Wednesday, February 27, 2013

තිසර සත්කාර

මුණුපොතේ බර බර ගාන එකත් වෙලාවකට හොදයි කියල හිතෙන්නේ ඕං මෙහෙම ඒවට තමා. අපේ කියාගන්න බෑ දැරිවිත් එක්ක මුණුපොතේ බර බර ගාමින් ඉන්න කොට මේ විවාද ගැන ආපු කතාවකින් මට සැනෙකින් පාසැල් කාලෙට යන්න පුළුවන් උනා. ඇත්ත නෙව අපි විවාද කරන්න ගියාම පට්ට බොරු, කෙල්ල ඇද බාල කොහොම හරි තර්කෙ ගොඩ දාගන්න දත් මිටි කනවා, රවලා බලනවා, ළග ඉන්නවනං අම්මප අනිත් එකාට මුණ සම්බල් වෙන්නත් දෙන්න හිතෙනවා. අනේ අනේ මහ ලොකුවට අනිත් උන්ට විවාද කොරන හැටි කියල දෙනව නේද... තව මොනාද ඉතිං කියන්න තියෙන්නේ ඔක්කෝටම කලින් විලිලැජ්ජාවක් කියල එකක තියෙන්න එපායැ.

හරි... ඔන්න මම ඒ කාලේ ඉස්කෝලේ ගියා නෙව. අපිටත් තිබුනා බොහොම අපූරු ඉස්කෝලයක්. ඔය ඉස්කෝලේ කණිෂ්ඨ විවාද කණ්ඩායම තෝරන්නේ 10 - 11 පන්ති වල ළමයිගෙන් තමා. එහෙම කරන්න අපි ඉස්සෙල්ලා විවාද සංගමයේ සාමාජිකත්වය අරගෙන සතියකට එක් දවසක් තියෙන විවාද තරග වලට සහභාගී වෙන්න ඕන. අපිව අධික්ෂණය කරන්න ගුරුතුමෙක් ඉන්නව වගේම, තත්වය පාලනය කරන්නේ එයා තමයි.. ඔය ළමයා බොරුවට අත පය දික්කරනවා වැඩියි.. මොකද ඔය ළමයි මේ මේ ආ ආ ගගා ඉන්නේ. ඔය ළමයා මොකෝ මගදි ලොප් වෙන්නේ ආදී වශයෙන් උපදෙස් එහෙම දෙනවා. එහෙම මාස තුනක් විතර ගියාම තමා පන්ති දෙකේ හාදයෝ ටික කණ්ඩායම් වලට බෙදන්නේ සර්ට ඕන විදියට. එක කණ්ඩායමකට පහක් ගානේ කණ්ඩායම් දහයක් විතර ඉන්නවා. 

ඔහොම හැදුවට පස්සේ තුණ්ඩු දාලා විවාද කරන කණ්ඩායම් දෙක බැගින් තෝරගෙන ඉවර වෙලා කතා කරන්න ඕන මාතෘකාව සර්ම දීල කියනවා හෙට සුදානං වෙන්න හවසට විවාදේ තියන්න ඕන කියලා. ඔය විදියට ඉතිං විවාද කොරන්න ගියාම මට හම්බ උන විරුද්ධ වාදියෝ විදියට ඉන්න කණ්ඩායමේ මගේ බොක්කේ උන් දෙන්නෙක් උන්නා. ඒක නිසා අපි එකතු වෙලා විරුද්ධ උනත් තොරතුරු හෙම කතා කරගෙන වැඩේට සුදානං උනා. තව එකක් කියන්න ඕන ඔය අතරේ අපි ඉතිං අපේ බාලාපරාද ගැනත් කතා කරන නිසා කන්ඩායම් දෙකේම අපි හරියට නොදන්න උනුත් ඒවා අහගෙන ඉන්නවා කියන එක අමතක උනා.

විවාදේ පටන් ගන්නයි සුදානම. අපේ මාතෘකාව.. කාන්තාවන්ට සැලකීම.. අපි පක්ෂව අරුන් විරුද්ධව.

ඕක පටන් අරගෙන බොහෝම හර බර දේශන තියාගෙන ඕං මාත් මගේ දේශනේ පටන් ගත්තා අනිත් පැත්තේ ඉන්න මගේ යාළුවට සැර උත්තරයක් දීගෙනම. ඒත් එක්කම මම අදහස් කරේ වැඩිපුරම කාන්තාවන් දිහා අපි මානුෂික විදියට බලන්න ඕන, අපේ නංගිල වගේ කියල හිතන්න ඕන, ඒ අයට නිදහසේ පාරේ බැහැල යන්න පුළුවන් වෙන්න ඕන කියලා. මේ අදහස් ටිකත් එක්කම අරුන්ගේ කන පැලෙන තර්ක වලටත් පොඩි කින්ඩි දෙක තුනක් දාලා ඕං මම නිහඩ උනා. එතකොට මගේ අතින් යෂ්ඨිය ගත්තේ අර පැත්තේ ඉන්න මම එච්චර හරියට නොදන්න බුවෙක්. මිනිහා බොහෝම අගේට විවාදෙට එන්ටර් වෙලා සිරාවටම නෙලන්න ගත්තා. ඒ මදිවට මේකා කියනවා.

“දැං බලන්න මිත්‍රවරුනි, මෙතන මට කලින් අදහස් දක්වපු දේශක සහෝදරයා අපිට පෙන්න්න උත්සාහ කරේ කාන්තාවකට නිදහසේ පාරේ බැහැල යන්න ඕන වටපිටාවක් හදන්න ඕන කියල නේද? ඒක එහෙම නේද දේශක සහෝදරයා. අපිත් හිතනවා ඒක එහෙම උනා නං හොදයි කියලා“

මම බැලුවා මේකා මගේ තර්කෙට අන්දොස් වෙලාද යකෝ මගේ ඒවා පිළිගන්නේ කියල... හෙහ්.. මාත් යස අගේට ඔළුව වනල ඒක සනාථ කරේ හොදට ටිංකිරි හිනාවකුත් දාගෙන. ඕං ඌ ආයේ පටන් ගන්නවා.

“ඉතිං මිත්‍රවරුනි, මට මේ වෙලාවේ මතක් වෙන්නේ මේ කියමන.. ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට කියන එක. මොකද මෙතන උපාසක මහත්තුරු වගේ බොහොම හරබර විදියට තර්ක ඉදිරිපත් කරන අපේ සමහර සහෝදරයන් තමන් කරපු කියපු දේවල් අමතක කරල බොරු තර්ක ඉදිරිපත් කරන කොට වෙන කිසිවක් කියන්න උවමනා නෑ. මොකද අපේ තර්කය නිකංම ඔප්පු වෙනවා. ඔය උපාසක කියන අය හින්දා තමා කාන්තාවන්ට හිරිහැර වෙන්නේ කියලා...“

හුටා නේද? මගේ ඔළුව අනිවාර්තේ ඇතුලෙන් කැරකෙනවා වගේ දැනෙනවා. යකෝ මු වගේ පාහරයෙක්.. අරුන් ඊයේ කිව්ව මගේ සීන් එක නේද මූ ඇදල අරන් මට ගහන්නේ කියල දත් මිටි විකාගෙන මර විකාරෙන් ඌ දිහා බලන් ඉන්න එක විතරයි ඒ වෙලාවේ කරන්න පුළුවන් උනේ. කොහොම හරි දෙවෙනි වටේ මට හරියට කතා කරගන්න බැරි වෙච්චි හින්දා තෝරාගත් පස් දෙනා අතරට යන්න බැරි උනා.

මේකයි අර යකා නොකියා කිව්ව කතාව

මමයි මගේ බොක්කේ දෙන්නයි ඉස්කෝලේ ටයිම් එකේ තාප්පෙන් පැනල පිටිපස්සෙන් තියෙන රේල් පාර දිගේ ඒ ළගම තියෙන අපේ ටීචර් කෙනෙක්ගේ ගෙදර යනවා වතුර බොන්ට. වතුර බොන්ටෙයි කිව්වට එහෙමත් නෙමෙයි ලොවි කඩාගෙන එන්න තමා. ඔය රාජකාරිය සදහා එක දවසක් යන කොට වතුර බොන ටීචර්ගේ ගෙදරට යන අතුරු පාර කිට්ටු වෙද්දී අපි දැක්කා, කලින්ම ඉස්කෝලේ ඉවර වෙලා හෝ මොකක් හරි සන්තෑසියක් වෙලා හරි, වේලපහ ගෙදර බලා බඩගාන ගැල්ලමයෙක්. එයා රේල් පාරෙම අපේ ඉස්සරහට එනවා. තුන්දෙනාම දැක්කා ඒකිව. අපි ඉතිං දැක්ක ගමන් තේරුං ගත්තා කෑල්ල හොදා තමා කියලා.

“අඩෝ දේශා බොට පුළුවන් නං ඒකිට වචන දෙකක් කියපං“ පොලියා කියනවා.

“අඩෝ එහෙම නෙමෙයි උඹ අහපං නංගි කොහේද යන්නේ කියල“  ටොට්ටා කියනවා.

“හරි මම දැං ටෝක දැම්මොත් බොලා මොකද කරන්නේ“ මම ඇහුවා

“ඒක තමා යකෝ කියන්නේ තෝ වචනයක් හරි කතා කරොත් අපි තොට බීම එකක් අරන් දෙනවා“ මුන් දෙන්න මට කියනවා

“හරි මම ඔට්ටුයි“ මම කිව්වා

“අනේ පල යන්න උඹට බෑ යකෝ එහෙම දෙයක් වත් කරන්න තෝ මහ පොන්නයා“ ටොට්ටා ආවේස වෙලා කියනවා.

මටත් පට්ට මල... රේල් කොට එක එක අපි අතර පරතරය අඩු කරනවා. කෙල්ල බිම බලාගෙනම සීරුවට අඩිය තියනවා. පොඩි කෙල්ල උනාට අඩේ තිසර කෑල්ල හොදට තියෙනවා. මුං දෙන්න මාව කන්න හදනවා. හිටපිය තොපිට හොද වැඩක් කරන්න කියල මම හිතාගෙන උන්ට ඇහෙන් කිව්වා උඹල ටිකක් පස්සෙන් වරෙල්ලා කියලා. අනේ කියන්නේ මූන් ඒක අහල රේල් කොටන් දෙකකින් විතර මගේ පස්සට සෙට් උනා. දැං කෙල්ලයි මායි අතර පරතරය කොටං පහ හයක් ඇති. වටපිට බැලුවා... පරිසරය කාලගුණය යහපත්.. හරි.. දුවන්න ඕන විදිය.. ඒකත් හරි අඩි දෙකයි වමට පැන්නා හරස් පාරෙන් උඩට දිව්වා. හෙහ්. තොපිට දෙන්නං ජම්බු කියල මාත් ඩිග් ඩිග් ගගා කෙල්ලට කිට්ටු වෙච්චි හැටියෙම පට් ගාලා එක තිසරයෙක් අතගාගෙන පැන්නා ඩෝං කියල වමට.. ඒත් එක්කම මම දැක්ක ඒකිගේ ඇස් උඩ යන හැටි. තව මොනා බලන්නද හැරුනා පාරට දිව්වා උඩටම. ලෙසටම දුවලා අනිත් පැත්තෙන් ඉස්කෝලේ ගාවට පැනගෙන ඇවිල්ල ටාර් ගාලා තාප්පෙත් පැනලා පන්තියට ඇවිල්ල වාඩි උනා හති හලාගෙනම. මම දැං හිනා වෙවි අනිත් උන්ට කතාව කිව්වා. පැය භාගයක් විතර ගියත් මුං දෙන්න ආවේ නැති හින්දා මටත් බයයි. කෑවද දන්නෑ මුං දෙන්න කියලා.. ඔහොම ටික වෙලාවක් යන කොට මුන් දෙන්නත් එනවා.. හැබැයි දාඩිය දාපු ගතියක් නෑ.. ගුටි කාපු විදියකුත් නෑ.

මම දැක්ක විතරයි මුන් දෙන්න ආවේස වෙලා එක වැලට රතිඤ්ඤ කරල් පත්තු කරනව වගේ වැලට ලෙසටම කුණුහරුප කියවනවා. අනිත් උන් මාත් එක්ක උන්ට හූ තිය තිය හිනා වෙනවා. මේ අලකලංචිය අස්සේ මුන් දෙන්න අනිත් උන්ට වැද වැද කියනවා උන්ට වෙච්චි සන්තෑසිය.

“බලපං බං මූ කරන කැත වැඩ. රේල් පාරේ ආපු කෙල්ලගේ තනේ මිරිකනවනං යකෝ කියන්න එපායැ.. මූ මිරිකුවා දිව්වා. කෙල්ල උඩ ගිහිල්ල වගේ හිටියා. යකෝ සිරාවට අපිත් ගල් උනා. කරන් ඕන දේ හිතාගන්න බෑ. කෙල්ල ඉස්සරහින් දුවන්නත් බෑ. මම දකුණට පැන්නා පොලියා වමට පැන්නා. කෙල්ල කෑ ගැහුවේ නෑ බං. හැබැයි අපි දෙන්නව හොදට බලා ගත්තා. මොනාද කියන්නේ යකෝ අර මන්තර ආච්චිගේ ඉඩමේ කම්බි වැටෙන් කොහොම පැන්නද කියල හිතා ගන්න බෑ බං. කටු අකුල් තිබ්බද කියලවත් මතක නෑ.. දුවල ගිහිල්ල හැංගිල හිටියා. පස්සේ ටික වෙලාවක් බලන් ඉදලා හෙමීන් රේල් පාර ගාවට වෙලා බැලුවේ අපිව හොයනවද කියලා. මූ කොහේ හිටියද මන්ද? මම නං පන ගැහැ ගැහි යකෝ පාරේ ආවේ. අනිවා.. අපිට බඩු හම්බ වෙනවා මූ කොරන වැඩ වලට. මහ ගෙරි දේශා..තෝ මැරියං“

මේ කේස් එක එළිපිට පත්තු කරපු එකාට දීපු පෝරියල් එක ඊළග එකෙන් බලාගන්ට හොදේ..

86 comments:

  1. හපෝයි ආශ්‍රය කරන්න වටින එවුන් නෙවේ උඹල!

    //ඔය රාජකාරිය සදහා එක දවසක් යන කොට ටීචර්ගේ ගෙදරට යන අතුරු පාර කිට්ටු වෙද්දි රේල් පාර දිගේ එනවා ඉස්කෝලේ ඉදල මොකක් හරි හේතුවක් හින්දා කලින් ගෙදර යන්න හරි මන් දන්නෑ මොකෑ හරි සන්තෑසියකට අපේ ඉස්සරහට එනවා//

    මොකද්ද මේ විකාරෙ! හරියට හදපං ආයෙත්.

    ReplyDelete
  2. ස්තුතියි රාජෝ. ඕං හැදුවා...

    ReplyDelete
  3. වැඩේ කැතයි බං.... අන්තිම කැතයි. මගේ නමත් ගෑවිලා.

    ReplyDelete
    Replies
    1. මාතෘකාව දැක්ක ගමන් මට මතක් උනේ මේ මෝඩයව.. හි හි..

      Delete
    2. මෝඩයා කිව්වේ විහිළුවට ඈ.. හි හි

      Delete
    3. මාත් හිතුවේ මේ " තිසරට " මඩක් කියලා..බලාගෙන යද්දී දේශා වෙන වෙන "තිසර" ගැනනෙ කියන්නේ...හි හි හී

      Delete
    4. මාත් හිතුවෙ අපේ අහිංසක තිසරයට අල්ලං ගහලා කියලා.

      Delete
    5. හික්.... මටත් එක පාරට තිසරව මතක් වුනේ.....

      Delete
    6. @හිරු
      විහිලුවක් කලාමත් දැන් ඒක වරහන් ඇතුලේ දාන්න වෙලා නේද?

      Delete
    7. මාත් හරි සතුටෙන් ආවේ.. හප්පට සිරි ගජ මෙන්න බොලේ මං ගැනත් ලියලා කියල හිතාගෙන.. කොහෙද... මම තිසර හැර තවත් තිසර තියනවනේ.. :(

      Delete
    8. හ්ම්හ්... පිරිමි කට්ටිය හුඟාක් මනාප...

      Delete
    9. කස්ටිය ඇඹරීමේ අවශ්‍යතාවයක් නොතිබුනාම නොවේ.. හෙක්.. හෙක්...

      Delete
  4. අපොයි දෙයියනේ දේශක තුමාටත් වෙලා තියෙන සන්තෑසි..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. හ්ම්.. ඕවා මොනවද. අපි කොරන වැඩ වල හැටියට නලියෝ..

      Delete
  5. චී චී බොහොම අසික්කිතයි.. වටෙන්ම ඉල්ලන් කන කතාවක්..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත තමා. වටෙන්ම කන්න වෙනවා..

      Delete
  6. ශෑ ශෑ අන්තිමයි ග්‍රිස් යකෙක් නේ බලාන ගියාම......

    ReplyDelete
    Replies
    1. අඩේ ග්‍රීස් යකා කිව්ව නේද මට???

      Delete
  7. යකෝ දේශා කොරන වැඩ...! තිසර සත්කාර කිව්වම මං හිතුවේ තිසර ගේ ගෙදර වත් ගියා ද කිලය.:)

    ReplyDelete
    Replies
    1. කුණු හබ්බ වගේ ඒවත් ලියවෙලා.. "කිලය" නෙවෙයි කියලා.

      Delete
    2. හෙහ්. හුගක් අය එහෙම තමා රැවටුනා..

      Delete
  8. කෙල්ල හොල්මන් වෙන්න ඇති.. බයවෙන්න ඇති.. ඊට පස්සේ අඬ අඬ ගෙදර යන්න ඇති... ගෙදර ගිහිල්ලත් අඬන්න ඇති... ඔයාලගේ විහිළුවට දුක් විඳින්නේ අහක හිටපු කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. අනිවා කියල විතරක් කියන්නං

      Delete
  9. Replies
    1. ඔව් ගයනි.. සෑහෙන්ට සැර වැඩියි නෙව..

      Delete
  10. ඒවා නම් සිරාවට විහිළු නෙමේ..කැත වැඩ බන්...බලාගෙන යද්දී උඹ අර මොකාගෙද මොකා වගේනේ...

    ReplyDelete
    Replies
    1. උඹ ඕනම ටික කියල නෑනේ බං.. මොකාගේ මොකාද කියන එක

      Delete
  11. සොරි මචං වැඩේ වැරදියි.....

    ReplyDelete
  12. ඈ බොල.. ඉස්කෝල යන කාලේ ඉඳල දේශනා තියන්න ගිය විදිය නම් මරු ඈ.. අර ආව බුවා දීල තිබ්බේ බැෂ්ටිය නේ?? සිද්ධිය කොට කොරලා දිගට ඇදලා.. :) :)

    ReplyDelete
    Replies
    1. හෙහ්... ඔයි තරං අදින්න හැකෑ වැල.. සැන්ඩර් මලයෝ...

      Delete
  13. අම්මේ මේකව කන්න එපෑ. ඔන්න අපි ගෝල්පේස් ගියා වෙසක් එකට. දැනට අවුරුදු 25 වත් එහා. කවුද නොසන්ඩාලයෙක් කට්ටියක් එක්ක හිටිය කෙල්ලෙක්ගේ තිසරු මිරිකලා. මල කෙළි හතයි. ගෝල්පීස් එකේම හිටි කොල්ලන්ට දුන්නා පොලීසියෙන්... වෙදනද.... යකඩ දාච්ච ගෙයි මොන පුළුන්ද? දිව්වා....... දිව්වා.........

    ReplyDelete
    Replies
    1. //යකඩ දාච්ච ගෙයි මොන පුළුන්ද?//
      කදිම උපහැරනේ වෙද මහත්මයා.


      (ඇසූ පිරූ තැන් ඇත්තවුන් ඇසුර මංගල කාරනයක් කියන්නේ මේ නිසයි සරා නම්)

      Delete
    2. ආයි මොනවද දුවනව ඇර.... හෙක්...

      Delete
    3. @ සරා
      තෝ මට මොකක් හරි නොකියා කියනව නෙවද?? ?හැක්...

      Delete
  14. කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි.....
    කවුරු කවුරුත් එහෙමයි.....

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව තමා මයියෝ උඹ කිව්වේ...

      Delete
  15. අම්මප මුනුත් කරන දේවල්.

    ReplyDelete
  16. අනේ අනේ දේශකයො තෝත් කරල තියෙන වැඩ,ඈ බොල දැනුත් එහෙමද

    ReplyDelete
    Replies
    1. ශද්ද දාන්න එපා බොල....

      Delete
  17. බෝ පැල සේ ඉන්න අපිත් කරක් වෙනවා මේ වැඩ ගැන කියවලා ඇත්තටම !

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං බෝ ඇට පැල වෙලා නෙව...

      Delete
  18. ඇයි බං කතා කරන්න යනවා කියලා ගිය එකා එහෙම වැඩක් කලේ?

    හැබැයි දේශකයො මම නම් අනුමත කරන්නෙ නෑ ඒ වැඩේ.

    ReplyDelete
  19. එක පාරක් ගමේ ගෑල්ළමෙක් නානවා බලන් හිටියා. දැන්....

    අපේ සෙට් එක දවසක් කම්පියුටර් ලැබ් එකට යන්න ගියා. ඔන්න ඉස්සරහින්ම ගිය එකා දොර තල්ලු කරා. (දොර ඇරීමයි, තල්ලු කිරීමයි කියන්නේ දෙකක්නේ බං.) අනේ ලැබ් එකට අළුතින් ආපු චූචි චීච මූට වඩා පොඩ්ඩක් ඉස්සර වෙලා දොර ඇරියයි කියන්නේ..... එදා ඉඳන් උගෙ කාඩ් එක "ගෙඩියා"

    ReplyDelete
    Replies
    1. දේශෝ, උඹ කරපු වැඩේ ගැන මං මුකුත් නොකියා ඉන්නම්.

      හැබැයි එක දේකින්නම් මම උඹට ගරු කරනවා. ඒ තමයි කොයි දහදුරා වැඩේ කලත් අපිනම් ඕවා කළේ නෑ කියලා මවලා පෙන්නන අය අතරේ බ්ලැක් මාක් එකක් වදිනවා කියලා දැන දැනම මෙහෙම සීන් එකක් දාපු එක ගැන.

      ඒ උණත් මෙව්වා බලලා වීරකම් කියලා හිතන්න පෙළඹෙන අයත් ඉන්න පුළුවන් කියන එකත් මතක තියා ගන්නකෝ....

      Delete
    2. අනේ මම වත් හිටියනං දොර අරින්න. දුක තමා.. උඹේ ප්‍රතිචාරෙ හෙන වටින එකක්... අකමෝ...

      Delete
    3. හැබැයි එක දේකින්නම් මම උඹට ගරු කරනවා. ඒ තමයි කොයි දහදුරා වැඩේ කලත් අපිනම් ඕවා කළේ නෑ කියලා මවලා පෙන්නන අය අතරේ බ්ලැක් මාක් එකක් වදිනවා කියලා දැන දැනම මෙහෙම සීන් එකක් දාපු එක ගැන.

      ඒ උණත් මෙව්වා බලලා වීරකම් කියලා හිතන්න පෙළඹෙන අයත් ඉන්න පුළුවන් කියන එකත් මතක තියා ගන්නකෝ....

      ++++++++++++++++++++++++++++++

      Delete
  20. හික් හික් හික් දේශා ගුටි කෑවේ නැත්තේ පූරුවේ පිනකටද කොහේ.

    ReplyDelete
    Replies
    1. අයියෝ පිස්සුද මෙයා!!!!

      Delete
  21. පොදු සාධකයක් විදියට ගත්තම වැඩේ නම් කැතයි(මගේ පෞද්ගලික මතය ඒක)...ඒ ඇත්ති මොනවා හිතුවද දන්නේ නැති නිසා අම්බානෙට කැතයි කියන්නත් බෑ (ඒ කතා කරේ පිරිමි සංහතිය වෙනුවෙන්).

    ReplyDelete
    Replies
    1. ඔව් බං බලන් ගියාම එතනත් කෝණයක් තියෙනවා තමා.. හැක්...

      Delete
  22. අප්පා.... තවමත් ඒ කාලේ වචන සෙට් එකමයි නේද....

    ReplyDelete
    Replies
    1. ඕං ඉතිං වචන සැට් එක වෙනස් කොරගන්න කාලේ හොදා කියල තමා ඔය නිර්මලා කියන්නේ...

      Delete
  23. 'අනේ ඇයි දුවන්නෙ, කියල තියෙනව.

    දේශකයට බයට ඇහිල නෑ,

    කම්බි වැටේ පැටලුනු රඹුටන් ගැන ඊලඟ පොස්ටුවට ලියන්න

    ReplyDelete
    Replies
    1. කවදත් අපේ කවියා දෙයක් කිව්වොත් ඒක වෙනස් කෝණයක් නෙව...

      Delete
  24. මොනා වුනත් කැත වැඩේ බොලා කරලා තියෙන්නේ..... පව් ඒ කෙල්ල.....

    ReplyDelete
    Replies
    1. අඩේ එතකොට මට පව් නැත්ද

      Delete
  25. අයියෝ අයියෝ දේශකයටත් වෙලා තියන දේවල්

    ReplyDelete
  26. උඹව තියන්න වටින්නේ නැහැ බන් දේශකයෝ.

    ReplyDelete
  27. උඹ ළමා අපචාරයෙක්.හැබැයි උඹ කෙලින්ම කිවුවා නේ උඹ කරපු දේ.

    ReplyDelete
    Replies
    1. ළමා අපචාරයා කියල එල්ලගන්න වෙනවද බං...

      Delete
  28. මේකාව උල තියන්න එපැයි යකෝ!!!

    ReplyDelete
    Replies
    1. හරි අපි රෙඩි.. තියමු තියමු..

      Delete
  29. මූට සල්ලි එකතු කරල සෙක්ස් ඩෝල් කෙනෙක්වත් අරං දෙමුද..

    ReplyDelete
    Replies
    1. ඕන නෑ බං.. ලයිව් සෙක්ස් ඩෝල් කෙනෙක් ගෙනාවා...

      Delete
  30. මොනවා කියන්න ද? මහ කැත වැඩක් නේ මේකා කරල තියෙන්නෙ. තියන්න වටින්නේ නෑ ඕං.

    ReplyDelete
  31. මන් හිතන්නෙ වීරකමට කෙරුවට වැඩේ බරපතලකම ගැන හිතෙන්න නැතුව ඇති. එක්කො මේක බොරුවක් වෙන්න ඇති අපේ ප්‍රතිචාර බලන්න.

    ReplyDelete
    Replies
    1. අවසානෙට ආවත් ඔබගේ ප්‍රතිචාරය ගැන මුකුත් කියන්නේ නෑ.. සතුටු වෙනවා හැර...

      Delete
  32. මේ කරගත්තා වූ කුසල බල මහිමයෙන් දේශකයාගේ භාර්යාවටත් කෙදිනක හෝ දියණියක් ලදහොත් ඇයටත් මෙවැනිම තිසර සැලකුම් පාර තොටේ යන කොල්ලන් අතින් ලැබේවා!

    තරහා ගන්න දෙයක් නැහැනේ.උඹට හොදයිනං අනිත් උනුත් එහෙම කලාට අවුලක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. No problem fento.. Things will happen as it is to be. Thanks for the comment..

      Delete
  33. උඩම AKM ගේ මතය තමයි මාත් දරන්නේ..
    පැහැදිළිවම සැඟවුන රාගය ඇවිස්සෙනව පියයුරු
    දැකීමෙන් පිරිමි සිතේ..

    ඒක වෙනයි ..තෝ කරපු වැඩේ කැතයි එක එකාට වීර කම්
    පෙන්නන්න කියල..වලත්ත අදහසකින් නොවුනත්, සිද්දිය
    වලත්ත කැටගරියට වැටෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒක නෙව වැල දේශන වලට දාලා තියෙන්නේ.. හැක්..මීට පස්සේ ආපු එකත් පුළුවන් නං කියවපං...

      Delete