Tuesday, February 19, 2013

නයි කයිද? මායා


මායා (1)

මායා, කව්ද ඔබට ඒ නම තිබ්බේ...

මගේ ප්‍රේමයේ පබළු වැල් ගෙන
පළදවන්නට හැදුව මොහොතක

මායා දෑසින් මදෙස බලා
ප්‍රේමාග්නියෙන් මා දල්වා
රතැගිලි තුඩගින් ගැටය ලිහා
බිමට දැමූවයි පබළු ලිහා

***************************************************

ඔයත් මායා (2)

සිත පතුලේ කිමිදේ සිතුවිලි බෝමා
නෙත මතුයේ රග දැක්වේ ඒ සෝබා
සිත පැටලේ නැති අරුමේ සේ මායා
මට දැනුනේ මා තුල මා තනි වූ සේයා


***************************************************


අයියෝ මෙයත් මායා (3)

සොදුරු හැගුමන්
නුඹ තුල වූ
මුසු කල බව දනිමි

මා හට.....????

නැත ඔවුන්ටත්....???

නුදුටුවෙමි එහි වෙනස
දෑස මායාවෙන් වෙලී
දුටුවෙමි
මට පමණක් ලෙස
ඔබේ හැගුමන්

මායා පටල ඉවත ට හැර
බැලුවෙමි
නුඹ, මටද.......
නැතහොත් වෙන අයෙකුටද...????
පානා සොදුරු හැගුමන්
නුදුටුවෙමි
දෑස මායාවෙන් වෙලී

***************************************************

හෙහ්.. මායාට පිංසිද්ධ වෙන්න ටික දවසකට තොලොංචි වෙන්න තමා කල්පනාව....හැක්...

70 comments:

  1. දේශකයා කයි ලියන්නත් දන්නවනෙ බොලේ...හොදා හොදා...අපේ හන්දියෙ බත් කඩේ කරන්නෙ නම් මායා ඇන්ටිගෙ දුව...

    ReplyDelete
    Replies
    1. දන්නේ සුට්ටයි පෙන්නන්නේ ගොඩායි.. හෙහ්... මායා බත්ද උඹ කන්නේ එතකොට

      Delete
  2. මොනවද යකෝ මේ කියවන්නේ... තේරෙන්න කියහංකෝ... බ්ලොග් රෝලේ තියන බ්ලොග් ගානෙ හැටියට එක පෝස්ට් එකට දෙන්න පුළුවන් විනාඩි 2යි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි නේ.. තොට විනාඩි දෙකක් වත් කියවන්න කාලේ නොගන්න තමා මේ වගේ එකක් දැම්මේ.. වැදපං මට එහෙම ඒවා දානවට...

      Delete
  3. දෑස් පිසදා හැරී බැලුවෙමි
    නැත මායාවල් කිසිදු
    මා පසුපසින් උන් හැන්ඩි කොල්ලාටය
    ඇය බැලුම් හෙලා ඇත්තේ
    අයියෝ..මං...

    ReplyDelete
    Replies
    1. සොරි තමා සරෝ.. මං දිහා බලල තියෙන්නේ.. හැක්..

      Delete
  4. Replies
    1. අනේ පල යන්න... මම මේ ජෝක් එකට දාපු එකක්

      Delete
  5. නියම මායාවක් ඈ..

    ReplyDelete
  6. අඩේ දේශාට අද උදේ බස් එකේදී සැට් වෙච්ච කෑල්ලගේ නම මායද කොහේ. මොකද මේ ට්‍රැක් එක පැනල කවි ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. අඩේ එක ට්‍රැක් එකක ලිව්වම මේකා කියනවා ට්‍රැක් පැනලලු.. බස් මායා නෙමෙයි බං ගෑනු මායා

      Delete

  7. අයියෝ මේවා මීට කලින් අහන්න තිබ්බ කවි බන්..
    උබල වගේ උන් හිටියේ නැනේ ඒ කාලේ..
    අපිව අහු උනා යකෝ මායාවට...

    ReplyDelete
    Replies
    1. උඹලට ඒක නේ කියන්නේ තව අවුරුදු හත අටක් පරක්කු වෙලා ඉපදෙන්න තිබ්බයි කියලා...

      Delete
  8. කිමද මේ අරුමේ? මට නොහැගේ ..

    එතනත් මායාවක්ද? ;)

    ReplyDelete
    Replies
    1. මටද නොහැගේ.. ඉතිං බොට එහෙම උනාම මක්කැ වෙනවැයි.. හෙහ්

      Delete
  9. මායාවක තරම..! පට්ට කයිය දේශකයෝ..

    ReplyDelete
  10. දේශකයාගේ අලුත් කෑල්ල මායාද?.

    ReplyDelete
    Replies
    1. කට වහගෙන හිටු පොඩි එකා විදියට.. හෙහ්

      Delete
  11. මේ මොන මායාවක්ද මන්දා...බලන් යද්දී උඹ හරි කවිකාරයනෙ දේශෝ..

    ReplyDelete
    Replies
    1. උඹල තමා මේ මායාවන් අපිට ඉගැන්නුවේ. අයියෝ අපරාදේ උඹ බැන්දද බං... හිකි හිකි...

      Delete
  12. අහෝ ඛේදයකි දුකකි ඉරකි තිතකි...

    ReplyDelete
    Replies
    1. සිරාවට කියන්න දෙයක් නෑ බොල.......

      Delete
  13. කයි තුනම කියෙව්වා ඕන්. දෙකක් නවාගෙනම ආයේ එඥන් රස විඳින්න.

    ReplyDelete
    Replies
    1. හා හා නම නමා ඉදපං. අපේ පොඩි එකත් එහෙම තමා හාමුදුරුවන්ට කියන්නේ නමා නමා කියල...

      Delete
  14. බැනලා ගියාට කවි දැකලා අහක බලං ඉන්න බැරි කොමට ආයේ ආවා... හ්ම්ම් සුට්ටක් තේරුණා වගේ... ප්‍රේමයේ මායාව තුන් අයුරකින්. ඔය අන්තිමා මායා ලඟට යන එක සවුක්කියට අහිතකරයි... තේරිලා නැත්තං හූවක් කියපං..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක සෞක්කියට හිත කර නොවේ තමා. තෝ බැන්නයි කියල මම තරහ වෙනවයි බං. නිකං ලාමක කතා කියන්න එපා... මෝඩ පැටියා..

      Delete
  15. ඔය කියන මායාවට අහු වුනොත් නම් තොලොංචි වෙන්න තමයි වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ අපිට පානුත් නැත්තේ ඒකනෙව... නදිනියෝ..

      Delete
  16. "මායාවකි ප්‍රේමය මා හදවත රිදවුයේ............
    සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොයි වේ දෝ..........."

    ඕව ඔහොම තමයි බං...කවිය ගින්දර........

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
    Replies
    1. ටැන්කුයි රස්තෝ.. ඕනන දැන්නං ලිංකටුව වැඩ කොරනවා...

      Delete

  17. අයියෝ මේවා මීට කලින් අහන්න තිබ්බ කවි බන්..
    උබල වගේ උන් හිටියේ නැනේ ඒ කාලේ..
    අපිව අහු උනා යකෝ මායාවට...
    ( ayeth damma nisa maath ayeth dama..)

    ReplyDelete
  18. එතකොට ඔක්කොම මායා ඈ...

    ReplyDelete
  19. මායාවකට හසු වී ඇත දේශකයා
    මායාවක් වගේ මු ලියනා සේයා
    මයා කියා හැම තිස්සෙම කෑ දේයා
    මයා නොපා උඹ හිටහන් දේශකයා



    ReplyDelete
    Replies
    1. අනේ අපොයි මේ අලියා ආපු තැන
      කවි ලීවොත් පහරයි ඒ කවි බසට
      කවි ලියනා කල අලියා සුදසු ලෙස
      මටම ඇඩෙයි මා ලිව්වේ නැත එලෙස..

      තැන්කුයි අලියෝ = අයිලාෂෝ..

      Delete
  20. අනේ මම නං දන්නෙ නෑ බං! ඉස්සර සිරසෙ ගියා විදර්ශනා කියල නාට්ටිටක්.(තාම තියනවද දන්නෙ නෑ). ඒකෙ ප්‍රචාරක වැඩසටහනේ කියන්නෙ
    "විදර්ශනා.... මායාව නිරුවත් කර..." කියල. අපේ එකෙක් කියනව "මචං අන්න බලනව නං ප්‍රෝගෑම් එක" කියල. ඌ හිතල තියෙන්නෙ මායා කෙල්ල නිරුවත් කරල කියල. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මටත් මතකයි ඒක නිකං ඇදල පැදල කියන්නේ. මා....යා... ව.... බය.් හිතෙනවා.. හෙහ්...

      Delete
  21. මායා දේශයක ඉන්නකොට මායා මැවෙන එක අරුමයක් ද....?

    ReplyDelete
    Replies
    1. ඔයාට විතරයි මේ මායා තේරෙන්නේ...

      Delete
  22. දේශකයා ඇණ ගනී

    අපි ඉස්සර කිව්වෙ මේ සංසිද්ධියට ඇණ ගැනීම කියායි
    මායා ඇගේ නියම නම නොවුවත් ඇත්තටම එය මායාවක් උනේ දේශකයාගේ ( නැත්නම් මොහු රඟපාන චරිතය ) දූපත්, දුප්පත් මානසිකත්වය නිසයි.
    කෙල්ලෙක් බැලුවොත් අපි හිතන්නෙ වැඩේ හරි;
    මේකිට හරි විසේ කියල.
    ඔබට වැරදිලා.
    ස්ත්‍රීත්වය ගැන ඉගෙන ගන්න අවශ්‍යයි,
    ඒ අය අපට ප්‍රෙහෙලිකාවක් සපයනවා, දිනපතා,
    පිරිමින් එය විසඳන්න ස්ත්‍රීන් අවශ්‍යයි.
    ස්ත්‍රීන් මෙච්චර ලස්සන ඒකයි.
    පව් දේශකයා!
    ඇය විසඳන්න බැරි ප්‍රෙහෙලිකාවක්.
    මායා කියන වදන හොඳට ගැලපෙනවා.
    ඇයි මිරිඟුව?
    එය වඩා හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇණ ගනී හිටු තොට මම... බක බක...

      Delete
  23. correction
    9th line
    'පිරිමින් එය විසඳන්න අවශ්‍යයි.'
    යනුවෙන් නිවැරදි විය යුතුයි

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකනේ මට තද උනේ.. වැරදියට ලියලා...

      Delete
  24. දේශකයානන් අපට මායාවක් දී මාරුවන්න මාන බලන හැඩයි.. කොහෙ ගියත් හනික වරෙං. උඹේ දේශනා අහන්න අපි ආසයි.

    ReplyDelete
    Replies
    1. දැං ඉතිං සන්තෑසිය දන්නවනේ.. වැඩේ කෙලවිය. මට යා යුතු තැන යාමට නොහැකි විය...

      Delete
  25. මොන මගුලක් කියනවද මන්දා මූ?

    මම බීලත් නෙවෙයි ඉන්නෙ.

    උඹත් ඔච්චර බොන්ඩ එපා බං.

    ReplyDelete
    Replies
    1. මම බීල ඉන්නනං උඹලට ඉතිං කනේ ඇගිලි හතරක් විතර ගහගන්න වෙනවා ඩුඩේ.. හෙහ්..

      Delete
  26. මායා වෙලා ගියා.
    මෙලෝදෙයක් තේරෙන්නෑ බං...හිටපන් දෙකක් දාන් ඇවිත් බලන්න.

    ReplyDelete
    Replies
    1. උඹ ට මේ ටිකේ අවුලක් තියෙනවා වගේ... හෙහ්.. දෙකක් දාගනිං ඔළුවට...හිමීට කියන්නේ මටත් මෙලෝ දෙයක් තේරෙන්නෑ තමා බං...

      Delete
  27. Replies
    1. මායා මායා මායාවකි මායා..

      Delete
  28. කවි ටික ලියල කොහෙද තෝ යන්ඩ හදන්නෙ,මායා පස්සෙන්ද.යන මගුලක ගිහිං ඉක්මනට වරෙන්.

    ReplyDelete
    Replies
    1. චැක් විතරක්.. මේකා ගොඩ බාපු ගමන් වැඩේ අන්දොස් උනා.. මදැ කොලා...

      Delete
  29. මොකක්ද මේ මායා තවත් මායාවක්ද?

    ReplyDelete
  30. ඔය මයං හැ හතරෙන් කී වෙනි මායාවද ඇ

    ReplyDelete
    Replies
    1. ඒකට අපි අහු වෙලා බොල ඉන්නේ ආයිත් නෝ බේරිලි..

      Delete
  31. මායාව මායාව අප රවටනා :3

    ReplyDelete
    Replies
    1. ඇයි උඹව රවටන්නේ අර අන්තිමට දාපු 3 ද?? හැක්..

      Delete
  32. දේශකයෝ...........................

    ReplyDelete
    Replies
    1. ආ අකමෝ...... මං ආවා ගොහිං...

      Delete
  33. මයා පොඩි කාලේ හොල්මන් කතාවකත් හිටියා මායා කියල. අම්බෝ.. බයයි.

    ReplyDelete
    Replies
    1. හෙහ්. මටත් හෙන බයයි බං මායා කිව්වම. මොන ජිල්මාට් එකක්ද මන්ද

      Delete
  34. Replies
    1. අඩේ සැන්ඩරේ වැඩ ඇල්ලුවැයි..

      Delete