Saturday, September 3, 2016

අනේ සමාවෙන්න සර්!!!

අනේ සර්.. බලන්නකෝ මට ඒක අමතක වෙලාම ගියා නේ.. අපේ මේ ගොං කෙන්ජා දාන ස්ටේටස් මං බලල සද්ද නැතිව හිටියට, හැබෑටම මේක දැක්කම මගේ පපුව පලාගෙන යන්න ගත්තා.. අපි දිහා පියෙක් වගේ බලපු කියපු ඔබතුමා ගැන කිසිම අහිතක් නැති උනත්, ඇත්තටම මට හිතාගන්න බැහැ ඇයි මේ බව මට අමතක උනේ කියලා. උදේ ටීවි එක බලද්දිත් මට මතක් උනා. ඒත් ඒක ඒ තරං ඔලුවට වැදුනේ නැහැ. ඔව් අපිටත් ඉතිං අර කුකුළගේ කරමලේ වගේ වටිනාකමක් නැහැනේ. අපිට වටින්නේ හොදට ඇග පත මහතට ඉන්න පිරිවර සේනා ඉන්න සිවිල් පොර චරිත නේ.. ඒත් ඔබතුමා හැමදාම මට සුභ පතනවා. ජනවාරි පළවෙනිදට අනිවාර්යයෙන් මට සුභ පතනවා. ඔබතුමා කොහාම දන්නවද කියල මං සමාර වෙලාවට පුදුම උනත්, කව්රුවත් නොදන්න ගෙදර උන්දැ විතරක් දන්න නම්මරෙත් ඔබතුමා දන්නෙ කොහොමද කියල මං පුදුම උනා. ඒ්ත් ඇත්තටම ඒ ඔබ අපිට ආදරය කරන සීමාව නිසා නේ.. කව්රුවත් නොදන්න නම්මරේට උනත් ජනවාරි පළවෙනිදට සුභ පතන්නේ. ඒ වගේමයි මට අද ඊයේ වගේ මතකයි මම අප්‍රෙල් මාසේ ගත්ත අලුත්ම සිම් එකටත් ඔබතුමා සිංහල අවුරුද්දට සුභ පැතුවා. එතකොට මේ සිංහල අවුරුද්දේ ඔබතුමා මගේ දුරකතන අංක සියල්ලම දැනගත්තා. ඒක කොහොම දැනගත්තද කියන එක පුදුමයක් උනත්, ඒකෙන් තේරෙන්නේ ඔබතුමා අපි ගැන කොයි තරං සැළකිලිමත්ද ඔබතුමා අපි කොයි තරං වටින අය විදියට සලකනවද කියල හිතන එක නේ. වෙලාවකට ඒකට ඇඩෙනවා. නහර පුපුරලා යයි කියලත් බය හිතෙන වෙලාවල් නැතිව නෙමෙයි. අනිත් යාළුවන්ගේ සුභ පැතුම් අතරේ ඔබගේ සුභපැතුම් දැක්කම කෑ ගහල අඩන්න හිතෙනවා සන්තෝසේට.

මොනව උනත් ඔබතුමා දන්නවා උපන්දිනේ දවසේ මං වගේ බුරුවෙකුට සුභ පතල වැඩක් නැහැ කියලා. මොකද එදාට මං තනිකරම ලේ වෙනුවට මධ්‍යසාර ශරීර ගත කරගන්නා නිසා නේ. මං ගිය අවුරුද්දේ බලාන හිටියා අඩු ගානේ මේ පාරවත් මට උපන්දිනේට ඔබතුමා සුභ පතාවි කියලා. ඒත් ඒක හීනයක්. මොනව උනත්, මං වගේ බලු නගුටෙකු දවසම බීමත්ව උපන්දිනේ දවසේ ඉන්නවා කියල ඔබතුමා සමාර විට දන්නවා වෙන්න ඇති. අන්න ඒකයි අපි ගැන හිතන අයගේ හැටි. කවදාවත් ඔබ මගෙන් පාර්ටි ඉල්ලල තියේද? නැහැනේ. ඒකට මගේ යාලුවොයි නෑයෝයි. අතේ සතේ නැති උනත් උපන්දිනේ දවසට උන්ට බොන්න දෙන්න ඕන. පුදුම වැඩක් නේ ඕයි සොරි සර්... මේ මල ජරාවේ ඉපදුනාට ඒ දුක මං වත් සමරන්නේ නැත්ද එදාට.

කමක් නැහැ මං දන්නවා ඔබතුමා මං ගැන කොයි තරං හොයා බලනවද කියලා. ඒක ලබන උත්සව කාලේදිත් එහෙමම වේවි කියල හිතනවා. ඒත් තව අවුරුදු හතරක් ගියපු තැන ඒවා නැති වෙනවා කියල හිතන කොටත් මට දුකයි.

හතර විලි ලැජ්ජයි. සර්.. සමාවෙන්න. ඔබතුමා එවපු එක සුභ පැතුම් පණිවිඩයකටවත් වටිනාකමක් මට දෙන්න බැරි උනා .නැත්නං අමතක වෙලා ගියා. ඒත් මේ පාර අර කෙන්ජා නිසා මට මොලේ පෑදුනා..

අපි ගැන පියෙකු මෙන්ඔ හිතන ඔබතුමාට සුභ උපන්දිනයක් වේවායි මෛත්‍රි සිතින් පැතුම් එක් කරමි!!

මීට කවදත් ඔබට අකීකරු,

දේශක.. හැක් හැක්.. රා


59 comments:

  1. අඩේ අද හිටන් තුමාගේ බර්ත් ඩේ එකද?

    ReplyDelete
    Replies
    1. හිතවත් සාරසාතුමානෙනි,

      මෙහෙම බනින්නද දෙන්න පුලුවන්ද? විප්‍රවාසි බත් බැලයන්ට..

      Delete
    2. හිටන් ට නේ බැන්නේ... අවුලක් නැහැ

      Delete
  2. හෙලා දකිමි. ඔවු ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. වහාම සුභ පතපිය. දන ගහපිය..

      Delete
  3. පත්තරෙන් ඒක දැකපු එක නෙව කැතම වැඩේ හිටං...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පව් අනේ. එයා ඒකාධිපතියෙක් නෙමෙයි.. හැක්

      Delete
  4. අපිට වටින්නේ හොදට ඇග පත මහතට ඉන්න පිරිවර සේනා ඉන්න සිවිල් පොර චරිත /////////// athha

    ReplyDelete
  5. අන්න වෙනස.කලින් දන්නවා නම් ෆෝන් එකට මැසේජ් එකක්වත් යවන්න තිබ්බා හිටං.

    ReplyDelete
    Replies
    1. උඹටත් දැං මොලෝ සිහියක් නෑ. හැමදේම අමතකයි.. හැක්

      Delete
  6. හිටං තුමාට සුභ උපන් දිනයක් හිටං..

    ReplyDelete
    Replies
    1. - මේ පැතුමා ඡායාරූප සිල්පී කල්‍යාණ මිතුගෙනි..

      Delete
  7. මම දැක්ක ආප්පෙකට ඉටිපන්දමක් ගහල යවල තියෙන ෆොටෝ එකක්.. හරිම ආතල් පොරවල් ඉන්නේ.. හෙහ් හෙහ්..

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. සුබ උපන්දිනයක් වේවා ජනාධිපතිතුමනි.ඔබතුමාත් ඉතිහාසයේ විශේෂ කෙනෙක්. කප්පරක් බලාපොරොත්තු පිට පත්කරගත්තත් බලාපොරොත්තු වෙච්ච මොන මගුලක්වත් නැතත් හිටපු අලුගෝසුව එලව්ව එකා කියන ගෞරවය නං හැමදාමත් අපේ හිතේ තියේවි!

    ReplyDelete
    Replies
    1. හිටපු එකා අළුගෝසුවෙක් නේන්නං... මල්වෙඩි වටේ බෝම්ම පුපුරවා පුපුරවා හිටපු ප්‍රභාකරන් මහත්තයාවත් මරා දැම්මනෙ.

      ඒකට මෙතුමා අමාරුවෙන් හරි රට ආයිත් ඒ යුගයට ගෙනියන්න පාර කපනවා.

      Delete
    2. නැතුව නැතුව. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, වසීම් තාජුදීන් වගේ බෙදුම්වාදීන්ගෙන් රට බේරගත්ත එකම මදිද හිටං?

      Delete
    3. මමත් දාන්නම් දැන් ඉන්න ආණ්ඩුවේ සුද්දවන්ත කොටස්කාරයෝ පරද කරපු ත්‍රස්තවාදීන්ව
      ප්‍රේමකීර්ති දේ අල්විස්
      විජේදාස ලියනාරච්චි
      රිචඩ් පතිරණ
      පද්මසිරි ත්‍රිමාවිතන
      නිහාල් සිල්වා
      ඩෙන්සිල් කොබ්බැකඩුව
      විජය විමලරත්න
      රෝහණ කුමාර

      Delete
    4. ඩෙන්සිල් කොබ්බැකඩුව විජය විමලරත්න මැරුවේ මෛත්‍රීපාල කියලා අදයි දැනගත්තේ හිටං. අනේ හුකේ නන්නානේ

      Delete
    5. මට නං තියෙන්නේ වෙනම හැගීමක්.. හිටං තුමා හොදයි. නමුත් ප්‍රධානම දේ එතුමා කුඩාම රාජ්‍ය නිලධාරියෙකුට උනත් බරපතල විදියට ඕඩර්ස් නොදෙන කොටින්ම තමන් අතේ තියෙන ඒකාධිපති බලය කිව්වත් වගේ පාවිච්චි නොකරන කෙනෙක්..

      Delete
    6. 01.ඔය ලිස්ට්එකට අදාල හුඟක් අය දැං නෑ.(ප්‍රධානීන් ඇතුළුව)
      02.ඒ උදවියට කල වැරදිවලට රිටර්න් එක ලැබුන.
      03.මම කියපු එවුන් මරපු එකා සහ උන්ගේ නඩයේ වැඩිකොටසක් ආයෙ බලය ඉල්ලන එකනෙ අවුල.
      04.උඹේ වගේම මගේ ලිස්ට්එකේත් ඉන්න හැමෝම ඝාතනය වැරදියි කියන්න මට නං අමාරුවක් නෑ.මොකද අපි උඹල වගේ වහල්ලු නෙවේ

      Delete
    7. මේ හාදයා මොනවා කියනවද මන්දා.. හැක්

      Delete
  10. මෙන්න දේශකයා ලිපියක් දාල. පත්තරේ බලද්දී දැක්කේ.

    ReplyDelete
    Replies
    1. ඔයා අයියේ එහෙනං මීට කලින් පත්තරේ බලල නැහැ.. හැක්

      Delete
  11. වෙබ්සයිට් එකට ගිහින්ම සුභපතනවා...

    ReplyDelete
    Replies
    1. කරුණාකර හැක් නොකරන්න.. හැක්

      Delete
  12. සුබම සුබ පැතුම්. මොනවා නැතත් තේරුමක් ඇති දේවල් කතාකොරන එකම මැදෑ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. විධායක බලේ පාව්චිචි නොකර කතා කරන එකම මදෑ..

      Delete
  13. හැහ් උපන් දිනේකුත් තියනවලුද ? මම හිතුවේ අහසි..... (හම්බෝ බයේ බෑ.... මුකුත් කිව්වේ නෑ ඕන් මම නම්.. )

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ සිංදුව මතක නෑ කියලද?? හැක්

      Delete
  14. සදුගේත් උපන්දිනය
    අපිත් ගැහෙව්වා බල්ලට මචං කියන්න

    ReplyDelete
    Replies
    1. සුභ 65 වැනි උපන්දිනයක් සදු.. හැක්

      Delete
    2. ඔයලගේ මෙන්ඩාට වඩා මම අවුරුදු 10 ක් බාලයි ..
      සඳු

      Delete
    3. අම්මට සිරි.. මෙන්ඩට හැත්තෑ පහක්??

      Delete
  15. ඔය ජනාධිපති තුමා විෂ් කරපු එකට බුකියේ කොල්ලෙක් දාලා තිබ්බා

    "කව්ද ඩෝ මගේ නම්බර් එක ජනාධිපති තුමාට දුන්නේ හිටන්" කියලා..

    ReplyDelete
  16. Replies
    1. මක්ක වෙන්නද බං මේ යස අගේට ඉන්නේ.. හැක්..

      පහුගිය දොහේ ටිකක් පැමිණිම හොරට තිබුනා තමා. තැන්ක්ස් සකුවා..

      Delete
  17. Very good ,umbata vitharayi upandine matak une.
    A hthatama ethuma ape nombara danne kohomada,,,hik,,,,hik..

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං ප්‍රශ්නේ.. කෝම හොයාගන්නවද මන්දා

      Delete
  18. දේශකයා හිටං ට ද කිවුවේ. :-p

    ReplyDelete
    Replies
    1. හිටං නෙමෙයි ඉදගන..හැක්

      Delete
  19. සරාස් හා ලව්පූස්ගේ කාව්‍යමය වැල් විෂස් කෝ?

    ReplyDelete
    Replies
    1. එතුමන්ලා ගේ කාව්‍යමය මෙව්වා එක විකසිත වන්නේ ඉදහිටය.. හැක්.

      Delete
  20. ඒකත් දැක්කේ පත්තරෙන් කියහන්කෝ හිටන්

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි වැදගත්.. හැක්

      Delete
  21. එයා අපිට එවන ඒවට අපිටත් රිප්ලයි කරන්න පුලුවන්ද මෙයා...

    ReplyDelete
    Replies
    1. reply කරන්න පුළුවන්. එතුමාට වැඩ අධික නිසා රිප්ලයි බලන්න වෙලාවක් නැහැ කියල හිතල මොබයිල් ඔපරේට්ර්ස්ලා ඒවා යවන්නෙ නැහැ ඒකයි අවුල බං.. හැක්

      Delete
  22. මමත් සුභ පැතුවා කියනවා හොදා හිටං....

    ReplyDelete
    Replies
    1. කෝල් එකක් දෙන්නං හිටං...

      Delete
  23. Replies
    1. ඕවා තේරෙයිද මන්දා.. හැක්

      Delete
  24. උඹ ආයේ ලියන්න බයයි නේ? ඇත්ත කියපං, උස්සයි කියල බයයි නෙහ්?

    ReplyDelete
    Replies
    1. වල්කම් සැන්ඩර්... හැක් හැක්.. ඒ බයට හරි ලියවෙනවනං ලොකු දෙයක් බං..

      Delete