“රායිට්. එන්න ඔක්කෝම අය ඉස්සරහට. මොකද මේ වැඩ කරන්නේ නැත්තේ.. ඒ මදිවට මේ මාස දෙකට නිවාඩු ගන්නවත් වැඩියි. ඇයි මොකද අළුත් ප්‍රශ්නද? අද කීයක් ඉන්නවද ඇවිත්“
“43 යි සර්“
“හරි දැං බලමු.. සරමසේරම (මලා) සමරසේකර මොකද වැඩට එන්නැත්තේ??“
“ප්‍රශ්න සර් ප්‍රශ්න!!“
“මොනවද සමරේ තමුසෙට තියෙන මේ අපිට නැති ප්‍රශ්න.. අපි එන්නේ ඔය යස අගේට වැඩට“
“සර්ලට ඉතිං මොකද? අපි බෝම අමරුවෙන් තමා මිට ගහන් දුවන්නේ“
“ඒ කිව්වේ තමුසෙට ආර්ථික ප්‍රශ්න??“
“ඔව් සර්. හම්බානක එරිල ඉන්නේ. සමහර දාට වැඩට එන්නවත් සල්ලි නෑ“
“හරි අයිසේ.. ඕක ආර්ථික ප්‍රශ්නයක් නේ.. තව ඉන්නවද ආර්ථික ප්‍රශ්න තියෙන අය“
“ආ හරි හරි දහතුන් දෙනෙක්ට ආර්ථික ප්‍රශ්න.. හරි අත් පල්ලෙහාට දානවල.. අනිත් අයට දැං මොනවද තියෙන පුරස්න.. හරි කියන්න ඕන නෑ මං අහන්නං“
“කාටද දැං පවුල් ප්‍රශ්න තියෙන්නේ??
“ඔව්.. සිරිල්ටයි, වාසුලටයි, සුමල් මොකා තමුසේ ගිය මාසේ නේ බැන්දේ“
“ඒකනේ සර්.. ගෑනි එක්ක බේරිල්ලක් නෑ සතිය ගානේ ගෙදර යන්න කෑගහනවා. ඉතිං යන්න එපායැ“
“ඒ උනාට තමුසේ බැදල පාටිය වෙලාවේ කිව්වේ ගෑනි තමුන්ට ඕන විදියට හදාගන්නවා කියලා.. කට්ටියට මතකයි නේද මේකා බීලා කිව්ව ඒවා“
“ඒම තමා සෑර්. වැඩේ තියෙන්නේ සතිය යද්දි මං අහුඋනනෛ් ගෑනු ගැට වලට“
“හැක් හැක්.. හරි තුන්දෙනෙයි.. තව.. ආසිරි.. විමල්.. ලූෂන්.. අම්මප බං බොලාට මොනවද තියෙන පුරස්න“
“සර්ට කියල වැඩක් නෑ. මගේ ගෑනි එකක් වසන්න බෑ.. මම හදිසියකට පාරට බැස්සත් ඔරවනවා.“
“ඈ ලූෂන්.. තමුසේ ලබන අවුරුද්දේ රිටයර් වෙනව නේ.. තාම තමුසෙව සැකද?“
“ඒකනේ සර් කියන්නේ... වැඩක් නෑ කතා කරලා“
“ආ හරි.. පවුල් ප්‍රශ්න කාරයොත් හරි. දැං කාටද සමාජීය ප්‍රශ්න තියෙන්නේ. ඒ කිව්වේ සමිති සමාගම් දාන මාන අරව මේවට නිවාඩු ගන්න අය..හප්පට සිරි.. වැඩිපුර ඉන්නේ ඒවට නිවාඩු දාන අය නෙව“
“හ්ම්. දැං ඔය ආර්ථික, පවුල්, සමාජීය ප්‍රශ්න ඇර වෙනත් ප්‍රශ්න තියෙන අය අත උස්සනව බලන්න“
“කාටවත් වෙන ප්‍රශ්න නෑ එතකොට. අහගන්නවා එහෙනං ඔය ප්‍රශ්න තුනම මටත් තියෙනවා. මාත් පඩි අරගෙන සතියෙක් නොකවුට්. යන්තං ගෑනි හංගපු සල්ලි වලින් තමා දුවන්නේ. මටත් ආර්ථික ප්‍රශ්න. මටත් ඔය ලූෂන්ට වගේ තමා හදිසියට සෙට් වෙන්නවත් රෑට පනින්න බෑ. කොටු පනින ගානට හිතන්නේ. මටත් පවුල් ප්‍රශ්න. සමාජීය ප්‍රශ්න.. හුහ්.. කෙළවරක් නෑ අප්පා.. සමහර දවසට දෙක තුන වැටෙනවා. යන්නත් එපැයැ.. හැබෑට තමුසලොගේ මොකක් හරි මලගෙයක් මාසෙකට සැරයක් හරි තියෙනවා නෙව. එ්වට යන්නත් එපැයැ“
“ඉතිං බලනවා.. තමුසෙලාට එක ප්රශ්නයයි තියෙන්නේ. මට ඔය ප්‍රශ්න ජාති තුනම. ආයි කතා බෑ.. වැඩ ට එන්න ඕන හරියට. හරිද.. හා දැං යනවලා..“
හරි හරි දේශකයට බොසා දීල වගේ ලෙක්චර් එක. දැංවත් වෙලාවට වැඩට පල.
ReplyDeleteඑහෙමද...මම මෙතෙක් දවස් හිතං හිටියෙ මෙච්චර දවස් දේශා බොසා කියල ...හැක් ..හැක් ... අනේ සාලේ.....
Delete@ ප්‍රසා
Deleteඇඩෙනවා නේද මේව ඇහුවම..
@ කෙන්ජා බොකුස්
Deleteඈ බොල මං උඹේ බොස් උනාට මේ ගුබ්බැයමේ බොසා නෙමෙයි.. හැක්
ඔය වගේ ඩොකෙක් හිටියා අපේ පැත්තේ මිනිහා ලගට බෙහෙත් ගන්න ගියාම මනුස්සයා ගේ ලෙඩ ගැන අහලා අපිට උණ හැදෙනවා //කොම වුණත් ලොකු පුටු වල පෙන සුන්දරත්වය නෑ කියනවා නේ
ReplyDelete“සර්ට කියල වැඩක් නෑ. මගේ ගෑනි එකක් වසන්න බෑ.. මම හදිසියකට පාරට බැස්සත් ඔරවනවා.“///
මෙකනම් දේශක ගේ තත්වේ නේ අනුන් පිට පටවන්න හදන්නෙ
සහතික ඇත්ත.. සහතික ඇත්ත සහෝදර.. කුමක් කරනෙම්ද පුරුවේ කල පිනට (??)
DeleteMr. Deshakaya, pls add setdecco widget to this stupid blog. then only i can read it while i'm very busy in the office :D as there is some issue with the Language kit of my computer.
ReplyDeleteMr. Ensenna, Please guide me through the process. I don't know that widfuckget. Thanks
Deleteomg u don't know that !! very strange ! okay follow me;
Deletebrowse this url - http://settdeco.bhasha.lk/index.php
click on - get widget
click again on get widget which is free( if u are rich enough u can pay a small amount as rs 60000/- per annum and buy the full option widget )
Select language, color and size and then check on t&c
put your name, web url, and e-mail id.
click on - get code.
then you will receive an e-mail with the relevant code which need to hang in your blog as a html widget.
good luck !
Thanks a lot with Ummas.. Done. Thanks again
Deleteසැම තැන සිංහල දර්ශනය කිරීමේ එකම විසඳුම
Deleteබොලා මම දාන වෙලාවටම කොමෙන්ට් දාන්න ලෑස්තිවෙන්න එපා. :D
Deleteyep, i can confirm that you have succeeded through the process as i can read it now "දන්න හිංගලෙන් "
Deleteසෙන්නල දැං අපේ අහ එන්නේ නැනේ
Deleteප්‍රසා දාපු එක දැක්කේ පස්සේ..
Deleteප්‍රශ්න තුනකින් බේරුනා ඇති..... අපිටනම් තියෙන ප්‍රශ්න කියන්න බැරි එකත් එක පර්ශ්නයක් ...
ReplyDeleteතනිකඩයින්ට මොන ප්‍රශ් ද බන්ස් ...????
Deleteඑකනේ කිව්වේ තියෙන ප්‍රශ්න කාටවත් කියාගන්නත් බැ කියලා
Delete@ මැලේ..
Deleteඉතිං බං ඒ පුරස්න ටික මෙතනවත් කියහං. බොට කියන්න කෙනෙක් නේ නැත්තේ. හැක්..
@ කෙන්ජා
Deleteඋඹ දන්න සෙද්ද.. තනිකඩයන්ට තමා ප්‍රරස්න වැඩිම..හැක්
මූ නම් බොසාගේ තනතුරටම හරි යන බොසෙක් !
ReplyDeleteපෙනේද මේකා කියන කතා :)
මම උනා නං මේ බොසාව ගහල පන්නනවා..
Deleteආඩ් උබේ නම කිව්වෙ නෑනෙ :D
ReplyDelete:) :) +++++++
Deleteතේරෙන්නැත්ද බන්. ඔය ලූෂන් කියලා දාලා තියෙන්නෙ මූ ගැන. හැක්. හැක්…;) ;)
Deleteසික් සික් දේශ එච්චර නාකි නෑ බන් :D
Deleteමාත් ඉතිං ප්‍රශ්න ඇති මිනිහෙක් නොවෙද සබඳ??
Deleteමං හිතුවා දවස පුරාම බුකියෙයි ,බ්ලොගෙයි ඉන්නකොට කොයි වෙලාවේ හරි කෙල්වගනියි කියලා හැක්
ReplyDeleteමේවා නලියගේ කුප්‍රකට සැලසුම්..මාව නැතිබංගස්තාන කරන්න දත කන..
Deleteදේශකයා බෝසාගෙන් හොදට අහගෙන වගේ :D
ReplyDeleteහැබෑටම මොනරි. කාලෙකින් අහගත්තේ නෑ මෙහෙම සුපිරි බනක්
Deleteඅන්න බොසාලා. දීල තියෙන්නේ කට උත්තර නැති වෙන්න
ReplyDeleteවෙල්කම් වීරේ.. දොඹෙන් යන්න දුන්න කියලයි කොල්ලෝ කියන්නේ.. හැක්
Deleteඒක නම් ඇත්ත දේශකයෝ! බොසා තමයි දවසකටවත් හාදයා... අනික් උන්ට කට උත්තර නෑ..
ReplyDeleteඒකනේ බලහං අපේ මෝල්ලුන්ට තව එක ප්‍රශ්නයක් වත් වැඩි කරගන්න බැරි උනා නේ.. හැක්
Deleteමගෙ බොසා ඉතිං මගෙ පියාම නිසා ඔය ප්‍රශ් මට නැත... බොකුස් ...
ReplyDeleteමේ මාවත් පුතා කරගන්ඩ කියලා උමේ පියාට කියහංකෝ , නැත්තං මාව උඹේ පුතා කරගනින් , මම දග නොකර හොද ළමයෙක් වෙලා ඉන්නං ,
Deleteතව සති දෙකක් ඉවසපන්....
Deleteහෑ ... සති දෙකකින් ඔයා අටමව දරු කමට ගන්නවද ????
Delete@ කෙන්ජා
Deleteඔබේ පියානෝ වීමට හැකිනං මං තෝව මකවනවා. අනිවා.. හැක්..
@ අටමා.
Deleteඅනේ අහිංසක කොල්ලෝ විහින් නාස්ති නොවී හිටපිය..
@ මැලේ
Deleteසති දෙකකින් කෙන්ජා ලංකාවට පනීද මන්ද
බුකියෙ නටනවයි බ්ලොගේ ලියනවයි ඒ මදිවට නිවාඩුත් ගන්නවා.
ReplyDeleteමේ වගේ ජොබ් හම්බවෙන්න සසර පුරා පින් කරන්න ඕන බොලවු. නේද ලූෂන්. ආ නෑ දේශකයො. ;) :)
සිරාවටම බන් :D
Deleteනැත්තන් ඉතින් ප්රසායිය වගේ තමන්ගෙ කියල වැඩක් පටන් ගන්න ඕන :D
Deleteමේ වැඩ හින්ද ඒකටත් කෙලවෙයි වගේ මට පේන්නෙ මල්ලි. :D
Delete@ ප්‍රියා
Deleteඋඹල කට පරිස්සං කරගනිල්ලා. උඹල ආසා මාව මේකෙන් දොට්ට දානවටද?? හැක්
@ සසිදුවා
Deleteප්‍රසා අයියා තමන්ගේ වැඩ පැත්තක තියල අනුන්ගේ වතු වල මායිං මනින එකම නේ කරන්නෙ
ඔහොම කියල බොස්ල තමන් යටතේ ඉන්න අහිංසක මිනිස්සුන්ගෙ ප්‍රස්න යට ගහන බොස්ල ඕන තරම් මේ රටේ ඉන්නව දේශකයා.පයින් යන මිනිහට වැඩිය කාර් එකෙන් යන මිනිහට ප්‍රස්න වැඩිලු. ඔය වගේ කතා කියල මිනිස්සු රවටන්න හදනව.මිනිස්සු අහිංසකයි. අපිත් වැඩ කරන්නෙ බොස්ල ලග. ඒත් සමහර වෙලාවට දනින් වැදගෙන කිව්වත් ඇතැම් ප්‍රස්න අහන්ට උන්ට වගේ වගක් නෑ. උන්ට ඕනෙ උන්ගෙ වැඩ ටික කර ගන්න විතරයි.මේව ගැන කියන්න ගියොත්.....
ReplyDeleteඒ කෙසේ වුණත් නියමයි කතාව
තැන්කුයි වැවා... කාලෙකින් දැක්කේ..
Deletehttp://wewismatha.blogspot.com/ ෙම්කට ෙමානා හරි ෙවලා ෙද්ශ
Deleteකේස් එකක් නෑ ලෝඩ් උනා. ඒත් මේ පෝස්කටුව මගේ එකේ අප්ඩේට් උනේ නෑනේ බං...
Deleteහරි නේ.අහගත්තනේ.දැන්වත් ඉතින් වැඩට පල.ගිය දවසට ඔෆිස් එකෙ වැඩ කරපිය.
ReplyDeleteඔව් ඔව් සතියක් විතර හොදට වැඩට යන්න ඕන.. හැක්..
Deleteඅන්න බොස්..
ReplyDeleteඅපි කම්බස්..
Deleteහුටා කොලා නේද හොද එකෙන්ම...
ReplyDeleteකෝමත් ඉතිං බොසාල වුණාම අං ගිලල ඉන්න එපෑ... නැත්තං දේශ ලා කනෙං රිංගනවනෙ... ඉදගෙන
හිටගෙන ගියත් ඉදගෙන ගියත් බොසාලා දන්නවා බං අපි ගැන. අර සත්ව කරුනාව නිසා ඔය ඉවසන්නේ..
Deleteමේකා පරිපාලන විභාගය පාස්වෙලා තියෙන්නේ පච්ච සිරාගේ පාතාල විශ්ව විද්‍යාලයෙන්ද කොහෙද.
ReplyDeleteදේශ්, මගේ බ්ලොග් එක ඔයාගේ රෝලේ අප්ඩේට් වෙන්නේ නැත්තේ මොකද?
ඕවා ඉතිං පේරදෙනියේ වැඩ නේ ආයිබෝංඩ..
Deleteමටත් අවුල හිතාගන්න බෑ.. ලොකු අවුලක්..
මරු සර් +++++
ReplyDeleteසිරාවට දිලිනි..
Deleteහරි හරි, එහෙනම් ඒක තමයි දේශකයා දැන් වැඩිය ඉස්සර වගේ හැමතැනම දඟලන්නේ නැත්තේ..
ReplyDeleteඅන්න ඒකනේ කියන්නේ. මේ අපේ නලියා අර ලියුමේ විදියට කරපු වැඩක් බං.. විස්තරේ ලොක්කට එවලද කොහේද..
Deleteදේසක කව්ද ඔතනින් ?
ReplyDeleteහලෝ සිංදුවා.. මට පවුල් ප්‍රශ්න ගැන්සිය දෙන්න..
DeleteBOSS IS LIKE A DIAPER.
ReplyDeleteAlways on your ass.
And full of shit.
++++++++++++++
Delete@ හෙන්රි... ඒකනං ෆට්ට කතාව... හූ....
Delete@ හැන්රි
Deleteදේ ආර් සිරා-ඩුඩ් ප්‍රඩක්ට්ස් නෝ... හැක්.. එළ කතාව..
Thanks, but it's not my wisecrack. I just rephrased it as I remember.
DeleteHonestly it is an important extract. I have seen so many and I'm doing some business about your comments in the blog posts. Thanls Dude
Deleteඅන්න බොසාලා. ;D
ReplyDeleteවෙල්කම් සුදර්... කියල වැඩක් නෑ පට්ට බොසාලා.. හැක්
Deleteඔහොම්ම තමා ඔය අලුගෝසුවෝ මොනවාහරි කියලා මිනිස්සුන්ගේ ප්‍රශ්න යට ගහලා මිරිකලා අඹරලා සාරය උරා බොන එක තමා උනගේ වැඩේ
ReplyDeleteඅෑ බං උඹටත් චන්ද උන බෝවෙලාද..
Deleteතුන් තිස් පැයේම බුකියේ ඉන්න කතාව එහෙම දන්නේ නැතිව ඇති.. අම්මපා උඹ වැඩ කරන්නේ ෆේස්බුක් එකේද බන්...
ReplyDeleteමං ඉතිං කෝම අරි ජොබ් තුනම කරනවා.. බ්ලොගියේයි බුකියෙයි රොටියෙයි.. හැක්..
Deleteසිකේ තාම මං ජොබක් කරලා නැති හංදා හොදයි :D
ReplyDeleteහොදා හොදා. කවදාවත් එපා පුතේ රස්සා නං කරන්න.. හැක්..
Deleteඅන්න එල බොසෙක් ......
ReplyDeleteමිනිහා මොකා උනත් අනිත් උන්ට වඩා හොදයි කියල තමා කස්ටිය නං කියන්නේ..
Deleteබලපන් බොසා දීපු ලෙක්චරෙත් මු මේකේ දාලා නොවැ....:D
ReplyDeleteඒවා ඒම තමා..බොසාට උනත් අපි ඒමයි සලකන්නේ..
Deleteමොකා කිව්වත් කතාව ඇත්ත.
ReplyDeleteඕකනේ මට ආයතන වල වැඩ කොරන්න බැරි.
චිකේයියා සරත්. උඹව ගෙදරින් පන්නන්න ඕන පව්ල් ප්‍රශ්න තියෙන එකේ.. හැක්..
Deleteසුපුරුදු ප්රශ්නය යලිත්....
ReplyDeleteමටද මෙය සුපුරුදු වුවද ඔබට සුපුරුදු බවට කෝ සාක්සි..
Deleteදේශිකා සතිය ගානේ ගෙදර එන්න කියලා තර්ජයනය කරනවද දේශෝ... හැක් හැක්..
ReplyDeleteජය වේවා!!!
සතිය ගානේ.. ඒම උනානං බොලාට මේ දේශකගේ සොහොන තමා දකින්න වෙන්නේ.. දවස ගානේ බං දවස ගානේ. .හැක්
Deleteඔයින් ගියා ඇති එහෙනම්..අපරාදෙ..
ReplyDeleteඅපොයි ඔව්.. සති දෙකයි නේ.. ඉවසමු..
Deleteබොසා නිල අල්ලල දුන්න නේද හිර වෙන්නම..
ReplyDeleteදුන්න කට මුට්ටු වෙන්නම බං චං..
Deleteවෙලාවකට හිතෙනවා බොසලා ඔහොම කරන්නත් හේතු ඇති. අනේ මන්දා.
ReplyDeleteමගේ කලින් ඔපීසියේ බෝස නම් කියන්නේ
"ඔක්කොටොම හොද කරන්න ගිහින් අන්තිමට මම නරක මිනිහ වෙනවා කියලා"
කොහොමින් කොහොමින් හරි දේශාට බොසා සම්බුව දීල වගේ.
මේ ඇත්තට මොනා කොරලයි මාට්ටු උනේ ?
මාට්ටු වෙන්න අපි.. හැක්.. හිතුවා මදි. මේකනේ බං නිමෝ අවුල. අපේ අනිත් උන් මං තරං කට්ට නෑනේ උන් අහු වෙනවා හිටු කියලා..
Deleteමිනිස්සුන්ගේ ප්‍රශ්ණ ඔහොම යට ගහන උඹ මහම මහ අවලම් බොසෙක් වෙන්න ඕනා.. ද ? නැත්නම් උන් ටිකක් බුරුල දුන්නොත් කරේ නගින්න හදනවද ?
ReplyDeleteඅපේ බොසාට අවලං කියල උඹ කොල්ලෛාන්ගෙන් කන්න හදන්නේ සෙන්නෝ බැට් බාර.. අනිවා උං කරේ නගිනවා බං ඒකනේ ඒම කියන්නේ.. අපි නොදන්නවැයි අපේ බොසා ගැන..
Deleteදැන් දේශකයා බොස්ද නැත්තං අර පවුල් ප්‍රශ්න තියෙන එක්කෙනෙක්ද?
ReplyDeleteමං අනේ පව්ල් අවුල් වෙචිචි කෙනෙක්.. හැක්..
Deleteබොසා දීලා ඇඩ්රස් නැතිවෙන්නම.
ReplyDeleteහයියු.. හබරල කොලයක් වත් නෑ ලැජ්ජාව වහංගු කරගන්න බස්සියෝ
Deleteඅන්න නියම බොසා ලා :)
ReplyDeleteසැබෑවටම.. නියම බොසෙක් කියල කොල්ලෝ නං කියනවා. මං නං කැමති නෑ මිනිහට..
Deleteයේ යේ 100 වෙනි කමෙන්ටුව මගෙන් හැක් ^_^
ReplyDeleteතැන්කුයි තැන්කුයි මදාරේ..
Delete//මොකද මේ වැඩ කරන්නේ නැත්තේ..//
ReplyDeleteඒ කියන්නේ එන වෙලාවටවත් වැඩ කරන්නේ නැද්ද? :D
ඕකට උත්තර දෙන්න බ්ලොග් කස්ටියයි මුනුපොතේ කට්ටියයි ගෙන්නුවොත් නං මං ඉවරයි..
Deleteබැලුවහම ඔක්කොම බොස්ලා එකයි... අපේ බොසුත් ඔය වගේමයි. නිවාඩුවක් ගන්න ගියාම ප්‍රශ්ණ 100 කට විතර උත්තර දෙන්න ඕනේ..
ReplyDeleteහැම බොස්ම එකම පැම්පර් එකක් ඔය හැන්රියා කියනවා වගේ..
Delete