Wednesday, June 10, 2015

අපේ කාලයේ මිනිසෙක්!! (Grigori Yakovlevich Perelman)


මොකක් හරි ගණිත ගැටලුවක් විසදීම හේතුවෙන් කාට හරි ඇමරිකන් ඩොලර් මිලියනයක් ලැබුනොත් ඒක එපා කියල කියන්නේ කව්ද?? සමහර විට එහෙම කරන කෙනෙක් ඇති.. ඒ තමා ග්‍රිගොරි පෙරෙල්මාන්.

මීට අවුරුදු පහකට ටිකක් වැඩි කලකදී, අති දක්ෂ රුසියානු ගණිතඥයෙකු වූ ග්‍රිගෝරිට සහශ්‍රකයේ ගැටලුව ලෙසින් සැලකූ ත්‍රිමාණ ජ්‍යාමිතික ගණිත ගැටලුවක් විශිෂ්ඨ අන්දමින් විසදීම හේතු කොට ගෙන Clay Mathematics Institute නම් ආයතනයක් විසින් මේ ඩොලර් මිලියනකට මුදල ප්‍රදානය කරන්නට යෙදුනා. ඔහු විසදූ මේ ගැටලුව 1904 වර්ෂයේ සිටම විවිධ ගණිතඥයන් විසින් විසදිමට ප්‍රයත්න දරා තිබුනා.

කොහොම උනත් අවසානයේ ග්‍රිගෝරි එම ගැටලුව විසදා ඇති බව ඔහුට දැනුම් දී අදාළ තෑගි මුදල පිළිබදව මතක් කිරීමෙන් අනතුරුව, ඔහු විසින් ඉතාම නිහතමානීවත්, තර්කානුකූල ලෙසත්, නිල මට්ටමින් එම ත්‍යාගය භාර ගත නොහැකි බව දැනුම් දුන් බව ඉහත ආයතනය ප්‍රකාශ කර සිටියා. ග්‍රිගොරි මෙම ත්‍යාගය තමාට අයත් නොවන දෙයක් ලෙසත්, තමා මෙම ගැටලුව විසදීම සදහා භාවිතා කරනු ලැබුයේ වෙනත් අයෙකු විසින් අනුගමනය කළ ක්‍රමයක් බවත් ඉතා අවධාරනයෙන් පවසා සිටියා. මොහු අසාමාන්‍ය බලයක් හා අසීමිත නිර්මාණ්‍ශිලිත්වයක් සහිත පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි බවයි Clay ආයතනයේ සභාපතිවරයා සදහන් කර සිටියේ.. (ඩොලර් මිලියනේ නොගත්ත නිසා නං වෙන්න බෑ.. හැක්)

ඔහු විසින් මෙසේ විසදා තිබෙන්නේ කිසිදාක විසදිය නොහැකියි කියා සිතූ ත්‍රිමාණ ජ්‍යාමිතික ගැටලුවක් වූ Poincare Conjecture (පොන්කාරේ ඌහනය)නමින් හදුන්වන ගණිත ගැටලුවයි. “හැම කෙනෙක්ම තව කාගේ හෝ මාර්ගයක්/ක්‍රමයක් භාවිතා කළත්, එය භාවිතා කොට විශ්ෂ්ඨත්වය කරා යා හැක්කේ අති දක්ෂයෙකුටම පම්‍ණක් බවයි ඉහත කියූ සභාපතිවරයා සදහන් කර සිටියේ.

කුමන හෝ මොහොතක පෙරල්මාන් විසින් අදාළ ත්‍යාගය ලබා ගැනීමට ඇති කැමැත්ත ප්‍රකාශ කරනු ඇතැයි ඔවුන් බලා සිටියත්, මීට පෙරත් ඔහු විසින් මෙවැනි අන්තර්ජාතික ත්‍යාගයන් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්ම පෙරල්මාන් විසින් මෙම ත්‍යාගයද ලබා නොගන්නා බව ඔවුන්ට පැහැදිලි උනා. මෙම ගැටලුව විසදීමෙන් අනතරුව ඊට අදාළ විද්‍යාත්මක සමාලෝචනයක් කිරීම ප්‍රතික්ෂේප කරමින්, ඔහු මෙය විසදූ පියවර තුන කිසිම කොන්දේසියකින් තොරව අන්තර්ජාලයට එක් කිරිමට පියවර ගෙන තිබුනා. ඒ 2003 දී.



කොහොම හරි අනෙකුත් සියලුම ගණිතඥයන්ට ඔහු විසින් එය නිවරැදිව විසදා ඇතැයි ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් ගත වී තිබුනා. පෙරල්මාන් සුලුවෙන් තැකිය හැකි පුදුගලයෙක් නොවන වගට සමාජයේ පිළිගැනීමක් තිබු හෙයින්, පෙරල්මාන්ගේ ක්‍රියා කිසි ලෙසකින්වත් සුලු කොට තකන්නට ඔවුන් කටයුතු කලේ නැහැ. ඇත්තටම ඔහු යම් දෙයක් කරනවා නම්, එය බහුතරයක් දෙනා කරන ක්‍රමයට හාත්පසින්ම වෙනස් ආකාරයකට කරන්නයි කටයුතු කර තිබුනේ.

පෙරල්මාන්ගේ මෙම පියවරයන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇමරිකාවේ පිළිගත් ආයතන වල දේශන සදහා ආරාධනා ලැබුනා. එහිදි ඔහු ඉතා චතුර ලෙස ඉංග්‍රිසියෙන් එම දේශන පවත්වා තිබුනා. මේ අවස්තා වලදී, ඊමේල් මගින්, ඔහුගේ සගයන් හා තොරතුරු හුවමාරු කරගැනීමටත්, ඔහුගේ කටයුතු පිළිබදව දැනුම් දීමටත් පෙරල්මාන් එකග වී සිටියත්, අවුරුදු කිහිපයකින් ඒ සියල්ල නතර කර දමා ශාස්ත්‍රිය ලෝකයෙන් පලා ගොස් තිබුනා. 

මේ ගැන සොයා බලන්නට පීටර්ස්බුගයට ගියපු අයෙකුට, ඔහුව දුරකතනයෙන් සම්බන්ධ කර ගන්න හැකි උනා. ඉතිං මේ යහලුවා හමුවන්නට උවමනා බව ප්‍රකාශ කර සිටි අවස්ථා)වේදී, පෙරල්මාන් දන්වා ඇත්තේ “මේ අවස්ථාවේ ඔබව මුණ ගැසීම අනවශ්‍ය දෙයක්“ බවයි.


පෙරල්මාන් තමන්ගේ මහළු මව සමග පීටර්බර්ග් වල අඩක් නිම කරන ලද තට්ටු නිවාසයක ඉතා දුකසේ ජීවත් වෙනවා. කැරලි ගැහුන දිග කොණ්ඩයකින් යුත්  තනිකමටම හුරු වූ මිනිසා ඔහුගේ ඡායාරූප වලදි ඉතා දැඩි ගාම්භීර පෙනුමක් සහිතව සිටින අයුරු දැකගන්න පුලුවන්. කොහොම උනත් ඒ වෙන කොට පෙරල්මාන් තමන්ගේ පර්යේෂණ කටයුතු වලින් සහ රුසියාවේ පිහිටි ඉහළම ආයතනයක රැකියාවෙන් පවා ඉවත්ව ගොස් තිබුනා. ඒ වගේම වෙනත් රැකියාවක් සදහාවත් ඔහු ගේ උවමනාවක් නොතිබුන බවයි සදහන් වන්නේ.

ගණියයේ එවරස්ට් කන්ද ලෙස හැදින්වුන මේ “පොන්කාරේ ඌහනය“ ප්‍රංශ ගණිතඥයෙකු වූ හෙන්රි පොන්කාරේ නමින් නම් කෙරුනේ පොන්කාරේ ජ්‍යාමිතික වස්තූන් හා ඒවායේ ක්ෂේත්‍රයන් විවරණය කිරීමේලා දැඩි උනන්දුවෙන් කටයුතු කිරීම හේතුවෙන්.

මෙම ඩොලර් මිලියනයේ ත්‍යාගය හදුන්වා දුන්නේ කේම්බ්‍රිජ් සරසවිය කේන්දු කරගත් Clay Mathematics Institute ආයතනය විසිනුයි. සහශ්‍රකයේ ගණිත ගැටලු ලෙස ඔවුන් විසින් හදුනාගත් දීර්ඝ කාලයක් මුලුල්ලේ නොවිසදුනු ගැටලු හතක් මේ සදහා ඉදිරිපත් කර තිබු අතර, ඒ අතරින් මුලින්ම විසදනු ලැබුවේ මෙම ගැටලුවයි. 

43 හැවිරිදි පෙරල්මාන් 2010 ජුනි මාසයේ පැරිසීයේදි පැවැත්වුනු මෙම ත්‍යාග ප්‍රදානොත්සවය සදහා සහභාගී වුනේ නැහැ. ඔහුගේ චරිතාපදානය ලියු ලේඛිකා මාෂා ගසන්, ත්‍යාග ප්‍රදානෝත්සව කමිටුව වෙත කලින්ම දැනුම් දි තිබිල තියෙනවා පෙරල්මාන් මෙයට සහභාගී නොවන බව.

ඉන් අනතුරුවත් පෙරල්මාන්ට ලැබුන ත්‍යාගයක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබුන අතර, එහිදීත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් විසින් තව කව්රුන් විසින් හෝ අනුගමනය කරන ලද ක්‍රමයක් භාවිතා කළ හෙයින් එහි අයිතියක් ඔහුට නොමැති බවයි. මෙම ගණිත ගැටලුව විසදීම සදහා මාර්ගයක් ඇති බව සදහන් කළ ඇමරිකානු ගණිතඥයා හා තමා අතර කිසිම වෙනසක් නැති බවයි ඔහු සදහන් කර සිටියේ.

ඇත්තටම පෙරල්මාන් කියන ගණිතඥයාගේ පර්යේෂණ වලින් ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ගණිතඥයන් ගණිතය ඉගෙන ගත් බවත් ඔහුගේ හිතේ ශක්තියත්, අධ්‍යාත්මික භක්තියත්, පැවැත්මත් බොහො දෙනෙකුට ජීවිතය දිහා නැවත හැරී බැලිමට ඉඩ සලසන කැඩපතක් වන බවත් සදහන් කළ හැකියි.

Washington Post ආශ්‍රයෙනි.

102 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නක්සත්ත්‍රය අවුල් කරා මේකා.. හැක්.. නැකත බලල දාපු පෝස්කටුව.. හැක්

      Delete
  2. ගණිතය හා සංගීතය අතර සම්බන්ධයක් තියනවයි කියනව නේ? ඇයි ඒ?
    සංකීර්ණ නිසාද?

    (දැනුයි මතක්වුනේ .. එහෙමනම් බස්සිගෙ කවි හා ගණිතය අතර ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති)

    ReplyDelete
    Replies
    1. සංගීතය සංකීර්ණයිද?? ඊට වඩා මිනිස් සිතුම් සංකීර්ණයි ප්‍රා.

      (පලි - මට මුණුපොතේ රික්වෙස්ට් එකක් හෙම එවල නෑ නේද??)

      Delete
    2. // ගණිතය හා සංගීතය අතර සම්බන්ධයක් තියනවයි කියනව නේ //

      සමකෝණී ත්‍රිකෝණයකි
      ඔබත් මමත් ඇයත් අතර

      :D

      Delete
    3. සම්මත කළා වලින් ගණිතමය මොඩල් වලට ලේසියෙන්ම දාන්න පුළුවන් කලාව තමා සංගීතය. ප්‍රා මේක දන්නේ නැහැ වෙන්න බැහැ නේද?

      Delete
    4. http://en.wikipedia.org/wiki/Pythagorean_tuning

      Delete
    5. ප්‍රා,
      උඹල දැකල නැති ලින්කුවක් දෙන්නද? මේ පැරණි බ්ලොග් කාරයෙක් බලපං වැඩ!

      මෙන්න බලාපල්ල

      Delete
    6. අනේ මේ චුල්ල ගණිතය නියම බ්ලොග් එකක්නේ. ප්‍රශ්නයක් අහන්න විධිහක්වත් නැහැ 2010 දී නවත්වල. ඇත්තටම අපි මේ නෙලුම් යාය බ්ලොග් සංසදය පටන්ගත්තෙත් මෙහෙම නවතින්න නොදී ගෙනියන්න උදව් කරන්න.

      Delete
    7. චුල්ල ගණිතයා පෙන්නුවට තැන්කුයි රාජ්..

      Delete
  3. ඔය ඉතුරු ගැටලු හය දන්නවනං එවහංකො මට ඒ ටික විසඳල දාන්න.
    බොට ඉතිං රුපියල් දහයක්වත් දෙන්න බැරියැ ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. අවස්ස කෙනෙකුට නෙට් එකෙන් සොයා ගත හැකියි.

      Delete
    2. ඔය ලොකු ලොකු ප්‍රශ්න වලට උත්තර හෙවුවට ඔය වගේ පොඩි දේවල් හොයන්න කම්මැලියි බං.

      Delete
  4. පිරුණු කලේ දිය නොසැලේ.
    හැබෑට තව විසඳපු නැති 6ක් තියෙනවද ගැටලු (උඹ කියපු අර හතෙන්) නරකද බ්ලොග් ලිය ලිය ඉන්න වෙලේ එකකට ට්‍රයි කරොත් එහෙම?

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං. ඩොලර් මිලියන හයකින් මක්ක කරන්නද?? පොකට් මනි වලටත් මදි.. හැක් හැක්

      Delete
  5. ගණන්කාරයෙක්,හැබැයි ඉතින් වැඩක් නැහැ තමන්ගේ දැනුම ඔහොම අකුලන් තියන් ප්‍රයෝජනයක් නොගෙන.ඩොලර් මිලියනය නොගත්ත එක ගැන නෙමේ බං මම කියන්නේ රස්සාවක්වත් නොකර නිකරුනේ දුක් විඳින එක ගැන.

    ReplyDelete
    Replies
    1. අඩු ගානේ පිටර් මාමලාගේ කඩේ බඩු කිරන්න හරි යන්න තිබුනානේ

      Delete
    2. මට නං හිතෙන්නේ මිනිහා ඕනවටත් වඩා අතෑරල දාපු, ලේසියෙන් කරන්න බැරි මිනිහෙක් කියලයි.

      Delete
  6. එල ද බ්‍රා පොරක්..
    අපේ එකෙක් හිටියා පයිතගරස් කියලා ඌ තර්ක කරේ පයිතගරස් ප්‍රමේය ඔප්පු වෙන්නෙ නෑ කියලා..ඒ දවස් වල ඌ ගනිත සර්ලාත් එක්කත් තර්ක කරනවා අන්තිමට ඌට පිස්සු හැදුනා...
    සත්‍ය කතාවක්..

    ReplyDelete
    Replies
    1. දැං උෟ සුද්දන්ට බ්‍රා මහනව වගේ කෑල්ලක් ඕකෙ අන්තිමට නෑ නේද?

      Delete
    2. මචං මෙන්ඩා ඌ ඉතාලි ගියපු එක සත්‍ය කතාවක් නේද?? හැක්

      Delete
  7. හෙන අසාමාන්‍ය ‍මිනිහෙක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම සාමාන්‍ය මිනිස් ක්‍රමයෙන් බාහිරයි.

      Delete
  8. කො දේශක තුමා අර කතවෙ ඉතුරු කොටස් දාන් නැද්ද

    ReplyDelete
    Replies
    1. ඔයත් නරක් වෙලා හොදද ලමයෝ. හැක්

      Delete
  9. වෙනස් සිතුම් පැවතුම් තියෙන මිනිසෙක්. එහෙම වෙන්න එපැයැ ඉතිං. නැත්තං ගණිතඤයෙක් වෙයියැ.

    ReplyDelete
    Replies
    1. ගණිතය ඇසුරේ ඉන්න අයගේ සිතුම් පැතුම් වෙනස්.. එහෙම වෙනස් පුද්ගලයන් කිහිප දෙනෙක්ම හමු උනා මට.. ඇත්තටම විෂමාචාරයි.. විස්තර කරන්න අමාරුයි..

      Delete
  10. පවට පින් දෙන්න බැරිය කියනවනේ...

    ReplyDelete
    Replies
    1. සමහර අය පින - පව අදුරන්නෙත් නැහැ බං..

      Delete
  11. බහුතරයක් සැපයි සනීපයි කියලා ලුහුබඳින ඒවා, තේරුමක් නෑ කියලා ඉවත දාන එකෙක් නම් ඉතින් ඌ අමුතු එකෙක් තමා.. එහෙම උන් හරි විරලයි.. මට හිතෙන්නෙ උන් ලෝකය හරියට තේරුම් අරන් ඇති කියලයි..

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නෙ හරියටම එහෙමයි.. බදාගනන් පුලුවන් දේත් අතාරින්න හැකි නං ඒ මිනිහගේ මනස මොන විදයට ඇතිද??

      Delete
  12. අපි කොල්ලො කාලෙ සෝවියට් සංගමයේ ගහල ලංකාවට එවන බොහොම ලස්සන නිමාවකින් යුත් පොත් අතරේ "ගණිත විනෝදය, වයි පෙරෙල්මාන් " කියල පොතක් තිබුනා මට මතකයි.ඒ මුන්නැහැ වෙන්න ඇති නේද ඕයි.

    ReplyDelete
    Replies
    1. පෙරෙල්මාන්ගේ ගණිත අභ්‍යාස පොත් අදත් පුස්තකාලවල තියනවා. කවුද දන්නේ මේ මනුස්සයා මෙච්චර වටිනවා කියලා.

      Delete
    2. "ගණිත විනෝදය, වයි පෙරෙල්මාන් " මෙයා වෙන්න ඕනේ.... මරු පොත. 1982 දී ගත්ත පොතක් තාම මම ගාව තියනවා. සෝවියට් සංගමයේ ප්‍රගති ප්‍රකාශන මන්දිරයේ පොත් නිමාවෙන් ඉහලයි. ගණිත විනෝදය ලංකාවේ මිනිස්සු බොහොමයක් කියවල තිබුණා නම් පහුගිය කාලේ පිරමීඩ ජාවාරම් වලට අහු නොවී ඉන්න තිබුණා....

      Delete
    3. puka thama. dakke nedda oyi. eke gahala thiyanawa moota wayasa awurudu 40 gaanak kiyalaa.
      oya naaki kolukaara armikarayantayi, wanachara naaki kannadi polaguntayi puththalam booruwo 6,7kage wayasa neda?

      Delete
    4. හැලපෙ & විචා,
      යකුනේ උඹල කොල්ලො කා‍ලෙ මේ හාදය තාත්තගෙ කකුලෙ ඉන්න ඇත්තෙ. කියෙව්වෙ නැද්ද මේක

      //43 හැවිරිදි පෙරල්මාන් 2010 ජුනි ......//

      හැක් හැක්......

      Delete
    5. එහෙනං ඒ මුගෙ තාත්ත වෙන්න ඇති බං.

      Delete
    6. මම කියා ඇතිදේ තේරුම් ගන්න මොලයක් නැති, ලාමක ටිං ටිං ලා සියලුදෙනා වෙතයි. මා කියා තිබෙන්නේ, අදත් මේ කතුවරයාගේ පොත්, පුස්තකාලවල තියනවා කියලයි. ඒක තේරුම් ගන්න බැරිව තමන්ගේ වාලධිය උස්සාගෙන නටන උන්නැහේලා,තමන්ගේ මොලය නොතැලෙන ලෙස වාඩිවී, නැවත මා කියා ඇතිදේ තේරුම් ගන්න උත්සාහ කරන්න.

      Delete
    7. විචාරක,
      මෙන්න ඔබ හැලපට ප්‍රති කමෙන්ට් කරනව,
      // පෙරෙල්මාන්ගේ ගණිත අභ්‍යාස පොත් අදත් පුස්තකාලවල තියනවා. කවුද දන්නේ මේ මනුස්සයා මෙච්චර වටිනවා කියලා.//

      ඒ පෙරෙල්මාන් මේ පෙරෙල්මාන් නොවන බව තේරුම් ගැනීමට නොහැකිවීම විචාරකට හොඳ නැත. තත්වය එසේ තිබියදී අනුන්ගේ මොලවල පිහිටීම විග්‍රහ කිරීමට යාම තවත් හොඳ නැත.

      Delete
    8. [Yakov Perelman] is not related to the Russian mathematician Grigori Perelman, who was born in 1966 to a different Yakov Perelman. However, Grigori Perelman told The New Yorker that his father gave him Physics for Entertainment, and it inspired his interest in mathematics.

      Yakov Perelman

      Delete
    9. ඇත්තටම මං කීයටවත් හිතුවේ නෑ ඔය පොත් ලියපු පෙරල්මාන් මෙයාමයි කියල. එාහෙනං බං හිමාලේ ඉන්න පොරක් වෙන්න ඕන. හැක්.. ප්‍රොපයිල් ඇනෝට සහ රාජ්ට ස්තුතියි විචාරක වගේ අංකල්ලගේ මොලේ පාදනවට. හැක්

      Delete
  13. වයි පෙරල්මන්ගේ භෞතික විද්‍යා විනෝදය කියන පොත Physics for Entertainment in English ඉස්සර අපේ ජනප්‍රිය පොතක්. කොච්චර ජනප්‍රියද කිව්වොත් අපි ඕකට කියන්නේ ‍'ෆිසික්ස් ජොලිය' පොත කියලා. මගේ දූට තිබ්බා Maths with Mummy කියලා ටිකක් ඔයිට හුරු පොතක්. එයා ඒ දවස් වල ඒකට කියන්නේ Knocks with Mommy කියලා කාපු ටොකු වලටම.

    ReplyDelete
    Replies
    1. මේ තව එකෙක්.....

      Delete
    2. අපිට ඉතිං මේ කතා හාලුයි-චිස් වගේ

      Delete
    3. සමා වෙන්ඩෝනෙ. මට වැරදුනා. මම හිතුවේ මගේ වයසෙම මෙන්න මේ පුද්ගලයා කියලා. මෙන්න විකිපීඩියාවෙන් මම කියන පුද්ගලයා ගැන...

      Yakov Isidorovich Perelman (Russian: Яков Исидорович Перельман; December 4, 1882 – March 16, 1942) was a Russian and Soviet science writer and author of many popular science books, including Physics Can Be Fun and Mathematics Can Be Fun (both translated from Russian into English).

      Delete
    4. මාතෘකාව දැක්කම මමත් හිතුවේ ඒ පෙරල්මාන් කියලා. මෙයා වෙන තරුණ පෙරල්මාන් කෙනෙක්.

      Delete
    5. සමාවෙන්ඩ දෙයක් නෑ බං.. මේ ගණිත විනෝදේ පෙරලපු මැන් නෙමෙයි.. හැක්

      Delete
  14. මේ මනුස්සයා වටින නොවටින දේ හොඳට තේරුම් අරන් ඇති,නැත්තම් සල්ලි එපා කියා යෑ, ඒ දැනුම් තේරුම එක්ක ලැබෙන නිදහසම වෙන්න ඇති මේක විසදන්න පුළුවන් වුන රහස.

    ReplyDelete
    Replies
    1. මචං මිනිහා අනිවා සෝවාන් වත් වෙලා ඇති ක්‍රිස්තියානියේ ඒකනේ..

      Delete
  15. ඒක ඉතින් ඒ මනුස්සයගේ කැමැත්ත කියලා තමයි කියන්න වෙන්නේ.. හැබැයි මෙහෙමයි.. සල්ලි නම් කලා බීලා නටලා ඉවර වෙයි.. ඒත් මේ ගැටළුව විසදපු මොළය විදිහට ඔහුගේ නම සදාකාලිකව තියේවි.. අන්න ඒක මිලියනයකට වැඩිය වටිනවා..

    ප.ලි. මිලියනය අපි වගේ එවුන්ට මහ ගානක් උනාට අංක බින්දු ගැන දන්න එවුන්ට ඒක නතින්ග්ද දන්නේ නැහැනේ.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ සල්ලි ගත්තත් නැතත් නම බැබලේවි කාලාන්තරයක්..

      Delete
  16. අපරාදෙ සල්ලි!

    ReplyDelete
  17. අයිසෙ දේශා,
    ඔක්කොම කියල තියනව, ඒත් මේ පොන්කාරේ ඌහනය කියන්නෙ මොකද්ද කියල නෑනෙ.
    තමුසෙට ගනන් බෑද?
    දන්නවද ජප්පෙක් ඔප්පු කරන්න යන්නෙ ලඟදිම 1/0 = 0 කියල

    ReplyDelete
    Replies
    1. මටත් ගනං බෑ නං තමා. Poncare Conjunction කියන එක තමා ඔය පරිවර්තනය කරල තියෙන්න.. ඒ ජෙප්පා අපේ අමරසිංහ ලොක්ක නං වෙන්න බෑ. මොකද මිනිහා 0+0=1 කියලයි ඔප්පු කරන්න යන්නේ

      Delete
  18. සිරා පොරක් වුනාට ඉතින් ඔහොම හිතන එක ටිකක් පිස්සුවක් කියලයි මට හිතෙන්නේ. නිර්මාණ හැම එකේම කලින් කාගේ හරි අදහසක් තියෙනවා. ඔය විදියට හිතුවොත් එහෙම මුලින්ම ගින්දර පාවිච්චි කරන්න ඉගෙන ගත්ත කෙනාට වගේ තමයි මේ හැම නිර්මානෙම අයිතිය යන්නේ.. හෙහ් හෙහ්

    මමත් ඔය මොකුත් නොකර මේ වෙන දෙයක් බලාගෙන ඉන්නේ ඔය කේස් එක හින්ද... අළුතින් මොකුත් හොයා ගන්න බැරි නිසා... :D

    ReplyDelete
    Replies
    1. රෝදෙ හොයාගත්තෙ තමන් නොවන නිසා ඔය කාර් හදන එවුන් එහෙම නොමිලෙ අපිට කාර් දෙන්න ඕන නැද්ද මං අහන්නෙ.

      Delete
    2. මේකනේ බං.. මිනිහා හිතනවා ඇති ඒ මුදල තනියම ගන්න එක අවනම්බුවක් කියලා. උඹ ආයි එක එක ඒවා හොයන්න යනන මහන්සි වෙන්න එපා. දාඩිය දාලා අමාරු වෙිවි හැක්

      Delete
  19. දැනං උන්නෙ නෑ උන්නැහැ ගැන. අර ගණීත විනෝදය පොත නං පොඩි කාලෙ කියවලා තිබුණා. මේ ළඟදි මං කොටාපාරේ ප්‍රගති ප්‍රකාශකයින්ගෙන් ගත්තා. ඒ පොත ලිව්ව වයි. පෙරෙල්මාන් මෙයාම‍ වෙන්න ඇති නේද?

    තව රුසියානුවෙක් නො‍බ‍ෙල් තෑග්ගක් ප්‍රතික්ෂේප කළා. මට මතක හැටියට ඩොක්ටර් සිවාගෝ ලියපු ලේඛකයා, බොරිස් පැස්ටර්නැක්. හැබැයි ඒ නම් සෝවියට් ආණ්ඩුවෙ බළපෑම මත.

    ReplyDelete
    Replies
    1. නැහැ බං මේ එයා නෙමෙයි. උඩ කතා ටික දැකල නෑ වගේ.

      Delete
  20. මමත් අදමයි මේ මනුස්සයා ගැන ඇහුවේ, පෙනුමෙන් ඔහුගේ බුද්ධිමත් බවක් පේනවා.
    නමුත් මුදල් නොගැනීම මෝඩ වැඩක්.
    මිනිහට වැඩක් නැත්නම් ඒ සල්ලි දුප්පත් හෝ රෝගී මිනිසුන් වෙනුවෙන් හෝ ලබා දෙන්න කටයුතු යොදන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඉතිං බං තමන්ට අයිති නෑ කියල හිතන දෙයක් මිනිහා මොන එහෙකට ගන්නවද?

      Delete
  21. හෑ....???? පොන්කාරේ ඌහනය ??????? ඒක නිකං පොන්මාලේයි පොරිඉදු වගේ එකක්ද ?
    .. මට තේරෙන්නෙනෑ දේසෝ කියල දෙනවද ............

    ReplyDelete
    Replies
    1. උඩදි මං කාට හරි කියල දුන්නා. මේක ත්‍රිමාන ගණිත ගැටලුවක්ලු..

      Delete
  22. සල්ලි වලට ආසාවක් නැත්තං අවුලක් නෑ. නමුත් සල්ලි ප්‍රතික්ෂේප කල හේතුව බැලුවම නං මාත කිව්ව වගේ 'පවට පින් දෙන්න බෑ'

    ReplyDelete
    Replies
    1. මට හිතනේනේ බුදු දහමේ එන සෝවාන් මාර්ගය ලැබු කෙනෙක් කියලයි..

      Delete
  23. මේ හාදය දැක්කම මට මතක් උනේ ප්‍රංශ රග්බි කණ්ඩායමේ හිටිය ශබාල්.

    ReplyDelete
    Replies
    1. හැක්.. ගබාල්ව මං දැක්කේ අද.. හැබෑටම මිනිහගේ මල්ලි කෙනෙක් වගේමයි..

      Delete
  24. සිරා වැඩ්ඩෙක්නෙ. අපරාදෙ, සල්ලි වලට අකමැති නම් ඒ ටික බෙදලා දාන්න තිබ්බෙ දුප්පත් මිනිස්සුන්ට හරි. එතකොට අර ඉතුරු ප්‍රශ්න හයට තාම විසඳුම් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මොකටද බං. කවදා ඉවර කරන්නද ලෝකේ ඉන්න දුප්පතුන්

      Delete
  25. නියමයි දේශා. ගණිතඥායෝ ගැන ලියවෙනවා අඩුයි.
    http://nelumyaya.com/?p=3014

    ReplyDelete
  26. Every simply connected, closed 3-manifold is homeomorphic to the 3-sphere.
    -http://en.wikipedia.org/wiki/Poincar%C3%A9_conjecture

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. ඕකේ සමාර වචන මට තේරෙන්නෑ බං.

      Delete
  27. මේ ලෝකෙ ඉන්න හැම එකාම එකම විදිහට හිතුවා නම් මේ විදිහෙ ලෝකයක් දකින්න නැති වෙයි. ඒ නිසා වෙනස් විදිහට හිතන උනුත් ඉන්න ඕනේ. ඒත් ඔහොම ලොකු දැනුමක් තියෙන අයගෙ සාමාන්‍ය ජීවිතේ ගෙවෙන්නෙ නම් අසාමාන්‍ය විදිහට. ඒක එක අතකට එක්තරා විදිහක මානසික අවුලක් කියන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න පුලුවන්.. ඒත් මානසික අවුල් නැත්තෙ කාටද බං..

      Delete
  28. සමහර විට ඒ පුද්ගලයා ප්‍රසිද්ධියට පත් වෙන්න ඇත්තෙත් මුදල එපා ය කියපු නිසා වෙන්න ඇති. ඒ කොහොම වෙතත් මුදලක් වගේ නෙමෙයි මොළයක්. ඔය ප්‍රස්නෙ පොඩ්ඩක් හොයං හිතලා බලන්නෝනෙ වෙලාවක. මොන වගේ එකක් ද බලන්න.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ජනිත.. නැහැ මිනිහා ප්‍රසිද්ධියටවත් මොකකටවත් ආසාවක් ඇති කෙනෙක් විදියට පේන්නෑ..

      Delete
  29. යකඩෝ පොස්ට් එක කියවගෙන එනකොට මමත් හිතුවේ මේ ගණිත විනෝදය ලියු කෙනා කියලා එත් කොමෙන්ට් කියවන කොට දාන ගත්තේ ඒ වෙන කෙනෙක් කියලා ...... බලන් ගියාම රුසියන් බාසාවෙන් පෙරළෙනවා කියන්නේ හොඳ ගණන් කාරයන්ටද කොහෙද

    ReplyDelete
    Replies
    1. පෙරාළමෑන් උනානං තමා අවල් වෙන්නේ. හැක්

      Delete
  30. මේ ලිපිය දැම්මට දේශකට ස්තුතියි

    ReplyDelete
  31. .....................................

    ReplyDelete
  32. කලින් අහලා තිබුනෙ නෑ මේ කථාව...මම හිතන්නෙ ත්‍යාගය බාර නොගත්ත එක මෝඩකමක් කියලයි...ඒ මුදලින් අඩුම තරමෙ ඔහුට සමාජ සත්කාරයක් හරි කරන්න තිබුනා අඩු ආදායම් ලාභී දරුවන් වෙනුවෙන්...ඔවුන්ගේ අධ්‍යාපනයට යමක්...ඕනෑවට වඩා නුවන වැවි උනාමත් ඒක ගැටලුවක් වෙනවා. මේ එහෙම අවස්ථාවක්.

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් තේරුං ගන්න බෑ බං. මොකද බුදුන් දෙසපු සංකීර්ණ ධර්මතාවයන් පවා බොහෝ අය තේරුම් ගත්තේ නැහැ නෙව.

      Delete
  33. දේශකයා දේශ සංචාරයක් කොරලනෙ‍
    නියමයි ඈහ්.....

    ReplyDelete
    Replies
    1. ඇහ්.. පුට්බෝඩ් කොල්ලා.. හැක්

      Delete
  34. මොනා වුනත් මේ නම් මනුස්සයෙක් නෙමේ...එක්කෝ පිටසක්වල එකෙක් වෙන්න ඕන....

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය ලෝකේට නොගැලපෙන හැම එකාම පිටසක්වල හෙලයන් වෙන්ටැති නේද බං.. හැක්

      Delete
  35. දේශකයා ගෙනෙන දැනුම නම් අපට හරිම වැදගත්. දිගටම මේ පැත්තෙ එන්නම්.

    ReplyDelete
  36. දේශකයා ගෙනෙන දැනුම නම් අපට හරිම වැදගත්. දිගටම මේ පැත්තෙ එන්නම්.

    ReplyDelete
  37. ස්තූතියි දේශකතුමා

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මෙතු.. සහ ස්තුතියි..

      Delete
  38. සමහර විට ඒ සල්ලි ගත්තා නම් ඒක ඒ කෙනාගෙ ජීවන රටාවට බාධාවක් විදියට දැනුනද දන්නෙ නෑ....

    දේශකයා තුමා මගෙ බ්ලොගයේ ෆලෝවර්ස් ගැජට්ටුව එල්ලන අන්දම පොඩ්ඩක් ලියල එවන්න බැරිද...කරදරයක් යැයි නොසිතා

    ReplyDelete
    Replies
    1. අද තමා කමෙන්ට් එක දැක්කේ. හැක්

      Delete