම කියන්නේ...

      Delete
  19. ම මේ ෆොටෝ ගැන නිවැරැදිව දන්නේ නැහැ. නමුත් බැලූ බැල්මට මාද රැවැටුනා. එහෙත් එය අසත්‍යය් යැයි වැටහෙනවා. මෙවන් මරා දැමීමක් සිදු වූවානම්, එය රහසක් කර ගන්න අපේ රජයද හොඳින් දන්නවා. හුදෙක්ම මෙය නිර්මාණයක් පමණක් විය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔන්න ලොරි ටෝක් දෙන නිර්මලා බබා වෙනහැටි.

      Delete
    2. වෙන්න ඇති මට ඒ ගැන අවබෝධයක් නෑ.. මම තාම සිත්තර පත්තර බලන මානසිකත්වයේ නෙව ඉන්නේ..

      Delete
  20. මං පරක්කුයි.. හා කමක් නෑ... මේක ගැන මොනවා කියන්න ගියත් මොන පැත්තෙන් මොනවා කිව්වාත් කවුරු හරි බනිනවා බං... ඒත් මට පොඩි සැකයක් තියෙනවා.. ඔච්චර ළමයි ගානක් බ්‍රේන් වොෂ් කරපු ප්‍රභාකරන්ට තමන්ගේ ළමයගේ බ්‍රේන් වොෂ් කරන්න මහ ලොකු අමාරුවක් නෑ නේ.. එහෙම ළමයෙක් හමුදාවට අහු උනානම් මෙහෙම අහිංසක විදියට ඉඳියිද කියලා මට හිතාගන්න බෑ..

    පොඩි ළමයෙක් මැරිලා ඉන්නවා දැක්කම අනිත් අපරාධ ගැන දකිද්දී, අහද්දී දැනෙන හැඟීමම තමයි දැනුනේ.. ඒත් මේ කතාව කියෙව්වම නම් එකපාරටම හිතුනේ මේක නම් පට්ටපල් බොරුවක් කියලා.. හැබැයි ඉතිං ප්‍රභාකරන් කියන නමත් එක්කම අර අපේ මැරිච්ච අක්කලගේ මිනී ටික තියලා තිබ්බ හැටිත් චිත්‍රපටියක් වගේ මැවිලා පෙනුනා.. අනේ මන්දා.. මගේ මනුස්සකමක් නැති හින්දද ඒ කියලා නම් කියන්න දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නේ නැහැ හිරූ ප්‍රභාකරන් තමන්ගේ ළමයි හැදුවේ මල් වගේ.අන්තිම මොහොත වෙනතුරු උන් දුක් වින්දේ නැහැ.කොහොම උනත් දරුවෙක්ගේ මරණය සිත් වේදනාවට කරුණක් කියලා කියන්න ඕන

      Delete
    2. ඔය කියන කාරණා මතු වෙන්නේ පස්සටයි.. ඉස්සෙල්ලම සාමාන්‍ය මිනිහෙක් විදියට බලන්නයි ඕන.. අපි පුරුදු පුහුණු වෙලා ඉන්නේ එහෙමයි... අනිත් කාරණා පසුවටයි.. ඌ කොටියෙක් උනාය කියමුකෝ එහෙනං ඔය කොටි දාස් ගනන් දැං නිදහස් කරන්නේ... ඇයි එහෙම නොවුනේ.. මම කියන්නේ මේක ඇත්තක් කියන එක නෙමෙයි සිද්දිය ඇත්තක් නං අප සිතිය යුතු අන්දමයි..

      Delete
    3. @ ඇනෝ..

      මම කියන්නේ ඒකයි.. ඔබ තේරුමි අරන් ඉන්න විත්තිය පේනවා...

      Delete