Thursday, June 27, 2013

හෙන ගහද්දී ආතල් ගැනීම!!

එකම ස්ටාට් එකක් හම්බ වෙලා දුවන්න ගත්ත ජීවිතේට දැං අවුරුදු 15 ක් විතර වෙනවා. ඒ කියන්නේ එකම ජොබ් එකකට අනුගත වෙලා දැං පහුවෙන්නේ මගේ 16 වෙනි අවුරුද්ද. ඊට කලින් එක එක ජාතියේ පොඩි පොඩි ජොබ් තුනක් විතර කෙටි කාලිනව කරල මේක හම්බ වෙච්චි ගමන් එදා ඉදලම ආයේ මොකක් වත් නෑ මේකෙම එල්ලිල ඉන්නේ, යන්තං නොමැරි.

හැමදෙයක්ම ගොඩනගාගන්න කලින් ලොකුවට හිත ඇතුලේ මාරම හීන ගොඩක් තිබුනා. පොඩ්ඩක් ආපස්ස හැරිල බලද්දි ඒ හීන වලින් මං ගොඩ වෙලා නැතිවා වගේම හීන දකින එකත් දැං නතර කරල දැම්මා. මොන තරං කරුමයක්ද කියල හිතෙනවා ජීවිතේ ගෙවන එක. පොඩි කාලේ මේ වගේ ජීවිතය ගැට ගහගෙන යන එක අපි හිතුවේ හරිම සිම්පල් දෙයක් කියලා. ටීනේජ්ර් කාලේ මොන ලෝකෙන් හරි කෙල්ලෙන් හොයාගෙන බැදල කරල, අර කව්රුත් කියනව වගේ කන්දක් මුදුනේ පොඩි ගෙයක් අටවගෙන ඒකෙම පොඩි කඩයකුත් දාගෙන කඩේ පිහිටෙන් ජීවත් වෙන්න පුළුවන් කියන ආසක්ත හීනයකුත් තිබුනා. හැබැයි කන්ද මුදුනේ තියෙන කඩේට අඩුගානේ යකෙක් වත් එනැනැතෙයි කියල ෆැන්ටසි හිතට නොතේරෙන්නේ බොළද කම නිසාද නැත්නං අත්දැකීම් නැති හින්දද, හරියට ඉගෙන ගෙන නැති හින්දද කියල නිච්චියටම කියන්න අමාරුයි.

ඒක පැත්තකින් තියමුකෝ. ඉස්කෝලේ වැඩ හමාර කරල තව ඔය තියෙන අධයාපන කටයුතු අවුරදු තුන හතරක් වෙන තැනකත් කොරල කියල, ඊට පස්සේ රස්සාවකට සෙට් උනාම අළුතින් බලාපොරොත්තු ලැබනා. අම්මට තාත්තට සලකන්න. හීනියට අඩියක් ගහන්න. තනි කොලේ හින්දා ඇති වෙනකං රට පුරා සවාරි යන්න. හැන්දාවට බොක්කවල් එක්ක සැට් වෙලා ෆන් එකක් ගන්න. මිත්තරයන්ගේ ගෙවල් වල රස්තිය ගහන්න. (ඒ අස්සේ මෙන්න මුණුපොතේ එකෙක් ස්පෑම් වෙච්චි කොමෙන්කටුවක් අදින විදිය අහනවා.) ඒත් හරිම කනගාටුයි කියන්න. අතට සල්ලි එන්න ගත්තම වෙනද නැති තරං අවශ්‍යතා, උවමනා ඇති වෙන්න ගත්තා. ජීවත් උන පරිසරයට. තවත් ටැබ් එකක් එකතු උනා. වැඩපොලේ සමාජය. ඔය විදියට සපුරගන්න කියල හිතපු එකම දෙයක්වත් හරියට කර ගන්න වෙන්නේ නෑ. හැමදෙයකින්ම පරාද වෙන්න තමා උනේ. එහෙම කියන එකත් හරි නෑ. එක්කෝ අපි ජීවත් වෙන්න දන්නේ නෑ, නැත්නං අපිට ජීවත් වෙන්න උවමනාවක් නෑ.

ටික කාලයක් යද්දි ඔන්න උවමනා උනා කසාදේ නැමැති කටු ඉඹුලට බඩගාන්න ආසාවක්. ඒකත් දෙයියනේ කියල ලස්ස ගානක් වියදං කරල උර චක්‍රමාලයක් වගේ එකක්ම දාගත්තා. ටික දවසක් යන කොට අච්චාරුවක් උනා. හැබෑට මොකක්ද උනේ කියල හිතාගන්න බෑනේ. මං කසාද බදින කොට දැනගෙන හිටියේ නෑ මං හිතන්නේ කසාදේ කියන්නේ මේකයි කියල. මට ඕන උනා කසාද බැන්දට පස්සෙත් තනි අශ්වයෙක් වගේ දුවන්න. හැමදේම තනි පංගලමේ කරන කොට දේශිකාව අමතක වෙනවා සමහර වෙලාවට ගියපු තැං වලින් ආපහු ගැලවිල එන්නේ පහුවෙන්ද පාන්දර. එක පාරක් නොනගතේ වෙලාවේ මේ අපේ යකෙක් ගේ ගෙදර ගිහිල්ල මහ රෑ එන්න විදියක් නැතිව, දෙයියනේ කියල අවුරුද්ද ඉවර උනාම ගෙදර ආවා. එදා නං ඉතිං අවුරුද්දක් නෙමෙයි ගෙදර එකම මරණයක්. වටෙන්ම බැනුං. මොකක් හින්දද වගකීම් විරහිත ක්‍රියාකලාපය හින්දා. ඔය මොන තරං බැනුං ඇහුවත් ඒවා අඩු උනේ නෑ නෙව.

ලැජ්ජා නැතිව ආයේ කරනවා. ටවුමට ටිකකට යනවයි කියපු මිනිහා පැය තුන හතරක් ගිහිල්ලත් නැති කොට ඔන්න මහ රෑ ජාමේට ගෙදරට කෝල් කරල කියනවා “දේශිකා, මම දැං පිළිමතලාවේ ඉන්නේ..හෙට එනවා“ කියල. ඔය වචන දෙක තුන කියපු ගමන් කෝල් එක කට් කරල ගියාම කතන්රදයක් නෑනේ. හැබැයි ගෙදර ගියාමු ගුටි පුජාවයි (?????). හැක් හැක්. මොන විදියෙන්වත් සාවදානව කරුණු කාරණා ඇහුන්කන් දෙන්නේ නැත්තේ ගෙදර උන්දැ කියන ඒවට විතරයි. වෙන මොකෙක් හරි දෙයක් කිව්වොත් “ ඇයි බං යාපනේද යන්න ඕන“ කියල ඒ සැනින්ම යාපනේ උනත් යාවි. මේක මං හිතන්නේ පොදු දුර්වලතාවයක්. පිරිමියෙක් කවදාවත් තමන්ගේ වගකීම් සහතිකේ ගැන හරියට කියන්න දන්නේ නෑ. හුගක් පිරිමි කොයි තරං කයි ගැහුවත්, වැඩ කප්පරක් කරත්, අන්තිමට කරල තියෙන්නේ ගැහැණියගේ ෂෙඩුල් වලට. ඒවා වැරදිය කියනවා නෙමෙයි. මොන විදියෙන් හරි පිරිමියා හරි ට්‍රැක් එකට ගන්න නං ගෑනියෙක්ට මිනිහෙක්ව ආම්බාං කරන පස්ට අමාරු සීන් කෝන් එකක්. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා නෙව. මොන දහිරිය දැම්මත් මගේ කොළු කාලේ කරපු වගකීම් විරහිත ක්‍රියාකලාපය තාමත් අඩුවෙන් හරි තියෙනවා. ඒත් හැදෙන්න බෑ. මොන තරං නං අමාරුවේ වැටිච්චි අවස්තා (ආ.. නලින්) තියෙනවද ඒ මොන මොහොතෙත් මට හිතිච්චි දේ තමයි වගකීමෙන් වැඩ කරානං මේ දේ නොවෙනවයි කියන එක. හැබෑටම ඒක නෙමෙයි අනේ.. “ගෑණි කිව්ව දේ ඇහැව්වන ඉවරයි“ නේ කියන එක. කොහේද ඒක කියන්න තරං පිරිමියෙක් වෙලත් කොන්දක් නැති කොට කුමන කතාද??

මුදල් භාවිතයත් එහෙමම තමා. ආණ්ඩුවෙන් දෙන හින්දා ගන්නවා. වැඩිත් එක්කම ආයේ ආණ්ඩුවටම ගෙවනවා. නැත්නං හරි නෑනේ. අපි ඔය කව්රු ඇඩුවත් විප්ලව කරන්නෙවත්, උපවාස කරන්නෙවත්, පෙළපාලි යන්නෙවත්, විරෝධතා ව්‍යාපාර කරන්නේවත් නෑ නෙව.. ගාන වැඩි කළාය කියල. ඔන්න ඔහේ සල්ලි දීලා කට වහගෙන අරන් එනවා. නියම සීන් එක කියන්නේ හැමදේම ගානට මිම්මට කරන්න දන්නැති එක ඒකටත් බලපානවා. ධනපාල පර්ස් එකේ ඉන්නකං පොර සේ ඉන්නවා. නැති දවසට වැටෙනවා. ඔව් දනින් වැටෙන වෙලාවලුත් තියෙනවා. මේකත් ඒ වගේ වෙලාවක්.. හැක්..

ඔය අපේ මහලොකු සල්ලි කාරය කියන්නේ “ළමයෝ වියදං කොරල කොරල ඉතිරි වෙන පිච්චිය පොතේ දාන එක නෙමෙයි කොරන්න ඕන.. ඔහේට ඕන ගාන ඉතුරු කරල අන්න ඊට පස්සේ ඕන මගුලකට වියදං කරගන්නව හොදයි“ කියල නේ. කව්ද මේ පොර.. මම කිව්වේ වොරන් බෆට් සීයා ගැන. එයා කියන ඒවා අපි අහනවනං ඉතිං අපිත් වොරන් පැටවු වෙන්න එපායැ. මොන දේශන තිබ්බත්... ලෝකේ පුරාම මොන තරං දේශන තියෙනවද?? සල්ලි ඉතුරු කරන්න,. සල්ලි හම්බ කරන්න,. සල්ලි ආකර්ශනය කරගන්න, කෝටිපතියෙක් වෙන්න කියල දෙන. ඒත් අන්තිමට ඒ උගන්නන ඒකා අපේ පොකට් එකට ම ඇනල ඌ සල්ලි කාරයෙක් වෙන එක විතරයි වෙන්නේ. අර පෙන්සුයි කෑදරයා ආසිරියා ඒ යකත් එහෙම නේ. දුප්පති මිනිහගේ පර්ස් එකට ඇනල මිනිහා කෝටිපතියෙක් වෙන එක විතරනේ උගේ පෙන්සුයි ලබ්බේ තියෙන්නේ. ඒ පෙන්සුයි එක මං හිතන්නේ ලංකාවෙන්ම හරිගියේ ඔය ආසිරියට විතරද කොහේද. අනිත් උන් සේරම මස්තබාල්දු වෙලා ගියා. අහන්නත් දෙයක්යැ. ඌ පෙන්සුයි කරන්නේ මිනිස්සුන්ට නෙමෙයි නේ. ඒ යකාටම  නේ..

දැං මොකක්ද ඇත්තට කියන්නේ.. මේක කතාවක්ද,. පශ්චත්තාපයක්ද, වෙන මොකක් හරිද???? මොකක් උනත් කමක් නෑ. මගේ ඔළුවට හෙන හත වැදිල ඉන්න වෙලාවේ, පොඩි හරි සහනයක් ලැබුනා මේක හින්දා. ඒක නිසා මොක නැති උනත් ඕං හිතේ සතුට ටිකක් අරගෙන මම ගියා. ඔහේලටත් ටිකක් ලැබුනද,, නැත්ද මන්ද..

Tuesday, June 25, 2013

බාගේ බලේ!!!

ගෝරියා කෝල් එකක් දුන්නා.

“ඒයි යකෝ දේශා.. අද වරෙන් පැට්‍රොල් ගේ කඩේට උඹ වැඩ ඇරිල යන ගමන්.. “

“මොකටද බං මට ඉක්මනට යන්න ඕන. මගුලක් තියෙනවා බං යන්න“

“හරි වරෙන් බං. මාත් ඉක්මනට යනවා වරෙං එහෙනං තිබ්බා“

ගෝරියා කෝල් එක දුන්නට පස්සේ දේශකයගේ ටයිම් ටේබල් එකට අනුව 4.15 ට එළියට බැහැල හැන්දැවේ පහ වෙද්දි පැට්‍රල් කාරයගේ කඩේ ගාව මම. ගෝරියා ඌත් එක්ක හුටුහුටු බයික් කටුව ට හේත්තුවක් දාගෙන මං එනකං කතාව.

මාව දැකපු මුන් දෙන්න දොහොත් මුදුන් දීලා පිළි අරගෙන වාඩි කරවල තේ එකක් හෙම හදලා දීල “බීපං යකෝ“ කියල හෙන ආදරෙන් කිව්වම නොබී හැකිය, බීල දැම්මා.

මම කලිනුත් කියල ඇතිනේ ඔය ගෝරියා සහ පැට්‍රල් ගැන කතා කිහිපයකම. දැන් මේ වෙලා තියෙන්නේ ගෝරියට බීමේ දොළ දුකක් ඇති වෙලා. මිනිහා කැමතිම බ්‍රෑන්ඩ් එක බ්ලැක් ඕපල් එක හින්දා එයින් එකක් ගෙනැල්ල බොන්න. ඒකට තමා මූ මටත් “කාක් කාක්“ ගාලා තියෙන්නේ. මමත් ධනපාල පර්ස් එකේ නැති බව කියාගෙනම වැඩේට සෙට් උනා. තුන් දෙනා එක්ක බැදපු මස් කෑලි ටිකකුයි, ඔය ගල් මාළු කුරි දෙක තුනකුයි එක්ක කඩේ ඇතුලෙන් සෙට් වෙලා හිටියේ. තුන්කාලක් විතර යද්දි, පැට්‍රොල් කාරයට “දුරකතන ආතල්“ එක ආපු හින්දා කෝල් එකක් දීලා එන්න කිව්ව ඉබ්බට. 

අපේ ඔය ඉබ්බත් එක්ක මං වැඩිය බොන්න කැමති නැත්තේ ඌත් එක්ක බීල ඉවරවෙන කොට දෙතුන් පාරක්ම බිම දොයි වෙලා තමා ගෙදර යන්න වෙන්නේ. මොකද ටිකක් වදින කොට මූට ඩාන්ස් කරන්න ඕන. සින්දු නැත්නං ෆෝන් එකෙන් හරි දාගෙන ඩාන්ස් කරනවා. එහෙම කරද්දි අපිවත් ඇදගෙන ගිහිල්ල ඩාන්ස් කරන ගමන් කාගේ හරි කකුල් දෙකෙන් උස්සගෙන දුවනවා. ඉතිං බීපු මතෙත් එක්කම අඩි දෙක තුනක් ගියපු තැන උඩ ඉන්න එකාගේ දැගලිල්ල හින්දම දෙන්නම වැටෙනවා. ඔය සීන් එක හින්දම ඕකා බොන්න සෙට් උනාම මම ටිකක් දුරින් තමා ඉන්නේ. හැක්.

ඒක ඉවර උනාම “මදි උණ“ හැදිලා. ඉබ්බා ආපු අළුතම හින්දා ඌ එකක් ගෙන්නං කියල බයිසිකල් කටුව අරන් ගිහිල්ල එකක් ගෙනාවා. ඒකත් බිව්වා. ඒත් මදි ඒ පාර පැට්‍රල් කාරයා දුවල ගිහිල්ල තව එකක් ගෙනාවා. ඒකත් මදි. ඒ පාර ගෝරියා ගිහිල්ල තව එකක් ගෙනාවා හොද එකෙන්ම වැනි වැනි ගිහින්.

ඒකත් මදි. හැබැයි දැං මොකාටවත් හෙල්ලෙන්නවත් බෑ. ඒත් ගෝරියට බොන්නම ඕන. ඒ පාර ගෝරියගේ බයික් කටුවේ නැගල ඌට තනියට මමත් පස්සෙන් ගියා ටවුමට. ගිහිල්ල භාගයක් ගත්තා. ඔන්න දැං භාගේ අරන් වැනි වැනි දෙන්න එක්ක එනවා පාරේ. ටික දුරක් එනකොට (ටිකක් පටු පාරක්) ඉස්සරහින් ගියපු ට්‍රයිෂෝ එක, දඩාං ගාලා බ්රේක් කරා. මම අරූට කෑ ගැහැවා යකෝ බ්රේක් ගහපං කියල. මොන.. කකුල් පැටල් කර කර බ්රේක් ගැහැවත් අහන්නේ නෑ. වදින්නමයි යන්නේ. මූ කරේ බයිසිකලේ කානුව පැත්තට දැම්මා. මේ කානුව සිමෙන්ති කානුවක්. දැං බයිසිකලේ ඉස්සරහ රෝදේ කානු ගැටි දෙක උඩ. අපේ අත් ලෙලි ගිහිල්ල යන්තං වගේ එතන තිබ්බ තාප්පෙට බයිසිකලේ හේත්තු වෙචිචි හින්දා. දැං දෙන්නම ආතල් එකේ තාප්පෙට හේත්තු වෙලා ඉන්නවා ඔහේ උඩ බලාගෙන. මොන විදියෙන්වත් හෙල්ලෙන්නවත් බෑ. මොකෝ උඩින් යන්නම බඩු නෙව. 

මේ වෙලාවේ පාරේ ගියපු දෙතුන් දෙනෙක් එකතු වෙලා මළ මිනි දෙකක් වගේ හිටිය අපි දෙන්නව බයිසිකලෙන් බස්සල, බයිසිකලෙත් පාරට අරන් දුන්නා. ඒ අතරේ කාර් එකක ගියපු බුවෙකුත් හෙඩ් ලයිට් එහෙමම තියෙද්දි කාරෙකෙන් බැහැල ඇවිත් අපට උදව් වෙන්න. ඔය පොඩි පොඩි තුවාල තිබුනට එතන හිටිය හැමෝටම ගෝරියා සැරෙන් සැරේ කියනවා “නෝ ප්‍රස්.. නෝ ප්‍රස්“ කියලා. ඔය අතරේ අපි දෙන්න වැනි වැනි ආයේ බයිසිකලේට නගින්න එන කොට අර කාර් එකේ පොර මං ගාවට කිට්ටු වෙලා කියනවා.

“මල්ලි අර කානුවේ වැටිල තියෙන අඩුපාඩුවත් අරගෙනම යන්න“ කියල කින්ඩි හිනාවකුත් එක්කම.

එකපාරටම මට බඩ අතගැවුනා. හත් ඉලව්වේ මෙච්චර අමාරුවෙන් බඩ යටින් තියන් ආපු බාගේ නෑ නෙව. මොන වෙරිද. අඩි දෙකහමාරක් විතර ගැඹුර කානුවට බැහැල බාගේ අරන් ආයේ පුරුදු විදියටම බඩේ ගහගන්න කොටත් පොර හිනා වෙවි බලන් හිටියා කාර් එකේ දොර ඇරගෙනම. ඒ පාර එන ගමන් මම ඇහුවේ මොකෝ යකෝ බ්රේක් කරේ නැත්තේ කියල ගෝරියගෙන්.

“යකෝ බ්රේක් තියෙන්න එපැයැ. ඉස්සරහ කේබල් එකත් කැඩිල තිබ්බේ“

“මොන එහෙකට ද එහෙනං මේකේ යන්නේ“

“අනේ පලයං යන්න. එහෙනං තොගේ එකේ අපි ආවේ නැත්තේ ඇයි“

ඔව් සුදෝ.. මට කියන්න අමතක උනා මගේ බයික් කටුවේ අරූගේ තරංවත් බ්රේක් නෑ නෙව. හැක් හැක්. 

ඔය විදිය ඒ බාගෙත් ගල් කරල, ඉබ්බගේ කරදරේනුත් බේරිලා ගොළු බෙලි ගමනින් කොහොම හරි ගෙදර ගෑටුවා.

ගෙදරට ආවට වඩා හොදයි කියල හිතුනා නෑවිත් හිටියනං. 


“දැං අර මගුල් ගෙදර යන්නේ හෙටද????“ දේශිකා අහනවා

“මොන“

“ඇයි අනේ අල්ලපු ගෙදර කොටහළු මගුල“

“ආ හෙට යං.. හෙට යං“

“ඉතිං ඒක අදනේ. දැං ඒක ඉවරයි නේ“

“එහෙමද එහෙනං අද යං“

%$#^$^&$ #^^$^


Wednesday, June 19, 2013

මුඩු මහණ ඔබ කොහිද???

ලංකාවට 1971 දී මොකද උනේ ටෙනිසන් කුරේ මිනිහගේ හිනාකන නාට්ටියකදි එහෙම ඇහුවම දෙන උත්තරේ තමා “කව්ද දන්නෙ“ කියන එක. ඒක මේ විදියට වෙනස් කළොත් 2013 දී ලංකාවට මොකද වෙන්නේ.. අපි ඔක්කොම ටෙනිසන් කුරේලා හින්දා කියන්න තියෙන්නේ ඔරිජිනල් ටෙනියා කිව්ව විදියට ඇදල පැදල “කව්ද දන්නේ කියල“ තමා.

රටේ අරාජිකත්වය නිසි පරිදි හුවා දැක්වීමක් විදියට මේ කාලය තුල සිදු වූ සිදුවීම් එකින් එක පෙළ ගැස්වීම කරන්න පුළුවන් උනත් එහෙම කරන්න කිසිම උවමනාවක් නැත්තේ ඔය පත්තරයක් අරන් උඩින් පල්ලෙන් බැලුවත්, ඒක රෙද්ද පල්ලෙන් බේරෙන තරමටම පේන හින්දයි. මම කියන්නෑ මේක සම්පුර්ණයෙන්ම මහරජා ප්ලෑන් කරල රට වට්ටන්න කරන දෙයක් කියලා. (එහෙම කියන්න බෑ නේ මෙයා) 

මොන දේ උනත් ආසන්න කාලයක ඉදල රටේ නීතිය, ෂරියා නීතිය තරම්ම වනචාරි නීතියක් වෙලා හමාරයි. දැන් නීතියට කෝ නීතිමය රාමුවක්? නීති ක්‍රියාත්මක කරන්නන්, නීති ආරක්ෂකයින්, සිවිල් සමාජය ආරක්ෂා කිරීමක් කිස්සේත්ම වෙන්නේ නැති විදියේ තුප්පහි වනචාරි රටක් බවට අපි පත් වෙමින් පවතිනවා.

එක පැත්තකින් අත් තටු කපා ගත් දෙමළ හා මුස්ලිම් ජාතිවාදය, තම තටු හැදෙන තෙක් හෝ තමන්ගේ  ගොදුර නියම වෙලාවෙදිම අල්ලගන්න කුරුමානම් අල්ලමින් නිද්‍රාශිලිව ඉන්න මොහොතක රට අරාජික කිරීමේ කූට අභිප්‍රායන් අත් හැර දමා නොමැති බව සක් සුදක් සේ පැහැදිලිව දැකිය යුතුය. එසේ තිබියදීත් ඔය පොඩි පොඩි ගොදුරු සොයා එම ජාතිවාදින් සෑම තත්පරයක් ගානේම රට තුල ක්‍රියාත්මක වන අතර, එය අප මත කටයුතු කරන්නේ හරියට දිශානතියක් නොමැති ඊතලයක් ආකාරයෙන්. හැබැයි අපි හිතන්නේ එයට දිශානතියක් නැතෙයි කියල උනත්, එය නියම දිශානතියට ගමන් කරන බව තේරුම් නොගෙන සිටීම හැබෑම ඛේදවාචකයක්.

ඔය හැමදේම අතරේ ඉහළ දේශපාලන හස්තයන් විසින් තමන්ගේ අරමුණු (මේවා රට වෙනුවෙන් තියෙන අරමුණු නොවෙයි තනිකරම පෞද්ගලික අරමුණු) මුදුන්පත් කරවා ගැනීම සදහා එක් එක් කණ්ඩායම් හට අනුග්‍රහය, අනුශාසනය හා මුල්‍ය සත්කාර ලබා දෙමින් තමන්ගේ හඩට නටනා වේසිගේ පුතාලා සෙට් එකක් දැනටමත් ඇති කරල හමාරය. 

එක වේසිගේ පුතාලා සෙට් එකක් අම්මගෙ රෙද්දේ “බොදු බල සේනාව“ කියා එකක් පටන් ගෙන මුළු රටම එකම ත්‍රිල් එකකට පත් කරන්නට කටයුතු කළේ වෙන මොන එහෙකටවත් නොව දහතුනටය. (දහතුන කියන්නේ මහරජා රැවලයි කැදයි දෙකම බේරගන්න හිතාගෙන ඉන්න ව්‍යවස්ථා සංසෝදනය වේ.) රට තුල මවා පෙන්වන අරාජිකත්වය සම්පුර්ණයෙන්ම නිර්මාණය කලේ මේ බොබසේ වේසිගේ පුතාලා නොවුනත් එය කලේ උන්ට කන්න දුන් රැලමය. එහෙත් රට තුල නිර්මාණය වූ රැල්ල ට වගකිව යුතු වන්නේ කාගෙන් හෝ බඩපුරවා ගත් මේ තකතීරු බොබසේ වේසිගේ පුතාලමය. උන් එක්කෝ සිව්රු පෙරවාගත් සක්කිලියෝය. බෞද්ධ කියා නාමයක් ගාගත් මහ පජාත (කුනුහරුප වැලක්ම කිව්වා කියලා හිතාගන්න) මුඩු මහණුන් රැලක්ය. උන්ගේ නාමයෙන් දළදා මැදුර අභියසදී හරකෙක් වෙනුවෙන් අරාබි කාරයා දෙන හලාල් පැට්රල් ටිකක් ඇගට හලාගෙන බෙරිහන් දෙමින් මැරී වැටුනේ, එවැනිම තමන් කාපු දෙයවත්, කරපු දෙයවත් නොදන්නා තට්ටයෙකි. 

උගේ පිහිටෙන් හා අදිසි හස්තයන්ගේ ආලිංගනයෙන් ඔද වැටුනු තවත් අසික්කිත ජාති වාදි සංවිධාන රැසක්ම දැන් බිහි වී ඇත. බොබසේ වසවර්තීන් නොහොත් සක්කිලි වේසිගේ පුතාලා රට තුල නීතිය අවනීතය කරවමින්, උන් නීති ක්‍රියාත්මක කරන්ට ගත් තැන, කිසිදු අයුරකින් වැළැක්වීමක් කරන්නට පවා ආණ්ඩුවේ අවජාතක පොලීසිය හෝ වෙනත් ඔය සද්දේ දානා විනිශ්චයකාරයෙක් වාඩි වෙන උසාවියක් වත් කටයුතු නොකළ තැන, බොබසේ සක්කිලි සද්දය වැඩි වී සාමාන්‍ය ජනයාට තමන්ගේ ගරාජයක පෝස්ටරයක් වත් අලවා ගැනීමට නොහැකි විය. මේවා උළුප්පා පෙන්නු උකස් සෝමේ ආච්චිගේ අඩනවාහිනිය ජනතාවට තවත් ත්‍රිල් එකක් සපයා දෙන්නට විය. හැම දේකින්ම උත්තේජනය ලබමින් නැගිට ආ රාවණා බලය, සිංහල රාවය වැනි තවත් ජාතිවාදි, ජාතිද්‍රෝහි වේසිගේ පුතාලා (සිවිරු ඇදගත් ඔය ධම්මවංසලත් ඒ වේසිගේ පුතාලා සැට් එකටම අයත්වේ) රැලක් රට තවත් අගාධයකට තල්ලු කරමින් සිටින්නේ, එක් අයෙකු හෝ දෙදෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙනි. අපි හිතන්නේ එන්ජීඕ එන්නේ රට කන්න කියා වුවද මේ වේසිගේ පුතාලා කරන්නෙත් එයමය. බුදු දහමේ හා සිංහලයේ නාමයෙන් රට විනාස කිරීමය. උන්ට හසුවූ මෝඩ අමන සිංහලයන්ටද වන්නේ එයමය. අවසානයේ වන්නේ අප කව්රුත් දන්නා සිංහලයාගේ වද වීම තවත් ඉක්මන් වීම පමණකි. ඔය මොන සේනා ආවද තවත් වසර හත් අට සියයක් එපිටදී, බඩජාරි කමට සිංහල කම කියා කෑගසන එක වේසිගේ පුතෙකුවත් නාමෙන් ඉපදුනු එකම සිංහල පැටියෙක් වත් මේ ලෝකය තුල ජීවත් නොවනු ඇත. සිංහලයාගේ වදවීම ඒ තරම්ම ස්ථිරය.

සිංහල රාවය නම් වේසිගේ පුතාලා සෙට් එක කතරගම සිට හරකුන් රැලක් සේ මහ දවල් තප්පු ලමින් “හරක්  මැරීම තහනම් කිරීම“ උදෙසා කොළඹ දක්වා පැමිණෙන ගව පා ගමනේ අතරමග තංගල්ලෙදී සියළු නීති අවනීති කරවමින් ගව මස් කඩයක් කඩා බිද දමා ගිනි තබා ඇත. ලංකාදීපයේ ඡායාරෑප වලින් පෙනෙන පරිදි හරක් පෙරහැරේ ආ සමහරක් මහණ වේසිගේ පුතාලගේ මුණු ටිකක්ද පේන්නට ඇත. ඒ අනුව නීතියක් ඇත්නම් මේ හරක් රැල වහාම අත්අඩංගුවට ගත යුතුය. මුන්ගේ හරක් ගමන නතර කළ යුතුය. 

අප නීතියට ගරු කරන්නේ එය අපේම ආරක්ෂාවට පවතින දෙයක් බැවිනි. එසේ හෙයින් නීතිය ආරක්ෂා නොකර මොන දේවත් ඉදිරියට ගලා යාමක් නොමැත.  නීතිමය නිගමනයක් මතින් ගවමස් කෑම, විකීණීම හෝ ඝාතනය තහනම් වන්නේ නම් එයද සාධාරණ අයුරින් විය යුතුය. තවත් අයෙකුගේ අවශ්‍යතාවක්, කොහේවත් නැති උන්ගේ නියමයකින් එසේ නැතහොත් බොරු සෝබන ධාර්මිකතාවයකින් සිදු කෙරන්නේ නම් එයටද විරුද්ධ විය යුතුය. අන් මත වලට ගරු කළ යුතු අතර, නීතිය අතට ගත් අමන වේසිගේ පුතාලා වෙනුවෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුය.

ප.ලි - මම කල්පනා කරේ මේ යක්කුන්ට ආමන්ත්‍රණය කරපු වචන හුගක් සැර මදිද කියලයි. අර මාරයකාගේ චිකන් වගේ හරක් මස් කරියත් හෙන රහයි වගේ.. ඔය හරියෙන් හරක් පෙරහැර එනකොට ටිකක් හදල දුන්නනං ඉවරයි.

Monday, June 17, 2013

අනේ ඇයි ටීචර් ඔයා දන ගැහුවේ.??

මා දයාබර ප්‍රියානි ටීචර් වෙත,

ටීචර්ට අපේ තාත්තා දනගහන්න කියා කිව්ව එක වැරදි විත්තිය මම හොදාකාරවම දන්නවා. ඒත් ඉතිං ටීචර් මම ඒකට මොකද කරන්නේ.. කව්රු හරි එක්කෙනෙක් තාත්තව ගිණි තියන්න ඇති ටීචර් ල මට වද දෙනව කියල වගේ. නැත්නං අපේ තාත්තා එහෙම කරන කෙනෙක් හෙම නෙමෙයි. ඔය ඡන්දේ කාලේ තාත්තට ගහන්න ආපු කීප දෙනෙක්ගේ අතපය කඩල, නීතිය ගැන තියෙන විස්වාසේ හින්දම ටික දවසක් යන කල් ගමෙන් වහංගු වෙලා හිටියට තාත්තා නීතියට බයයි. ඒකනේ ටික දවසක් හැංගිල ඉදල ආයේ ආවේ. ඒ එනකොට තාත්තා ඡන්දේ දිනල හිටිය හින්දා නීතිය ක්‍රියාත්මක කරන්න හැදුවත් අතපය කැඩිච්චි අය තාත්තා වරදක් කරපු බවක් නොකිව්ව හින්ද එහෙම ප්‍රශ්නයක් උනේ නෑ.

ටීචර්, මගේ වයස හැටියට මාසයක් දෙකක් යනකොට ඇදුං කොට වෙන්න පුළුවන්. ඇයි ටීචර්ලම නේ අපි ට කියල දෙන්නේ ද්වීතියික වයස් කාණ්ඩයේදි ළමයි සීඝු ලෙස උස යනවයි කියලා. ඉතිං මේ අවුරුද්දේ මුල මහපු ගවුම ටිකක් කොට නොවී තියෙන්නෙ කොහොමද? අනික ටීචර්, අපේ සිස්‍ය නායක අක්කල කියපු දේ ඇහුව මිසක් මගෙන් කිසිම දෙයක් ඇහුවේ නෑනේ. එහෙම ඇහුවනං මම මේ කතාව කියනවා. එහෙම කොට උනාය කියල මගේ ගවුමේ පොට දික්කරන්න ටීචර්ටවත්, ඔය සිස්‍ය නායක අක්කලටවත් කිසිම අයිතියක් නෑ. ඒකට නෙව හිංසනය කියන්නේ. ටීචර් දන්නේ නැත්ද මන්ද ඔය වගේ දඩුවම් දැං කාලේ තියෙන මානව හිමිකම් ද අයිතිවාසිකම්ද යටතට ගත්තොත් මොන විදියටවත් ළමයෙකුට දෙන්න තහනං. 

මගේ ගවුම ටිකක් කොට උනාය කියල ඔය තරං උඩ පනින්න ඕන නෑ නෙව. මට කිව්වනං මම පහුවෙනිදා එනකොට ඒක හදාගෙන එනවනේ. අනික ටීචර් හිතන්න ඕන අපි වගේ දුප්පත් මිනිස්සු කොහොමද එක පාරට ඇදුමක් මහගන්නේ කියල. ටීචර්ල විනය පාලනය කරාට, ටීචර් ල උනත් විනයක් ඇතුවනේ මොන විනයත් පාලනය කරන්න ඕන.

අපේ තාත්තා ඉස්කෝලේ ගිහිල්ල තියෙනවා. සමහර අය කියනවා ඉස්කෝලේ ගිහිල්ල නැති අමනයෙක්ය කියල. නෑ ටීචර් අපේ තාත්තා අවුරුදු 16 නෙමෙයි අවුරුදු 20 වෙනකම්ම ඉස්කෝලේ ගියා මොකද විභාගේ පාස් කරගන්න බැරි වෙච්චි හින්දා. ඒක නිසා ඔය ඉස්කෝලේ නොගිය නරුමයෙක් කියල මගේ තාත්තට කියන එකට නං ඕං මං විරුද්ධයි.

මට මේ වෙලාවේ හුගක් ලියන්න බෑ මොකද මාත් හුගක් අසරණ වෙලයි ඉන්නේ. පාරක තොටක බහින්න බෑ. පත්තර කාරයෝ කට ඇරගෙන. අපේ තාත්තව හිරේට දැම්මා අද ඒක තවත් දික් කරල 27 වෙනකං රිමාන්ඩ් කරන්නෙයි කියල. 

තාත්තා පොල්ලක් අරන් ආවය කියලත් කියනවනේ. අනේ මන්ද තාත්ත කවදාවත් ගෑනු අයට ගහන්න එන විත්තියක් මම දන්නෑ. මොකද අපේ තාත්තා, අම්මා දෙක කියන කොට හූනා වගේ හැංගෙන හින්දා. ඒක නිසා මම ඕක විස්වාස කරේම නෑ. අනික අම්මත් එක්ක තාත්ත රන්ඩු වෙන්න තියා කතා කරන්නත් බය හින්දා ටීචර්ට තිබුනේ, හොදට කට ගහල තාත්තත් එක්ක කතා කරන්න. එහෙම උනා නං ඔය දේ වෙන්නේ නෑ. මොන මන්තිරි උනත් අපේ තාත්තා ගෑනුන්ට බයයි. ඒත් ඒක ඉතිං ටීචර් දන්නේ නෑනේ. 

අර ටීචර්ලගේ සංගමේ ස්ටාර්ලින් මාමා කියල තිබ්බා මේක අධයාපන ක්ෂෙත්‍රෙය් වෙච්ච පිළිකුල් සහගතම දේය කියල. අනේ මන්ද ඔය කට්ටියට ඇයි අමතක කලින් වෙච්ච ඒවා. අර වාස් ගුණවර්ධන ලොක්කගේ නෝනා කොල්ලෙකුට බිම දාගෙන ගැහුවේ. ඒවා මතක නෑ. විස්ස විද්‍යාල වල ළමයින්ට හොස්ටල් වලින් එලියට අරන් ගහන්න පැජරෝ දෙක තුන එන්නේ. ඒවට කතා නෑ. ඉස්කෝලේ ගෑනු ළමයින්ට එක එක කරදර කරන වදකාර සර්ලා ප්‍රින්සිපොල්ල ඉන්නේ. කෝ ඒ ගොල්ලන්ට ඔය වගේ දේවල් කරනවද. ඒත් අපේ තාත්තා තමා ඔය හැමදේටම බයිට් උනේ. ටීචර්ට අපේ මහරජ්ජුරුවොත් කතා කරා කියල ආරංචියි. ඒක නිසා ටීචර්ට නං ඉතිං සාදාරනේ ඉස්ට වේවි. 

ඒත් අපිට ඉතිං ලබන පාර (මේ සතියේ විසිරුවනවයි කියන්නේ) ඡන්දෙන් ඇපත් නැති වේවි. ඊට පස්සේ අපිව නැති වේවි. මං ඉස්කෝලේ ආවම ටීචර් ල මට හයිරං කරාවි. මොනා කරන්නද ඉතිං ඉවසන්න වෙනවා. අපිත් වැරදියි නේ. ඇත්ත ගුරුවරු කියන්නේ දෙවිවරු තමා. අපට හොද දේ කියල දෙනවා. සැර කරනවා. ගහනවා. කොයි තරං නං හරි මගට ගන්න දඩුවම් දෙනවද  ඒ වගේ කොන්ද කෙලින් තියන් ඉන්න , අපට නිවරැදි දේ කරන්න උගන්නන ටීචර් වගේ කෙනෙක් ඇයි මම අහන්නේ .. අර වගේ මොකෙක් හරි දන ගහන්න කිව්වම දන ගහන්නේ. ඇයි අනේ ටීචර් ඔයා දන ගැහුවේ. ඔයාට ඒක නොකර ඉන්න තිබුන නේ. එහෙනං මේ කිසි කරදරයක් නෑනේ. (මම කිව්වේ අපිට) මට ඒක තෙරෙන්නේ නෑ.

අන්තිමට ටීචර් කියාවි අපේ තාත්තා මුකුත්ම කරේ නෑ අර මර්වින් සිල්වගේ සමෘද්දි කාරය වගේ ටීචර්ම දන ගහගෙන හිටියය කියල ටීචර කරපු වැරුද්ද තේරිලා. ඒ උනත් මට වෙච්චි නවනිංගිරාවට ඒක යට කරන්න බෑනේ. ටීචර් ට බුදු සරණයි.

ප.ලි - මට ටික දවසක් යනකං ඉස්කෝලේ එන්න වෙන්නේ නෑ ටිචර්. තාත්තා නැති හින්දා දැං අපිව බලාගන්න එයාගේ වටේ හිටිය කට්ටියත් නෑ. ඔය අහිංසක අයියල වත් කවුරුවත් නෑ. දැන් අපි තනියම. ඒක නිසා තාත්තා එනකං ඉස්කෝලේ එන්න විදියක් නෑ.. මට සමාවෙන්න ටීචර්..

Friday, June 14, 2013

සිරිපා වන්දනාව අංක 4 (අවසානයි)

කලින් කොටස බලන්න ඕන නං මෙතැනින් බලන්න.

හැක් හැක්.. මගේ බලාපොරොත්තුව දෙවැනි පාරටත් ඉටු උනා. ඒ කියන්නේ මම මුලින්ම දැම්මා බාලගේ මරණේ ගැන පෝස්ට්කටු සීරිස් එකක්. එකෙදි හුගක් අය අහක බලාගත්තා. මොකද තනිකර කළු මිනිහෙක්ගේ හැඩරුව පෙන්නන එකට හුගක් අය පුදුම විදියට අකමැති නිසා. මෙතැනදිත් මට ඒක සහසුද්දෙන්ම බලාගන්න පුළුවන් උනා. මේ ජඩ දේශාටාන සීරිස් එකත් ඒ වගේ තනිකර කළු මිනිස්සු ගැන කියවෙන හින්දා. ඒකටත් ඒ සෙතේමයි. කොහොම උනත් බාලාගේ සීරිස් එකේදි හිට්ස් වල අඩුවක් නං තිබ්බේ නැ. ඒත් අනේ දෙයියනේ මේ ජඩ දේශාටන සීරිස් එක හින්දා මගේ ඇවරේජ් හිට්ස් ගාන හෙම හුගක් අඩු වෙලා. ඒත් අවුලක් නෑ. එකක් කියන්න ඕන තනිකරම කළු මිනිසුන් හෝ සුදු මිනිසුන් ලෝකයේ නොමැති බව. අපේ තිසරයා, අකමා වගේ අය මට කලින් සීරිස් එකේදි නං බැනල තිබ්බා බලන කට්ටියව මීයෝ කරන්න එපා කියලා. ඒත් අනේ මට ඔය මී සෙල්ලම තරං වෙන එක සෙල්ලමක්වත් කොරගන්න බෑ නෙව. හැක් හැක්.

එහෙනං ඕං කතාව නතර කරපු තැන ඉදල. දේශනා ශෛලිය වෙනස් වීමට ඉඩ ඇත. (කලින්ම කියන්නේ හරිය)

සිරිපා මළුවට අපි ගොඩ වෙන කොට රෑ දොළහවත් වෙන්න ඇති. හැමෝම හීතල නිසා ගුලි ගැහිලා හිටියා. මොන දේ වෙතත්, දුමක්වත් ඇදගන්න බැරි තැනක් නේ එතැන. අපි හැමෝම පඩි පෙල් උඩින් වාඩි වෙලා සීතල මකාගන්න සෑහෙන්න උත්සාහ කරා. මොකද ඇගට දාපු ජැකට් අස්සෙන් හීන් විදුලියක් වගේ සීතල ඇගට කාන්දු වෙන එක ඉවසන්න අමාරුයි. මේ වෙලාවේ පඩි පෙළ උඩ වාඩි වෙලා හිටිය ලොකු කුමාරය තමා ඇයව තුරුල් කරන් හිටියේ. මිනිහා තැන නොතැන නොබල දග වැඩ කරන බවත් අපි දැක්කා. ඒත් කව්රුවත් ඒ ගැන හිතන්න මහන්සි නොවුනේ, සීතලට හිතත් ගල් ගැහිච්ච නිසා වෙන්ටැති. හැමෝම ඒකමතිකව එකග වෙලා මේ ඉන්නේ, පාන්දර ඉර සේවයත් බලලම පල්ලෙහාට කරුණා කරන්නයි. ඔය විදියට ගැහි ගැහි පැයක් විතර ඉන්න කොට තමා මං ළග හිටපු මඩයා, මට ඇගිල්ලෙන් ඇනල පෙන්නුවේ ලොකු කුමාරත් එක්ක ඉන්න ඇය ලොකු අපහසුවකින්, හුස්ම ගන්න අමාරුවෙන්, කටත් ඇරගෙන ඉන්න විත්තියක්. ඒක බලපු මටත් තේරුනා ඇය නං ඉන්නේ මොකක් හරි ලොකු අමාරුවකින් කියල. ඇයි ඉතිං සාය ඇදල හිටියට ඒක සීතල මකාගන්න තරං ප්‍රමාණවත් නෑ නෙව. අපි ඩෙනිම් ඇදලත් ඒක අමාරු එකේ.

ඇය ඔළුව උඩට හරවගෙන කට ඇරගෙන හුස්ම ගන්න උත්සාහ කරනවා. ඒ අතරේ හීතල වැඩි කමටම කුමාරගේ ඇග කිටි කිටියේ බදාගෙන හිටියේ. ඒත් ඒකාට කිසිම ගානක් නෑ ඌ හිතන්නේ ආතල් එකට ඈ මේ දේ කරනවා කියල තමා මට ඒ වෙලාවේ හිතුනේ. තවත් බලං හිටියත් කුමාර ගෙන් කිසිම උදව්වක් ඈට ලැබෙන්නෙත් නෑ. ඇයට වචනයක්වත් කතා කරගන්නවත් බැරි විත්තියක් තමා මම දැක්කේ. මේ සිදු වීමත් එක්ක මට ටිකක් හිතට බයක් ආවා. ඈට මොකක් හරි කරදරයක් ආවොත් කියලා. ඒ අතරේ කොටුව ස්ටේසමේ අපේ සර් විදියට ඇක්ට් කරපු අයියා කිව්ව කතාව ඔළුව පුරාම දෝංකාර දෙන්න ගත්තා. ඒ සැනින්ම මම නැගිටල ලොකු කුමාරය ගාවට ගිහිල්ල ඌව නැගිට්ටවල මං ගාවට ගත්තා. ඊට පස්සේ මම ඌට පෙන්නුවා එයා කොයි තරං අමාරුවෙන්ද ඉන්නේ කියන එක. ඒත් මේකාට කිසිම ගානක් නෑ. හිටහං තව ටිකක් යනකොට ඔය අමාරුවත් හොද කරන්නං කියල මූ කියාපි.

ඇය හුගක් අමාරුවෙන් හුස්ම ගන්න උත්සාහ කරන එක මූට පෙන්නන්න් උත්සාහ කරත් මොන විදියෙන්වත් ඒක තේරුං ගන්න පුළුවන් මනසක් නොතිබ්බ නරුමයෙක් ඒකා. අනිත් උන් දෙන්න ඒ කියන්නේ, සැන්ඩයි, ලසායි අඩගහල මේ සිද්ධිය පෙන්නුවත් මුන් දෙන්න කිව්වේ,

“හිටිං. කුමාරයට බැරි උනාට අපේ ටර්න් එක ආවම ඕකිගේ හීතල හදට යවනවා“ කියලයි. එතකොට තමා මට තේරුනේ මුන් තුන්දෙනා මළුවෙදිත් ෂිප්ට් බේසිස් ඈව ගන්න තමා ප්ලෑන් කරල තියෙන්නේ. එහෙම උනාම ඉතිං මුන්ට වෙන දෙයක් පේන එකක්යැ. උන් බලන් ඉන්නේ සැප ලැබෙන්නේ මොන වෙලේද කියල හිත හිත.

මේ අතරෙදි මට හැකි උනා අනිත් සගයන් එක්ක පොඩි පහේ කුමන්ත්‍රණයක් කරන්න. හැබෑටම ඉරිසියාවට නෙමෙයි මනුස්ස ප්‍රාණියෙක් විදවන විදවිල්ල බලන් ඉන්න බැරි කමටම. අපිට සිද්ධ උනා අරුන් තුන්දෙනත් එක්ක ලොකු ආරවුලක් ඇති කරගන්න ඇගේ ආරක්ෂාව වෙනුවෙන් සිරිපා මළුවෙදිම. අපි කොයි තරං කතා කරත් මුන්ට උවමනාවක් තිබ්බේ නෑ ඒ ගැන හාංකවිසියක්වත්. උන් හිතන් හිටියේ ඇය තනිකර කෙළි බඩුවක් ගානටයි කියන එක අපිට හොදටම තේරුනාම, නිෂේද බලය ක්‍රියාත්මක කරල, මුන් තුන්දෙනාටම අර මහ හීතලේ තඩි බාන්නත් සිද්ධ උනා. මොන දේ උනත්, වටවල ස්ටේසමේදී ඔය වැඩේට සපෝට් එක දීපු කොම්බුවත් අපිත් එක්ක ඒ මතයෙම හිටපු එක ලොකු හයියක් උනා.

මේ ගිනිවිජ්ජුම්බරය හින්දා අරුන් තුන්දෙනාට තමන්ගේ හැගීම් අකුලගන්න සිද්ධ උනා. මඩයා වැඩේට බැහැල අක්කා ගාවට ගිහිල්ල මුළු ඔළුවම වැහෙන්න මිනිහගේ තොප්පිය දැම්මා. ඊට පස්සේ අපි අක්කව එක්කන් ගියා ශාලාවට. එතැන ඉන්න නැන්දා කෙනෙක්ගෙන් සිද්ධාලේප ටිකක් ඉල්ලගෙන නලල පුරාමයි, බෙල්ලෙයි ගාලා හොදට උණුසුම් වෙන්න අපේ ටී එකකිනුත් මුණ වැහුවා. එහෙම ටික වෙලාවක් ඉන්න කොට කට කට ගාලා මෙච්චර වෙලා හීතලේ ගැහිච්ච කටේ සද්දේ අඩුවෙලා උඩ තිබුන ඇස් දෙකත් හෙමින් පහළට ආවම, අපි ඇහුවා දැං කොහොමද කියලා. හෙමීට ඇස් කරකවලා, ඇයගේ මූනට එබිල ඉන්න අපි ටික දෙනාගේ මුණු ටික මාරුවෙන් මාරුවට බලල, පොඩි හිනාවක් දැම්මම අපිටත් ඇත්තටම සතුටු හිතුනා. ඒ ඇස් දෙකෙන් මම දැක්කා අරුන් තුන්දෙනා ළගපාත නැති එක ගැන ඇයට සැනසීමක් තියෙන විත්තිය.

“අ..   නේ   ම .. ල්..   ලී......., ම..   ට.. ඉන් ..  න අමා...    රුයි. ම..   ගේ .සෙ  ..  ම ..ඇ .. වි ..  ස්   සිලා, හු..   ස්ම හි  ... රවෙ ..  නවා. මෙ..   තන නං ඉ ..  න්න බෑ.. මට හු..   ගක් ..අ   මා..  රුයි“

“තව ටිකක් යනකොට අඩුවේව් අක්කේ“

“නෑ.... මල්ලි ....මගේ... නහය .....හොදටම .....හිරවෙලා.... මං.... හුස්ම.... ගන්නෙත් ...කටින්..“

“අපි එහෙනං පහලට එක්කන් යන්නද“

ඇය ඊට එකගතාවය දක්වමින් ඔළුව වැනුවම අපි එකිනෙකා මූන බලාගත්තේ කව්ද දැං පහලට යන්නේ කියලයි එතැනදී ඒකච්ඡන්දයෙන් සම්මත උනා මඩයා සහ දේශකයා තමා වැඩේ බාරගන්න ඕන කියලා. ඒ අනුව අපේ බෑග් ටික උන්ටම ගෙන්න කියල, නල්ලතන්නියෙදි බැරිනං මොන විදියෙන් හරි උදේ කෝචිචියට හැටන් ස්ටේසමේදි හරි හමුවෙන පොරොන්දුව පිට අපි දෙන්නා ඇයව වත්තං කරගෙන පහලට කරුණා කරන්න පටන් ගත්තා. ඒ වෙලවේ මං ළගට දුවගෙන ආපු කොම්බුවා ඇගේ පර්ස් එක මගේ අතට දුන්නේ යන වෙලාවට දීපං කියලයි. පටන් ගන්න කොටම නං අපි දෙන්න ඇයව දෙපැත්තෙන් අල්ලන් තමා පහලට එන්න පටන් ගත්තේ. ඒ වෙලාවේ මළුවේ පැත්තිකින් හිටිය අපෙන් ගුටි කාපු අපේ සගයෝ තුන්දෙනා කින්ඩියට වගේ අපි දිහා බලන් ඉන්න එක අපි දැක්කා. මොනව උනත් ඇයව පල්ලෙහාට ගෙනියන්න බලාපොරොත්තුවෙන් අපි වැඩේ ආරම්භ කරා. ටික දුරක් යනකොට ආයේ හුළං වැදිල හුස්ම ගන්න අමාරු වෙන කොට, මඩයා කාගෙන්ද ඉල්ලං ආපු සිද්ධාලේප තල්ලියෙන් ටිකක් මුණ දෙපැත්තේ ගානවා. බොන්න දෙන්න දෙයක් වත් නෑ. බොහොම අමාරුවෙන් හුස්ම ගන්න ඇයව, අපිත් හුගක් අමාරුවෙන් යන්තං කඩයක් ගාවට එක්කන් ආවා.

එතැනට ආවම තමා දෙලෝ රත් උනේ. උණු වතුර වීදුරුවකට රුපියල් විස්සක් ඉල්ලනවා. මළා ජෝන් අතේ සතයක් නැතිව නෙව පල්ලං බැහැල තියෙන්නේ. ගිනි පොලියවත් අතට තඹ සතයක් දුන්නේ නැති විත්තිය ඒ වෙලාවේ මතක් උනා. මොකද කරන්නේ කඩේ අයියට කොයි තරං පින්සෙන්ඩු උනත් ඒකගේ කරුණාව සල්ලි වලට විතරක් වැඩ කරන ගානටම හැදිලයි තිබුනේ. මේ වෙලාවේ මඩයා හරිම දුකෙන් තමන්ගේ පර්ස් එකේ මුල්ලක් අතගාලා විස්සට විතර නවල තිබ්බ පන්සීයේ කොලයක් මගේ අතට දීල කිව්වා.

“දේශා. මේක නහය ළගටම එරිලා මැරෙන්න ගියොත් විතරක් ගන්න තියන් ඉන්න එක. කමක් නෑ ඕකෙන් ගනිං කියලා.“

ඒ පාර උණු වතුර වීදුරුවක් අරන් අහල පහල තිබුන ලී කොටයක් උඩින් වාඩි කරල ගිනි රස්නෙන්ම වතුර ටික බෝන්න දීලා ඉතුරු වතුර ටිකෙන් ලේන්සුව පොගවල බෙල්ල දෙපැත්තම තැව්වා. තවලා ටික වෙලාවක් යන කොට ඈට හුගක් සනිපයක් දැනුනා කියල කිව්වට පස්සේ අපේ හිතටත් ලොකු සනීපයක් දැනුනා. ඒත් තාම හරියට කතා කරන්නේ නෑ. ඔය විදියට තව ටිකක් පල්ලෙහාට ඇවිල්ලා තවත් තේ එකක් අරන් දීලා පහලට එන කොට තමා ඈට කතා කරන්න පුළුවන් උනේ .ඒ වෙනකනුත් අපි දෙන්නගෙන් කාගේ හරි අතක එල්ලිල තමා ඈ මේ ගමන ආවේ. කොහොමින් හරි අපි දෙන්නටත් ඊළග නැවතුම් පලේදි තේ එකක් බොන්න උවමනාව තිබ්බ නිසා තේ දෙකක් අරගෙන එකක් ඇයට දීල, අනිත් එක අපි දෙන්න බෙදාගෙන බිව්වා. දෙන්නටම බොන්න එක සිගරට් එකක් තිබ්බ නිසා ඒකත් බෙදාගෙන බීලා ආයි යන්න හැදුවම තමා ඇය කතාව පටන්ගත්තේ.

“මල්ලි.. ඔය දෙන්න ලොකු උදව්වක් කරේ. මට වචනයක් වත් කියාගන්න බැරි තරං අමාරුවෙන් හිටියේ. මට හිතුනේ මම මැරෙයි කියලයි. හුගක් ස්තුතියි මල්ලි. “

“අපි දැක්ක හින්ද තමා අක්කට එන්න පුළුවන් උනේ. නැත්නං අරුන් ඔයා මැරුණත් එන්නේ නෑ..“

“ඇයි අක්කේ අපිත් එක්ක ආවේ..“ මඩයා ඇහුවා

ඒ ප්‍රශ්නෙට ටික වෙලාවක් මඩයා දිහා බලං හිටපු ඈ කිසිම උත්තරයක් නොදී ලොකු සුසුමක් පිට කරලා මෙච්චරමයි කිව්වේ.

“මට තේරෙන්නේ නෑ මල්ලී.. මම අළුත්“

එතැනින් එහාට කතා කරන්න ඕන උනේ නෑ. අපි එක හුස්මට ඈව පල්ලෙහාට එක්කන් ආවා. ටික දුරක් එද්දී ඇය තනියම ගමන එන්න ගත්ත නිසා. අපි දෙන්න ඇයගේ පස්සෙන් සුදානං සරීරෙන් ආවා. එහෙම ඇවිල්ල නල්ලතන්නියට එනකොට උදේ හතර පහු වෙන්න ඇති. එතැනදී ඇයව තනිකරල අපිට එන්න විදියක් නෑ. පාන්දරම.. මොනා උනත් මෙච්චර දුරක් එක්කන් ආපු අක්කව දාලා එත හැකිය. ඒක නිසා තව ටිකක් වෙලා යනකොට ආපු බස් එකට ඇයව නැග්ගුවත් එක මිනිහෙක්වත් නොහිටිය බස් එක තව විනාඩියකින් විතර යනවයි කියල සීටීබී කොන්දොස්තර කිව්වම, අපි දෙන්න පැන්න බස් එකට.

“ඇයි මල්ලි“

“අක්කගේ පර්ස් එක.. ඒක දෙන්න අමතක උනා.“

පර්ස් එක අතට ගත්ත ඇය පර්ස් එක ඇරල, හොදට ඒ දිහා බලන් ඉදලා අපි දෙන්න දිහා බැලුවා.

“ඇයි අක්කේ.. මොකද“

“බලන්නකෝ පර්ස් එකේ රු. 120 ක් තිබ්බා. දැං ඒක නෑනේ“

අපි දෙන්නට තේරුනා වෙච්චි දේ. අනිවා මේ සල්ලි ටික ගත්තේ කොම්බුවා තමා. ඌ ඒකෙනුත් බිස්නස් එකක් කරලා. මඩයාගේ කරුණාව උතුරල මිනිහගේ ඉතුරු සල්ලි වලින් එකසිය පනහක්ම ඇගේ පර්ස් එකට දැම්මම, එතැන ඇස් සයක් තුල හුවමාරු වෙච්චි අදහස් වචන වලට නගන්න අමාරුයි. අපි දෙන්නත් ඈත් එක්කම හැටන් ගියා. ඊට පස්සේ නානුඔය බස් එකකට ඇයව නග්ගල අපි දෙන්න තවත් සිගරට් දෙකක් අරගෙන බොහොම සන්තෝසෙන් ඒක ඇදල, ස්ටේසමේ හම්පඩ විශ්‍රාම ශාලාවට වෙලා මොන හීතලතක්වත් නැතිව ගුලි වෙලා හිටියා.

උදේ නමය විතර වෙන කොට මුන් ටික ආවා. හැබැයි සැන්ඩයි, කුමාරයි, ලසායි අපේ කට්ටිය එක්ක හිටියේ නෑ. උන් වෙනම එන විත්තියක් කිව්වත් කව්රුවත් ඒවා ගැන හොයල බලල වත් නෑ. අපි කට්ටිය ඊට පස්සේ දවල් කෝච්චියේ නැගල කොටුවට ආවා. 

කොටුවෙන් බැස්සට පස්සේ කොම්බුවා ගෙන් අහගත්තා අර පර්ස් එකේ සල්ලි ටික ගත්තේ මොකාද කියන එක. ඒ සල්ලි අරන් තියෙන්නේ කොම්බුවා තමා. මාත් අතේ සතේ නැතිව ඉන්න වෙලාව නේ. දෙන්න එක්ක ඒ ගාන බෙදාගෙන මට ලැබිච්චි ගානෙන් ගෙදරට ගෙනියන්න තල පැකට් එකකුයි පුහුල් දෝසි ටිකකුයි ගත්තා.

අර ඇම්බැට්ටයන්ගේ ඇසුරට ලොකු හිඩැසක් ඇති උනා මේ සිරිපාදේ ගමනින් පස්සේ. දැනටත් එහෙමයි ලොකු සම්බන්ධයක් නෑ. ලසා නං සුනාමියෙන් අතුරුදහන් උනා. කොම්බුවා වකුගඩු රෝගයක් නිසා වෛද්‍ය නිර්දේශ මත නුවර එළියේ රජයේ නිවාඩු නිකේතනයක් බාරව ඉන්නවා. සැන්ඩා සහ කුමාර යන දෙන්නම ඉතාලියේ. දෙන්න එහෙදිත් තාම අර වගේ වැඩ නං කරනවලු.. අපි නං ඔන්න ඔහේ ඉන්නවා.

Thursday, June 13, 2013

සිරිපා වන්දනාව අංක 3

කලින් කොටස බැලුවේ නැත්නං ඕං මෙතනින් බලන්න

හැටන් වලින් නැග්ග බස් එකේ අපි ුමුලින්ම නැංග නිසා සීට් ගන්න පුළුවන් උනා. මාත් දුවල ගිහිල්ල ජනේල අයිනක් අල්ලගත්තම මඩයා දුවල ඇවිත් මට අනිත් පැත්තෙන් වාඩි උනා. එහෙමම ඇස් දික් කරල බලන කොට සැන්ඩයි අර ළමයයි මට ඉස්සරහ සීට් එකේ. වාඩි වෙලා. ළමයා ජනේලේ අයිනේ. 

බස් එකට නැග්ග වෙලාවේ ඉදල අපේ උන්ගේ කච කචේ. වෙන මිනිහෙකුට කනක් ඇහිල ඉන්න බැරි ගානටම. ටිකක් දුර යනකොට සැන්ඩා ළමයට එක එක කරදර කරනවා. ඕක බලන් හිටපු මමත් ඉතිං ෆ්‍රී ලයිසන් එකක් තියෙනවා නෙව ලර්නර්ස් යන්න ඒක නිසා හෙමින්ම ළමයගේ උරේ උඩ අත්දෙකම තියාගත්තා අර සීට් එකේ තියෙන ඇලුමීනියම් බටේට යටින්. හත් ඉලව්වමයි. මේකි මගේ දිහා බොහොම අහිංසක විදියට බලල ඇහැක් ගැහුවම.. මට තේරුනේම “උඹ පොඩි එකෙක් නේ පාඩුවේ පලයං“ කියනව වගේ. 

මගේ හිතට කරන්ට් එකක් වාගේ ආපු ඒ හැගීම එක පාරටම අත් දෙක එතැනින් අයින් කරගත්තා. ඔහේ ඕන දෙයක් වෙයං කියල මාත් ජනේලේ හොද එකෙන්ම ඇරගෙන සීතල හුලං බිබී ආතල් එකේ නල්ලතන්නි යනකංම ගියා. අම්මේ මුත්තේ කිව්වත් මේ පොඩි එකාට ඕව ඕන නැතෙයි කියල හිතාගෙන.

නල්ලතන්නියෙන් බැස්සම සැන්ඩයි ලොකු කුමාරයයි කඩ ගානේ දුවනව සේරම දැක්මම අපි හිතුවේ මුන් කන්න මක්ක හරි හොයනවයි කියලා. සිරිපාදෙට ඇතුල් වෙනකොටම තියෙන (කඩපේලිත් එක්කම) දොළ පාරෙන් නාගන්න ඕන කියල අරුන් දෙන්න බෙරිහන් දෙනකොට තමා කස්ටියට කල්පනා උනේ යකෝ බෑග් ටික කර ගහගෙනද මේක කරුණා කරන්නේ කියන එක. 

ඒ පාර දුවල පැනල ඔය දොළ පාර ගාවම තියෙන විශ්‍රාම ශාලාවකට ගිහිල්ල (ඒක තියෙන්නේ මිනිස්සු කෑම උයන්න ගන්න තැනත් එක්කමයි) ඒකේ කාමරයක් අරගෙන ඔක්කෝම බෑග් ටික ඒකේ දාලා නාන්න ඕන ඇදුං ටික විතරක් අරගෙන ආවා. ඇවිල්ල අපි නාන්න ලෑස්ති උනා.

ඒ අතරේ අර යක්කු තුන්දෙනා සරමක් ගෙනැල්ලා බැහැයි බැහැයි කියල නාහෙන් අඩන ළමයට බල කරල සරම අන්දවල ගත්ත වතුර පාරට. තුන්දෙනා එක්ක වටවෙලා සරමෙන් හෙළුව වහගත්ත ළමයත් එක්ක මොකක් හරි සිරික්කියක් කරන විත්තිය දැක්කත් මම නං අහක බලාගෙන හිටියේ මොකද නෙලන්න බැරි මල් දිහා ඉරිසියාවෙන් බලන්නේ කියලයි. නාලා ඉවර වෙලා කස්ටිය ගොඩ වෙන කොට සැන්ඩයි කොම්බුවයි සෙට් උනාම මම ඇහුවා මොකද අර බොලා කරේ අරකිට කියලා.

“ආ මේ අපි යකෝ... විෂබීජ නාශනය කරා නෙව“

“ඒ මොකක්ද බං ඒක“

“ඇත්තට තෝ දන්නැත්ද යකෝ.. ගොන්නුංගේ තියෙන විෂබීජ යවන්න හොද රතු ළූනුයි දෙහියි තමා. ඒක තමා අපි කරේ“

ඔය විදියට කියාපු කෙම් ක්‍රමේ සම්පුර්ණයෙන්ම දැන ගත්තා උනත් මහ විකාරයක් වෙච්චි ඒ ගැන කතා කරන්න ඕන නෑ නෙව. ඔය විදියට අපි කරුණාව පටන් ගත්තා. අතර මගදිම වෙද මහත්තයගේ චක් ගෝලයෝ අඩ ගහල නොමිලේම නලල දෙපැත්ත අතගාලා තල්ලු කරා උඩහට. ඉතිං අපි ගියා. ඒ ගිහිල්ල සාම චෛත්‍යය ගාවදි කොම්බුවා උපදෙස් දුන්නා හැමෝටම නතර වෙන්න. ඌ ගියා කොහේද. ටික වෙලාවකින් ආපු මූ,

“ආ වරෙල්ලා තොපිට රෑ කෑම දෙනවයි කිව්ව නෙව මං.. වරෙල්ල කෑම දෙනවා නොමිලේම. දන්නව නේ මං කිව්වොත් ආයේ දෙකක් නෑ කරනවනමයි හරිය“

මුගේ වචන ටික විස්වාස නොකරත් වෙන කරන්න දෙයක් නැති හින්දා උගේ පස්සෙන් වැටිල සාම චෛතයයෙන් දකුණු පැත්තට අපි ගියාම එතැන තියෙනවා කෑම කඩයක්. අපි එකා දෙන්න කඩේ ඇතුලට ඇදෙන කොට ඇතුලෙන් මේසේ ගාව ඉන්නා එකා බෙරිහන් දෙනවා. 

“අඩෝ ගැරඩි දේශා වරෙන් ඇතුලට“

බැලින්නං යකෝ මේ අපේ ගමේ හොද බොක්කක් නෙව. මූ අපේ යාළුවා උනාට අපි කාටවත් මතක තිබ්බේ නෑ මේකා සිරිපාදේ කාලේ මෙහාට මංගච්චනවා කියන එක. හැබෑ නේන්නං මුගේ කඩේ මෙතන තියෙන විත්තියක් මටත් කලින් කියල තිබුනා. ඉතිං මදෑ කොම්බුවා ඕනයැ අපිට මුගෙන් කන්න. 

“හිටහල්ල බොලාට බත් උයනවා ඒවා කාපල්ල මේ ගල් වෙච්චි ඒවා කන්න බෑනේ බං. බොමු සිගරට් එකක්“ කඩේ අයිතිකාර වරුණයා කිව්වම අපි මීමැස්සෝ ටික වගේ සිගරට් පෙට්ටිය අතට අරන් තත්පරෙන් හිස් පෙට්ටිය විසි කරේ හරියට සාගතේට අහුවෙලා හිටි උන් වගේ.. 

ඔය කෑම උයනකං අපිට සිද්ධ උනා පැය දෙකක් විතර ඔතනට වෙලා ඉන්න. ඒ අතරේ ලැබුණ ආරංචි අනුව ළමයා රැගෙන කඩේ පිටුපස කැළයට පිවිසි ලොකු කුමාර, සැන්ඩා හා මෙතෙක් වේලා කිසිම දෙයක් ඕන නැති ගානට සිටි ලසා තම තමන්ගේ කර්තව්‍යය නිසි පරිදි ඉටු කරගෙන ඇති බවක් ආරංචි උනා. වටවලදි වැඩේට උල්පන්දම් දුන් කොම්බුවා පැත්ත මාරු කිරිම විශ්මයක් විය.

කෑම කාලා වරුණයා ගානේ සිගරට් පැකට් දෙකකුත් තෑගි කරගෙන අපි පටන් ගත්තා ආයේ කරුණාව. අතරමගදි මළුවටම එකයි සුරුට්ටු තුන හතරක් ගත්ත නිසා සැට් එකම හකු බහිනකං හීතලේ ඒක ඇද්දා. මොකද සීතල ගතිය නිසා ඒක බොක්කටම ඇද්දේ නැතොත් නිවිල යනවා. ඔය විදියට මළුවටම කරුණා කළා කියමුකෝ. හැබැයි අතර මග ඉදලම ළමයා හීතල ගතිය වැඩි වෙල වෙව්ලන්න ගත්ත හින්දා උඩින් දාපු ජැකට් එකට අමතරව මඩයා ගාව තිබ්බ අත් දිග ටී එකකුත් දුන්නා.

මළුවට ගියාම වෙච්චි දේ ඉදිරියට...