නිව් පෝස්ට් කියන බටන් එක ඔබලා මං ස්ක්‍රීන් එක දිහා විනඩි ගානක් බලන් හිටියා.
මාර්තු 07 තමා අන්තිමට පෝස්ට්කටුවක් දැම්මේ. ඒත් 08 වෙනිදා ඉදලම බ්ලොග්කටු කියවන එක නවත්තන්න උනා. එදායින් මෙදායින් අද වෙනකං මං කියෙව්වේ වැඩිම උනොත් බ්ලොග් හතර පහක් විතරමයි. ඒ තරම්ම ලියන කියන එක අප්පිරිය උනා.
මේකට වග කියන්න ඕන අර කතන්දර කාරයා. එයා තමා ඔළුවට විසබීජ දාන්නේ. ඒ එක්කම මුණුපොතත් එපා උනා. යන්තං ඊයේ ඒක තරමක් හදාගත්තා. ඒත් බ්ලොග් කියවන එකයි ලියන එකයි හරිම අමාරු තත්වෙකට ආවා නෙව.
මගේ ඇස් කැඩෙන තරමට මුළු තිරය පුරාම සුදුපාට දිදුලන කොට ඇස් දෙක නිලංකාර වෙලා වගේ යනවා. ඇස් දෙකේ නිලංකාරය හිත ඇතුලටම ගලා ගියාම මං මේක ලියන්න ඕනද නැද්ද කියලා ආයි පාරක් හිතුවා. ඒ හැගීම නිශ්ඵලයි. කිසිම අරමුණක් නැහැ හිතටත්. හරියට කවදාවත් දැකල නෑ වගේ මං ඔහේ සුදු පාට ස්ක්‍රීන් එක දිහා ගල් වෙලා බලන් හිටියා. පැය ගාණක් තිස්සේ මනස හා සිරුර කරන සටන අත් විදල දැං මට තිත්ත වෙලා. එක්කො මම එඩිතර වෙන්න ඕන නැත්නං හිත එඩිතර වෙන්න ඕන. මනස කියන්නේ හරියට මහ සයුර වගේ. මහ සයුර කවදාවත් නිදාගන්නෑ වගේ අපේ මනසත් කිසිදාක නිදාගන්නෑ ඒ වගේ පෙනුනට. මනස තුලින් ඇති වන හැගීම් ක්‍රියාවට නංවන තෙක් එයා මට එක එක විදියේ බලපෑම් කරනවා. විටෙක මං මහ මෝඩයෙක් වගේ හිත කියන දේ කරන්න ගියාම මට ඇනගන්න සිද්ධ වෙනවා.
මාර්තු 07 තමා අන්තිමට පෝස්ට්කටුවක් දැම්මේ. ඒත් 08 වෙනිදා ඉදලම බ්ලොග්කටු කියවන එක නවත්තන්න උනා. එදායින් මෙදායින් අද වෙනකං මං කියෙව්වේ වැඩිම උනොත් බ්ලොග් හතර පහක් විතරමයි. ඒ තරම්ම ලියන කියන එක අප්පිරිය උනා.
මේකට වග කියන්න ඕන අර කතන්දර කාරයා. එයා තමා ඔළුවට විසබීජ දාන්නේ. ඒ එක්කම මුණුපොතත් එපා උනා. යන්තං ඊයේ ඒක තරමක් හදාගත්තා. ඒත් බ්ලොග් කියවන එකයි ලියන එකයි හරිම අමාරු තත්වෙකට ආවා නෙව.
මගේ ඇස් කැඩෙන තරමට මුළු තිරය පුරාම සුදුපාට දිදුලන කොට ඇස් දෙක නිලංකාර වෙලා වගේ යනවා. ඇස් දෙකේ නිලංකාරය හිත ඇතුලටම ගලා ගියාම මං මේක ලියන්න ඕනද නැද්ද කියලා ආයි පාරක් හිතුවා. ඒ හැගීම නිශ්ඵලයි. කිසිම අරමුණක් නැහැ හිතටත්. හරියට කවදාවත් දැකල නෑ වගේ මං ඔහේ සුදු පාට ස්ක්‍රීන් එක දිහා ගල් වෙලා බලන් හිටියා. පැය ගාණක් තිස්සේ මනස හා සිරුර කරන සටන අත් විදල දැං මට තිත්ත වෙලා. එක්කො මම එඩිතර වෙන්න ඕන නැත්නං හිත එඩිතර වෙන්න ඕන. මනස කියන්නේ හරියට මහ සයුර වගේ. මහ සයුර කවදාවත් නිදාගන්නෑ වගේ අපේ මනසත් කිසිදාක නිදාගන්නෑ ඒ වගේ පෙනුනට. මනස තුලින් ඇති වන හැගීම් ක්‍රියාවට නංවන තෙක් එයා මට එක එක විදියේ බලපෑම් කරනවා. විටෙක මං මහ මෝඩයෙක් වගේ හිත කියන දේ කරන්න ගියාම මට ඇනගන්න සිද්ධ වෙනවා.
ඒකාකාරි මහසක් අපි කාටවත් නෑ. මනස දෙන පණිවිඩය මොකක්ද කියල සමහර වෙලාවට මම දන්නෙත් නෑ. ඒත් එතැන මොකක් හරි තියෙන විත්තිය දැනුනට මට ඒක තේරෙන්නේ නෑ. හරිම ව්‍යාකූලයි මුළු ජීවිතයම. ජීවිතේ මෙච්චර දුරක් මනස කියන කියන දේ කරන්න ගිහින් මං මහා වංකගිරි වල, කටු රොදවල් වල, වාළුකා කාන්තාර වල අනන්ත අතරමං වෙලා ඇති. තුවාල කරගෙන ඇති. සමහර විට තත්පරෙයන් දාහෙන් එකක තරං කුඩා කාලයක් තුල මම ගන්න තීරණය අවුරුදු ගණනාවක්ම එක දිගට දුක් දෙන්න පුළුවන්. ඒකත් නිකං හෙනහුරා ලැබුවා වගේ. කොච්චර වෙලා හොදට හිටියත් සෙනසුරා ලබපු තත්පරේ තමා වැදගත් වෙන්නේ. ජීවිතය ගැන කතා කරන්නේ ඒ තත්පරෙයන් එපිටට. අවුරුදු ගානක් නැත්නං දශක ගානක් හෙමින් ආපු සංසාර චක්කරේ ග්‍රහයා මාරු වෙන්න තත්පර නැත්නං විනාඩි ගානක් යාවි. ඒ කාලය තුල වසර ගානකට ඒම නැත්ං දශක ගානකට ගැලපෙන තීන්දු තීරණ ගන්න අන්තිම තත්පරේ මහා විකාරයක් වගේ මට පේන්න ගත්තා.
තීරණයක් ගන්න ඕන අන්තිම තත්පරය හැකි තරං පරක්කු කරන්න මං උත්සාහ කරන කොට ඒ තත්පරේ තවත් ඉක්මනින් මාව හොයාගෙන එනවා තවත් බරසාර වේදනාකාරි විදියට. කිසිම ඉස්පාසුවක් නැතිව හිටියම යම් තීරණයක් ගන්න තියෙන තත්පරය තවත් අඩු වෙන්න ඉඩ තියෙනවා. කවදා කොතැනක හිටියත් කාගේ රැකවරණය ලැබුවත් මැරෙන්න යන අන්තිම තත්පරේ නවත්තගන්න කාටද පුළුවන්. ඒතැනදි නං තීරණයක් ගන්න දෙයක් නෑ. තීරණය අරන් ඉවරයි.
ආපසු හරවන්න බැරි තීරණ ගත්තම ඒක ආයි හරවන්න තිබුන නං හොදයි කියල හිතුවත් කවදාවත් ඒක කරන්න පුළුවන්ද? ගත වෙච්චි කාලය ගිහින් ඉවරයි. ඒක කැඳවන්න කාටවත් බෑ. සතුට දුක කියන දේත් ඒ වගේ. හරියට තත්පරේට තීරණය වෙන දෙයක් වගේ ඒකත්. සතුට කියල වැළගත්තට අන්තිම තත්පරේ හිතෙනවා මේක නේද මේ දුක කියන්නේ කියලා. සතුට කියන්නේ දුකේම තවත් රූපකායක්. ඒක තේරුං ගන්න කියල බුදුන් කොච්චර දේශනා කළත් අපි ඒක තේරුම් ගන්නෑ.
කාලයත් හරියට ජීවිතේ දොරටුව වගේ. ඇරපු තැන ඉදල හැල්මේ දුවනවා අල්ලන්න බෑ. අපි තාමත් ජීවත් වෙනවා. අද හිටියට හෙට ඉන්නේ කොහොමද කියල මට නිච්චියක් නෑ. මං කියන්නේ ජීවත් වෙන්නේ කෝමද කියන එක මිසක් මැරෙන එකක් ගැන නෙමෙයි. අපි මැරුණට ඒක උත්තරයක් වෙන්නෑ. ඔව් කවදා හරි අපි මැරෙන්න ඕන. අපි නැවත මුල් ප්‍රභවය වෙත අංශුවක් වෙලා ගමන් කරන්නම ඕන. ඒක ස්ථිරයි. ශක්තිය මොන තරං ක්‍රම වලට හැරෙව්වත් අන්තිමට සමස්ථය තුල සංස්ථිතිකයි. වලක්වන්න ම බෑ.
මට මංඤං.. හිත මංඤං. ගොළු හදවත පොඩ්ඩක් කතා කරා වගේ. අම්මප මේ ලෝකේ හරිම අරුමයි. ඒකම තමා සුන්දර.. ආයිත් අහලා.. කෝම හරි ආයි ලියන්න ගන්න ඕන.. කොහෙන් හරි හිතට ගටක් එන්නත් එපායැ..
ඕන මලදානයක් කියලා හෙට ඉදල සුපුරුදු රැකියාව පටන් ගන්න තමා හිතාන ඉන්නේ.. ඔව් ඉතිං වෙන රස්සාවක් තියෙන එකක්යැ.. බ්ලොග් කියවන්නයි පලෝ කරන්නයි.. කමෙන්ට් කරනන්යි කුරුටු ගාන්නයි.. ඔව් වැදගත්ම එක මුණු පොත දුෂනය කරන එකයි.. ලෑස්ති වෙලා හිටපියව්.. හෙට ඉදල ආයි බොලාගේ වස්තර ගලවනවා හරිය..
ප.ලි.. - නං කියන්න බැරි උනත් අතලොස්සක් වෙච්චි උන්දැල මට මේ ටිකේ ලියන්න හයි හත්තිය ටික ටික අරන් දුන්නා.. තැන්කුයි උන්දැලට.. පුංචි ගෑනු ලමයින්ට නං ඉතිං උම්මා තමා දෙන්න වෙන්නේ..
ඕන මලදානයක් කියලා හෙට ඉදල සුපුරුදු රැකියාව පටන් ගන්න තමා හිතාන ඉන්නේ.. ඔව් ඉතිං වෙන රස්සාවක් තියෙන එකක්යැ.. බ්ලොග් කියවන්නයි පලෝ කරන්නයි.. කමෙන්ට් කරනන්යි කුරුටු ගාන්නයි.. ඔව් වැදගත්ම එක මුණු පොත දුෂනය කරන එකයි.. ලෑස්ති වෙලා හිටපියව්.. හෙට ඉදල ආයි බොලාගේ වස්තර ගලවනවා හරිය..
ප.ලි.. - නං කියන්න බැරි උනත් අතලොස්සක් වෙච්චි උන්දැල මට මේ ටිකේ ලියන්න හයි හත්තිය ටික ටික අරන් දුන්නා.. තැන්කුයි උන්දැලට.. පුංචි ගෑනු ලමයින්ට නං ඉතිං උම්මා තමා දෙන්න වෙන්නේ..
අපිටත් පිස්සු වගේ කියෙව්වට පස්සේ
ReplyDeleteහොදි ඕන ම නෑ හෙනං හැක්..
Deleteමටත් ඔය ප්‍රශ්නෙම තමා බන් තියෙන්නෙ :(
ReplyDeleteගෑණූ ළමයින්ට උම්ම දීල අහුඋනොතින්නම් දේශිකා අක්කට කියනව ඈ :D
පවු බන්. වයසක උන්දැලාටත් ගෑල්ලමයිට උම්මා දීමේ ආශාවන් ඇති වෙනවා. ;)
Deleteගෙදර උන්දෑ ඉන්නෙ ඒවටනෙ බන් :D
Deleteදේශිකා දන්නව මූට එච්චර හරියක් කරගන්න බෑ කියල. :D
Delete@ සසියා
Deleteබොලා තාම ලියන්න පටන් ගත්තයැ..
@ ප්‍රසා
උඹ නං පුතේ කනවා මගෙන් ලගදිම හැක්
එහෙමද බොක්ක....
ReplyDeleteපුංචි උන්ට උම්මා දෙන එකත් අර බාල එකට නේද වැටෙන්නෙ .... බලාගෙන....
ඒම උනාම මොකද බං. අවුලක් නෑ නඩු කාරයෝ ගස් යවපු බුවාලා ඉන්දැද්දී
Deleteමොන මළදානේ හරි කරගෙන ආයෙත් පරණ රස්සාව කරන්න හිත හදා ගත්ත එක ළොකු දෙයක්.. බුකියේ සැරිසරන එක නම් නවත්තන්න එපා.. ෆේස්බුක් කම්පැනිය වහලා දායි...
ReplyDelete//බුකියේ සැරිසරන එක නම් නවත්තන්න එපා.. ෆේස්බුක් කම්පැනිය වහලා දායි//
Delete+++++++++:D
ඔව් ඔව් ඌ මට කිව්වා අනේ පනේ ඉක්මනට වර කියලා. හැක්..
Deleteඇති යාන්තං
ReplyDeleteයේකනේ යේකනේ
Deleteඔලුව අප්සැට් උනා...කමක් නෑ මොනා කරන්නද? පුංචි ගෑල් ළමයින්ට උම්මා දිම නම් තරයේ හෙලා දකිනවා...@මෙන්න බාල අපරාධකාරයෙක් මන් දුවනවෝ....
ReplyDeleteපුංචි ගෑල්ලමයින්ට කියලා පැහැදිලි ව කියලා තියෙන නිසා ශානු අක්කට නං බලපෑමක් නෑ මයේ හිතේ :)
Deleteමක්කැයි ධාරො ඒ කිවුවෙ? :o ශානු එච්චර වයසද? ;)
Delete72ක් බන් :D
Delete@ධාරා තාම 26 පොඩි ළමයි පරාදයි මගේ වැඩ දැක්කම
Delete@ ප්‍රියා,සසිදුවා රයිනයි ,සුකරයි වගේ උඹලා දෙන්නත් නැති තැනක් නෑ ...දුප් කජු කොල්ලෝ
@ ශානු
Deleteබොලා වගේ නාකිච්චියෝ නෙමෙයි අපි උම්ම දෙන්නේ ලස්සන පුංචි ගැල්ලමයින්ට හරිය..
@ අඩේ ධාරා. දැක්මත් සතුටක්..
පල පල ගොං දේශකයා
Deleteඅප්පේ ශානුවට දුක හිතිල හොදටම...
Deleteවරකෝ වස්තර ගලවන්න. දේසකයාගේ රියල් මුන දාල හදනවා පොටෝ කමෙන්ට්ස් :3
ReplyDeleteදේශ කවදද අපේ වස්තර ගැලෙව්වෙ, මතක ඇති කාලෙක ඉදන් අපි මේකගෙ වස්තර ගැලෙව්ව මිසක් :D
Deleteරෙපා.. උඹ හොද එකානේ. හැක්..
Deleteලියලා එච්චර කල්ද? සැක් කිසිම මතකයක් නෑ නේ.
ReplyDeleteමමත් අද ලිපියක් දැම්මේ මාසෙකට පස්සේ කියන්නේ. එකත් මතක නෑ නේ. ;)
ඔව්නේ. අනේ. හරිම අවුල් මටත්..
Delete//ඒ එක්කම මුණුපොතත් එපා උනා. යන්තං ඊයේ ඒක තරමක් හදාගත්තා.//
ReplyDeleteදේශකයා වගෙ, දක්ෂ බ්ලොග් රචකයො මූණු පොතේ අඩුවෙන්ම සැරිසරනවට තමා මං නම් කැමති. යස අගේට ලියාගෙන ඉන්න එක නැති වෙනවා ඒකෙන්.
මොන දස්සද බං මුං මාව තඹේකට ගනන් ගන්නෑ නෙව මුණූපොතේදී.. හැක්..
Deleteමම නම් හිතුවෙම අර අමාරු දවස් 5 ආයෙත් ඇවිල්ලා කියලයි බොලා පේන්න නැති කොට.
ReplyDeleteහි… හි… :D :D
ඒ වගේ නූනත් ටිකක් ඒ වගේ තමා බං..
Deleteජීවිතේ කියන්නෙ ඕක තමා.. නො වැටී ඉන්න එක නෙමේ වටින්නෙ. වැටෙන වැටෙන පාරට නැගිටින එක.
ReplyDeleteපරිස්සමින් පරිස්සම්න් මෙයා උම්මා එකක් දේවි...
Delete@ දිලිනි
Deleteකෝම හරි ට්‍රයි කරල මේ ඒක තමා කරන්නේ .. තැන්කුයි
@ විදානේ
හා හා උඹ අහක බලාගන්..
බොග නැතිව බැරිවා...
ReplyDeleteබොග නොදම බැරිවා..
බොග දම දමා - ඔබ එයි කියා
සත්තමයි අපි කට ඇරන් හිටියා.....
ජය වේවා!!!
දමමි. දමමි.. ඉදිරිය සුභයි සුභයි
Deleteහෑ..... මගෙත් මොලේ මඤ්ඤං උනා මේක කියෝලා. කෝම හරි පුරුදු ට්‍රැක් එකට වැටුන එකම මදැයි.
ReplyDeleteඔව් බස්සියෝ පස්ට අමරුවෙන් පාර හදාගත්තේ
Deleteම්හ්... ම්ොක්ඩ්ද් ම්ක්ච්ොෝ අව්ුල්
ReplyDeleteදිව කැපුනම ඕම තමා. තේරෙන්නෑ බොල කියන දේ
Deleteහෑ....අලේ මන්දා!
ReplyDeleteහැබැයි මේ පොස්ටුවෙන් වැඩිපුර පේක්සක ප්‍රතිචාර තියෙන්නෙ ගෑලු ලමයිනට උම්මා දෙන කෑල්ලටනෙ බලං ගියාම
හැක් හැක්.. ළමයි කැමති ඒවට.. අපි ඉතිං තාත්තල වගේ නේ..
Deleteතිරේ සුදුපාට වෙලා පේන්නෙයි, ඇස් නිලංකාර වෙන්නෙයි, දැන් ඔයා/උඹ/තෝ/ වයසට ගිහින්. හොඳට ඇස් පරීක්ෂා කරවාගෙන කණ්නාඩි දෙකක් ගන්න/ගනු/
ReplyDeleteඑහෙම කරනුහුය.. හැක්.
Delete//වැදගත්ම එක මුණු පොත දුෂනය කරන එකයි.. ලෑස්ති වෙලා හිටපියව්.. හෙට ඉදල ආයි බොලාගේ වස්තර ගලවනවා හරිය..//
ReplyDeleteමෙතෙක් කල් උනේ ඒකෙ අනිත් පැත්ත තමා, ඉදිරියටත් එකේ වෙනසක් නෑ :D
ඔය වස්තර ගලවන්න එහෙම ලෑස්ති වෙනවා නම් කොයපල්ලා අපිට කලින්ම ඇස් පියා ගන්න. :D
Deleteඋබල ඇස් පියාගත්තම කාටද බන් පෙන්නන්නෙ දේශගෙ කෙරුවාව :D
Deleteහැක්.. කවදත් ඉතිං අපි අසරණයි නෙව..
Deleteඅලේ මන්දා....... මොකද්දෝ කියලා.......
ReplyDeleteකාරි නෑ නේ.. මොකක් හර ලිව්වා නේ.නාඩියෝ
Deleteවිෂබීජ කොච්චර ආවත් ස්වභාවික ශක්තිය හෝ ප්‍රතිශක්තීකරණය තියෙනවා නම් අවුලක් නෑ.
ReplyDeleteවැඩේ තියෙන්නේ විෂබීජය හදුනගන්න කල් ගත වෙන එකනේ කකා..
Deleteමටත් ඔය ලෙඩේ.. මටත් ලියන්න කම්මැලියි.. ^_^
ReplyDeleteලියන්න එපා බං. වැඩක් නෑ.. හැක්
Delete//පුංචි ගෑනු ලමයින්ට නං ඉතිං උම්මා තමා දෙන්න වෙන්නේ..// :D :D
ReplyDeleteඔයා දැන් ලොකු ළමයෙක් නිසා බිය නොවන්න.... :)
Deleteපොඩිඩි වගේ චුට්ටි ලමයි ගැන නෙමෙයි අනේ මං කිව්වේ
Delete
ReplyDeleteදරුව
බීම අතහරින්න
දන්දෙන්න
ආදරය කරන්න
ඇවිදින්න
ලියන්න
නිදාගන්න, තියෙන දෙයක් බඩ පිරෙන්න කන්න
මොනවත් බැරි නම් ප්‍රියම්ඹිකාවගෙන් බැණුම් අහන වැඩක් කරපන්
එතකොට ඔලුව හරි යයි!
එලස්... :)
Deleteඔළුව ගලවන්නේ හොදන්නේ හයි කරන්නේ ඔක්කෝම එයා තමා බං..
Deleteමූ කුඩු ගහන්න පටන් අරංවත්ද?
ReplyDeleteකුඩු නෙමේ ගහන්නෙ බඩු..
Delete..
..
..
..
..
..
..
..
..
පොලවේ :D
ඒ....දේශිකා....
Deleteකුඩු ගහන්නෑ.. උරනවා..
Deleteදැන් මේ උඹ එතකොට ලියලද මොනවා හරි ...?
ReplyDeleteහෙක්...හෙක්....
Deleteලියල වගේ නේද බං..
Deleteහෑ..මේ මොකද මේ වෙලා තියෙන්න දේශකට. ගනන් ගන්නෙපා, ආසවෙන් කරන දේවලුත් එපාවෙන වෙලාවල් එනවා. ඒත් තාවකාලිකයි ඒවා.
ReplyDeleteහ්ම්.. තැන්කුයි. ටික දවසකින් යතා තත්වයට ඒවි..
Deleteඅනේ බං අයියණ්ඩි නොලියා ඉන්න එපා.බොලා බොහොම හොදින් මේ රස්සාව කරනවා.ඔහොමම කරහං.
ReplyDeleteඔව් ඉතිං බොලා පඩි ගෙවන එකේ මං ජොබ කරන්නම එපායැ..
Deleteමොකොද බං මේ සීරියස් බ්ලොග් කලාව . . ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නැත . .. .
ReplyDeleteඋඹ කියන්නෙ හදිසියකටවත් අපිට සිරියස් වෙන්න විදියක් නෑනේ..
Deleteදැන් අවුලක් නෑනෙ ඉතිං ලියන්න ගනිං
ReplyDeleteපොඩ්ඩක් ඉවසන්න සෑර්...
Deleteඅහ්.... මොකද මේ දේශකට වෙලා තියෙන්නේ...? සසර කළකිරිලවත් ද? නැතිනම් හඳුනානොගත් රෝගයක්ද? එහෙමත් නැතිනම් අර අතුරුදන් වුණ අහස්යාත්‍රාෙව් දේශකගේ කවුරුත් උන්නද? ඒක අතුරුදන් උනෙත් ඔය 07, 08 දිනවලනේ...
ReplyDeleteමට ඒ ප්‍රශ්නයත් ගොඩක් බලපෑවා. තාමත් ඒකට නං අවුල්.. තැන්කුයි
Deleteඔය ෆේස්බුක් හත්තිලව්වෙන් ඈත්වෙලා බ්ලොග ලියාගෙන හිටපන්.
ReplyDeleteදවස් ගානක් අඩියක් පුඩියක් නොගහා ඉදලා ආපහු ගහන පළවෙනි දවසේත් ඔහොම කම්බැක් ආතල් ඔළුවට එනවා.
ඒක නැතිව ආතල් එකක් නෑ බං මේ ජීවිතේ. අපි එකතු වෙලා බුලක් ගහන තැන.. කම්බැක් ආතල් එකක් වේවායි මංම පතාගන්නවා
Deleteකලේ පැන් ඇත නැවුම් රහ නැත.... !
ReplyDeleteකලේ පැන් ඇත. කට රවුන් නැත.. හැක්
Deleteහරිම මාඤ්ඤමිකයි.
ReplyDeleteඅනිවාර්යෙන්ම මූ මේක ලියල තියෙන්නෙ කෝක් බීල.
නෑ අයියේ හුග දවසිකින් කෝක් උගුරක් හලාගත්තේ නෑ.. සත්තමයි
Deleteමටත් මේ ටික දොහේ බ්ලොග පැත්ත බලන්නවත් බැරිවුණා. ඒත් ඉඩ ලද විගස බුකියට නං ගොඩවුාන.
ReplyDeleteඔට්ටු දාල පුරුදු උන්ට. ඔව්.. බුකිය අමතක කරන්න ඇහැකියැ.. ඉදගෙන
Deleteදේශා බුකියෙ ඕන පයන්නක් කරගනින් බ්ලොග් එකත් ලියලා හරිය. බුකි ආතල් ඒ වෙලාවට විතරයි. මේවා අපි රීඩර් එකට දාගෙන සති ගානකට පස්සෙ හරි කියවනවා.
ReplyDeleteඅනිවා මචෝ.. ඒක සදාකාලිකවම මතක තියෙනවා.. තැන්කුයි
Deleteහපොයි දේශකතුමා මොකද වෙලා තියෙන්නේ..
ReplyDeleteඉක්මනටම හොඳ පෝස්ට් එකක් ලියන්න එතකොට ඔක්කොම හරියයි...
//ඉක්මනටම හොඳ පෝස්ට් එකක් ලියන්න// :D
Deleteහොද පෝස්ට් බං මං කවදද ලිව්වේ තුෂානියෝ. ඔය තිසරත් කියන්නේ ඒකනේ.. හැක්..
Deleteඅයියෝ... වරදවා වටහා ගන්න ඔට්‍ටු නෑ... :(
Deleteහැක්.. හැක්. ඒක නේ ඇත්ත.. (විහිලුවට අනේ ඕවා ගනං ගන්න එපා)
Deleteමාත් මේ ඔහොම ඉඳලා අමාරුවෙන් පටන් ගත්තා විතරයි. ඕක නිකං බස් එකක් තල්ලු කරන්න පටං ගන්නවා වගේ.
ReplyDeleteඋඹෙත් ඕල්ටනේටර් එක බුරුල් වෙලා ඇති... නැත්තං ලියන්න ලියන්න ඕක චාර්ජ් වෙනවා...
Deleteදැක්කා දැක්කා.. උඹ ඒක හරි ලස්සනට පටන් අරන් තිබුන නේ..
Deleteමොනා වුණත් හර්දම සාක්සියට එකග වෙලා දේශක තුමි ආපහු වැඩට බැස්ස එක නං ලොක්ම ලොකු දෙයක්...
ReplyDeleteඔයාගෙ හැක හැකේ නැතිව හෙන අවුලෙන් හිටියෙ අෆ්ෆා......
මේි ඇත්තමයි
අනේ පුතේ සත්තයි කියහං.. ඇඩනෙවා ඉදගෙන.. හැක්
Deleteබොන්ඩම වෙනව..!!
ReplyDeleteකැඳද?
Deleteමටත් සේම් ලෙඩේ!
ReplyDeleteබේත් නැතෝ..
Deleteමෙක අර ඉස්කොලවලට බොවෙච්ච කැසිල්ල වගෙ සාමුහික මනො රොගයක්ද කොහෙද.සැහෙන ගානකට තියෙනව නේ.
ReplyDeleteඔව් බං ජනප්‍රිය රෝගයක් මේක
Deleteමමත් කාලෙකට පස්සෙයි ලිව්වෙ. එහෙම ලියන්න නොතිබුණා නම් .. එහෙනම් මගෙ මිතුරා ජීවතුන් අතරනෙ..
ReplyDeleteදැක්කා සරෝ.. තැන්කුයි මේ පැත්තෙ ආවට..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමකන්න හොද නෑ යකෝ සහෝ..
Deleteනෑ ..කියලා වැඩක් නෑ කියලා හිතුනා , :))))
Deleteඕන මගුලක් කියහං බං..
Deleteකලින් හැදුන ශිර්ෂපාඨ අසාත්මිකතාව බලාගෙන ගියාම රෝග ලක්ශනයක් විතරයිනෙ...දැන්නෙ දේශකයට හැදිල තියෙන ලෙඩේ තේරුනේ...ගණන් ගන්න එපා. ඕක ගොඩක් අයට හැදෙනවා...කාලයත් එක්ක ඉබේටම වගේ හරි යනවා :)
ReplyDeleteඒ අසාත්මිකතාවය නං හොද වෙන්න හොරයි වගේ.. මේක නං හරි යයි.. තැන්කුයි චාම්ස්..
Deleteඅපිටත් නිකම් මොංගල් වගේනේ :P
ReplyDeleteබොලාට ඒම වෙන්නෑ බය නැතිව ඉදින්
Deleteමේකට කමෙන්ට් කරන්න ගිහිල්ලා මටත් මන්ඥන්
ReplyDeleteඒකනේ සයිරියෝ. මේක මංඤඤං පෝස්කටුවක් වෙන්නේ..
Deleteඅපි කාටත් මඤ්ඤං !.
ReplyDeleteවෙල්කම් වේවා මීදුමයාණෙනි... හැමෝටම මංඤඤං කියන එක ඉතිං ආයි අහන්නත් දෙයක් යැ.. තැන්කුයි..
Deleteයකෝ කකාට බනින්නේ ඇය් බ්ලොග් ලියන උන්ට ඉන්න හොදම පරමාදර්ශය කකා... ඌ අත්හදා බැලීම් කරනවා. ඒවා ඒ විදියටම ගනින් අරක එල්ලුවට තැන්කු. හේතුව ඉන්බොක්ස් කියන්නං. මේ ඒවා මොනවා වුණත් මෙදා අවුරුද්දට වරෙන් මලයා
ReplyDelete