Saturday, September 20, 2014

මා ඔබත් එක්ක සිංදු ඇනෝ..!!

ළගකදි ගොඩ බැස්ස අර ඇනෝල... හරි හරි කුනුහරුප කියනන් ඕන නෑ. ඒත් අපි වගේම මිනිස්සු නෙව. මැෂින් නෙවෙයි නේ. ඒ උනත් අපි හොදට දන්න සිංදු ඇනෝ ගැන කවර කතාද? මම කීප තැනකම දැක්කා මිනිහා සුරුස් ගාලා ඕන කතාවකට, සිද්ධියකට ගැලපෙන සිංදුවක් දෙනවයි කියලා. කොහොම උනත් බ්ලොග් කමෙන්ට් කලාවේ සැමදාමත් ඉදිරියෙන් හිටියේ ප්‍රසන්න, තිසර වගේ අය. (මං කිව්වේ බ්ලොග් තිබිලත් මළ ඉලව් නොලියන අය)

ඒ අතරේ කිසිම මල දානයක් නැති විදානේ කාරයෙක් ඇවිත් හෙමින්ම බ්ලොගක් අටවගෙන දැං පෙම් කෙලිනවා. කකා ගාව නං කැපිටල් ඇනෝ, පිල්ලි වගේ නොයෙකුත් බුවාලා සැට් එකක්ම හිටියා. 

ඔය අතරේ ඉතාලියේ ඉන්න කමකට නැති ෂවුත්තු කොල්ලෙක් යාළු්‍වෙක්ගේ යාළුවෙක්ගේ පිටි එකට උදව් කරන්න කියල අනුන්ගේ පිංතුරයක් හොරකං කරගෙන බ්ලොග් වල කැකුණ තලන්න ආවා. අනිත්මට පින්තුරෙටත් බැනුං අහල, යාළුවගේ යාළුවට උදව් කරන්න ගියපු සාන්ත දාන්ත ලෝක නැටුම් අනාථයන්ගෙන් හොදවයින් අහගත්තා. ඒ එපිසෝඩ් එක ඉවර වෙන කොට පත්තරයා කියල වෙනම අයිකොන් එකක් බ්ලොග් තුල මතු උනා. උගේ කමෙන්ට් කොයි තරං රහයිද කියනවනං මිනිහගේ ජන්මාන්තර වෛරක්කාරයොත් දැං රෑට ඒවා මතක් වෙලා හිනා වෙනවා. හැක් හැක්.

ඔය අතරේ මනෝෂ් ගෙනාපු සිංදු විචාර (ඒවා අජපල්) වලට අබ සරණයි කියල ඇනෝවෙක් බැස්සා සිංදු වලින්ම උත්තර දෙන. මිනිහගේ සිංදු වැඩේ බෝම නැගල ගියා. මාත් උපන්තේකට අහල නැති එක එක සිංදු අහන්න ගත්තා. වැඩේ කියන්නේ ඔය කමකට නැති ඇනෝ කාරයා සිංදුව දාන්නේ තුන්දෙනාගෙම නම් හෙමත් දාලා එහෙම නැත්නං සිංදුව අහන්න බලන්න තියෙන සෝස් එකත් එක්ක. මේ රැල්ලට අහු උනා ජීවිතේට සිංදු අහල නැති ඉවාන්ලා,  ප්‍රියාලා ඒ වගේම අර පඩත්තර පත්තරයත්. අන්තිමට සමහර බ්ලොග් පෝස්ට්කටු සිංදු සාගරයක් වෙද්දී මේ ගල් බමුණා “සිංදු ඇනෝ“ කියල පොරපයිල් එකක් කුද ගහගත්තා. එතැනින් පස්සේ ඕනම බ්ලොග් එකකදී කතාවට හෝ සිද්ධියට අදාළව ඉතාම සමීප ගීතයකින් එතැන සරසන්න අපේ මිතුරු සිංදු ඇනෝට හැකි උනා. මේ හේතුවෙන් හුගක් අයට සිංදු වි‍ශේෂයෙන් පරණ සිංදු වලට ඇල්මක් ඇති උනා. කපුගේගේ ඔක්කෝම සිංදු අහල තියෙයි කියල පට්ටපල් බොරු කියපු බ්‍රැසියර් මෙන්ඩටත් අන්තිමට පිළිගන්න උනා මිනිහා අහපු නැති කපුගේගේ සිංදු තියෙයි කියල අපේ සිංදු ඇනෝ නිසා. 

පොඩි හරි දැනුමක්, වින්දනයක් ලැබෙනනවං ඒක කොයි තරං දෙයක්ද මේ බ්ලොග් වලදී. මට පේන විදියට නං සිංදු ඇනෝ ඒ කාර්යය හොදින්ම කළ බවට මාතේ, උපේ, අරූ, හැලපේ හෙම උත්තර බදිවී. හරිම සන්තෝසයි. ඒක නිසා සිංදු ඇනෝට මගේ ගෞරවය හා ස්තුතිය පුද කරනවා අපේ ම කොටසක් වීමට කටයුතු කිරීම පිළිබදව. ඕං ඒක නිසා මං සිංදු ඇනෝට ලව් හොදේ.. උම්මා.

දැං ඉතිං කියහල්ල ඔය කැහුට්ටා ගැන බොලාට කියන්න තියෙන දේවල්.. කෙලින්ම කියන්න. ආයේ රෙදි මොකටෙයි... හැක්.. හැක්.. yela yela''


මේ ගීතය අපේ සිංදු ඇනෝට උපහාරය හා මගේ ලව් එක පිණිසයි


මා ඔබත් එක්ක සුහද කතාවක්

ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් 
තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා 
කියල කියනවා

මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා 
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා 
යමුද අහනවා

සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
තරු මාත් එක්ක ප්‍රේම කතාවක් 
වරදක් නැහැ කියනා 
කවුරුත් නොම එයි සිතෙනා 
සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා 
එන්න අහනවා 

මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

202 comments:

  1. නොසිඳෙන ගීත ආකාරයක් බඳු සින්දු ඇනෝ සිංහල කමෙන්ට් කලාවට ආභරණයක් වැනි අයෙක් බව කිවයුතුයි.ගැදියෙන් පත්තර මල්ලි යම්සේද ගීතයෙන් සින්දු ඇනෝ ඒ තැන ගන්නවා.ඔහුගේ රසවත් ගීතවලින් කමෙන්ට් කලාව බොහෝ කල් සරසන්නට සිංදු ඇනෝට හැකිවේවා.
    ඒක නෙවෙයි,ඌ කැහුට්ටෙක් කියල උඹ කොහොමද දන්නෙ.දැකල තියෙනවැයි ?

    ReplyDelete
    Replies
    1. හැලපයියෙ .. උගේ ඔලුවෙ තියන සිංදු කන්දරාවෙ හැටියට මං හිතන් නෑ සිංදු මචංට උගෙ වයිෆ්ගෙ නම වත් මතක ඇති කියලා … වයිෆ් ගෙ නම ඇහුවොත් ඌ කියයි

      " මගෙ නාමලී " කියලා :D :D

      Delete
    2. හැඩ රුවින් නෙත පුබුදු වේ නම් 
      සුවඳ පවනට හාදු දේ නම් 
      පිපී හිනැහී පරව යා නම් 
      මලට කුමකට වාසගම්

      පොළොව සනහා වැසි වසී නම් 
      ගලා ඇළ දොළ වැව් පිරේ නම් 
      තෙමා කෙත් බිම් සරු කෙරේ නම් 
      කුමට යල මහ කල් බැලුම්

      සොඳුරු දෑසින් ලොව දකී නම් 
      මිනිස්කම ලියලා වැඩේ නම් 
      හදේ සෙනෙහස ජනිත වේ නම් 
      නොවෙ ද අප ලේ නෑසියන් 

      ගී පද - පුජ්‍ය පල්ලේගම හේමරතන හිමි 
      ගී තනු - විශාරද නීලා වික්‍රමසිංහ 
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
    3. ඇත්ත බං හැලපයියේ. මේ වගේ අය නිසා තමයි බ්ලොග් වලදී අර අපුල නැති වෙලා යන්නේ.. කැහුට්ටා ඉතිං උගේ මල්ලි නේ බං..

      ඔය තියෙන්නේ සිංදු නෙව

      Delete
  2. අනේ බන් මම හිතන් හිටියේ ඌ අර ඇනෝ කමෙන්ට් දාලා ලින්ක් එකක් එහෙම දාලා යන රොබෝ ඇනෝ කෙනෙක්ගේ මල්ලි කෙනෙක් වෙන්න ඇති කියලා.. ඇයි බන් මේ යකා ඩිං ගාලා සිංදුවක් දෙනවනෙ ඉල්ලන පරක්කුවෙන්.. එක්කො ඕකා ඔය මොකක් හරි එෆ් එම් නාලිකාවක ගිරා පෝතකයෙක්ද දන්නෙත් නෑ...

    කොහොම වුනත් ඌ අදහන්න ඕනා පොරක්. බ්ලොග් කලාවට අලුත් දෙයක් එකතු කරපු එකෙක්..

    ඌට ජය !!

    ReplyDelete
    Replies
    1. එෆ් එම් නාලිකා වල ගිරා පෝතකයන් දන්නේ සින්දු දෙක තුනයි, එකම කරකවනවා එහෙමත් එෆ් එම් එකක තමයි හොද පරණ සින්දු යන්නේ...

      Delete
    2. ඊළඟ භවයේ හමුවන්නේ අපි
      කොහොම ද කොතැන ද කවුරු ලෙසේ
      හඳුනා ගන්නේ කෙළෙස ද අපි අපෙ
      සතුරන් මිතුරන් නෑදෑයෝ...

      මේ භවයෙත් එය වටහනු බැරි වී
      අපි අප ඇසුරෙහි පසුවන්නේ...
      එනමුත් සේරොම විහාර මළුවෙදි
      එක පහනෙහි තෙල් පුරවන්නේ...

      අපි අප කවුදැයි යළි උපදින දා
      හිරු සඳු පමණ ද ළඟ ඉන්නේ...
      කුල මල ආගම් බෙදී බිඳී ගොස්
      ඇයි මිතුරන් සතුරන් වන්නේ

      ගේය පද: ප්‍රේමකීර්ති ද අල්විස්
      ස්වර නිමැවුම හා ගායනය: වික්ටර් රත්නායක

      Delete
    3. මේ හාදයාගේ මොලේ ගුගල් වගේ වැඩ කරන්නේ.. නැතිනං කෝමද බං ඔච්චර ගොඩක් හොයාගන්නේ.. හැක්..

      Delete
    4. විකිපිඩියා එකත් සිංදුවයි පත්තරේ ගැන විස්තර දානවලු..
      මහාවංශයෙත් පරිච්චෙදයක් වෙන්කරලලු.

      Delete
  3. ඒකෙන් මේකෙන් දේශගෙ සමරිසි බාවයත් ලෝකෙට හෙලි වුනා ඕන්....මූ දැන් කොල්ලන්ට/මිනිස්සුන්ට සිංදුත් දානවා... :)

    ReplyDelete
    Replies
    1. මම කියන්න ආ‍වෙ++++++

      Delete
    2. මලේ මටත් හිතයි කරන්න ආදරේ
      තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ
      සුවඳ හමන මලයි නුඹ මගේ

      තනි යහනේ නිදි නොලබා තැවුණු යාමයේ
      සිහිනෙන් මෙන් අවුදින් නුඹ සෙනෙහස පිදුවේ
      තනිකම මගේ එදා නිවුණා එදා ප්‍රේමියේ
      සුවඳ සලන මලයි නුඹ මගේ

      සුවඳ මලේ පිපිලා නුඹ ජිවිත උයනේ
      අවදිකලා මගේ යව්වන වසන්ත කාලේ
      තනිකම මගේ සිතේ නිවුණා එදා ප්‍රේමියේ
      සුවඳ හමන මලයි නුඹ මගේ.

      ඔන්න දේශාගේ ලව් සෝන් එක ...:D

      Delete
    3. මලට නොඑන බඹරු !!! :D :D

      Delete
    4. සමරිසි වලට අපි කවදත් විරුද්ධත් නෑ පක්ෂත් නෑ.. හැක්..

      Delete
    5. මටත් හිතුනේ මේකම තමයි.

      Delete
    6. හැක්.. අර බෙන්තර ගගේ කතාව ඇත්ත වෙනවා දැං..

      Delete
    7. මගෙ කමෙන්ට් එකත් සෙන්නගෙ කමෙන්ට් එකම තමයි.

      Delete
    8. methana samarisikama hithichcha haema ekaama samarisiyo.....
      kalabalawenna epa mEka nisaa noweyi ubala liyana widhiyata thamaa mata ehema hithune

      Delete
    9. දීපල්ලකෝ ඉතිං ඇනෝට උත්තර..

      Delete
    10. ඇනෝ, උඹට මම ලියපු කොයික නිසාද බන් මම ගැන එහෙම හිතුනෙ... ගාර්ඩිලියෝන් කෝච්චි ඇක්සිඩන්ට් එක නිසාද ?? හෙහ් හෙහ්..

      උඹ හරි, මමත් සමරිසි තමා.. හැබැයි ස්ත්‍රී සමට විතරයි හරිද... හෙහ්.. :D

      දේශා ඔහොම ඇත්ද බන්.. ?

      Delete
    11. ඔිවා ඉතිං බොලාම බේරගනිල්ලා.. මම මක්ක කරන්නද// සමරිසි කියල වචනේ කිව්වත් සමරිසි වෙන්න පුළුවන්.. හැක්..

      Delete
  4. හැම බ්ලොග් එකකම වගේ කමෙන්ට් එකට සිංදුවක් දාන අතරෙම තමන්ගෙම බොගකුත් පටං ඇරං කැටගරයිස් කොරාපු ලිරික්ස් එකතුවක් දැමීමට සිංදුවාට ශක්තිය ධෛර්යය ලැබේවා!!! ඌව චූන් කොරන්ට දේශාටත් මොකක්ද එක ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවා. සිංදුවාට කාලයක් අප සමග සිටීමට ශක්තිය ලැබේවා..

      Delete
  5. ඇ‍නෝ කිව්වම මට නං මතක් වෙන්‍නෙ අර මගේ යාළුවව

    ReplyDelete
    Replies
    1. ඒ ඉතිං බොලාගේ පෞද්ගලික විසේස යාළුවෝ නෙව.. සිංදු ඇනෝ එහෙම නෑ හැම තැනම හැම විටම.. හැක්.. ඌ දැක්කෙත් නෑ කාලෙකින්. මිනිහාගේ පොට්ට කැබරාව තියේද දන්නෑ..

      Delete
    2. මිනිහ ගැන සිංදුවක් නැද්ද?

      Delete
    3. මේ තියෙන්නේ ...

      කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
      එතන තමයි මා හට ඇති විනෝද උයන
      ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
      කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන

      ගායනය - ඇන්ටන් ජෝන්ස්

      Delete
    4. එළ එළ ප්‍රා.. හැක්.. මීටර් වෙන කොට හිනා කටයි..

      Delete
  6. @ සෙන්නා
    //නේ බන් මම හිතන් හිටියේ ඌ අර ඇනෝ කමෙන්ට් දාලා ලින්ක් එකක් එහෙම දාලා යන රොබෝ ඇනෝ කෙනෙක්ගේ මල්ලි කෙනෙක් වෙන්න ඇති කියලා.. //
    හා..හා.. කට. ඔයා මෙහෙම කියලා තියනවා ඔය කියන ආතල් ඇනෝ (රොබෝ ඇනෝ) දැක්කොත් එහෙම තර්ජනය කරයි ආයි ඒ ජාතියෙ කමෙන්ට් දාන්නෙ නැ කියලා... ඊට පස්සෙ කස්ටියගෙන්ම දෝස්මුරයක් අහගන්නත් වෙයි. කළින් ඇනෝවෙකුට ඔය ජාතියෙ සීන් එකක් වුනා .

    ReplyDelete
    Replies
    1. නයිදේ,

      නෑ නෑඑ මම කිව්වේ ආතල් බෝතල් ඇනෝ ගැනන් නෙමේ බන්.. අර ඇනෝ කමෙන්ට් වැටෙන්නෙ...ඉංග්‍රීසියෙන්.. අර බිත්තියත් ලියලා තිබුනේ අන්න උන් ගැන... බොකද මූ ඩිග් ගාලා ලඟින් යන සිංදුවක් දෙන නිසා නම් ගම් වාසගම් සහිතව.. ඔය වැඩේ කරන්නනම් ඌ රෝබෝ කෙනෙක් වගේ වෙන්න ඕනා...

      හෙහ් හෙහ් දෝස් මුර වලට බය වෙයි අපි...

      Delete
    2. නයිදේ ඒක දන්නැතිව ඇති.. එකපාරට කිසිම හේතුවක් නැතිව එක එක ලින්කටු එල්ලපු ඇනෝ ඉංගිරිසි, කොරියන්, චීන් කමෙන්කටු එනවා ඕසෙට.. ඔන්න ඕක ගැනයි සෙන්නා කිව්වේ.

      Delete
    3. සෙන්නා
      මම හිතුවෙ උඹ කියන්නෙ ආතල් දෙන බෝතල් ඇනෝ ගැන කියලා. ඔය කියනඇනොඅගැන දේශකයා කිව්වත් වගේ මම දන්නෙ නෑ...

      Delete
    4. පැතුම් ගේ බිත්තිය බලන්න..

      Delete
  7. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. හයියෙක් හුවක්. කෝ දින්නද කෝ දින්නද?? ආවා මෙතන.. හැක්..

      Delete
  8. ඔක්කොටම කලින් දේශාට මගේ සැලියුට් එක. සුදුස්සාට සුදුසු තැන ලැබිල තියෙනවා. අපේ සිංදු ඇනෝට ලැබිය යුතු උපහාරය මේ විදියට පුදකලාට දේශකට ඇත්තෙන්ම ස්තූතියි.

    මීට කලින් දවසකත් මං කිව්ව වගේ සිංදු ඇනෝ නිර්මානය කලේ බ්ලොග් ලෝකය තුල උපසංස්කෘතියක්. ඇනෝගෙ ගී පරාසය පුදුමාකාර විහිදීමක්. නවසිය හතලිස් ගනන් වල ඉඳල 2014 වෙනකල් තිබුන ඕනි ගීයක් ඔහුට තත්පරෙන් මතක් වෙනවා.

    ඔහු අපේ බ්ලොග් ගීත වලින් සරසනවා. අලුත් වටිනාකමක් ලබල දෙනවා. කියන්න වචන නෑ, ඔහු ගී උල්පතක්. හයියෙන් කිවිසුමක් ගියත් සිංදුවාට සිංදුවක් මතක් වෙනවා.

    සිංදු ඇනෝ, උඹට ජය!
    දේශක, උඹට ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. //හයියෙන් කිවිසුමක් ගියත් සිංදුවාට සිංදුවක් මතක් වෙනවා./ +++++++++++++++++++ ඊයෙ අර වාතය ටත් සිංදුවක් කියපු මනුස්සයානෙ! :)

      Delete
  9. මට උහුලන් නෑ බොලව්.. :D :D

    අපේ ෂිංදු ඇනෝ බොක්කාට රෙෂ්පට් එක දුන්න දේශාට මේං පත්තරයා ඩබල් සැලියුට් ,බඩ පිණුං,හිටි පිණුං,කොන්ඩිත්තං,බ්‍රේක් ඩාන්ස්,තම්බ්ස් අප්,සේරෝම දුන්නා එකෙන්ම..

    සිංදුවාගෙන් මං දවසක් මෙහෙම ඇහැව්වා..
    උඹ ලියන සමහර ලිරික්ස් නෙට් එකේ නෑ ?????
    " අනේ ඔව් බං. මං නැති ඒව අහගෙන ලියලා දානවා "
    මං ඌ ගැන අදහස අතෑරියා :D හුකෑස්

    සිංදු ඇනෝගේ
    බ්‍රෑන්ඩ් එක ගල්
    ~ •° ස් තු ති යි °•~

    ReplyDelete
    Replies
    1. වනේ වන සතුන්ටත් වැඩි රුදු තුඩිනී
      ඇනී මිනිස් දළ තැවෙනා සඳ සොවිනී
      අමාවකට පෑයූ පුන් සඳ ලෙසිනී
      ඔබේ දැකුම අප පින් කළ පෙර නිමිතී

      මිතුරු තෙමේ කුමටද සැපයෙහි පැවතී
      මිතුරු සෙනේ කුමට ද විපතෙහි නොමැතී
      මිතුර ඔබය දුක සැප දෙකෙහිම පැවතී
      ඔබේ ඇසුර අප පින් කළ පෙර නිමිතී

      දිවි කතරේ දැවුණා තුන් යාමයක
      පිය මිතුරේ ඔබ දුන් දිය සීනයෙක
      මතු සසරේ යම් උපදින කාලයක
      ඔබ ඇසුරේ උපදිමි හැම වාරයක

      ගී පද - ධර්මසිරි ගමගේ
      ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ 
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
    2. කොච්චර කැප කිරීමක් ද බං ඒක.. උඹ දැක්කද මම දාලා තියෙන සිංදුව. මොකක් හරි මගුලක් ලැබුනා.. කැපුවා දැම්මා.. ඒ වගේම මේකා දාන සිංදු..

      Delete
    3. ගෝලීප් විය යුතුයි මෙන්ඩෝ.

      Delete
    4. දෙකක් දලා ඉවර නම් බිඩියක් හරි පත්තු කරපං

      Delete
    5. " මල් " කැකුළකට ආදරෙයි කියන්න
      තහනම් ඇයි පුංචි සමනලුන්ට :D

      Delete
  10. සිංදු ඇනෝ ඔබ වෙනුවෙන්...

    ඔබ මට කුමුදෙක් මැයි
    ලා සඳේ රෑ පිපී ආ..,
    ඔබ මට ගඟුලෙක් මැයි
    සා පිපාසා නිවා ආ..,
    ඔබ මට පහනෙක් මැයි
    මාසේ පෝදා දිලී ආ.,
    ඔබ මට පවනෙක් මැයි
    ගිම් සමේහී හමා ආ

    ඔබ මට පැණසෙක් මැයි
    මා දෙසේ දොස් දකින්ටා
    ඔබ මට අවියෙක් මැයි
    ඒ දෝසේ මුල් සිඳින්ටා
    ඔබ මට බුදදස් මැයි
    රෝග පීඩා සොයන්ටා
    ඔබ මට ඔසුවෙක් මැයි
    රෝ නිධානේ තබන්ටා

    පද රචනය : සුනිල් ආරියරත්න
    තනුව හා ගායනය : නන්දා මාලිනී

    ReplyDelete
    Replies
    1. සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ
      කෙනෙකුට සිතුසේ ලබනු බැරී
      බිතු සිතුවම් රූ මිතුදම් මෙයමද
      සසර පුරා බිඳ දමනු බැරී

      නුඹෙ රුව දෙනෙතට රසඳුන් වේමය
      දුටු තැන ඇසිපිය හෙලනු බැරී....
      කුසුමකි නුඹෙ සිත සුවඳින් උතුරන
      රහසේ සඟවා තබනු බැරී

      අමයුරු තෙපුලද සුමියුරු ගීයකි 
      නොඅසා මොහොතක් හිඳිනු බැරී.....
      නිරුදක කතරේ දිය දෝතයි නුඹ
      කෙලෙසින් වත් මිල කරනු බැරී

      ගී පද - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි.
      ගී තනු - වික්ටර් රත්නායක 

      Delete
    2. ඈත කඳුකර හිමව් අරනේ
      සීත චන්දන ළපලු සෙවනේ
      සුළං රැල්ලේ පාව එන්නේ
      ඔහුගෙ නාමය වේ....

      මහගමසේකර

      Delete
  11. එක දවසක් පඩත්තලයෙක් සින්දු ඇනෝට එගේන්ස්ට් කොමෙන්ට් එකක් දාලා තිබුනා. එදා සින්දූර්ට දුක හිතුනා.. ඒත් මම කිව්වේ සින්දූර් අනිවාර්යයෙන් බ්ලොග් ළෝකේ ඉන්නම ඕන එකෙක් කියලා. සින්දූර්ගේ ටැලන්ට් එක තමයි පෝස්ට් එකේ කතාවෙන දේ ගැන "ටක්" ගාලා සින්දුවක් හොයලා දාන එක. ඒක හැම එකාටම කරන්න බෑ. සින්දූර් නිසා ගීතයටත් බ්ලොග් ළෝකය තුල වටිනාකමක් ලැබුනා. බ්ලොග් වලටත් එළියක් ලැබුනා. "සින්දූර් කියන්නේ සින්දු විශ්වකෝෂයක්"..

    ඒ වගේම රහම රහ කොමෙන්ට් දාන, පත්තරේ, බෝතල් ඇනෝ, සොමියා, චිත්‍රපට විචාර ඇනෝත් අමතක කරන්න බෑ..

    ReplyDelete
    Replies
    1. කැපිලි කෙටිලි කේළම් කොටවන්න කියන බේගල්
      බේද බින්න කරන්න හදති
      කකුලේ නිය පොත්තෙන් උඩ ගන්නේ නෑ ඇත්තෙන්
      ඇටෙව්වාට උගුල් පලංචි
      අවි ගත්තොත් ලෝකේ අවියම දේ සෝකේ
      අපි ලඟ නෑ කොටවන සවිය
      ඇත්තට අත පෑමෙන් ශක්තිය ඉවසීමෙන්
      සමගිය වේ අපගේ සවිය......//

      දැලට කොටු වු දවසේ වටුවො රැලට වූදේ
      මතක නැද්ද නොඉන්න දුක් වී
      සමඟි සාමදානේ දම් සීල භාවනාවේ
      අගය රටට කියන්න එක් වී...
      අගය රටට කියන්න එක් වී....

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
      ගායනය : තණකොළපෙත්තාස්
      (දොස්තර හොඳහිත ගායක කණ්ඩායම)

      Delete
    2. අනිවා අනිවා මාතේ.. එහෙම හැකියාවක් ලේසියෙන් ලැබෙන්නෑ..

      Delete
    3. අඩේ ... මට පිස්සු හැදෙනවා අප්පා.... මම ආසම සින්දුවක්!!!

      Delete
    4. මමත් දවසක් කුනුහරැප කියන ඇනෝ කෙනෙකුට කිව්වා
      බලපන් අපේ සිංදු ඇනෝ...
      ඌ අපිට පෝස්පෙට් නිධියක්..

      Delete
    5. ඔය මියුසික් එක ඇහුනත් ඇති ඒ දවස් වල. සෙදි ගලවන් දුවන්නේ බලන්න..

      Delete
    6. ටයි මාමගෙ ෆ්ලෑෂ්බෑක්ලා :D

      Delete
    7. බෑග් එකේ කස්ටිය නෙව...

      Delete
  12. දේශකයෝ උඹ කලින් පොස්ට් එකේදී මම ගැන ලියනවා කිව්වම මම හිතුවේ ඒක විහිළුවක් කියලා .මචෝ මාව කරකවලා අතැරලා දැම්මා වාගේ මේක දැක්කම .බොහොමත්ම ස්තුතියි ලොක්කා ....
    පත්තරේ සහ මනෝගේ පෙරැත්ත නිසා තමයි මම මේ නමින් ආවේ ...ඒ නිසා උන් දෙන්නටත් ස්තුති කරනවා ...

    මාව පිළිගත් හැමෝටම බොහොමත්ම ස්තුතියි ...........

    බ්‍රෑන්ඩ් ඒක ගල් .....

    ආවේ කාගේ කවුදෝ
    වාසේ දේසේ කොහෙදෝ
    නෑ නෑ වංසේ සෙව්වෙ
    කාගේ කවුදෝ කිව්වෙ
    කාලා බීලා සාමෙන් ඉන්නේ
    අපි කාලා බීලා සාමෙන් ඉන්නේ....

    තරම තිරම මොටද හොයල බලන්නේ
    ලෝකෙ මිනිස්කමයි වටින්නේ
    හිංසා... හිංසා...
    පීඩා... පීඩා...
    වංචා... නෑනේ...
    දෛවේ තාලේ කවුරුද දන්නේ
    අපේ දෛවේ තාලේ කවුරුද දන්නේ...

    කහළ ගොඩක නොවෙද මැණික උපන්නේ
    මාලෙ බැඳල එය ගෙල ලන්නේ
    වාදේ... වාදේ...
    බේදේ... බේදේ...
    ඕනෑ... නෑනේ...
    ඒ හින්දා අපි පැදුරෙ ලගින්නේ
    අද ඒ හින්දා අපි පැදුරෙ ලඟින්නේ...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : සරත් බාලසූරිය
    ගායනය : ප්‍රියා සූරියසේන, ලක්ෂ්මන් රොද්‍රිගෝ සහ බන්දු රණසිංහ

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපන් , මෙතනදිත් හරියනම සිංදුව මතක් උනේ උඹට.

      Delete
    2. මචං උඹට ජයම වේවා !

      Delete
    3. මුවින් මුවග ගී සර ප්‍රතිරාව නැගේවා
      සිතෙන් සිතක ගී රස ගංගා ඉතිරේවා
      නෙතින් නෙතක ගී ලියැවේවා
      ගී හඞින් මිනිස් ලොව සුවඳ ගෙනේවා …

      බිඳුණු පැතුම් සොයා තැවෙනා
      දෙසිතක දුක් ගීය නිවාවා
      උරග වෙසින කිපී නැගෙන
      හැඟුම් නිවා ගී රැව් දේවා
      රස මියුරු සරින් ලොව සැරසේවා …

      බෙදෙන බිඳෙන ලොවේ විපත
      ගී සිය දහසෙක ලියැවේවා
      විහඟ සරින් ලොවට ඇසෙන
      ගීයෙන් මහ පොළොව නිවේවා
      ගී ස්වරය අරුණ කිරණ සදාවා …

      ගායනය- සුනිල් එදිරිසිංහ

      Delete
    4. සින්දු කියලා අපි හොයාගත්ත සල්ලි
      අද කුඩුවෙනවා මල්ලි
      පන් මල්ලට දාගත් පොඩි බඩුකෑලි
      ඈයි මිල වෑඩි මුදලාලි
      අපි කන හෑටි ලිපවත් දන්නෑ නන්ගි
      හිටියට අපි හිට් වි
      සන්ගිතෙන් අපි හොදටම නසරානි
      මේ කාලාවෙ හෑටි

      -සිදුව සකුරා -

      Delete
    5. ඕක මොකක්ද බං.. හොදට ඉන්න කොට අපිත් සලකනවා කව්රුත් සලකනවා.. මටයි සන්තෝස උඹව අදුරගන්න ලැබිච්චි එකට..

      Delete
    6. සින්දු ඇනෝ කමෙන්ට් එකක් පොඩි කතා කෑල්ලකුත් දාලා තියනවා මේ දක්කමද කොහෙද මමනම්. ජයම වේවා !!!

      Delete
    7. සයිරි ගාවටත් ආවනං ලස්සන සිංදු ටිකක් දේවි මේ යෝදයා.. ඔව්..

      Delete
  13. ඇත්තටම උඹ මේ කල වැඩේනං නියමයි දේශා.
    අනුන්ට කුණුහරුප කිය කිය තිබුණ ඇනෝ කලාව වෙනස් කරපු දෙන්නෙක් තමයි අර රාජ්ගෙ ආතල් ඇනෝ යි මේ සින්දු ඇනෝයි.

    සින්දු ඇනෝ වෙනුවෙන් මම දැක්ක හොඳම කොමෙන්ට් එක මේක.
    sanjeewa mendisSeptember 17, 2014 at 11:21 AM

    යකෝ උඔගේ පෙකනිවැල කැපුවේ රෝඩියෝ එකක් උඩ තියලා සිඩි එකකින්ද?
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. රාජ්ගෙ බෝතල් ඇනෝ වෙන්න ඕන.

      Delete
    2. පාට පාට මුහුණෙ උලා
      සිනහ පැළෙන කිකිණි හලා

      පාට පාට මුහුණෙ උලා
      සිනහ පැළෙන කිකිණි හලා
      වැදි ගැමි නාගරික වෙසින්
      රඟ පෑවත් නොයෙක් ලෙසින්
      මොකටද හිත තිගැස්සුණේ
      අපි කවුරුත් මිනිස්සුනේ...

      පැය විසිහතරකට ගැතී
      දවසින් දවසකට නිතී
      ජීවත් විය යුතු හින්දා
      මුහුණට මුහුණක් බැන්ඳා 
      නෙතින් නෙතක් ඇත පිනවා
      මනුස්සයෝ රඟ දෙනවා...

      එක අහසයි එක පොළොවයි
      එක හිරු සඳු දෙන එළියයි
      නොයෙකුත් වෙස් මුහුණු බැඳන්
      නැටුවත් හැමතැන ම ඉඳන්
      ඉරණමකට පෑගිය හැකි 
      ජීවිතය ම ජෝගියකී...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : වින්සන්ට් ප්‍රේමසිරි
      සමූහ ගායනය : වික්ටර් රත්නායක, ෆ්‍රෙඩී සිල්වා, සී.ඩී.ෆොන්සේකා සහ වින්සන්ට් ප්‍රේමසිරි

      Delete
    3. //කුණුහරුප කිය කිය තිබුණ ඇනෝ කලාව වෙනස් කරපු දෙන්නෙක් තමයි අර රාජ්ගෙ ආතල් ඇනෝ යි මේ සින්දු ඇනෝයි.// ++++++++++++++ අත් දෙකම ඔසවා එකඟ වෙනවා. ඔව්! එකෙන්ම.

      Delete
    4. අනිවා ප්‍රසා.. උඹල කමෙන්ට් කලාව දිගටම පවත්වාගෙන යන්න උදව් කරපු අය. සිංදු පත්තරේ බෝතල් නව මානයක් ගෙනාපු උන්..

      Delete
    5. ඇයි ප්‍රසා...අපේ පත්තෙරේ බ්‍රැන්ඩ් එක ප්‍රෙමොට් කරන්නේ

      Delete
    6. ඌ ගුටි කාපු එකෙක් නේ බං..

      Delete
  14. සින්දුවෙන් කර විකසිත
    පුබුදුවා අප ගත සිත
    සින්දුවා නුඹ හිතවත
    පට්ටයි උඹ දාන මත

    කාටත් වෙලා හොඳ හිත
    සින්දුවට දී අත හිත
    පද වැල් සොයා දස අත
    ගෙනාවට තුති පුදා ඇත

    :D

    ReplyDelete
    Replies
    1. සබඳ අපි කඳු නොවෙමු
      උනුන් පරයා නැ‍ඟෙන
      සුනිල දිය දහර වෙමු
      එකම ගඟකට වැටෙන...

      වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
      සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින...

      නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
      සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන...

      ගායනය - ගුනදාස කපුගේ

      Delete
    2. සබඳ අපි අපිම වෙමු
      උනුන් උර දී නැගෙන........

      ජයවේවා.

      Delete
    3. ස්තුතියි සොමියා සිංදුවට දුන් උපහාරෙට..

      Delete
    4. සොමියා
      එල ද බ්‍රා..
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    5. තැන්කුයි බ්‍රන්ඩා..

      Delete
    6. අඩෝ බෝක්කෙන්ම කැමති මෙ නමට ...
      බ්‍රන්ඩා..

      Delete
    7. බ්‍රන්ඩා. බ්‍රෙන්ඩා. බ්‍රාන්ඩා.. බ්‍රාමැන්ඩා.. ඔන්න බොට දානන් නං ඕන තරං.. හැක්

      Delete
    8. අපේ අයි ටි කාරය හම්බුන ගමන් පොප්‍රයිල් එකේ නම වෙනස් කරනවා.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. මෙන්ඩා මචන් මෙන්න උඹේ මාමා ලියපු කවි වගයක් ....

      කොට දිග මහත රවුමට උල් වෙච්ච තන
      ගැටවර අලුත් හා කල් ගිය පැරණි තන
      වට මැන ගන්න මහ රජගෙන් ලැබුණි අණ
      පොට ඔසරිය මෑත් කර පෙන්වන්න තන

      හිර කර ඇතත් තන පට තද කරම බැඳ
      දුරටම මට පෙනුනෙ නුඹෙ රන් තැඹිලි කඳ
      කරදර කරති මට මාගේ කිපුණු මද
      තරහද මාත් නාගත්තොත් එකට හිඳ

      කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන
      ලොට තන දෙකක් සලුපටකින් වසාගෙන
      තඹත් පිත්තලත් දෙවගේ පැළඳගෙන
      රොඩී කෙල්ල කොයි යනවද උදෑසන

      රන් කොතලේ රන් උකුලේ තබාගෙන
      රන් කුඹු දෙකක් සලු පටකින් වසාගෙන
      රිදිත් රත්තරන් දෙවගේ පැළදගෙන
      මල් මද බිසව් කොයි යනවද උදාසන

      ජනකවි - අන්දරේ

      Delete
    11. හැක් හැක්.. මේවා නං මැන්ඩාටම කියාපු කවි..

      Delete
  15. සින්දු ඇනෝ ගැන කොමෙන්ටු වලින් අහල තිබ්බට අද තමයි දැක්කේ.... :D

    ReplyDelete
    Replies
    1. එහෙනං ඔය පාර සිංදු ටිකක් අහගන්න ඇහැකි. සිංදුවා මේ කොල්ලවත් අල්ලගෙන සිංදුවක් කියමුද??

      Delete
  16. සින්දු ඇනෝ ගැන අටුවාටිකා කියන්න අවශ්‍ය නෑ....සිරා කොලුවා ඉතා විශාල පරාසයක සිංහල සින්දු ශ්‍රවනය කරලා තියෙනවා සහ තවමත් අහනවා...නමුත් මම කවරදාකවත් අහපු නැති ගීත සින්දු ඇනෝ මගේ බොගට අතඅරිනවා දැක්කම මටත් පුදුමයි....ඕනෙම කෙනෙක්ට ජාලෙන්ම කොපි කරලා සින්දු කමෙන්ට් විදියට දාන්න පුලුවන්...නමුත් ගීතයේ පිටිපස්සෙ ඉන්න තුන්දෙනාගෙ නම් සමගම මේ වැඩේ කරන එක ගැන සින්දු ඇනෝට අපේ ආචාරය පිළිගන්වන්න අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ ජාලෙන් කොපි කරලා කමෙන්ට් දාන බවක් නෙමෙයි මම අදහස් කලේ...ජාලයේ කිසිම තැනක ගීතයේ පද රචකයා සහ සංගීත නිර්මාණකරුවා ගැන සදහන් වෙන්නෙ නෑ ගායකයා හැර...මගේ කමෙන්ටුවෙන් වැරදි අරුතක් එන්නට පුලුවන් කියලා හිතුන නිසයි මේ ටික කෙටුවෙ... සින්දු ඇනෝට ජය වේවා....

      Delete
    2. බොට ස්තුතියි සිරෝ. ඒක නිසයි වටිනාකම වැඩි. ඇයි සමහරක් වෙලාවට දාන්නේ යුටියුබ් ලින්ක් හිටං...

      Delete
  17. දේශ, බ්ලොග් ලියන උන්ට වටින්නෙ කමෙන්ට්. ඒ අතරින් මටනං "පට්ට, බුදු සිරා, අම්මට සිරි මාරයි, පිස්සු කොර" වගේ මුරුංග කමෙන්ට්ස් වලට වඩා, පෝස්ට් එකේ අගය වැඩි කරන, වැඩි කරවන කමෙන්ට්. අන්න එහෙම කමෙන්ට් කරන උන් අතරට, අමුතුම කමෙන්ට් කලාවක් ගෙනවෙ සිංදු සහ බෝතල් ඩබල. බෝතල් හැමදාම එකම දේ කිව්වත්, උගෙ අවංක ආත්මප්‍රකාෂනය නිසා ඒකට කවුරුත් කැමතියි.

    සින්දු කියන්නෙ ඊට වෙනස් චරිතයක්. මූ කමෙන්ට් කරන්නෙ තෝරගත්තු බ්ලොග් එහෙක දෙහෙක නෙමෙයි. ඒ වගේමයි, මේකගෙ ගී පද පරාසය, මොහොදින් බෙග් ඉඳල ෆන්කි ඩර්ටි දක්වාම විහිදෙනව. ඒ වගේම රචකය සහ සංගීතඥයවත් සඳහන් කෙරෙනෙව ගොඩ වෙලාවට.

    අපි හැමෝම සින්දු අහනව. අඩු වැඩි ව්ශයෙන් සිංදු දන්නව, එවගෙ පිටුපස තීන යම් යම් කතාන්තර දන්නව. ඒත් මේ තරම් ක්ෂනිකව, අවස්ථාවකට ගැලපෙන්න සිංදුවක් හොයල දෙන එක ලෙහෙසි පුතයෙකුට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒ අතින් මූ අති විශිෂ්ඨයෙක්!

    සිංදුට මට කියන්න තීන්නෙ එක දෙයයි. හැමදාම දකින කුකුළගෙ කරමලේ සායම යනව වගේ උඹ එක පෝස්ට් එහෙකට සින්දු බර ගානක් දාන එකෙන් උඹෙ සින්දු ගබඩාව හීන නොවුනත්, උඹෙ වටින වැඩේ තීන නැවුම් ගතිය අඩුවෙන්න පුලුවන්. ඒ නිසා, පුළුවන් තරම් දුලභ, අඩුවෙන් ඇහෙන සහ වඩාත් සුදුසු සින්දු එකක් හෝ දෙකක් වගේ දාගෙන යන එකෙන් උඹට කොලිටිය මේන්ටේන් කරගන්න පහසුවක් වෙයි.

    රෑනේ ඉගිලෙන්න ඕනේ
    දෑස පෙනෙනා ඉමේ
    විහඟුන් වාගේ පියාඹා
    පාවි මේ ගං තෙරේ //

    පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
    පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
    පිපි මල් නොතලා පිණිලැල් අතුරා
    සේයා මැවෙනා උදේ

    රෑනේ ඉගිලෙන්න ඕනේ...

    පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
    පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
    දියරැල් අතරේ හැඟුමන් කිමිදේ
    මේ ගී ගයනා හදේ

    රෑනේ ඉගිලෙන්න ඕනේ...

    ගැයුම - මිල්ටන් මල්ලවාරච්චි.

    p/s
    අඩෝ, දේශ. කඩප්පුලි කතා කියන්න තෝ දස්සය කියල මම දන්නව. හිටහන් ඕව පොළී එක්ක රිටන් කරන්න වෙලාවට.

    ReplyDelete
    Replies
    1. << උගෙ අවංක ආත්මප්‍රකාෂනය >>

      ෂුවර්ද ඒක අවංකයි, ආත්මයි කියලා ?

      Delete
    2. මාර වැඩක් අප්පා මට හිතෙන්නෙම ඔය බෝතල් ඇනෝ අපේ මාතයමයි කියල

      Delete
    3. හැමදාම දකින කුකුළගෙ කරමලේ සායම යනව වගේ
      +++++++++++++++++++++++++++++++++++++++++++++

      ඉන්දික බොහොමත්ම ස්තුතියි ලොක්කා උඹේ දිරි ගැන්වීමට සහ හැසිරිය යුතු විදිහ ගැන දැනුවත් කලාට ...බලමු ඉස්සරහට .අනිත් උන් මාව කුලප්පු කරනවානේ මචෝ

      නැවතත් ස්තුතියි .
      බ්‍රෑන්ඩ් ඒක නම් ගල් ..

      දහසක් ඉපදී මිය යන පොළොවේ 
      මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි 
      මා මළ බව මුළු රටට දැනෙන ලෙස 
      මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි

      ගස් ගල් ඇතිවී නැතිවී යන සඳ 
      වන මැද දියවැල් මතුවී වීයැළේ 
      එවන් ගසක් දිය දහරක් වන්නද 
      මවකගෙ කුස තුළ මා පිළිසිඳුනේ 

      මගේ මුවින් එන වදන් වැලක් තුළ 
      අනාගතේ සුබ සිහින රැඳේවා .... 
      මගේ සුසුම් වැල් සුළඟට මුසුවී 
      උදාර ජීවන සුවඳ දැනේවා....

      පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න 
      තනු නිර්මාණය හා ගායනය - විශාරද නන්දා මාලිනි

      Delete
    4. ඉන්දික අයියගෙ අදහසට මමත් බොක්කෙන්ම එකගයි...මමත් අකමැතිම දේ තමයි...පට්ටියි...සිරා ....මල් හතයි වගේ කමෙන්ට් බොරුවට දාන එක....ඒක කියවපු ගමන්ම මම දන්නවා මේ ලිපියෙ පේලි දෙකක්වත් කියවන්නෙ නැතුවයි මේක දාලා මාරුවෙන්නෙ කියලා...

      පත්තරයා මලයා /මෙන්ඩිස් එලද බ්‍රා/ සින්දු ඇනෝ / මේ අය බොගක් ලිව්වෙ නැති උනාට කමෙන්ට් හරහා බ්ලොග් කියවන අයට, බ්ලොග් කියවන්න එන අයට උත්තේජනයක් දීපු අය. ඒ හැල්ප් එකට මගේ සැලියුට් එක...මේ සින්දුව අහලා තියෙනවද බලන්ට....

      සීලවතී... සීලවතී...
      ලිප ගිනි මොලවා ගන්නට හෝ
      බෙහෙතක් අඹරා ගන්ට නොවේ
      වස්තරයක් මහ ගන්නට හෝ
      රාගිනි අවුලා ගන්ට නොවේ
      තරුණ මැදිවියේ පාළු මකන්නට
      යාළු ළඳක් වී වරෙන් මගේ ගෙට
      සීලවතී... සීලවතී...

      රැකලා මරණ සිංහ රාජයෙක් නොවේ මම
      ඇනලා මරණ කුළුමී ගෝනකු නොවේ මම
      විදලා මරණ මනමේ රජෙකුත් නොවේ මම
      රවලා යන්න මා වෙතින් වෙච්ච දෝෂ කීම...

      හිරුටා එපිට සූර්ය දිව්‍ය ලෝකෙන් එපිට
      සඳටා එපිට තාරකා වළල්ලෙන් එපිට
      නුබටා එපිට ඈත සක්වලෙන් බෝ එපිට
      ඊටත් බොහෝ එපිටය මගෙ ආදරේ බොට...


      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : මිල්රෝයි ධර්මරත්න
      ගායනය : ටී. එම්. ජයරත්න

      Delete
    5. @ ඉන්දික

      උඹගේ දැක්ම හරියටම හරි.. සින්දුවා අපිට සම්පතක්. උඹ කිව්වත් වගේ එක පෝස්කටුවකට සිංදු එක දෙකක් දාලා හිටියනං ඇති වගේ. මොකද අනිත් අයත් බමරු වගේ ඒකට ඇදෙන නිසා. අපි ඔහුට ජය පතමු..

      අඩෝ උපයා. උඹ දන්නවද තාත්තලා පොඩි එකාව වඩාගෙන කියනවා මං උඹව ගිලල දානවා කියල.. ඒ තරහටද?? හැක්..

      @ අටමා
      බොට තරං පිස්සුවක් අපේ මාතාට නෑ වගේම වෙලාවකුත් උවමනාවකුත් නෑ..

      සිරාටත් ස්තුතියි අහහස් දැක්වීමට..

      Delete
    6. @ ඉන්දික
      මචන් මේකේ ඉන්න ලෝකේ කාල වතුර බීපු උන් දන්නා ව පට්ට සිරා කියල කොමෙන්ට් එක දාපු ගමන් පොස්ට් එක කියවල නෑ කියල. කොමෙන්ට් එකෙන් ගේම ඉල්ලන එකා තමයි සංවාදය ගොඩනගන්නේ. ඒ සංවාදය තමා අපිව අලුත් පැත්තකට හිතන්න යොමු කරන්නේ.

      Delete
    7. අනිවා ජීවන්. කතාවෙන් වෙනත් මානයක් හොයන්න හැකි විදියට ප්‍රතිචාර දමන ඇනෝ සහෝදර වරු පවා ඉන්නවා.

      Delete
    8. ඉන්දික, ඡිවන්,දේශ්,සිරා,සෙන්නා,අටමා අයියන්ඩිලා
      මම එල ද බ්‍රා කියලා දාන්නේ ඒ තුල මගේ ලෝකයම තියන නිසා..
      එල ද බ්‍රා
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    9. තැන්කුයි බ්‍රන්ඩා..

      Delete
  18. පට්ට පට පට!!

    උඹේ දක්ෂ කම ඇත්තටම පුදුමයක් මචෝ! ආයෙ දෙකක් නෑ. සිංදු ඇනෝ උඹට අපේ උත්තමාචාරය!!!

    උඹ අපිට සම්පතක්!!

    ReplyDelete
  19. වසරේ ජනප්‍රියම තරුව....... පිළිගන්න.......

    සින්දු ඇනෝ.......

    ReplyDelete
    Replies
    1. ඒක ගන්නේ මම. වෙන කාටවත් දෙන්නෑ. හැක්..

      Delete
    2. මෙන්න ඔබට හිමි ත්‍යගය..
      ස්පෝර්ට් බ්‍රා, ඩබල් පුෂප් බ්‍රා, තෝං, පැන්ටි

      Delete
    3. උඹ ගුටි කන්න එපා මෙතන උන්ට අනං මනං කියලා.. හරිද?

      Delete
    4. හිත හොඳින් දෙනවනං මහාමාරිය හරි මොකෝ :D

      Delete
  20. අපිත් ලවු බොල මේ සින්දු ඇනෝ ට..

    ඌ හින්ද බ්ලොග් පොස්ට් එකට අමුතු ලස්සනක් එකතු වෙනවා....

    පත්තරේ ..තරහ වෙන්න එපා මම උඹටත් සහලෝල ලවු බන්..

    ReplyDelete
    Replies
    1. මට නිව්මෝනියා උණ. හැක්.

      Delete
    2. විභියො . එහෙනං මට ගල් බෝතලයක් ඇරං දීපිය !!!

      Delete
    3. මම පරක්කු උනාද මන්දා ...මේ දවස් ටිකේ "නිට්ටඹුවේ " නේ හිටියේ ...

      ස්තුතියි ...

      Delete
    4. ගණං ගන්න එපා. පේනවා නේද බොට තියෙන ඉල්ලුම මෙතැන.

      Delete
  21. අඩේ සිරාවටම සින්දුව දාන සින්දු පිස්සු කොර බං , ලොවෙත් අහල නැති එව්වනේ දාන්නේ ,

    ගුගල් දෙයියගේ ආරස්සාවෙන් ආනු බාවෙන් චිරාත් කාලයක් බ්ලොග් ලෝකේ යෙහෙන් වැජබෙන්ඩ ලැබේවා කියල පාර්තනා කරනව එකෙන්ම

    ReplyDelete
    Replies
    1. ගුගල් දෙයියට එහා ගියපු හැකියාවක් ඌට තියෙනවා අටමෝ...

      Delete
    2. හරි අටං එහනම් ගල් බෝතලයක් දෙන්න

      Delete
    3. උෟ ගාව මේ දවස් වල ධනපාල නැහැලු බ්‍රන්ඩෝ..

      Delete
  22. කොච්චර සින්දු අහලා තිබ්බත් ඒ වගේ අවස්තනුකුලාව සීනු ගැලපීමේ අසම සම හැකියාවක් ලොවෙත් නෑ,,,
    පොස්ට් එකක් කියෝලා කොමෙන්ට් එකක් කොටන්න කලින් මම අනිත් කොමෙන්ට් උඩින් පල්ලෙන් කියවන යනවා..
    එ අතරේ උබේ කොමෙන්ට් මම සම්පුරණයෙන් කියෝනව ඇනෝ...ජිවිතේට අහොඋ නැති සින්දු ඇහුව උබ නිසා..කැපිලි කෙටිලි ගල්මුල් ගණන් ගන්නේ නැතිව අපිත් එක්ක හැමදාම ඉදපන් යාලු

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඒක තමා වැදගත් දේ.. අවස්ථාවට උචිත ගීතයක් කරා හිත මෙහෙයවන එක..

      Delete
  23. යෑස්,,, අයිම් ඕල්සෝ ලයික් හිම් සෝ මච්....

    සිංදු ඇනෝ,, ඔය දේශගේ උම්මා එක ගන්න එපා,,, බාගයක් සැන්ඩි නොකර බිවුවා වගේ තියෙයි ඈ ,

    ReplyDelete
    Replies
    1. නෑ, ඈෂ්ට්‍රේකක් අළු පිටින් ලෙවකෑව වගේ තියෙයි

      Delete
    2. හි හි හි

      Delete
    3. අම්මප බං උපයෝ බොට කව්රුහරි මං ගැන කෙප්පයක් ඇදබාලා තියෙන හැඩැයි. අර පුක නලියද??

      Delete
  24. ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කිව්වලු

    මම ඊයේ දැම්ම යෝධ සංඛ්‍යා හැදෙන විදිය ගැන ගණිතය මුලික මෙලෝ රහක් නැති පොස්ට් එකක්
    මෙන්න මේක සින්දුවෙන් දෙනවා කොමෙන්ට් එක

    සින්දු ඇනෝSaturday, September 20, 2014 12:13:00 PM

    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
    බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා
    ගණන දොළොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
    ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා

    ගායනය - නිහාල් නෙල්සන්

    හැක් හැක් ...

    මචන් මෙලෝ සතෙකුට ඔය වගේ සින්දුවක් ගලපන්න පුළුවන් කියල මම නං හිතන්නේ නෑ
    මූ නං සම්පතක්.

    ReplyDelete
    Replies
    1. මාත් දැක්කා. ඒක දැකල මටත් පුදුම හිතුනා.. චක්කරේ ගැනත් සිංදු තියෙනවා නේද කියල දැකල..

      Delete
  25. සින්දුවාට මගෙත් මෙව්වා එක පට්ටම් පට්ට හැකියාවක් මචෝ උබට තියෙන්නේ ..... උබට ඔය තියෙන හැකියාව 100ක් නම් මට තියෙන්නේ ඕකෙන් 20ක් විතර වගේ තමයි .... මුලින්ම ඔය 20 තියාගෙන මම හිතන් හිටියේ මමත් වැඩ කාරයක් කියලා එත් උබව දැක්කම තමයි මට තේරුනේ මම කොතනද උබ කොතනද කියලා ....... එට පස්සේ උබ ගැන ආව හැඟීම තමයි මෙන්න මෙතන තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. එළම තමා මැලේ.. ඔය තිායෙන්නේ ගින්දර වගේ. පොඩ්ඩක් බලහං සිංදුවා අළුත් සිංදුවක් වත් හදනවද කියලා..

      Delete
  26. සිංදු ඇනෝ කපුගේ ශුරින් ගේ අපිට වැඩිය ඇහුණේ නැති සිංදු ටිකක් මුල් පදය පුලුවන් නම් දාහන් ..මමත් කපුගේ ශුරින්ගේ සිංදු වලට බොහෝම කැමැති ....

    ReplyDelete
    Replies
    1. පුළුවන් නං බලහං මම දැක්කා බ්ලොග් කීපයකම දාලා තිබුනා ඒ වගේ ගීත...

      Delete
    2. සහෝ..මම වගේ ඇදගෙන නාන්න නම් එපා..ඔික කියයි කපුගේ කියන්න හිතාගෙන හිටපු සිංදුත් එක්ක.
      සුමනෝ...සුමනෝ

      Delete
    3. අනිවා අපි අහලම නැති සින්දුවක් දේවි...

      Delete
    4. මෙන්ඩෝ

      කපුගේ කියන්න හිතාගෙන හිටපු ෂිංදු :D :D

      Delete
    5. කපුගේ නෙමෙයි ඕන එකෙක් කියනන් හිතපු සින්දු.. හැක්

      Delete
  27. මටත් ඔය වගේ පුරුද්දක් තියෙනවා. ඒ ගැන මම බ්ලොග් එක පටන් ගත්ත මුල් කාලේ පොස්ට් එකක් පවා දැම්මා. මගේ බ්ලොග් එකේ ගැජට් වලට දාලා තියෙන්නෙත් සිංදු වල කෑලි. මේකා මගේ බ්ලොග් එක පැත්තේ තාම ගෑටුවේ නැති වුණාට, හැකියාව සහ නිර්ව්‍යාජ භාවය දැක්කම ඇති වෙන්නේ පුදුම ලෙන්ගතු කමක්. මගේ ගැජට් වලට නම් දැමිල්ලෙදී මං කොර වෙච්ච තැනක් තියෙනවා. ඒ කාලේ මම විවෘත්ත ආරාධනයකුත් කළා, ඒ ගැජට් එකට සින්දුවක කෑල්ලක් හොයලා දුන්නොත් කෙනෙක් මම එයා ගැන පොස්ට් එකක් ලියනවා කියලා. ඉතිං මම සිංදු අනෝට ආරාධනා කරනවා පුළුවන් නම් ඒ අභියෝගය බාර ගන්න කියලා. ගැජට් එක තමයි "ඔබේ පරිගණකයේ සිංහල ඇතත් නැතත්" කියලා මම නම් කරලා තියෙන අර SettDicode කියන විජට් එකට නමක් හොයලා දෙන්න කියලා. ඒ වගේම අනික් ඒවාටත් වඩාත් ගැලපෙන නම් තියෙනවා නම් යෝජනා කරන්න කියලා ඉල්ලනවා.
    අනික මේ වගේ බ්ලොග් නොලියන කමෙන්ට් කරන කොටසක අවශ්‍යතාවය තියෙනවා. අපි අපිම අපේ ඒවා කියවාගෙන පිට කහ ගන්නවා වගේ වැඩක් නොකර මේ වගේ කියවන්නන් පිරිසක් බිහි වීම මගේ නම් ලොකු බලාපොරොත්තුවක්. දැනට අපිට ඉන්නේ වේ වගේ අය ඉතාම සීමාසහිතව මෙන්ඩියා, ප්‍රසන්න, පත්තරේ සහ මේ සිංදු සහා ආතල්. මට නමක් එහෙම මග ඇරුනේ නෑ නේද? මේ දවස් වල මගේ බ්ලොග් සැරිසැරිල්ල අඩු නිසා එහෙම වෙන්න පුළුවන්. ඇත්තටම පත්තරේගේ සහ සිංදුගේ මේ ආගමනය ලියන අපිට ලොකු ආශිර්වාදයක් වුණා. අනිත් එක කියන්නම ඕනේ කරුණ අර සිරා කොලුවා කිව්වා වගේ මගේ හැකියාව මේ සිංදු ඇනෝ ඉදිරියේ බොහොම කුඩා එකක් බව නිහතමානීව කියන්න ඕනේ. මම මොකෙක්ද කියලා මට හිතුණා. මොකද එක්තරා කාලෙක මම සෙට් වෙලා හිටියා හොඳ සංගීත පවුලක් එක්ක. ඒගොල්ලොන්ගේ සංගීතයට සම්බන්ධ ය බොහොමයක්. ඉතිං සෙට් වෙච්ච වෙලාවට මම මුල්ලකට වෙනවා. මොකද මම සංගීතය ගැන දන්නා මෙලෝ දෙයක් නැති නිසා. හැබැයි එහෙම වෙලාවට එයාලට ගීත වල අමතක වෙන කොටස් අල්ලලා දුන්නේ මම. ඒ නිසා මට ඒගොල්ලෝ ලිරික්ස් මාස්ටර් කියලා ඇමතුවා. හැබැයි මේ සිංදු ඇනෝ දාන කමෙන්ට් දැක්කම මට මම ගැන ලැජ්ජාවක් ඇති වෙනවා. අර කට්ටිය මේකව දැක්ක නම් මොනවා කියයිද කියලා.

    අපි හිතනවා සිංදු ඇනෝ දිගටම මේ වැඩේ කරගෙන යයි කියලා. එහෙම කරන්න ශක්තිය දෛරීය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතිං බොට සිංදු ඇනෝ ගැන ලියන්න වෙනවමයි මොකද මටත් එක සිංදුවක් මතක් උනා ටිකක් ගැලපෙන...

      ස්තුතියි සුදීක දිර්ඝ අදහස් දැක්වීමට...

      Delete
    2. SettDicode කියන විජට් එකට නමක් = "අල්ල පනල්ල" :D

      Delete
    3. මේ වගේ කෘතගුණ දැක්වීමේ පෝස්ට් වල යම් වටිනාකමක දකිනවා මම. ඒක නම් සුපිරි හැකියාවක් තමයි.

      Delete
    4. අපේ පොතේ ලියා ඇති කියුම් තමයි මෙසේ කියන්නේ
      හිතේ ඇති මැකී නැති මෙවන් වදන් බොහෝ වටින්නේ
      හිතා මතා බැලු කෙනා නැතේ නැතේ පරාද වන්නේ
      ඇතා නැතා හිතු කෙනා අනාගතේ ලොවේ දිනන්නේ ...

      ගායනය රූකාන්ත ගුණතිලක
      https://www.youtube.com/watch?v=1aTBhUL0oTo

      Delete
    5. සුදික අයියන්ඩි ඔබ ගැනත් කිව යුතුමයි...ටික දවසක් කමන්ට් නොකර ඉන්නකොට දුරකථන ඇමතුමක් දිලා
      මල්ලි උඔ හොදින් නේද කියලා ඇහැව්වහම
      දුමක් දැම්මා වගේ පපුව පිරෙනවා

      Delete
    6. එ් කෝ්ල් කරන්නේ උඹව රවට්ටලා එල ද බ්‍රා අයියන්ඩි කියල අහගන්න බං. රැවටෙන්න එපා ඔය බෙන්තර ගග පැනපු උන්ට.. හැක්

      Delete
    7. සුදීක බොස් මොකද සිංදු නොදන්නෙ … එදා කිව්වා සිංදු 120 ක් තනියෙං . ඕ යේස් !!!

      Delete
    8. සොට් දෙකට එහෙම නං සොට් හතරකට කීයක් කියාවිද?? මටත් කෝල් කරල එදා සුද්ද සිංහගෙන් ඇමතුවේ. බොට මටක නැද්ද පත්තරයෝ..

      Delete
    9. අන්තිමට මමට හිතුණා මෙහෙම දාන්න්නා

      "කොහෙන් කොහොම ආවත්" කියලා

      Delete
    10. ඉතිරු ටික ඉතිරි ටික.. හැක්.. සුදීක උඹ හොද එකා. ඒත් අපේ නසරානි වචන වලට අහු වෙල නිකං ලේ ප්‍රෙකා්ප කරගන්න එපා..

      Delete
    11. සුදික සින්දු වලින් මම අකැමති සින්දුවක් තමයි මේක ....මොකටද මන්දා , මට මේකේ හුළඟ එක්ක මල පනිනවා ..ඇයි යකෝ පොඩි එකෙක් ප්‍රස්නයක් අහනකොට උත්තර දෙන විදිහ අහලා බලන්න...හැක්

      දේශ් මෙන්න ඉතුරු ටික ..

      කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ
      සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ //

      කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ
      වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ

      හමන තාලයටද ගහේ අතු කොළ නැටුවේ
      අතරමගදි ඔබ එන විට මොනවද දුටුවේ

      ගොපළු පුතෙක් ගියා උදේ ගව රැල දක්කා
      මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා

      සමගි වෙලා තැන තැන යනවාලු එක රැළේ
      කැලේ මැදදි සත්තු දැක්කෙ නැද්ද මද නලේ

      කුරුළු මවක් නැතිවුණ පොඩි පැටවෙකු සෙව්වා
      තුරුළු කරන් මුව දෙන පැටියට කිරි පෙව්වා

      බුදුන්ගෙ සිරිපා ඇති යැයි ලොව පරසිද්ද
      සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියෙ නැද්ද

      ඔබත් ළමයො මේ අහන්නෙ මොනවද මන්දා
      අදත් උදෑසන මා සිරිපාදය වැන්දා

      රටත් බලා සැමට සිසිල බෙද බෙද දෙන්න
      මටත් ඇහැකිනම් ඔබ මෙන් තැන තැන යන්න //


      ගායනය - ඇනස්ලි මාලෙවන, ලිලන්ති කරුණානායක
      සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
      ගී පද - කරුණාරත්න අබේසූරිය
      https://www.youtube.com/watch?v=RVCWJYYRUHg

      Delete
    12. කිිසිම වාදයක් නෑ මචෝ උඹේ හැකියාව ගැන. මට නහුතෙට හිනා ගියා උඹේ හැකියාව ගැන.. ජයම වේවා.. අපිත් එක්කම හිටහං..

      Delete
  28. පහුගිය දවස් ටිකේ වැඩිය හොම්බ දාන්න බැරි උන නිසා එච්චර දන්නේ නැහැ ඔය ගැන... හික්ස්.. මොකක් උනත් ඒ ක්‍රමේ පට්ට....

    ReplyDelete
    Replies
    1. පුළුවන් කමක් තිබුනොත් බලහං උගේ වැඩ ගැන යසියෝ..

      Delete
  29. මමත් දුටිමි ! බ්ලොගර්ස් ලට විතරක් නෙවෙයි සින්දුවක විස්තරහොයාගෙන යන ඕන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන වැඩක් ඒක. කමෙන්ට් එකකට, පෝස්ට් එකකට හරියටම ගැලපෙන විදිහට සින්දුව හොයලා දාන එක ලේසි නෑ පද හොයා ගන්න මාර්ග තිබුනත්. ඒකයි දක්ෂ කම.

    ReplyDelete
    Replies
    1. අනිවා ඌ දස්සයා. උඹත් ලියන්න ගත්තම බලමු වැඩේ

      Delete
  30. දේශට කියන්න දේශො මේ සිංදුව දාන සිංදු තියෙනව නේද සම්මක්කපේකට අහපුවනෙවී... බොරු කියන්නෙ මක්කටෙයි...
    හෙක්හෙක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් යේස් යේස්.. බ්‍රෑන්ඩ් එක ගල් උන්ගේ මොලේ හොදයි බං. හැක්..

      Delete
  31. චැහ්..විලි ලැඡ්ඡා 7 යි අර සිංදු ඇනෝ කරපු කුඡිත වැඩේ..ඇයි යකෝ කපුගේ වද පුංචි අම්මගේ පුතා වගේ හිටපු මම අහලා නැති සිංදු දෙකක්ම මු දැම්මනේ..
    පත්තර මල්ලි ලංකාවට ආපු දවසක හැරි ඡයවර්ධන ඌව ගන්නවලු...
    බ්‍රැන්ඩ් එක ගල්
    -ස්තුතියි - කියන්න....
    ඇනෝ කියන නම දකිනකොට ඇගේ මාලු ගගේ නටන යුගයක..සිංදු ඇනෝ ඒ මතය තනිකරම වෙනස් කරා...
    දේශ් උඔ සිංදු ගැන පත්තරේ ගැන අගය කරලා ලියපු එක වටිනවා...බොලෝග් ලියන උඔලා හැමොටම කමන්ට් කරන අපිව වටිනවා නම් අපිට ඊට වඩා දහස් ගුනයක් බොලෝග් ලියන උඔලව වටිනවා.
    සිරා..ලැහැස්ති කරපු ගෙට්ටුව
    සිහින අවුරැදු උලේල
    ලේ දන්දිම(සිංහ සමාඡ බිල්ඩිම)
    අටමා,සුදික,වෙනි,ඉවාන්,විචාරක,කාකා මගේ ඡිවිතේ අමතක නොවන තැන්.
    ඇමරිකාවේ සුද්දියෝ වගයක් බාත්රැම් වල ඉදලා ඔලුව දාලා අහනවලු..
    කෝ..අර වේස මෙන්ඩියා තවම බ්‍රා ටික ඒව්වේ නැද්ද කියලා..?
    මම බ්‍රා ටික ෂිප් කරලා ආයමත් එන්නම්..
    එල ද බ්‍ර එල ද බ්‍ර එල ද බ්‍ර එල ද බ්‍ර එල ද බ්‍ර එල ද බ්‍ර එල ද බ්‍ර එල ද බ්‍ර එල ද බ්‍ර

    ReplyDelete
    Replies
    1. පිට් තමා බ්‍රන්ඩෝ.. උඹත් හොද එකෙක්..

      Delete
    2. අනේ ඉතාලියටත් ෂිප්මන්ට් එකක් දාහංකො අසරණ නංගිල ටිකක් ඉන්නව බෙදාගෙන බෙදාගෙන යන්න.…

      Delete
  32. පරක්කු වුනෙමි හොඳටම , සිංදු අනෝ ගැන කියන්න වදන් නෑ. සින්දු ඇනෝ වගේ පුද්ගලයෝ බ්ලොග් කලාවට ආභරණයක් , මටනම් තියෙන ලොකුම සන්ත්ප්සේ තමා සිංදු ඇනෝ අපේ ගමේ කොල්ලෙක් වීම , ගහට ගහක් මොරටුවේදී හම්බ වෙන්වලුනේ , නොදුටු ගමේ මිත්‍රයාට මගේ ආචාරය .

    අපි එකම රෑනෙ කුරුල්ලෝ//
    මේ පාරාදීසේ...
    නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේ
    වරෙල්ලා....මේ රෑනේ....

    මදු තියලා දැල් එළලා
    නෑ පැටලෙන්නෙ අපී
    අපේම ලොවකට පියඹා යන්නේ..
    වරෙල්ලා....මේ රෑනේ....

    තටු ලැබුනේ පියඹා යන්නයි
    කූඩුව දොරකඩ ඉන්න නොවෙයි
    අපේම ලොවකට පියඹා යන්නේ..
    වරෙල්ලා....මේ රෑනේ....

    ගායනය - විජේසුන්දර වේරගොඩ

    ReplyDelete
    Replies
    1. සිංදු ඇනෝ කොහොම වුනත් පත්ත්රයා ගැන නම් මට කියන්න තියෙන්නේ ඕකා සිංහල බ්ලොග් කලාවට හෙනයක් , ඕඕ යේස් .
      මෙච්චර මේ ප්‍රබුද්ධ, විදග්ධ, සංස්කෘතික බ්ලොග් ලෝකය පීචං කරපු අවලමා ඕකා තමයි. කතා දෙකක් නෑ , අහුවෙච්ච දවසක මම ඕකව මරනවා ආයේ බත් කන්න ඉතුරු කරන්නේ නෑ. විචාරකගෙන් කට පුන්චෙක් ඉල්ලගෙන ඉන්නේ ,
      පත්ත්රයා හම්බවුනු ගමන් බඩට පයින් ගහනවා , එතකොට දෙකට නවෙනවනේ ,නවුනම පිටට ගහනවා , එතකොට බිම වැටෙනවනේ බිම වැටුනම වෙඩි තියනවා ..ගේම් ක්ලෝස් ..ඕඕ යේස්

      Delete
    2. ආ..ආ.මාමන්ඩිගෙන් ඉල්ල ගත්තද එකක්

      Delete
    3. ඉවාන්, පත්තරය මලාම සිංදු ඇනෝගෙ සිංදුව මොකක් වෙයිද ?

      Delete
    4. සුදු වැලි ඉහිරැනු මාවත අද ඔබ යයි අවසන් ගමනේ
      ඔබ හා එන්නට මා පින් කර නැත ඇයි අප වෙන් කෙරැනේ

      Delete
    5. පත්තරයා කරන්නේ උගේ යාළුවගේ යාළුවගේ කොන්තරාත්තුවක්ලු බං.. හැක්

      Delete
    6. හා අර විචාරක සෑර් ගෙ සෙල්ලං වතුර විදින තුවක්කුව උඹට දුන්නද ??

      වතුර වෙනුවට ගල් දාහං. තියල ඇති පදං වෙඩි තියපං . මං හරි කැමතී

      Delete
  33. සින්දු ඇනො කියන්න්නෙ බ්ලොග් කලවෙ වෙනම චැප්ටර් එකක්.මම ඉයෙ සිරස ලක්ෂපති බලන් ඉන්නකොට එකෙ සින්දුගැන ප්‍රශනයක් ඇහුව.එකෙ හිටපු කෙනා ෆොන් අ ෆ්‍රෙන්ඩ් උපකාරකෙ ගත්ත.මට එකපාරටම සින්දුවා මතක් වුනා. මිනිහ ඇවිල්ල මෙකේ එලිය කරන් එක ෆ්ලැශ් ලයිට් එකක්. (ඉතින් මෙච්චර බටර් ගාන එකෙ අපෙ පැත්තෙත් පොඩ්ඩක් ඇවිල්ල පලකො )
    කලා වැවෙන් ගත් දිය දොතක් සේ
    වටි වටි ඔබ අපිට වටි
    බොදියකින් වට බො කොලයක් සේ
    අගෙ අගෙ ඔබ අපිට අගෙයි

    පත්තරෙ උබත් එල බොක්ක ඇ..

    ReplyDelete
    Replies
    1. දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසේක..
      නුග රැකක් වෙමින් උතුරා යන විඩාවක...
      පිපි මලක් වුනා මල් නෙපිපුන තටාකෙක...
      නුඔ අගෙයි මලේ හෙට අදටත් වඩා මට...

      Delete
    2. උඹ ඔය කිව්වට දමියෝ, අර අහිංසකයා ගෙදර ආපු වෙලාවේ වතුර උගුරක් දුන්නේ නෑ කියලා ඒකා මට කෝල් කරල කිව්වා අඩන ගමන්ම.. හැක්

      Delete
    3. ගහමු දමි අයියා ගාළු කොටුව හෙල්ලෙන්ඩ !! ඕ යේස් .

      Delete
  34. මම දවසක් සිංදුවක් ඉල්ලුව මටත් වචන හරියට මතක නැති, මූ මාර මහන්සියක් ගත්ත ඒක හොයන්න. සුපිරි හැකියාවක් තියන සුපිරි පොරක් අපේ සිංදු ඇනෝ.
    දේශ අන්තිමට දාපු සිංදුව තමයි කැත.

    ReplyDelete
    Replies
    1. ආ.ආ.. මේ ඒ සිංදුව...
      නැ එක්කෝ ඔන්නේ නෑ...
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතයි-

      Delete
    2. ඔබේ උත්සාහයට ස්තූතියි, නැවත උත්සාහ කරන්න
      ෂැන්ඩි වලට ටොනික්.
      - ස්තූතියි-

      Delete
    3. ඒකෙන්ම පේනවා නේ උගේ දස්සකම.. හැක්..

      Delete
    4. ඔව් ඔව් අර සිංදුව නේ ,, මේ දැං තිබුණා කොහාට උණාද මංදා . චැහ්

      Delete
    5. ඌ ලගින් යන සිංදුවක් දුන්න ලෙසටම. දේශා නිකම් කොචොක් එපා,

      Delete
    6. අනේ..මේ දැන් තිබුනා...අර කාමරේට ආපු නංගි සාක්කුවට අත දාගෙන හිටපු වේලාවේ අරගෙන ගියාද දන්නෑ...(ආ..ආ.. ඒ මෙනවද ඒ කියනනෛ)

      Delete
  35. ඇත්තටම කියන්න.. කොමෙන්ට් තීරුව චැට් ලයින් එකක් වගේ කරගන්නවට මගේ ඒ හැටි කැමැත්තක් නෑ... ඊටත් පෝස්ට් එකේ මාතෘකාවට ගෑවිලාවත් නෑ. සමහර වෙලාවට ඔය පත්තරයා එහෙම ඒ වැඩේ කරනවා මම දැකලා තියනවා... ඒත් අයිතිකාරයා කැමැති නං මට මොකද තියන කැහිල්ල.. නැද්ද? අනික ඉතිං කොමෙන්ට් මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා නීති දාන්නත් බැහැනේ.. කොහොමත් පත්තරයා හැමෝම අතර ජනප්‍රිය, කස්ටිය ඒකට කැමති නිසානේ... රාජ්ගෙ බෝතල් කාරයා ගැන වුණත් ඒ ටිකම තමයි. ඌ ලියන්නේ එකම දේ වුණාට කොච්චර ජනප්‍රියද?

    හැබැයි මේ සිංදු ඇනෝවා නම් ඊට වඩා වෙනස්... ලියපු දේකට හරියන්න සිංදුවක් දෙන්න නම්, ඌට සිංදුවේ තේරුම ගැනත් අදහසක් තියෙන්න ඕනේ.. එහෙම වෙන්න ඒ සිංදු නිතර නිතර අහලා තියන එකෙකුත් වෙන්න ඕනේ... අනික ඕවා ලිව්වේ කවුද, සංගීතය කාගෙද කියන ඒවා ලේසියෙන් හොයන්න බෑ.. මමත් මාර කට්ටක් කනවා ඕවා හොයාගන්න සමහර වෙලාවට... සාමාන්‍යයෙන් සෑහෙන සිංදු අහන මමවත් අහලා නැති සිංදු මූ දානකොට නම් පුදුමත් හිතෙනවා... මූ 70 දශකයේ හෝ ඊටත් ටිකක් කලින් ඉපදුණු පොරක් වෙන්න ඕනේ... මේ සිංදුවල කැසට්, සීඩී බරගානක් ලඟ තියන එකෙක් වෙන්න ඕනේ... නැත්නම් ගුවන් විදුලියේ වගේ තැනක වැඩ කරන එකෙක් වෙන්න ඕනේ.... කොහොම වෙතත්, ඌ අති දක්ෂයෙක්....

    මගේ ඉල්ලීම තමයි.. ඌ කමෙන්ට් කරනකොට ඒ සිංදුවම බ්ලොග් එකක ලියලා සේව් කරන්න කියන එක... එහෙම බ්ලොග් එකක් ජනප්‍රිය නොවුණට, එහෙම සිංදු කලෙක්ෂන් එකක් කල් යනකොට මාර වටින දෙයක් බවට පත්වෙනවා. පුළුවන් නම් ඌව උනන්දු කරවන්න එහෙම දේකට...

    ReplyDelete
    Replies
    1. හොද යෝඡනාවක්..
      පත්තර මල්ලි කියන්නේ නැව ගිලුනුත් ගැට්ටේ බඡව් පොරක්..

      Delete
    2. හොද යෝජනාවක්.. තිසර..

      පත්තරේට කියන කට බිම උලාගන්නවා හොදයි.. ඒ තරං අබිලික් බුවෙක්.. හැක්.

      Delete
    3. ආයෙ මොනවද තිසර නං කොමන්ට් , කොමන්ට් නං තිසර :D

      Delete
  36. සිංදු ඇනෝට ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා සිංදු ඇනෝ...

      Delete
    2. ඇයි මටයි පත්තරෙටයි ඡයවේවා කිව්වනම් උබගේ කටේ ගෙඩි දායිද?
      එල ද බ්‍රා

      Delete
  37. සින්දු ඇනො හදුනාගෙන ටික කාලයක් උවත් මම ද ඔහුගේ දක්ශතාවයෙන් අමන්දානන්දයට පත් වී සිටිමි.

    ශ්‍රී ලංකා ගුවන් විදුලියේ තැටි පටි පුස්තකාලය නොහොත්
    අපේ රටේ සිංදු ගබඩාව පරදන සින්දු ඇනෝට මේ මගේ උපහාරයයි.

    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන කිරිල්ලි
    තුඩින් හදවතක් අරගෙන
    ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

    දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
    ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
    මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

    ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
    ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
    ආදරය න්ඹට බාරයි රැක ගනින් දේවතාවී

    පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - විශාරද ගුණදාස කපුගේ
    ගායනය - විශාරද ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. අපිත් ඔහුට සුභ පතමු.. ස්තුතියි තෙවා..

      Delete
  38. සිංදු ඇන‍ෝ 70-80 දශකය‍ේ ගීත වලට බොහ‍ෝ නැඹුරුයි වාග‍ේ....

    ReplyDelete
    Replies
    1. කාලෙකින්.. ඔව් මිනිහට ලොකු පරාසයක් තියෙනවා ගීත තෝරාගැනීමේදි. වඩාත්ම කැමති පැරණි ගී වලට මයේ හිතේ තියෙන්නේ..

      Delete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. මේවා කියවද්දී තව බලන්න, කියවන්න ,ගොඩ වෙන්න බ්ලොග් ගොඩක් තියනවා වගේ ... නිදහසේ හැම එකක්ම කියවන්න ඕන .. :)

    ReplyDelete
    Replies
    1. හංසි හැංගිච්ච බ්ලොග් කොයි තරං තියේද?? කවදාවත් ඔක්කෝම බ්ලොග් කියවනවා කියල කියනන් බැහැ.. මම නං උපරිම ට්‍රයි එක දෙනවා උපරිම ප්‍රමාණයක් ග්‍රඑණය කරගන්න..

      Delete
  41. සිංදු ඇනෝ ට ජය වේවා... සිංදු ඇනෝ ගැන පෝස්ට් එකක් දාපු දේශකයාටත් එසේම වේවා.. කුණු හරුප නොකියා මේ බ්ලොග් ලෝකය රසවත් කරන සියලු ඇනොලාටත් එසේම වේවා .. මටත් එසේම වේවා..

    ReplyDelete
    Replies
    1. මටත් එසේම වේවා.. හැක්.. ස්තුතියි බිත්තියා..

      Delete
  42. මා ඔබත් එක්ක............

    විරහ වේදනා මතක් වෙනවා දේශකයෝ මේ සිංදු ඇහෙනකොට.. :|

    ReplyDelete
    Replies
    1. ඒ මතක් වෙන එකට නං මට මොකුත්ම කියන්න බෑ. ඔව්..

      Delete