එකම ස්ටාට් එකක් හම්බ වෙලා දුවන්න ගත්ත ජීවිතේට දැං අවුරුදු 15 ක් විතර වෙනවා. ඒ කියන්නේ එකම ජොබ් එකකට අනුගත වෙලා දැං පහුවෙන්නේ මගේ 16 වෙනි අවුරුද්ද. ඊට කලින් එක එක ජාතියේ පොඩි පොඩි ජොබ් තුනක් විතර කෙටි කාලිනව කරල මේක හම්බ වෙච්චි ගමන් එදා ඉදලම ආයේ මොකක් වත් නෑ මේකෙම එල්ලිල ඉන්නේ, යන්තං නොමැරි.
හැමදෙයක්ම ගොඩනගාගන්න කලින් ලොකුවට හිත ඇතුලේ මාරම හීන ගොඩක් තිබුනා. පොඩ්ඩක් ආපස්ස හැරිල බලද්දි ඒ හීන වලින් මං ගොඩ වෙලා නැතිවා වගේම හීන දකින එකත් දැං නතර කරල දැම්මා. මොන තරං කරුමයක්ද කියල හිතෙනවා ජීවිතේ ගෙවන එක. පොඩි කාලේ මේ වගේ ජීවිතය ගැට ගහගෙන යන එක අපි හිතුවේ හරිම සිම්පල් දෙයක් කියලා. ටීනේජ්ර් කාලේ මොන ලෝකෙන් හරි කෙල්ලෙන් හොයාගෙන බැදල කරල, අර කව්රුත් කියනව වගේ කන්දක් මුදුනේ පොඩි ගෙයක් අටවගෙන ඒකෙම පොඩි කඩයකුත් දාගෙන කඩේ පිහිටෙන් ජීවත් වෙන්න පුළුවන් කියන ආසක්ත හීනයකුත් තිබුනා. හැබැයි කන්ද මුදුනේ තියෙන කඩේට අඩුගානේ යකෙක් වත් එනැනැතෙයි කියල ෆැන්ටසි හිතට නොතේරෙන්නේ බොළද කම නිසාද නැත්නං අත්දැකීම් නැති හින්දද, හරියට ඉගෙන ගෙන නැති හින්දද කියල නිච්චියටම කියන්න අමාරුයි.
ඒක පැත්තකින් තියමුකෝ. ඉස්කෝලේ වැඩ හමාර කරල තව ඔය තියෙන අධයාපන කටයුතු අවුරදු තුන හතරක් වෙන තැනකත් කොරල කියල, ඊට පස්සේ රස්සාවකට සෙට් උනාම අළුතින් බලාපොරොත්තු ලැබනා. අම්මට තාත්තට සලකන්න. හීනියට අඩියක් ගහන්න. තනි කොලේ හින්දා ඇති වෙනකං රට පුරා සවාරි යන්න. හැන්දාවට බොක්කවල් එක්ක සැට් වෙලා ෆන් එකක් ගන්න. මිත්තරයන්ගේ ගෙවල් වල රස්තිය ගහන්න. (ඒ අස්සේ මෙන්න මුණුපොතේ එකෙක් ස්පෑම් වෙච්චි කොමෙන්කටුවක් අදින විදිය අහනවා.) ඒත් හරිම කනගාටුයි කියන්න. අතට සල්ලි එන්න ගත්තම වෙනද නැති තරං අවශ්‍යතා, උවමනා ඇති වෙන්න ගත්තා. ජීවත් උන පරිසරයට. තවත් ටැබ් එකක් එකතු උනා. වැඩපොලේ සමාජය. ඔය විදියට සපුරගන්න කියල හිතපු එකම දෙයක්වත් හරියට කර ගන්න වෙන්නේ නෑ. හැමදෙයකින්ම පරාද වෙන්න තමා උනේ. එහෙම කියන එකත් හරි නෑ. එක්කෝ අපි ජීවත් වෙන්න දන්නේ නෑ, නැත්නං අපිට ජීවත් වෙන්න උවමනාවක් නෑ.
ටික කාලයක් යද්දි ඔන්න උවමනා උනා කසාදේ නැමැති කටු ඉඹුලට බඩගාන්න ආසාවක්. ඒකත් දෙයියනේ කියල ලස්ස ගානක් වියදං කරල උර චක්‍රමාලයක් වගේ එකක්ම දාගත්තා. ටික දවසක් යන කොට අච්චාරුවක් උනා. හැබෑට මොකක්ද උනේ කියල හිතාගන්න බෑනේ. මං කසාද බදින කොට දැනගෙන හිටියේ නෑ මං හිතන්නේ කසාදේ කියන්නේ මේකයි කියල. මට ඕන උනා කසාද බැන්දට පස්සෙත් තනි අශ්වයෙක් වගේ දුවන්න. හැමදේම තනි පංගලමේ කරන කොට දේශිකාව අමතක වෙනවා සමහර වෙලාවට ගියපු තැං වලින් ආපහු ගැලවිල එන්නේ පහුවෙන්ද පාන්දර. එක පාරක් නොනගතේ වෙලාවේ මේ අපේ යකෙක් ගේ ගෙදර ගිහිල්ල මහ රෑ එන්න විදියක් නැතිව, දෙයියනේ කියල අවුරුද්ද ඉවර උනාම ගෙදර ආවා. එදා නං ඉතිං අවුරුද්දක් නෙමෙයි ගෙදර එකම මරණයක්. වටෙන්ම බැනුං. මොකක් හින්දද වගකීම් විරහිත ක්‍රියාකලාපය හින්දා. ඔය මොන තරං බැනුං ඇහුවත් ඒවා අඩු උනේ නෑ නෙව.
ලැජ්ජා නැතිව ආයේ කරනවා. ටවුමට ටිකකට යනවයි කියපු මිනිහා පැය තුන හතරක් ගිහිල්ලත් නැති කොට ඔන්න මහ රෑ ජාමේට ගෙදරට කෝල් කරල කියනවා “දේශිකා, මම දැං පිළිමතලාවේ ඉන්නේ..හෙට එනවා“ කියල. ඔය වචන දෙක තුන කියපු ගමන් කෝල් එක කට් කරල ගියාම කතන්රදයක් නෑනේ. හැබැයි ගෙදර ගියාමු ගුටි පුජාවයි (?????). හැක් හැක්. මොන විදියෙන්වත් සාවදානව කරුණු කාරණා ඇහුන්කන් දෙන්නේ නැත්තේ ගෙදර උන්දැ කියන ඒවට විතරයි. වෙන මොකෙක් හරි දෙයක් කිව්වොත් “ ඇයි බං යාපනේද යන්න ඕන“ කියල ඒ සැනින්ම යාපනේ උනත් යාවි. මේක මං හිතන්නේ පොදු දුර්වලතාවයක්. පිරිමියෙක් කවදාවත් තමන්ගේ වගකීම් සහතිකේ ගැන හරියට කියන්න දන්නේ නෑ. හුගක් පිරිමි කොයි තරං කයි ගැහුවත්, වැඩ කප්පරක් කරත්, අන්තිමට කරල තියෙන්නේ ගැහැණියගේ ෂෙඩුල් වලට. ඒවා වැරදිය කියනවා නෙමෙයි. මොන විදියෙන් හරි පිරිමියා හරි ට්‍රැක් එකට ගන්න නං ගෑනියෙක්ට මිනිහෙක්ව ආම්බාං කරන පස්ට අමාරු සීන් කෝන් එකක්. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා නෙව. මොන දහිරිය දැම්මත් මගේ කොළු කාලේ කරපු වගකීම් විරහිත ක්‍රියාකලාපය තාමත් අඩුවෙන් හරි තියෙනවා. ඒත් හැදෙන්න බෑ. මොන තරං නං අමාරුවේ වැටිච්චි අවස්තා (ආ.. නලින්) තියෙනවද ඒ මොන මොහොතෙත් මට හිතිච්චි දේ තමයි වගකීමෙන් වැඩ කරානං මේ දේ නොවෙනවයි කියන එක. හැබෑටම ඒක නෙමෙයි අනේ.. “ගෑණි කිව්ව දේ ඇහැව්වන ඉවරයි“ නේ කියන එක. කොහේද ඒක කියන්න තරං පිරිමියෙක් වෙලත් කොන්දක් නැති කොට කුමන කතාද??
මුදල් භාවිතයත් එහෙමම තමා. ආණ්ඩුවෙන් දෙන හින්දා ගන්නවා. වැඩිත් එක්කම ආයේ ආණ්ඩුවටම ගෙවනවා. නැත්නං හරි නෑනේ. අපි ඔය කව්රු ඇඩුවත් විප්ලව කරන්නෙවත්, උපවාස කරන්නෙවත්, පෙළපාලි යන්නෙවත්, විරෝධතා ව්‍යාපාර කරන්නේවත් නෑ නෙව.. ගාන වැඩි කළාය කියල. ඔන්න ඔහේ සල්ලි දීලා කට වහගෙන අරන් එනවා. නියම සීන් එක කියන්නේ හැමදේම ගානට මිම්මට කරන්න දන්නැති එක ඒකටත් බලපානවා. ධනපාල පර්ස් එකේ ඉන්නකං පොර සේ ඉන්නවා. නැති දවසට වැටෙනවා. ඔව් දනින් වැටෙන වෙලාවලුත් තියෙනවා. මේකත් ඒ වගේ වෙලාවක්.. හැක්..
ඔය අපේ මහලොකු සල්ලි කාරය කියන්නේ “ළමයෝ වියදං කොරල කොරල ඉතිරි වෙන පිච්චිය පොතේ දාන එක නෙමෙයි කොරන්න ඕන.. ඔහේට ඕන ගාන ඉතුරු කරල අන්න ඊට පස්සේ ඕන මගුලකට වියදං කරගන්නව හොදයි“ කියල නේ. කව්ද මේ පොර.. මම කිව්වේ වොරන් බෆට් සීයා ගැන. එයා කියන ඒවා අපි අහනවනං ඉතිං අපිත් වොරන් පැටවු වෙන්න එපායැ. මොන දේශන තිබ්බත්... ලෝකේ පුරාම මොන තරං දේශන තියෙනවද?? සල්ලි ඉතුරු කරන්න,. සල්ලි හම්බ කරන්න,. සල්ලි ආකර්ශනය කරගන්න, කෝටිපතියෙක් වෙන්න කියල දෙන. ඒත් අන්තිමට ඒ උගන්නන ඒකා අපේ පොකට් එකට ම ඇනල ඌ සල්ලි කාරයෙක් වෙන එක විතරයි වෙන්නේ. අර පෙන්සුයි කෑදරයා ආසිරියා ඒ යකත් එහෙම නේ. දුප්පති මිනිහගේ පර්ස් එකට ඇනල මිනිහා කෝටිපතියෙක් වෙන එක විතරනේ උගේ පෙන්සුයි ලබ්බේ තියෙන්නේ. ඒ පෙන්සුයි එක මං හිතන්නේ ලංකාවෙන්ම හරිගියේ ඔය ආසිරියට විතරද කොහේද. අනිත් උන් සේරම මස්තබාල්දු වෙලා ගියා. අහන්නත් දෙයක්යැ. ඌ පෙන්සුයි කරන්නේ මිනිස්සුන්ට නෙමෙයි නේ. ඒ යකාටම නේ..
දැං මොකක්ද ඇත්තට කියන්නේ.. මේක කතාවක්ද,. පශ්චත්තාපයක්ද, වෙන මොකක් හරිද???? මොකක් උනත් කමක් නෑ. මගේ ඔළුවට හෙන හත වැදිල ඉන්න වෙලාවේ, පොඩි හරි සහනයක් ලැබුනා මේක හින්දා. ඒක නිසා මොක නැති උනත් ඕං හිතේ සතුට ටිකක් අරගෙන මම ගියා. ඔහේලටත් ටිකක් ලැබුනද,, නැත්ද මන්ද..
මාත් බ්ලොග් මගුල අටවගත්තේ හෙන හතම වැදිලා ඉන්දැද්දී..දැන් මට හෙන හත + බ්ලොග් එහෙකුත් තියෙනවා...සංසාරේ සංසාරේ ...
ReplyDeleteහෙන අටක් තියෙන එකෙක් එහෙනං... හැක් හැක්
Deleteඋඹගේ කතාවට එකඟයි. සමහර වෙලාවට ගෑනු කියන දේවල් අහන්න වෙනවා. හැබැයි ඒ වෙලාවට " පිස්සුද ඔහොම කරලා හරියන්නේ නැහැ" කියල සද්ද නැතිව ඒ කිව දේ කරන්න කියල ගෑනු ගැන පරීක්ෂණ කල එකෙක් කියල තිබුන කොහේ හරි. මම නම් වගකීම් බෙදල දීල තියන්නේ දැන්.මම කරන්න ගිහින් අනාගෙන තියන නිසා සහ තව දුරටත් අනාගන්න බැරි නිසා.
ReplyDeleteබලය විමධ්‍යගත කිරීම මේ ගැටළුවට විසදුමක් නෙමෙයි බං.. හැක්
Deleteමාත් ඔය විදිහට තාවකාලික සතුට හොය හොයා ගන්න එකෙක් දේශෝ. ඒත් ඉතින් දැන් දැන් නම් සමහර වෙලාවල් වලට හිත නිදහස් කරගන්න බෑ මොනව කලත් තත්පරේකට වත්. හැමදේම හරියයි කියල හිතාගෙන තව ටිකක් try කොරල බලමු.
ReplyDeleteඔව් බං අපිට ඉතුරු වෙලා තියෙන්නේ ට්‍රයි කරන්න විතරයි. ඒත් ඒ ට්‍රයි එකෙන් වැඩක් නෑ අපි හිතට එකගව වැඩ කරන්නේ නැත්නං
Deleteඅද නම් කතා කරන්න අාසම නැති subject ඒකක් ගැනනෙ ෙද්ශක ලියල තිෙයන්ෙන්.
ReplyDeleteමාත් ආස නෑ. ඒත් කතා නොකර ඉදලත් බෑ නෙව
Deleteමාත් තනියෙන් ඉන්න කාලෙ ඇති වෙනකල් වියදං කළා. හැබැයි ඉතිං වගකීම් ගත්තට පස්සෙ ඒ වියදං සීමා කරන්න උනා. එහෙමයි කියල හැමදේම නවත්තලත් නෑ. මොකද ගෑණු කියන හැමදේම හරිය කියන තියරියෙ මම ඉන්නෙ නෑ. දැං මේ බිස්නස් දෙකක් පටලවගෙන මාර අමාරුවක මාත් වැටිල ඉන්නෙ.
ReplyDeleteඔය ෆෙංෂුයි මල ඉලව්ව මේ පැත්ත පළාතක ගෙනාවෙ නෑ මමනං. ඊට වැඩිය හොඳයි රුපියල් 20 ක් දීල ටිකට් එකක් ගන්න එක. :D
බිස්නස් දෙකක් කිව්වේ.. හැක් හැක්.. වැඩක් නෑ..
Deleteඅපොයි පෙන්සුයි පිස්සෝ දෙතුන් දෙනෙකුට මම හොදටම නෙලුවා..
(ඒ කියන්නේ එකම ජොබ් එකකට අනුගත වෙලා දැං පහුවෙන්නේ මගේ 16 වෙනි අවුරුද්ද....වයස ගැන හිතමින්...)
ReplyDeleteදේශකය අයියේ උඹ කියන කතාව හරියට හරි.
//මුදල් භාවිතයත් එහෙමම තමා. ආණ්ඩුවෙන් දෙන හින්දා ගන්නවා//
(මූත් ආණ්ඩුවෙ එකෙක් වෙන්න ඕන.... පඩි තිබුනෙ 25... අද 27..... ඒ කියන්නෙ ඊයෙ නස්පුක් වෙන්න ගහල අද විකාර කියවනව......)
ට හිතුනෙත් එකම තමයි...ඒ උබත් අන්කල් පිං පඩි ගන්න රාජ්‍ය සේවකයෙක් වගේ.
Deleteරාජ් මල්ලි කියන කතාව ඇත්ත.. හැක් හැක්.. උඹලට විතරද ආණ්ඩුවේ මමා සල්ලි දෙන්නේ.. ඇයි අපිට.. හැක්
Delete@ මනෝජ්
Deleteඔය ඉතිං බොටත් කට තියාගෙන ඉන්න බැරි හැටි
ගෑණු කියන දේත් අපි අහන්න ඔනෙ එහෙම නැතිවුනොත් අපිට කෙලවෙච්ච දාට ගෑනු යාවි අපිව දාල. මටත් කෙලවිලා ඉන්නෙ ගෑනි කියපු දේ අහන්නැතුව එක එක දේවල් කරන්න ගිහිං.දැන් ඉතින් හොට බිම ඇනගෙන ඉන්නවා.හැබැයි ගෑනි කියන දේ ඇහුවොත් කවදාවත් වරදින්නෙ නැ හැබැයි ඉතින් දහපදුරාවෙ නටන එකියක්නම් ඉතින් හබක් තමා.........
ReplyDeleteමෙන්න පවුල එපා කියද්දි පංඩිතකං කරලා කෙලවාගත්ත ජීවමාන උදාහරණයක් , හෙහ් ..හෙහ් ...උඹට ගොඩ ගියහැකි උඹ හිතහොද එකා , නරක වැඩක් කරලා නෙමෙයිනේ උඹ අමාරුවේ වැටුනේ
Deleteඅනිවා බං. කෙලවුනාට පස්සේ ඉන්නෙ ගෑනි විතර නෙව..
Deleteඅටමා
Deleteඒක තමා උඹ පන කඩාගෙන මුට උදව් කරන්නේ. මොකද උෙඹ් ටිකට් කැපෙන හැටි උඹ දන්නව නෙව.. හැක්
මේ දවස් වල ධනපාල මාත් එක්කත් තරහ වෙලා බන් (ලැබෙන්න ඕන සල්ලිත් ලැබෙන්නෙ නෑ බන්)... බොහොම දරුණු තත්ත්වයක් තියෙන්නෙ... එහෙම වුනහම මටත් උඹ ඔය ලියල තියෙන එව්වා හිතෙනව හෝ ගාලා...
ReplyDeleteමෙයා 'අඩවිය' කෑල්ල පැත්තකට කරලා, මෙහෙම, ඇත්ත නමින් ලියන එක කොච්චර දෙයක්ද?:D:D
Deleteඔය ධනපාලයා හැමදාම මාත් එක්ක තරහයි බං උඹ ඔව්වා ගනන් ගන්ඩ එපා
Delete@ සාතන්
Deleteඅඩන්න එපා බං අඩන්න එපා.. ඉවසපං
@ පොඩ්ඩ්
Deleteසාතන් ට අඩවියත් අමතක වෙලා. නැත්නං ධනපාලට අඩවිය වික්කද දන්නෑ..
@ අටමා
Deleteඔව් ඔව් ධනපාලය මම අල්ලගත්තෙන් උඹෙන්ම තමා. හැක් හැක්..
පෙන්ෂුයි , ඕකට වඳින එවුන්ට ගහන්න ඕන මඩු වලිගෙන්,
ReplyDeleteහැක් හැක් පව්ලූෂා.. කරන්න හරි එකෙක් නැති එකනේ තියෙන්නේ...
Delete//ඔහේට ඕන ගාන ඉතුරු කරල අන්න ඊට පස්සේ ඕන මගුලකට වියදං කරගන්නව හොදයි// මමත් ෆොලෝ කරන්නෙ මේ තියරිය තමයි. මේ වෙනකන් නම් ඒ ක්‍රමය සෑහෙන සාර්ථක වෙලා තියෙනව :)
ReplyDeleteසන්තෝසයි චාම්ස්.. මොකද ඒ දේ ශක්තිමත් නැති කෙනෙකුට කිරීම හරිම අමාරුයි..
Deleteවිවා පත් ජෝඩුවක් සපත්තු ජෝඩුවක් හා සමානය
ReplyDeleteඇමරිකාවේ, කැලිෆෝනියාවේ, ඩිස්නිලන්තයට ගිය වේලේ ඇන්හයිම් වෙලඳ සංකීර්ණයේ වීදියක් දිගේ ඇවිදගෙන එමින් ගමනේදී ඇස ගැසුනු සපත්තු පොලිශ් කරන ජැමෙයිකානුවා මට ඔච්චමට මෙන් කීවේ,
හෙයි යාලුවා බලපන් උඹේ කුනුපාට සපත්තු දිහා.
මට සල්ලි නෑ
මං නොමිලේ සුද්ද කරල් දෙන්නම්. මට උඹේ සල්ලි ඕන නෑ
ඔව් මං දන්නව උඹ එක සපත්තුවක් නොමිලේ අනෙක පොලිශ්කරන්න ඩබල්, දැනගනින් මං ලංකාවේ.
ඇමරිකාවේ එහෙම ගමක් ගැන මං අහල නෑනේ.
ඒක තියෙන්නෙ ඉන්දියාවට පහලින්
හරි හරි මට තේරුනා බ්‍රයන් ලාරා ගෙ රටේ
මේ හාදයා සමග භූගෝලිය ප්‍රශ්න සාකච්ඡා කිරීම අන්තිම නිරර්තක වැඩකි.
මං දන්නව උඹ හදන්නෙ සපත්තු පොලිශ් විකුණගන්න,
ඔව් උඹ හරි හැබැයි, නියමිත මිලට වැඩියෙ නොවෙයි.
බලන්න මේ පොලිශ්, එක් පාරක් ගෑවොත් ඔක්කොම කුනු ඉවත්වෙනව. ආයි කුනු ගෑවෙන්නෙ නෑ. මාස ගණනාවකට.
ඒයි යාලුවා තියන්න ඔබගේ කකුල මෙතැන.
මා ඔහුට කීකරුව පොඩි කන්ඩිය මත කකුල තබමි. ගත වූයේ තත්පර කීපයකි. සපත්තුව අලුතින ගත්තාක් මෙන් සුදුම සුදුය. ඔහු පොලිශ් ස්ප්‍රේ එක, බ්‍රශ් එක ඇතුලු උපකරන කට්ට්ලයටම ඩොලර් 40ක් ඉල්ලයි. කමක් නෑ. මම එය මිලදී ගත්තෙමි. අවුරුදු දෙකකටත් පසුවත් මා එය පාවිච්චි කරමි.
මගේ හිතට ආපු අවුල පොලිශ් එකවත්, ජැමෙයිකානුවාගේ කතා විලාසයවත් නොවේ.
සපත්තු දෙකක එක සපත්තුවක් පමනක් පොලිශ්කිරීම විවා පත් දෙදෙනෙකු එකිනෙකා පරයා ඉස්මතුවෙන්න ගියොත් වෙන දේ සිහිපත් කරයි. කරනව සපත්තු නම් දෙකම පොලිශ් කරන්න ඕනේ. එකක් පමනක් කරන්න ගියොත් අවුලක්.
සපත්තු දෙක දාගෙන යන්න බැරිවෙනව.
අපූරුයි.. විග්‍රහය
Deleteආ.. මම ඒක හොදටම කියෙව්ව එකක් නෙව.. පෝස්කටුවක් දාලා තිබ්බා නේ..
Deleteදයාල් බතී ගේ කතාව හරියටම හරි. එක සපත්තුවක් පමණක් පොලිෂ් වෙලා හරියැ. දෙකම එක විදිහට පොලිෂ් වෙන්න ඕනෙ. ඒ වාගෙම නෝනලා කියන දේ අහන්නෙ නැතිව හොට බිම් ඇනගත්තාට පස්සෙත් ලඟ ඉන්නෙ නෝනාම තමා. වටේ ඉන්න එකෙක් වත් නෑ නොවැ.
ReplyDeleteඕක තේරුං යන්නෙත් හොට බිම ඇණුන දාටම නේන්නං. ඒකයි අවුල
Deleteදේශකයෝ ඔයාට කියන්න මාත් ඉතිං ඔය කොම්පැණියෙම තමා. ඒ වුණත් බැන්දට පස්සේ ඒ වගේම දරුවෝ දෙන්න ආවට පස්සේ චරියාව ටිකක් වෙනස් කර ගත්තා. ඒත් මට චාන්ස් වදිනවා රස්සාවත් එක්ක. මොකද කොයිවෙලෙත් පිටමනේ ඉතිං.පොඩ්ඩක් යාලුවෙකුගේ මළගෙදරක වුණත් නයිටක් ගහන්න වුණොත් අවුට් එකක් යන්න තියනවා කියලා තමා කියන්නේ. ඇත්ත කිවුවොත් චුරු චුරු. හැබැයි මං මේ සේරම ෂේප් කරගන්නේ හැම ඉස්කෝල නිවාඩුවකට වගේම කොහේ හෝ ට්‍රිපක් ගෙදර කට්ට්යත් එක්ක ගිහින් වගේ දේවල්වලින්.
ReplyDeleteමේ කමෙන්ටුවට නියම උත්තරය දෙනවනං දෙන්න ඉන්නේ අපේ ස්ත්‍රීවාදය බ්ලොග ලියන ලියවරුණ මහත්තයා. ඔහු සමාජගත කරන්න හදන්නේ අප කවුරුවත් නොහිතන පැත්තක් දෙස බොහෝ දුර දැක්මකින්. හැබැයි බොහෝ දෙනෙක් ඒ අදහස තේරුම් අරන් ඉන්නේ වැරදි පැත්තෙන්.
දැන් ඉතින් කට්ටිය මා එක්ක ඔට්ටුවෙන්න එහෙම එනවා නොවෙයි ඔන්න.
අන්න අමු තිත්ත කුණුහබ්බ වගයක් ලියලා තිබුනා... පව් බං.. ලෙඩෙක්..
Deleteහික්.. කොහොමත් එයා කියන ඒව නලීන් අයියට නම් තේරෙනවද කොහෙද.. මට නං විකාරයි... (එයාගේ දුර දැක්ම දිය කොරහේ කිඹුලෝ දැකලා වතුර පොදක්වත් නොබී බයේ ඉන්නවා වගේ තමයි... හි හි)
Deleteඅමතක උනා කියන්න... පුළුවන් නම් පත්තරේ කොලමි එකකුත් ලියන්න දෙන්න ලියවරුණ මහත්තයට නලීන් අයියේ.. පිටුවක් විතර ෂේප් කරගන්නත් පුලුවන්...
Deleteඑක වල්ලේ පොල් වගේද බං.. හැක් හැක්
Deleteමටනම් හැමදාම අවශ්‍යය හැමදේම අවශ්‍යය ගානට ලැබිලා තියෙනවා. මාත් ඉතින් පෘතග්ජනයෙක් හින්දා වෙලවකට හිතෙනවා අය්යෝ මේ මදිනෙ කියලා. ඒත් ආපහු හැරිලා බලද්දි හැමදේම ගානට ලැබිලා..සමස්තයක් වශයෙන් ගත්තම මම තෘප්තිමත්. මගෙ ගෑණිටනම් ඔය දේශිකාට තියන කරදරේ නෑ, මොකද මම ගාලු යනවා කියලා යාපනේ යන්නෙ නෑ.
ReplyDeleteඋඹ තෘප්තිමත් නං එච්චරයි.. උඹලව සන්තර්පනය කරන එකනේ බං අමාරුම දේ.. හැක් හැක්.. මුල කාලෙනං එහෙම තමා බං. දැන්නං සියළු දණ්ඩනීති පනවල තියෙන නිසා එහෙම කරන්න බෑ..
Deleteඕකේ ප්‍රශ්නේ තියෙන්නේ අහස පොලොව වගේ දෙන්නෙක්නම්. නැතිනම් ඉතින් සමාජය දන්නවනම් එච්චර අවුලක් නෑ. එක ළොකු කතාවක්. ඉඡ්ඡා භංගත්වයෙන් ඉන්නෙ නම්, හීන වැඩි නිසා. ඇලීම් ගැලීම් වැඩි නිසා. ටාගට් වැඩි නිසා, ඒ නැතුව ළොකු බලාපොරොත්තු නැතුව, සරළ ජීවිතයක් ගෙවනවනම්. මේ ආත්මෙම නිවන් යන්නත් පුළුවන්.. තමන්ගේ දහම හරි විදියට අවබෝධ කර ගත්ත මිනිහා කොච්චර ප්‍රශ්ණ ආවත් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ..
ReplyDeleteපෘතග්ජනයෙක් විදියට මගේ අඩු පාඩු තියෙන බව නං කියන්නම ඕන.. හැක් හැක්
Deleteමගේ අම්මේ මේවා නම් මතක කරනවටත් අකමැතියි. ඒත් ලියන්න ඕනෙ දිනක. පුදුම කාලයක් ගෙව්වෙ. දැන් නම් ඉතින් නෝටි ෆෝටි වුනත් බොහෝම හික්මීමෙන් ඉන්නවා. කලවයස හොද වෙච්ච කෙල්ලෙක් ඉන්නවනේ. අපේ කාගෙත් අතීතේ එකයි. මාතලන් කියනව වගේ හිටියම කිසි ප්‍රශ්නයක් නැහැ.
ReplyDeleteඑහෙයි එහෙයි.
Deleteසෑහෙන්න හිතන්න ඕන වගේම කියන්න සෑහෙන දේවල් මතක් වෙන මාතෘකාවක්..
ReplyDeleteඑහෙනං හිතල හිතල ලියමුකෝ බලන්න.
Deleteපිරිමින්ගේ හැම අවශ්‍යතාවයක්ම ගැහැණුන්ට තේරෙන්නේ නැහැ වගේම, ගැහැණුන්ගේ අවශ්‍යතාවයන් පිරිමින්ටත් හරියටම තේරෙන්නේ නෑ. පිරිමින්ගේ හිත වැඩිපුර යෙදෙන්නේ ගෙදරින් පිට ලෝකයට. ගැහැණුන් ගේ හිත හැම වෙලේම හැරෙන්නේ ගෙදරට.
ReplyDeleteයන එන තැන් නොකියා යෑම නම් මම කරන්නේ නෑ... බොරුවක් කියලා යනවට වඩා ඇත්ත කියලා, එයාගෙ කැමැත්ත නැතුව හරි යන එක හොඳයි කියලා මට හිතෙන්නේ. නමුත් ගෙදර ඉන්න, පවුලේ අය සමග ගත කරන්න වෙලාව අනිවාර්යයෙන්ම හොයාගන්න ඕනේ. ගෙදර අත්‍යාවශ්‍ය කටයුතු වල දායක වෙන පිරිමියෙකුට, අවශ්‍ය වෙලාවට මිතුරන් සමග ගිහින් විනෝද වෙන්න ගැහැණු ඉඩ දෙනවා කියලා මට හිතෙන්නේ.
උඹ කියන එක හරියටම හරි බං.. වැඩේ තියෙන්නේ ගමන් අනවශය ප්‍රමාණයටම තියෙන එකයි.. නොවැලැක්විය හැකි හේතු.. හැක් හැක්..
Deleteඇයි අනේ ඔලුවට හෙන හත වැදිලා ඉන්නේ?
ReplyDelete//හැබැයි ගෙදර ගියාමු ගුටි පුජාවයි (?????). හැක් හැක්.//
හොඳ දේශිකා...ලඟ පාතක හිටියා නම් කියලා හිතුනා දේශකයා දුවන හැටි බලන්ට. :D:D
එනව මෙතන අපි ගුටි කන ඒවා බලන්න.. ඒක හින්දා තමා මාසෙකට විතර පොඩ්ඩිව එලෙව්වේ.. හැක්
Deleteඅපූරු ලිපි පොඩ්ඩ.. වොරන් මහත්තයා කියපු දේ නම් ඇත්ත.. ඒත් අපට ප්‍රායෝගික නෑ නෙව.. මගෙ නං බැන්දයි කියලා ජීවිතේ ඒ හැටි වෙනසක් වෙලා නෑ.. ආර්ථිකය හා කාලය තමයි වෙනස.. ගෑණු කියන එක අහන්න ඕන කියන එක වැරදියි.. යුනිට් එකක් විදිහට සාකඡ්ඡා කරලා.. සාමූහික තීරණ වලට එළඹෙන්න ඕන. පවුලක ඉන්න ඕන එක නායකයයි.. එයා පිරිමියා හෝ ගැහැණිය වෙන්න පුළුවන්.. දයාල් බතී ගෙ සපත්තු තියරියෙන් මං වෙනස් වෙන්නෙ එහෙමයි..
ReplyDeleteසපත්තු තියරිය එක කෝනයක්.. වොරන් මහත්තයා කියන්නේ තව එකක්.. මම කියන්නේ තව එකක්.. ඇත්තටම මේ දේවල් පුදුම සංකීර්ණයි. අපි අවබෝධය කියන දේ මොන හේතුවකට හෝ ප්‍රතික්ෂේප කරනවා. ඒක තමා ගැටුමට මුල.. මං හිතන්නේ චතුරට මම කියන දේ පැහැදිලි ඇති.. තැන්කුයි..
DeleteThis comment has been removed by the author.
ReplyDelete//ඒ අස්සේ මෙන්න මුණුපොතේ එකෙක් ස්පෑම් වෙච්චි කොමෙන්කටුවක් අදින විදිය අහනවා.//මොකාද බන් උබේ රැවුල ගිනි අරන්තියෙන කොට සුරුට්ටු පත්තු කරන්න එන @##!~##&%!& .
Deleteඕහෝම තමයි බන් ජිවිතේ...
කොහොම උනත් මේක දැක්කම මම යෝජනා කර සිටිනවා දේශිකාට අර "අභීත දියණි"කියන රාජ්‍ය සම්මානය දියයුතුය කියා.
බෑ එච්චර සෝමාරි සම්මනා දෙන්න බෑ බං.. හැක් හැක්.
Deleteඔව් බං. ඒවා ඒ තරං ලොකුවට ගන්න ඕන දේවල් නෙමෙයි මම කිව්වේ මොකෙකුට හරි පොඩ් හෙල්ප් එකක් දෙන එක.. මට නං ඒක නිකං අනිවාර්ය දෙයක් වගේ. හැබැයි තව ටික දවසක් බලල උගේ අඩු කඩනවා.. හැක්.. හැක්..
ෆෙන්ෂුයි නම් විකාර... තව අර ඉතුර කරලා වියදම් කිරිල්ලත් මට හරි යන් නෑ.. මොන මඟුලක් හරි සෙට් වෙනවා අන්තිම සතේටම වියදම් වෙන්න.. මොකෝ සමාජෙ තනියෙන් නෙවෙයිනේ ඉන්නේ... එහෙම ඉන්න පුලුවන් නම් හොඳයි කියලා හිතෙනවා වෙලාවකට..
ReplyDeleteමොකද බං වෙලා තියෙන්නේ.... මේ ටිකේම මඤ්ඤං චේශන වලට අපිටත් මඤ්ඤං වෙනවා...
මංඤඤං වෙලා බං ඉන්නේ ඒකයි.. හැක්
Delete// ටවුමට ටිකකට යනවයි කියපු මිනිහා පැය තුන හතරක් ගිහිල්ලත් නැති කොට ඔන්න මහ රෑ ජාමේට ගෙදරට කෝල් කරල කියනවා “දේශිකා, මම දැං පිළිමතලාවේ ඉන්නේ..හෙට එනවා“ කියල.//ඇත්තටමද මේ කියන්නේ :o ..එහෙනම් පහුවදා හොඳට අහගන්න ඇති මයේ හිතේ ..හි හි :Dබිරිඳ ගැන ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕන දේශ් හොඳද ?
ReplyDeleteමුල් කාලේ එහෙම වැඩ නං අනන්ත කරා රෙහානියෝ.. දැන් නං ඊට ටිකක් විතර වෙනස් හැක් හැක්
DeleteBuffet siyaa mehemath kiyala thiyenawa.anawashya de milidi gannavita ikmaninma awashya deya vikinimata siduwanu atha.
ReplyDeleteඔව් මටත් මතකයි ඒකනං.. තැන්කුයි දමියෝ..
Delete"ආණ්ඩුවෙන් දෙන හින්දා ගන්නවා. වැඩිත් එක්කම ආයේ ආණ්ඩුවටම ගෙවනවා" මෙන්න මේකනම් නියම කතාව අයියේ හික් හික් හික්
ReplyDeleteඑහෙමද බොලව්.. තොපද පරණ රජයේ සේවකයෙක් නේද? ඒ උනාට කෑවේම ගම්මුන්ගෙන් නෙව.. හැක් හැක්..
Deleteකට කට බොල අල්ලලා ගහනවා දඬුකඳේ
Deleteහරි හරි ඔන්න වහගත්තා. හැක් හැක්
Deleteබැලුව නමුත් කියන්නට කිසිත් නොතේරෙයි......ඒ නිසා ප්‍රථම වතාවට කිසිත් නොකියා පැන යමි.
ReplyDeleteහා හා අවුලක් නෑ සිත්තමියෝ..
Deleteඅපි ජීවත් වෙන්නෙ හරියට අර එකතැන කරකැවෙන එක්සයිස් මැසිම උඩ දුවනව වගේනෙ. කොච්චර හයියෙන් දිව්ව උනත් අන්තිමට බලද්දි එකම තැන තමයි...
ReplyDeleteහුග දවසකින් නෙව දැක්කේ.. දැං ලියන්නැතෙයි.. පරිවර්තන නැවැත්තුවයි.. එක තැන දිව්වත් ගැම්මක් එනවා නේද?? ජීවිතේ කියන්නේ ඒකට තමා..
Deleteඅපේ ගෙදර ගොඩක් වෙලාවට යන තැන කියනවා. නැතත් මට ගොඩක් උදව් වෙන නිසා මම මුකුත් කියන්නෙ නෑ. ඇත්තම කියනව නම් එයා ටිකක් යාලුවො එක්ක කොහෙ හරි යනව නම් කැමතියි.මොකද එතකොට මට සැනසිල්ලෙ බ්ලොග් එකේ වැඩ කෙරුවෑකි!
ReplyDeleteඅන්න පොයින්ට් එක... ගෙදරට කප්පරක් උදව් කරානං ලෙස්සල යන්න ලේසියි.. නිල් මානෙල් තියරිය.. හැක් හැක්
Deleteහිතවත් ඩුඩේ හෙවත් +Henry Blogwalker වෙත,
ReplyDeleteකොහොමෙයි ඉතිං. ඔහේ එව්වයි කියන ලියුං ටික මම හංගපු තැනටත් ඇවිල්ල නෑ.. සුවර් නැති හින්දා දෙතුන් පාරක් ම බැලුවා. නැතෙයි කියන්නේ.. කමක් නෑ ඔහේ ඉතිං කොහොමත් එහෙම නේ. හැක් හැක්.. (මං කිව්වේ මේ දවස් වල ප්‍රතිචාර හැංගෙන එකේ සීමාවක් නැති හින්දයි) තැන්කුයි ඩුඩේ..
අනේ මටත් මේ දවස් වල හෙන බර ලොට් එකක් වැදිලා තියෙන්නේ.... දුකේ බෑ... මං ගැනම.....
ReplyDeleteඅයියෝ පව් නේ සමනලියෝ.. ඔය බරට යට වෙලා වෙන්ටැති මේ දොහේ දැක්කේ නැත්තේ. ගොඩඑන්න වාසනාව ශක්තිය ලැබේවා..
Deleteමීට,
බරට යට වූ තවත් එකෙක්... හැක් හැක්
ගෑනු ගැනනම් කියන්න අත්දැකීම් නෑ අප්පා...මේ කාලේ පඩිය අද ගත්තට හෙට කන්න විදිහක් නැති සයිස් එකක් තියෙන්නේ..මේ ගන්නවා මේ වාෂ්පවෙනවා. අන්තිම කාලේ හොම්බෙන් ගිහිං දත් ඇන්දේන් තමයි මම යන්නේ.
ReplyDeleteඅඩෝ වයිෆරේ බොට අල්ලාගෙන නෙලනවද බං සිරාවට... හෙහ් හෙහ්
Deleteහ්ම් ගෑනු ගත්තත් එකයි සල්ලි නැතිව ජීවත් වෙන එකත් එකයි.. හැක් හැක්..
Deleteමම මේ තකහනියක්ම දුවගෙන ආවේ මොකටද කියලා දන්නවනේ...? හේ හෙහ් හෙහ්හ් ......
ReplyDelete