Wednesday, February 13, 2013

ඕං ආතල්!!!

වැලංටයිං අයිං කර ගන්න බැරි විදියට අපේ සමාජය වෙළදාමට වාල් වෙච්චි යුගයක් ඇති කරේ කව්ද කියන පුරස්නය වැදගත් එකක් ද කියල මට අහන්න වෙන්නේ මේ වෙන පයිත්තියං වැඩ දිහා බැලුවම. 

ලව් රේස්, ලව් පාටි, ලව් ට්රේන්, ලව් ප්ලේන්, ලව් ඉලව් එකසිය ගානට එක එක ව්‍යාපාරික නාමත් එක්ක හැම පිස්සු චැනල් එකකම තොර තෝංචියක් නැතිව කියවෙන කොට අනේ මන්ද? මේක මොන තරං ගෙරි සමාජයක්ද කියල හිතෙනවා.. 

ඒ වගේම තමා අද සෑට වැලංටයිං ලා, තමන්ගේ පෙම්වතියගේ උපරිම සතුට ලබා ගන්න දාස් ගණන් වියදං කරගෙන නයිට් ක්ලබ් ගානේ ගිහිල්ල එළි වෙන කං බීල උදේ පාන්දර ටැක්සියක් අරන් ගෙදර ගිහිල්ල බුදියගන්න සිද්ධ වෙන දවස. 

ඒ වගේම හෙට උදේ ඉදලා, ඔය හැම දුරකතන සමාගමකට ම කෝටි ගණන් වටින එස් එම් එස්, දුරකතන ඇමතුම්, එම් එම් එම්, තව ඒවා තියෙනවා මම නොදනී, ලැබෙන දවස තව ටික වෙලාවකින් පටන් ගන්නවා. ඉතිං ඒ ගොල්ල ඒවට සුදානං වෙන්නත් එපායැ. අනික ඔය කොළඹ එහෙම තියෙන තරු හෝටල්, නයිට් කල්බ්, කැරිකේ, එහෙම හොදට සරසලා ලස්සන කොරලා සුදානං වෙලා ඉන්නවා හොදායි මළ මගුලක් වත් නොදන්න ලංකාවේ ගොබ්බ වැලංටයිංල පදුරු පිටින් එන්න ලෑස්තියි. එහෙනං හරිනේ... වැලංටයිං අද සෑ සිට වැල ඇදපුවාවේ. මම ආපු කාරණාව කියන්න එපායැ.

සාමාන්‍යෙයෙන් මම නිවාඩු පාඩු වෙලාවක් උනාම, ඒ කියන්නේ හිරගත කරන්න පෙර, අනිවාර්යෙන් යනවා මගේ හොදම මිත්තරයෙක් ඉන්න ඈත ගම්බද පළාතකට. එහේදි හම්බ වෙන සෞම්‍ය කාලගුණයයි, අළුත්ම හාලේ බතයි වැංජන ටිකයි මතක් වෙන කොටත් මට කටට කෙල උනන හන්දා, ඉස්පාසුවක් ලැබුනොත් අනිවා එහෙ යනවා.. 

බස් එකේ ගමනත් ටිකක් දුස්කරයි.. උන්දැගේ ගෙදරට යන්න තියෙන අන්තිම කිලෝමීටර් 7 යන්න නං බස් නෑ.. ඉතිං මොකක් හරි ට්‍රක් එකක, අත් ට්‍රැක්ටරයක නැගල තමා යන්න ඕන.. සමහර දවසට වාහන හතර පහක විතර යන්න වෙන වෙලා හිටන් තියෙනවා.. ඒත් කනගාටුයි පයිම්ම ගියපු දවස් හිටං තියෙනවා. පුදුම ලස්සනයි.. කදු, වංගු, තේ වතු, පහු කර ගෙන යන ඒ ගමන හරිම ආස්වාද ජනකයි.. මම අනිවාර්යෙන් පළවෙනි කිලෝමීටර් එක පයින් යනවා.. ඒක රහසක්.. 

හා කියන්නං... බස් එකෙන් බැස්සම දුර ඉදන් ආපු මට ඉතිං චූ බර වෙනව නෙව. ඕකට කියාපු තැනක් තියෙනවා මං හොයාගත්ත, ඒක, මේ ටිකක් දුර පයින් ගියාම තියෙන ගරා වැටුන බිල්ඩිමක් පස්සෙන් තියෙන්නේ. 89 කාලේ භීෂනේ හින්දා ගිනි තියපු රජයේ ගොවිජන සේවා බිල්ඩිමක්, හැබැයි ඉතුරු වෙලා තියෙන්නේ කළු ගැහිච්චි භීෂනේටවත් බිලි ගන්න බැරි උන බිත්ති ටික විතරයි. අඩි ගානක් උසට මානා වැවිලා. ඔක්කෝම බිත්ති කළු පාටයි. ඒත් සමහර තැං වල සෙවල වැදිල කොලපාට ඉරි තියෙනවා උඩ ඉදලම.. 

මේ මානා අතරින් තියෙනවා පොඩි ඉඩක්. ඒක ගමේ මිනිස්සු මේ බිල්ඩිම අතරින් යන්න හදාගත්ත අඩි පාර. මේ වදෙන් බේරෙන්න බැරිව වෙන්න ඇති මානා පදුරු ටික ඒ ඉඩ ලබා දිල ඇද වෙලා වැවෙන්නේ.. ඔය පදුරු අතරින් බිල්ඩිමේ පස්ස පැත්තට ගියාම තියෙනවා හෙමීට ගලා බහින ප්‍රසිද්ධ දොළක්. තනි කර පිරිසිදුයි.. නිකං එළ කිරි වගේ වතුර.. ඇත්ත බං.. නිරතම තියෙන්නේ පෙන ගහන වතුර පාරක්. 

ටිකක් වැස්ස තිබ්බ කාලෙක නං ඒ වතුර පාර ගල් වල වැදෙමින් යන කොට හොද රා කට්ටක් කටට ලං කරාම චිරිස් ගාලා විදින විදියට වතුර බිංදු විදිනවා ඇගට. ඒ සනීපෙත් තියාගෙන ඇළ අයිනේ ගහක් මුල්ලට පෝෂන පාරක් සපයන එක මාර ආතල්.. කොහොම හරි ගහට සංග්‍රහය දීල එනකොට මගේ මූන පුරාම හීතල වතුර බිංදු තියෙනවා.. ඒ මදිවට අත්වල ඉදන්.. ඊට පස්සේ හෙමීන් ආපු විදියටම පාරට ඇවිල්ල තමා ඔය මොකක් හරි එකක එල්ලිල ආයේ යන්න පටන් ගන්නේ.. 

මිත්තරයගේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි විතරයි.. හරිම පිළිවෙලකට තියාගත්ත පොඩි ගෙයක්. කුණු බිංදුවක් ඉඩමේ වත් නෑ.. ඉඩම තියෙන හැටියට තේ දාලා, එක එක ජාති එළවලු  වර්ග, එහෙමත් පාත්ති කරල තියෙනවා. ඒ අතර මගේ හිත ගියේම, එක සීරුවට තනි කෙලින් හතර වටේටම අතු දාගෙන වැවෙන කරාබුනැටි ගස් වල එතිල, පල බරව තියෙන ගම්මිරිස් වැල් ටිකට තමා.. ඒ ගම්මිරිස් පලදාව දැක්කම ඇති වෙන සන්තෝසෙ නං කියල වැඩක් නෑ.. 

ගේ පිටිපස්සෙන් මගේ හිතවත් දොළ ගලා යනවා. ඒ දොළ ඊට ටිකක් විතර එහායින් පස්සේ කැලේ ඇතුලට පිවිසිලා, ඒ පළාතම ජනශුන්‍ය කරල තියෙන්නේ. ඒත් කැලේ මැද්දට වෙන්නත් ගෙවල් දෙක තුනක් තියෙන විත්තිය නං මම දැං දන්නවා.. ඔය කැලෑවේ එක තැනක තියෙනවා හරිම ලස්සන තැනක්. එතන හරියට තනනිල්ලක් වගේ. ඊට එහායින් තමා කැලෑව තියෙන්නේ.. තන නිල්ල ඒ තරං ලොකු එකක් නොවුනත් පොලවේ තියෙන බෑවුම් එක්ක බැලුවම හරි විසාලට පේනවා. ඒ මතින් ඇවිද ගෙන යාම හරියට සිනිදු වෙල්වට් එකක් උඩින් ඇවිදිනව වගේ. (අපි පතනක් කියල කියන්නේ ඒ වගේ එහෙකටද මන්ද මට දැං මතක නෑ)

මම මිත්තරයත් එක්ක නොසෑහෙන්න ඔය පැත්තේ කරක් ගහන්නේ ඔය මොනා හරි ගෙඩි ජාති දෙක තුනක් කඩා ගෙන එන්න තමා ඉතිං. මිනිහ නැත්නං මම හරි තනියෙන් ඔය ඉසව්වේ කරක් ගහනවා. අඩු ගානේ ගහක් කොලක් හරි අත ගාල එන්න පුළුවන් හින්දා. ඊටත් වඩා ආසාව ඔය කැලෑවේ ඇවිදින්න. ඒක හරිම කූල් අනේ.. ගහක අත්තක් ඇගේ වැදුනත්.. ස්ස්.. සීතලයි.. හැබැයි මේ නුවර එළිය නං නෙමේ හොදේ.

එක දවසක් මම ඔය තන නිල්ල පහුකරන් කැලේට ඇතුල් වෙලා ගස් වැල් අතු පතර එහා මෙහා කරගෙන, දොළ පාර ඇදෙන දිහාට ගෑටුවේ ඔය අසිරියත් විදගන්න ඕන හින්දා. ඒත් මම ඇත්තටම දැන ගෙන හිටියේ නෑ මේ තරං ලස්සන දෙයක් ඇහැට දාගන්න හැකි වේවි කියලා.. ඔය කතා රස කරල කිව්වම අපේ සගයෝ වැල දාන්න එපා කියන හින්දා ඔන්න වැල අයින් කරල කයි පදයක් බැන්දා.. බලලම තේරුම් ගන්නකෝ.. ඔන්න මගේ වැලංටයිං පණිවිඩේ..

මල් මල් සළු පටෙන් හැඩ උනු මල්
එතනා

සන්සුන් ලෙසින් ආවයි මේ දොල
ළගටා

පිරිපුන් දේහයේ ගිනි සැර විදිනු
දැනා

නෙත් සිත් යොමු සිටියෙමි මම ඇය
දෙසටා




ඉර මද එළිය ගෙනෙනා මේ
කැලෑවේ

මින් පෙර නොදුටු මල් පිපිලා
තලාවේ

හිත ගිනි අරන් සිහි නැති උන
වෙලාවේ

මා දෙස බලන් මතුවී ජල
තලාවේ

100 comments:

  1. අයියෝ දේශකය උඩහිං චූ කරපු දොළ පාරෙද මල් එතන බැහැල හිටියෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ අයියා කියන්නේ.. මම යන පාරේ කදු වංගු තේ වතු තියෙනවයි කිව්වට පල්ලම් තියෙනවයි කිව්වයැ... තේරනවැයි මම වැඩේ කොලේ පල්ලෙහායින්.. ඒත් අනේ දොළ පාරට නෙමෙයි.. තැන්කුයි.. කේක් කන්න තොල් ලෙව කකා ඉන්නේ.. තව මාස හතරයි ඉවසපන් පපුව

      Delete
  2. ඔහ්.. මල් එතනා අර පුදුමෙන් බලං ඉන්නෙ එතකොට අහවල් එක දිහාද ?

    ReplyDelete
    Replies
    1. හෙහ්. ඔහොම බැලුවනං සුවර් කාන්තාරේ අළුගෝසුවෙක් වෙනවා මං...

      Delete
  3. හිකිස්..
    මට මතක් උනේ
    අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැදුන්.... ;)

    ReplyDelete
    Replies
    1. උඹටත් මොකක් හරි මතක් උනා නේ. හරිම කූල් නේද මෙයා...

      Delete
  4. කවි ටික එතනා වගේම ලස්සනයි. හැබැයි මේ වැලන්ටයින් නම් මතක් කරන්න එපා. මේ එක එක ගෝත කරුම එන්නෙ අපේ ළමයින්ගේ, චරිතෙට, සල්ලියට, සංස්කෘතියට, රටට ජාතියට, ආගමට විදින්න. මට ඒවා ගැන නම් දුකක් නැහැ. මොකෝ ඕවා එක එක කාලෙට එක එක විදියනේ. මට දුක දෙමව්පියෝ දාඩිය මහන්සිහෙන් උපයන දෙයින් දරුවන් පිස්සු නටන එකට. ඒකට අනුබල දෙන එකට.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මටත් කියන්න තිබෙනුයේ ඔබ කියන දේටම සමාන දෙයක්. අහිංසක දේමාපියන්ගේ හෝ රැකියාවක් කරන තරුණ-තරුණියන්ගේ පොකැට්ටුවට විදින්න මාන බලා සිටින වසරේ දිනය.

      Delete
    2. @ වෙද මහතා
      ස්තුතියි.. ඇත්තටම මං ඔය විකාරේ ගැන කතා කරන්නවත් කැමති නෑ වෙද මහත්තයෝ..

      Delete
    3. @ නිර්මලා
      වැලංටුයිං ගැන කතා කරල වැඩක් නෑ.. මේ ගොබ්බ සමාජයේ මාර්කටින් පාරක් විතරයි නේ ඒක..

      Delete
  5. ආසයි දේශකතුමෝ මේ වගේ පැත්තක ඇවිදින්න යන්නත්..දොළ අයිනට මුත්තරා කොරන එකනං සුබ නැ රජෝ...අපේ ගංවල ඇත්තො නං වතුරට මාර ගෞරවයි. හදිස්සියටකට පස්ස හෝදගන්න එකට වුවත් පස්ස වතුරට අල්ලන්නේ නැ හබරලා කොලේකට හරි වතුර අරං වහං වෙනවා කැලේ පැත්තටම.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ නලියෝ.. ඔය රූස්ස ගහ දොළ කන්ඩියට අඩියක් විතර මෙහායින් අඩියක් විතර උසින් තියෙන්නේ.. ගහ මුලට දාන එක පෝර වෙනවා ඇර වෙන ලීක් එකක් නං වෙන්න බෑ... අපිත් ඕවට ආසයි.. බෙහොම ආදරෙයි..තැන්කුයි උපදේසෙට. අනිවා මතක් වෙනවා උඹලගේ වලි ඇළ

      Delete
  6. අපේ ඇත්තතන්ට හරි ලොකුයි පිට දේශ වල ගතිපැවතුම්.දේශයේ තියෙන ඒවට හෙන ගැහිලද? මිනිස්සුන්ගේ සිත් පව් වලින් පිරෙන කාලයක් මේක.තේරුම් ගන්න ඕන දෙමව්පියන්.දරුවන්ගෙ පිටුපසින් ඉන්න ඕන.සල්ලි හම්බ කරලම විතරක් හරියන්නෙ නැ.අනාගතයේ පසුතැවෙනවට වඩා හොඳයි දැම්ම ඒ ගැන කල්පනාවෙන් වැඩ කරන එක.හරවත් ලිපියක්.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ගයනියෝ,, ඕං මං මුලින්ම වැලටුයි ගැන කුනුහරුප කිව්වට පෝස්ට්කටුව ඒ ගැන නෙමෙයි හොදේ...

      Delete
  7. මුකක්ද බොල
    මොබයිල් ව(ර්)ෂන් එකට කොරල තියෙන්නෙ. හදපිය නැත්නම් හෙළාදකිනව.

    ReplyDelete
    Replies
    1. මේ මේ දේශ් කොලුවෝ.. මම හෙලා දකිනවා මම ඒ වගේ දෙයක් කොරලත් නෑ දන්නෙත් නෑ.. කෝකටත් දැං බලාපංකෝ.. සමහර විට අර දැරිවි නාන කොට වතුර ගියාවත්ද උඹේ මගුලට..හැක්..

      Delete
  8. උබත් නිවාඩුවට යන්න හොයා ගන්නේ මාර තැන තාමා.........ඔය කිව්වට මාත් යන්න කැමති ඔය වගේ තැන වලට තමා. හැබැයි බං මට ඔය වගේ සීදේවි දේවල් මුනිච්චි වෙලා නැහැනේ බං. මේ දෑස පින් මදි වද..........

    ReplyDelete
    Replies
    1. ඕන්න රස්තා, ඕකට කියන්නේ පින, පින, බොලා ඇලි දොලවල් කිට්ටුව හීතලේ හිටියට ඕව දකින්නැත්තේ පින නෑ.. ඒකයි.. හෙහ්.. තැන්කුයි ආවට..

      Delete
  9. දැන් ඉතිං හැමදාම යනවැයි ???

    ReplyDelete
    Replies
    1. කොහොමෙයි අනේ යන්නේ දැං හිර කොරල නෙව. ඒත් එකම දවසයි දැක්කේ...

      Delete
  10. කවි ටිකනම් මල් හතයි දේශෝ..මල් එතනා වගේමයි..

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ලිහිණියෝ... මල් එතනා,, දන්නෑ බං නම ඒකද කියලා...

      Delete
  11. අනේ මේක කියෙව්වම මටත් පට්ට ආසයි මේ පැත්තේ යන්න...අනේ බොල අයියේ පින් සිද්ධ වෙයි මේ ඉසව්ව ගැන කියපියකෝ අපිටත්....(ලග්ගල පල්ලේගම විල්ගමුව පැත්තත් මේ වගේම ලස්සනයි කියලා මම අහලා තියනවා).....හැක්ස් අනේ සිහි නැති වුනේ මල් එත්නාටද?බෝලාටද?

    ReplyDelete
    Replies
    1. සිම්බා මලයා කොලොප්පන් කොරනවැයි.. ඔය වගේ සීන්කෝන් උනාම මට නං සිහි නැති වෙනවා නෙව.. රහසෙන් කියන්නෙ බඹරවාන... ඕන්නං හොයා බලපං...

      Delete
    2. අම්මපා හොයාගෙන යනවා...(@ ගුගල් අර්ත් හොයමින්)

      Delete
    3. ඉතිං හොයාගත්තැයි මලයෝ....

      Delete
  12. ආසාවේ බෑ බන්...
    ඊලග වතාවේ යනකොට මමත් එන්නං..

    ReplyDelete
    Replies
    1. හැබැයි තනියම.. තෝ ගැල්ලමයි එහෙම එක්ක එනවා නෙමෙයි හරිය. අනේ අයියේ මෙයාවත් පොඩ්ඩක් එක්කං යමු කිය කිය.. හා හා වරෙන්..

      Delete
  13. ලේඩිස් ඔන්ලි කියලා ගහලා තිබ්බෙ නැතෙයි.. කොහොම හරි දොළ පාරට මුත්තරා කලාට කපලා දාන්නයි වටින්නේ...

    ReplyDelete
    Replies
    1. අඩේ කව්ද කිව්වේ වතුර මාරු කරයි කියලා එහෙම කොලේ නෑ සත්තලනේ (අටම ඉන්නවැයි)

      Delete
  14. දැක්කම රුව නුඹේ ඉන්නා පෝස්ටුවේ
    දාලම පිච්චුනා වෙරි රා බීව මගේ
    සිරාවටම අවිලුණා ගිණි පුලිඟු සිතේ
    අදනම් යන්නෙමි ජිනා මෑම් ලඟට රැයේ !

    ReplyDelete
    Replies
    1. ඔන්න බොලා කවි දාලා මාව අමාරුවේ දානවා.. බෑ බං ඔය වගේ ලියන්න.. ජිනා ගාවට උඹව ගන්නේ නෑ.. 18+ විතරයි යන්න පුළුවන්...

      Delete
  15. රජෙකුට කෙල්ලෙක් මුණ ගැහුණා වගේ. එතකොටත් කවි කියවෙනවලු නේ. :) විස්තරෙත් එක්ක මැවිලා පෙනුනා සීන් එක.

    වන මැද ගලන දියරැළි හුදෙකලා වේ
    පෙණ සුදු සමග රඟනා ලිය මනා වේ
    රණ තිසරුන් ද ඒ දිය හා සිනා වේ
    වන මල් සුවඳ දැනුනත් වාසනා වේ

    මේක පුරාණ "කොස් කොලපතක" තිබිච්ච කයියක්.. මං එහෙම නෙවෙයි කිව්වේ ඕං..!

    ReplyDelete
    Replies
    1. +++
      පියයුරු වලට තිසරුන් කියන නිසා ඉස්කෝලෙ යනකාලෙ මට මාර වදයක් තිබ්බේ... :D

      Delete
    2. එහෙම නම් වදයක් කියනවැයි

      Delete
    3. @ චන්දන,
      පස්ටම පස්ට කවිය බං.. උඹලා ලියන කවි වලට මේ මට හැරෙන්නවත් බෑ බං.සිරාවට රජෙක් කවිය කිව්ව වලේ මයි...

      Delete
    4. @ තිසර
      ඔව් බං මම කලින් සෙක්සි මැඩම් ලියද්දි මට උඹව තමා වැඩිපුරම මතක් උනේ.. හැක්..

      Delete
    5. @ සිරා,
      උඹ කියන්නේ ඌට නමේ විදියට බඩුත් තිබ්බයි කියලද. හැක්...

      Delete
  16. මින් පෙර නොදුටු මල් තලාවෙ තිබ්බා කියන්නෙ...උඹ බොගක් දැම්මද ගල් තලාව උඩ...මල් එතනා නාන්න කලියෙන්...චියා මෙයා...

    ReplyDelete
    Replies
    1. ඔන්න බලාපං උඹලට තියෙන සුටි මොලේ තරම...

      මල් මල් සළු පොටෙන් හැඩ උන.............මින් පෙර නොදුටු මල් පිපිලා තලාවේ

      මුක්ත් හිතෙන්නේ නැත්ද බං.. හිකිස්....

      Delete
  17. හැමදේම මාකට් වෙන $ වලට විකිනෙන කාලේඅ ආදරය ගැන මොන කතාද...


    කොහෙද බොල ඔය පළාත... මමත් හෙන ආසයි ඔහොම පැති වල කරක් ගහන්න... ඒත් ඉතින් කොහෙද පිනක්

    ReplyDelete
    Replies
    1. ඔන්න සිම්බාට කිව්වා...උඹලටත් පිං නෑ තමයි. ඒකට බලපං අපි..යන යන තැන පින වැඩ... තැන්කුයි ආවට මේ පැත්තේ

      Delete
  18. යමර කවියෙක්නෙ යකෝ දේසකයත්.

    ReplyDelete
    Replies
    1. ආඩෝ හැලපයියා... මඩ නොගහ ෂේප් වෙලා යන්න නේද හදන්නේ...

      Delete
  19. උඹ නම් හෙනම වැලෙක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න කොළුවෝ මට තද වෙනවා.. මං තෝව වැලේ තියල අරිනවා... හරිද බත් පිගන් තුනක් විතර කුඩු වෙලා යන්න.. එතකොට මං වැලෙක්... හරි නාකයි අනේ ඔයා...

      Delete
  20. වැල N Time විකාරයක්. ලව් කරන්න විශේෂ දවසක් ඕනද ? එහෙනම් බූට් කාපු උන්ට දුක් වෙන්නත් විශේෂ දවසක් ඕනනෙ..

    ReplyDelete
    Replies
    1. හෙහ්.ජාත්්‍යන්තර බූට් දිනය!! කොහොමෙයි වැඩේ..යසියෝ...

      Delete
  21. කවි ටික පට්ට අයියේ...............

    ReplyDelete
    Replies
    1. පට්ට තැන්කුයි මල්ලියේ..හුග දවසකින් යමක් ලිව්වේ නැත්ද...

      Delete
  22. චා..චා... චා.... බොහොම නරකයි දොල පාර අපවිත්‍ර කරලා..

    ReplyDelete
    Replies
    1. චී චී එහෙම කලේ නෑ අයියේ.. කිට්ටුව මිසක් දොල පාරට නෙමෙයි.. මම එහෙම කරන්න හිතන්නෙවන් නෑ...

      Delete
  23. කොහෙද බං ඕය කියන ගම තියෙන්නෙ අපිටත් යන්න..!

    ගමේ මලකට වහ වැ‍ටුන එහෙනං..!

    ReplyDelete
    Replies
    1. ඔව් බං ගම්බට්ටියෙක්... වැඩි විස්තර ඇතත් පවුනේ... අන්න සිම්බා ට කියා ඇත. උඹ අනිවා දන්නවා.. දකුනේ පුතෙක් නෙව...

      Delete
  24. සෞන්දර්යය කිව්ව ගමන් මුත්‍රා බර හැදෙන්නෙ මොකද උඹලට?

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් කලාවට බර නිසාම තමයි ආයිබොවන්. නැතුව වෙන අහවල් එකටෙයි...

      Delete
    2. @ ඩුඩෙ,
      උඹ කියන්නේ මුත්‍ර බර තියාගෙන මට ඒක රස විදින්නෙයි කියලයි.. යකෝ මීටර් 7000 ක් ඔය බර මුත්‍ර බොක්ක උස්සං යන්න හැකිද බොලව්

      Delete
    3. @ සරා
      ඔන්න උඹ කියන එක සමීකරනයක් කරා
      මුත්‍ර බර = කලාබර = බුරු කූට්ටම

      Delete
  25. කවි ටික එල ඈ....
    දොළ පාරට කරපු වැඩේ හෙලා දකිමි.....

    ReplyDelete
    Replies
    1. එහෙම කලේ නෑ සත්තලං නංගියේ... ඒ කිට්ටුවට මිසක් වතුරට නෙමෙයි. තැන්කුයි ආවට

      Delete
  26. අනේ මට මැවිලා පෙනුනා... (මේකා අර වැඩේ කරනව එහෙම නෙමෙයි අර දොළපාර..)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හේ.....

      Delete
    2. @ නදිනි
      ඇත්තෙයි උඹට මොකක්ද මම කොරන එක ඇරෙන්න.. හැක්.... දොළ පාර නේද හහ්හහ් හා තැන්කුයි

      Delete
    3. @ සරා
      තෝ නං හිනා වෙන්නේ කුප්ප කමට ගොයියෝ!!!

      Delete
  27. හික් මමත් ආසයි බං උඹ ඔය කිවුවා පරිසරවලට. පොඩි කාලේ මතක්වෙනවා එතකොට. සරා හැබෑවටම හැදුනේ ඔය කිව්වා වගේ පරිසරයක නෙව. එහෙම උනාට සරා කැලෑමල් ගැන විශ්වාසයක් නම් නෑ ඕං. කෑවනේ පරිප්පුවක් මැරෙන මොහොතෙත් මතක් වෙන විදිහේ.

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල ඔන්න ඔක්කෝමල අහගනිව්.. එහෙම කැලෑ මලකට මූ අහුවෙලා...ඉතිං විස්තරේ කෙටුවේ නැතෙයි... ලින්කටු එහෙම තියේනං දාන එකයි ඇත්තේ

      Delete
  28. සිහි නැතිවෙන්න මොකෑ දැක්කේ

    ReplyDelete
    Replies
    1. අඩේ සුජියා අදමයි දැක්කේ.. වෙල්කම් කිව්වා..

      සිහි නැති වෙන්න... අම්මේ හරියටම දැක්කේ නෑ බොල.. හිතුනා...

      Delete
    2. දැක්කනම් සොරි තමයි.

      Delete
    3. ඔව් බං දැක්කනං අර ඊයේ වගේ ගලක් ගාවින් මගේ ඇටකටු ටික ගන්න තිබුනා.. හැක්..

      Delete
  29. //හිත ගිනි අරන් සිහි නැති උන වෙලාවේ//

    මල් එතනා යං කිසි සද්දයක් ඇසී
    බැලු විට දිටී කොල්ලෙක් ඇත මුනින් වැටී
    ඇගේ හඬට ආ ගම්මුන් විගස බැලී
    කලිසම උගේ තිබුණේ ඇයි ඉණෙන් හැලී

    ReplyDelete
    Replies
    1. හි හි.. එහෙං ළිහිණියා සින්දු මෙගා හොයනවා.. මෙයා කවි සංවාද පවත්තනවා.. බ්ලොග් අවකාශේ හරි ජොලි අප්පා....

      Delete
    2. @තිසර
      හප්පද බොල... විනාසයි.. :)

      මරු කයිය තිසර.

      Delete
    3. @හිරු
      ජොලි නෙමෙයි බං ස්වර්ණමය යුගය....

      Delete
    4. @ තිසර,
      උඹ නං මහ නරුම කයියෙක් බං.. ඔහොමත් කවි පද බදිනවයි. චිකේ ලැජ්ජාවේ බෑ යකෝ.. පට්ට කවිය නෙව..

      Delete
    5. @ හිරු
      ජොලිද අහන්නේ චන්දනයයි, තිසරයයි, සයිලන්ටයි කවි පද බැන්දම මේක නිකං කවි සාගරයක් වගේ.. නියමං බොලාගේ වැඩ...

      Delete
    6. තිසර...උඹ වෙනම කවි බ්ලොගකුත් පටං ගනිං. පස්ට කවිය බං.

      Delete
    7. @ පැට්රියට්,
      මූට හරියන්නේ පිළීතුරු කවි බලගයක්. මූ ටියුබ් ලයිට් එක වගේ නේ..ස්ටර්ට් එකක් ඕන හෙක්...

      Delete
  30. පරිසරයට නම් මාත් ආසයි තමයි... අපේ ගෙවල් පැත්තත් එච්චරම සීතල නැති උනත් සාමාන්‍ය සීතලක් තියෙනවා වෙල් යායයි, දොළ පාරවලුයි, පොඩි කැලෑවල්, රබර් වතු එහෙම කිට්ටුව.. දැං නං ඒ පරිසරයත් මතක් වෙනකෙට කාන්සියි වගේ...

    ReplyDelete
    Replies
    1. ඇයි බොල... ඒ වගේ පරිසරයක් මතක් උනාම කාන්සි වෙන්නේ.. මට තේරෙන්නේ නෑ...

      Delete
  31. පමා උනි තේරුම් ගන්නට ඇරයුමකි, බැල්මත්
    සිර ගත වනතුරු නිති පතා රෙදි වැනූ වැලත්
    සිහියට නැගුනි වැලන්ටයින් දිනයේ ඔබවත්
    වතුරට ඇයි නොපැන්නේ සිත දුක්වෙයි තවමත්

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි බොල දැනුයි මතක් උනේ.. “ඇයි දෙයියනේ පැන්නේ නැත්තේ“

      Delete
  32. පිස්සු හැදෙනවා අප්පා... ගම ගැන කියලා තියෙන විදියට මාවත් ගමටම ඇදිලා ගියා. ඒත් එක්කම ලොකු සුසුමක් පිටවුණා. ඒ මොකද දන්නවද? දැන් ඔය වගේ දුෂ්කර ගම්මාන අඩුයි. ඇත්තෙම නෑ වගේ. එහෙම තිබුණත් ඒවයේ මිනිස්සුන්ගේ අව්‍යාජ හිත් දැන් අඩුයි. (මං වැරදිත් ඇති. ඒත් එහෙම්මම තමා කියලයි මට හිතෙන්නේ.)

    ඔය වගේ හද්දා පාළු දොළ පාරක ගැටිස්සියක් තට්ට තනියෙම නාන එක බලං හිටියේ කොහොම ඉවසන්ද අප්පා.... හයියෝ..... හ්ම්ම්ම්ම්..........

    ReplyDelete
    Replies
    1. උඹ කියන එක හරි ඒ දොළ පාර තාම එහෙම ගැලුවත්, කළු වෙච්චි බිත්ති තාම තිබුනත් ඒවා අතෑරලා දාලා පරිසරය තමන්ගේ ගමන යනවා... දැන් වෙනස් බං.. දුකයි යකෝ බස් එකකුත් යනවා...
      අපි ඉතිං හොදට ඉවසන උන් හින්දා බේරුනා. උඹ වගේ එකෙක් හිටියනං අද අකමෙක් නැත... හික්

      Delete
    2. දැන් දඹානේ උදවියත් හයහමාර වෙද්දී වැඩ නවත්තලා චන්ගුමී බලනවා කියන්නේ.
      ඔව් ඔව් අපි එහෙම එදා එතන හිටියනම් මේ වෙනකොට වැලිකඩ පොල් ලෙලි තලනවා... හෙහ් හෙහ් හෙහ්....

      Delete
    3. හැහ්.. අනිවා වෙන්නඇිති. පං මම මේ ළගදි ට්‍රිපක් ගියපු වෙලාවේ තමා දැක්කේ ෆොරින් බස් එකක් එද්දි දඹානේ සෙට් එක රෙදි උස්සං දුවන්නේ මීපැණී, මොනර තෙල් එක එක මගුල් විකුණන්න. බොහොම සතුටුයි උඹත් මං වගේ එකෙක් කියල දැනගත්තට.. හෙහ්...

      Delete
  33. කාලෙකින් යන්න බැරි වුන, මේ දවස්වල මගේ වැලන්ටයින් වුන පරිසරයක් මතක් කරල, හිත පෑරුවට...තු....තෝ....

    උඹ තෙමුවේ අර පරණ ගොවි ජනසේවා බිල්ඩිම නෙමේනෙ. නැත්නම් ගින්නෙන් බේරුණ එක යූරියා වලින් තෙත් වෙලා කඩං වැටෙයි. මේ ඇත්තට උඹට සිහි නැතිවුනේ අර රා විද්ද නිසාද....හිකිස්.

    ReplyDelete
    Replies
    1. අඩේ කමතෙන් බැස්ස ගමන් නේ ආවේ ඒකයි තොට අමාරු.. හික්..

      නෑ බං ගහක් තෙමුවේ...

      සිහි නැත් වෙන්නේ යකෝ මල් මල් රෙද්ද ගල් තලාව උඩ තියෙනවා දැක්කම නෙව...

      Delete
    2. ඒක තමා මං ඇහුවේ උඹ ඒක දැකල රා විද්ද ද කියල....හිකිස්.

      Delete
    3. හිකිස්. messieurs, rester poli!

      Delete
    4. @ පැට්රිටා
      උඹ කියන හරුපේ තේරුනේ... දැං.. තමයි..
      නෑ බං ඒතරං අවුලක් නෑ... හිමින් මීයා වගේ හැංගිල හිටිය මිසක් යනකම්ම අතක් පයක් වත් වැඩ කරේ නෑ ඒ උනාට පොට්ට මීටරේ නං එකසිය ගානට වැඩ...

      Delete
    5. @ සහන්
      බොට එකක් කියන්න ඕන සහන්, ඔය කුනුහරුප උඹේ එකේ දාගත්තට මගේ එකේ දාන්න එපා.. යකෝ අපි වැඩ බැරි උනත් ටාර්සන්ල තමා... හෙහ්...

      කමක් නෑ නොදන්න මට ඕක හොයාගන්න බැරි කමක් නෑ යකෝ... බැබිලෝන් ට්‍රාන්ස්ලේටරේ තියෙනකං.. “Sirs, to remain polished!“ දැං කියපං මේකේ තේරුම මොකක්ද කියල.. හැක්..

      Delete
    6. හෑ බොල"messieurs, rester poli!" කියන්නේ මහත්තුරුනේ සංවරශීලී වන්න කියල...
      උබ ඔය ට්‍රාස්න්ලේට් කොරන් ආව එකේ නං තේරුම උබම තමා දන්නේ..හැක්

      Delete
    7. ඒකනං ඇත්ත බොල.. @ අපි නොදන්න චෙස් කියමින්

      Delete
    8. uba "I love my home town" kiyana eka
      ube babiloniyan ekata eheta meheta
      4, 5 parak daala balapan..

      wenne mokakda kiyala thereyi...translater walin
      sellan daanna bah malli pransuwo ekka..!

      Delete
  34. මල් මල් ඇඳන් මල් එතනා වතුරේ ඇත
    මල් දෙස හොරෙන් බලමින් දේශකය ඇත
    මල් රෙද්දෙන් එබී, එබී තිසරුන් සිනා සෙත
    මල් එතනා නිසා මුගේ කලිසම තෙමි ඇත

    ReplyDelete
    Replies
    1. අයිලාෂත් හොද කවි කාරයෙක් නෙව.. ලැජ්ජවේ බෑ බං මෙහෙම කිව්වම.. හැක්...

      Delete
  35. කැලැ මල් තමා ලස්සන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිල් මානෙල් පවා ලස්සනයි...

      Delete