“පින්වත්නි, මේ සංසාර සාගරයෙන් අපි එතෙර වන්නට ඕන. හරියට යම් දාමයක් බිඳ දාන අයුරින් අපගේ සංසාර චක්‍රය බිඳ දැමීමටයි අප යුහුසුළු විය යුත්තේ. ඒ වෙනුවෙන්මයි අපි වෙහෙස විය යුත්තේ.
බුදු රජානන් වහන්සේ වදාළ අයුරින් මේ සංසාරය ජාති, ජරා, මරණ ආදී ව්‍යාධින්ගෙන් යුක්ත වුවක්. අප තව දුරටත් එහිම ඇලී ගැලී දිගටම ගමන් කරනවාද නැත්නම් කොතනකදී හෝ අප උත්සාහ කොට සසරින් එගොඩ වීමට කටයුතු කළ යුතු නොවේදැයි මා ඔබගෙන් අසනවා.
පින්වත්නි, ඔබ ලබා ගත් මේ මනුෂ්‍ය ආත්මය සසරින් එගොඩ වීමට ඔබට ලබා දුන් වරමක්. ඔබ එයින් නිසි ප්රොයා්ජන ලබා ගන්න. අවශ්‍ය කමටහන් ඇති තරම් සිල්වත් භික්ෂුන්වහන්සේලා ඔබ වෙත ලබා දෙනවා. එහෙනං ඔබ කල යුත්තේ ඔබගේ සසර ගමන කෙටි කර හැකි ඉක්මනින් නිර්වාණය අවබෝධ කර ගැනීමයි. මේ පින්වතුන් සැවොම එය මනා ලෙස සිතට ගත යුතුයි.........“
සොරත ස්වාමින්වහන්සේගේ තෙද බලැති කන්කළු අධිෂ්ඨානශිලි වාග් විලාශය බණ ශාලාවේ තැන්පත්ව සිටින, පෝදා සමාදන් වූ සියළු උපාසක උපාසිකාවන්ගේ සිත් සතත්, සිලි සිලියේ සෙලවෙන බෝමැඩ වැලිමළුවේ නිසංසලව සිටින විටෙකදි මෙන් ශාන්තිමත් වී ඇත. නිදිමත පැමිණි කිසිවෙකු හෝ බණ ශාලාව තුල නොමැත්තේ උන් වහන්සේගේ අතිශය පැහැදිලි, තේජාන්විත කටහඩෙහි මහානුභාවයෙනි. ඊට එකතු වූ උන් වහන්සේගේ අනන්ත වූ ධර්මඥාණය තර්කානූකූලව හුදී ජනයා ගේ කර්ණයන් හරහා කෙලින්ම මොලය කරා ගමන් ගන්නේ ඔවුන් තාවකාලික නිද්‍රාශිලී සෝවාන් ඵලයකට පත් කරමිනි. අතුරු සිදුරු නැතිව පිරි ඇති බණ ශාලාවේ ශබ්දයක් හෝ නැගුනේ නම්, එය ස්වාමින් වහන්සේගේ උස්වූ කටහඩින් අවදිව තම මවගේ තනය කරා ඇදී යාමට අවස්ථාව ඉල්ලා කෑමුර ගසන අතදරුවෙකුගෙන් පමණි.
වසර විසි ගණනක් තිස්සේ නියම සෙල් පිළිමයක් සේ උන් වහන්සේ ගමේ පන්සලෙහි නායක ස්ථවීරයන් ලෙස වැඩ වාසය කරති. ගොරහැඩි පෙනුමෙන් යුත් පැරණි පන්සල් භූමිය උන් වහන්සේගේ අධිෂ්ඨානය හා උවමනාව හේතුවෙන්ම දිනෙන් දින දියුණු වී වෙහෙර වහන්සේ, රන්වැට, දාන ශාලාව, ලැගුම් ගෙය, පිරිවෙන් ශාලාව ආදි නොයෙකුත් ගොඩනැගුම් මනරම් ලෙස ඉඳි වී ඇත. උන් වහන්සේ විසින් ගමේ පන්සල, ගම වෙනුවෙන් කරන ලද මහත් වූ සත්කාර්යය හේතුකොට ගෙනම, ජරාජීර්ණ වූ නායක ස්ථවීරයන්ගේ ලැගුම් ගෙය කෙරෙහි දක්වූ සැදැහැවත් ගම්වැසියෝ උන් වහන්සේගේ බස ද නොතකා ඉතා අනර්ඝ අයුරින් එය අළුත්වැඩියා කර දීමට පියවර ගනු ලැබූහ.
මුළු පන්සල් මළුව පුරාම සුසිනිඳු සුදු වැලි අතුරා අලංකෘතව ඇති හෙයින් පන්සල් භූමිය ඉතා ඈතට වුවද සුදු පැහැයෙන් පෙනේ. මළුවේ හරි මැදට වන්නට පිහිටුවා ඇති උස්වූ වෙහෙර වහන්සේගේ කිරි බැබලෙන සුදු වර්ණය, දහවල් කාලයේදි මිරිකෙන හිරි එළියෙන් බබළයි. ඊට මදක් එපිටට වන්නට ඇති බුදු මැඳුර නොයෙක් ආකාරයේ විසිතුරු බිතුසිතුවම් හා පිළිමවහන්සේලාගෙන් ආඩ්‍යව මනරම් ලෙස පවතී. කිලෝ දහයක් පමණ බරැති බුදු මැදුරේ ප්‍රධාන යතුර සොරත ස්වාමීන් වහන්සේගේ භාරයේම තිබුන අතර, උන් වහන්සේ හුදී ජනයාගේ අවශයතාවයන් සදහා එය උදෑසනව විවෘත කොට රාත්‍රි කාලයේදි අගුළු දමා බරැති යතුර, තම යහන් ගැබ වෙත ගෙන ගොස් සුරැකිව තබති.
සොරත ස්වාමීන් වහන්සේගේ උපරිම උවමනාව හා කැපවීම හේතුවෙන්ම පන්සලේ වෙනමම පිරිවෙනක් ආරම්භ කරන ලද අතර, එහි උගෙන ගන්නා සාමනේරයන් උදෙසා පවා වෙනම දෙමහල් ලැගුම් ගෙයක් ඉඳිකිරීමට උන් වහන්සේ සමත් වූ සේක. පිරිවෙනෙහි උගන්නා තිහක් පමණ වූ කුඩා සාමනේරයන් හට මෙය ඉමහත් අස්වැසිල්ලක් විය. ඒ අනුව දුර බැහැරින් පැමිණි උන් වහන්සේලා හට දිනපතා තම මව් විහාරය වෙත යාමේ අවශ්‍යතාවක් ඇති නොවිණි. ශ්‍රද්ධාසම්පන්න ගම්වාසීන් විසින් මේ කුඩා සාමනේරයන් වහන්සේලා හට නොයෙකුත් අරුමෝසම් කෑම ජාති පවා ගෙනැවිත් දීමට උත්සුක වූහ.
මේ අනුව බලද්දී සොරත තෙරුන් යනු මුළු ගමේම ජීවනාලිය බදු විය. උන් වහන්සේ පන්සලේහි නිර්මාතෘවරයා නොවුවද ඒ ලෙසම හදුන්වා දිය හැකි තරම් අධීක වැඩ කොටසක් ඉටු කර ඇත. ගමෙහි ඕනැම අවස්ථාවක් නියෝජනය කිරීම සදහා උන් වහන්සේ කිසිදු විටක නොපැකිලෙන සේක.
සොරත ස්වාමීන් වහන්සේ බණ දේශනාවන් උදෙසා මුළු පළාතෙන්ම ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. උන් වහන්සේගේ තර්කානූකූල බණ දේශනා, කාලානූරූපව ගලපා, නිසි පරිදි ධාර්මික කරුණු ගොනු කොට දේශනා කරන හෙයින් එම බණ දේශනා ඇසීමට සැදැහැවත්හු වැල නොකෑඩී එම ස්ථාන වලට ඇදී එයි. එහෙත් මේ කාලයේදි තම බැංකු ගිණූමට මුදල් බැර වීමෙන් පසුව පමණක් බණ දේශනා ඉදිරිපත් කරන මහණුන් ලෙස නොව කිසිදු මුදලක් අය නොකොට උන් වහන්සේ බණ දේශනා සඳහා වැඩමවීම විශේෂ කරුණක් විය. එයම උන් වහන්සේගේ ජනප්‍රියතාවය ඉහළ දැමීමට සමත් වී ඇති සේය.
සොරත ස්වාමීන් වහන්සේ තරමක් පැසුනු වයසේ අඩු තරමින් අවුරුදු පනහක් පමණ ආසන්න වන වයසේ වන නමුත් උන් වහන්සේගේ රන්වන් දේහ ලක්ෂණ වයස සඟවාලයි. තළෙලු වර්ණ රෑපකාය පහුගිය වසර කිහිපය තුලදී සීඝ්‍ර ලෙස වෙනසකට භාජනය වී ඇත. දැන් උන් වහන්සේ කෙරෙන් තළෙලු වර්ණයක් දිස් නොවේ. සත්‍ය වශයෙන්ම උන් වහන්සේගේ සිරුරේ පැහැය රන් වර්ණය හා සම ය.
සවස් යාමයේ පන්සල් භුමිය තුල සෙමෙන් සක්මන් කරන උන්වහන්සේ, පිරිවෙන් ශාලාවට පැමිණ මද වේලාවක් එහි උගැන්නුම් කෙරෙහි අවධානය යොමු කොට සිටින අතර, ඉන් පසුව නැවත සෙමින් තම කුටිය තුලට සක්මන් කරති.
පිරිවෙන අවසන් වී ටික වෙලාවකින් උන්වහන්සේ තම ගෝලයා වන ග්‍රාමසේවක නමින් හඳුන්වන පන්සලේ ඇබිත්තයා කැඳවා යම් උපදෙසක් ලබා දුන් පසු ඔහු එම පණිවිඩය රැගෙන දෙමහල් ලැගුම් ගෙය තුලට පිවිසෙයි. ඉන් අනතුරුව එහි උන් කුඩා සාමනනේරයන් වහන්සේ කෙනෙකු කැඳවා ගෙන ගොස් සොරත ස්වාමීන් අභිමුව රඳවන්නේය.
“හ්ම්.. මොකක්ද සාමනේරයෝ තමුන්ගේ නම“
“නායක හාමුදුරුවනේ මම.. ඉත්තෑපොත සුබද්‍ර“
“හා හා.. සුබද්‍ර දැං කෝමද ඉගෙනුම් කටයුතු“
‘වරදක් නෑ අපේ හාමුදුරුවනේ“
“සුබදු දැං උම්මග්ග ජාතකේ පොත අහවර කරලද ඉන්නේ“
“තාම නෑ අපේ හාමුදුරුවනේ.. ඒකේ අන්තිම හරිට තමා ඉතුරු“
“හ්ම් හ්ම්.. ගැටපද වියරණ එහෙම කෝමද?“
“තාම ඉගෙනගන්නවා හාමුදුරුවනේ“
“සුබද්‍ර.. ඔන්න ඔය තෙල් කුප්පිය අරන් මගේ දණහිස ඩිංගක් අතගාන්න. හරියට රිදෙනවා. මං දැං වයසය් නේ.. හික් හික්“
“එහෙමයි අපේ හාමුදුරුවනේ“ සුබද්‍ර මෙය තමන් වෙත ගුරු දේවයන් විසින් කරනු ලබන ගෞරවයක් සේ සලකා දෝතින්ම තෙල් කුප්පිය රැගෙන එයින් බිංදු දෙකක් තම වම් අත්ලට දමා සොරත ස්වාමීන්ගේ දෙපතුල ලග බිම ඇණ තබාගෙන සිටී. ඒ අනුව දණහිස තෙක් තම සිවුර මෑත් කර උන්නාන්සේ සැතපෙන පුටුවේ හිස ඇලකොට වේගයෙන් කැරකැවෙන සිවිලිම් පංකාව දෙස බලා සිටියදී හිරිමල් දෑතින් සුබද්රයන් දෙකකුල් පිරි මැදීමට පටන් ගති. විනාඩියක පමණ ඇවෑමෙන් සුබදු නැවත තෙල් බිංදුවක් අතට ගන්නට තම ඇස් ඉවත් කොට නැවත ඇස් එතැනට පැමිණෙන විට සොරත ස්වාමීන්ගේ සිව්රු කොණ දණහිසද ඉක්මවා එසවී තිබුනද එහි අරුමයක් නොදැක නැවත තමා රාජකාරිය පටන් ගනී.
“සුබද්‍ර.. ඔය දණ හිසට ටිකක් උඩට වෙන්ටත් පිරිමැද්දනං හෙම හොදයි“
“එහෙමයි හාමුදුරුවනේ“
සුබද්රයන් තම වම් අතින් නායක ස්වාමීන්ගේ වක ගැසුනු දණහිස ඉක්මවා තම අත මෙහෙයවද්දී, උන් වහන්සේගේ කකුලේ මස් ගොබ වලට ඔරොත්තු නොදුන් තම වම් අත රිදෙන්නට ගත් හෙයින් දකුණතට මාරු විය. සිවිලිම දෙස නෙත් අයා සිටින නායක් ස්වාමීන්ගේද කිසිදු හැලහොල්මනක් නැති වුවද උන් වහන්සේ පුටුවෙන් තරමක් ඉදිරියට ලෙස්සා එන අයුරක් හැගුන සුබද්‍ර නෙත් ඔසවා බැලුවද නායක ස්වාමීන්ගේ කිසිදු වෙනසක් නොදුටුවෙන් එය තම සිතේ මනස්ගාතයක් යැයි සිතා ගෞරවයෙන් යුතුව නැවත තම රාජකාරියට කැප විය.
කෙසේ වෙතත් නායක ස්වාමීන්ගේ දණහිස එන්න එන්ටම පහළට ගමන් කිරීම නිසා දැන් සුබද්රට කලවා පෙදෙස කරාම තම අත මෙහෙයවන්නට සිදු වී ඇත. ආරම්භය දණහිස හෙයින් රාජකාරි ස්ථානයේ දිගෙහි වැඩි වීමක් සිදුව ඇති බව සුබද්‍ර චකිතයෙන් යුතුව සිතන්නේ දිග අරිනු ලබන පැදුරක දිග පළල මැනගත නොහී ලතැවෙන ගොවියෙකු සේය.
“සුබද්‍ර.. මං ගාව තියෙනවා හොද රේඩියෝ එකක්. මං ඒක තමුන්ට දෙන්නං..“
“හොදයි හාමුදුරුවනේ..“ එයින් කුල්මත් වූ සිතින් යුතුව සුබද්‍ර පවසයි. තවත් මොහොතක් ගෙවෙද්දී,
“සුබදු.. මගේ මේ කකුල් දැං හරි කෙඩෙත්තුයි ළමයෝ. ඔන්න ඔහොම පිරිමදින කොට හරිම සනීපයි දරුවෝ..“ එසේ පවසමින් සොරත තෙරුන් තම හිස කෙලින් කොට සුබදුගේ හිස දෙසට තම දකුණත ගෙන එදිදී ගර්වයෙන් යුතුව සුබද්‍ර හිස බිමට නමාගෙන සිටිී. සුවපත් වීමක පෙර ලකුණු දුටු සොරතයන්ගේ දකුණත තම හිසෙන් මෑත් නොවීම ගැන වකිතයෙන් යුතුව සුබද්රයන් වෙසෙද්දී. තම වමතින් සුබදුයන්ගේ දකුණත තම පාදයේ ඉහල කොටස කරා තල්ලු කිරීමට සොරතයන් කටයුතු කළද, ගල් ගැසුනු සුබද්රයන්ගේ අත නොසෙල්විය හැකි විය.
“විකාර නැතිව.. අතගානවා ළමයෝ.. මෙන්න මෙහෙම“ කෝපයෙන් යුතුව පවසද්දී නිතැතින්ම තම අත ක්‍රියාකිරීමට පටන් ගත් බව සුබද්රට හැගේ.
පණ්ඩිත, ශාස්ත්‍රවේදී, විචිත්‍ර ධර්මකථික, සබරගමු පළාත් අධිකරණ සංඝනායක අති පුජ්‍ය හීනටිහේනේ ශ්‍රී සොරත මහනායක ස්වාමීන් වහන්සේගේ විචිත්‍රවත් ධර්ම දේශනාවක් ඒ මොහොතේ ගුවන් විදුලිය පුරා ඇසෙන්නට පටන් ගනිද්දී, නුහුරු නුපුරුදු ලොවක සුබද්රයන් මංමුලා වන්නේය.

අපේ සිල්වත් උන්නාන්සෙලාට ඔහොම පද හදන එක විජතික බලවේගයක කුමන්ත්‍රණයක් ලෙස සළකා පිළිකුලින් යුතුව හෙලා දකිනවා.
ReplyDelete............................ ශ්‍රී සොරත මහනායක ස්වාමීන් වහන්සේ !! සුබද්‍ර සාමනේර ලවා තෙල් ගාගනී කියලම දැම්මනම් අපිට මහන්සි නොවී බ්ලොග් රෝලෙන්ම කතාව කියවලා හැරිලා යන්න තිබුනා.. අපරාදේ...
අපාරේදේ නේන්නං.. තව පද තුනයි නේ දාන්න තිබ්බේ හෙඩිමට. හැක්..
Deleteමේක ගැන නම් මොකුත් කියන්නේ නෑමයි
ReplyDeleteහා හා නොකිය හිටිං එහෙනං..
Deleteහැක් .....හැක් ............ මොකුත් කියන්නද......
ReplyDeleteඑක්කෝ ඕනෙම නැහ්හ් .........
අපොයි උඹ නොකියන එකමයි හොද.. කව්රු කව්රු පටලයිද කව්ද දන්නේ.
Deleteදෙහි හාන්දුරුවනේ .... සන් නාරං මෑණියනේ ....... මේ මොකද්ද බන් දේශකයෝ මේ ???
ReplyDeleteඋඹ මොකක් වගේද දැක්කේ බං. මැලේ..??
Deleteඋඹ හදන්නේ මේකටත් බෝ.බ.සේ හරි බලකාය හරි ගෙන්වා ගන්නද...;D?
ReplyDeleteඔය හරක් වැද්දෝ මේවට එන්නෑ බං බය වෙන්න එපා..
Deleteඋපරිමයි..
ReplyDeleteමට මතක් වුනේ, ජයසේන ජයකොඩිගේ කතාන්දර වල වචන...
තැන්කුයි.. යට ගුණේ කිව්ව විදියට චරිතය උඩටම ගෙනැල්ලා පොළවට විසි කරන එක තමා මං කරන්න අදහස් කරේ සෑමෝ..
Deleteතණ නෙවෙයි තන වෙන්න ඕන. හමුදුර්වෝ හික් හික් ගාල හිනාවෙන කොටස මටනම් ගැලපෙන්නේ නෑ කියලා හිතුනා දේසකයෝ .අයිඩියා එක පස්ට. උත්කෘස්ටයි
ReplyDelete//හමුදුර්වෝ හික් හික් ගාල හිනාවෙන කොටස මටනම් ගැලපෙන්නේ නෑ කියලා හිතුනා// මටත්
Deleteමටත් ඒ හිනාව එච්චර ඇල්ලුවේ නෑ. ඒත් එතනට වෙනකන් ඒ හාමුදුරැවෝ ගැන තිබුන පහන් සිත දේශකයා ඒ හිනාවේ ශබ්දය තුලින් සුක්ෂමව වෙනතකට ගෙන ගියා කියලත් හිතෙනවා..
Delete@ සිංදුවා
Deleteස්තුතියි වැරුද්ද සැකසුවා. වැරදීමකින් වෙලා තියෙන්නේ.. (මොකද මං මේ දවස් වල ඕක හොදට දන්නවා පොඩි එකාට නණ ලළ බේද කියල දෙන නිසා..) හැබැයි සිංදුවෝ ඒක තමා හාමුදුරුවන්ගේ කැත හිත මුලින්ම එළියට එන තැන. එතනදි මිනිහා හාමුදුරු කෙනෙක නෙමෙයි සාමාන්‍ය ගල් කාරයෙක් බවමයි මට කියන්න ඕන උනේ. උඹ කියන එක පිළිගන්නවා. ඒත් අපි අකමැති දේවල් තියෙනවා අපිට වෙනස් කරන්න බැරි “සම්ප්රදාය හා හුරුව“
@ චන්දන
බොටත් ඒම උනා නං සොරි ම තමා..
@ ගුණේ
Deleteස්තුතියි. මං සිංදුවට දුන්න උත්තරේ විදියටත් උඹ හරියටම ඒක අදහස් කරපු නිසාත් එතැන තමා ටර්නිං පොයින්ට් එක. අනික කියවන කෙනාට උනත් මෙතැනින් එහාට හාමුදුරුවන්ගේ කැරුට්ටුව ගැන අදහසක් එනවා. අපි ඒ වගේ දේවල් වලට අකමැති අපි හාමුදරුවා් ගැන හිතං ඉන්න දේ නිසා එවැනි වචන පිළිකුල් කියල මනසට තේරේන නිසයි. ඒත් හැක හැක ගාලා හිනා වෙන බඩ තඩි හාමදුරුගෝල්ල ඕන තරං ඉන්නවා බං..
හික් හික් කිව්වම නොගැලපීම ගැන විතරයි නොව කප්පොනා උනේ. යේකත් මරු අදහස
Deleteසුභද්‍ර ගැන අභද්‍ර කතාවක්!
ReplyDeleteඔව් කකා. එවැනි කතාවක්..
Deleteමේ කතාව අපි පොඩි කාලේ අහලා තියෙනවා.
ReplyDeleteඔතැන නොවේ තව ඉහලින්...
ඔතැන නොවේ තව ඉහලින්...
ඔතැන නොවේ තව ඉහලින්...
ඔහොම නොවෙයි තව හයියෙන්!
ඒක නං නියම කතාව කකා.. හරියට මසාජ් ක්ලින්ක් එකේ ජාතික ගීය වගේ.. හැක්..
Deleteමං හිතුවෙ දේශකය බණ දෙසන්න පටන් අරන් කියල.. අතෙහි කහ නූලක් ඇති තැනැත්තා ද පැවිද්දෙක් වන්නේ ලු කලක දි. අපි බුදුන් දකින්නට උත්සාහ කරමු. :)
ReplyDeleteකලකදි ඒම වෙන්න පුළුවන්. ඒත් හාමුදරුවනේගේ අපුල කතා කීම සමාජය එතරම් හොදින් අහන්නැති බව බොට තේරුනා නේද?? ඒවා පිළිකුල් විදියටයි බලන්න අපි හුරුවෙලා ඉන්නේ.
Deleteබොලන් විස්වාශ කොරනවද මාත් පොඩි කාලෙ මහණ වෙන්න ආසාවෙන් හිටියා. දැන්නම් හිතෙනවා ඒක හරි නොගියෙ මයෙ පිනකට කියලා.
ReplyDeleteගොඩක් තැන්වල තත්වෙ ඕකම විය හැකියි. කණගාටුයි.
නිර්මාණය නම් ඉහලයි.
උබ මහන උනෙ නැත්තෙ හොද වෙලාවට බන් නැත්තන් සාසනෙත් ඉවරයි :D
Deleteශැක් ඒ උනාට අපරාදෙ බන් මාත් මහණ උනා නම් මේ පාරත් ගිනි සංදර්ශණයක් පෙන්නන්න තිබුනා.
Deleteහැක්… හි… ;) ;)
@ ප්‍රියා
Deleteඋඹ මහණ වුනා නං 75% ක් සුවර් සුබදට වෙච්ච වැඩේ වෙන බවට. හැක්..
නෙදකින්. මට 100% ශුවර් එසේ නොවන බවට. හැක්… :)
Deleteස්පෙශල ශික්ෂාකාමී .භික්ෂුව ගැන ...මෙහෙව් පද හදන තොට වෙන හේනේ හිතාගන්නවත් බැරිය ...
ReplyDeleteඅංගම්මන සුමන අංගම්මන සුමන ...
පද හැදෙන්නේ නිකම්ම නොවේ..
Deleteසිරාවටම ඇයි බන් මෙහෙම එකක් ලිව්වෙ? :o
ReplyDeleteදේශාටත් මහණ වෙන්ඩ හිතිලා බං. ;)
Delete@ සසිදු
Deleteසිරාවට මෙහෙම දේවල් තියෙන හින්දා..
@ ප්‍රියා
Deleteමං මහණ උනත් පිරිවෙනක් කිට්ටුවට යන්නෑ.. හැක්.
උඹ මොකක්ද බං මේ කරේ. දිව්‍ය ලෝකෙට එක්ක ගිහිං අපාය පෙන්නුවා වගේ. හැබැයි ඉතිං මෙවැනි දේවල් විය හැකියි, වෙන්න ඇති හා වෙමින් පවතිනවා ඇති. උඹට ජය! ආ.. තණ නෙමේ තන හොදේ..
ReplyDeleteගුණේ මට උඹ ගැන සතුටුයි. කෙනෙක් අදහස් කරන දෙයක් වචන වලින් ඔබ්බට තේරුම් ගැනීමේ හැකියාවක් බොට තියෙනවා. ඒක මට හයියක්.. ඇත්ත බං.. මං මොකටද කතාවේ තුන්කාලක් විතර මිනිහව වර්ණනා කරන්නේ හේතුවක් නැතිව.. දිව්‍යෙලා්කේ දොර ගාවදි තල්ලු කරල අපායට දැම්මා එච්චරයි.. හැක්..
Deleteආ ඒ වැරැද්ද හැදුවා බං.. තැන්කුයි
සේරම දේ බොහොම හොදට සිද්ද වෙනවා කියල දැන් තේරේනවනේ... හැක් හැක්..
ReplyDeleteජය වේවා!!!
අනිවා විදානේ..
Deleteඋඹ බ්ලොග්කටුවක් අමුණගත්ත නෙවද?? ජය වේවා ඒකේ ෆලෝවර් ගැජට් කෑල්ල දාහං
මෙහෙම්මම නොවුනත් මේකට සමාන සමහර දේ සිද්ධ වෙන බව නම් රහසක් නෙමෙයි.....
ReplyDeleteරහසක් නොවුනත් ඒක එළියට ආවම ටිකක් අමරුයි වගේ නේද නිකං පිළිගන්න අකමැතියි වගේ..
Deleteමේක හරි කුජීතයි බං දේශක තුමෝ මගෙ හාංදුරු කතාව දැං පෝස්ට් පෝං කොරන්න වෙනව ආයෙත්... එකපාරක් දිනේෂය හින්ද දැං ඔයා හින්ද... දුක හිතෙනව... ආයෙ වෙන එකක් කොටන්න එපැයි.... චික්
ReplyDeleteහෙහ්, ඔන්න ඔහේ දාපං බං.. මොන පෝස්ට් පෝං කිරිල්ලක්ද..
Deleteඇයි උඹත් එහෙම එකක් ලියලද? :o
Deleteමම නම් හිතන්නෙ අවුලක් වෙන එකක් නෑ දාහන්.
@ මහේෂ්
Deleteදාහං බං. මොනා බලන්නද. එකම විදියේ හාමුදුරුවෝ නෙමෙි නේ බං ඉන්නේ.
තරහ වෙන්න එපා දේශා මේ කතාවෙ නම් මෙළෝ රහක් නෑ.
ReplyDeleteහාමුදුරු කෙනෙක් ගැන ලියපු නිසා නෙවෙයි, මට නම් හිතෙන්නෙ කොන්ට්‍රොවර්ෂල් ටොපික් එකක් වීමෙන් කැපිටලියිස් කරන්න යාම ඇරෙන්න මේකෙ වෙන කිසිම සාහිත්‍ය ගුණයක් නෑ කියලා.
අන්තිම ටික ටිකක් අර වැල පත්තර වල ඇන්ටිලා/සර් ලා/හාමු ලා බෝඩිමේ පුතාලව/ස්ටුඩන්ට්ලා ව/සර්වන්ට් ලා එක්ක සීන් එකට එන්ටර් වෙන එකම නේ පොඩ්ඩක් හොඳ බාසාවකින් ලියල තිබුනට. ඒ සීන් එක අපි ඕන තරම් ආයෙ ආයෙ කියවල තියනව නෙ එක එක විදි වලට එක එක මාද්‍ය වලින්, නවකතා, චිත්‍රපටි, වැල... ඒ සීන් එකෙන් වෙන මොකක් හරි අලුතෙන් ගොඩ නගන්නෙ නැතුව සීන් එකම ගෙඩි පිටින් විකුනන එක මට නම් වැල පත්තරේක කරන දේට වැඩි වෙනසක් නෑ. ලොකු හාන්දුරු වරු කොල්ලො ගහන බව අපි දන්නවා, ඉතින් ඔය වගේ තමයි කොහොමත් වෙනව ඇත්තෙ. දේසකයා අලුතෙන් කරපු දෙයක් නෑ අර 50 ගනන් වල ඉඳන් පට්ට ගහපු තෙල් ගාන රෙසිපි එක ඇරෙන්න.
පහු ගිය ටිකේ මට සිරාවටම හිතුනා දේශකයා දේශකයාගෙම සාර්ථකත්වෙ ගොදුරක් වෙලා ද කියලා. තවමත් ඉස්සර තිබුනා වගේ එක එක scene වල චිත්තරූප මවන්න ලොකු දක්ෂ කමක් තිබුනට, දේශකයාගෙ අලුත් කතා වල සමහර කෑලි මහ හදිස්සියකින් දමල ගහල ඉවර කරල වගෙයි පේන්නෙ, කතාවෙ storytelling rigor එක නැති වෙන්න. අර දන්සැල් බත් විසිකරපු කතාවෙත්, මම හිතන්නෙ නෑ දන්සැල් දෙන ස්පෙක්ට්‍රම් එකේ මොනම චන්ඩියෙක් වත් විසිකරපු බත් එකතු කරන එකෙක් බැනල එලවයි කියලා. ඒ කෑල්ල පට්ට අභව්‍යයි.
අටං ගේ මේ පෝස්ට් එකේ මෙහෙම ම සීන් එකක් තියනව ශරීර අවයව හෝ ක්‍රියා ගැන එක වචනයක් වත් සඳහන් නොකර. Subtlety වලට නියම උදාහරණයක් අන්න ඒක නම්.
Deleteබෝම ස්තුතියි පොරපයිල් ඇනෝ මිත්තරයා. දැකීමත් සන්තෝසයට කාරණයක්.
Deleteමොන විදියෙන් උනත් සියවසකට කලින් ඉදල උනත් ඔය එන්ටර් වෙන විදියේ වෙනසක් තියේද බං. වෙන විදිත් ඇති. නමුත් දැනට පවා පවතින්නේ ඔය සිස්ටම් එකට වැඩේට එන්ටර් වෙන එක තමා බං.
උඹේ අදහස් මට ලොකු හයියක්. ඒවා කිසි විටෙකත් මාව පසුගාමී කරන්නට හෝ මාව අධෛර්යමත් කරන්නට කියන ඒවා නොවන බව හොදින්ම දන්නා නිසා ඔබ කියු අදහස් කෙරෙහි ලොකු අවධානයක් මට තියෙනවා. ඒ වගේම ඔබ මගේ නිර්මාණ කෙරෙහි උනන්දුවෙන් සිටින වග දැන ගැනීමත් ඉමහත් සතුටක්. අටංගේ පෝස්ට්කටුව මම කියවල තිබුනේ නෑ උඹට බොහොම ස්තුතියි ඒකටත්..
ආයේ එන්න මොන කිව්වත් කිසිම අවුලක් නැහැ. කවදාවත්ම නැහැ.
කව්ද කිව්වේ බ්ලොග් වල පිට කසන අය විතරයි ඉන්නේ කියලා. උඹ දැක්ක නේද මේකේ කස්ටිය පිළිවෙලට අදහස් දක්වන හැටි.. ඒක හොද ප්‍රවණතාවයක්.. නැවතත් ස්තුතියි මිත්‍රයා.
දේශකයට හදිස්සියෙම මෙහෙම දෙයක් ලියන්න හිතුනේ මොකද මන්දා.. කෝම වුනත් හැබැයි කතාවනම් අපුරුයි..
ReplyDeleteහදිස්සියක් නෑ බං වැඩියෙන් වතුර වැටෙන බීජය එළියය එනවා එච්චරයි හැක්..
Deleteඔය උඩ ඇනෝ කියලා තියන මේක මේ අපි දන්න පරණ කතාව කියන එක ඇරෙන්න මට මේකෙ තවත් අවුලක් පේනවා. මට හිතෙනවා මේ කතාවේ මාතෘකාව අසාධාරණයි කියලා. හාමුදුරුනමක් අතින් මේ වගේ අපචාරයක් වෙනවා කියන එක ඇරෙන්න මේ තනතුරු, ගෞරවනාම උලුප්පලා දක්වන්න දරපු උත්සාහයක් කියලා පේනවා. ඒක නිකං ඔය උගත් පණ්ඩිත හාමුදුරුවරු තමයි ඔය වගේ වැඩ කරන්නේ කියන අදහස මතු කරලා පෙන්වන්න හදනවා වගේ. එහෙම හාමුදුරු කෙනෙක් මේ වගේ වැඩක් කරන්න ඉඩ නෑ කියනවා නෙමෙයි, නමුත් ඒකෙ නොමඟ යවන සුළු ස්වභාවයක් තියනවා. දැන් ඔය හොරට හරක් මරන්න ප්‍රවාහනය කරලා අහුවෙන සිංහල මිනිස්සු කොච්චර හිටියත්, මුස්ලිම් එකෙක් ඕක කරලා අහු වුනොත් විතරක් 'මුස්ලිම්' කෑල්ල පත්තරේ නිව්ස් එකේ ටයිටල් එකට දානවා වගේ වැඩක්.
ReplyDeleteකරපු එකාට අසාධාරණ නැත්නං අනිත් අයට අවුලක් වෙන්න බෑ නේද තිසර. මේක අපේ මොනෝපොලියේ තියෙන් අවුලක් සම්මතය බිද යෑමට ඇති අකමැත්ත හා පිළිකුල.
Deleteමම නං කිසිම විදියකින් ඒක අසාධාරණ විදියට දකින්නෑ. අර ඩිග්‍රිය ගහපු එකා වලිගේ දිග වැඩි කරගන්න මොන තරං දහං ගැට දානවද ඒ වගේම නායක හාමුරුවරු ඉස්සරහට කෑලි වැඩි කරගන්න කොච්චර වලි කනවද? ඒ මොන වැඩේ කරත් මේ හාදයොන්ගේ හැදියාවේ වෙනසක් වෙනවද නැහැ. ඉතිං ඒක ආභරණයක් විතරයි. ඒ ආබරණයම උපහාසයට යොදා ගැනීම වරදක් නැහැ වගේයි මට හිතෙන්නේ.. මේක හැමෝටම අදාල කරුණක් නෙමෙය් නේ.. තැන්කුයි තිසර..
ඔයා මේ ඇත්තටම කියන්නේ සෝභිත හාමුදුරුවෝ ගැනද?
ReplyDeleteසෝභිත නෙමෙයි නේ “සොරත“ නේද මේකේ ඉන්නේ..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදේශක ගේ මෙතෙක් මං කියවපු කම්මැලිම කතාව ..පොඩ්ඩක් වෙනස් නිසා වෙන්න ඇති ..දැන් නම් ඔය දේශපාලනෙයි ,හමුදුරු ගොල්ලයි එපා වෙලා අෆ්ෆා
Deleteකිසිම අවුලක් නැහැ. ඒත් මං මේක දන්නවා අපි කොච්චර හාමුරුවෝ ගල් කාරයා කියල කටින් කිව්වත් ඒක එළියට බහින කොට පිළීකුල් කරනවා.
Deleteපව් සුබද්‍ර පොඩි හාමුදුරුවෝ....
ReplyDeleteඅනිවා සියළු සුබදුයන් පව්..
Deleteඕව කොහෙත් වෙනව බොල. නොවෙනවනං තමයි පුදුමෙ.
ReplyDeleteබොලා සබරගමුවෙ ගල් කොල්ලන්ට අපහාස කොරන්න එපා අරිය.
යේකනේ. අඩු වැඩි නැතිව වෙනවා නෙව..
Deleteඕක හෙන කොමන් ප්ලොට් එකක්නෙ බං,උඩ තියෙන බණ ටික විතරයි වැඩි.කොල්ලො ගහන එක ලොකු පොඩි බේදයක් නැතුව හැම තැනකම වෙනවනෙ.
ReplyDelete++++++++++++++++++++++++
Delete@ හැලපයා
Deleteකටින් කිව්වට කව්ද ඕවා ලියන්නේ.. හැක්..
ශාසනේ කන්න තවත් එකෙක් ඇවිල්ලා හුරේ.........
ReplyDeleteමොන සාසනයක්ද මේ වගේ සොරතයන් සිටින කල..
Deleteඅපෝ මට නම් දේශපාලනේ දිරවන්නෙම නෑ...
ReplyDeleteහා හොදයි මචෝ..
Deleteනො කොමෙන්ට්ස්.
ReplyDeleteතැන්කුයි නිමෝ.. හැක්.
Deleteමොනවා කියන්නද කියලා තාම කම්පනා කොරනවා...
ReplyDeleteඅමතක කරහං බං..
Deleteමං සිරාවටම හිතුවේ පෝයක්වත් ලඟ එනවා ඇතිය, මේ බණක්ය කියල නෙව. අපෝයි දෙයියනේ....
ReplyDeleteබණ කියමින් අපි එන්නේ පොඩි සාදුව ඩැහැගන්නේ.. තැන්කුයි බඩී
Deleteපට්ටයි. මාරයි. එළම කිරි.....
ReplyDeleteමම ඒ කිව්වෙ සමහර කමෙන්ට් වලට. කතාව ගැන...ඕන්නෑ..
සමහර කමෙන්කටු පට්ටම තමා. බලහං බ්ලොග් වල කොටන හැමදේටම හොදයි හොදයි විතරක් කියන අය ඉන්නවා කියන අයට මේවා පේන්නැතිව ඇති. අපි නිර්මාණයක් පහළට ගෙනාවොත් අපිව කනවා.. හැක්.. ලොකු සතුටක් ඒවගේ අදහස්.. ඇත්තටම
Deleteඔය හිරිවාතෙනේ.
ReplyDeleteපිරිමින්ට කෝමත් හිරිවාතේ බං..
Deleteහිටු මම මෙක බො.බ.සෙ ට හරි ර,බ හරි පෙන්නකන්.උබව පිටුවහල් කරවන්න
ReplyDeleteමං කැමතියි ඔස්ටරේලියාවට යන්න හැක්..
Deleteසාදු සාදු සාදු.....!!!
ReplyDeleteසුවපත් වේවා රාජ්.. එන්න පන්සල පැත්තේ..
Deleteහපෝ...යි මාත්තුරුකාවෙ දිග.හපෝ...අන්තිමට වෙච්චි දේ..:o
ReplyDeleteහැක් හැක්.. අන්තිමට හරියට පත්තු වෙච්චි පත්තර කොලේ වගේ උනා නේද?
Deleteහරි ... වැලිකඩට යන තව එකෙක් !
ReplyDeleteඅවුරුදු පහකට කලින් ලියපුු නිසා ඒ කාලෙ ඔය නීති නෑ
Delete