Monday, June 16, 2014

සැනසෙමු සුදෝ...!!

වෙන්න තියෙන දේ වෙනවා ඒකේ ඉතිං ඇදක් කුදක් තියෙන එකක්යැ.. මේ පාර මාත් බාගෙට මැරුනා.. ඒක නිසාම මාස භාගයක්.. බුදු අම්මේ.. එච්චර කාලයක් බ්ලොග් අනං මනං සීමාසහිතව භාවිතා කලා. එපමණයි.. ඒත් වැඩේ කියන්නේ මේ අවකාසේ ඉන්න එක එක මිත්තරයෝ වේසෙන් ඉන්න කුම්භාණ්ඩයෝ නොයෙකුත් අවලාද.. අපහාස මට පුද්ගලිකවත් ප්‍රසිද්ධියේත් එල්ල කරල තිබුනා. ඒවට නියම කලට වැසි වගේ හෙන වදින්නම දෙන්නංකෝ බඩු හරිය... හැක් හැක්.

හැබෑට අර නානසාර කතාකරන රැස්වීම් වල පුකවල් උඩ දදා අප්පුඩි ගහන උන් දැක්කම මට මතක් වෙන්නේ පරණ රෝමයේ කොලෝසියම. එතනත් එහෙම නේ. වටේ ඉන්න පනස් දාහක් අසුදාහක් විතර කෑමොර දෙන විදියට තමා සත්තු හරි මිනිස්සු හරි මරල දාන්නේ. එහෙම බැලුවම නානසාරයත් ග්ලැඩියේටර් කෙනෙක් හරි... සත්තු කොටවන්නෙක් හරි වෙන්න ඇති පෙර ආත්ම භවයක. 

මුං මේ කරන පඩත්තර වැඩ හින්දා අපට නැති වෙන්නේ අපේ රට බව පුක උඩදාගෙන අත්පුඩි ගහන උන් නොදැන ඉන්න එකයි අරුමේ. මං කිව්වේ අපේ රට කියල,.. මේක සිංහල රටක් කියල නෙමෙයි. මේක අපේ රට.. නැතිව එක එක පදුරු සිංහලයන්ගෙවත්.. මුස්ලිම් කාරයන්ගෙවත් දෙමලගෙවත් රටක් නෙමෙයි. අපේ රට. තමන්ගේ රටේම ඉහේ ඉදගෙන කඩුවෙන් බෙල්ලට කොටන නරුමයෝ ඉන්න රටක තව දුරටත් ජීවත් වෙනවද කියල හිතන්න වටිනවා.

නීතියත් නීතිය ක්‍රියාත්මක කිරීමත් මේ තරම්ම විහිළුවකට පාත්‍ර වෙච්චි කාලයක් ගැන ආයෙත් හිතන්නවත් බැහැ. ඒ වගේමයි රට තුල ඇති බිඳවැටීම.. හැම අතින්ම.. එක එක සංදර්ශන.. විකාර විවාද.. ප්‍රකාශ වලින් හංගන්න හැදුවත් එතැන තියෙන අති භයානක බිඳවැටීම වහංගු කරන්න නං ලේසි නැහැ. කරුමෙට මේ සාමාන්‍ය ජනයා කියන අන්ධභූත ආත්ම මේ තත්වයන් තේරුම් නොගන්න එක පුදුම අවාසනාවක්. පාලං උඩින් පැනල දරුවොත් එක්ක මැරෙන්න හදන මිනිස්සු ගැන අනුකම්පාවෙන් පාලං ගැට්ට උස් කරන්න කතා කරන බුරු පුත්‍රයන්ට තේරෙන්නෑ එක්කෝ තේරුම් කරල දෙන්න උවමනාවක් නැහැ.. රටේ තියෙන ආර්ථික පරිහානිය තමා ඒවයින් පෙන්නුම් කරන්නේ කියල. 

එක එක විදියේ අපරාධ.. හොරකම්.. මිනීමැරුම් ආදිය උනත් අධික ලෙස වර්ධනය වීමට හේතුව මේ අපට නොපෙණන ආර්ථික අවපාතය. ඇත්තටම බැලුවොත් අපිට දැං ආර්ථීකයක් නැහැ. ණයට අරන් ජෝගි නටල ඒ ණය පියවන්න තවන් ණය අරගෙන අර ණය නොපියවා මේකෙනුත් තවත් ජෝගි නටල, පළවෙනි ණය පියවන්න තුන් පාරක් ණය ගන්න රටක ඉන්න මිනිස්සුන්ගේ ආර්ථිකය ගැන කුමන කතාද?

වේදිකාව ලස්සනට සරසල, කොඩි වැල් දාලා සද්දේ ලොකුවට දාලා තිබුනට ටකරං ටික රත් වෙලයි තියෙන්නේ. මොන වෙලාවක හරි ඉස් මස් ලේ පුපුරාවි. ඒත් එතකං ඉන්න බෑ. මේ වගේ අරාජික, නීතියක් නැති නීතිය සැමට සාධාරණව එක ලෙස ක්‍රියාත්මක වීමක් නැති විලිලැජ්ජා නැති පාලකයෝ ඉන්න රටක හෙට මට වෙඩි තියල මැරුවත් ඒක සාධාරණයි. 

144 comments:

  1. කතාකරලා වැඩක් නැත. ලංකාව ගැන ඇත්තේ අසීමාන්තික කලකිරීමකි.

    ReplyDelete
    Replies
    1. යන්නකෝ හමයා ඔට්ටේලියාවට , අපේ රටේ මින්ස්සු වයදම් කරලා ඉගේනනුවානේ. දැන් බී ඇස් සිත් තියනවානේ.

      Delete
    2. ඔව් බස්සියෝ හරක් ඉන්න කොට තණකොළ කොහේ ඉතුරු වෙන්නද?

      Delete
  2. මේ අවනඩඩු කාට කියන්නද දේශෝ. 83 කළු ජූලියේ දුක අවුරුදු 30ක් ම වින්දා? දැන් ආයිත් ඒ තත්ත්වය ඇති වෙන්න වගේ යන්නේ. මේ අලුගුත්තේරුවෝ තේරුම් නොගත් දේ ඒකයි

    ReplyDelete
    Replies
    1. රාජය අනුග්‍රහය ඇති බව පැහැදිලියි නේ බං

      Delete
  3. මේ අපට නොපෙණන ආර්ථික අවපාතය. ඇත්තටම බැලුවොත් අපිට දැං ආර්ථීකයක් නැහැ. ණයට අරන් ජෝගි නටල ඒ ණය පියවන්න තවන් ණය අරගෙන අර ණය නොපියවා මේකෙනුත් තවත් ජෝගි නටල, පළවෙනි ණය පියවන්න තුන් පාරක් ණය ගන්න රටක ඉන්න මිනිස්සුන්ගේ ආර්ථිකය ගැන කුමන කතාද?/////

    ReplyDelete
  4. //මේ වගේ අරාජික, නීතියක් නැති නීතිය සැමට සාධාරණව එක ලෙස ක්‍රියාත්මක වීමක් නැති විලිලැජ්ජා නැති පාලකයෝ ඉන්න රටක හෙට මට වෙඩි තියල මැරුවත් ඒක සාධාරණයි// මේක පට්ට කියමනක් !

    ReplyDelete
  5. ෆේස් බුක් මිතුරෙකුගේ ටයිම් ලයින් එකෙන් උපුටා ගත් සටහනක්.

    ====================================
    ලොව මෙතෙක් ඇතිවූ සියලු ආගම්, ජාතීන්, සංස්කෘතීන් හා ශිෂ්ටාචාර වලට වඩා මනුෂ්‍යත්වයත් මනුෂ්‍ය සභ්‍යත්වයත් වටින්නේ සහ අගනේ යැයි මම තිරව විශ්වාස කරමි. කිසියම්ම ජාතියක් හෝ ආගමක් උසස්වන්නේද එකී ජාතීන් හෝ අදහන්නන් ශිෂ්ට සම්පන්න වන්නේ ද ඔවුන් කොතෙක් දුරට මානුෂික හා සාධාරණ ආකාරයෙන් අන් මිනිසුන්, සතුන් හා පරිසරය හා ගනු දෙනු කරන්නේද යන ආකාරය මත පමණි. තම ජාතිය හෝ ආගම අන් කිසි ජාතියකට හෝ ආගමකට වඩා උසස් යැයි පාරම් බාන්නා මා හඳුනා ගන්නේ මෝඩයකු ලෙස පමණි. සුවිසල් විශ්වය තුළ දූලි අංශුවකටත් වඩා කුඩා මේ මහ පොළොව මත කිසියම්ම හෝ ඉඩක යම් ජාතියකට, ආගමකට හෝ සත්ත්ව කොට්ඨාශයකට අනෙක් සතුනට වඩා වැඩි අයිතියක් ඇතැයි අදහන්නාද මා සලකන්නේ ඇසුරු නොකළ යුතු බාලයකු හැටියට පමණයි. මෙවැනි පටු බෙදුම් හා මිථ්‍යා ආකල්ප මත පදනම්ව අන් ජාතීන්ට, ආගමිකයන්ට සහ සත්ත්වයන්ට එරෙහිව ක්‍රියාවෙන්, වචනයෙන් හෝ සිතුවිල්ලෙන් අසමගියට තුඩු දෙන කටයුතු වල යෙදෙන්නෝ මගේ මිත්‍රත්වය ලබන්නට කිසි ලෙසකින් වත් සුදුසු නොවන්නෝ යැයි මම සිතමි. එවන් පුද්ගලයින් තරාතිරම නොබලා, ඥාති, ගුරු, ගෝල, හිතවත්කම් නොබලා මාගේ මිතුරු ලේඛනයෙන් ඉවත් කරනු ලබන බව කරුණාවෙන් සලකන්න.

    මට ජීවත් වීමට ඉතිරිවී ඇති ඉතිරි දින හෝ වසර කිහිපය අසමගියෙන් ගිනි ගන්නා රටක ජීවත් වන්නට මට උවමනා නැත. මා කුඩා කාලයේ ජීවත් වූ සාමකාමී රට වැනි පරිසරයක ඉතිරි කාලය ගතකරන්නට මට අවශ්‍ය හෙයින් දෑ, ගොත්, ආගම්, කුල මල වෙනස් කම් ඇවිලීමට උඩ ගෙඩි දෙන හැමෙකෙක්ම දුරින් දුරු කළ යුතු පවිටුන් ලෙස පිටු දකිමි.
    ======================================

    ෆේස් බුක් මිතුරෙකුගේ ටයිම් ලයින් එකෙන් උපුටා ගත් සටහනක්.

    ReplyDelete
  6. ෂැක් නිවුස් බලන්නවත් හිතෙන් නෑ....

    ReplyDelete
  7. උඹ මේ වගේ ගොන් කතා ලියල අර පුල් සොමියෙන් බුදු ආතල් එකක් අරගෙන ඉන්න අටමගෙන් හොඳ දෙකක් අහගන්නයි ඔය තනන්නෙ.
    යකෝ මතු බුදුවෙන්න පෙරුං පුරන උත්තමයෙකුට අපහාස කරන්න එපා,එතුමෝ අලුත්ගම ටවුමෙ පාපු යමාමහ පෙළහර තෝ දැක්ක නං ඔහොම කතා කරන්නෙ නෑ,මේ දවස්වල මාර පරාජය කරන හැටි තොට පේන්නෙම නැද්ද.නැද්ද අටං.මූට බුවල්ලකින් තලල එලවන්න එකෙක් ළඟ පාතක නැති හැටි අම්මප.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නානසාර දැන් වළදන ගිලන්පස මොනවද? ඉස්සර බීල එලවල පොලීසියට අහුවුන කාලෙ නම් අරක්කු විස්කි වගෙ ජාතියක්. දැන් නම් හිතාගන්න බෑ

      Delete
    2. ගංජා ගගහා විස්කි බොනකොටත් ඔහොම වෙනවා,

      Delete
    3. ඔව්නේ.. ඒ උතුමා අළුත් දහම් පදයක් ඉදිරිපත් කරානේ.. “අබ සරණං ගච්ජාමි“

      Delete
  8. ලොකේ දියුණු රටවල මිනිස්සු මේ මගුල් ආගම්වාදී රෙද්දවල් අතෑරලා හඳේ ගෙවල් හදන්ට පරීක්සන කොරනවා. ආගම කියන එක නූතන දියුණු ලෝකෙ මානව පැවැත්මට අත්‍යාවශ්‍ය සධකයක් නෙවේ. එවා මේවා මොකක්වත්ම දන්නෙ නැති උදේම හඩ්සන්ගෙ රට යන අත අහලා වැඩ අල්ලන අපේ එව්වෝ මෙහෙ ආගම බේරගන්ට වලි කනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් හුගක් රටවල් වල එහෙමයි. ඒත් අළු යට ගිනි ඒ රට වලත් තියෙනවා. ඔය මහලොකුවට කියාගන්න එංගලන්තෙත් අයර්ලන්තේ එක්ක මරාගත්තේ ආගම නිසනේ

      Delete
  9. මට 83 මතක් උනා ඕයි.. පට්ට ආතල් එකක් ගත්තේ.. ඒ සොමිය පට ගත්තෙත් සාධු කෙනෙක්.. අද ජාතික වීරයෙක්.. සමහර වේස කොල්ලෝ නම් ඇල්ලට වට කීයද කියලා අහනවා.. උන් මේ ජාතියක් ජන්මයක් නැති වේසිගේ පුතාලා..

    පිටකොටුවේ හෝල් සේල් කඩ කඩලා පට්ට ආතල්. පාරේ හිටපු හිඟන්නෝ, සක්කිලි මිනිස්සු කෙලින්ම නිවන් පුරේ වැඩ්ඩා.. අපේ මාළු කාරයා මාළු ගෙනාවේ නෑ.. ඌ ගෙනාවේ සමන් ටින්.. ඉලෙක්‍රික් බඩු කුණු කූලෙට ගියේ.. කෑම එහම පට්ට ලාබයි.. අපේ සීයට පුකේ අමාරුවක් හැදිලා ඒකට.. පොලිස් කාරයෙක් ඕන වෙලා තිබුනා.. බේතකටවත් පොලිස් කාරයෙක් හොයා ගන්න හිටියේ නෑ.. කට්ටිය බලා ගෙන හිටියේ දුමක් ඉහලට යන්නෙ කොහෙන්ද කියලා.. ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ නේ.. මරු ගින්න මචෝ.. අවුරුදු තිහක්ම ගිනි ගත්තා.. හෙන අමාරුවෙන් නිවා ගත්තේ.. දැන් අපේ සාධුලා ආයෙත් පට්ට ආතල් එකක් දෙන්න යන්නේ.. අඩෝ මම හිතුවේ රාග ගින්න තමයි හොන්දම ගින්න කියලා.. ඒ මොන ගින්නක්ද.. මේක නේ ගින්න..

    ඒ කාළේ මට 18 යි.. අද 48 යි... ඒත් ගිණි කෙලි වලට තියෙන ආසාව අඩු වෙලා නෑ මචං... කොහේ හරි ගිණිකෙලි සංදර්ශණයක් තියෙනවනම් මාවත් දැනුවත් කරහන්... පිං අත්වෙයි උඹලට...

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ බොට හැට අටයි කියලා

      Delete
    2. @ ඇනෝ ... හෙහ්...හෙහ් ...ලියන පඩි ලියවිලි වලට....

      Delete
    3. මුකුත් හම්බ උනේ නැද්ද බං හැබෑට

      Delete
  10. ඇත්තටම අද ඔය විස්තර ඇහුවාම කට්ටියම මතක් වුනා...මොකද අනේ මේ වෙන්නේ? හාමුදුරුවරු මවන චිත්‍රේ නම් එච්චර ලස්සණ නෑ.:(

    ReplyDelete
    Replies
    1. ඒ අය හාමුදුරුවරු නෙමෙයි අනේ

      Delete
  11. රට යන අතගැන දැවැන්ත කළකිරීමක් තිබුණත් මේ දේවල් ගැන කතා නොකර ඉන්නවා කියන්නේ නිහඩවම මේ දේවල් අපිත් අනුමත කරනවා කියන එකයි.

    රටේ නිතියනම් දැන් බල්ලාට ගිහින් තියෙන්නේ.මම දන්න හිතවතෙක් ඉන්නවා අලුත්ගම නගරයේම ඔහු කියන විදියට අලුත්ගම පැත්තේ තත්වය දරුණුයි කියලයි ආරංචි.මේ දේවල් මාධ්‍ය වලින් වරණය කරලා තියෙන බවක් තමයි පේන්නේ.

    මේ ඇතිවෙලා තියෙන තත්වයට මුලිකවම වග කියන්න ඕනේ ආණ්ඩුව.ඥානසාරලාව ප්‍රොමෝට් කෙරුවේ ආණ්ඩුවම තමයි.අන්තිමට නිතිය ඥානසාරලාගේ අතට ගන්න තරම් උන් බලවත් වුණා.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව තමා බං ඔය පස්සෙන් ඉන්නේ...

      Delete
  12. අපරාදේ ඇඳිරි නීතිය දැම්මේ අප්පා.. මම මාර ආතල් එකේ උන්නේ.. ටාගට් කරගෙන ඉන්න ප්ලේසස් කීපයක් තියෙනවා.. ගෙදරට අත්‍යාවශ්‍යම කරන භාන්ඩ ටිකක් ගන්න තිබුන චාන්ස් එක ආන්ඩුව නැති කලානේ අප්පා...

    උඹලත් භාන්ඩ ලිස්ට් එකක් හදාගෙන තියා ගනිල්ලා.. ලක් එක තියෙනවනම්.. මේ ලක් දෙරණේ භූමී පුත්තරයෝ වෙච්චි අපට වරදින එකක් නෑ..

    මුස්ලිම් කඩ දන්නේ නැත්නම්. ලේසිම ක්‍රමේ තමයි හලාල් ලකුණ..

    එහෙනම් ලෑස්තියි නේ...????

    බොබසේ ජයවේවා...!!!
    වීර සිහළ ජනතාවට ජයවේවා...!!!

    ReplyDelete
    Replies
    1. මගේ ගෙදරට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් උඹගෙ මේල් එකට එවමි.ඒකත් සලකලා බලනු මැනවි.වීර සිහලුන්ට ජයවේවා!!!

      Delete
    2. හැලපේ මගෙ එකත් අමුණලා යවපං

      Delete
    3. බොගෙ එක හෙන දිගයිනෙ ඇලෝ,මගෙ එකටත් කෙලවෙයිද මන්දා.

      Delete
    4. බොලාලට දැන්වත් වැටහෙනවද ජේආර් උත්තමයගෙ අගේ.. ?

      Delete
    5. //බොගෙ එක හෙන දිගයිනෙ ඇලෝ,මගෙ එකටත් කෙලවෙයිද මන්දා.//
      බොට මඤ්ඤංද. කලුතරිං බැරිනං බේරුවලිං එත් නැත්තං කලවංචිකුඩි ඔලිං හරි මාතලං බඩු ටික හොයාදෙයි. අයෙ මොනා අහනවද අපේ වීර හිංගලුංට වැඩක් බාරදුන්නොත් කිරි ගහට මෝල්ගහෙං ඇන්නා වාගෙ තමා.

      Delete
    6. අනේ මෙචෝ වයින් ස්ටෝස් එකක් එහෙම කැඩුවොත් ඔක්කොම මට තියපං ඈ .. තොගේම ගන්නව රෙඩි කෑශ් දීලා .ඕ යේස් !!!

      Delete
    7. 83 පුංචි බොරැල්ලේ බෝ ගහ ළඟ බාර් එකක් කඩලා... හැබයි සාධාරණව බෙදුවේ මචෝ... පෝලිමේ එන්න ඕන... එකාට එකයි දෙන්නේ..

      Delete
    8. එකක් නං ඉතිං මදිනෙ බං .උඹත් කන බොන මනුස්සය වෙච්චි ආයෙ අමුතුවෙං කියන්ඩ ඕනෑ .:D

      Delete
    9. 83 දී ජාත්‍යාලය පෙන්නලා බීපු බජාර් එකේ අයියලා කිව්වේ මෙහෙමයි. 'නම දන්නේ නෑ අර කළු බල්ලයි සුදු බල්ලයි ඉන්න කොලපාට බෝතල් බිව්වේ' කියලා.

      Delete
    10. ඒ කාලේට රුපියල් 3000ට ගිය ඩිජිටල් ඔරලෝසුව රුපියල් 25යි වික්කේ ජාත්‍යාලය කියලා මරදාන හරියේ.

      Delete
    11. ඕවා ඇස් දෙකෙන් දැක්ක එවුන්ගේ තාමත් ඇඟේ හිරිගඩු පිපෙනෙවා. කාලකණ්ණි....

      Delete
    12. මාත් ඒ කාලේ පොඩියි. ඒත් කොළඹදි මටත් අකරතැබ්බයකට මුණ දෙන්න උනා බං 83 දී

      Delete
  13. //නානසාරයත් ග්ලැඩියේටර් කෙනෙක් හරි... සත්තු කොටවන්නෙක් හරි වෙන්න ඇති පෙර ආත්ම භවයක. //

    ඇයි නීරෝ වෙන්න බැරිද? නීරෝ වගෙ ගිනි තිබ්බට මුගෙ මියුසික් එකනම් වීණා නෙමෙයි

    හනුම?

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ බැහ්. හනුම විෂ්කි පාවිච්චියක් නෑනෙ බං !!!

      Delete
    2. හනුමා වෙන්ටැති ප්‍රා...

      Delete
  14. කතා කරලම එපා වෙලා මට නං. ඔන්න ඔහේ හිනා කතාවක් කියාගෙන ඉන්නව

    ReplyDelete
    Replies
    1. ඔව් බං මටත් එහෙමයි.. ඒත් ඉවසීම නැති තැනයි මේක ලිව්වේ

      Delete
  15. අපිට පෙනෙන්නෙ ඔරලෝසුවෙ ක‍ටු ටික දේශා..ඊට පස්සෙන් තියෙන යන්තරේ තමයි වැදගත්..

    ReplyDelete
    Replies
    1. අපි යන්තෙරේ ගැන දන්නව නේ...

      Delete
  16. දේශකයට සෑහෙන තරහ ගිහින් වගේ.. //නීතිය සැමට සාධාරණව එක ලෙස ක්‍රියාත්මක වීමක් නැති// නීතිය සැමට සාධාරණව එක ලෙස ක්‍රියාත්මක වෙන සමාජයක් අපේ ජීවිත කාලෙ ඇතුලත දකින්න ලැබෙයිද කියන එකත් සැකයි.

    ReplyDelete
    Replies
    1. ඒකට හරියන පාලකයන් ඉන්න ඕන චාම්ස්.. නැත්නං කිව්ව වගේ මේ කපේදිවත් එහෙම වෙන එකක් නෑ

      Delete
  17. අයි අප්පා නානසාරටම බනින්නේ මෙච්චර මිනිස්සු ඉන්දැද්දී

    ReplyDelete
    Replies
    1. අහිංමක මිනිස්සුන්ටමයි බං ඔක්කෝම කරදර.. බොට අබ සරණයි පුතේ...

      Delete
  18. ලොක්කනම් ට්විටර් වලින් ලොකු ටෝක් එකක් දාලා තියනවා කියලා දවල් නිවුස් වලට කිව්වා.කාටවත් රටේ නීතිය අතට ගන්න දෙන්නේ නෑ කියලයි එතුමා කියලා තිබුනේ.අනේ ඉතිං මේක පලවෙනි වතාව නෙමෙයිනේ නනාට ඔය ගැන කියපු.ඒවගේම අවසාන වතාවත් නෙමෙයි කියලා දැං රටේ මනුස්සයොන්ට තේරෙනවා

    ReplyDelete
    Replies
    1. තේරුං ගත්ත අය අඩු එකයි අවුල මල්..

      Delete
  19. කාලෙකින් ආවාට සතුටුය...
    නානසාරට බැනිල්ල ඇර වෙන වැඩක් අපිට නැති වෙන හැඩය...
    සිංහල බෞද්ධයාට සොරි ඩොට් කොම්ය...

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධයා යනු තවක් එක් ජාතියක් පමණි...

      Delete
  20. තොට අනං මනං කිව්ව එකා පෙන්නපිය !! ඉවරයක් කරල දාන්ඩ. අර ඉවානයද ?? ඕකට දෙන්නං වැඩේ !!

    ReplyDelete
    Replies
    1. මම නම් නෙමේ ඕන්!!!

      මම අහිංසක දරු පවුල් කාරයා. :)

      Delete
    2. ඉවානය තමයි පත්තරේ මම මගේ ඇස දෙකෙන්ම දැක්කා රාජගිරිය හන්දිය ළඟ ඉඳන් තමයි ඉවානයා දෙසකයාට පාට් එක දැන්මේ.... ඕ යේස් ....

      Delete
    3. අන්න හරි අර කෙන්ජගේ මොක්ද්ද පහුර විකුණන කඩේ ගාවදි හරියටම හරි.

      Delete
    4. එහෙනං මරනවට වැඩිය හොඳ දඬුවමක් ඕකට දෙන්ඩෝනැ.. මට හිතෙනව ඕකට වනිතා හඬ බන්දලා දෙන්ඩ ..හොඳයි නේ අදහස :D

      Delete
    5. වනිතා හඬ බන්දලා දෙන්න ,දීපං බලන්න ...අන්න එදාට තමයි ඔය හඬ හැදෙන්නේ ,ඔන්න බලාගනිව්

      Delete
    6. නෑ නෑ ඉවානයා දැං මාත් එක්ක අවුල්. මං ඌට සෙවලයා කියල බැන්නට පස්සේ ඉදලා.. ඔව් ඉදගෙන...

      Delete
  21. බුකියට ගිහිල්ලා බලන්න ඕනි රඟේ....මුන්ට නම් අමුකැවිලා...මේ බුදුන්ගේ දේශයයි කියනකොට මට හිතුනා මේක වෙයි කියලා...පුදුම වැඩේ කියන්නේ වැඩි ප්‍රතිශතයක් තරුන පරම්පරාව බොබසට සපොර්ට් කරන්නේ... හැබැයි චිකන් බුරියානි තමයි කේඑෆ්සී ගිහිල්ලා ඉල්ලනෙත්...
    මට මතක් වෙන්නේ අර නල්ල තම්බිගේ සින්දුව...
    එදා
    ආනන්ද භවාන් එකට ගිහින් තෝසේ ගිලිනවා
    එලියට ඇවිදින් ජාපනේ දෙමලුන්ට බනිනවා.
    අද
    නෝලිමිට් එකෙන් ගත්ත එකෙන් විලි වහගෙන
    ලුලු එකේ වීදුරු බිදිනවා

    ReplyDelete
    Replies
    1. මං බුකියෙන් සමු අරන් ආවේ ඔය හන්දමයි. ඒකට ගියොත් ක්ෂණික ආතල් විතරයි. දැන් යනවා දවසට විනාඩි දෙකයි.

      Delete
    2. ඒකනේ චෙෆ් කියන්නේ. මුං කාගේ හරි අතකොළුවක් බවට පත් කරලා...

      Delete
  22. බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු
    සැඩොලා උනත් සුදනෙකු නම් පු‍ටුව දෙනු
    හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
    දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු....


    බුදු හිමි ජේසු හිමි නබි හිමි වැද පුදනු
    දෑ ගොත් කුළ නොදු‍ටු උන් පණ පිළිපදිනු
    වැදි බණ මැදින් මුණි බණ තොරා අසනු
    වැදි බණ දෙසන සඟ ඝන වුව පි‍ටුදකිමු


    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
    පාවා දෙන එවුන් මුණට කෙළ ගසනු
    කසයෙන් තලා හිස පලදා ක‍ටු ඔ‍ටුනු
    ජනයා අභිමුවෙ උන් නිරුවත් කරමු....


    රජෙකුගේ වුවත් වරදට කෑ මොර ගසනු
    මොර දෙන මුවේ රන මී පැණි ඉවත ලනු
    නිවරදි කරනු බැරි රජු නෙරපා හරිනු
    වරදට කිපෙනු සටනට වැද ජය ලබනු...!!!

    \\දෑ ගොත් කුළ නොදු‍ටු උන් පණ පිළිපදිනු//

    කියවෙන්නෝනි ටික සේරම මේ ගීතය තුල තියෙනවා මං හිතන්නෙ. නන්දා මාලිනීලගේ හඬ එදාටත් වඩා අදයි ඇහෙන්නෝනි. ඒත් අද කලා කරුවො පවා තමන්ගෙ සමාජ වගකීමෙන් කර ඇරල ඇස් කන් පියාන ඉන්නවා. එක අතකට ඒකත් හොඳයි. ආයුබෝවේවා මහ රජාණෙනි කියල ආවඩනවට වඩා.

    ReplyDelete
    Replies
    1. ජඩයෙක් උනත් තමන්ගෙ නම් ගරු කරනූ…
      විරුවෙක් උනත් අනුන්ගෙ නම් පහර දෙනූ…

      එහෙමයි බං දැන් ඉන්න කාළකණ්නි කරන්නෙ.

      Delete
    2. සමාජ් පරිහානියට හේතුව නරක මිනිසුන් වැඩිවීම නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවයි කියනවනේ බං !!!

      Delete
    3. /* දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු */

      දැන් එතකොට වීරයෝ නොවන අපි වගේ සාමාන්‍ය දෙකේ කොලේ දෙමල අයට මොනවා කරන්නද කියලද සුනිල් මාමායි නන්දා නැන්දායි කියන්නේ?

      Delete
    4. හොඳ මිනිස්සු!!!! එහෙම උන් ඉන්නවද බං???

      මම හිතුවෙ ඒ ඔක්කොම වඳ වෙලා ගිහින් කියලා.!!!

      Delete
    5. හොඳ මිනිස්සු ඉන්නව බං.. මේ මං ඉන්නෙ :D

      හොඳ මිනිස්සු කියල ඉතිං කැටගරයිස් කරන්න නං බෑ තමා. අපි හැමෝම අලු පාට මිනිස්සු..යංතං හරි හොඳ එකෙක් උනත් ##යෙක් නොවී ජීවත් වෙන්න අමාරුයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.කාව හරි මරාගෙන කාල ජීවත් වෙන සමාජයක පවතින පරිසරයට අනුගත නොවෙන ප්‍රජාව වඳවෙලා යනවා.. !!!

      Delete
    6. මේ මං කියපු එක මට තේරුනෙත් නෑ බ .උඹටවත් තේරෙනවද බලහං :D හැක්

      Delete
    7. කකා අහන එක හරි ඒත් එයත් නිවැරැදි විය යුතුයි සත්ත්වයන්ට ගරු කරණු කියල. ඔබට හොදම එකා මට දසයෙක් වන්න හැකියි. ඔහු දෙමළෙක් මුසල්මානුවෙක් සිංහලයෙක් විය හැකියි. පළමුව කළ යුත්තේ මොන එකාටත් ගරුත්වයක් දීමයි. එවිට එහි ප්‍රතිඵල බොහෝ සතුටු දායක විය හැකියි. ( නොවන අවසථාද ඇත)

      Delete
    8. ඔතන කතන්දරේ මෙහෙමයි කතන්දර. ඔය සිංදුව කියන්නෙ මානවාදී මිනිස්සුන්ට නෙවෙයිනෙ. ඔය කියන්නෙ ජාතිවාදීන්ට. ඒ නිසා කතන්දර වගේ යහප්ත් පුරවැසියන්ට මේක අදාල නෑ. ඉතින් මේ කියන්නෙ වීරයෙක් නොවන දෙමලට ගරු කරන්නෙපා කියල නෙවෙයි. ඔතන සැඟවුනු විරුද්ධාර්ථයක් එක්කයි කියන්නෙ. ඒ කියන්නෙ දීනයෙක් වෙච්ච සිංහලයෙක්ට වඩා විරුවෙක් නම් ඒ දෙමලට ගරු කරන්න කියලයි.

      Delete
    9. එහෙම හිතන්නෙපා ආචාර්‍ය් පත්තර තුමනි. ඔබ දැන් ප්‍රබුද්ධ මහාචාර්‍ය වරයෙක්. මේ ඔබේ ප්‍රබුද්ධ අදහස්.

      Delete
    10. එහෙනං මේ වගේ තැන් වල මං වගේ පොරවල් කතා කරන්ඩ නරකයි.. :D

      Delete
    11. අන්න මහාචාර්‍ය තුමාටනම් තේරුණා.

      Delete
    12. දැං බොලා මොකක් ගැනද කතා කරේ..

      Delete
  23. කමෙන්ට් එක දෙපාරක්ම කොටලා පබ්ලිෂ් නොකර මැකුවා. කතා කර පළක් නැත.

    කොහොම උනත් ඔය කාට කාටත් දොස් කියන්න නාකය. මොකද කියනවා නම්…… 83 වැනි බීහිසුණු යුගයන් දෑහින් දැක නැත්තාවූ අප වැනි ළපටි කොල්ලන්ට කෙල්ලන්ට එවන් සංදර්ශණයක් දෑහින් පෙන්නීමට ගන්නා වූ වෙහෙස මහන්සිය නිසා ලැබෙන පිනම මදෑ ඒ ඒ ආගමික නායක උත්තමයන්ට තම තමන්ලා ප්‍රාර්ථනා කරන්න උතුම්ම සැපත ලගා කර ගැනීමට.

    කොටින්ම ඒ පිනම මදෑ නානසාර සාදුට නිවන් අවබෝධ කර ගන්නත්.

    ReplyDelete
    Replies
    1. පින් ඕන් නෑ බං පුත්තලමෙන් උඩහට ගිහිං කැටයමක් කැපුවනං සුරුස් ගාල නිවං ගියෑකි !!! ඕ යේස්.

      Delete
    2. ඒ පුණ්‍ය කර්මය කර ගන්න තාම එකෙක් නෑනෙ බං.!!

      Delete
    3. සාධු සාධු. නානාසාරටත් උපරිම අබ සරණ ලැබේවා

      Delete
  24. මොකක්ද බං මේ.. කවුද නානුසාර කියන්නෙ. මට මතක නෑනෙ...

    ReplyDelete
    Replies
    1. ප්‍රසා එල ඈ ...++++++++++++++++++++

      Delete
    2. ඔයාට බ්ලොගත් තිබුණා කියලා මතකද? අර මාර මලයට පිං සිද්ධ වෙන්න එදා වැනසුවේ නෑ නැත්තං උඹ හමාරයි ප්‍රසා.

      Delete
    3. මොනවද නලින් අයිය බ්ලොග් කියන්න‍ෙ. මට මතක නෑනෙ. :P

      Delete
    4. කව්ද ප්‍රසන්න කියන්නේ. අවුුරුදු තුනක් උනා බ්ලොගේට. අනේ මට අමතක උනා නේ සුභ පතන්න...

      Delete
  25. 83 නැවත ප්‍රචාරයක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ 1915 කියලයි මට හිතෙන්නේ

      Delete
    2. එච්චර දුර යන්න අපේ රාජෝත්තමයා ඉඩ දෙන්නෑ ආයිබෝවන්ඩ

      Delete
  26. "මං කිව්වේ අපේ රට කියල,.. මේක සිංහල රටක් කියල නෙමෙයි. මේක අපේ රට.. "
    මං ආසම වචන ටික ...
    වැඩිය මොකුත් කරන්න ඕන නෑ .මේ පොඩි දේ හැමෝම තෙරුම්ගත්තනම් හොඳටම ඇති .

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මාත් හිතුවේ එහෙමයි හංසි

      Delete
  27. නානසාර නානකොට ටීවී එකෙනුත් අරක්කු ගඳ එනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි නක පගින්නැති පැන්සන් ගය ආමි කාරයිනගේ?

      Delete
    2. උගේ කට නිකං මරියානා අගාධය වගේ.. ඌ අත ඉස්සුවම කිහිල්ලෙන් බුද්ධ රස්මිය විහිදෙනවා විචා..

      @ ඇනෝ

      හිතවත් මිත්‍රයා.. කාටවත් අපහාස කරා කියල ලැබෙන සතුටක් කොහිද?? ටිකක් හිතල බලන්නකෝ..

      Delete
  28. එක ගොනෙක් වැට බින්දම ගොන් රැළම පස්සේ වැටෙන්නේ යන තැනක් නොදැන.
    මුල් ගොනා වුවමනා තැනට යයි.

    අනේ මේ වචන කොටන අපි වලිගෙවත් නැති...

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මල්මි අපිත් ඒ ගොනා වික්කා දවස් කීපෙක ඉදලා...

      Delete
    2. අපිට වල්ගේ තිබ්බත් වැඩක් වෙයිද මල්මියෝ...

      Delete
  29. මමත් ලියන්න ගත්තු පෝස්ටුව ඩිලීට් කරලා නිකා හිටියා දේශෝ. දැන්නම් ඉතින් ශුබවාදී කිසිම දෙයක් හිතෙන්නේ නැත

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ බං.. රට අරාජිකයි උඹ ඔහේම හිටු... ලොක්කා ප්‍රෙමා්ෂන් දෙන එකේ..

      Delete
  30. ඔය නානසාර කියන වලත්තයාව අත් අඩංගුවට ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කොහේ අත්අඩංගුවට ගන්නද බං. අන්න ඒකා ආරක්ෂක කමිටු රැස්වීමේදිත් ආරාධිත කතාවක් කරලා..

      Delete
  31. මොනා වුනත් අර නානසාර හමුදුරුවන්ගේ එක කතාවක ඇත්තක් තියෙනවා.. උන්ට නායකයෝ ඉන්නවා සිංහලයට නායකයෙක් නෑ.. අපේ ඉන්නේ ඉතින් පුටුවට ගහ ගන්න නායකයෝ විතරනේ..

    ReplyDelete
    Replies
    1. සිංහල නායකයෝ ඉන්නවා හැබැයි නානසාරලා වගේ ජාතිවාදී නැහැ..

      Delete
  32. වෙඞි තියලා දාන්න තියෙන්නේ ඔය @$^&&* නට

    ReplyDelete
    Replies
    1. බොටත් අබ සරණ ලබාගන්න උවමනාද?

      Delete
  33. නානසාර යනු හේතුව නොවේ පලයයි. ඔහු බිහි වීමට හා පෝෂණය වීමට හේතුවූ සටකපට දේශපාලනික අවස්ථාවාදිත්වයත්, ඉස්ලාම් අන්තවාදී භාවිතයත් (නීතිය තුල ) විනාශ නොකරනතාක් තවත් නානසාරලා බිහිවේවි. එය නොකෙරෙන තාක්කල් හුදෙක් නානසාර විරෝධයද තවත් එක් ජනප්‍රිය සටන් පාඨයක් පමණක් වනු ඇත. දුක යනු දේශපාලනික අවස්ථාවාදය තම පක්ෂපාට කන්නාඩියට අනුව තීරණය වීමත් ඉස්ලාම් අන්තවාදය පිලිබඳව වූ නෑසූ කන්ව සිටීමේ ප්‍රතිපත්තියත් බහුතරයකගේ ප්‍රතිපත්තිය වීමය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට.. දැනට තිබෙන තත්වය අනුව හේතුව නොව පලය ඉවත් කළ යුත්තේය. එය අනාගතයට සුභවාදි කටයුත්තකි. මහජන පීඩාවන් හා කැලඹීම් ඇති කිරීම පිළිබදව සැක පිට නානසාර අත්අඩංගුවට ගත යුතු අතර, බොබසේ ජාතිවාදි සංවිධානයක් ලෙස ත්‍රස්තවාදි පනත යටතේ තහනම් කළ යුතුය. එලෙස නීතිය ක්‍රියාත්මක වේනම් මෙවැනි ප්‍රශ්න අවම කර ගත හැකි බව මා සිතමි.

      Delete
    2. ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරිත්වය පිලිබඳ අදහස් දැක්වීම හිතාමතා අමතක කලාවත්ද?

      Delete
    3. නැහැ දැනට ඇති තත්වය සමනය කළ යුතු ආකාරයි මම අදහස් කලේ...

      Delete
    4. තාවකාලික පැලැස්තර විසඳුම් මෙවන් විනාශයකට මග හෙලිකල බවයි මගේ අදහස. වරද දුටු තැන මුලින්ම එය නිවැරදි කලානම් බොබසේ වටා මෙවැනි ජන රාශියක් නොවනු ඇත. විනිශ්චයේදී සාධාරණ හා සමබර විය යුතුයි නේද ?

      Delete
    5. මේ අවස්ථාවේදි අක්මුල් ගිය තැන් සොයා පලක් නැති බවයි මා අදහස් කලේ.. මුස්ලිම් අන්තවාදය ඉතා දැඩි ලෙස ඇති බව මා කලින් වතාවකත් නානාසාරට බැනපු පෝස්කටුවකදි සදහන් කලා. කෙසේ වෙතත් දැනට ඇති අවශ්‍යතාවය වන්නේ මා කලින් සදහන් කල දේයි. මුස්ලිම් අන්තවාදයේ තරම කෙසේ වේදැයි පරික්ෂා කර බැලීමක් අනවශ්‍යයි නේද? ඉස්ලාම් භක්තිකයන් තිදෙනෙක් (පොලීසියට අනුව) මෙම ප්‍රහාර වලින් මියගොස් තිබෙනවා. එය දරුණු ඉදිරියක් පෙන්නුම් කරන මාවතක්.. ඒකයි මා අදහස් කලේ..

      ඔබ කියන අයුරින් මෙම සියලු වැරදි දේ එකවර නිවරැදි කිරීමක් නම් මේ අවස්ථාවේදි කළ නොහැකි බව මාගේ හැගීමයි.

      Delete
    6. ඔලු ගෙඩි ගණන (බෞද්ධ /ඉස්ලාම්)ගණන් කිරීමෙන් තීරණ වලට එළඹීම අනාගතයේ වැඩියෙන් ඔළුගෙඩි ගණන් කරන්නට සිදුවන අභාග්‍යමත් හෙටකට මග පාදනු ඇත. නානසාර අත්අඩංගුවට ගත්විට ප්‍රශ්න විසඳේද? මෙවැනි සමාජ තත්වයකදී ඔහු එල්ලුම් ගස් යැව්වත් තවත් එවන්නෙකු බිහිවීම වලක්වනු නොහැක. ඉස්ලාම් අන්තවාදය ඉදිරියේ කෙලින් සිටගෙන එය විනාශ කල හැකිනම් නානසාරලා වියලී නැසී යනු ඇත.

      Delete
    7. ජන වර්ගයේ නමින් තියෙන දේශපාලන පක්ෂත් තහනම් කරවනවාද?
      Udara

      Delete
    8. කල හැකි නම් ඉතාමත් යහපත් ක්‍රියාවකි.

      Delete
    9. වැරැද්දේ මුල හොයන්න ඕන වගේම....පවතින තත්වය තව තවත් ගිනි තියන එක හරිද? ඇස් පියාගෙන ඉන්න පාලකයෝ ට්විටර් පනිවිඩයකට එහා ගිය වැඩක් කරාද? කවුද අසරණ වෙන්නේ..නානසාර රෙජිමයද? අන්තවාදි මුස්ලිම් රෙජිමයද? පාලක මරා..ගෝඨා රෙජිමයද? නැත්නම් ශ්‍රීලාංකික අපද?

      Delete
    10. අරූ සහ දේශක,
      ගිනිතියන එක නවත්වන්න බොබසේ තහනම් කල යුතුය. ඒ සමගම ඉස්ලාම් අන්තවාදී සංවිධානද තහනම් කලයුතුය. මේ දෙකම එක වර කල නොහැකිද? කල හැකිය කල යුතුය.මා නගන තර්කය එයයි. ඔබගේ අදහසත් එයමද නැතිනම් නානසාර මරා තෞහීඩ් ජමාත් රැක ගනිමු යන්නද?

      Delete
    11. ඔබ කියන දේ පැහැදිලියි.. ඒත් මෙ අවස්ථාවේ ජමාත් තහනම් කිරීමද වැදගත් බොබසේ තහනම් කිරීමද?? අවශ්‍ය දේ මුලින් කිරීමත් අනතුරුව සෙස්ස කිරීමත් තමා නිවරැදි දෙය.. ඔබ සිතන අයුරින් මුසල්මානු අන්තවාදීන් රැකගැනීමේ අන්තවාදි අදහසක් මට නැත...

      Delete
    12. මේ එකම කාසියේ දෙපැත්තය. එහි කතා දෙකක් නැත. අළුත්ගම සිද්ධිය අලලා දඬුවම් ලැබිය යුත්තේ කවුද යන්න පැහැදිලිය. මොනයම් අන්තවාදයක්වත් අනුමත කල නොහැකිය.

      Delete
    13. අළුත්ගම සිද්ධීය සම්බන්ධව දඩුවම් ක්‍රියාත්මක විය යුතුයි. ඒකයි ඇත්ත කතාව. ආණ්ඩුව දැං ඔන්න බොබසේ මීටිං තහනං කරනවා.. කරන්න දෙයක් නැති කමට...

      Delete
  34. ඈ .... දේශා, උඹත් එහෙනම් දේශද්‍රෝහී පිලේ සාමාජිකත්වය ගත්තා. හරි ... හෙටානිද්ද වෙනකොට උඹට විදේශාධාර ලැබෙයි තොග ගානට. :)

    ReplyDelete
    Replies
    1. එහෙමවත් එකක් ලැබියං මට දෙයියනේ කියල ගොඩ යන්න.. හැක්.. උඹ දැක්කේ කාලෙකින්. ඇයි දකුණු පළාතට වැස්සද??

      Delete
  35. යුද්ධයක් නැතුව අවුරුද්දක් හිටියොත් ලංකා මාතාවට කිසිම ගතියක් නැති බව අපේ ඉතිහාස කතාවෙනුත් පෙනී යද්දී මේක අරුමයක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සයිරි.. කොහෙන් හෝ විකාරයක් ඇදෙනවා...

      Delete
  36. කොහෙද බොල මකබෑවිලා උන්නෙ...මම හිතුවා කූඩැල්ලෙක් වත් අහවල් එක කාලද කියලා බීලා වැඩි වෙලා පදුරු අස්සෙ වැටිලා...

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ බං සිරා, මූ මෙච්චර කල් මේ මාගල් ලිව්වෙ අහවල් එකෙන්ද. හැක් .......

      Delete
    2. අනේ බං සිරෝ . අන්තිම.... කට ගාවටම හිර වො හිටියේ මේ ටිකේ.. නෝ හෙල්ලුම්.. තාමත් ටිකක් අමරුයි..

      Delete
  37. දේශකයෝ..................

    අන්න නලියා එහෙම අරෙහේ ලැජ්ජා කරනවා. ඉක්මනට ඇවිත් මේ පෝස්ට් එකේ කමෙන්ටු බලන්න.

    http://kurutugegeepawra.blogspot.com/2014/06/blog-post_18.html?showComment=1403083717600#c107932824951945869

    ඔන්න අපි අමාරුවේ දාන්න නෙමෙයි කිව්වේ. ඒත් දැන් තියෙන තත්වේ හැටියට නම් මොනවා හරි කරන්න ම වෙනවා...................

    ReplyDelete
    Replies
    1. හා.. මං ආවා නේද ඒ පැත්තේ...

      Delete
  38. 1915 දි වුනාලු එතකොට අපි නැ.83 දි වුනාලු මට මතක නැ.ඉතින් යකුනේ දැන් මෙ තෙරෙන කාලෙ පොඩි ආතල් එකක් අරගෙන බලාගෙන ඔන්න දිපල්ලකො බහුබුත ලියන්නෙ නැතුව.දෙමල ෆිල්ම් එකක් ලයිවු බලන්න පුලුවන්නේ

    ReplyDelete
    Replies
    1. ආතල් එකක් දෙන්නං මං බොට. ආයි කෝල් එකක් දුන්න වෙලාවට.. හරිය..

      Delete
  39. කෝ මේ දේශකයා. ඇයි පොරද මෙව්වට රිප්ලයි කරන්නැත්තෙ? නැතත් මට තියෙනවා ඇරියස් එකකුත්. (හැක්..හැක්....)

    ReplyDelete
    Replies
    1. මොන පොරද බං.. හැක්.. මං ටිකක් බිසී.. ඇනෝ ආවත් උත්තර දෙන්න ඕන වෙලාවට අදාළ කෙනාට උත්තර දීමයි මං කරේ. නැතිව බොලා අතැරියා නෙයෙමි බං..

      Delete
  40. කාලෙකින් ලිවුවේ නැද්ද උයාත් ...

    ReplyDelete
    Replies
    1. මාසෙකින් විතර.. මං හිතන්නේ

      Delete
  41. නියන්න දෙයක් නෑ දේශ් මේව පිටුපස ඉන්න අයගෙ අරමුණු වෙනස්. ඒ අරමුනු ඉටුකරගන්න ඉත්තන් විදියට ආගම පාව්චච්චි කරනවා මෝඩ එවුන් ඒකට අහුවෙනවා....පුලුවන් විදියට මිනිසුන් බුදධියෙන් සන්නද්ධ කිරීම මේමොහෝතේ කළ යුතුයි.

    මේ දවස්වල බ්ලොග් කියවන්න එන්නේ ප්‍රමාද වෙලා ඒත් අමාරුවෙන් හරි කියවන්න එනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා දයා. මටත් මේ ටිකේ කියවන්න වෙලාවක් නැහැ. ඒත් ටික ටික කියවනවා.. තැන්කුයි..

      Delete
  42. මේව උඩ ගෙඩි දෙන ඇයො බල බල පස්ස උඩදාගෙන හිනාවෙනව ඇති.
    කොච්චරවත් ඇස් අරවන්න හැදුවත් වැඩක් නැහැ.. එතකොට අපිට නම්බු නාම දෙනව...

    මාත් ඕන් පුරුදු විදිහට දොරේ එල්ලුනා දේ ශකයා.. :-)

    ReplyDelete
    Replies
    1. හපොයි මේ දිනිතියා මේ ආත්මෙම කොන්දෝස්තරවරියක්ද කොහේද?? පුට් බෝඩ්මයි යන්නෙ.. හැක්..

      Delete
  43. අලුත්ගම ලේ හැලියට වැටුණු ඇඹලයන් සිටින්නේ ලේ පිපාසයෙන්ය.ඒ නිසා මට නාට්‍ය කරන්නට නොදෙන බවට ද ඒ ඇඹලයන් කිහිප දෙනෙක් තර්ජනය කරති.නමක් නැති නිවැරදිව සිය අනන්‍යතාවය ප්‍රකාශ නොවන පරිදි එන ඒ තර්ජනවලට මා බිය නෙවෙමි.

    ඒ නිසාම මා මගේ මුහුණු පොතේ මගේ පිංතූරයෙන්ම පෙනී සිටින්නට තීරණය කළෙමි.කාලකන්නි පිරිසක් සිය පැවැත්ම උදෙසා ආගම භාවිතා කරන අතර මෝඩයන් පිරිසක් ඔවුන් වෙනුවෙන් අපරාධවල නියැලෙන්නට සිය ආත්මය විනාශ කර ගන්නට රොද බැදීමේ ඛේදවාචකය අපි නරඹන්නෙමු.

    මෙය දේශපාලුවන් වෙනුවෙන් ඔවුන්ව බේරා ගැනීමට වගකීම ගෙන හිරේ යන ආකාරයේ හෝ කුඩුකාරයෙක් හෝ හෝ ගංජා කාරයෙක් වෙනුවෙන් එසේ කිරීමට වඩා අංශු මාත්‍රයකවත් වෙනසක් නැත.

    ආගම වෙනුවෙන් කියා ලේ පිපාසයෙන් කෑ ගසන චීවරධාරියා ද ඒ පාදඩයන්ගෙන් වෙනස් වන්නේ සිය නිල ඇදුමෙන් පමණි.

    ReplyDelete
    Replies
    1. නිශ්.. උඹ බය වෙන්න එපා බං.. මේ සමාජයේ කලාකරුවන් කියන අයගේ ඇති අනියත බිය තමා රටට ගහපු හෙනේ..

      Delete
    2. මැරෙන්න බය නැහැ බං.මම යන්තම් අවුරුදු 13 දී (83) ගමේ හිටපු එකම දෙමළ පවුල රැක ගන්නත් තාත්තත් එක්ක මැදිහත් වුණා.මම න්‍යායන් ගැන වදාරන මිනිහෙක් නෙමේ මචං ප්‍රායෝගිකව මිනිස්සු වෙනුවෙන් යමක් වෙන්න ඕනි වෙලාවක ඒ වෙනුවෙන් කළ හැකි දේ කරන්න පසුබට නොවන කෙනෙක්

      Delete