Friday, March 6, 2015

පළවෙනි පාර.!! (First time in life)

මොන දේ උනත් ඉස් ඉස්සෙල්ලාම කරන්න ගන්න කොට චකිතයක්, තැතිගැන්මක් හෙම ඇති වෙනවා නෙව. ඒක බෝම ස්වාභාවිකයි. ඉස්සෙල්ලාම ලොකු විභාගෙකට වාඩි වෙන කොට, රට යන්න ප්ලය්ට් එකට නගින කොට, කවදාවත් නොගියපු දුර ට්‍රිපක් යන්න කලින් දෑ රැ.. ඔන්න හිත ඩිංගක් අප්සැට් යන වෙලාවල්. දැනටත් සමහර වෙලාවට ලස්සන ගෑනු ලමයෙක් ඇවිත් කතා කරාමත් නිකං මොකක්ද මොක්කද වගේ වෙනවා. ඒවා නං අනේ පුරුදු නැති කමට.. නැතිව වෙන කමකට නෙමෙයි.

ඉස්සලේලාම ඉස්කෝලේ ගියපු දවස

මට අම්මා ඇදුං හෙම අන්දල බෑග් එක කරේ දාලා පයින්ම ඉස්කෝලේට දක්කන කොට මග දිගට අඩ අඩ ගියේ. ඒ යන කොට ටික දුරක් යද්දි හමු වෙනවා පොඩි ඇළ කානුවක්.. වැඩිය ගැඹුරු නැහැ. මම අම්මගේ අත අතෑරල පැන්න නෙව අර ඇළට. මඩ එකයි. මොනා කරන්නද ආයේ කුදලං ඇවිත් තව යුනිපෝම් එකක් අන්දගෙන ආයිත් ගියා මාව දඩු අඩුවකට වගේ හිර කරගෙන. ඒ ගිහිල්ල මුලු වරුවෙම දැල් ගහපු ජනේලේ ලගට වෙලා මම අඩ අඩයි හිටියේ. දැං කාලේ වගේ සෙල්ලං ගෙවල් තිබුන එකක්යැ පලවෙනි දවසේ. තිබ්බ නං හෙම ගෙවල් ටික කුඩු කරල දානවා තරහටම.. හැක්

සිගරට් එකක් බිව්ව දවස

ඕක ගැන පොඩි පොඩි ආසාවල් තිබුනට ඒ තරං දැනුනේ නැහැ බොන්න ඕනමයි කියලා. ඒත් එක දවසක් පාප මිත්තරෙයක් ගෙනාපු බිසිටල් එකක් දැකල දිව ගිලෙන්න වගේ ආවා නෙව. ඉතිං චන්ඩියා කියල හිතාගෙන මිනිහත් ඒක්ක බිච් එක අයිනකට ගිහිල්ලා හිමින් සීරුවේ ගිනි කූරු දහයක් විතර මහන්සි කරල පත්තු කරගත්තා සිගරට් එක. ඉස්සෙල්ලාම පත්තු කරේ මම. පත්තු කරාට පත්තු වෙන්නෑ. ඇයි හත්දෙයියනේ නිකං ගිනිකූර කිට්ටු කරාට පත්තු වෙන එකක්යැ. පස්සේ මිත්තරයා කිව්ව හොදට උරන්න කියලා. ඒ පාර ඩම් එක දාලා ඇද්දා. දුං පාර පත්තු වේගෙන උගුර දිගේ පොඩි රස්නෙකුත් එක්ක පපුවට බැස්ස වගේ. මම එක පාරටම හුස්ම ඇල්ලුවා.. හැක් හැක්.. කදුලු එනකම්ම කැස්ස කැස්ස කැස්ස. නවත්තගනන්න බෑ. එදා ඉදල මාස ගානක් යනකම්ම සිගරට් එකක් නං බිව්වේ නැහැ. ඒත් අර බීපු උගුරේ ගද යවාගන්න ඇති පදං පේර කොලයි පේර ගැටයි නං හැපුවා. මං එතකොට නමයේ.

අරක්කු ඩිංගක් බිව්ව දවස

අපේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් ඉස් ඉස්සෙල්ලාම තිබ්බ පළාත් සභා මැතිවරණයෙන් දිනල මන්ත්‍රි කෙනෙක් උනා. මිනිහගේ නම ජෝතිපාල.. අර සිංදුවක් කියන්නේ ජෝතිපාල වැල්ලේ රීලා කළු පාටට ගුලි ගුලි කියලා. අපි ඇත්තටම හිතුවේ ඒක මිනිහටම හදල කියලයි. මොකද මිනිහගේ රාජකාරිය උදේ පාන්දරව වැල්ලට බාන එක නිසා. ඉතිං ඒ සන්තෝසෙට තිබුනා නෙව පාටියක්. අපේ මිත්තරයා වේචිචි මන්ත්‍රිගේ පුතා අපිටත් එන්න කිව්වා පාටියට. ලවක් දෙවක් දන්නැති උනත් ෆිට් එකටම සැට් එකම එහේ ගියා. අම්මෝ එතන මාර පාටියක්. හැම තැනම පොඩි පොඩි මේස තියල තැන තැන බොනවා. අපිටත් ආසාවේ බෑ. මොකෝ කරන්නේ  බොමුද කියල ඇහුවම අපේ පුරුදු කාරයෝ ඉන්න නිසා මාත් හාං කියලා පාලු කාමරේක සැට් උනා. ගල් බෝතලකයක් එක්ක මාලු බැදුමකි තව මක්කා හරි තිබුනා මතකයි. රං වං පාටට වීදුරුවට වක් කරපු ගල් අරක්කු වල පුසුඹ එදා වගේ කවදාවත් දැනුනේ නැහැ. ඒ වගේමයි ඉස්සෙල්ලාම කටට දාගත්ත එක. පිච්චිල යන අමුතු රසයක්. ආසාවට බිව්වට ටික වෙලාවක් යද්දි බාගෙට වෙරි. ඔන්න චන්ඩියා. ඒ පාර තව බෝතලයක් ගෙනැල්ල බිව්වා. මට මතක එච්චරයි. පස්සේ අපේ හාදයෝ නං කිව්වේ මම අර අලුතෙන් පත්වෙලා ආපු මන්ත්‍රි මේසෙටත් ගිහිල්ලා සොට් එකක් ගැහුවයි කියල තමා. කෝම උනත් උදේ මම හිටියේ කොහේ හරි ගෙදරක බිම නිදාගෙන. වටේම වමනේ.. හැක්

පළමු ආදර උත්සාහය

ඒක නං මහා විකාරයක් හොදේ. අපේ පන්තියේ හිටියා ලස්සන මහත ගැල්ලමයෙක්. මම එතකොට පහේ. නම කුෂානි. ඔය කෙල්ලත් යන්නේ අපිත් එක්කමයි ඉස්කෝලේ. මොකද අපේ ගෙවල් වලට එහායින් ඉන්නේ. ඔය විදියට අවුරුදු හතරක්ම දෙන්නා තුන්දෙනා ඉස්කෝලේ ආවා නේ. ඉතිං පහට එනකොට ටිකක් මෝරපු උන් නෙව අපි. මම කුෂානිත් එක්ක එන නිසා මුං මට විහිලු කරනවා උඹ කුෂානි එක්ක යාලුයි කියලා. වර්ණපාල තියරිය වගේ ටික දවසක් යන කොට මටත් හිතුනා මාත් ඒකිත් එක්ක යාලුයි කියලා. ඉතිං හොද වෙලාවක් බලල මම මේකිට දුන්නා පොඩි ලියුමක්..

“ඔයා මාත් එක්ක යාලු වෙන්නකෝ.. මට කොල්ලෝ විහිලු කරනවා. ඔයා මාත් එක්ක යාලුයි කියලා. අනේ අපි යාලු වෙමුකෝ ඇත්තටම“ කියලා.

මේකිත් ලියුං කැල්ලක් දුන්න නෙව.

“අපි යාලු නැද්ද. එහෙනං ඔයා මොකද මාත් එක්ක හැමදාම ඉස්කෝලේ යන්නේ. අපි යාලුයි තමා“


ඉතිං ඔය ලියුං කෑල්ල බලල මාත් තේරුං ගත්තා අපි යාලුයි කියලා. ඉතිං අනිත් උන්ටත් කිව්වා මම කුෂානි එක්ක යාලුයි කියලා. කෝම හරි මේ විත්තිය ටීචර්ට ආරංචි වෙලා මාව ගෙන්නුවා.


“මොකක්ද දේශා පුතා මේ කුෂානිත් එක්ක තියෙන සම්බන්ධය..“

“මොකුත් නෑ ටීචර්. අපි දෙන්නා යාලුයි“

“ඒක තමයි මට ආරංචි උනේ. පොඩි කාලේ ඔය වැඩ හිතට ගන්නැතිව වැඩක් කරගන්නවා“

“ඉතිං ටීචර්.. කුෂානි නේ මාත් එක්ක යාලු“

“දැං මොකක්ද ඔය යාලු වෙලා කරන වැඩේ“

“අපි දෙන්නා ඉස්කෝලේ එනවා“

ටීචර්ට හිනා ගිහිල්ලා මට පිටට තට්ටුවක් දාලා කිව්වා.. “හා හොදයිනේ. එහෙනං ළමයි දෙන්නා හැමදාම ඉස්කෝලේ එන්න ඕන හොදද“

මාත් හාං කියල ආවා එන්න.. හැබෑටම යාළුයි කියන්නේ මොකක්ද කියල තේරුං ගන්න නං මට තව අවුරුදු දෙකක් විතර ගියා. මං පොඩි එකා නෙව.


ඉස්සෙල්ලාම...!!!!????
ඒවා ඕන නෑ ඔය ලමයින්ට.. හරිය...

119 comments:

  1. අනේ අලි ෂෝයි මාමේ.මටත් මතක් වුණා පොඩි කාලේ.

    ඉස්සලේලාම ඉස්කෝලේ ගියපු දවසේ ගියේ තාත්තා එක්ක කියලා විතරයි මතක.
    සිගරට් එකක් මුලින්ම කටේ තිබ්බේ 10 පන්තියේ ඉන්න කොට යාළුවොත් එක්ක ගෝල්ෆේස් ගිය වේලාවක.ඒ මල ජරාවේ ගඳට මම එක බිව්වේ නැහැ.

    මුලින්ම අරක්කු ටිකක් කටේ තිබ්බෙත් 10 පන්තියේදී.බයිට් එකට ගෙනත් තිබ්බේ "චොකලට් බිස්කට්"ඒ කියන්නේ ඒ සෙට් එකේ කවුරුවත් කලින් අරක්කු බිලා නැහැ කියන එකයි.:D

    ReplyDelete
    Replies
    1. ඉතිං ඉතිං උඹ ඊට පස්සෙම නිකම්ම හිටියා වෙන්ටෑ

      Delete
  2. මදි මදි හොඳම ටික ඉතුරු කරල ලියල තියෙන්නෙ. මම හිතන්නෙ මේකෙ දෙවෙනි කොටස ලඟදිම දවසක බලාපොරොත්තු වෙන්න පුලුවන් කියල.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඔය ලැමැයින්ට ඒවා ඕන නෑ.. හැක්

      Delete
  3. ඉස්සෙල්ලම වැලක් බලපු දවස එහෙම නැද්ද ඈ.. ?

    ReplyDelete
    Replies
    1. එහෙම කියල කියන්න මතක නෑ අබං මොකද පේ ගෙදර වැල් දෙක තුනක්ම තිබුනා මිදුලේ.. හැක්

      Delete
  4. ඉස්සෙල්ලම කෝක් බීපු දවස ගැනත් දැපිය. එදා රෙදි නැතුව හිටියයි කියල තමයි ආරංචිය තියෙන්නෙ.
    අඩේ මම ඉස්සෙල්ලම බීපු දවස මතක නෑනෙ. කොහොම හරි ඒ කාලෙ කාල දෙන්නෙක් එක්ක බිවුවත් ඩෝප් වෙනව.

    අර පින්තූරෙ උඩ කොටන්න කියල තියෙන එක හෙලා දකිනව. ඔවු හිටගෙන තමයි.

    ReplyDelete
    Replies
    1. හෙලා දැකල නිකං හිටහං. සමහර උදවිය මොකක්ද ඒ පින්තුරේ කියල අහනවා ඉතිං උත්තර දෙන්න එපායැ. ඒක නිසා දැම්ම කොටපියව් කියලා හැක්

      Delete
  5. ඔට්ටු නෑ ඔට්ටු නෑ උඹ හොඳම හරියට එද්දි නවත්තල.ඉස්සෙල්ලම කොටුව පැනපු හැටිත් ලියපං.

    ReplyDelete
    Replies
    1. මොකද ඔට්ටු නැත්තේ. අනුන්ගේ නමින් තමන්ගේ කොටු පැනපු ඒවා උඹ ලියන්නේ එහෙනං යස අගේට.. හැක්

      Delete
  6. මේ , මෙතන ළමයි නෑ ...අර පලවෙනි දවසෙම මඩ වලකට පැන්න කතාව වගේ තවත් පැන්න කතාවක් ලියපං

    ReplyDelete
    Replies
    1. තවත් වැටුන කතාවක් තිබුනා මං මම ලියපු සිරිසේන කියන පෝස්ට්කටුවේ..

      Delete
  7. චැහ්..කෝ අප්පා මං හිතුවා අර මදාවියගෙ එකක් වගේ මෙව්වා එකක් කියල..හි හි

    ReplyDelete
    Replies
    1. ඒ යකාට මදන විසේ නේ බං ඒකයි..හැක්

      Delete
  8. කෙල්ලෝ ඉන්න ඉස්කෝලෙකට ගිහිල්ලත් ලව් කරන්න පහේ පන්තියට එනකන් ඉන්න උනාද...?

    මම නම් ප්‍රේමාළෝකෙට ගියේ 3 පන්තියේ පළවෙනි වාරේ ටර්ම් ටෙස්ට් එකට දවස් දෙකකට කලින්.. ටර්ම් ටෙස්ට් එකෙන් පළවෙනියා.. අම්මට හුඩු මොනවද ඉතින් නාමල් උඩුගම වගේ තමයි.. ක්‍රෂස් හෝ ගාලා.. එකකට නෙම්යි දෙන්නෙක්ටම ලව් කලා.. එක බඩුවක් අපේ අම්මටත් කොම්ප්ලේන් කලා.. ගෙදරටම ඇවිල්ලා..

    ReplyDelete
    Replies
    1. //එකකට නෙම්යි දෙන්නෙක් ම ලව් කලා.. එක බඩුවක් අපේ අම්මටත් කොම්ප්ලේන් කලා.. ගෙදරටම ඇවිල්ලා..//

      යකෝ ඒ කියන්නේ උඹ ලව් කරන්න දන්නෑ කියලද කම්ප්ලේන් කරේ.......

      Delete
    2. රොයල් එකේ කොල්ලෙක්ට ලව් කලේ............හෙහේ

      Delete
    3. රනිල්ලගේ ඉස්කෝලේ නේ...

      Delete
    4. අපි නම් ඔය වයසෙදි අම්මි කුක්කු බොනෝ.. අපෝ දේශකයා හොදයිනේ බලද්දී.

      Delete
    5. මාතා. බොගේ සීයා හිටියනං ලස්සනට බනිවි බොට.. හැක්

      Delete
  9. හැමෝටම ඔහොම තමා මං හිතන්නෙ. මරු.

    ReplyDelete
    Replies
    1. වෙන්ටැති චන්දි නගේ.. හැක්.. තැන්කුයි කාලෙකින් නෙව දැක්කෙත්. තේරි ගාතා වගයක් දැක්කා ඒත් බැලුවේ නැහැ.

      Delete
  10. මේව හරි සුන්දර මතක...
    මටත් දැන් මේ හැම එකක්ම වගේ මතක් කරගන්න පුළුවන් ඇස්දෙක පියාගෙන.. හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. හැමවෙලේම මතක් නොවෙන එක නේ බං අවුල..

      Delete
  11. නියම විස්තරයක් දේශ්.දෙවන් කොටසකුත් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. හප්පෝ.. ඒවා පොඩි ලමයින්ට හොද නෑ. ඒක නිසා දෙවැනි ගමනක් නෑ හැක්..

      Delete
  12. දැක්කා නේද හුඟ දෙනෙක් අහලා තියනවා කෝ අර ............අන්න ඒක තමයි. දැන් ඉතිං මෙතනින් නවත්තන්න බෑ. ඒකත් ලියපං.

    ReplyDelete
    Replies
    1. චික් ඉතරක් නාකි ආමි අංකල්.. හැක්.. හැක්

      Delete
  13. මචං මං නං ඒ කාලේ කරපු හැම ඒකක් ම සීයට පණහක් ගොඩ යනවා... ඉතුරු ටික දශමයක් වත් හරි යන්නෑ..... සීයට පණහක් කියන්නේ මචං මගේ පැත්තෙන් ඔක්කොම හරි..... ඒ පැත්තෙන් ඉතින් මුකුත් ම නැහැ........... ඒච්චරයි අවුලකට තිබ්බේ............

    ReplyDelete
    Replies
    1. මට පොඩි කාලෙත් ගනං බෑ දැනුත් බෑ.. හැක්

      Delete
  14. //ඉතිං ටීචර්.. කුෂානි නේ මාත් එක්ක යාලු“

    “දැං මොකක්ද ඔය යාලු වෙලා කරන වැඩේ“

    “අපි දෙන්නා ඉස්කෝලේ එනවා“// හී හී..දේශා ඒ කාලෙ හරි අහිංසකයිනෙ ;)

    ReplyDelete
    Replies
    1. තාමත් ඒමයි අනේ චාමියෝ.

      Delete
  15. අඩේ මේක මරු..ඔය සේරම පළවෙනි එව්වා හොඳ මතක..කරුමේ කියන්නේ බලහංකෝ පුනරුත්පත්තිය කියනවා කියලා නෝණ්ඩිවෙන මට පළවෙනියට ඉක්කෝලේ ගිය දවස මතක නැහැනේ!!ෂුවර් එකට යන්න බෑ කියල අඬන්න ඇති..හැක් හැක්...අනික්වා ගැන අහන්න එපා ඒවා මතකයි..:D
    දේශාගේ හැටියට මම හිතුවේ එක වසරේදිම වගේ යාළුවෙන්න ඇති කියලා..:P

    ReplyDelete
    Replies
    1. උඹ පලවෙනි දවසේ අඬන්න ඇති, දෙවනි දවසේ ඉඳන් අනික් උන් අඬන්න ඇති තෝ වගේ වසවර්ති මාරයෙක් එක්ක ඉන්න බෑ කියලා .. අනිවා

      Delete
    2. ටිකක් හරි මතක තිබුන නං තමා බං අගේ.. මම ඉතිං තාමත් ඔය ගැල්ලමයයෙක් එක්ක හරියට යාලු වෙලා නැති කොල්ලෙක් නේ..

      ඉවාන්..

      උඹ කිව්වනං දෙකක් නෑ ඒක ඇත්ත තමා..

      Delete
    3. අඩෝ ඉවාන්..මම පුංචි කාලේ ෂෝයි බං..:P :P
      උන් ඇඬුවේ මං ලඟින් වාඩිවෙන්න පොරකාලා...LOL!

      Delete
    4. ඒ උනාට බං ගද දැනුමම පලාතේ ආාවේ නෑ නෙව

      Delete
  16. මගේ කමෙන්ට් වලට මොකද වෙන්නේ....
    මම කලින් කමෙන්ට් එකක් ලියල එවුවා. ඒක යක්කු ගිලල හොදේ.... //ලස්සන මහත ගැල්ලමයෙක්. // ඔයා හොදායි...මහත කෙල්ලෙක්ට ලස්සනයි කීව එකම කෙනා ඔයාද මන්දා...හෙහේ


    ReplyDelete
    Replies
    1. මං පන දාගෙන හෙව්වා අනේ ඒත් තිබුනේ නැහැ. මොකක් හරි අප්සැට් එකකින් පබිලිස් ගොයියා ඒක අයින් කරන්න ඇති.

      ඒකනේ ඒකනේ.. මං ඉතිං එහෙම අයට ලස්සනයි කියල තමා කියන්නේ.. ඔයැයි හරි සෝයි..

      Delete
  17. ඔය වගේ නමක් තියෙන ෆිලුමක් බැලුවා මතකයි එකේ නම් තිබ්බෙ පලවෙනි පාර .................... සීන් එකක් ...කොම වුනත් වෙනස්

    ReplyDelete
    Replies
    1. පලවෙනි පිහිපාර වගේ නමක්ද බං..

      Delete
  18. තුනේ පංතියෙදි කොන්සර්ට් එකකට සුදු බෝලයක් වගේ කෙල්ලෙක් හමුබවුනා බදාගෙන නටන්න. අහ්... එතැන් පටන් ෆස්ට් ලව්... මාධවී නොවේ...

    ReplyDelete
    Replies
    1. උඹ නං කොල්ලෙක් හරිය.. නැත්නං උඹ වගේ අන්දන්න මාත් දන්නෑ එච්චරයි.. හැක්

      Delete
    2. මදාවි කවි ලියන්නෙ කොල්ලෙක් (හරි! පිරිමියෙක් කියමුකො) තමා දේශෝ. නැත්නම් ඉතිං සුදු බෝලයක් වගේ කෙල්ලෙක් එක්ක බදාගෙන නටන්න ලෙස්බියන් යෑ. ඇන්දිල්ලක් නෑ. අපි දෙන්නෙක් ලියනවා. පුලුවන්නං හොයාං අනිකි ලියන ඒවා.

      Delete
    3. හිටපියෝ තොපිගේ රෙදි ගලෝනෝ.. හැක්..

      Delete
  19. පළමු පෙම් කතාව රසවත්, එදා ටීචරුත් සෑහෙන රසයක් ලබන්න ඇති. ඉස්සර පහේ පන්තියේ ඉද්දි තැපැල් නෝනාට ලියුමක් ලියල ඉස්කෝලේ දෙන බිස්කට් එකකුත් එක්ක තැපැල් පෙට්ටියට දැම්මා මතක් වුනා

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං ඒකට වෙච්චි දේ කියන්නකෝ මයේ අයියේ

      Delete
  20. උඹේ මාමයිට් කතාව වගේම එළ.ඒත් හොදම හරියට එනකොට නවත්තලා.මේක දේශිකාත් බලනවද?

    ReplyDelete
    Replies
    1. හප්පට බොල තාමත් ඒක මතකයි එහෙනං ඈ.. හැක්.. දේශිකා බලනවං ඉතිං පහුවෙදා මං අඩි හතරක් යට. හැක්

      Delete
  21. හැක් හැක්. ඇත්තම කිව්වොත් මම නම් ඉස්සෙල්ලම බීපු දවසේ මහ ගොඩක් බොන්න බැරි වුනා. ඒකට හේතුව ඒ කට කාරවන, උගුර පිච්චෙන, බඩ දඟලන අරක්කු රස කොහොමත්ම ප්‍රියජනක දෙයක් නොවිච්ච එක. පස්සෙයි ඔන්න ටික ටික වැඩි කලේ. බ්‍රෑන්ඩ් එක ගල් එවුන් කමා කරත්වා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹත් ඉස්සෙල්ලාම තුන් කුලුදුලේ තොල ගාලා තියෙන්නේ ගල්..

      Delete
  22. ඔය සිගරට් බිවුව එකයි අරක්කු බිවුව එකයි ඇරුනම අනිත් දෙක ගැනනම් මටත් ඉතින් ලියන්න පුළුවනි.. පලවෙනි ආදරේ ගැනනම් මම ලියලා තියෙනවා මතක හැටියට..

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි ලියල තිබුනා.. උඹ ඉතාලියට හරි යන් එකෙක් නෙමයි බං. හැක්

      Delete
  23. කාලෙකින් දේශකයාගේ පෝස්ට් එකක් දැක්කේ. ෆේස් බුක් එකේ නිතරම හිටියාට බ්ලොග් එකේ නම් දැක්කේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බං පුදුමාකාර කම්මැලි විලිසංගයක් නැති ගතියක් නෙව මේ ටිකේම ගහල තියෙන්නේ. බෝම අමාරුවෙන් මේකත් කෙටුවේ.. බාගයක්ම කෙටුවෙත් නෑ කම්මැලි කමට..

      Delete
  24. \\ලස්සන මහත ගැල්ලමයෙක්. මම එතකොට පහේ. නම කුෂානි.\\

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි.. මං එතැන හදන්නෑ බොට ගෞරවයක් විදියට.. ස්තුතියි..

      Delete
  25. පලවෙනිපාරට ඉපදුනු හැටි මතක නැද්ද? :P

    ReplyDelete
    Replies
    1. මම ඇම්ඩන් වෙලා ඉපදුනු වෙලාව නං මතකයි.. කියනන්ද? ඈ..

      Delete
  26. මම නම් ඔය ඔක්කොම කලේ දෙවැනි පාර ඉඳන්, පලවෙනි පාර වැරදුනොත් කියලා බයට, අර කිරිහාමි පලවෙනි වතුර එක සෙතලයි කියලා බිමට හලලා දෙවැනි එකේ ඉඳන් නෑවා වගේ ... ඕ... යේස්

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතිං සෙකන්ඩ් චාන්ස් එකෙන් ඔක්කෝම වැඩ ටික කරගනිං. මතක ඇතුව බඩු ගන්න කොට සෙකන්ඩ් චොයිස් එකට පල.. හැක් කිරිහාමි පිලුම් එකක් ගහනවලු බං

      Delete
  27. දේශො.. හා කියපං බලන්න පළවෙනි පාරට කසාද බැඳපු දවස ??? :D :D

    ReplyDelete
    Replies
    1. ඒක මතක නෑලු බං. මොකද ඊට පස්සෙ බැඳපු ඒවටත් කියන්නෙ මේක පළවෙනි එක කියලනෙ.

      Delete
    2. ඕව ආණ්ඩුවෙ බෝඩිමේ ලගින්න වෙන වැඩ නෙවැ :D චැහ්

      Delete
    3. ඒක අමතක කරගන්න බැරුව නෙව බං මේ දගලන්නේ. .හැක්

      Delete
  28. Replies
    1. මතකයි. ඉපදිලා සතියෙන්.. හැක්

      Delete
    2. ඒ අන්තිමට නාපු දවසනේ .. හැක්

      Delete
    3. නිදහසේ නාගන්නවත් නිදහසක් නැති නිදහස් ලෝකයක් මේක. හිටගෙන.

      Delete
  29. ඈයි මගින් නැවැත්තුවෙ දෙශ්... ඉතුරු ටිකත් ලියන්න තිබ්බෙ :D

    ReplyDelete
    Replies
    1. ඉතිරි ටික ලිව්ව නං ඔයැයි බලන්නෑ බිනරි නෝනේ. හැක්

      Delete
  30. අහ්... මම ඒත් කල්පනා කර කර හිටියේ දේශ් මට මොකද කුශානි කියන්නේ කියලා හි..හි...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. හැබෑට වැරදිල හරි එහෙම මම කිව්වද?

      Delete
  31. හි හි හි ඇත්තටම පළවෙනියට කොරපු ගොඩක් දේවල් මතක් උනා ...... එකක් ලියන්නම් මුලින්ම මලක් ඇද්ද දවස .......
    දෙසැම්බර් 31 වෙනිදාවක රැ 11.30ට විතර ගෝල්ෆේස් එකේ යාලුවෝ ටික දුන්න බොරුනම් ඇදලා බලපන්කො කියලා පාවෙන අපුරුව..........
    එකක් ඇද්ද දැනුනේ නෑ දෙකක් ඇද්දා ... එත් නෑ .... තුනක් ඇද්දා එත් මුකුත් නෑ වගේ ගිය වාහනයේ ඉස්සරහ දොර බාගෙට ඇරගෙන එතනම හිටගෙන කොටින්ම දොර බදාගෙන පය බාගයක් විතර මම ඉන්නවා හෙලවෙන්නේ වත් නැතුව කෝ යකෝ කිඉසිම වෙනසක් නැ නේ කියලා...... කොටින්ම රැ 12ට කකුල පාමුල බිමදිගේ යන අහස් ගුණ්ඩු පුපුරන කොටත් මම හිටියා එක දසමයක්වත් හෙලවෙන්නේ නැතුව මොකද යකෝ මේ මල වදින්නේ නැත්තේ කියලා

    ReplyDelete
    Replies
    1. හි හි

      Delete
    2. හප්පට බොල ඒක ජරා මලක් බං. උඹට වැදිලම නෑ..

      Delete
    3. අපේ වදින්නෑ කියන එකෙක් ඉන්නවා.හිනා වෙන්න ගත්තම රටක් හෙල්ලෙනව.. මහ භයානකයි...ඒත් උට වැදිල නෑලු.

      Delete
  32. “දැං මොකක්ද ඔය යාලු වෙලා කරන වැඩේ“

    “අපි දෙන්නා ඉස්කෝලේ එනවා“

    තාමත් 'එනව' නේ?

    ReplyDelete
  33. මම මුලිම්ම ඉස්කොලෙ ගිය දවසෙ ටීචර්ගෙ අත හපල රින්ගුව මේසෙ යටට, මට ගෙදර යන්න දෙන්න බෑ කිව්ව කියල.

    මා එක්ක මුලිම්ම යාලු උනේ අක්ක කෑල්ලක්. ඒ අපේ ගෙදර නැවතිල හිටපු කෙනෙක්. එයාට රෑට භය හිතුනම නිදාගන්නත් මාව අඬගහගත්ත.

    ReplyDelete
    Replies
    1. ///එයාට රෑට භය හිතුනම නිදාගන්නත් මාව අඬගහගත්ත.///

      ඉතිං ඉතිං ?? :D :D

      Delete
    2. හරිම භයානක තත්වයක් නේ බං.. උඹ පොඩි කාලේ වල් නැතිව ඇති නේද?? අනේ වාසනවාන් ඒ අක්ක බේරිල ඉන්න ඇති

      Delete
  34. පළවෙනියට ඉස්කෝලේ ගිය දවසේ ළමයි ඔක්කොම අඩනවා ඒ බයට මාත් ඇඩුවා මට අඩන්න හේතුවක් තිබ්බේ නෑ. ඒත් අනිත් අය අඩද්දී ඇඩුවා .

    ඉකේ අනේ ඔයා සිගරැට් එකක් බොන්න ගිණි කූරු 7ක් පත්තු කරලා ලැජ්ජාවේ බෑ,, අපේ මල්ලිට ඔය සීන් එක වුණා පළවෙනි පාර අපේ පුංචි කෙනෙක්ගේ වෙඩින් එකක් දවසේ. මං ඒත් උපදෙස් දුන්නා ගොඩක් සැරට අදින්න එපා උගුර දැවිල්ල හැදුනම අමාරුයි සාමන්‍ය විදියට අදින්න කියලා,, හි හි ඒ වගේම ලයිටර් එක නිසා කොල්ලා සිගරැට් එකෙන් බාගයක්ම පුච්ච ගත්තා... පිරිමි ගොඩක් වෙලාවට හත්පොලේ ගාගන්නවා තමයි හැමවැඩේම ( at හිමීට හැන්ගෙමින් )

    ReplyDelete
    Replies
    1. පිරිමි මොන වැඩේ කරගන්න ගියත් එහෙමයි බං.. හැබැයි රගන්න නං දන්නවා ටක්කෙට දන්නවා වගේ..

      Delete
  35. ඉස්සෙල්ලාම දෙයියනේ කියලා ගල් සොට් එකක් උගුරෙන් පහලට හලාගත්ත දවස අද වගේ මතකයි...ඇතුලෙන් පිච්චීගෙන වගේ පහලට බහිද්දි දැනෙන ආතොල් එක කියලා වැඩක් නෑ දොරේ...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ දොරේ. ඒ මිහිරි රසේ එදා මෙදා තුර කවදාවත් පීප්ප ගනං බීලත් ආවේ නෑ. අර බුට් මාසය ඉවරද බං.. මම අඩල අඩල උණ ගත්තා

      Delete
    2. බූට් මාසය ඉවරයි...දැන් අලුත් ආදරයක රස බලනවා....කෙල්ල ගුරුවරියක්.....දැනට එච්චරයි.

      Delete
    3. හප්පට සිරි.. කෙල්ලට පව්

      Delete
  36. අර යාලුයි කතාව තමා මරු! පව් චූටි දේසකයා.

    ReplyDelete
  37. මට මුලින් ම ඉස්කෝලේ ගියේ දවස නම් හරියට මතක් වෙන්නෙම නෑනේ ... එහෙන් මෙහෙන් පැටලිච්ච මතකයක් තමයි තියෙන්නේ ...

    සිගරට් නම් බිල බලලම නෑ .. ඔය කඩදාසියක් රෝල් කරලා කොනක් පුච්චලා දුම් ටිකක් ඇදල බලල නම් තියෙනවා .. හෙහ් හෙහ්

    මුලින් ම අරක්කු පොඩ්ඩක් බීල බැලුවේ නම් යාලුවෙක් එක්ක තාත්ත ගෙදර ගෙනල්ල තිබ්බ බෝතලෙකින් පොඩ්ඩක් මුඩියට හලාගෙන බීලා බැලුව .. හෙහ් හෙහ් එදායින් පස්සේ කවදාවත් බිව්වේ නෑ ..

    යාලු වෙච්ච ඒවා නම් කියන්න ලැජ්ජයි වගේ බන් .. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. යාලු වෙච්චි එකක් නං මම කියෙව්ව වගේ මතකයි. ඔන්න ඔය එක එක රටවල් ගානේ ලගින්නැතිව ලංකාවට වරෙන්. අරක්කු ඩිංගක් පොවන්න. හැක්

      Delete
  38. පළවෙනි පාරට රතිඤ්ඤයක් පත්තු කරපු දවස මතක තියනවද?

    ReplyDelete
    Replies
    1. ඒ තරං මතකයක් නෑ බං. හැබැයි බිම් බෝම්බයක් නිස්ක්‍රිය කරනවා වගේ අමාරුවෙන් පත්තු කරපු වගක් නං ලාවට මතකයි..

      Delete
  39. හරිම අහිංසක කතා ටිකක්. කොච්චර හොඳද ඒ කාලේ.

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ අයියේ මං දැං නරකයැ.. හැක්..

      Delete
  40. මේවා කියෙව්වම නම් දේශ පුංචි කාලේ හරිම අහිංසකයි වගේ දැනෙන්නෙ .. :P

    ReplyDelete
    Replies
    1. ඔයැයි කියන්නෙත් මං දැං නරකයි කියලද? අයියෝ ඉහි ඉහි..

      Delete
  41. දැන් නම් මෙලෝ බෝලයක් මතක නෑ
    උඹගෙ කුශානි දැන් කොහෙද?

    ReplyDelete
    Replies
    1. ගම් පළාතෙමයි ඉනනේ. දවසක් මට කෝච්චියේ යන කොට හමු උනා.. හෙන කෙට්ටුයි ඒත් ඇස් වලින් මං අදුරගත්තා ටික වෙලාවක් ගියාම.. එ්කි ඇවිත් කතා කරා මාත් එක්ක..

      Delete
  42. දේශ් + කුශානී කියල කළු ලෑල්ලේ ලියල තිබ්බේ නැද්ද කොල්ලෝ.. මටත් ඔය වැඩේ උනේ 5හේ පන්තියේදී තමයි.. අර කළු ලෑල්ලේ නම් දෙක ලියල තියෙනව දැක්කම නම් ආසයි බයයි.. ඉස්සෙල්ලම බිව්වේ 8 වසරේදී.. 'ගල් ඔය' බෝතලයක් ක්ලාස් පීස් එකතු කරල අරං පස් දෙනෙක් එක්ක..බයිට් එකට වඩේයි කඩලයි එක්ක ගැහුවේ.. ඊට කලින් බීල තියෙනව කියල පොර ටෝක් දුන්නට එදා තමයි ඉස්සෙල්ලම බිව්වේ. සමහරුනම් එතනම කබරය දාල වැටුනා.. උන්ට කෝචොක් එකට හිනාවෙලා ඇවිත් මං ගෙදර යන්නේ නැතුව ඊට උඩින් තේ වත්තට ගිහින් කබරයා දාල පැය ගානක් බුදිය ගත්ත ගලක් උඩ.. ඉස්සෙල්ලම සිගරට් එකක් බිව්වේ තුනේ පන්තියේදී වගේ.. ඒ දවස්වල ගෙදර කඩයක් තිබ්බා.. ගෙදර වැඩට ආපු බාස් කෙනෙක් බොනව දැකල ආස හිතුන නිසා එකක් අරන් කඩේ පිටිපස්සට ගිහින් පත්තුකරල උගුරු දෙක තුනක් ඇදල විසි කරල ආවා.. ඒ කොටේට මාට්ටු උනේ අපේ දෙවෙනි අයිය.. මං වත් පොඩි අයියවත් ඒ කාලේ ඒ වැඩේ කරයි කියල කිව්වත් කවුරුත් පිළිගන්නේ නෑ.. ඉතින් මොකටද නිකං ඉල්ලං කන්නේ කියල හිතල මාත් කට පියාගෙන හිටියා.. අවුලක් නෑ බැලින්නම් ඌත් ඇත්තටම ඒ වගේ කඩේ පිටිපස්සේ ඒකාලෙ ගහනවලු බට් එක.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ.. නියම බුවෙක්.. හැක්... උඹලයි පොඩි අයියා බෝම ප්‍රගතිශිලි බුවෙක්.. නැත්නං මිනිහා බේරිලා උඹව දංගෙඩියට දක්කනවා..

      Delete
  43. අපි දෙන්නාත් යාලුවෙලා ඉස්සෙල්ලම කලේ ටියුශන් පංති ආපු එක. වැරදුනා ටියුශන් ඇවිත් ඉස්සෙල්ලම කලේ යාලු වෙන එක.

    ReplyDelete
    Replies
    1. වෙල්කම්.. උඹල ටියුසන් නොයවන්නයි තිබුනේ ඔව්

      Delete
  44. පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්. මමත් බ්ලොග් ලෝකෙ පැලපදියම් උනා. ඉඩ පාඩු ඇති වෙලාවක ඇවිත් යන්න එන්න...
    http://camarawenehalokaya.blogspot.com

    ReplyDelete
  45. පලමුවෙන් ඉස්කෝලෙ ගිය දවස යාන්තමට මතකයි. මොකක්දෝ ලොකු හෝල් එකකට ගිහිල්ල සිස්ටර් කෙනෙකුට බුලත් දීල වඳිනව. ඉතිරි ඒව මතක නෑ : හි : හි:

    ReplyDelete
    Replies
    1. සිස්ටර් කෙනෙකුට බුලත් දීල වැන්දා.. ??? එහෙමද කරන්නෙ..

      Delete
  46. ගස්ලබ්බ ඉස්සෙල්ලාම ඉස්කෝලෙ ගිය දා ඇඬුවෙ නෑ... ඌට ඉස්කෝල හුරුයි ගුරු නිවාස වල ඉඳලම.දෙපැත්තෙ වාඩි වෙලා අඬන එවුන් සනසපු එක තමයි මිනිහ කළේ.. (තාම බැරි උනා ඒ වැඩේ නවත්තන්න )

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උම තාම 1 ද ඉන්නේ..

      Delete
  47. කතා හතරක් ම එකේ ලියලා ඇයි?

    ReplyDelete
    Replies
    1. ඔය රසික කියන්නේ පළවෙනි පාර පෝස්ට් එක ගැන වෙන්ටැති.. ඒක උනේ මෙහෙමයි.. අත හීතල දවස් වල තමා ඕක ලිව්වේ බෝම අමාරුවෙන්.. අර රයිටර්ස් බ්ලොක් ද මොකකද කියන එක තිබුන කාලේ.. ජය

      Delete
  48. කතා හතරක් ම එකේ ලියලා ඇයි?

    ReplyDelete
    Replies
    1. එකම කොමෙන්ට් එක දෙපාරක් දාල ඇයි?

      Delete
    2. රසිකට හරියට තරහ යනවානේ.. නැද්ද බං ප්‍රසා.. දෙපාරක්ම සැරෙන් අහලා.. හැක්

      Delete